කුමාරීභූතවග්ගො අට්ඨමො
4. 8.
4. 8.
1. ඌනවීසතිවස්සං කුමාරීභූතං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
1. උනු විසිවස් ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
2. පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභූතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
2. පිරිපුන් විසිවස් ඇති දෙ වසක් සවැදෑරුම් ධර්මයන්හි නොහික්මුනු සිඛ ඇති කුමරියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
3. පරිපුණ්ණවීසතිවස්සං කුමාරීභූතං ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති. වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
3. පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් ධර්මයන්හි හික්මුනු සිඛ ඇති මෙහෙණසඟුන් විසින් සම්මත නො කරණ ලද කුමරියක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
4. ඌනද්වාදසවස්සා වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
4. උනු දොළොස්වස් ඇති වැ උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
5. පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන අසම්මතා වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
5. මෙහෙණසඟුන් විසින් සම්මත නො කරණ ලදුව පිරිපුන් දොළොස්වස් ඇති වැ උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
6. “අලං තාව තෙ අය්යෙ, වුට්ඨාපිතෙනා”ති වුච්චමානා සාධූති පටිස්සුණිත්වා පච්ඡා ඛීයනධම්මං ආපජ්ජන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : ඛීයති පයොගෙ දුක්කටං ඛීයිතෙ ආපත්ති පාචිත්තියස්ස.
6. ආර්ය්යාව, තොපගේ උපසපන් කරවීමෙන් කම්නැතැයි කියනු ලබන්නී මැනැවැයි ගිවිස පසුව දොස් පහළ කරණ බවට පැමිණෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දොස් පහළ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, දොස් පහළ කළ කල්හි පචිති ඇවැත් වේ.
7. සික්ඛමානං “සචෙ මෙ ත්වං අය්යෙ චීවරං දස්සසි, එවාහං තං වුට්ඨාපෙස්සාමී”ති වත්වා නෙව වුට්ඨාපෙන්තී න වුට්ඨාපනාය උස්සුක්කං කරොන්තී එකං ආපත්තිං ආපජ්ජති : පාචිත්තියං.
7. ආර්ය්යාව, ඉදින් තෙපි මට සිවුරක් දෙන්නහු නම් එකල්හි මම තොප උපසපන් කරවමියි, හික්මනුවකට කියා නොම උපසපන් කරවන උපසපන් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
8. සික්ඛමානං “සචෙ මං ත්වං අය්යෙ ද්වෙ වස්සානි අනුබන්ධිස්සසි, එවාහං තං වුට්ඨාපෙස්සාමී”ති වත්වා නෙව වුට්ඨාපෙන්තී න වුට්ඨාපනාය උස්සුක්කං කරොන්තී එකං ආපත්තිං ආපජ්ජති : පාචිත්තියං.
8. ආර්ය්යාව ඉදින් තෙපි දෙවසක් මා අනුව වැටෙහු නම් එකල්හි මම තොප උපසපන් කරවන්නෙමියි, හික්මනුවකට කියා නො ම උපසපන් කරවන උපසපන් කරවීමට වෑයම් නො කරණ මෙහෙණ එක් ම පචිති ඇවැතට පැමිණේ.
9. පුරිසසංසට්ඨං කුමාරකසංසට්ඨං චණ්ඩිං සොකාවාසං සික්ඛමානං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
9. පිරිමින් හා එක් වූ කුමරුන් හා එක් වූ සැඬවූ ශෝක උපදවන සික්මනුවක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
10. මාතාපිතූහි වා සාමිකෙන වා අනනුඤ්ඤාතං සික්ඛමානං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
10. මා පියන් විසින් හෝ හිමියා විසින් හෝ නො අනුදත් සික්මනුවක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
11. පාරිවාසිකඡන්දදානෙ සික්ඛමානං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
11. පාරිවාසිකව්ඡන්දය දීමෙන් සික්මනුවක උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
12. අනුවස්සං වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
12. වසක් පාසා උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.
13. එකං වස්සං ද්වෙ වුට්ඨාපෙන්තී ද්වෙ ආපත්තියො ආපජ්ජති : වුට්ඨාපෙති පයොගෙ දුක්කටං. වුට්ඨාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
13. එක් වසකට දෙදෙනකුන් උපසපන් කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කරවා නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කරවූ කල්හි පචිති ඇවැත් වේ.