යෙදුමෙන් කියවන්න

10. බාලවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

[10. බාලවග‍්ගො]

[10. බාල වර්‍ගය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

2. 2. 10. 1.

2. 2. 10. 1.

48. ද‍්වෙමෙ භික‍්ඛවෙ බාලා. කතමෙ ද‍්වෙ: යො ච අනාගතං භාරං වහති, යො ච ආගතං භාරං න වහති. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ බාලාති.

48. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙක් නො පැමිණි බර උසුලනුයේ ද, යමෙකුත් පැමිණි බර නො උසුලනුයේ නම් හේය යන මේ දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.

2. 2. 10. 2.

2. 2. 10. 2.

49. ද‍්වෙමෙ භික‍්ඛවෙ පණ‍්ඩිතා. කතමෙ ද‍්වෙ: යො ච ආගතං භාරං වහති, යො ච අනාගතං භාරං න වහති. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පණ‍්ඩිතාති.

49. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් පැමිණි බර උසුලනුයේ ද, යමෙකුත් නො පැමිණි බර නො උසුලනුයේ ද යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.

2. 2. 10. 3.

2. 2. 10. 3.

50. ද‍්වෙමෙ භික‍්ඛවෙ බාලා. කතමෙ ද‍්වෙ: යො ච අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤී, යො ච කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤී. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ බාලාති.

50. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් නො කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.

2. 2. 10. 4.

2. 2. 10. 4.

51. ද‍්වෙමෙ භික‍්ඛවෙ පණ‍්ඩිතා. කතමෙ ද‍්වෙ: යො ච අකප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤී, යො ච කප‍්පියෙ කප‍්පියසඤ‍්ඤී. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පණ‍්ඩිතාති.

51. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අකැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.

2. 2. 10. 5.

2. 2. 10. 5.

52. ද‍්වෙමෙ භික‍්ඛවෙ බාලා. කතමෙ ද‍්වෙ: යො ච අනාපත‍්තියා ආපත‍්තිසඤ‍්ඤී, යො ච ආපත‍්තියා අනාපත‍්තිසඤ‍්ඤී. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ බාලාති.

52. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අනාපත්තියෙහි ආපත්ති සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.

2. 2. 10. 6.

2. 2. 10. 6.

53. ද‍්වෙමෙ භික‍්ඛවෙ පණ‍්ඩිතා. කතමෙ ද‍්වෙ: යො ච අනාපත‍්තියා අනාපත‍්තිසඤ‍්ඤී, යො ච ආපත‍්තියා ආපත‍්තිසඤ‍්ඤී. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පණ‍්ඩිතාති.

53. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අනාපත්තියෙහි අනාපත්ති සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.

2. 2. 10. 7.

2. 2. 10. 7.

54. ද‍්වෙමෙ භික‍්ඛවෙ බාලා. කතමෙ ද‍්වෙ: යො ච අධම‍්මෙ ධම‍්මසඤ‍්ඤී, යො ච ධම‍්මෙ අධම‍්මසඤ‍්ඤී. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ බාලාති.

54. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.

2. 2. 10. 8.

2. 2. 10. 8.

55. ද‍්වෙමෙ භික‍්ඛවෙ පණ‍්ඩිතා. කතමෙ ද‍්වෙ: යො ච අධම‍්මෙ අධම‍්මසඤ‍්ඤී, යො ච ධම‍්මෙ ධම‍්මසඤ‍්ඤී. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පණ‍්ඩිතාති.

55. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.

2. 2. 10. 9.

2. 2. 10. 9.

56. ද‍්වෙමෙ භික‍්ඛවෙ බාලා. කතමෙ ද‍්වෙ: යො ච අවිනයෙ විනයසඤ‍්ඤී, යො ච විනයෙ අවිනයසඤ‍්ඤී. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ බාලාති.

56. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අවිනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි අවිනය සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.

2. 2. 10. 10.

2. 2. 10. 10.

57. ද‍්වෙමෙ භික‍්ඛවෙ පණ‍්ඩිතා. කතමෙ ද‍්වෙ: යො ච අවිනයෙ අවිනයසඤ‍්ඤී, යො ච විනයෙ විනයසඤ‍්ඤී. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පණ‍්ඩිතාති.

57. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: අවිනයෙහි අවිනයසංඥා ඇති යමෙකුත් වේ ද, විනයෙහි විනයසංඥා ඇති යමෙකුත් වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.

2. 2. 10. 11.

2. 2. 10. 11.

58. ද‍්වින‍්නං භික‍්ඛවෙ ආසවා වඩ‍්ඪන‍්ති. කතමෙසං ද‍්වින‍්නං: යො ච න කුක‍්කුච‍්චායිතබ‍්බං කුක‍්කුච‍්චායති, යො ච කුක‍්කුච‍්චායිතබ‍්බං න කුක‍්කුච‍්චායති. ඉමෙසං ඛො භික‍්ඛවෙ ද‍්වින‍්නං ආසවා වඩ‍්ඪන‍්තීති.

58. මහණෙනි, දෙදෙනකුන්ට ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ටය යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් කරණුයේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් නො කරණුයේ ද යන දෙදෙනය. මහණෙනි, මේ දෙදෙනහට ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.

2. 2. 10. 12.

2. 2. 10. 12.

