යෙදුමෙන් කියවන්න

13. දානවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

[13. දානවග‍්ගො]

[13. දාන වර්‍ගය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

2. 3. 13. 1.

2. 3. 13. 1.

28. ද‍්වෙමානි භික‍්ඛවෙ දානානි. කතමානි ද‍්වෙ: ආමිසදානඤ‍්ච ධම‍්මදානඤ‍්ච. ඉමානි ඛො භික‍්ඛවෙ ද‍්වෙ දානානි. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමෙසං ද‍්වින‍්නං දානානං යදිදං ධම‍්මදානන‍්ති.

28. මහණෙනි, මේ දාන දෙකෙකි. කවර දෙකෙක යත්: ආමිෂදානය හා ධර්‍මදානය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි දාන දෙකය. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් ධර්‍මදානයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.

2. 3. 13. 2.

2. 3. 13. 2.

29. ද‍්වෙමෙ භික‍්ඛවෙ යාගා. කතමෙ ද‍්වෙ: ආමිසයාගො ච ධම‍්මයාගො ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ යාගා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමෙසං ද‍්වින‍්නං යාගානං යදිදං ධම‍්මයාගොති.

29. මහණෙනි, මේ යාගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂයාගය හා ධර්‍මයාගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි යාග දෙකය. මහණෙනි, මේ යාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මයාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.

2. 3. 13. 3.

2. 3. 13. 3.

30. ද‍්වෙමෙ භික‍්ඛවෙ චාගා. කතමෙ ද‍්වෙ: ආමිසචාගො ච ධම‍්මචාගො ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ චාගා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමෙසං ද‍්වින‍්නං චාගානං යදිදං ධම‍්මචාගොති.

30. මහණෙනි, මේ ත්‍යාග දෙකෙකි. කවර දෙකෙක යත්: ආමිෂත්‍යාගය හා ධර්‍මත්‍යාගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ත්‍යාග දෙකය. මහණෙනි, මේ ත්‍යාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍ම ත්‍යාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.

2. 3. 13. 4.

2. 3. 13. 4.

31. ද‍්වෙමෙ භික‍්ඛවෙ පරිච‍්චාගා. කතමෙ ද‍්වෙ: ආමිසපරිච‍්චාගො ච ධම‍්මපරිච‍්චාගො ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පරිච‍්චාගා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමෙසං ද‍්වින‍්නං පරිච‍්චාගානං යදිදං ධම‍්මපරිච‍්චාගොති.

31. මහණෙනි, මේ පරිත්‍යාගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂපරිත්‍යාගය හා ධර්‍මපරිත්‍යාගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි පරිත්‍යාගයෝ දෙදෙනායි. මහණෙනි, මේ පරිත්‍යාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍ම පරිත්‍යාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.

2. 3. 13. 5.

2. 3. 13. 5.

32. ද‍්වෙමෙ භික‍්ඛවෙ භොගා. කතමෙ ද‍්වෙ: ආමිසභොගො ච ධම‍්මභොගො ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ භොගා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමෙසං ද‍්වින‍්නං භොගානං යදිදං ධම‍්මභොගොති.

32. මහණෙනි, මේ භෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂභෝගය හා ධර්‍මභෝගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි භෝග දෙක ය. මහණෙනි, මේ භෝගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මභෝගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.

2. 3. 13. 6.

2. 3. 13. 6.

33. ද‍්වෙමෙ භික‍්ඛවෙ සම‍්භොගා. කතමෙ ද‍්වෙ: ආමිසසම‍්භොගො ච ධම‍්මසම‍්භොගො ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ සම‍්භොගා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමෙසං ද‍්වින‍්නං සම‍්භොගානං යදිදං ධම‍්මසම‍්භොගොති.

33. මහණෙනි, මේ සම්භෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසම්භෝගය හා ධර්‍මසම්භොගය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සම්භෝගයෝ දෙදෙනායි. මහණෙනි, මේ සම්භෝගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසම්භෝගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.

2. 3. 13. 7.

2. 3. 13. 7.

34. ද‍්වෙමෙ භික‍්ඛවෙ සංවිභාගා. කතමෙ ද‍්වෙ: ආමිසසංවිභාගො ච ධම‍්මසංවිභාගො ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ සංවිභාගා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමෙසං ද‍්වින‍්නං සංවිභාගානං යදිදං ධම‍්මසංවිභාගොති.

34. මහණෙනි, මේ සංවිභාගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසංවිභාගය හා ධර්‍මසංවිභාගය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සංවිභාගයෝ දෙදෙනා වෙත්. මහණෙනි, මේ සංවිභාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසංවිභාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.

2. 3. 13. 8.

2. 3. 13. 8.

35. ද‍්වෙමෙ භික‍්ඛවෙ සඞ‍්ගහා. කතමෙ ද‍්වෙ: ආමිසසඞ‍්ගහො ච ධම‍්මසඞ‍්ගහො ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ සඞ‍්ගහා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමෙසං ද‍්වින‍්නං සඞ‍්ගහානං යදිදං ධම‍්මසඞ‍්ගහොති.

35. මහණෙනි, මේ සංග්‍රහයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසංග්‍රහය හා ධර්‍මසංග්‍රහය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සංග්‍රහයෝ දෙදෙනා වෙත්. මහණෙනි, මේ සංග්‍රහයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසංග්‍රහයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.

2. 3. 13. 9.

2. 3. 13. 9.

36. ද‍්වෙමෙ භික‍්ඛවෙ අනුග‍්ගහා. කතමෙ ද‍්වෙ: ආමිසානුග‍්ගහො ච ධම‍්මානුග‍්ගහො ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ අනුග‍්ගහා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමෙසං ද‍්වින‍්නං අනුග‍්ගහානං යදිදං ධම‍්මානුග‍්ගහොති.

36. මහණෙනි, මේ අනුග්‍රහයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂඅනුග්‍රහය හා ධර්‍මඅනුග්‍රහය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි අනුග්‍රහයෝ දෙදෙනා ය. මහණෙනි, මේ අනුග්‍රහයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මඅනුග්‍රහයෙක් වේ නම්, තෙල අග්‍ර වේ යයි.

2. 3. 13. 10.

2. 3. 13. 10.

37. ද‍්වෙමා භික‍්ඛවෙ අනුකම‍්පා. කතමා ද‍්වෙ: ආමිසානුකම‍්පා ච ධම‍්මානුකම‍්පා ච. ඉමා ඛො භික‍්ඛවෙ ද‍්වෙ අනුකම‍්පා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමාසං ද‍්වින‍්නං අනුකම‍්පානං යදිදං ධම‍්මානුකම‍්පාති.

37. මහණෙනි, මේ අනුකම්පාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂඅනුකම්පාව හා ධර්‍මානුකම්පාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි අනුකම්පාවෝ දෙදෙනා ය. මහණෙනි, මේ අනුකම්පාවන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මඅනුකම්පාවෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.

වග‍්ගො තෙරසමො

තෙළෙස්වන වගයි.