12. ආයාචනවග්ගො අට්ඨකථා
12. ආයාචන වර්ගය
2. 3. 12. 1
2. 3. 12. 1
දුතියස්ස පඨමෙ එවං සම්මා ආයාචමානො ආයාචෙය්යාති සද්ධො භික්ඛු උට්ඨහිත්වා “යාදිසො සාරිපුත්තත්ථෙරො පඤ්ඤාය, අහම්පි තාදිසො හොමි. යාදිසො මහාමොග්ගල්ලානත්ථෙරො ඉද්ධියා, අහම්පි තාදිසො හොමී”ති එවං ආයාචන්තො පිහෙන්තො පත්ථෙන්තො යං අත්ථි, තස්සෙව පත්ථිතත්තා සම්මා පත්ථෙය්ය නාම. ඉතො උත්තරි පත්ථෙන්තො මිච්ඡා පත්ථෙය්ය. එවරූපා හි පත්ථනා යං නත්ථි, තස්ස පත්ථිතත්තා මිච්ඡාපත්ථනා නාම හොති. කිං කාරණා? එසා, භික්ඛවෙ, තුලා එතං පමාණන්ති යථා හි සුවණ්ණං වා හිරඤ්ඤං වා තුලෙන්තස්ස තුලා ඉච්ඡිතබ්බා, ධඤ්ඤං මිනන්තස්ස මානන්ති තුලනෙ තුලා, මිනනෙ ච මානං පමාණං හොති, එවමෙව මම සාවකානං භික්ඛූනං එසා තුලා එතං පමාණං යදිදං සාරිපුත්තමොග්ගල්ලානා. තෙ ගහෙත්වා “අහම්පි ඤාණෙන වා ඉද්ධියා වා එතම්පමාණො හොමී”ති අත්තානං තුලෙතුං වා පමාණෙතුං වා සක්කා, න ඉතො අඤ්ඤථා.
දෙවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි එවං සම්මා අායාචමානො ආයාචෙය්ය යනු සැදැහැවත් භික්ෂුව නැඟිට සැරියුත් තෙරණුවෝ නුවණින් යම්බඳු වෙත්ද මමද එබන්දෙක් වෙමි. මුගලන් තෙරණුවෝ සෘද්ධියෙන් යම්බඳු වෙත්ද මමද එබඳු වෙමියි මෙසේ යදින්නේ ඇලුම්කරනනේ පතන්නේ (යන) යමක් ඇත්ද එයම පැතූබැවින් මනාව පතන්නේ නම්වෙයි. මෙයින් මත්තෙහි පතන්නේ වැරදි ලෙස පතන්නේය. මෙබඳුවූ පැතුම, යමක් නැත්ද එය පැතුබැවින් වැරදි පැතීම නම් වෙයි. කුමක් හෙයින්ද? එසා භික්ඛවෙ තුලා එතං පමාණං යනු රන් හෝ අමුරන් කිරන්නෙකුට යම්සේ තුලාව (තරාදිය) කැමතිවිය යුතුද ධාන්‍ය මනින්නෙකුට මිම්ම යම්සේ කැමතිවිය යුතුදැයි කිරා බැලීමෙහි තුලාවද මැනබැලීමෙහි මිම්මද ප්‍රමාණය වේද එසේම මගේ ශ්‍රාවක භික්ෂුන්ට යම් මේ සැරියුත් මුගලන් දෙනම වෙත්ද තුලාව එයමය. මිම්ම එයමය. ඔවුන් දෙදෙනා (මිම්මවශයෙන්) ගෙන මමද ඥානයෙන් හෝ සෘද්ධියෙන් හෝ එපමණ වෙමියි තමා තුලනය කිරීමට හෝ ප්‍රමාණ කිරීමට හැකිය. එයින් වෙනස් අයුරකින් නොවේ.
