14. සන්ථාරවග්ගො
[14. සන්ථාරවග්ගො]
[14. සන්ථාර වර්ගය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
2. 3. 14. 1.
2. 3. 14. 1.
38. ද්වෙමෙ භික්ඛවෙ සන්ථාරා. කතමෙ ද්වෙ: ආමිසසන්ථාරො ච ධම්මසන්ථාරො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ සන්ථාරා. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සන්ථාරානං යදිදං ධම්මසන්ථාරොති.
38. මහණෙනි, මේ සන්ථාරයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසන්ථාරය හා ධර්මසන්ථාරය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සන්ථාරයෝ දෙදෙනාය. මහණෙනි, මේ සන්ථාරයන් දෙදෙනා අතුරෙන් යම් ධර්මසන්ථාරයෙක් වේ නම්, තෙල අග්ර වේ ය යි.
2. 3. 14. 2.
2. 3. 14. 2.
39. ද්වෙමෙ භික්ඛවෙ පටිසන්ථාරා. කතමෙ ද්වෙ: ආමිසපටිසන්ථාරො ච ධම්මපටිසන්ථාරො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පටිසන්ථාරා. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං පටිසන්ථාරානං යදිදං ධම්මපටිසන්ථාරොති.
39. මහණෙනි, මේ පටිසන්ථාරයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂපටිසන්ථාරය හා ධර්මපටිසන්ථාරය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි පටිසන්ථාරයෝ දෙදෙනාය. මහණෙනි, මේ පටිසන්ථාරයන් දෙදෙනා අතුරෙන් යම් ධර්මපටිසන්ථාරයෙක් වේ නම්, තෙල අග්ර වේ ය යි.
2. 3. 14. 3.
2. 3. 14. 3.
40. ද්වෙමා භික්ඛවෙ එසනා. කතමා ද්වෙ: ආමිසෙසනා ච ධම්මෙසනා ච. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ එසනා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං එසනානං යදිදං ධම්මෙසනාති.
40. මහණෙනි, මේ ඒසනාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසඒසනාව හා ධම්මඒසනාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි ඒසනාවෝ දෙදෙනාය. මහණෙනි, මේ ඒසනාවන් දෙදෙනා අතුරෙන් යම් ධම්මඒසනාවෙක් වේ නම්, තෙල අග්ර වේ යයි.
2. 3. 14. 4.
2. 3. 14. 4.
41. ද්වෙමා භික්ඛවෙ පරියෙසනා. කතමා ද්වෙ: ආමිසපරියෙසනා ච ධම්මපරියෙසනා ච. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පරියෙසනා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පරියෙසනානං යදිදං ධම්මපරියෙසනාති.
41. මහණෙනි, මේ පරියේසනාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපරියේසනාව හා ධම්මපරියේසනාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි පරියේසනා දෙකය. මහණෙනි, මේ පරියේසනාවන් දෙදෙනා අතුරෙන් යම් ධම්මපරියේසනාවෙක් වේ නම්, තෙල අග්ර වේ යයි.
2. 3. 14. 5.
2. 3. 14. 5.
42. ද්වෙමා භික්ඛවෙ පරියෙට්ඨියො. කතමා ද්වෙ: ආමිසපරියෙට්ඨි ච ධම්මපරියෙට්ඨි ච. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පරියෙට්ඨියො. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පරියෙට්ඨීනං යදිදං ධම්මපරියෙට්ඨීති.
42. මහණෙනි, මේ (මුදුන්පත්සෙවීම්) පරියෙට්ඨීහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපරියෙට්ඨීය හා ධම්මපරියෙට්ඨීය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි පරියෙට්ඨීහු දෙදෙනාය. මහණෙනි, මේ පරියෙට්ඨීන් දෙදෙනා අතුරෙන් යම් ධම්මපරියෙට්ඨීයෙක් වේ ද, මෙය අග්ර වේ යයි.
2. 3. 14. 6.
2. 3. 14. 6.
43. ද්වෙමා භික්ඛවෙ පූජා. කතමා ද්වෙ: ආමිසපූජා ච ධම්මපූජා ච. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පූජා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පූජානං යදිදං ධම්මපූජාති.
43. මහණෙනි, මේ පූජාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපූජාව හා ධර්මපූජාව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි පූජාවෝ දෙදෙනාය. මහණෙනි, මේ පූජාවන් දෙදෙනා අතුරෙන් යම් ධර්මපූජාවෙක් වේ ද මෙය අග්රවේ යයි.
2. 3. 14. 7.
