9. ධම‍්මවග‍්ගො
[9. ධම‍්මවග‍්ගො]
[9. ධර්‍ම වර්‍ගය]
2. 2. 9. 1.
2. 2. 9. 1.
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
37. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: චෙතොවිමුත‍්ති ච පඤ‍්ඤාවිමුත‍්ති ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මාති.
37. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඵලසමාධි සඞ්ඛ්‍යාත) චේතෝවිමුක්තිය හා (ඵලප්‍රඥා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවිමුක්තිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
2. 2. 9. 2.
2. 2. 9. 2.
38. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: පග‍්ගහො ච අවික‍්ඛෙපො ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මාති.
38. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (වීර්‍ය්‍යසඞ්ඛ්‍යාත) ප්‍රග්‍රාහය හා (චිතෛතකාග්‍රතා සඞ්ඛ්‍යාත) අවික්‍ෂේපය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
2. 2. 9. 3.
2. 2. 9. 3.
39. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: නාමඤ‍්ච, රූපඤ‍්ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මාති.
39. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (අරූපස්කන්‍ධ සඞ්ඛ්‍යාත) නාමය හා රූප (ස්කන්‍ධ) ය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
2. 2. 9. 4.
2. 2. 9. 4.
40. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: විජ‍්ජා ච විමුත‍්ති ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මාති.
40. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඵලඥාන සඞ්ඛ්‍යාත) විද්‍යාව හා (ඵලඥාන සම්ප්‍රයුක්ත සෙසු ධර්‍ම සඞ්ඛ්‍යාත) විමුක්තිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
2. 2. 9. 5.
2. 2. 9. 5.
41. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: භවදිට‍්ඨි ච විභවදිට‍්ඨි ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මාති.
41. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ශාශ්වත සඞ්ඛ්‍යාත) භවදෘෂ්ටිය හා (උච්ඡේද සඞ්ඛ්‍යාත) විභවදෘෂටිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
2. 2. 9. 6.
2. 2. 9. 6.
42. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: අහිරිකඤ‍්ච අනොත‍්තප‍්පඤ‍්ච . ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මාති.
42. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (පවට ලජ්ජා නැති බව වූ) අහ්‍රිකය හා (පවට නො බානා බව වූ) අනපත්‍රපාව හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
2. 2. 9. 7.
2. 2. 9. 7.
43. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: හිරි ච ඔත‍්තප‍්පඤ‍්ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මාති.
43. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (පවට ලජ්ජා ඇති බව වූ) හ්‍රීය හා (පවට බානා බව වූ) අපත්‍රපාව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
2. 2. 9. 8.
2. 2. 9. 8.
44. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: දොවචස‍්සතා ච පාපමිත‍්තතා ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මාති.
44. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඔවා නොපිළිගන්නා බව වූ) දෝවචස්සතාව හා (පවිටු මිතුරන් සෙවුනා බව වූ) පාපමිත්තතාව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
2. 2. 9. 9.
2. 2. 9. 9.
45. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: සොවචස‍්සතා ච කල්‍යාණමිත‍්තතා ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මාති.
45. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඔවා පිළිගන්නා බව වූ) සොවචස්සතාව හා (කලණමිතුරන් සෙවුනා බව වූ) කල්‍යාණමිත්තතාව හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
2. 2. 9. 10.
2. 2. 9. 10.
46. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: ධාතුකුසලතා ච මනසිකාරකුසලතා ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මාති.
46. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (අෂටාදශ) ධාතුන් දැනීමෙහි දක්‍ෂ බව හා (ඒ) ධාතුන් අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කිරීමෙහි දක්‍ෂ බව හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
2. 2. 9. 11.
2. 2. 9. 11.
47. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: ආපත‍්තිකුසලතා ච ආපත‍්තිඋට‍්ඨානකුසලතා ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මාති.
47. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: සප්තාපත්තිස්කන්‍ධයන් දැනීමෙහි දක්‍ෂ බව හා ඇවැතින් නැගීසිටීමෙහි දක්‍ෂ බව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
වග‍්ගො නවමො
නවවන වග යි.