යෙදුමෙන් කියවන්න

සමනුභාසන සමුට‍්ඨානං

සම්පූර්ණ පරිච්ඡේදය

සමනුභාසන සමුට‍්ඨානං

සමානුභාසන සමුට්ඨානය

33. භෙදානුවත‍්තදුබ‍්බච දූස දුට‍්ඨුල‍්ල දිට‍්ඨි ච, ඡන්‍දං උජ‍්ජග‍්ඝිකා ද‍්වෙ ච ද‍්වෙ ච සද‍්දා න බ්‍යාහරෙ.

33. භේදානුවත්තක දුබ්බච කුලදූසක දුට්ඨුල්ලපටිච්ඡාදන දිට්ඨිඅප්පටි නිස්සජ්ජන පස් සිඛ ද ඡන්‍දය ද උජ්ජග්සික දෙ සිඛය ද අප්පසද්ද දෙ සිඛය ද නබ්‍යාහරණය ද,

34. ඡමා නීචාසනෙ ඨානං පච‍්ඡතො උප‍්පථෙන ච, වජ‍්ජානුවත‍්තිගහණා ඔසාරෙ පච‍්චාචික‍්ඛනා.

34. ඡමා නීවාසන ඨාන තෙසිඛය ද, පච්ඡතො ගමන උප්පථගමන දෙසිඛය ද වජ්ජපටිච්ඡාදන උක්ඛිත්තානුවත්තන හත්‍ථගහන තෙසිඛය ද ඔසාරණය ද ප්‍රත්‍යාඛ්‍යානය ද,

35. කිස‍්මිං සංසට‍්ඨා ද‍්වෙ වධි විසිබ‍්බෙ දුක‍්ඛිතාය ච, පුන සංසට‍්ඨා න වූපසමෙ ආරාමඤ‍්ච පවාරණා.

35. කිස්මිඤ්චිදේව සිඛය ද සංසට්ඨ දෙ සිඛය ද ‘රොදනය ද විසිබ්බන දුක්ඛිත දෙ සිඛය ද (පුන) සංසට්ඨ නවුපසම දෙසිඛය ද ආරාම පවාරණ දෙ සිඛය ද,

36. අන්‍වද‍්ධමාසං සහජීවි ද‍්වෙ චීවරං අනුබන්‍ධනා; සත‍්තතිංස ඉමෙ ධම‍්මා කායවාචාය චිත‍්තතො සබ‍්බෙ එකසමුට‍්ඨානා සමනුභාසනා යථා.

36. අන්‍වද්ධ මාසය ද සහජීවී දෙසිඛය ද චීවරය ද ද්වේවස්සානුබන්‍ධනය දැයි මේ සත්තිස් සිකපදයෝ කය වචන සිතින් උපදිත් නුයි සියල්ලෝ සමානුභාසනය මෙන් එක සමුට්ඨානයක් ඇත්තෝ වෙත්.

සමනුභාසනාසමුට‍්ඨානං නිට‍්ඨිතං.

සමානුභාසන සමුට්ඨානය නිමි.

කඨින සමුට‍්ඨානං

කඨින සමුට්ඨානය

37. උබ‍්භතං කඨිනං තීණි පඨමං පත‍්තභෙසජ‍්ජං, අච‍්චෙකං චාපි සාසඞ‍්කං පක‍්කමන‍්තෙන වා දුවෙ.

37. උබභතකඨින තෙසිඛය ද පඨමපත්ත භේසජ්ජ දෙසිඛය ද අච්චෙකචීවරය ද සාසඞ්කය ද (සේනාසන) නපක්කම දෙ සිඛය ද,

38. උපස‍්සයං පරම‍්පරං අනතිරිත‍්තං නිමන‍්තනා, විකප‍්පං රඤ‍්ඤො විකාලෙ වොසාසාරඤ‍්ඤකෙන ච.

