6. ඡට‍්ඨනයො සම‍්පයොගවිප‍්පයොගපදවණ‍්ණනා අට‍්ඨකථා
6. ඡට‍්ඨනයො සම‍්පයොගවිප‍්පයොගපදවණ‍්ණනා
6. සම්ප්‍රයෝග විප්‍රයෝග පද වර්ණනාව
ඉදානි සම‍්පයොගවිප‍්පයොගපදං භාජෙතුං රූපක‍්ඛන්‍ධොතිආදි ආරද‍්ධං. තත්‍ථ යං ලබ‍්භති යඤ‍්ච න ලබ‍්භති තං සබ‍්බං පුච‍්ඡාය ගහිතං. විස‍්සජ‍්ජනෙ පන යං න ලබ‍්භති, තං නත්‍ථීති පටික‍්ඛිත‍්තං. චතූහි සම‍්පයොගො, චතූහි විප‍්පයොගො; සභාගො විසභාගොති හි වචනතො චතූහි අරූපක‍්ඛන්‍ධෙහෙව සභාගානං එකසන‍්තානස‍්මිං එකක‍්ඛණෙ උප‍්පන‍්නානං අරූපක‍්ඛන්‍ධානංයෙව අඤ‍්ඤමඤ‍්ඤං සම‍්පයොගො ලබ‍්භති. රූපධම‍්මානං පන රූපෙන නිබ‍්බානෙන වා, නිබ‍්බානස‍්ස ච රූපෙන සද‍්ධිං සම‍්පයොගො නාම නත්‍ථි. තථා රූපනිබ‍්බානානං අරූපක‍්ඛන්‍ධෙහි, විසභාගා හි තෙ තෙසං. යථා ච අරූපක‍්ඛන්‍ධානං රූපනිබ‍්බානෙහි, එවං භින‍්නසන‍්තානෙහි නානාක‍්ඛණිකෙහි අරූපධම‍්මෙහිපි සද‍්ධිං නත්‍ථියෙව. තෙපි හි තෙසං සන‍්තානක‍්ඛණවිසභාගතාය විසභාගායෙව. අයං පන විසභාගතා සඞ‍්ගහට‍්ඨෙන විරුජ‍්ඣනතො සඞ‍්ගහනයෙ නත්‍ථි. ගණනූපගමත‍්තඤ‍්හි සඞ‍්ගහට‍්ඨො. සම‍්පයොගනයෙ පන අත්‍ථි, එකුප‍්පාදතාදිලක‍්ඛණඤ‍්හි සම‍්පයොගට‍්ඨොති. එවමෙත්‍ථ යස‍්ස එකධම‍්මෙනපි සම‍්පයොගලක‍්ඛණං න යුජ‍්ඣති, තස‍්ස පුච‍්ඡාය සඞ‍්ගහං කත්‍වාපි නත්‍ථීති පටික‍්ඛෙපො කතො. යස‍්ස විප‍්පයොගලක‍්ඛණං යුජ‍්ජති, තස‍්ස විප‍්පයොගො දස‍්සිතො. යානි පන පදානි සත‍්තසු විඤ‍්ඤාණධාතූසු එකායපි අවිප‍්පයුත‍්තෙ රූපෙන නිබ‍්බානෙන වා මිස‍්සකධම‍්මෙ දීපෙන‍්ති, තානි සබ‍්බථාපි ඉධ න යුජ‍්ජන‍්තීති න ගහිතානි. තෙසං ඉදමුද‍්දානං –
