යෙදුමෙන් කියවන්න

ආරාමවග‍්ගො ඡට‍්ඨො

4. 6.

4. 6.

1. ජානං සභික‍්ඛුකං ආරාමං අනාපුච‍්ඡා පවිසන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පඨමං පාදං පරික‍්ඛෙපං අතික‍්කාමෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. දුතියං පාදං අතික‍්කාමෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

1. දැන දැන මහණුන් ඇති අරමකට නො පිළිවිස පිවිසෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පියවර පරික්‍ෂේපය ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.

2. භික‍්ඛුං අක‍්කොසන‍්තී පරිභාසන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : අක‍්කොසති පයොගෙ දුක‍්කටං, අක‍්කොසිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

2. මහණක්හට ආක්‍රෝශ කරණ අවමන් කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ආක්‍රෝශ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, ආක්‍රෝශ කළ කල්හි පචිති ඇවැත් වේ.

3. චණ‍්ඩිකතාය ගණං පරිභාසන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පරිභාසති පයොගෙ දුක‍්කටං. පරිභාසිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

3. සැඬ බැවින් මෙහෙණ ගණයාහට අවමන් කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අවමන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අවමන් කළ කල්හි පචිති ඇවැත් වේ.

4. නිමන‍්තිතා වා පවාරිතා වා ඛාදනීයං වා භොජනීයං වා භුඤ‍්ජන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ඛාදිස‍්සාමි භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

4. නිමතන ලදුව හෝ පවරණ ලදුව හෝ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.

5. කුලං වා මච‍්ඡරායන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : මච‍්ඡරායති පයොගෙ දුක‍්කටං. මච‍්ඡරිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

5. කුල මසුරුබව කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: මසුරුබව කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, මසුරුබව කළ කල්හි පචිති ඇවැත් වේ.

6. අභික‍්ඛුකෙ ආවාසෙ වස‍්සං වසන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : වස‍්සං වසිස‍්සාමීති සෙනාසනං පඤ‍්ඤපෙති, පානීයං පරිභොජනීයං උපට‍්ඨපෙති, පරිවෙණං සම‍්මජ‍්ජති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සහ අරුණුග‍්ගමනා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

6. මහණුන් නැති ආවාසයෙහි වස් වසන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “වස් වසන්නෙමි” යි සෙනසුන් පණවා නම් පියයුතු පැන් හෝ පිරිබෝ දිය හෝ එළවා නම් පිරිවෙණ හෝ හමදී නම් දුකුළා ඇවැත් වෙයි, අරුණ නැඟීම සමග පචිති ඇවැත් වේ.

7. වස‍්සං වුත්‍ථා භික‍්ඛුනී උභතො සඞ‍්ඝෙ තීහි ඨානෙහි නප‍්පවාරෙන‍්තී එකං ආපත‍්තිං ආපජ‍්ජති : පාචිත‍්තියං.

7. වස් විසූ මෙහෙණ මහණ මෙහෙණ දෙසඟුන් කෙරෙහි (දිට්ඨ-සුත-පරිසඞ්කිත යන) තුන් කරුණින් නො පවරන්නී එක් ම පචිති ඇවැතට පැමිණේ.

8. ඔවාදාය වා සංවාසාය වා න ගච‍්ඡන‍්තී එකං ආපත‍්තිං ආපජ‍්ජති : පාචිත‍්තියං.

8. අවවාද අසනු පිණිස හෝ පොහෝ පවුරුණු විචාරණු පිණිස හෝ නො යන මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.

9. උපොසථම‍්පි න පුච‍්ඡන‍්තී ඔවාදම‍්පි න යාචන‍්තී එකං ආපත‍්තිං ආපජ‍්ජති : පාචිත‍්තියං.

9. පෙහෙවස් දිනය ද නො විචාරණ, අවවාදය ද නොම යදින මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.

10. පසාඛෙ ජාතං ගණ‍්ඩං වා රුහිතං වා අනපලොකෙත්‍වා සඞ‍්ඝං වා ගණං වා පුරිසෙන සද‍්ධිං එකෙනෙකා භෙදාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භෙදාපෙති පයොගෙ දුක‍්කටං. භෙදාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

10. යටිකය පෙදෙසෙහි හටගත් ගඬක් හෝ වණයක් හෝ මෙහෙණ සඟහු හෝ මෙහෙණ ගණයා හෝ නො පිළිවිස එකලා පුරුෂයක්හු හා සමග එකලාව බිඳුවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: බිඳුවා නම් පියෝහි දුකුළා වෙයි, බිඳවූ කල්හි පචිති ඇවැත් වේ.

ආරාමවග‍්ගො ඡට‍්ඨො.

සවන ආරාම වර්‍ග යි.