38. භික්බුනුපස්සය ද පරම්පරභෝජනය ද අනතිරිත්තය ද නිමන්තණය ද වික්කප්පනය ද අන්තෙපුර සිඛය ද විකාලෙ ගාමප්පවේසනය ද වොසාසමාන සිඛය ද ආරඤ්ඤක සිඛය ද,

39. උස‍්සයා සන‍්නිචයඤ‍්ච, පුරෙ පච‍්ඡා විකාලෙ ච, පඤ‍්චාහිකා සඞ‍්කමනී දුවෙ ආවසථෙන ච.

39. උස්සයවාදිකා පත්තසන්නිචය දෙ සිඛය ද පුරේභත්ත පච්ඡාභත්ත විකාල (කුලුපසඩ්කමන) තෙ සිඛය ද පඤ්චාහික සඞ්සාටිචාර චීවරසඞ්කමනීය දෙ සිඛය ද ආවස්ථ දෙ සිඛය ද,

40. පසාඛෙ ආසනෙ චෙව තිංස එකූනකා ඉමෙ, කායවාචා න චිත‍්තා තීහි ද‍්වාරෙහි ජායරෙ, ද‍්වෙ සමුට‍්ඨානිකා සබ‍්බෙ කඨිනෙන සහා සමා.

40. පසාඛ සිඛය ද (නො පිළිවිස අස්නෙහි හිඳීම) ආසනසිඛය දැයි මේ එකුන්තිස් සිකපදයෝ කය වචන දෙකින් උපදිත්. සිතින් නූපදිති, තිදොරින් උපදිත්.

කඨිනසමුට‍්ඨානං නිට‍්ඨිතං.

කඨින සමුට්ඨානය නිමි.

එළකලොම සමුට‍්ඨානං

එළකලෝම සමුට්ඨානය

41. එළකලොමා ද‍්වෙ සෙය්‍යං ආහච‍්ච පිණ‍්ඩභොජනං, ගණ විකාල සන‍්නිධි දන‍්තපොණෙන චෙලකා.

41. එළකලෝමය ද සහසෙය්‍ය දෙ සිඛය ද ආහච්චපාද ආවස්ථ පිණ්ඩ භෝජන දෙ සිඛය ද ගණභෝජන විකාලභොජන සන්නිධිකාර තෙ සිඛය ද දත්තපෝණ සිඛය ද අචේලක සිඛය ද,

42. උය්‍යුත‍්තං සෙනං උය්‍යොධී සුරා ඔරෙන නහායනා, දුබ‍්බණ‍්ණෙ ද‍්වෙ දෙසනීයා ලසුණුපතිට‍්ඨෙ නච‍්චනා.

42. උය්‍යුත්ත සේනා දෙ සිඛය ද උය්‍යොධිකය ද සුරාපාන නහාන දෙ සිඛයා, දුබ්බණ්ණ කරණය ද පාටිදේසනික දෙසිඛය ද ලසුණ උපතිට්ඨන නච්චන තෙසිඛය ද,

43. නහානං අත්‍ථරණං සෙය්‍යා අන‍්තො රට‍්ඨෙ තථා බහී, අන‍්තොවස‍්සං චිත‍්තාගාරං ආසන්‍දිං සුත‍්තකන‍්තනා.

43. නහාන අත්‍ථරණ තුවට්ටසයන තෙ සිඛය ද එසේ ම අන්තොරට්ඨ තිරෙ රට්ඨ දෙ සිඛයද අන්තොවස්ස චිත්තාගාර දෙසිඛය ද ආසන්‍දි සුක්තකන්තන දෙ සිඛය ද

44. වෙය්‍යාවච‍්චං සහත්‍ථා ච අභික‍්ඛුකාවාසෙන ච, ඡත‍්තං යානඤ‍්ච සඞ‍්ඝාණිං අලඞ‍්කාරං ගන්‍ධවාසිතං.

44. වෙය්‍යාවච්ච සහත්‍ථ දෙ සිඛය ද අභික්ඛුකාවාසය ද ඡත්තුපාහන යාන සඞ්ඝාණී තෙ සිඛය ද ඉත්‍ථාලඞ්කාර ගන්‍ධචුණ්ණ වාසිත යන තෙසිඛය ද,

45. භික‍්ඛුනී සික‍්ඛමානා ච සාමණෙරී ගිහීනියා, අසංකච‍්චිකා ආපත‍්ති චත‍්තාරීසා චතුත‍්තරී.

