යෙදුමෙන් කියවන්න

කතිපුච‍්ඡාවාරො

කතිපුච‍්ඡාවාරො

කතිපූච්ඡාවාරය

කති ආපත‍්තියො, කති ආපත‍්තික‍්ඛන්‍ධා, කති විනීතවත්‍ථූනි, කති අගාරවා, කති ගාරවා, කති විනීතවත්‍ථූනි, කති විපත‍්තියො, කති ආපත‍්තිසමුට‍්ඨානා, කති විවාදමූලානි, කති අනුවාදමූලානි, කති සාරාණීයා ධම‍්මා, කති භෙදකරවත්‍ථූනි, කති අධිකරණානි, කති සමථා :

ආපත්තීහු කෙතෙක් ද, ආපත්තිස්කන්‍ධයෝ කෙතෙක් ද, විනීත වස්තුහු කෙතෙක් ද, අගෞරවයෝ කෙතෙක් ද, ගෞරවයෝ කෙතෙක් ද, විනීත වස්තුහු කෙතෙක් ද, විපත්තීහු කෙතෙක් ද, ආපත්ති සමුට්ඨානයෝ කෙතෙක් ද, විවාද මූලයෝ කෙතෙක් ද, අනුවාදමූලයෝ කෙතෙක් ද, සාරාණීය ධර්‍මයෝ කෙතෙක් ද, භේදකර වස්තුහු කෙතෙක් ද, අධිකරණයෝ කෙතෙක් ද, ශමථයෝ කෙතෙක් ද යත්:

පඤ‍්ච ආපත‍්තියො, පඤ‍්ච ආපත‍්තික‍්ඛන්‍ධා, පඤ‍්ච විනීතවත්‍ථූනි, සත‍්ත ආපත‍්තියො, සත‍්ත ආපත‍්තික‍්ඛන්‍ධා, සත‍්ත විනීතවත්‍ථූනි, ඡ අගාරවා, ඡ ගාරවා, ඡ විනීතවත්‍ථූනි, චතස‍්සො විපත‍්තියො, ඡ ආපත‍්තිසමුට‍්ඨානා, ඡ විවාදමූලානි, ඡ අනුවාදමූලානි, ඡ සාරාණීයා ධම‍්මා, අට‍්ඨාරස භෙදකරවත්‍ථූනි, චත‍්තාරි අධිකරණානි, සත‍්තසමථා.

ආපත්තීහු පස්දෙනෙකි, ආපත්තිස්කන්‍ධයෝ පස්දෙනෙකි, විනීත වස්තූහු පස්දෙනෙකි, ආපත්තීහු සත්දෙනෙකි, ආපත්තිස්කන්‍ධයෝ සත් දෙනෙකි, විනීතවස්තූහු සත් දෙනෙකි. අගෞරවයෝ සදෙනෙකි, ගෞරවයෝ සදෙනෙකි, විනීතවස්තූහු සදෙනෙකි, විපත්තීහු සිවු දෙනෙකි, ආපත්ති සමුට්ඨානයෝ සදෙනෙකි, විවාදමූලයෝ සදෙනෙකි, අනුවාදමූලයෝ සදෙනෙකි, සාරාණීය ධර්‍මයෝ සදෙනෙකි, භේදකර වස්තූහු අටළොස් දෙනෙකි, අධිකරණයෝ සිවුදෙනෙකි, ශමථයෝ සත් දෙනෙකි.

1. තත්‍ථ කතමා පඤ‍්ච ආපත‍්තියො : පාරාජිකාපත‍්ති, සඞ‍්ඝාදිසෙසාපත‍්ති, පාචිත‍්තියාපත‍්ති, පාටිදෙසනීයාපත‍්ති, දුක‍්කටාපත‍්ති. ඉමා පඤ‍්ච ආපත‍්තියො.

1. එහි පස්වැදෑරුම් ආපත්තීහු කවරහ යත්: පාරාජිකාපත්ති යැ, සඞ්ඝාදිසේසපත්ති යැ, පාචිත්තියාපත්ති යැ, පාටිදේශ නීයාපත්ති යැ, දුෂ්කෘතාපත්ති යැයි මොහු පස් වැදැරුම් ආපත්තීහුයි.

2. කත්‍ථ කතමෙ පඤ‍්ච ආපත‍්තික‍්ඛන්‍ධා : පාරාජිකාපත‍්තික‍්ඛන්‍ධො, සඞ‍්ඝාදිසෙසාපත‍්තික‍්ඛන්‍ධො, පාචිත‍්තියාපත‍්තික‍්ඛන්‍ධො, පාටිදෙසනීයාපත‍්තික‍්ඛන්‍ධො, දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධො. ඉමෙ පඤ‍්ච ආපත‍්තික‍්ඛන්‍ධා.

2. එහි පස්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයෝ කවරහ යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යැ, සඞ්ඝාදිසේසපත්තිස්කන්‍ධ යැ, පාචිත්තියාපත්තිස්කන්‍ධ යැ, පාටිදේසනීයාපත්ති ස්කන්‍ධ යැ, දුක්කටාපත්තිස්කන්‍ධ යැයි මොහු පස්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයෝයි.

