යෙදුමෙන් කියවන්න

11. ආසාවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

11. ආසා වර්ගය

2. 3. 11. 1

2. 3. 11. 1

තතියස‍්ස පණ‍්ණාසකස‍්ස පඨමෙ ආසාති තණ‍්හා. දුප‍්පජහාති දුච‍්චජා දුන‍්නීහරා. ලාභාසාය දුප‍්පජහභාවෙන සත‍්තා දසපි වස‍්සානි වීසතිපි සට‍්ඨිපි වස‍්සානි “අජ‍්ජ ලභිස‍්සාම, ස‍්වෙ ලභිස‍්සාමා”ති රාජානං උපට‍්ඨහන‍්ති, කසිකම‍්මාදීනි කරොන‍්ති, උභතොබ්‍යූළ‍්හං සඞ‍්ගාමං පක‍්ඛන්‍දන‍්ති, අජපථසඞ‍්කුපථාදයො පටිපජ‍්ජන‍්ති, නාවාය මහාසමුද‍්දං පවිසන‍්ති. ජීවිතාසාය දුප‍්පජහත‍්තා සම‍්පත‍්තෙ මරණකාලෙපි වස‍්සසතජීවිං අත‍්තානං මඤ‍්ඤන‍්ති. සො කම‍්මකම‍්මනිමිත‍්තාදීනි පස‍්සන‍්තොපි “දානං දෙහි පූජං, කරොහී”ති අනුකම‍්පකෙහි වුච‍්චමානො “නාහං මරිස‍්සාමි, ජීවිස‍්සාමි”ච‍්චෙව ආසාය කස‍්සචි වචනං න ගණ‍්හාති.

තෙවෙනි පණණාසකයේ පළමුවෙනි සූත්‍රයෙහි ආසා යනු තාෂ්ණාවයි. දුප්පජ්භාති යනු අත්හැරීම අමාරුය, ඉවත් කිරීම අපහසුය. ලාභාශාව අත්හැරීම අපහසුබැවින් සත්වයෝ අවුරුදු දහයක් විස්සක් හැටක්වුවද අද ලබන්නෙමු. හෙට ලබන්නෙමුයයි රජවරුන්ට උවටැන් කරත්. කෘෂිකර්‍මාදිය කරත්. දෙපසින් පෙළගැසීගත් යුදයට පිවිසෙත්. එළුවන් යන මං, කඳුවල ගැසූ උල්වල එල්ලී යායුතු මං ආදියට එළඹෙත්, නැවිත් මහමුහුදට පිවිසෙත්. ජීවිතාශාව අත්හැරීමට අපහසු බැවින් මරණය (ලඟට) පැමිණිකල්හිද තමා අවුරුදු සියයක් ජීවත්වන්නෙකැයි සිතත්. හෙතෙම කර්‍ම කර්‍මනිමිති ආදිය දකින්නේද අනුකම්පාකරන්නවුන් විසින් දානයක් දෙව, පූජාවක් කරවයි කියනුලබන්නේද මම නොමැරෙමි. ජීවත් වන්නෙමැයි තාෂ්ණාව නිසා කිසිවකුගේ වචනයක් පිළිනොගනිමි.

2. 3. 11. 2

2. 3. 11. 2

දුතියෙ පුබ‍්බකාරීති පඨමං උපකාරස‍්ස කාරකො. කතඤ‍්ඤූකතවෙදීති තෙන කතං ඤත්‍වා පච‍්ඡා කාරකො. තෙසු පුබ‍්බකාරී “ඉණං දෙමී”ති සඤ‍්ඤං කරොති, පච‍්ඡා කාරකො “ඉණං ජීරාපෙමී”ති සඤ‍්ඤං කරොති.

දෙවැන්නෙහි පුබ්බකාරී යනු පළමුව උපකාරකරන්නායි. කතඤ්ක්‍දූකතවෙදී යනු ඔහුවිසින් කළදෙය දැන පසුව උදවුකරන්නායි. ඔවුනතුරින් මුලින් උපකාර කරන්නා ණයක් දෙමැයි සංඥාවක් කරයි. කළගුණ දැන උදව්කරන්නා ණය ගෙවන්නෙමැයි සංඥාවක් කරයි.

තතියෙ තිත‍්තො ච තප‍්පෙතා චාති පච‍්චෙකබුද‍්ධො ච තථාගතසාවකො ච ඛීණාසවො තිත‍්තො නාම, තථාගතො අරහං සම‍්මාසම‍්බුද‍්ධො තිත‍්තො ච තප‍්පෙතා ච.

තෙවැන්නෙහි තිතතොච තපේපතා ච යනු පසේ බුදුවරයාද තතාගතශ්‍රාවකවූ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේද තිතතො නම්වෙයි. තථාගතවූ අරහත් සම්මාසම්බුදුන්වහන්සේ තිතතො තපේපතා ද වෙති.

චතුත්‍ථෙ දුත‍්තප‍්පයාති දායකෙන දුත‍්තප‍්පයා තප‍්පෙතුං න සුකරා. නික‍්ඛිපතීති නිදහති න පරිභුඤ‍්ජති. විස‍්සජ‍්ජෙතීති පරෙසං දෙති.

සිවුවෙනි සූත්‍රයෙහි දුත්තප්පයා යනු දායකයා විසින් තෘප්තියට පැමිණිවිය නොහැකිය, තෘප්තිමත් කරවීමට පහසු නොවේ. නික්‍ඛිපති යනු බහාතබයි. විස්සජේජති යනු අනුන්ට දෙයි.

පඤ‍්චමෙ න විස‍්සජ‍්ජෙතීති සබ‍්බංයෙව පරෙසං න දෙති, අත‍්තනො පන යාපනමත‍්තං ගහෙත්‍වා අවසෙසං දෙති.

පස්වැන්නෙහි න විස්සජෙජති යනු සියල්ල අනුන්ට නොදෙයි. තමන්ට යැපෙන පමණක් ගෙන ඉතිරිය දෙයි.

ඡට‍්ඨෙ සුභනිමිත‍්තන‍්ති ඉට‍්ඨාරම‍්මණං.

සය වැන්නෙහි සුභනිමිත්තං යනු යහපත් අරමුණයි.

සත‍්තමෙ පටිඝනිමිත‍්තන‍්ති අනිට‍්ඨනිමිත‍්තං.

සත්වැන්නෙහි පටිඝනිමිත්තං යනු අනිටු අරමුනයි.

අට‍්ඨමෙ පරතො ච ඝොසොති පරස‍්ස සන‍්තිකා අස‍්සද‍්ධම‍්මසවනං.

අටවැන්නෙහි පරතො ච ඝොසො යනු අනුන් සමීපයෙන් අසත්දම් ඇසීමයි.

නවමෙ පරතො ච ඝොසොති පරස‍්ස සන‍්තිකා සද‍්ධම‍්මසවනං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

නවවැන්නෙහි පරතො ච ඝොසො යනු සදහම් ඇසීමයි. සෙස්ස සියලුතන්හි පැහැදිලිමය.

ආසාදුප‍්පජහවග‍්ගො පඨමො.

පළමු වර්‍ගයයි.