45. භික්ඛුනී සික්ඛමානා සාමණෙරී ගිහිනි (උම්මද්දන) සිවුසිඛය ද අසංකච්චික සිඛය දැයි සිවුසාළිස් සිකපදයෝ

46. කායෙන න වාචා චිත‍්තෙන කායචිත‍්තෙන න වාචතො, ද‍්වෙ සමුට‍්ඨානිකා සබ‍්බෙ සමා එළකලොමිකාති.

46. කයින් නගිති, වචනයෙන් සිතින් නො නගිත්, කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්, සියල්ලෝ එළකලෝමකසිඛය සමාන වූවෝ ද්විසමුට්ඨානික වෙත්.

එළකලොමසමුට‍්ඨානං නිට‍්ඨිතං.

එළකලෝම සමුට්ඨානය නිමි.

පදසොධම‍්ම සමුට‍්ඨානං

පදසෝධම්ම සමුට්ඨානය

47. පදඤ‍්ඤත්‍ර අසම‍්මතා තථා අත්‍ථඞ‍්ගතෙන ච, තිරච‍්ඡානවිජ‍්ජා ද‍්වෙ වුත‍්තා අනොකාසො ච පුච‍්ඡනා.

47. පදසෝධම්ම අඤ්ඤත්‍ර විඤ්ඤුපුරිස අසම්මත යන තෙසිඛය ද එසේ ම අත්‍ථඞ්ගතසුරිය සිඛය ද තිරච්ඡාන විජ්ජා දෙසිඛය ද අනෝකාස පඤ්හපුච්ඡන සිඛය ද,

48. සත‍්ත සික‍්ඛාපදා එතෙ වාචා න කායචිත‍්තතො, වාචා චිත‍්තෙන ජායන‍්ති න තු කායෙන ජායරෙ, ද‍්වෙ සමුට‍්ඨානිකා සබ‍්බෙ පදසොධම‍්මසදිසා.

48. මේ සත් සිකපදයෝ වචනයෙන් උපදිති, කයින් සිතින් නූපදිත්. වචනයෙන් හා සිතින් උපදිති, කයින් නො ම උපදිත්. (මේ) සියල්ලෝ පදසෝධම්මසිඛය හා සමාන වූවෝ ද්විසමුට්ඨානික වෙත්.

පදසොධම‍්මසමුට‍්ඨානං නිට‍්ඨිතං.

පදසෝධම්ම සමුට්ඨානය නිමි.

අද‍්ධාන සමුට‍්ඨානං

අද්ධාන සමුට්ඨානය

49. අද‍්ධානං නාවං පණීතං, මාතුගාමෙන සංහරෙ, ධඤ‍්ඤං නිමන‍්තිතා චෙව අට‍්ඨ ච පාටිදෙසනී.

49. අද්ධාන නාවාභිරූහන පණීතභෝජන තෙසිඛය ද මාතුගාමසංවිධානය ද ලෝමසංහරණය ද ධඤ්ඤ විඤ්ඤාපන නිමන්තන දෙ සිඛය ද මෙහෙණන්හට (පැණවූ) පාටිදේසනීය සිඛ අටදැයි,

50. සික‍්ඛා පණ‍්ණරසා එතෙ කායා න වාචා න මනා, කායවාචාහි ජායන‍්ති න තෙ චිත‍්තෙන ජායරෙ

50. මේ පසළොස් සිකපදයෝ කයින් උපදිති, වචනයෙන් ද සිතින් ද නූපදිත්, කයින් හා වචනයෙන් උපදිති, ඔහු සිතින් නූපදිත්.

51. කායචිත‍්තෙන ජායන‍්ති න තෙ ජායන‍්ති වාචතො, කායවාචාහි චිත‍්තෙන සමුට‍්ඨානා චතුබ‍්බිධා. පඤ‍්ඤත‍්තා බුද‍්ධඤාණෙන අද‍්ධානෙන සහා සමා.

