4. චතුත්ථනයො සඞ්ගහිතෙනසඞ්ගහිතපදවණ්ණනා අට්ඨකථා
4. චතුත්ථනයො සඞ්ගහිතෙනසඞ්ගහිතපදවණ්ණනා
4. සඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත පද වර්ණනාව
ඉදානි සඞ්ගහිතෙනසඞ්ගහිතපදං භාජෙතුං සමුදයසච්චෙනාතිආදි ආරද්ධං. තත්ථ යං ඛන්ධාදීහි සඞ්ගහිතෙන ඛන්ධාදිවසෙන සඞ්ගහිතං, පුන තස්සෙව ඛන්ධාදීහි සඞ්ගහං පුච්ඡිත්වා විස්සජ්ජනං කතං. තං ඛන්ධායතනධාතූසු එකම්පි සකලකොට්ඨාසං ගහෙත්වා ඨිතපදෙසු න යුජ්ජති. සකලෙන හි ඛන්ධාදිපදෙන අඤ්ඤං ඛන්ධාදිවසෙන සඞ්ගහිතං නාම නත්ථි, යං අත්තනො සඞ්ගාහකං සඞ්ගණ්හිත්වා පුන තෙනෙව සඞ්ගහං ගච්ඡෙය්ය. තස්මා තථාරූපානි පදානි ඉමස්මිං වාරෙ න ගහිතානි. යානි පන පදානි සඞ්ඛාරෙකදෙසං වා අඤ්ඤෙන අසම්මිස්සං දීපෙන්ති – වෙදනෙකදෙසං වා සුඛුමරූපං වා සද්දෙකදෙසං වා, තානි ඉධ ගහිතානි. තෙසං ඉදමුද්දානං –
දැන් සංගෘහීතයෙන් සංගෘහීත පද බෙදීමට සමුදය සච්චෙන යනාදිය අරඹන ලදී. එහි යමක් ස්කන්ධාදි සංගෘහීතයෙන් ස්කන්ධාදි වශයෙන් සංගෘහීතය. නැවත ඒවායේම ස්කන්ධාදියෙන් සංග්‍රහ ප්‍රශ්නකර විසඳීම කරන ලදී. ස්කන්ධ ධාතු ආයතනවල සියළු කොටස් ගෙන සිටි පදවල එය එකකුදු නොයෙදේ. සියළු ස්කන්ධාදි පදයෙන් වෙනත් ස්කන්ධාදි වශයෙන් සංගෘහීත වූවක් නම් නැත. යම් පදයක් තමන්ගේ සංග්‍රාහකය සංග්‍රහ කොට නැවත එයින්ම සංග්‍රහයට යන්නේය. එහෙයින් එබඳු පද මේ වාරයෙහි නොගන්නා ලදී. යම් පද සංඛාර ඒකදේශයක් හෝ අනිකකින් අසම්මිශ්‍රව දක්වයි. වේදනා ඒකදේශයක් හෝ සුඛුම රූපයක් හෝ සත්‍ය ඒකදේශයක් හෝ අන්‍ය පදයකින් අසම්මිශ්‍රව දක්වයි. ඒ පද මෙහි ගන්නා ලදී. ඒවායේ උදානය මෙසේය.
“ද්වෙ සච්චා පන්නරසින්ද්රියා, එකාදස පටිච්චපදා; උද්ධං පුන එකාදස, ගොච්ඡකපදමෙත්ථ තිංසවිධ”න්ති.
දෙ සස් පසළොස ඉඳු - රන් එකොළොස පිළිසමුප පුන එකොළොස පොකුරු - පද තිසයුරු මෙහි දිසේ
පඤ්හා පනෙත්ථ ද්වෙයෙව හොන්ති. තත්ථ යං පුච්ඡාය උද්ධටං පදං, තදෙව යෙහි ධම්මෙහි ඛන්ධාදිවසෙන සඞ්ගහිතං, තෙ ධම්මෙ සන්ධාය සබ්බත්ථ එකෙන ඛන්ධෙනාතිආදි වුත්තං. තත්රායං නයො – සමුදයසච්චෙන හි තණ්හාවජ්ජා සෙසා සඞ්ඛාරා ඛන්ධාදිසඞ්ගහෙන සඞ්ගහිතා. පුන තෙහි තණ්හාව සඞ්ගහිතා. සා තණ්හා පුන සඞ්ඛාරෙහෙව ඛන්ධාදිසඞ්ගහෙන සඞ්ගහිතාති. එසෙව නයො සබ්බත්ථ. අරූපධම්මපුච්ඡාසු පනෙත්ථ සඞ්ඛාරක්ඛන්ධො වා වෙදනාක්ඛන්ධො වා එකො ඛන්ධො නාම. රූපධම්මපුච්ඡාසු රූපක්ඛන්ධො. පරිදෙවපුච්ඡාය සද්දායතනං එකං ආයතනං නාම. සද්දධාතු එකා ධාතු නාම, සෙසට්ඨානෙසු ධම්මායතනධම්මධාතුවසෙනෙව අත්ථො වෙදිතබ්බොති.
මෙහි ප්‍රශ්න වනාහි දෙකක්ම වේ. එහි ප්‍රශ්න කිරීමෙන් යම් පදයක් උදුරන ලදද එයම යම් ධර්මවලින් ස්කන්ධාදි වශයෙන් සංගෘහිතය. ඒ ධර්මයන් සඳහා සියළු තැන එකෙන ඛන්ධෙන යනාදිය කියන ලදී. මේ එහි නය වේ. සමුදය සත්‍යයෙන් තෘෂ්ණාව හැර සෙසු සංස්කාර ස්කන්ධාදි සංග්‍රහයෙන් සංගෘහීතය. නැවත ඒවායින් තෘෂ්ණාව සංගෘහීතය. නැවත ඒ තෘෂ්ණාව සංස්කාරවලින්ම ස්කන්ධාදි සංග්‍රහයෙන් සංගෘහීතය. සියළු තැන මෙම නයම වේ. මෙහි අරූප ධර්ම ප්රශ්නවල වනාහි සංස්කාර ස්කන්ධය හෝ වේදනා ස්කන්ධය හෝ එක ස්කන්ධයක් නම් වේ. රූප ධර්ම ප්රශ්නවල රූප ස්කන්ධය වේ. වැලපීම් ප්‍රශ්නයෙන් ශබ්දායතනය එක් ආයතනයක් නමි. ශබ්ද ධාතුව එක් ධාතුවක් නමි. සෙසු ස්ථානවල ධම්මායතන ධම්ම ධාතු වශයෙන්ම අර්ථය දතයුතුය.
සඞ්ගහිතෙනසඞ්ගහිතපදවණ්ණනා.
සංගෘහීතයෙන් සංගෘහීත පද නිමා විය.