යෙදුමෙන් කියවන්න

13. දානවග‍්ගො අට‍්ඨකථා

13. දාන වර්ගය

2. 3. 13. 1

2. 3. 13. 1

තතියස‍්ස පඨමෙ දානානීති දිය්‍යනකවසෙන දානානි, දෙය්‍යධම‍්මස‍්සෙතං නාමං. සවත්‍ථුකා වා චෙතනා දානං, සම‍්පත‍්තිපරිච‍්චාගස‍්සෙතං නාමං. ආමිසදානන‍්ති චත‍්තාරො පච‍්චයා දිය්‍යනකවසෙන ආමිසදානං නාම. ධම‍්මදානන‍්ති ඉධෙකච‍්චො අමතපත‍්තිපටිපදං කථෙත්‍වා දෙති, ඉදං ධම‍්මදානං නාම.

තෙවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි දානානි යනු දීම් වහයෙන් දානයෝයි. දෙය්‍යධර්‍මයට (දානවස්තුවට) මේ නමකි. වස්තුසහිතවූ චෙතනාව හෝ දානයයි. සම්පත් පරිත්‍යාග කිරීමට මේ නමකි. ආමිසදානං යනු සිවුපසය දීම්වශයෙන් ආමිසදානං නම්වෙයි. ධම්මදානං යනු මෙහි ඇතමෙක් නිවන ඇතිකරවන පිළිවෙත කියා දෙති. මෙය ධම්මදාන නමි.

දුතියෙ චත‍්තාරො පච‍්චයා යජනකවසෙන යාගො නාම ධම‍්මොපි යජනකවසෙන යාගොති වෙදිතබ‍්බො.

දෙවැන්නෙහි යැදීම්වශයෙන් යාගො (යාගය) දතයුතුය.

තතියෙ ආමිසස‍්ස චජනං ආමිසචාගො, ධම‍්මස‍්ස චජනං ධම‍්මචාගො. චතුත්‍ථෙ උපසග‍්ගමත‍්තං විසෙසො.

තෙවැන්නෙහි ආමිසය දීම ආමිසචාගො නමි. ධර්‍මය දීම ධම්මවාගො නමි. සිවුවැන්නෙහි උපසර්‍ගමාත්‍රය විශේෂයයි.

පඤ‍්චමෙ චතුන‍්නං පච‍්චයානං භුඤ‍්ජනං ආමිසභොගො, ධම‍්මස‍්ස භුඤ‍්ජනං ධම‍්මභොගො. ඡට‍්ඨෙ උපසග‍්ගමත‍්තං විසෙසො.

පස්වැන්නෙහි සිවුපසය වැළඳීම ආමිසභොගො නමි. ධර්‍මය පරිභොග කිරීම ධම්මභොගො නමි. සයවැන්නෙහි උපසර්‍ගමාත්‍රය විශේෂයයි.

සත‍්තමෙ චතුන‍්නං පච‍්චයානං සංවිභජනං ආමිසසංවිභාගො, ධම‍්මස‍්ස සංවිභජනං ධම‍්මසංවිභාගො.

සත්වැන්නෙහි සිවුපසය බෙදාදීම ආමිස්සංවිභාගො නමි. ධර්‍මය බෙදාදීම ධම්මසංවිභාගො නමි.

අට‍්ඨමෙ චතූහි පච‍්චයෙහි සඞ‍්ගහො ආමිසසඞ‍්ගහො, ධම‍්මෙන සඞ‍්ගහො ධම‍්මසඞ‍්ගහො.

අටවැන්නෙහි සිවුපසයෙන් සංග්‍රහ කිරීම ආමිස සඞ්ගභො නමි. ධර්‍මයේ සංග්‍රහ කිරීම ධම්මසඞ්ගභො නමි.

නවමෙ චතූහි පච‍්චයෙහි අනුග‍්ගණ‍්හනං ආමිසානුග‍්ගහො, ධම‍්මෙන අනුග‍්ගණ‍්හනං ධම‍්මානුග‍්ගහො.

නවවැන්නෙහි සිවුපසයෙන් අනුග්‍රහය දැක්වීම ආමිසානුග්ගභො නමි. ධර්‍මයෙන් අනුග්‍රහ කිරීම ධම්මානුග්ගභො නමි.

දසමෙ චතූහි පච‍්චයෙහි අනුකම‍්පනං ආමිසානුකම‍්පා, ධම‍්මෙන අනුකම‍්පනං ධම‍්මානුකම‍්පාති.

දසවැන්නෙහි සිවුපසයෙන් අනුකම්පා කිරීම අමිසානුකම්පා නමි. ධර්‍මයෙන් අනුකම්පා කිරීම ධම්මානුකම්පා නමි.

දානවග‍්ගො තතියො.

තෙවෙනි වර්‍ගයයි.