3. තත්‍ථ කතමානි පඤ‍්ච විනීතවත්‍ථූනි : පඤ‍්චහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ‍්ඣාපත‍්ති වෙලාඅනතික‍්කමො සෙතුඝාතො, ඉමානි පඤ‍්ච විනීතවත්‍ථූනි.

3. එහි පස්වැදෑරුම් විනීත වස්තූහු කවරහ යත්: පස් වැදැරුම් ආපත්තිස්කන්‍ධයන් ගෙන් දුරුවීම යැ තොරවීම යැ වෙන් වෙන් වශයෙන් වැළකීම යැ විරමණ යැ අක්‍රිය යැ අකරණ යැ නො පැමිණීම යැ සීමා නොයික්මවීම යැ ඇවැත්කඳු නැසීම යැ යි මොහු පස්දෙන විනීතවස්තුහුයි.

4. තත්‍ථ කතමා සත‍්ත ආපත‍්තියො : පාරාජිකාපත‍්ති, සඞ‍්ඝාදිසෙසාපත‍්ති, ථුල‍්ලච‍්චයාපත‍්ති, පාචිත‍්තියාපත‍්ති, පාටිදෙසනීයාපත‍්ති, දුක‍්කටාපත‍්ති, දුබ‍්භාසිතාපත‍්ති. ඉමා සත‍්ත ආපත‍්තියො.

4. එහි සත්වැදෑරුම් ආපත්තීහු කවරහ යත්: පාරාජිකාපත්ති යැ, සඞ්ඝාදිසේසා පත්ති යැ, ථුල්ලච්චයාපත්ති යැ, පාචිත්තියාපත්ති යැ, පාටිදේසනීයාපත්ති යැ, දුක්කටා පත්ති යැ, දුබ්භාසිතාපත්ති යැ යි මොහු සත්දෙන ආපත්තීහුයි.

5. තත්‍ථ කතමෙ සත‍්ත ආපත‍්තික‍්ඛන්‍ධා : පාරාජිකාපත‍්තික‍්ඛන්‍ධො, සඞ‍්ඝාදිසෙසාපත‍්තික‍්ඛන්‍ධො, ථුල‍්ලච‍්චයාපත‍්තික‍්ඛන්‍ධො, පාචිත‍්තියාපත‍්තික‍්ඛන්‍ධො, පාටිදෙසනීයාපත‍්තික‍්ඛන්‍ධො, දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධො, දුබ‍්භාසිතාපත‍්තික‍්ඛන්‍ධො. ඉමෙ සත‍්ත ආපත‍්තික‍්ඛන්‍ධා.

5. එහි සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයෝ කවරහ යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යැ, සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධ යැ, ථූල්ලච්චයාපත්තිස්කන්‍ධ යැ, පාචිත්තියාපත්තිස්කන්‍ධ යැ, පාටිදෙසානීයාපත්තිස්කන්‍ධ යැ, දුක්කටාපත්තිස්කන්‍ධ යැ, දුබ්භාසිතාපත්තිස්කන්‍ධ යැ යි මොහු සත්දෙන ආපත්තිස්කන්‍ධයෝයි.

6. තත්‍ථ කතමානි සත‍්ත විනීතවත්‍ථූනි : සත‍්තහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ‍්ඣාපත‍්ති වෙලාඅනතික‍්කමො සෙතුඝාතො. ඉමානි සත‍්ත විනීතවත්‍ථූනි.

6. එහි සත්වැදෑරුම් විනීතවස්තූහු කවරහ යත්: සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් ගෙන් දුරුවීම යැ තොරවීම යැ වෙන් වෙන් වශයෙන් වැළකීම යැ විරමණ යැ අක්‍රියා යැ අකරණ යැ නො පැමිණීම යැ සීමා නොයික්මවීම යැ ඇවැත්කඳු නැසීම යැයි මොහු සත් දෙන විනීත වස්තූහු යි.

7. තත්‍ථ කතමෙ ඡ අගාරවා : බුද‍්ධෙ අගාරවො, ධම‍්මෙ අගාරවො, සඞ‍්ඝෙ අගාරවො, සික‍්ඛාය අගාරවො, අප‍්පමාදෙ අගාරවො, පටිසන්‍ධාරෙ අගාරවො. ඉමෙ ඡ අගාරවා.

7. එහි සවැදැරුම් අගෞරවයෝ කවරහ යත්: බුදුන් කෙරෙහි අගෞරව යැ දහම්හි අගෞරව යැ සඟුන් කෙරෙහි අගෞරව යැ ශික්‍ෂායෙහි අගෞරව යැ අප්‍රමාදයෙහි අගෞරව යැ පිළිසඳරෙහි අගෞරව යැ යි මොහු සදෙන අගෞරවයෝ යි.

8. තත්‍ථ කතමෙ ඡ ගාරවා : බුද‍්ධෙ ගාරවො, ධම‍්මෙ ගාරවො, සඞ‍්ඝෙ ගාරවො, සික‍්ඛාය ගාරවො, අප‍්පමාදෙ ගාරවො, පටිසන්‍ධාරෙ ගාරවො. ඉමෙ ඡ ගාරවා.

