යෙදුමෙන් කියවන්න

4. සඞ‍්ගහිතෙන සඞ‍්ගහිත පද නිද‍්දෙසො

4. සඞ‍්ගහිතෙන සඞ‍්ගහිත පද නිද‍්දෙසො.

4. සඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත පද නිර්‍දෙශය

1. සමුදයසච‍්චෙන යෙ ධම‍්මා -පෙ- මග‍්ගසච‍්චෙන යෙ ධම‍්මා - ඛන්‍ධසඞ‍්ගහෙන සඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන සඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන සඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන සඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන සඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන සඞ‍්ගහිතා, තෙ ධම‍්මා කතිහි ඛන්‍ධෙහි කතිහා’යතනෙහි කතිහි ධාතූහි සඞ‍්ගහිතා: තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ‍්ගහිතා.

1. සමුදයසත්‍ය විසින් යම් ධර්‍ම කෙනෙක් මාර්‍ග සත්‍ය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සංග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ කරන ලද්දාහු ද ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ කරන ලද්දාහු ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ කරන ලද්දාහු ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙත්.

2. ඉත්‍ථීන්‍ද්‍රියෙන යෙ ධම‍්මා -පෙ- පුරිසින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සුඛින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - දුක‍්ඛින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සොමනස‍්සින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - දොමනස‍්සින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - උපෙක‍්ඛින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සද‍්ධින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - විරියින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සතින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - සමාධින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - පඤ‍්ඤින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අඤ‍්ඤින්‍ද්‍රියෙන යෙ ධම‍්මා - අඤ‍්ඤාතාවින්‍ද්‍රියෙන යෙ ධම‍්මා -

2. ඉත්‍ථින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, පුරිසින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් සුඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, දුක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, දෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් උපෙක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සද්ධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් විරියින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සමාධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් පඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් -

අවිජ‍්ජාය යෙ ධම‍්මා - අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරෙන යෙ ධම‍්මා - සළායතනපච‍්චයා ඵස‍්සෙන යෙ ධම‍්මා - වෙදනාපච‍්චයා තණ‍්හාය යෙ ධම‍්මා - තණ‍්හාපච‍්චයා උපාදානෙන යෙ ධම‍්මා - කම‍්මභවෙන යෙ ධම‍්මා - සොකෙන යෙ ධම‍්මා - පරිදෙවෙන යෙ ධම‍්මා - දුක‍්ඛෙන යෙ ධම‍්මා - දොමනස‍්සෙන යෙ ධම‍්මා - උපායාසෙන යෙ ධම‍්මා -

අවිද්‍යාව විසින් යම් ධර්‍ම කෙනෙක්, අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරය විසින් යම් ධර්‍ම කෙනෙක්, ෂඩායතන ප්‍රත්‍යයයෙන් වූ ස්පර්‍ශය විසින් යම් ධර්‍ම කෙනෙක්, වේදනා ප්‍රත්‍යයයෙන් වූ තෘෂ්ණාව විසින් යම් ධර්‍ම කෙනෙක්, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් වූ උපාදානය විසින් යම් ධර්‍ම කෙනෙක්, කර්‍ම භවය විසින් යම් ධර්‍ම කෙනෙක්, ශෝකයෙන් යම් ධර්‍ම කෙනෙක්, පරිදේවයෙන් යම් ධර්‍ම කෙනෙක්, දුඃඛයෙන් යම් ධර්‍ම කෙනෙක්, දෝමනස්ස්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් උපායාසයෙන් යම් ධර්‍ම කෙනෙක් -

සතිපට‍්ඨානෙන යෙ ධම‍්මා - සම‍්මප‍්පධානෙන යෙ ධම‍්මා - අප‍්පමඤ‍්ඤාය යෙ ධම‍්මා - පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි යෙ ධම‍්මා - පඤ‍්චහි බලෙහි යෙ ධම‍්මා - සත‍්තහි බොජ‍්ඣඞ‍්ගෙහි යෙ ධම‍්මා - අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන යෙ ධම‍්මා - ඵස‍්සෙන යෙ ධම‍්මා - චෙතනාය යෙ ධම‍්මා - අධිමොක‍්ඛෙන යෙ ධම‍්මා - මනසිකාරෙන යෙ ධම‍්මා -