දුතියාදීසුපි එසෙව නයො. ඉදං පනෙත්ථ විසෙසමත්තං – ඛෙමා ච භික්ඛුනී උප්පලවණ්ණා චාති එතාසු හි ඛෙමා පඤ්ඤාය අග්ගා, උප්පලවණ්ණා ඉද්ධියා. තස්මා “පඤ්ඤාය වා ඉද්ධියා වා එතාදිසී හොමී”ති සම්මා ආයාචමානා ආයාචෙය්ය. තථා චිත්තො ගහපති පඤ්ඤාය අග්ගො, හත්ථකො රාජකුමාරො මහිද්ධිකතාය. තස්මා “පඤ්ඤාය වා ඉද්ධියා වා එදිසො හොමී”ති සම්මා ආයාචමානො ආයාචෙය්ය. ඛුජ්ජුත්තරාපි මහාපඤ්ඤතාය අග්ගා, නන්දමාතා මහිද්ධිකතාය. තස්මා “පඤ්ඤාය වා ඉද්ධියා වා එතාදිසී හොමී”ති සම්මා ආයාචමානා ආයාචෙය්ය.
දෙවැනි සූත්රාදියෙහිද එම ක්‍රමයමයි. මෙය වනාහි විශේෂ මාත්‍රයයි. ඛෙමා ච භික්ඛුනී උප්පලවණ්ණා ච යනු මොවුනතුරින් ඛෙමා තෙරණිය ප්‍රඥාවෙන්ද උප්පලවණ්ණා තෙරණිය සාද්ධියෙන්ද අග්‍රය. එහෙයින් ප්‍රඥාවෙන් හෝ සෘද්ධියෙන් හෝ මෙවැන්නියන් වෙමියි මනාව කැමති වන්නී අයදින්නේය. එසේම චිත්ත ගැහැවියා ප්‍රඥාවෙන් අග්‍රය. හත්ථක රජකුමරුවා මහත්සෘද්ධියෙන් අග්‍රය. එබැවින් ප්රඥවෙන් හෝ සෘද්ධියෙන් එබන්දෙක් වෙමියි මනාව පතන්නේ පතන්නේය. ඛුජ්ජුත්තරා මහාප්‍රඥාවෙන් අග්‍රය. නන්දමාතා මහත්සෘද්ධි ඇතිබවින් අග්‍රය. එබැවින් ප්‍රඥාවෙන් හෝ සෘද්ධියෙන් මෙවැන්නියක් වෙමයි මනාව පතන්නේ පතන්නේය.
2. 3. 12. 5
2. 3. 12. 5
පඤ්චමෙ ඛතන්ති ගුණානං ඛතත්තා ඛතං. උපහතන්ති ගුණානං උපහතත්තා උපහතං, ඡින්නගුණං නට්ඨගුණන්ති අත්ථො. අත්තානං පරිහරතීති නිග්ගුණං අත්තානං ජග්ගති ගොපායති. සාවජ්ජොති සදොසො. සානුවජ්ජොති සඋපවාදො. පසවතීති පටිලභති. අනනුවිච්චාති අජානිත්වා අවිනිච්ඡිනිත්වා. අපරියොගාහෙත්වාති අනනුපවිසිත්වා. අවණ්ණාරහස්සාති අවණ්ණයුත්තස්ස මිච්ඡාපටිපන්නස්ස තිත්ථියස්ස වා තිත්ථියසාවකස්ස වා. වණ්ණං භාසතීති “සුප්පටිපන්නො එස සම්මාපටිපන්නො”ති ගුණං කථෙති. වණ්ණාරහස්සාති බුද්ධාදීසු අඤ්ඤතරස්ස සම්මාපටිපන්නස්ස. අවණ්ණං භාසතීති “දුප්පටිපන්නො එස මිච්ඡාපටිපන්නො”ති අගුණං කථෙති. අවණ්ණාරහස්ස අවණ්ණං භාසතීති ඉධෙකච්චො පුග්ගලො දුප්පටිපන්නානං මිච්ඡාපටිපන්නානං තිත්ථියානං තිත්ථියසාවකානං “ඉතිපි දුප්පටිපන්නා ඉතිපි මිච්ඡාපටිපන්නා”ති අවණ්ණං භාසති. වණ්ණාරහස්ස වණ්ණං භාසතීති සුප්පටිපන්නානං සම්මාපටිපන්නානං බුද්ධානං බුද්ධසාවකානං “ඉතිපි සුප්පටිපන්නා ඉතිපි සම්මාපටිපන්නා”ති වණ්ණං භාසති.