8. එහි සවැදැරුම් ගෞරවයෝ කවරහ යත්: බුදුන් කෙරෙහි ගෞරව යැ දහම්හි ගෞරව යැ සඟුන් කෙරෙහි ගෞරව යැ ශික්‍ෂායෙහි ගෞරව යැ අප්‍රමාදයෙහි ගෞරව යැ පිළිසඳරෙහි ගෞරව යැ යි මොහු සදෙන ගෞරවයෝ යි.

9. තත්‍ථ කතමානි ඡ විනීතවත්‍ථූනි : ඡහි අගාරවෙහි ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ‍්ඣාපත‍්ති වෙලාඅනතික‍්කමො සෙතුඝාතො. ඉමානි ඡ විනීතවත්‍ථූනි.

9. එහි සවැදෑරුම් විනීතවස්තුහු කවරහ යත්: සවැදැරුම් අගෞරවයන් ගෙන් දුරුවීම යැ තොරවීම යැ වෙන් වෙන් වශයෙන් වැළකීම යැ විරමණ යැ අක්‍රිය යැ අකරණ යැ නො පැමිණීම යැ සීමා නොයික්මවීම යැ ඇවැත්කඳු නැසීම යැයි මොහු සදෙන විනීත වස්තූහු යි.

10. තත්‍ථ කතමා චතස‍්සො විපත‍්තියො : සීලවිපත‍්ති, ආචාරවිපත‍්ති, දිට‍්ඨිවිපත‍්ති, ආජීවවිපත‍්ති. ඉමා චතස‍්සො විපත‍්තියො.

10. එහි සිවුවැදෑරුම් විපත්තීහු කවරහ යත්: සීලවිපත්ති යැ ආචාරවිපත්ති යැ දිට්ඨිවිපත්ති යැ ආජීවවිපත්ති යැ යි මොහු සිවු විපත්තීහු යි.

11. තත්‍ථ කතමෙ ඡ ආපත‍්තිසමුට‍්ඨානා : අත්‍ථාපත‍්ති කායතො සමුට‍්ඨාති, න වාචතො න චිත‍්තතො. අත්‍ථාපත‍්ති වාචතො සමුට‍්ඨාති, න කායතො න චිත‍්තතො, අත්‍ථාපත‍්ති කායතො ච වාචතො ච සමුට‍්ඨාති න චිත‍්තතො, අත්‍ථාපත‍්ති කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො. අත්‍ථාපත‍්ති වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න කායතො. අත්‍ථාපත‍්ති කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති. ඉමෙ ඡ ආපත‍්තිසමුට‍්ඨානා.

11. එහි සවැදැරුම් ආපත්තිසමුට්ඨානයෝ කවරහ යත්: කයින් නගින ඇවැතෙක් ඇත, එය වචනයෙන් නො නගියි, සිතින් නො නඟී. වචනයෙන් නඟින ඇවතෙක් ඇත, එය කයින් නො නඟියි, සිතින් නො නඟී. කයින් ද වචනයෙන් ද නගින ඇවැතෙක් ඇත, එය සිතින් නො නඟී. කයින් ද සිතින් ද නගින ඇවැතෙක් ඇත, එය වචනයෙන් නො නඟී. වචනයෙන් ද සිතින් ද නගින ඇවැතෙක් ඇත, එය කයින් නො නඟී. කයින් ද වචනයෙන් ද සිතින් ද නඟින ඇවැතෙක් ඇතැයි මොහු සවැදැරුම් ආපත්තිසමුට්ඨානයෝයි.

12. තත්‍ථ කතමානි ඡ විවාදමූලානි : ඉධ භික‍්ඛු කොධනො හොති උපනාහී, යො සො භික‍්ඛු කොධනො හොති උපනාහී, සො සත්‍ථරිපි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, ධම‍්මෙපි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, සඞ‍්ඝෙපි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, සික‍්ඛායපි න පරිපූරකාරී හොති. යො සො භික‍්ඛු සත්‍ථරි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- සික‍්ඛාය න පරිපූරකාරී සො සඞ‍්ඝෙ විවාදං ජනෙති, යො හොති විවාදො බහුජනඅහිතාය බහුජනඅසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං. එවරූපං චෙ තුම‍්හෙ විවාදමූලං අජ‍්ඣත‍්තං වා පහිද‍්ධා වා සමනුපස‍්සෙය්‍යාථ, තත්‍ර තුම‍්හෙ තස‍්සෙව පාපකස‍්ස විවාදමූලස‍්ස පහානාය වායමෙය්‍යාථ එවරූපං චෙ තුම‍්හෙ විවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා න සමනුපස‍්සෙය්‍යාථ, තත්‍ර තුම‍්හෙ තස‍්සෙව පාපකස‍්ස විවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවාය පටිපජ‍්ජෙය්‍යාථ. එවමෙතස‍්ස පාපකස‍්ස විවාදමූලස‍්ස පහානං හොති, එවමෙතස‍්ස පාපකස‍්ස විවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවො හොති.

