3. ආපත්තිසමුට්ඨානගාථා
3. ආපත්තිසමුට්ඨානගාථා
3. ආපත්ති සමුට්ඨාන ගාථා
1. සමුට්ඨානා කායිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා කති පුච්ඡාමි තං බ්රූහි විභඞ්ගකොවිද.
1. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්ද්රයන් විසින් යම් කායසමුට්ඨාන කෙනෙක් වදාරණ ලදහු ද, එයින් නැගී ඇවැත්හු කෙතෙක් දැයි ඔබ විචාරමි. එය කියනු මැනැව.
2. සමුට්ඨානා කායිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා පඤ්ච එතං තෙ අක්ඛාමි විභඞ්ගකොවිද.
2. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශීවූ මුනීන්ද්රයන් විසින් යම් කාය සමුට්ඨාන කෙනෙක් වදාරණ ලදහු ද, එයින් නැගී ඇවැත්හු (දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, පිළිදෙස්නී) යි පසෙකි. තොපට මෙය කියමි.
3. සමුට්ඨානා වාචසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා කති පුච්ඡාමි තං බ්රූහි විභඞ්ගකොවිද.
3. විභඞ්ගකෝවිද, විවේකදර්ශීවූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්ද්රයන් විසින් යම් වාචසිකසමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ වාචසිකසමුට්ඨානයෙන් නැංගාවූ, ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
4. සමුට්ඨානා වාචසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා චතස්සො එතං තෙ අක්ඛාමි විභඞ්ගකොවිද.
4. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්ද්රයන් විසින් යම් වාචසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද ඒ වාචසිකසමුට්ඨානයෙන් නැංගාවූ ඇවැත්හු (දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති යි) සිවු දෙනෙකි. තොපට මෙය කියමි.
5. සමුට්ඨානා කායිකා වාචසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා ආපත්තියො තෙන සමුට්ඨිතා කති පුච්ඡාමි තං බ්රූහි විභඞ්ගකොවිද.
5. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්ද්රයන් විසින් යම් කායිකවාචසිකසමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායිකවාචසිකසමුට්ඨානයෙන් නැංගාවූ ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
6. සමුට්ඨානා කායිකා වාචසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා පඤ්ච එතං තෙ අක්ඛාමි විභඞ්ගකොවිද.
6. විභඞ්ගකෝවිද විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්ද්රයන් විසින් යම් කායිකවාචසිකසමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායිකවාචසිකසමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු (දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, පිළිදෙස්නීයි) පසෙකි. තොපට මෙය කියමි.
7. සමුට්ඨානා කායිකා මානසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා කති පුච්ඡාමි තං බ්රූහි විභඞ්ගකොවිද.
7. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්ද්රයන් විසින් යම් කායික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
8. සමුට්ඨානා කායිකා මානසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා ඡ එතං තෙ අක්ඛාමි විභඞ්ගකොවිද.
8. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්ද්රයන් විසින් යම් කායික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු (පරිජි, දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, පිළිදෙස්නී යි) සදෙනෙකි. තොපට මෙය කියමි.
9. සමුට්ඨානා වාචසිකා මානසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා කති පුච්ඡාමි තං බ්රූහි විභඞ්ගකොවිද.
9. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීද්රයන් විසින් යම් වාචසික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ වාචසික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
10. සමුට්ඨානා වාචසිකා මානසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා ඡ එතං තෙ අක්ඛාමි විභඞ්ගකොවිද.
10. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්ද්රයන් විසින් යම් වාචසික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ වාචසික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු (පරිජි, දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, දුබැසි යි) සයෙකි. තොපට මෙය කියමි.
11. සමුට්ඨානා කායිකා වාචසිකා මානසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා කති පුච්ඡාමි තං බ්රූහි විභඞ්ගකොවිද.
11. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්ද්රයන් විසින් යම් කායික වාචසික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායික වාචසික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු කෙතෙක් දැයි තොප විචාරමි. එය කියනු මැනැව.
12. සමුට්ඨානා කායිකා වාචසිකා මානසිකා අනන්තදස්සිනා අක්ඛාතා ලොකහිතෙන විවෙකදස්සිනා, ආපත්තියො තෙන සමුට්ඨිතා ඡ එතං තෙ අක්ඛාමි විභඞ්ගකොවිදාති.
12. විභඞ්ගකෝවිද, විවේකදර්ශී වූ සත්තවහිතවිධායක වූ අනන්තදර්ශී වූ මුනීන්ද්රයන් විසින් යම් කායික වාචසික මානසික සමුට්ඨානයෙක් වදාරණ ලද ද, ඒ කායික වාචසික මානසික සමුට්ඨානයෙන් නැංගා වූ ඇවැත්හු (පරිජි, දුකුළා, ථුලැසි, සඟවෙසෙස්, පචිති, පිළිදෙස්නී යි) සදෙනෙකි. තොපට මෙය කියමි.
ආපත්ති සමුට්ඨානගාථා නිට්ඨිතා තතියා.
තෙවන ආපත්ති සමුට්ඨාන ගාථා නිමි.