59. ද‍්වින‍්නං භික‍්ඛවෙ ආසවා න වඩ‍්ඪන‍්ති. කතමෙසං ද‍්වින‍්නං: යො ච න කුක‍්කුච‍්චායිතබ‍්බං න කුක‍්කුච‍්චායති, යො ච කුක‍්කුච‍්චායිතබ‍්බං කුක‍්කුච‍්චායති. ඉමෙසං ඛො භික‍්ඛවෙ ද‍්වින‍්නං ආසවා න වඩ‍්ඪන‍්තීති.

59. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් නො කරණුයේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් කරණුයේ ද, යන දෙදෙනය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.

2. 2. 10. 13.

2. 2. 10. 13.

60. ද‍්වින‍්නං භික‍්ඛවෙ ආසවා වඩ‍්ඪන‍්ති. කතමෙසං ද‍්වින‍්නං: යො ච අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤී, යො ච කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤී. ඉමෙසං ඛො භික‍්ඛවෙ ද‍්වින‍්නං ආසවා වඩ‍්ඪන‍්තීති.

60. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අකැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි නො කැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.

2. 2. 10. 14.

2. 2. 10. 14.

61. ද‍්වින‍්නං භික‍්ඛවෙ ආසවා න වඩ‍්ඪන‍්ති. කතමෙසං ද‍්වින‍්නං: යො ච අකප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤී, යො ච කප‍්පියෙ කප‍්පියසඤ‍්ඤී. ඉමෙසං ඛො භික‍්ඛවෙ ද‍්වින‍්නං ආසවා න වඩ‍්ඪන‍්තීති.

61. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අකැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.

2. 2. 10. 15.

2. 2. 10. 15.

62. ද‍්වින‍්නං භික‍්ඛවෙ ආසවා වඩ‍්ඪන‍්ති. කතමෙසං ද‍්වින‍්නං: යො ච අනාපත‍්තියා ආපත‍්තිසඤ‍්ඤීඅ, යො ච ආපත‍්තියා අනාපත‍්තිසඤ‍්ඤී. ඉමෙසං ඛො භික‍්ඛවෙ ද‍්වින‍්නං ආසවා වඩ‍්ඪන‍්තීති.

62. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අනාපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.

2. 2. 10. 16.

2. 2. 10. 16.

63. ද‍්වින‍්නං භික‍්ඛවෙ ආසවා න වඩ‍්ඪන‍්ති. කතමෙසං ද‍්වින‍්නං: යො ච අනාපත‍්තියා අනාපත‍්තිසඤ‍්ඤී, යො ච ආපත‍්තියා ආපත‍්තිසඤ‍්ඤී. ඉමෙසං ඛො භික‍්ඛවෙ ද‍්වින‍්නං ආසවා න වඩ‍්ඪන‍්තීති.

63. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් ආපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් අනාපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.

2. 2. 10. 17.

2. 2. 10. 17.

64. ද‍්වින‍්නං භික‍්ඛවෙ ආසවා වඩ‍්ඪන‍්ති. කතමෙසං ද‍්වින‍්නං: යො ච අධම‍්මෙ ධම‍්මසඤ‍්ඤී, යො ච ධම‍්මෙ අධම‍්මසඤ‍්ඤී. ඉමෙසං ඛො භික‍්ඛවෙ ද‍්වින‍්නං ආසවා වඩ‍්ඪන‍්තීති.

64. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙත්. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.

2. 2. 10. 18.

2. 2. 10. 18.

65. ද‍්වින‍්නං භික‍්ඛවෙ ආසවා න වඩ‍්ඪන‍්ති. කතමෙසං ද‍්වින‍්නං: යො ච අධම‍්මෙ අධම‍්මසඤ‍්ඤී, යො ච ධම‍්මෙ ධම‍්මසඤ‍්ඤී. ඉමෙසං ඛො භික‍්ඛවෙ ද‍්වින‍්නං ආසවා න වඩ‍්ඪන‍්තීති.

65. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.

2. 2. 10. 19.

2. 2. 10. 19.

66. ද‍්වින‍්නං භික‍්ඛවෙ ආසවා වඩ‍්ඪන‍්ති. කතමෙසං ද‍්වින‍්නං: යො ච අවිනයෙ විනයසඤ‍්ඤී, යො ච විනයෙ අවිනයසඤ‍්ඤී. ඉමෙසං ඛො භික‍්ඛවෙ ද‍්වින‍්නං ආසවා වඩ‍්ඪන‍්තීති.

66. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අවිනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි අවිනයසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.

2. 2. 10. 20.

2. 2. 10. 20.

67. ද‍්වින‍්නං භික‍්ඛවෙ ආසවා න වඩ‍්ඪන‍්ති. කතමෙසං ද‍්වින‍්නං: යො ච අවිනයෙ අවිනයසඤ‍්ඤී, යො ච විනයෙ විනයසඤ‍්ඤී. ඉමෙසං ඛො භික‍්ඛවෙ ද‍්වින‍්නං ආසවා න වඩ‍්ඪන‍්තීති.

67. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අවිනයෙහි අවිනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.

වග‍්ගො දසමො.

දසවන වගයි.

දුතියො පණ‍්ණාසකො සමත‍්තො.

දෙවන පණ්ණාසකය සමාප්තයි.