12. එහි සවැදැරුම් විවාදමූලයෝ කවරහ යත්: මේ ශාසනයෙහි මහණ කිපෙන සුලුවූයේ බද්ධ වෛර ඇත්තේ වෙයි. යම් ඒ මහණෙක් කිපෙන සුලුවූයේ බද්ධ වෛර ඇත්තේ ද, ඒ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි, ධර්‍මය කෙරෙහිද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි, ශික්‍ෂාව ද සම්පූර්‍ණ කරන්නෙක් නො වෙයි, යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසේ ද, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නෙක් නො වේ ද, ඒ මහණ සඞ්ඝයා කෙරෙහි විවාද උපදවයි. යම් ඒ විවාදයෙක් බොහෝ ජනයාට අහිත පිණිස බොහෝ ජනයාට නො සුව පිණිස බොහෝ ජනයාට අවැඩ පිණිස දෙව් මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේද, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් වූ කරුණක් සිය සතන්හි හෝ පිටතැ හෝ දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ ඒ විවාදයට මුල් වූ කරුණ පහ කිරීම පිණිස වෑයම් කරවු. ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ නො දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ ඒ විවාදයට මුල් වූ කරුණ මත්තෙහි නො පැවැත්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ විවාදමූලයාගේ ප්‍රහාණිය වෙයි. මෙසේ මේ ලාමක වූ විවාදමූලයාගේ මත්තෙහි නො පැවැත්ම වේ.

පුන චපරං භික‍්ඛු මක‍්ඛී හොති පලාසී -පෙ- ඉස‍්සුකී හොති මච‍්ඡරී -පෙ- සඨො හොති මායාවී -පෙ- පාපිච‍්ඡො හොති මිච‍්ඡාදිට‍්ඨි -පෙ- සන්‍දිට‍්ඨිපරාමාසී හොති ආධානග‍්ගාහී දුප‍්පටිනිස‍්සග‍්ගී. යො සො භික‍්ඛු සන්‍දිට‍්ඨිපරාමාසී හොති ආධානග‍්ගාහී දුප‍්පටිනිස‍්සග‍්ගී, සො සත්‍ථරිපි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, ධම‍්මෙපි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, සඞ‍්ඝෙපි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, සික‍්ඛායපි න පරිපූරකාරී හොති. යො සො භික‍්ඛු සත්‍ථරි අගාරවො විහරති අප‍්පතිස‍්සවො ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- සික‍්ඛාය න පරිපූරකාරී, සො සඞ‍්ඝෙ විවාදං ජනෙති.

නැවත ද අනෙකෙක් වෙයි. මහණ ගුණමකු වූයේ යුභග්‍රාහී වෙයි. ... ඊර්‍ෂ්‍යා කරණසුලු වූයේ මසුරුබව් ඇත්තේ වෙයි. කපටි වූයේ මායා ඇත්තේ වෙයි. ලාමක අදහස් ඇත්තේ මිසදිටු ඇත්තේ වෙයි. ස්වකීය දෘෂ්ටිය ම ආමර්‍ෂණය කරන්නේ දැඩි වැ ගන්නා සුලු වූයේ (වරද) බැහැරැලීමෙහි දුෂ්කර වූයේ වෙයි. යම් ඒ මහණෙක් ස්වකීය දෘෂ්ටිය ම ආමර්‍ෂණය කරන්නේ දැඩි වැ ගන්නා සුලු වූයේ (වරද) බැහැරලීමෙහි දුෂ්කර වූයේ වේ ද, ඒ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ධර්‍මය කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. සඞ්ඝයා කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ශික්‍ෂාව ද සම්පූර්‍ණ කරන්නෙක් නො වෙයි. යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසේ ද, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නෙක් නොවේ ද, ඒ මහණ සඞ්ඝයා කෙරෙහි විවාද උපදවයි.

යො සො හොති විවාදො බහුජනඅහිතාය බහුජනඅසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං, එවරූපං චෙ තුම‍්හෙ විවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා සමනුපස‍්සෙය්‍යාථ, තත්‍ර තුම‍්හෙ තස‍්සෙව පාපකස‍්ස විවාදමූලස‍්ස පහානාය වායමෙය්‍යාථ. එවරූපං චෙ තුම‍්හෙ විවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා න සමනුපස‍්සෙය්‍යාථ, තත්‍ර තුම‍්හෙ තස‍්සෙව පාපකස‍්ස විවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවාය පටිපජ‍්ජෙය්‍යාථ. එවමෙතස‍්ස පාපකස‍්ස විවාදමූලස‍්ස පහානං හොති, එවමෙතස‍්ස පාපකස‍්ස විවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවො හොති, ඉමානි ඡ විවාදමූලානි.

යම් විවාදයෙක් බොහෝ ජනයාහට අහිත පිණිස බොහෝ ජනයාහට නො සුව පිණිස බොහෝ ජනයාහට අවැඩ පිණිස දෙව් මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේ ද, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ ඒ විවාදයට මුල් වූ කරුණ පහ කිරීම පිණිස වෑයම් කරවු. ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ නො දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ එම විවාදයට මුල්වූ කරුණ මත්තෙහි නො පැවැත්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ විවාද මූලයාගේ පහකිරීම වෙයි. මෙසේ මේ ලාමක වූ විවාද මූලයාගේ මත්තෙහි නො පැවැත්ම වේ. මොහු සවැදැරුම් විවාද මූලයෝයි.

