යෙදුමෙන් කියවන්න

10. බාලවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

10. බාල වර්ගය

2. 2. 10. 1

2. 2. 10. 1

පඤ‍්චමස‍්ස පඨමෙ අනාගතං භාරං වහතීති “සම‍්මජ‍්ජනී පදීපො ච, උදකං ආසනෙන ච, ඡන්‍දපාරිසුද‍්ධිඋතුක‍්ඛානං, භික‍්ඛුගණනා ච ඔවාදො, පාතිමොක‍්ඛං ථෙරභාරොති වුච‍්චතී”ති ඉමං දසවිධං ථෙරභාරං නවකො හුත්‍වා ථෙරෙන අනජ‍්ඣිට‍්ඨො කරොන‍්තො අනාගතං භාරං වහති නාම. ආගතං භාරං න වහතීති ථෙරො සමානො තමෙව දසවිධං භාරං අත‍්තනා වා අකරොන‍්තො පරං වා අසමාදපෙන‍්තො ආගතං භාරං න වහති නාම. දුතියසුත‍්තෙපි ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බො.

පස්වෙනි වර්‍ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි අනාගතං භාරං වහති යනු ‘සම්මජ්ජනී පදීපො ච උදකං ආසනේන ච, ඡන්‍දපාරිසුද්ධි උතුක්‍ඛානං භික්‍ඛු ගණණා ච එවාදො පාතිමොක්‍ඛං ථෙරභාරොති වුච්චති’ යන්නෙන් දැක්වෙන මෙම දශවිධවූ ථෙරභාරය (තෙරුන්ගේ වගකීම්) නවකයෙක්වී තෙරුන් විසින් නොඅනුදන්නාලදුව කරන්නේ නොපැමිණි බර දරන්නේ නම් වෙයි. ආගතං භාරං න වහති යනු තෙර කෙනෙකුන්වී ඒ දසවැදැරුම් වගකීම් තමා හෝ නොකරන්නේ අනුන් ලවාද නොකරවන්නේ පැමිණි වගකීම් නොදරයි නමි. දෙවෙනි සූත්‍රයෙහිද මේ ක්‍රමයෙන්ම අරුත් දතයුතුය.

2. 2. 10. 3

2. 2. 10. 3

තතියෙ අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤීති අකප‍්පියෙ සීහමංසාදිම‍්හි “කප‍්පියං ඉද”න‍්ති එවංසඤ‍්ඤී. කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤීති කුම‍්භීලමංසබිළාරමංසාදිම‍්හි කප‍්පියෙ “අකප‍්පියං ඉද”න‍්ති එවංසඤ‍්ඤී. චතුත්‍ථං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

තෙවැන්නෙහි අකප්පියෙ කප්පියසඤ්ඤී යනු අකැපවූ සිංහමස් ආදියෙහි මෙය කැපයයි මෙසේ හැඟිම් ඇත්තේයි. කප්පිය අකප්පියසඤ්ඤී යනු කිඹුල්මස්, බළල්මස් ආදී කැපදෙයෙහි මෙය අකැපයයි මෙසේ හැඟීම් ඇත්තේයි. සිවුවැන්න කියනලදනයින් දතයුතු.

2. 2. 10. 5

2. 2. 10. 5

පඤ‍්චමෙ අනාපත‍්තියා ආපත‍්තිසඤ‍්ඤීති ආපුච‍්ඡිත්‍වා භණ‍්ඩකං ධොවන‍්තස‍්ස, පත‍්තං පචන‍්තස‍්ස, කෙසෙ ඡින්‍දන‍්තස‍්ස, ගාමං පවිසන‍්තස‍්සාතිආදීසු අනාපත‍්ති, තත්‍ථ “ආපත‍්ති අය”න‍්ති එවංසඤ‍්ඤී. ආපත‍්තියා අනාපත‍්තිසඤ‍්ඤීති තෙසඤ‍්ඤෙව වත්‍ථූනං අනාපුච‍්ඡාකරණෙ ආපත‍්ති, තත්‍ථ “අනාපත‍්තී”ති එවංසඤ‍්ඤී. ඡට‍්ඨෙපි වුත‍්තනයෙනෙව අත්‍ථො වෙදිතබ‍්බො. සත‍්තමාදීනි උත‍්තානත්‍ථානෙව.

පස්වැන්නෙහි අනාපත්තියා ආපත්තිසඤ්ඤී යනු විමසා භාණ්ඩයක් සෝදන්නාට, පාත්‍රයක් පිසීන්නාට, කෙස් සිඳින්නාට, ගමට පිවිසෙන්නාට ආදියෙහි නොඇවතයි. එහි මෙය ඇවතැයි මෙසේ හැඟීම් ඇත්තේයි. ආපත්තියා අනාපත්තිසඤ්ඤී යනු ඒ වස්තූන්ම නොවිමසා කිරීමෙහි ඇවතයි එහි නොඇවතයි මෙසේ හැඟීම් ඇත්තායි. සයවැන්නෙහිද කියනලද නයින්ම අර්‍ත්‍ථය දතයුතුයි. සත්වැනි සූත්‍රාදිය පැහැදිලි අරුත් ඇත්තේයි.

2. 2. 10. 11

2. 2. 10. 11

එකාදසමෙ ආසවාති කිලෙසා. න කුක‍්කුච‍්චායිතබ‍්බන‍්ති සඞ‍්ඝභොගස‍්ස අපට‍්ඨපනං අවිචාරණං න කුක‍්කුච‍්චායිතබ‍්බං නාම, තං කුක‍්කුච‍්චායති. කුක‍්කුච‍්චායිතබ‍්බන‍්ති තස‍්සෙව පට‍්ඨපනං විචාරණං, තං න කුක‍්කුච‍්චායති. ද‍්වාදසමාදීනි හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානීති.

එකොළොස්වැන්නෙහි ආසවා යනු කෙලෙස්ය. න කුක්කුච්චායිතබ්බං යනු සංඝභොගය (සංඝයා අයත් දෙය) නොපිහිටුවීම, නොවිමසීම නකුකකුච්චායිතබ්බ (කුකුස් නොකළයුතු) නමි. කුකුකුච්චායිතබ්බං යනු එයම පිහිටුවීම, විමසීමයි. එය සැක නොකරයි. දොළොස්වැන්න ආදිය යට කියනලදනයින් දතයුතුය.

බාලවග‍්ගො පඤ‍්චමො.

දුතියපණ‍්ණාසකං නිට‍්ඨිතං.

දෙවෙනි පණ්ණසකයයි.