5. සමුට‍්ඨානවාරො
5. සමුට‍්ඨානවාරො
5. සමුට්ඨානවාරය
1. අවස‍්සුතාය භික‍්ඛුනියා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියන‍්තියා ආපත‍්තියො ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්ති : අවස‍්සුතාය භික‍්ඛුනියා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියන‍්තියා ආපත‍්තියො ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨන‍්ති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති, න වාචතො -පෙ-
1. කා සසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත්වූ මෙහෙණ පිළිබඳ ඇවැත්නු සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟිද්ද යත්: කාසසඟරායෙන් තෙත්වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත්වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයකින් නගිති: කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. ...
2. දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා ආපත‍්තියො ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්ති : දධිං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා ආපත‍්තියො ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං චතූහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්ති : සියා කායතො සමුට‍්ඨන‍්ති, න වාචතො න චිත‍්තතො. සියා කායතො ච වාචතො ච සමුට‍්ඨන‍්ති, න චිත‍්තතො. සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති, න වාචතො. සියා කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති.
2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟිද්ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් සිවු සමුට්ඨානයකින් නගිති, කිසිවිටෙක කයින් නගිති, වචනයෙන් නො නගිති, සිතින් නො නගිත්, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නගිතී, සිතින් නො නගිත්, කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්.
සමුට‍්ඨානවාරො නිට‍්ඨිතො පඤ‍්චමො.
පස්වන සමුට්ඨාන වාරය නිමි.