13. තත්‍ථ කතමානි ඡ අනුවාදමූලානි : ඉධ භික‍්ඛු කොධනො හොති උපනාහී. යො සො භික‍්ඛු කොධනො හොති උපනාහී, සො සත්‍ථරිපි අගාරවො විහරති අප‍්පතිස‍්සවො. ධම‍්මෙපි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, සඞ‍්ඝෙපි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, සික‍්ඛායපි න පරිපූරකාරී හොති. යො සො භික‍්ඛු සත්‍ථරි අගාරවො විහරති අප‍්පතිස‍්සවො. ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- සික‍්ඛාය න පරිපූරකාරී සො සඞ‍්ඝෙ අනුවාදං ජනෙති, යො හොති අනුවාදො බහුජනඅහිතාය බහුජනඅසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං. එවරූපං චෙ තුම‍්හෙ අනුවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා සමනුපස‍්සෙය්‍යාථ, තත්‍ර තුම‍්හෙ තස‍්සෙව පාපකස‍්ස අනුවාදමූලස‍්ස පහානාය වායමෙය්‍යාථ. එවරූපං චෙ තුම‍්හෙ අනුවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා න සමනුපස‍්සෙය්‍යාථ, තත්‍ර තුම‍්හෙ තස‍්සෙව පාපකස‍්ස අනුවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවාය පටිපජ‍්ජෙය්‍යාථ. එවමෙතස‍්ස පාපකස‍්ස අනුවාදමූලස‍්ස පහානං හොති, එවමෙතස‍්ස පාපකස‍්ස අනුවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවො හොති.

13 එහි සවැදැරුම් අනුවාදමූලයෝ කවරහ යත්: මේ ශාසනයෙහි මහණ කිපෙන සුලු වූයේ බද්ධවෛර ඇත්තේ වෙයි. යම් ඒ මහණෙක් කිපෙනසුලු වූයේ බද්ධවෛර ඇත්තේ වේ ද, ඒ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ධර්‍මය කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. සඞ්ඝයා කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ශික්‍ෂාව ද සම්පූර්‍ණ කරන්නෙක් නො වෙයි. යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසේ ද, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නෙක් නොවේ ද, ඒ මහණ සඞ්ඝයා කෙරෙහි අනුවාදය උපදවයි, යම් අනුවාදයෙක් බොහෝ ජනයාහට අහිත පිණිස බොහෝ ජනයාහට නො සුව පිණිස බොහෝ ජනයාහට අවැඩ පිණිස දෙව්මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේ ද, ඉදින් තෙපි මෙබඳු අනුවාදයට මුල් වූ කරුණක් සිය සතන්හි හෝ පිටතැ හෝ දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ එම අනුවාදයට මුල් වූ කරුණ පහ කිරීම පිණිස වෑයම් කරවු. ඉදින් තෙපි මෙබඳු අනුවාදයට මුල්වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ නො දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ, ඒ අනුවාදයට මුල් වූ කරුණ මත්තෙහි නො පැවැත්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ අනුවාද මූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ ලාමක වූ අනුවාද මූලයාගේ මත්තෙහි නො පැවැත්ම වේ.

පුන චපරං භික‍්ඛු මක‍්ඛී හොති පලාසී -පෙ- ඉස‍්සුකී හොති මච‍්ඡරී -පෙ- සඨො හොති මායාවී, පාපිච‍්ඡො හොති මිච‍්ඡාදිට‍්ඨි -පෙ- සන්‍දිට‍්ඨිපරාමාසී හොති ආධානග‍්ගාහී දුප‍්පටිනීස‍්සග‍්ගී, යො සො භික‍්ඛු සන්‍දිට‍්ඨිපරාමාසී හොති ආධානගාහී දුප‍්පටිනිස‍්සග‍්ගී සො සත්‍ථරිපි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, ධම‍්මෙපි අගාරවො විහරති අප‍්පතිස‍්සවො, සඞ‍්ඝෙපි අගාරවො විහරති අප‍්පතිස‍්සවො. සික‍්ඛායපි න පරිපූරකාරී හොති. යො භික‍්ඛු සත්‍ථරි අගාරවො විහරති අප‍්පතිස‍්සවො. ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ -පෙ- සික‍්ඛාය න පරිපූරකාරී, සො සඞ‍්ඝෙ අනුවාදං ජනෙති, යො හොති අනුවාදො බහුජනඅහිතාය බහුජනඅසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං. එවරූපං චෙ තුම‍්හෙ අනුවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා සමනුපස‍්සෙය්‍යාථ, තත්‍ර තුම‍්හෙ තස‍්සෙව පාපකස‍්ස අනුවාදමූලස‍්ස පහානාය වායමෙය්‍යාථ. එවරූපං චෙ තුම‍්හෙ අනුවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා න සමනුපස‍්සෙය්‍යාථ, තත්‍ර තුම‍්හෙ තස‍්සෙව පාපකස‍්ස අනුවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවාය පටිපජ‍්ජෙය්‍යාථ. එවමෙතස‍්ස පාපකස‍්ස අනුවාදමූලස‍්ස පහානං හොති. එවමෙතස‍්ස පාපකස‍්ස අනුවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවො හොති. ඉමානි ඡ අනුවාදමූලානි.