2. 3. 14. 7.
44. ද්වෙමානි භික්ඛවෙ ආතිථෙය්යානි. කතමානි ද්වෙ: ආමිසාතිථෙය්යඤ්ච ධම්මාතිථෙය්යඤ්ච. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ ආතිථෙය්යානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං ආතිථෙය්යානං යදිදං ධම්මාතිථෙය්යන්ති.
44. මහණෙනි, මේ ආගන්තුකදානයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසයෙන් කරණ ආගන්තුකදානය හා ධර්මමයෙන් කරණ ආගන්තුකදානය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ආගන්තුකදාන දෙකය. මහණෙනි, මේ ආගන්තුකදානයන් දෙදෙනා අතුරෙන් යම් ධර්මයෙන් කරණ ආගන්තුකදානයෙක් වේ ද මෙය අග්රවේ යයි.
2. 3. 14. 8.
2. 3. 14. 8.
45. ද්වෙමා භික්ඛවෙ ඉද්ධියො. කතමා ද්වෙ: ආමිසිද්ධි ච ධම්මිද්ධි ච. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ ඉද්ධියො. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං ඉද්ධීනං යදිදං ධම්මිද්ධීති.
45. මහණෙනි, මේ ඍද්ධීහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂ ඍද්ධිය හා ධර්ම ඍද්ධිය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ඍද්ධීහු දෙදෙනාය. මහණෙනි, මේ ඍද්ධීන් දෙදෙනා අතුරෙන් යම් ධර්ම ඍද්ධියෙක් වේ නම් මෙය අග්රවේ යයි.
2. 3. 14. 9.
2. 3. 14. 9.
46. ද්වෙමා භික්ඛවෙ වුද්ධියො. කතමා ද්වෙ: ආමිසවුද්ධි ච ධම්මවුද්ධි ච. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ වුද්ධියො. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං වුද්ධීනං යදිදං ධම්මවුද්ධීති.
46. මහණෙනි, මේ වෘද්ධීහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂවෘද්ධිය හා ධර්මවෘද්ධිය හා යන දෙදෙනා ය. මහණෙනි, මේ වෘද්ධීන් දෙදෙනා අතුරෙන් යම් ධර්මවෘද්ධියෙක් වේ ද මෙය අග්රවේ යයි.
2. 3. 14. 10.
2. 3. 14. 10.
47. ද්වෙමානි භික්ඛවෙ රතනානි. කතමානි ද්වෙ: ආමිසරතනඤ්ච ධම්මරතනඤ්ච. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ රතනානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං රතනානං යදිදං ධම්මරතනන්ති.
47. මහණෙනි, මේ රතනයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂරතනය හා ධර්මරතනය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි රතනයෝ දෙදෙනාය. මහණෙනි, මේ රත්නයන් දෙදෙනා අතුරෙන් යම් ධර්මරතනයෙක් වේ ද මෙය අග්රවේ යයි.
2. 3. 14. 11.
2. 3. 14. 11.
48. ද්වෙමෙ භික්ඛවෙ සන්නිචයා. කතමෙ ද්වෙ: ආමිසසන්නිචයො ච ධම්මසන්නිචයො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ සන්නිචයා. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සන්නිචයානං යදිදං ධම්මසන්නිචයොති.
48. මහණෙනි, මේ සන්නිචයයෝ (රැස්කිරීම්) දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසන්නිචය හා ධම්මසන්නිචය හා යන දෙදෙනාය. මහණෙනි, මේ සන්නිචයයන් දෙදෙනා අතුරෙන් යම් ධම්මසන්නිචයයෙක් වේ ද මෙය අග්රවේ යයි.
2. 3. 14. 12.
2. 3. 14. 12.
49. ද්වෙමානි භික්ඛවෙ වෙපුල්ලානි. කතමානි ද්වෙ: ආමිසවෙපුල්ලඤ්ච ධම්මවෙපුල්ලඤ්ච. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ වෙපුල්ලානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං වෙපුල්ලානං යදිදං ධම්මවෙපුල්ලන්ති.
49. මහණෙනි, මේ වෛපුල්යයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂවෛපුල්යය හා ධර්මමවෛපුල්යය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි වෛපුල්යයෝ දෙදෙනාය. මහණෙනි, මේ වෛපුල්යයන් දෙදෙනා අතුරෙන් යම් ධර්මවෛපුල්යයෙක් වේ ද මෙය අග්රවේ යයි.
වග්ගො චුද්දසමො
තුදුස්වන වග යි.