යෙදුමෙන් කියවන්න

11. ආසාවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

[11. ආසාවග‍්ගො]

[11. ආසා වර්‍ගය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

2. 3. 11. 1.

2. 3. 11. 1.

1. ද‍්වෙමා භික‍්ඛවෙ ආසා දුප‍්පජහා. කතමා ද‍්වෙ: ලාභාසා ච, ජීවිතාසා ච. ඉමා ඛො භික‍්ඛවෙ ද‍්වෙ ආසා දුප‍්පජහාති.

1. මහණෙනි, මේ ආශාවෝ දෙදෙනෙක් හැරැලීමට දුෂ්කර වෙත්. කවර දෙදෙනෙක යත්: ලාභාශාව හා ජීවිතාශාව යන දෙකය. මහණෙනි, මේ ආශාවෝ දෙදෙන හැරැලීමට දුෂ්කර වෙත් ය යි.

2. 3. 11. 2.

2. 3. 11. 2.

2. ද‍්වෙමෙ භික‍්ඛවෙ පුග‍්ගලා දුල‍්ලභා ලොකස‍්මිං. කතමෙ ද‍්වෙ : යො ච පුබ‍්බකාරී, යො ච කතඤ‍්ඤූ කතවෙදී. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පුග‍්ගලා දුල‍්ලභා ලොකස‍්මින‍්ති.

2. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් දුලබ වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් පළමු ම උපකාර කරන්නේ වේ ද, යමෙකුත් කෘතඥ වූයේ කෘතවේදී වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන වනාහි ලොව්හි දුලබ වෙත් ය යි.

2. 3. 11. 3.

2. 3. 11. 3.

3. ද‍්වෙමෙ භික‍්ඛවෙ පුග‍්ගලා දුල‍්ලභා ලොකස‍්මිං. කතමෙ ද‍්වෙ: තිත‍්තො ච, තප‍්පෙතා ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පුග‍්ගලා දුල‍්ලභා ලොකස‍්මින‍්ති.

3. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් දුලබ වෙති. කවර දෙදෙනෙක යත්: තෘප්ත වූයේ ද, තෘප්තියට පමුණුවන්නේ ද යන දෙදෙන වෙති. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන ලොව්හි දුලබ වෙත් ය යි.

2. 3. 11. 4.

2. 3. 11. 4.

4. ද‍්වෙමෙ භික‍්ඛවෙ පුග‍්ගලා දුත‍්තප‍්පයා. කතමෙ ද‍්වෙ: යො ච ලද‍්ධං ලද‍්ධං නික‍්ඛිපති, යො ච ලද‍්ධං ලද‍්ධං විස‍්සජ‍්ජෙති. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පුග‍්ගලා දුත‍්තප‍්පයාති.

4. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් (දායකයා විසින්) තෘප්තිමත් කළ නො හැක්කාහු වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් ලද ලද දෑ තැන්පත් කෙරේ නම්, යමෙකුත් ලද ලද දෑ වියදම් කෙරේ නම්, යන මොහු දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන ලොව්හි තෘප්තිමත් කළ නො හැක්කාහු වෙත් ය යි.

2. 3. 11. 5.

2. 3. 11. 5.

5. ද‍්වෙමෙ භික‍්ඛවෙ පුග‍්ගලා සුතප‍්පයා. කතමෙ ද‍්වෙ: යො ච ලද‍්ධං ලද‍්ධං න නික‍්ඛිපති, යො ච ලද‍්ධං ලද‍්ධං න විස‍්සජ‍්ජෙති. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පුග‍්ගලා සුතප‍්පයාති.

5. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් (දායකයා විසින්) පහසුවෙන් තර්‍පණය කළ හැක්කාහු වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් ලද ලද දෑ තැන්පත් නො කෙරේ ද, යමෙකුත් ලද ලද දෑ වියදම් නො කෙරේ ද යන දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන වනාහි ලොව්හි තර්‍පණය කළ හැක්කාහු වෙත් ය යි.

2. 3. 11. 6.

2. 3. 11. 6.

6. ද‍්වෙමෙ භික‍්ඛවෙ පච‍්චයා රාගස‍්ස උප‍්පාදාය. කතමෙ ද‍්වෙ: සුභනිමිත‍්තඤ‍්ච, අයොනිසො ච මනසිකාරො. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පච‍්චයා රාගස‍්ස උප‍්පාදාය.