දැන් සම්ප්‍රයෝග විප්‍රයෝග පද බෙදීමට රූපක්‍ඛන්‍ධො යනාදිය අරඹන ලදී. එහි යමක් ලැබේද යමක් නො ලැබේද ඒ සියල්ල ප්‍රශ්නයෙන් ගන්නා ලදී. විසඳීමෙහි දී යමක් නො ලැබේ එය ප්‍රතික්‍ෂේප කරන ලදී. චතුහි සම්පයොගො චතුහි විප්පයොගො සභාගො විසභාගො යන වචන හෙයින් සතර අරූප ස්කන්‍ධවලින්ම සභාගයන්ගේ එක් සන්තානයක (සිතන) එක් මොහොතක උපන් අරූප ස්කන්‍ධවලම ඔවුනොවුන් සම්ප්‍රයෝගය ලබයි. රූප ධර්මවල වනාහි රූපයෙන් නිර්වාණයෙන් හෝ නිර්වාණයේ ද රූපය සමග සම්ප්‍රයෝගයක් නම් නැත. රූප නිර්වාණවල අරූප ස්කන්‍ධවලින් ද එසේය. ඒවා ඔවුන්ගේ විභාග වේ. රූප නිබ්බාණවලින් අරූප ස්කන්‍ධවල යම්සේද එසේම වෙන් වෙන් සන්තානවලින් නානා ක්‍ෂණවලින් අරූප ධර්ම සමගද නොමැත්තේමය. ඒ සන්තාන ක්‍ෂණ විසභාග බැවින් ඒවාද විසභාගම වේ. මෙය වනාහි විසභාග බැවින් සංග්‍රහ අර්ථයෙන් විරුද්ධවීමක් සංග්‍රහ නයෙහි නැත. සංග්‍රහාර්ථය ගණන් එළඹීමක් පමණය. (ගණනූපගමත්තං) සම්ප්‍රයෝග නයෙහි ඇත. එකට උපන්බව ආදී ලක්‍ෂණ සම්ප්‍රයෝග අර්ථයයි. මෙසේ මෙහි යමකට එක් ධර්මයකින් ද සම්ප්‍රයෝග ලක්‍ෂණ නොයෙදේ. ප්‍රශ්නයෙන් සංග්‍රහ කොට ද නැතැයි ඒවා ප්‍රතික්‍ෂේප කරන ලදී. යමක විප්‍රයෝග ලක්‍ෂණ යෙදේද එහි විප්‍රයෝගම දක්වන ලදී. සප්ත විඥාන ධාතුවල යම් පද රූපයෙන් නිර්වාණයෙන් හෝ එකකුදු විප්‍රයුක්ත නොවූ කල්හි මිශ්‍ර ධර්ම දැක්වේ. ඒවා සියළු ආකාරයෙන් මෙහි නොයෙදේ යයි නොගන්නා ලදී. මෙය උදානයි.
“ධම‍්මායතනං ධම‍්මධාතු, දුක‍්ඛසච‍්චඤ‍්ච ජීවිතං; සළායතනං නාමරූපං, චත‍්තාරො ච මහාභවා.
දම් ආයතන දම් - දා දුක් සස් ද දිවියද සය ආයතන නම් - රූ සතරද බවමහා
“ජාතිජරා ච මරණං, තිකෙස‍්වෙකූනවීසති; ගොච‍්ඡකෙසු ච පඤ‍්ඤාස, අට‍්ඨ චූළන‍්තරෙ පදා.
දෑ ජර මර තික - යෙහි එකුන්විසි පදද යන පොකුරෙහි ද පණසය - සුළු අන්තරයෙහි අට පද
“මහන‍්තරෙ පන‍්නරස, අට‍්ඨාරස තතො පරෙ; තෙවීස පදසතං එතං, සම‍්පයොගෙ න ලබ‍්භතී”ති.