නැවැත ද අනෙකක් වෙයි. මහණ ගුණමකු වූයේ යුගග්‍රාගී වෙයි. ... ඊර්‍ෂ්‍යා කරණ සුලු වූයේ මසුරුබැව් ඇත්තේ වෙයි. කපටි වූයේ මායා ඇත්තේ වෙයි. ලාමක අදහස් ඇත්තේ මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයි. ස්වකීය දෘෂ්ටිය ම ආමර්‍ෂණය කරන්නේ දැඩි වැ ගන්නාසුලු වූයේ (වරද) බැහැරැලීමෙහි දුෂ්කර වූයේ වෙයි. යම් ඒ මහණෙක් ස්වකීය දෘෂ්ටිය ම ආමර්‍ෂණය කරන්නේ දැඩි වැ ගන්නා සුලු වූයේ (වරද) බැහැරැලීමෙහි දුෂ්කර වූයේ වේ ද, ඒ මහණ ශාස්තෘන් කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ධර්‍මය කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. සඞ්ඝයා කෙරෙහි ද ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසෙයි. ශික්‍ෂාව ද සම්පූර්‍ණ කරන්නේ නො වේ. යම් ඒ මහණෙක් ශාස්තෘන් කෙරෙහි ගෞරව රහිත වැ යටහත් පැවැතුම් නැති වැ වෙසේ ද, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... ශික්‍ෂාව සම්පූර්‍ණ කරන්නෙක් නො වේ ද, ඒ මහණ සඞ්ඝයා කෙරෙහි අනුවාදය උපදවයි, යම් අනුවාදයෙක් බොහෝ ජනයාහට අහිත පිණිස බොහෝ ජනයාහට නො සුව පිණිස බොහෝ ජනයාහට අවැඩ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේ ද, ඉදින් තෙපි මෙබඳු අනුවාදයට මුල් වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ ඒ අනුවාදයට මුල් වූ කරුණ පහ කිරීම පිණිස වෑයම් කරවු. ඉදින් තෙපි මෙබඳු අනුවාදයට මුල්වූ කරුණක් සියසතන්හි හෝ පිටතැ හෝ නො දක්නහු නම් එහිලා තෙපි ලාමක වූ ඒ අනුවාදයට මුල්වූ කරුණ මත්තෙහි නො පැවැත්ම පිණිස පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ අනුවාදමූලයාගේ ප්‍රහාණිය වෙයි. මෙබස් මේ ලාමක වූ අනුවාද මූලයාගේ මත්තෙහි නො පැවැත්ම වේ. මොහු සවැදැරුම් අනුවාද මූලයෝයි.

14. තත්‍ථ කතමෙ ඡ සාරාණීයා ධම‍්මා : ඉධ භික‍්ඛුනො මෙත‍්තං කායකම‍්මං පච‍්චුපට‍්ඨිතං හොති සබ්‍රහ‍්මචාරීසු ආවි චෙව රහො ච, අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති.

14. එහි සවැදැරුම් සාරාණීයධර්‍මයෝ කවරහ යත්: මේ ශාසනයෙහි මහණක්හුගේ මෛත්‍රී කායකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහි ද නො හමුයෙහි ද එළඹ සිටියේ වෙයි. මේ මෛත්‍රීකායකර්‍මසඞ්ඛ්‍යාත ධර්‍මය ද සිහිකටයුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ. (සබ්‍රම්සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතුබව පිණිස විවාද නො කිරීම පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී.

පුන චපරං භික‍්ඛුනො මෙත‍්තං වචීකම‍්මං පච‍්චුපට‍්ඨිතං හොති සබ්‍රහ‍්මචාරීසු ආවී චෙව රහො ච, අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති.

නැවත ද අනෙකෙක් වෙයි. මහණක්හුගේ මෛත්‍රී වාක්කර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහි ද නො හමුයෙහි ද එළඹ සිටියේ වෙයි. මේ මෛත්‍රි වාක්කර්‍ම සඞ්ඛ්‍යාත ධර්‍මය ද සිහිකටයුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ (සබ්‍රම්සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතු බව පිණිස විවාද නො කිරීම පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී.

පුන චපරං භික‍්ඛුනො මෙත‍්තං මනොකම‍්මං පච‍්චුපට‍්ඨිතං හොති සබ්‍රහ‍්මචාරීසු ආවි චෙව රහො ච, අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති.

නැවත ද අනෙකෙක් වෙයි. මහණක්හුගේ මෛත්‍රීමනඃකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහි ද නො හමුයෙහි ද එළඹ සිටියේ වෙයි. මේ මෛත්‍රීමනඃකර්‍මසඞ්ඛ්‍යාත සිහිකට යුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ (සබ්‍රම් සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතු බව පිණිස විවාද නො කිරීම පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී.

