පුබ්බඞ්ගම සුත‍්තං
10. 3. 2. 9.
10. 3. 2. 9.
පුබ්බඞ්ගම සුත‍්තං
පුබ්බඞ්ගම සූත්‍රය
සුරියස‍්ස භික‍්ඛවෙ උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං අරුණග‍්ගං. එවමෙව ඛො භික‍්ඛවෙ කුසලානං ධම‍්මානං එතං පුබ‍්බඞ‍්ගමං, එතං පුබ‍්බනිමිත‍්තං, යදිදං සම‍්මාදිට‍්ඨි. සම‍්මාදිට‍්ඨිස‍්ස භික‍්ඛවෙ සම‍්මා සඞ‍්කප‍්පො පහොති. සම‍්මාසඞ‍්කප‍්පස‍්ස සම‍්මාවාචා පහොති. සම‍්මාවාචස‍්ස සම‍්මාකම‍්මන‍්තො පහොති. සම‍්මාකම‍්මන‍්තස‍්ස සම‍්මාආජීවො පහොති. සම‍්මාආජීවස‍්ස සම‍්මාවායාමො පහොති. සම‍්මාවායාමස‍්ස සම‍්මාසති පහොති. සම‍්මාසතිස‍්ස සම‍්මාසමාධි පහොති. සම‍්මාසමාධිස‍්ස සම‍්මාඤාණං පහොති. සම‍්මාඤාණිස‍්ස සම‍්මාවිමුත‍්ති පහොතීති.
මහණෙනි, උදාවන හිරුහට තෙල පූර්‍වඞ්ගම වෙයි, තෙල පූර්‍වනිමිත්ත වෙයි, එනම් අරුණු නැඟීම යි. මහණෙනි, එ පරිදිම කුශල ධර්‍මයනට තෙල පූර්‍වඞ්ගම වෙයි, තෙල පූර්‍ව නිමිත්ත වෙයි, එනම් සම්දිට්හයි. මහණෙනි, සම්‍යක්දෘෂ්ටි ඇත්තහුට සම්‍යක්සඞ්කල්පය පොහෝනේ වෙයි. සම්‍යක්සඞ්කල්ප ඇත්තහුට සම්‍යක්වාක් පොහෝනේ වෙයි. සම්‍යක්වාක් ඇත්තහුට සම්‍යක්කර්‍මාන්ත පොහෝනේ වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇත්තහුට සම්‍යක් ආජීවය පොහෝනේ වෙයි. සම්‍යක්ආජීවීහට ඇත්තහුට සම්‍යක්ව්‍යායාමය පොහෝනේ වෙයි. සම්‍යක්ව්‍යායාමය ඇත්තහුට සම්‍යක්ස්මෘතිය පොහෝනේ වෙයි. සම්‍යක්ස්මෘතිය ඇත්තහුට සම්‍යක්සමාධිය පොහෝනේ වෙයි. සම්‍යක්සමාධිය ඇත්තහුට සම්‍යක්ඥානය පොහෝනේ වෙයි. සම්‍යක්ඥානීහට සම්‍යක්විමුක්තිය පොහෝනේ වෙයි.
10. 3. 2. 10.
10. 3. 2. 10.
ආසවක‍්ඛය සුත‍්තං
ආසවක්ඛය සූත්‍රය
දස ඉමෙ භික‍්ඛවෙ ධම‍්මා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත‍්තන‍්ති. කතමෙ දස:
මහණෙනි, මේ දශධර්‍ම කෙනෙක් භාවිත බහුලීකෘත වූහු ආස්‍රවක්‍ෂය සඳහා වැටෙත්. කවර දශ කෙනෙක යත්:
සම‍්මාදිට‍්ඨි, සම‍්මාසඞ‍්කප‍්පො, සම‍්මාවාචා, සම‍්මාකම‍්මන‍්තො, සම‍්මාආජීවො, සම‍්මා වායාමො, සම‍්මාසති, සම‍්මාසමාධි, සම‍්මාඤාණං, සම‍්මාවිමුත‍්ති.
සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසතිය ය, සම්මාසමාධි ය, සම්මාඤාණය, සම්මාවිමුත්ති යි.
ඉමෙ ඛො භික‍්ඛවෙ දස ධම‍්මා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත‍්තන‍්තීති.
මහණෙනි, මේ දසදහම් භාවිතා බහුලීකෘත වූහු ආස්‍රවක්‍ෂය පිණිස වැටෙතැයි.
පච‍්චොරොහණීවග‍්ගො දුතියො.
දෙවන පච්චෝරෝහණ වර්‍ග යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
තයො අධම‍්මා අජිතො සඞ‍්ගාරවො ච ඔරිමං ද‍්වෙ චෙව පච‍්චොරොහණී පුබ‍්බඞ‍්ගමං ආසවො චාති.
අධර්‍ම සූත්‍ර තුනෙක, අජිත සූත්‍රය, සඞ්ගාරව සූත්‍රය, ඔරිම සූත්‍රය, පච්චෝරෝහණ සූත්‍ර දෙකය, පුබ්බඞ්ගම සූත්‍රය ආසව සූත්‍රයදැයි යන දසයයි.