පසළොස ද මහ අත්-තර අටළොස එයින් පසු එක්සිය තෙවිසි පද - නො ලැබෙයි සම්පයෝගයෙ
ධම‍්මායතනඤ‍්හි රූපනිබ‍්බානමිස‍්සකත‍්තා තස‍්මිං අපරියාපන‍්නෙන විඤ‍්ඤාණෙනපි න සක‍්කා සම‍්පයුත‍්තන‍්ති වත‍්තුං. යස‍්මා පනෙත්‍ථ වෙදනාදයො විඤ‍්ඤාණෙන සම‍්පයුත‍්තා, තස‍්මා විප‍්පයුත‍්තන‍්තිපි න සක‍්කා වත‍්තුං. සෙසෙසුපි එසෙව නයො. එවං සබ‍්බත්‍ථාපි එතානි න යුජ‍්ජන‍්තීති ඉධ න ගහිතානි. සෙසානි ඛන්‍ධාදීනි යුජ‍්ජන‍්තීති තානි ගහෙත්‍වා එකෙකවසෙන ච සමොධානෙන ච පඤ‍්හවිස‍්සජ‍්ජනං කතං. තෙසු පඤ‍්හෙසු, පඨමෙ – එකෙනායතනෙනාති මනායතනෙන. කෙහිචීති ධම‍්මායතනධම‍්මධාතුපරියාපන‍්නෙහි වෙදනාසඤ‍්ඤාසඞ‍්ඛාරෙහි.
ධම්මායතනය රූප නිර්වාණ මිශ්‍ර බැවින් අපරියාපන්ත විඤ්ඤාණයෙන් සම්ප්‍රයුක්ත යයි කීමට නොහැකිය. මෙහි යම් වේදනාදිය විඤ්ඤාණයෙන් සම්ප්‍රයුක්තය. ඒ නිසා විප්‍රයුක්ත යයි කීමට නොහැකිය. සෙස්සෙහි ද තෙල නයම වේ. මෙසේ සියළු තන්හි ද මේවා නොයෙදේ යයි මෙහි නොගන්නා ලදී. සෙසු ස්කන්ධාදිය යෙදේ යයි ඒවායෙන් එක එකක් වශයෙන් ද සමෝධානව ද ප්‍රශ්න විසඳීම් කරන ලදී. සෙසු ප්‍රශ්නවල පළමුවැන්නෙහි එකෙනායතනෙන යනු මනායතනයෙන්. කෙහීචි යනු ධම්මායතන ධම්මධාතු ඇතුළත් වේදනා සඤ්ඤා සංඛාරවලින්.
දුතියෙ – තීහීති පුච‍්ඡිතං පුච‍්ඡිතං ඨපෙත්‍වා සෙසෙහි. කෙහිචි සම‍්පයුත‍්තොති වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාසඞ‍්ඛාරෙහි. ඉතරෙපි අත‍්තානං ඨපෙත්‍වා ඉතරෙහි. කෙහිචි විප‍්පයුත‍්තොති රූපනිබ‍්බානෙහි. එවං සබ‍්බත්‍ථ රූපස‍්ස විප‍්පයොගෙ ධම‍්මායතනධම‍්මධාතූසු අරූපං, අරූපස‍්ස විප‍්පයොගෙ රූපං දට‍්ඨබ‍්බං. තතියපඤ‍්හො උත‍්තානත්‍ථොව.
දෙවැන්නෙහි තීහි යනු විචාරන ලද ඒවා හැර සෙසු ඒවායින්. කෙහිචි සම්පයුත්ත යනු වේදනා ස්කන්‍ධය සඤ්ඤා සංඛාරවලින්. ඉතිරියෙහි ද තමා හැර ඉතිරි ඒවායින්. කෙහිචි විප්පයුත්තො යනු රූප නිබ්බාණවලින්. මෙසේ සියළු තන්හි ධම්මායතන ධම්ම ධාතුවල රූපයේ විප්‍රයෝගයෙහි අරූපයද අරූපයේ විප්‍රයෝගයෙහි රූපය ද දැකිය යුතුය. තුන්වන ප්‍රශ්නය නොගැඹුරු අර්ථ ඇත.