පුන චපරං භික‍්ඛු යෙ තෙ ලාභා ධම‍්මිකා ධම‍්මලද‍්ධා අන‍්තමසො පත‍්තපරියාපන‍්නමත‍්තම‍්පි, තථාරූපෙහි ලාභෙහි අප‍්පටිවිභත‍්තභොගී හොති සීලවන‍්තෙහි සබ්‍රහ‍්මචාරීහි සාධාරණභොගී, අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති.

නැවත ද අනෙකෙක් වෙයි. මහණ දැහැමි වූ දැහැමින් ලද්දාවූ යම් ඒ ලාභයෝ වෙත් නම් යටත් පිරිසෙයින් පාත්‍රගත වූ පමණකුත් වේ ද, එබඳු ලාභයන්, සිල්වත් සබ්‍රම්සරුන් හා සාධාරණ පරිභෝග ඇත්තේ පටිවිහත්තභෝගී නො වූයේ වෙයි. මේ ධර්‍මය ද සිහි කට යුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ. (සබ්‍රම්සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතු බව පිණිස විවාද නො කරණු පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී.

පුන චපරං භික‍්ඛු යානි තානි සීලානි අඛණ‍්ඩානි අච‍්ඡිද‍්දානි අසබලානි අකම‍්මාසානි භුජිස‍්සානි විඤ‍්ඤුප‍්පසත්‍ථානි අපරාමට‍්ඨානි සමාධිසංවත‍්තනිකානි, තථාරූපෙසු සීලෙසු සීලසාමඤ‍්ඤගතො විහරති සබ්‍රහ‍්මචාරීහි ආවී චෙව රහො ච, අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකීභාවාය සංවත‍්තති.

නැවත ද අනෙකෙක් වෙයි. මහණ නො කඩ වූ නො සිදුරු වූ නො සබල වූ නො කැලල් වූ නිදහස් වූ නුවණැත්තන් විසින් පසස්නා ලද (තෘෂ්ණා දෘෂ්ටීන්) නො පහස්නා ලද, සමාධිය එළවන්නා වූ යම් ඒ ශීලයෝ වෙත් ද, එබඳු ශීලයන්හි පිරිපුන් සිල්වතුන් හා සමබවට පැමිණියේ හමුයෙහි ද නො හමුයෙහි ද සබ්‍රම්සරුන් හා වෙසෙයි. මේ ධර්‍මය ද සිහිකටයුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ. (සබ්‍රම්සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතු බව පිණිස විවාද නො කිරීම පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී.

පුන චපරං භික‍්ඛු යායං දිට‍්ඨි අරියා නිය්‍යානිකා නිය්‍යාති තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයාය, තථාරූපාය දිට‍්ඨියා දිට‍්ඨිසාමඤ‍්ඤගතො විහරති සබ්‍රහ‍්මචාරීහි ආවී චෙව රහො ච, අයම‍්පි ධම‍්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ‍්ගහාය අවිවාදාය සාමග‍්ගියා එකී භාවාය සංවත‍්තති, ඉමෙ ඡ සාරාණීයා ධම‍්මා.

නැවත ද අනෙකෙක් වෙයි. මහණ යම් මේ (මාර්‍ග සම්ප්‍රයුක්ත) දෘෂ්ටියෙක් නිදොස් ද නෛර්‍ය්‍යාණික ද නිවණට පමුණුවන්නී ද, ඒ අනුශාසනය කළහුගේ මොනවට දුක් නැසීම පවතී ද, එබඳු වූ දෘෂ්ටියෙන් සමබවට පැමිණියේ හමුයෙහි ද නො හමුයෙහි ද සබ්‍රම්සරුන් හා වෙසෙයි. මේ ධර්‍මය ද සිහිකටයුත්තේ යැ. ප්‍රියයකු කරන්නේ යැ. ගරුකටයුත්තකු කරන්නේ යැ. (සබ්‍රම්සරුන් විසින්) සඞ්ග්‍රහ කටයුතු බව පිණිස විවාද නො කිරීම පිණිස කායසාමග්‍රිය පිණිස එකඟබව පිණිස පවතී. මොහු සවැදැරුම් සාරාණීය ධර්‍මයෝ යි.

15. තත්‍ථ කතමානි අට‍්ඨාරස භෙදකරවත්‍ථූනි : ඉධ භික‍්ඛු අධම‍්මං ධම‍්මොති දීපෙති, ධම‍්මං අධම‍්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ‍්ණං තථාගතෙන ආචිණ‍්ණං තථාගතෙනාති දීපෙති, ආචිණ‍්ණං තථාගතෙන අනාචිණ‍්ණං තථාගතෙනාති දීපෙති,

15. එහි අටළොස් භේදකරවස්තුහු කවරහ යත්: මේ ශාසනයෙහි මහණ අධර්‍මය ධර්‍මයැයි ප්‍රකාශ කරයි. ධර්‍මය අධර්‍මයැයි ප්‍රකාශ කරයි. අවිනය විනයැයි ප්‍රකාශ කරයි. විනය අවිනයැයි ප්‍රකාශ කරයි. තථාගතයන් විසින් නො වදාරණ ලද්ද ප්‍රකාශ නො කරණ ලද්ද තථාගතයන් විසින් වදාරණ ලද යැ පවසන ලදැයි ප්‍රකාශ කරයි. තථාගතයන් විසින් වදාරණ ලද්ද පවසන ලද්ද තථාගතයන් විසින් නො වදාරණ ලද යැ නො පවසන ලදැයි ප්‍රකාශ කරයි. තථාගතයන් විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් පුරුදු කරණ ලදැයි ප්‍රකාශ කරයි. තථාගතයන් විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් නො පුරුදු කරණ ලදැයි ප්‍රකාශ කරයි.