6. මහණෙනි, රාගයාගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: සුභනිමිත්ත හා අයෝනිසෝමනසිකාරය යන දෙකයි. මහණෙනි, මොහු වනාහි රාගයාගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.

2. 3. 11. 7.

2. 3. 11. 7.

7. ද‍්වෙමෙ භික‍්ඛවෙ පච‍්චයා දොසස‍්ස උප‍්පාදාය. කතමෙ ද‍්වෙ: පටිඝනිමිත‍්තඤ‍්ච, අයොනිසො ච මනසිකාරො. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පච‍්චයා දොසස‍්ස උප‍්පාදාය.

7. මහණෙනි, ද්වේෂයාගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ප්‍රතිඝනිමිත්ත හා අයෝනිසෝමනසිකාරය යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි ද්වේෂයාගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.

2. 3. 11. 8.

2. 3. 11. 8.

8. ද‍්වෙමෙ භික‍්ඛවෙ පච‍්චයා මිච‍්ඡාදිට‍්ඨියා උප‍්පාදාය. කතමෙ ද‍්වෙ: පරතො ච ඝොසො, අයොනිසො ච මනසිකාරො. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පච‍්චයා මිච‍්ඡාදිට‍්ඨියා උප‍්පාදාය.

8. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිහුගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මෙරමාගෙන් (අසද්ධර්‍මය) ඇසීම හා නුනුවණින් මෙනෙහි කිරීම හා යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි මිථ්‍යාදෘෂ්ටිහුගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.

2. 3. 11. 9.

2. 3. 11. 9.

9. ද‍්වෙමෙ භික‍්ඛවෙ පච‍්චයා සම‍්මාදිට‍්ඨියා උප‍්පාදාය. කතමෙ ද‍්වෙ: පරතො ච ඝොසො, යොනිසො ච මනසිකාරො. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පච‍්චයා සම‍්මාදිට‍්ඨියා උප‍්පාදාය.

9. මහණෙනි, සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මෙරමාගෙන් සද්ධර්‍මය ඇසීම හා නුවණින් මෙනෙහි කිරීම හා යන දෙදෙන යි. මහණෙනි, මොහු වනාහි සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.

2. 3. 11. 10.

2. 3. 11. 10.

10. ද‍්වෙමා භික‍්ඛවෙ ආපත‍්තියො. කතමා ද‍්වෙ: ලහුකා ච ආපත‍්ති, ගරුකා ච ආපත‍්ති. ඉමා ඛො භික‍්ඛවෙ ද‍්වෙ ආපත‍්තියො.

10. මහණෙනි, මේ ඇවැත් දෙකෙකි. කවර දෙකෙක යත්: ලුහු ඇවැත හා ගුරු ඇවැත හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ඇවැත් දෙක ය.

2. 3. 11. 11.

2. 3. 11. 11.

11. ද‍්වෙමා භික‍්ඛවෙ ආපත‍්තියො. කතමා ද‍්වෙ: දුට‍්ඨුල‍්ලා ච ආපත‍්ති, අදුට‍්ඨුල‍්ලා ච ආපත‍්ති. ඉමා ඛො භික‍්ඛවෙ ද‍්වෙ ආපත‍්තියො.

11. මහණෙනි, මේ ඇවැත් දෙකෙකි. කවර දෙකෙක යත්: දුළුල් ඇවැත හා නො දුළුල් ඇවැත හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ඇවැත් දෙක ය.

2. 3. 11. 12.

2. 3. 11. 12.

12. ද‍්වෙමා භික‍්ඛවෙ ආපත‍්තියො. කතමා ද‍්වෙ: සාවසෙසා ච ආපත‍්ති, අනවසෙසා ච ආපත‍්ති. ඉමා ඛො භික‍්ඛවෙ ද‍්වෙ ආපත‍්තියොති.

12. මහණෙනි, මේ ඇවැත් දෙකෙකි. කවර දෙකෙක යත්: සාවස්සෝපත්තිය හා අනවස්සොපත්තිය හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ඇවැත් දෙක ය.

වග‍්ගො එකාදසමො

එකොළොස්වන වගයි.