51. කයින් හා සිතින් උපදිති, ඔහු වචනයෙන් නූපදිති, කය වචන සිත යන තිදොරින් උපදිත්. මේ සිවුවැදෑරුම් සමුට්ඨානයෝ අද්ධාන සිකපදය හා සමකොට බුදුනුවණින් පණවන ලදහ.

අද‍්ධානසමුට‍්ඨානං නිට‍්ඨිතං.

අද්ධාන සමුට්ඨානය නිමි.

ථෙය්‍යසත්‍ථ සමුට‍්ඨානං

ථෙය්‍යසත්‍ථ සමුට්ඨානය

52. ථෙය්‍යසත්‍ථං උපස‍්සුති සූපං විඤ‍්ඤාපනෙන ච, රත‍්ති ඡන‍්නඤ‍්ච ඔකාසං එතෙ බ්‍යූහෙන සත‍්තමා.

52. ථෙය්‍යසත්‍ථය ද උපස්සුති විඤ්ඤාපන දෙසිඛය ද රත්තන්‍ධකාරය ද පටිච්ඡන්නය ද අබ්භෝකාසය ද ඛ්‍යුහසිඛය සමග මේ සිකපදයෙන් සත්දෙන,

53. කාය චිත‍්තෙන ජායන‍්ති න තෙ ජායන‍්ති වාචතො, තීහි ද‍්වාරෙහි ජායන‍්ති ද‍්වෙ සමුට‍්ඨානිකා ඉමෙ, ථෙය්‍යසත්‍ථසමුට‍්ඨානා දෙසිතාදිච‍්චබන්‍ධුනා.

53. කයින් හා සිතින් උපදිති, ඔහු වචනයෙන් නූපදිත්, කය වචන සිත යන තිදොරින් උපදිත්, ථෙය්‍යසත්‍ථසමුට්ඨානය ඇති මේ සිකපදයෝ හිරුගොත් ඇති මුනිඳුන් විසින් ද්විසමුට්ඨානිකහයි වදාරණ ලදහ.

ථෙය්‍යසත්‍ථසමුට‍්ඨානං නිට‍්ඨිතං.

ථෙය්‍ය සත්‍ථසමුට්ඨානය නිමි.

ධම‍්මදෙසන සමුට‍්ඨානං

ධම්මදේසන සමුට්ඨානය

54. ඡත‍්තපාණිස‍්ස සද‍්ධම‍්මං න දෙසෙන‍්ති තථාගතා, තථෙව දණ‍්ඩපාණිස‍්ස, සත්‍ථආයුධපාණිනං.

54. තථාගතවරයෝ කුඩගත් අත් ඇත්තහුට දහම් නො දෙසත්. එසේ ම දඬුගත් අත් ඇත්තහුට ද සැත්ගත් අත් ඇත්තහුට ද අවිගත් අත් ඇත්තහුට ද,

55. පාදුකූපාහනා යානං සෙය්‍යපල‍්ලත්‍ථිකාය ච, වෙඨිතො ගුණ‍්ඨිතො චෙව එකාදස මනූනකා.

55. මිරිවැඩි වහන් යාන යහන් නැගිටියහුට ද අකවටු අවුළුවා හුන්නහුට ද හිස්වෙළුම් ඇත්තහුට ද හිස්වැසුවහුට ද (දහම් නො දෙසත්) මේ නො අඩු එකොළොස් සිකපදයෝ,

56. වාචා චිත‍්තෙන ජායන‍්ති න තෙ ජායන‍්ති කායතො, සබ‍්බෙ එකසමුට‍්ඨානා සමකා ධම‍්මදෙසනෙ.

56. වචනයෙන් හා සිතින් උපදිති, ඔහු කයින් නූපදිත්, (මේ) සියල්ලෝ ධම්ම දෙසන සමුට්ඨානය හා සමවූවාහු ඒකසමුට්ඨධානිකයෝ වෙත්.