අපඤ‍්ඤත‍්තං තථාගතෙන පඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙති, පඤ‍්ඤත‍්තං තථාගතෙන අපඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙති, ආපත‍්තිං අනාපත‍්තීති දීපෙති, අනාපත‍්තිං ආපත‍්තීති දීපෙති, ලහුකං ආපත‍්තිං ගරුකාපත‍්තීති දීපෙති, ගරුකං ආපත‍්තිං ලහුකාපත‍්තීති දීපෙති, සාවසෙසං ආපත‍්තිං අනවසෙසාපත‍්තීති දීපෙති, අනවසෙසං ආපත‍්තිං සාවසෙසාපත‍්තීති දීපෙති, දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලාපත‍්තීති දීපෙති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති. ඉමානි අට‍්ඨාරස භෙදකරවත්‍ථූනි.

තථාගතයන් විසින් නො පණවන ලද්ද තථාගතයන් විසින් පණවන ලදැයි ප්‍රකාශ කරයි. තථාගතයන් විසින් පණවන ලද්ද තථාගතයන් විසින් නො පණවන ලදැයි ප්‍රකාශ කරයි. ඇවැත නො ඇවැතැ යි ප්‍රකාශ කරයි. නො ඇවැත ඇවැතැයි ප්‍රකාශ කරයි. ලුහු ඇවැත ගරු ඇවැතැයි ප්‍රකාශ කරයි. ගරු ඇවැත ලුහු ඇවැතැයි ප්‍රකාශ කරයි. සාවසේස ඇවැත අනවසේස ඇවැතැයි ප්‍රකාශ කරයි. අනවසේස ඇවැත සාවසේස ඇවැතැයි ප්‍රකාශ කරයි. තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැයි ප්‍රකාශ කරයි. නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැයි ප්‍රකාශ කරයි. මොහු අටළොස් භේදකර වස්තූහු යැ.

16. තත්‍ථ කතමානි චත‍්තාරි අධිකරණානි : විවාදාධිකරණං, අනුවාදාධිකරණං, ආපත‍්තාධිකරණං, කිච‍්චාධිකරණං, ඉමානි චත‍්තාරි අධිකරණානි.

16. එහි සිවුවැදෑරුම් අධිකරණයෝ කවරහ යත්: විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යැ. මොහු සිවුවැදෑරුම් අධිකරණයෝ යි.

17. තත්‍ථ කතමෙ සත‍්ත සමථා : සම‍්මුඛාවිනයො, සතිවිනයො, අමූළ‍්හවිනයො, පටිඤ‍්ඤාතකරණං, යෙභුය්‍යසිකා, තස‍්සපාපිය්‍යසිකා, තිණවත්‍ථාරකො, ඉමෙ සත‍්ත සමථා.

17. එහි සත්වැදෑරුම් ශමථයෝ කවරහ යත්: සම්මුඛාවිනය යැ සතිවිනය ය අමූළ්හවිනය යැ පටිඤ්ඤාතකරණ යැ යෙභූය්‍යසිකා යැ තස්සපාපිය්‍යසිකා යැ තිණවත්‍ථාරක යැ. මොහු සත්වැදෑරුම් ශමථයෝ යි.

කතිපුච‍්ඡාවාරො නිට‍්ඨිතො.

කතිපුච්ඡාවාරය නිමි.

තස‍්සුද‍්දානං:

එහි නාමාවලිය:

1. ආපත‍්ති ආපත‍්තික‍්ඛන්‍ධා-විනීතා සත‍්තධා පුන, විනීතාගාරවා චෙව-ගාරවා මූලමෙව ච.

1. ආපත්ති යැ, ආපත්තිස්කන්‍ධ යැ, විනීත යැ, යළි සත්පරිදි වූ ආපත්ති යැ, ආපත්තිස්කන්‍ධ යැ, විනීත යැ, අගාරව යැ, ගාරව යැ, විවාදමූල යැ.

2. පුන විනීතා විපත‍්ති-සමුට‍්ඨානා විවාදනා, අනුවාදා සාරාණීයා-භෙදාධිකරණෙන ච. සත‍්තෙව සමථා වුත‍්තා-පදා සත‍්තරසා ඉමෙති.

2. යළි විනීත යැ, විපත්ති යැ, සමුට්ඨාන යැ, විවාද මූල යැ, භේද අධිකරණයන් සමග අනුවාද යැ, සාරාණීය යැ. සත්තසමථයැ යි මේ පදයෝ සතළොසෙක් වදාරණ ලදහ.