යෙදුමෙන් කියවන්න

5. පඤ‍්චමනයො අසඞ‍්ගහිතෙනඅසඞ‍්ගහිතපදවණ‍්ණනා අට‍්ඨකථා

5. පඤ‍්චමනයො අසඞ‍්ගහිතෙනඅසඞ‍්ගහිතපදවණ‍්ණනා

5. අසඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත පද වර්ණනාව

ඉදානි අසඞ‍්ගහිතෙන අසඞ‍්ගහිතපදං භාජෙතුං රූපක‍්ඛන්‍ධෙනාතිආදි ආරද‍්ධං. තත්‍ථ යං ඛන්‍ධාදීහි අසඞ‍්ගහිතෙන ඛන්‍ධාදිවසෙන අසඞ‍්ගහිතං, පුන තස‍්සෙව ඛන්‍ධාදීහි අසඞ‍්ගහං පුච‍්ඡිත්‍වා විස‍්සජ‍්ජනං කතං. තං පඤ‍්චක‍්ඛන්‍ධග‍්ගාහකෙසු දුක‍්ඛසච‍්චාදීසු විඤ‍්ඤාණෙන සද‍්ධිං සුඛුමරූපග‍්ගාහකෙසු අනිදස‍්සනඅප‍්පටිඝාදීසු ච පදෙසු න යුජ‍්ජති. තාදිසෙන හි පදෙන නිබ‍්බානං ඛන්‍ධසඞ‍්ගහමත‍්තං න ගච‍්ඡෙය්‍ය. සෙසා ඛන්‍ධාදීහි අසඞ‍්ගහිතධම‍්මා නාම නත්‍ථි. තස‍්මා තථාරූපානි පදානි ඉමස‍්මිං වාරෙ න ගහිතානි. යානි පන පඤ‍්චක‍්ඛන්‍ධෙ විඤ‍්ඤාණඤ‍්ච සුඛුමරූපෙන සද‍්ධිං එකතො න දීපෙන‍්ති, තානි ඉධ ගහිතානි. තෙසං ඉදමුද‍්දානං –

දැන් අසංගෘහීතයෙන් අසංගෘහීත පද බෙදීමට රූපක්‍ඛන්‍ධෙන යනාදිය අරඹන ලදී. එහි යම් පදයක් ස්කන්‍ධාදියෙන් අසංගෘහීත වූයේ ස්කන්‍ධාදී වශයෙන් අසංගෘහීතය. නැවත ඒවායේම ස්කන්‍ධාදියෙන් අසංග්‍රහය ප්‍රශ්න කර විසඳීම අරඹන ලදී. එය දුක්‍ඛ සත්‍යයෙහි පංචස්කන්‍ධ ගැනීම්වල, විඤ්ඤාණය සමග සුඛුම රූප ගැනීම්වල අතිදර්ශන අප්පටිසාදි පදවල නො යෙදේ. නිවණ එබඳු පදයෙන් ස්කන්‍ධ සංග්‍රහයට පමණක් නොයන්නේය. සෙසු ස්කන්‍ධාදියෙන් අසංගෘහීත ධර්මයක් නම් නැත. එහෙයින් එබඳු පද මේ වාරයෙහි නොගන්නා ලදී. පංච ස්කන්‍ධයෙහි යම් පද සුඛුම රූපය සමග විඤ්ඤාණය ද එකට නො දැක්වේ. එබඳු පද ගන්නා ලදී. මේ උදානයකි.

“සබ‍්බෙ ඛන්‍ධා තථායතනධාතුයො සච‍්චතො තයො; ඉන්‍ද්‍රියානිපි සබ‍්බානි, තෙවීසති පටිච‍්චතො.

සවි කඳු ආයතන - දාතුය තෙ සස් සස්නෙන් සියළු ඉඳුරන් පිළි - සමුපා තෙ විස්සෙක් වේ

“පරතො සොළස පදා, තෙචත‍්තාලීසකං තිකෙ; ගොච‍්ඡකෙ සත‍්තති ද‍්වෙ ච, සත‍්ත චූළන‍්තරෙ පදා.

මතු සොළොස් පදයකි - තිකයෙහි තෙසාළිස් පද පොකුරෙහි දෙසැත්තෑ - සත් පද සුළු අන්තරේ

“මහන‍්තරෙ පදා වුත‍්තා, අට‍්ඨාරස තතො පරං; අට‍්ඨාරසෙව ඤාතබ‍්බා, සෙසා ඉධ න භාසිතා”ති.

