යෙදුමෙන් කියවන්න

චතුසතිපට‍්ඨානසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

4. 8. 1.

4. 8. 1.

[චතුසතිපට‍්ඨානසුත‍්තං]

[චතුසතිපට්ඨාන සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

1. රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය චත‍්තාරො ධම‍්මා භාවෙතබ‍්බා. කතමෙ චත‍්තාරො?

1. මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුතුයහ. කවර සතර දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣා දොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣා දොමනස‍්සං.

මහණෙනි, මෙ සස්නෙහි මහණ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතියේ නුවණින් දන්නේ ස්‍මෘතිමත් වූයේ පඤ්චස්‍කන්‍ධලෝකයෙහි අභිධ්‍යාදොම්නස්‍ය දුරු කොට කයෙහි කය නුවණින් දක්නේ වෙසෙයි. වේදනායෙහි ... චිත්තයෙහි ... කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතියේ නුවණින් දන්නේ ස්මෘතිමත් වූයේ පඤ්චස්‍කන්‍ධලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය දුරු කොට ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නේ වෙසෙයි.

රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ඉමෙ චත‍්තාරො ධම‍්මා භාවෙතබ‍්බාති.

මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස මේ සතර ධර්‍මයෝ වැඩිය යුත්තාහ.

4. 8. 2.

4. 8. 2.

[චතුසම‍්මප‍්පධානසුත‍්තං]

[චතුසම්මප්පධාන සූත්‍රය]

2. රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය චත‍්තාරො ධම‍්මා භාවෙතබ‍්බා. කතමෙ චත‍්තාරො?

2. මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. කවර සතර දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. උප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං පහාණාය -පෙ- අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය -පෙ- උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා අසම‍්මොසාය භීයොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ අනුත්පාදය පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ... නූපන් කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස ... උපන් කුශලධර්‍මයන්ගේ ස්‍ථීතිය පිණිස සම්මොෂය නොවනු පිණිස භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස භාවනායෙන් පරිපූර්‍ණත්‍වය පිණිස ඡන්‍දය දනවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි.

රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ඉමෙ චත‍්තාරො ධම‍්මා භාවෙතබ‍්බාති.

මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස මේ සතර ධර්‍මයෝ භාවිතව්‍යයෝ යි.

4. 8. 3.

4. 8. 3.

[චතුරිද‍්ධිපාදසුත‍්තං]

[චතුරිද්ධිපාද සූත්‍රය]

3. රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය චත‍්තාරො ධම‍්මා භාවෙතබ‍්බා කතමෙ චත‍්තාරො?

3. මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. කවර සතර දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්‍දසමාධි පූර්‍වක ප්‍රධන්වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සංස්කාරයෙන් සමන්‍වාගත ඍද්ධිපාදය භවයි. වීර්‍ය්‍යසමාධිපූර්‍වක ... චිත්තසමාධිපූර්‍වක ... විමංසාසමාධිපූර්‍වක ප්‍රධන්වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සංස්කාරයෙන් සමන්‍වාගත ඍද්ධිපාදය භවයි:

රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ඉමෙ චත‍්තාරො ධම‍්මා භාවෙතබ‍්බාති.

මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස මේ සතර ධර්‍මයෝ භාවිතව්‍යයෝ යි.

[4. 8. 4. - 30]

[4.8.4-30]

රාගස‍්ස භික‍්ඛවෙ පරිඤ‍්ඤාය [චත‍්තාරො ධම‍්මා භාවෙතබ‍්බා -පෙ- රාගස‍්ස භික‍්ඛවෙ] පරික‍්ඛයාය -පෙ- පහාණාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය -පෙ- ඉමෙ චත‍්තාරො ධම‍්මා භාවෙතබ‍්බා ති.

මහණෙනි, රාගයාගේ පරිඥා පිණිස ... ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. මහණෙනි, රාගයාගේ පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිස්‍සර්‍ගය පිණිස මේ සතර ධර්‍මයෝ භාවිතව්‍යයෝ යි.

[4. 8. 31-60]

[4.8.31-60]

දොසස‍්ස [භික‍්ඛවෙ අභිඤ‍්ඤාය චත‍්තාරො ධම‍්මා භාවෙතබ‍්බා -පෙ-] දොසස‍්ස භික‍්ඛවෙ පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහාණාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය -පෙ- ඉමෙ චත‍්තාරො ධම‍්මා භාවෙතබ‍්බා ති.

මහණෙනි, ද්වේෂයාගේ අභිඥා පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. මහණෙනි, ද්වේෂයාගේ පරිඥා පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිස්සර්‍ගය පිණිස ... මේ සතර ධර්‍මයෝ වැඩිය යුත්තාහ.