චතුත්‍ථෙ – ‘කතිහි ඛන්‍ධෙහී’තිආදිං අවත්‍වා සම‍්පයුත‍්තන‍්ති නත්‍ථීති වුත‍්තං. තං පන ඛන්‍ධාදීනංයෙව වසෙන වෙදිතබ‍්බං. පරතොපි එවරූපෙසු පඤ‍්හෙසු එසෙව නයො. ආදිපඤ‍්හස‍්මිඤ‍්හි සරූපතො දස‍්සෙත්‍වා පරතො පාළි සංඛිත‍්තා. ඉමිනා නයෙන සබ‍්බත්‍ථ අත්‍ථයොජනා වෙදිතබ‍්බා. යත්‍ථ පන නාතිපාකටා භවිස‍්සති, තත්‍ථ නං පාකටං කත්‍වාව ගමිස‍්සාම.
සතරවැන්නෙහි ස්කන්‍ධයන්ගෙන් කීයක්දැයි නොකියා සම්ප්‍රයුක්තයක් නැතැයි කියන ලදී. එය වනාහි ස්කන්‍ධාදීන්ගේ වශයෙන්ම දතයුතුය. පසුව ද මෙබඳු වූ ප්‍රශ්නවල මෙම නයම වේ. මුල් ප්‍රශ්නයේ ස්වරූපය දක්වා පසුව එන ප්‍රශ්න පෙළෙහි සංක්‍ෂේප කරන ලදී. මෙ නයින්ම සියළුතැන අර්ථ යෝජනා දතයුතුය. යම්තැනක ප්‍රකට නොවන්නේ නම් එය ප්‍රකට කර යමි.
සොළසහි ධාතූහීති චක‍්ඛුවිඤ‍්ඤාණධාතු තාව අත‍්තානං ඨපෙත්‍වා ඡහි විඤ‍්ඤාණධාතූහි, දසහි ච රූපධාතූහි. සෙසාසුපි එසෙව නයො.
සොළසහි ධාතුහි යනු තමාගේ පළමු විඤ්ඤාණ ධාතුව හැර විඤ්ඤාණ ධාතු හයෙන් සහ රූප ධාතු දසයෙන්. සෙස්සෙහි ද මෙම නයයි.
තීහි ඛන්‍ධෙහීති සඞ‍්ඛාරක‍්ඛන්‍ධං ඨපෙත්‍වා සෙසෙහි. එකාය ධාතුයාති මනොවිඤ‍්ඤාණධාතුයා. සමුදයමග‍්ගානඤ‍්හි අඤ‍්ඤාය ධාතුයා සම‍්පයොගො නත්‍ථි. එකෙන ඛන්‍ධෙනාති සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙන. එකෙනායතනෙනාති ධම‍්මායතනෙන. එකාය ධාතුයාති ධම‍්මධාතුයා. එතෙසු හි තං සච‍්චද‍්වයං කෙහිචි සම‍්පයුත‍්තං.
තීහි ඛන්‍ධෙහි යනු සංස්කාර ස්කන්‍ධය හැර සෙසු ඒවායින්. එකාය ධාතුයා යනු මනෝවිඤ්ඤාණ ධාතුවෙන්. සමුදය මාර්ගවල වෙනත් ධාතුවකින් සම්ප්‍රයෝගයක් නැත. එකෙන ඛන්‍ධෙන යනු සංස්කාර ස්කන්‍ධයෙන්. එකෙනායතනෙන යන ධම්මායතනයෙන්. එකාය ධාතුයා යනු ධම්ම ධාතුවෙන්. මේවායෙහි කිසිවක් ඒ සත්‍ය දෙක සම්ප්‍රයුක්ත වේ.
සුඛින්‍ද්‍රියාදිපඤ‍්හෙ – තීහීති සඤ‍්ඤාසඞ‍්ඛාරවිඤ‍්ඤාණෙහි. එකාය ධාතුයාති කායවිඤ‍්ඤාණධාතුයා, මනොවිඤ‍්ඤාණධාතුයා ච. ඡහි ධාතූහීති කායවිඤ‍්ඤාණධාතුවජ‍්ජාහි.