පස්වැන්නෙහි ඛතං යනු ගුණයන් විනාශවූ බැවින් ඛත නමි. උපහතං යනු ගුණයන් නැසූ බැවින් උපහත නමි. සිඳුණු ගුණ ඇති නටුවාවූ ගුන ඇති යන අරුත්ය. අත්තානං පරිහරති යනු ගුණ රහිත තමන් පිළිදැඟුම් කරයි, පෝෂණය කරයි. සාවජජො යන දොස් සහිත වූයේයි. සානුවජජො යනු උපවාද සහිත වූයේයි. පසවති යනු යළි ලබයි. අනනුචිච්ච යනු නොදැන, විනිශ්චය නොකොටයි. අපරියොගාහෙත්වා යනු නොපිවිසයි. අවණ්ණාරහස්ස යනු නුගුණෙන් යුත් වැරදි මගට බට තීර්ථකයෙකුගේ හෝ තීර්ථකශ්රාවකයෙකුගේ හෝයි. වණ්ණං භාසති යනු මෙතෙම සුපිළිපන්ය. මනාව පළිපන්නේයයි ගුණය කියයි. වණ්ණාරභස්ස යන බුද්ධාදීන් අතුරෙන් මනාව පිළිපන් යමෙකුගේයි. අවණ්ණං භාසති යනු මෙතෙම දුපිළිපන්ය. වැරදි ලෙස පිළිපන්නෙකැයි අගුණ කියයි. අවණ්ණාරස්ස අවණ්ණං භාසති යනු මෙහි ඇතැම් පුද්ගලයෙක් දුපිළිපන්, වැරදි ලෙස පිළිපන් තීර්ථකයන්ගේද තීර්ථක ශ්‍රාවකයන්ගේද මෙසේද දුපිළිපන්නෝය. මෙසේද වැරදි ලෙස පිළිපන්නෝයයි නුගුණ කියයි. වණ්ණාරහස්ස වණ්ණං යනු සුපිළිපන්වූ, මනාව පිළිපන්නාවූ බුදුවරුන්ගේද බුදුසව්වන්ගේද මෙසේද සුපිළිපන්නෝය, මෙසේද මනාව පිළිපන්නෝයයි ගුණය පවසයි.
2. 3. 12. 6
2. 3. 12. 6
ඡට්ඨෙ අප්පසාදනීයෙ ඨානෙති අප්පසාදකාරණෙ. පසාදං උපදංසෙතීති දුප්පටිපදාය මිච්ඡාපටිපදාය “අයං සුප්පටිපදා සම්මාපටිපදා”ති පසාදං ජනෙති. පසාදනීයෙ ඨානෙ අප්පසාදන්ති සුප්පටිපදාය සම්මාපටිපදාය “අයං දුප්පටිපදා මිච්ඡාපටිපදා”ති අප්පසාදං ජනෙතීති. සෙසමෙත්ථ උත්තානමෙව.