සතිපට්ඨානයෙන් යම් ධර්‍ම කෙනෙක්, සම්‍යක්ප්‍රධානයෙන් යම් ධර්‍ම කෙනෙක්, අප්‍රාමාණත්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් පඤ්චේන්‍ද්‍රියයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, පඤ්ච බලයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, සප්ත බෝධ්‍යඞ්ගයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයෙන් යම් ධර්‍ම කෙනෙක්, ස්පර්‍ශයෙන් යම් ධර්‍ම කෙනෙක්, චේතනායෙන් යම් ධර්‍ම කෙනෙක්, අධිමෝක්‍ෂයෙන් යම් ධර්‍ම කෙනෙක්, මනසිකාරයෙන් යම් ධර්‍ම කෙනෙක් -

හෙතූහි ධම‍්මෙහි යෙ ධම‍්මා - හෙතූහි චෙව සහෙතුකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා හෙතූහි චෙව හෙතුසම‍්පයුත‍්තෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා - ආසවෙහි - සඤ‍්ඤොජනෙහි - ගන්‍ථෙහි - ඔඝෙහි - යොගෙහි - නීවරණෙහි - පරාමාසෙහි - උපාදානෙහි - කිලෙසෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - කිලෙසෙහි චෙව සංකිලෙසිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - කිලෙසෙහි චෙව සංකිලිට‍්ඨෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - කිලෙසෙහි චෙව කිලෙසසම‍්පයුත‍්තෙහි ච ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධසඞ‍්ගහෙන සඞ‍්ගහිතා ආයතනසඞ‍්ගහෙන සඞ‍්ගහිතා ධාතුසඞ‍්ගහෙන සඞ‍්ගහිතා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා ඛන්‍ධ සඞ‍්ගහෙන සඞ‍්ගහිතා, ආයතනසඞ‍්ගහෙන සඞ‍්ගහිතා, ධාතුසඞ‍්ගහෙන සඞ‍්ගහිතා. තෙ ධම‍්මා කතීහි ඛන්‍ධෙහි කතීහායතනෙහි කතීහි ධාතූහි සඞ‍්ගහිතා: තෙ ධම‍්මා එකෙන ඛන්‍ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ‍්ගහිතා.

හේතු ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් හේතු ද වූ සහේතුක ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, හේතු ද වූ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, ආස්‍රවයන් විසින් සංයෝජනයන් විසින් - ග්‍රන්‍ථයන් විසින් - ඕඝයන් විසින් - යෝගයන් විසින් - නීවරණයන් විසින් - පරාමර්‍ශයන් විසින් - උපාදානයන් විසින් - ක්ලේශධර්‍මයන් විසින් - යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ සාංක්ලේශික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ සංක්ලිෂ්ට ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ ක්ලේශ සම්ප්‍රයුක්තද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවා හු ද, ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවා හු ද, ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහුද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍මකෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වෙත් ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත යෝ යි.

උද්දානය:

ද‍්වෙ සච‍්චා පණ‍්ණරසින්‍ද්‍රියා එකාදසපටිච‍්චපදා උද‍්ධං පුන එකාදස ගොච‍්ඡකපදමෙත්‍ථ තිංසවිධං ති.

සත්‍යයෝ දෙදෙනෙකැ, ඉන්‍ද්‍රියයෝ පසළොස් දෙනෙකැ, ප්‍රර්‍තත්‍ය සමුත්පාදපදයෝ එකොළොස් දෙනෙකැ, යලි මත්තෙහි ධර්‍මයෝ එකොළොස් දෙනෙකැ, මෙහි ගොච්ඡකපදය තිස් වැදෑරුම් වේ යයි.

සඞ‍්ගහිතෙන සඞ‍්ගහිතපදනිද‍්දෙසො නිට‍්ඨිතො.

සඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත පද නිර්‍දෙශය නිමි.