මහ අන්තරේ පද - අටළොස් පසුද අටළොස් දතයුතු දෙසූ බව - සෙසු පද නො දෙසූ මෙහි

පඤ‍්හා පනෙත්‍ථ සදිසවිස‍්සජ‍්ජනානං වසෙන සමොධානෙත්‍වා කතිහි සද‍්ධිං සබ‍්බෙපි චතුත‍්තිංස හොන‍්ති. තත්‍ථ යං පුච‍්ඡාය උද‍්ධටං පදං, තදෙව යෙහි ඛන්‍ධාදීහි අසඞ‍්ගහිතං, තෙ ධම‍්මෙ සන්‍ධාය එකෙන ඛන්‍ධෙනාතිආදි වුත‍්තං.

මෙහි ප්‍රශ්නය සමානව විසඳීම් වශයෙන් එකතු කොට කරන ලද්ද සමග සියල්ල තිස්හතරක් වේ. එහි ප්‍රශ්න නැගීමෙන් උදුරන ලද පද එයම යම් ස්කන්ධාදියෙන් අසංගෘහීතය. ඒ ධර්මයන් සඳහා එකෙන ඛන්‍ධෙන යනාදිය කියන ලදී.

තත්‍රායං නයො – රූපක‍්ඛන්‍ධෙන හි චත‍්තාරො ඛන්‍ධා නිබ‍්බානඤ‍්ච ඛන්‍ධසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා. ආයතනධාතුසඞ‍්ගහෙන පන ඨපෙත්‍වා විඤ‍්ඤාණං අවසෙසා සඞ‍්ගහිතාති විඤ‍්ඤාණමෙව තීහිපි ඛන්‍ධසඞ‍්ගහාදීහි අසඞ‍්ගහිතං නාම. පුන තෙන විඤ‍්ඤාණෙන සද‍්ධිං නිබ‍්බානෙන චත‍්තාරො ඛන්‍ධා ඛන්‍ධාදිසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා. තෙ සබ‍්බෙපි පුන විඤ‍්ඤාණෙනෙව ඛන්‍ධාදිසඞ‍්ගහෙන අසඞ‍්ගහිතාති එකෙන ඛන්‍ධෙන, එකෙනායතනෙන, සත‍්තහි ධාතූහි අසඞ‍්ගහිතා නාම හොන‍්ති. අථ වා – යදෙතං රූපක‍්ඛන්‍ධෙන විඤ‍්ඤාණමෙව තීහි ඛන්‍ධාදිසඞ‍්ගහෙහි අසඞ‍්ගහිතං, තෙහිපි විඤ‍්ඤාණධම‍්මෙහි තෙ රූපධම‍්මාව තීහි සඞ‍්ගහෙහි අසඞ‍්ගහිතා. පුන තෙ රූපධම‍්මා විඤ‍්ඤාණෙනෙව තීහි සඞ‍්ගහෙහි අසඞ‍්ගහිතා. විඤ‍්ඤාණඤ‍්ච ඛන්‍ධතො එකො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො හොති, ආයතනතො එකං මනායතනං, ධාතුතො සත‍්ත විඤ‍්ඤාණධාතුයො. තස‍්මා “එකෙන ඛන්‍ධෙනා”තිආදි වුත‍්තං. ඉමිනා උපායෙන සබ‍්බත්‍ථ යං පුච‍්ඡාය උද‍්ධටං පදං, තදෙව යෙහි ධම‍්මෙහි ඛන්‍ධාදිවසෙන අසඞ‍්ගහිතං, තෙසං ධම‍්මානං වසෙන ඛන්‍ධාදයො වෙදිතබ‍්බා. තත්‍ථ දුතියපඤ‍්හෙ තාව – රූපවිඤ‍්ඤාණානං වසෙන වෙදිතබ‍්බා. වෙදනාදයො හි රූපවිඤ‍්ඤාණෙහෙව ඛන්‍ධාදිසඞ‍්ගහෙන අසඞ‍්ගහිතා. තෙ ච ද‍්වෙ ඛන්‍ධා එකාදසායතනානි සත‍්තරස ධාතුයො හොන‍්ති.