ධම‍්මදෙසනාසමුට‍්ඨානං නිට‍්ඨිතං.

ධම්මදේසන සමුට්ඨානය නිමි.

භූතාරොචන සමුට‍්ඨානං

භූතාරෝචන සමුට්ඨානය

57. භූතං කායෙන ජායති න වාචාය න චිත‍්තතො, වාචතො ච සමුට‍්ඨාති න කායා න ච චිත‍්තතො

57. භූතාරෝචනය කයින් උපදියි, වචනයෙන් ද සිතින් ද නූපදී, වචනයෙන් ද නඟියි, කයින් හා සිතින් නො නගී.

58. කායවාචාය ජායති න ච ජායති චිත‍්තතො, භූතාරොචනකා නාම තීහි ඨානෙහි ජායති.

58. කයින් හා වචනයෙන් උපදියි, සිතින් නූපදී. භූතාරෝචනක නම් සිඛය තුන් තැනෙකින් උපදී.

භූතාරොචනසමුට‍්ඨානං නිට‍්ඨිතං.

භූතෙරොචන සමුට්ඨානය නිමි.

චොරිවුට‍්ඨාපන සමුට‍්ඨානං

චෝරිවුට්ඨාපන සමුට්ඨානය

59. චොරිං වාචාය චිත‍්තෙන, න තං ජායති කායතො; ජායති තීහි ද‍්වාරෙහි චොරිවුට‍්ඨාපනං ඉදං, අකතං ද‍්විසමුට‍්ඨානං ධම‍්මරාජෙන භාසිතං.

59. චෝරිවුටාඨාපනය වචනයෙන් හා සිතින් උපදියි, කයින් නූපදී. තිදොරින් උපදී. මේ චෝරිවුට්ඨාපන සිඛය අමිශ්‍ර වූ ද්විසමුට්ඨානිකයැයි ධර්‍මරාජයන් විසින් වදාරණ ලදී.

චොරිවුට‍්ඨාපනසමුට‍්ඨානං නිට‍්ඨිතං.

චෝරිවුට්ඨාපන සමුට්ඨානය නිමි.

අනනුඤ‍්ඤාත සමුට‍්ඨානං

අනනුඤ්ඤාත සමුට්ඨානය

60. අනනුඤ‍්ඤාතං වාචාය න කායා න ච චිත‍්තතො, ජායති කායවාචාය න තං ජායති චිත‍්තතො.

60. අනනුඤ්ඤාතය වචනයෙන් නූපදියි, කයින් හා සිතින් නූපදී, කයින් හා වචනයෙන් උපදියි, එය සිතින් නූපදී.

61. ජායති වාචා චිත‍්තෙන න තං ජායති කායතො, ජායති තීහි ද‍්වාරෙහි අකතං චතුඨානිකං.

61. වචනයෙන් හා සිතින් උපදියි, එය කයින් නූපදී. තිදොරින් උපදී. (එහෙයින් මෙය) අමිශ්‍ර වූ චතුසමුට්ඨානයෙකි.

අනනුඤ‍්ඤාතසමුට‍්ඨානං නිට‍්ඨිතං.

අනනුඤ්ඤාත සමුට්ඨානය නිමි.

62. සමුට‍්ඨානං හි සඞ‍්ඛෙපං දස තීණි සුදෙසිතං, අසම‍්මොහකරං ඨානං නෙත‍්තිධම‍්මානුලොමිකං, ධාරයන‍්තො ඉමං විඤ‍්ඤූ සමුට‍්ඨානෙ න මුය‍්හතීති.

62. සමුට්ඨානසංක්‍ෂේපය තෙළෙසකැයි මැනැවින් වදාරණ ලදි. විනයපාලියට අනුලොම් වූ නුමුළා බව කරණ මේ කාරණය දරන නුවණැත්තේ සමුට්ඨානයයෙහි මුළා නො වන්නේ යි.

සමුට‍්ඨානසීසසඞ‍්ඛෙපො නිට‍්ඨිතො.

සමුට්ඨාන ශිර්‍ෂ සංක්‍ෂේපය නිමියේ යි.