සවැන්නෙහි අප්පසාදනීයෙ ඨානෙ යනු අපැහැදීමට හේතුවෙහියි. පසාදං උපදංසෙති යනු නරක ප්‍රතිපත්තියෙන්, වැරදි ප්‍රතිපත්තියෙන් මෙය හොඳ ප්‍රතිපත්තිය, නිවැරදි ප්රතිපත්තියයි පැහැදීම ඇතිකරයි. පසාදනීයෙ ඨානෙ අප්පසාදං යනු හොඳ ප්‍රතිපදාවෙහි මනාප්රතිපදාවෙහි මෙය නරක ප්‍රතිපදාවය, මෙය වැරදි ප්‍රතිපදාවයයි අපැහැදීම ඇතිකරයි. මෙහි සෙස්ස පැහැදිලිය.
2. 3. 12. 7
2. 3. 12. 7
සත්තමෙ ද්වීසූති ද්වීසු ඔකාසෙසු ද්වීසු කාරණෙසු. මිච්ඡාපටිපජ්ජමානොති මිච්ඡාපටිපත්තිං පටිපජ්ජමානො. මාතරි ච පිතරි චාති මිත්තවින්දකො විය මාතරි, අජාතසත්තු විය පිතරි. සුක්කපක්ඛො වුත්තනයෙනෙව වෙදිතබ්බො.
සත්වැන්නෙහි ද්විසු යනු අවස්ථා දෙකෙහි, කරුණු දෙකෙහියි. මිච්ඡාපටිප්ජමානො යනු වැරදි ප්රතිපත්තියකට පිළිපන්නේයි. මාතරී ච පිතරී ච යනු මිත්තවින්දක මෙන් මව කෙරෙහිද අජාතසත්තු මෙන් පියා කෙරෙහිද වේ. යහපත් අංශය කියනලද ක්‍රමයෙන්ම දතයුතුය.
2. 3. 12. 8
2. 3. 12. 8
අට්ඨමෙ තථාගතෙ ච තථාගතසාවකෙ චාති දෙවදත්තො විය තථාගතෙ, කොකාලිකො විය ච තථාගතසාවකෙ. සුක්කපක්ඛෙ ආනන්දත්ථෙරො විය තථාගතෙ, නන්දගොපාලකසෙට්ඨිපුත්තො විය ච තථාගතසාවකෙ.
අටවැන්නෙහි තථාගතෙ ච තථාගතසාවකෙ ච යනු තථාගතයන්වහනසේ කෙරෙහි දෙවිදතුන් මෙන්ද තථාගතශ්‍රාවකයන් කෙරෙහි කොකාලික මෙන්ද වෙයි. යහපත් අංශයෙහි තතාගතයන්වහන්සේ කෙරෙහි අනඳතෙරුන් මෙන්ද තථාගතශ්‍රාවකයන් කෙරෙහි භූතවාලික සිටු පුත්‍රයා මෙන් ද වේ.
නවමෙ සචිත්තවොදානන්ති සකචිත්තස්ස වොදානං, අට්ඨන්නං සමාපත්තීනං එතං නාමං. න ච කිඤ්චි ලොකෙ උපාදියතීති ලොකෙ ච රූපාදීසු ධම්මෙසු කිඤ්චි එකං ධම්මම්පි න ගණ්හාති න පරාමසති. එවමෙත්ථ අනුපාදානං නාම දුතියො ධම්මො හොති. දසමෙකාදසමානි උත්තානත්ථානෙවාති.
නව වැන්නේහි සචිත්තචොදානං යනු ස්වකීය සිතේ පිරිසුදුබවයි. සමවත් අටට මේ නමෙකි. නච කිඤ්චි ලොකෙ උපාදියති යනු ලෝකයෙහිද රූපාදී ධර්මයන්හි එක් ධර්මයකුදු නොගනියි. පරාමර්ශනය නොකරයි. මෙසේ මෙහි අනුපාදානය නම් වූ දෙවෙනි ධර්මයක් වෙයි. දසවැනි හා එකළොස් වැනි සූත්‍ර පැහැදිලිය.
ආයාචනවග්ගො දුතියො.
දෙවෙනි වර්ගයයි.