තෙල නය මෙසේය. රූපස්කන්‍ධයෙන් ස්කන්‍ධ සතර ද නිවණ ද ස්කන්‍ධ සංග්‍රහයෙන් අසංගෘහීතය. ආයතන ධාතු සංග්‍රහයෙන් හැර විඤ්ඤාණය සෙසු සංගෘහීත විඤ්ඤාණය ස්කන්‍ධ තුනෙන්ම අසංගෘහීත නම් වේ. නැවත එය සමග නිවණ ස්කන්‍ධ සංග්‍රහ සතරින් අසංගෘහීතය. ඒ සියල්ල ද නැවත විඤ්ඤාණයෙන්ම ස්කන්‍ධාදී සංග්‍රහයෙන් අසංගෘහීත යයි එක් ස්කන්‍ධයකින් එක් ආයතනයකින් ධාතු සතකින් අසංගෘහීත නම් වේ. එසේ නැතහොත් යම් ඒමේ පද රූපස්කන්‍ධයෙන්. විඤ්ඤාණයම ස්කන්‍ධ තුන් සංග්‍රහයෙන් අසංගෘහීතය. ඒ විඤ්ඤාණ ධර්මවලින් ඒ රූප ධර්මම සංග්‍රහ තුනෙන් අසංගෘහීතය. නැවත ඒ රූප ධර්ම විඤ්ඤාණයෙන්ම සංග්‍රහ තුනෙන් අසංගෘහීතය. විඤ්ඤාණය ද ස්කන්ධවලින් එක් විඤ්ඤාණ ස්කන්‍ධයකි. ආයතනවලින් එක් මනායතනයකි. ධාතුවලින් විඤ්ඤාණ ධාතු සතකි. එහෙයින් එකෙන ඛන්‍ධෙන යනාදිය කියන ලදී. මේ උපායෙන් ප්‍රශ්න නැගීමෙන් උදුරන ලද යම් පද, ඒවාම යම් ධර්මවලින් ස්කන්‍ධාදි වශයෙන් අසංගෘහීතය. ඒ ධර්මයන්ගේ වශයෙන් ස්කන්‍ධාදිය දතයුතුය. එහි දෙවන ප්‍රශ්නයෙහි පළමුව විඤ්ඤාණයන්ගේ වශයෙන් දතයුතු ය. වේදනාදිය රූප විඤ්ඤාණවලින්ම ස්කන්‍ධාදි සංග්‍රහයෙන් අසංගෘහීතය. ඒවාද ස්කන්‍ධ දෙක, ආයතන එකොළහ, ධාතු සතළොස වේ.

තතියපඤ‍්හෙ – විඤ‍්ඤාණං රූපාදීහි චතූහි අසඞ‍්ගහිතන‍්ති තෙසං වසෙන ඛන්‍ධාදයො වෙදිතබ‍්බා.

තුන්වන ප්‍රශ්නයෙහි විඤ්ඤාණය රූපාදි සතරින් අසංගෘහිත යයි ඒවායේ වශයෙන් ස්කන්‍ධාදීහු දතයුතුය.

චතුත්‍ථපඤ‍්හෙ – චක‍්ඛායතනං වෙදනාදීහි චතූහීති ඉමිනා නයෙන සබ‍්බත්‍ථ ඛන්‍ධාදයො වෙදිතබ‍්බා. පරියොසානෙ – රූපඤ‍්ච ධම‍්මායතනන‍්ති උද‍්දානගාථාය දස‍්සිතධම‍්මායෙව අඤ‍්ඤෙනාකාරෙන සඞ‍්ඛිපිත්‍වා දස‍්සිතාති.

සතරවන ප්‍රශ්නයෙහි චක්‍ඛායතනය වේදනාදී සතරින් යයි මේ නයින් සියළු තන්හි ස්කන්‍ධාදිය දතයුතුය. අවසානයෙහි රූපඤ්ච ධම්මායතනං යයි උදාන ගාථාවෙන් දක්වන ලද ධර්මම වෙනත් ආකාරයකින් හකුළුවා දක්වන ලදී.

අසඞ‍්ගහිතෙනඅසඞ‍්ගහිතපදවණ‍්ණනා.

අසංගෘහීතයෙන් අසංගෘහීත පද නිමා විය.