සුඛින්‍ද්‍රියාදි ප්‍රශ්නයෙහි තීහි යනු සංඥා සංස්කාර විඥානවලින්. එකාය ධාතුයා යනු එක් විඤ්ඤාණ ධාතුවකින්. ඡහි ධාතුහි යනු කාය විඤ්ඤාණ ධාතුව හැර සෙසු ඒවායින්.
රූපභවපඤ‍්හෙ – සබ‍්බෙසම‍්පි අරූපක‍්ඛන්‍ධානං අරූපායතනානඤ‍්ච අත්‍ථිතාය න කෙහිචීති වුත‍්තං. ඝානජිව‍්හාකායවිඤ‍්ඤාණධාතූනං පන නත්‍ථිතාය තීහි ධාතූහි විප‍්පයුත‍්තොති වුත‍්තං.
රූපභව ප්‍රශ්නයෙහි සියළු අරූප ස්කන්‍ධ සහ අරූප ආයතන ඇති බැවින් න කෙහිචි යයි කියන ලදී. අරූප භව ප්‍රශ්නයෙහි ඝාන ජිව්හා කාය විඤ්ඤාණ ධාතු නැති බැවින් තීහිධාතුහි විප්පයුත්තො යයි කියන ලදී.
අධිමොක‍්ඛපඤ‍්හෙ – ද‍්වීහි ධාතූහීති මනොධාතුමනොවිඤ‍්ඤාණධාතූහි. පන‍්නරසහීති සෙසාහි දසහි රූපධාතූහි, පඤ‍්චහි ච චක‍්ඛුවිඤ‍්ඤාණාදීහි.
අධිමොක්‍ඛ ප්‍රශ්නයෙහි ද්වීහි ධාතූහි යනු මනෝ ධාතු මනෝ විඤ්ඤාණ ධාතුවලින්. පණ්ණරසහී යනු සෙසු දස රූපධාතුවලින් සහ පංච චක්‍ඛු විඤ්ඤාණාදියෙන්.
කුසලපඤ‍්හෙ – කුසලෙහි චතුන‍්නම‍්පි ඛන්‍ධානං ගහිතත‍්තා සම‍්පයොගො පටික‍්ඛිත‍්තො.
කුසල ප්‍රශ්නයෙහි කුසල්වලින් ස්කන්‍ධ සතරම ගන්නා ලද බැවින් සම්ප්‍රයෝගය ප්‍රතික්‍ෂිප්තය.
වෙදනාත‍්තිකපඤ‍්හෙ – එකෙන ඛන්‍ධෙනාති වෙදනාක‍්ඛන්‍ධෙනෙව. පන‍්නරසහීති චක‍්ඛුසොතඝානජිව‍්හාවිඤ‍්ඤාණධාතුමනොධාතූහි චෙව රූපධාතූහි ච. එකාදසහීති කායවිඤ‍්ඤාණධාතුයා සද‍්ධිං රූපධාතූහි.
වේදනා ත්‍රික ප්‍රශ්නයෙහි එකෙන බන්‍ධෙන යනු වේදනා ස්කන්‍ධයෙන්ම. පණ්ණරසහි යනු චක්‍ඛු සෝත ඝාන, ජිව්හා විඤ්ඤාණ ධාතු සහ මනෝ ධාතුවලින් ද රූපධාතු දහයෙන්. එකාදසහි යනු කාය විඤ්ඤාණ ධාතුව සමග රූපධාතුවලින්.
නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මපඤ‍්හෙ – පඤ‍්චහීති චක‍්ඛුවිඤ‍්ඤාණාදීහි. අනුපාදින‍්නඅනුපාදානියපඤ‍්හෙ – ඡහීති මනොවිඤ‍්ඤාණධාතුවජ‍්ජාහි. සවිතක‍්කසවිචාරපඤ‍්හෙ – පන‍්නරසහීති පඤ‍්චහි විඤ‍්ඤාණෙහි සද‍්ධිං රූපධාතූහි. අවිතක‍්කවිචාරමත‍්තපඤ‍්හෙ – එකෙන ඛන්‍ධෙනාතිආදි සඞ‍්ඛාරක‍්ඛන්‍ධවසෙනෙව වෙදිතබ‍්බං. දුතියජ‍්ඣානවිචාරඤ‍්හි ඨපෙත්‍වා සෙසා අවිතක‍්කවිචාරමත‍්තා නාම. පීතිං ඨපෙත්‍වා සෙසා පීතිසහගතා. තත්‍ථ විචාරො විචාරෙන, පීති ච පීතියා න සම‍්පයුත‍්තාති සඞ‍්ඛාරක‍්ඛන්‍ධධම‍්මායතනධම‍්මධාතූසු කෙහිචි සම‍්පයුත‍්තා නාම. සොළසහීති ධම‍්මධාතුමනොවිඤ‍්ඤාණධාතුවජ‍්ජාහෙව. අවිතක‍්කඅවිචාරපඤ‍්හෙ – එකාය ධාතුයාති මනොධාතුයා. සුඛසහගතා උපෙක‍්ඛාසහගතා ච වෙදනාත‍්තිකෙ වුත‍්තාව. දස‍්සනෙනපහාතබ‍්බාදයො කුසලසදිසාව.
නෙවවිපාක න විපාක ධම්ම ධම්ම ප්‍රශ්නයෙහි පඤ්චහී යනු චක්‍ඛු විඤ්ඤාණාදියෙන්. අනුපාදින්න අනුපාදානිය ප්‍රශ්නයෙහි ඡහී යනු මනෝ විඤ්ඤාණ ධාතු අත්හැරීමෙන්. සවිතක්ක සවිචාර ප්‍රශ්නයෙහි පණ්ණරසහි යනු පංච විඤ්ඤාණ සමග රූප ධාතුවලින්. අවිතක්ක විචාරමත්ත ප්‍රශ්නයෙහි එකෙන ඛන්‍ධෙන යනු මුලින් කී සංස්කාර ස්කන්‍ධ වශයෙන්ම දතයුතුය. දුතිය ධ්‍යාන විචාරය හැර සෙස්ස අවිතක්ක විචාරමත්ත නම් වේ. ප්‍රීතිය හැර සෙස්ස ප්‍රීති සහගත වේ. එහි විචාරය විචාරයෙන් ප්‍රීතිය ප්‍රීතියෙන් සම්ප්‍රයුක්ත නොවේ. සංඛාර ඛන්‍ධ ධම්මායතන ධම්ම ධාතුවල කිසිවක සම්ප්‍රයුක්ත නම් වේ. සොළසහී යනු මනෝධාතු මනෝ විඤ්ඤාණ ධාතු හැරීමෙන්. අවිතක්ක අවිචාර ප්‍රශ්නයෙහි එකාය ධාතුයා යනු මනෝ ධාතුවෙන් සුඛ සහගත උපෙක්‍ඛා සහගත වේදනා ත්‍රිකයෙහි කියන ලදමය. දර්ශනයෙන් අත්හළ යුතු ආදිය කුසල සමානය.
පරිත‍්තාරම‍්මණං විපාකධම‍්මසදිසං. එකාය ධාතුයාති ධම‍්මධාතුයා. කෙහිචීති යෙ තත්‍ථ පරිත‍්තාරම‍්මණා න හොන‍්ති, තෙහි. ධම‍්මධාතු පන පරිත‍්තාරම‍්මණානං ඡන‍්නං චිත‍්තුප‍්පාදානං වසෙන චතූහි ඛන්‍ධෙහි සඞ‍්ගහිතත‍්තා පඨමපටික‍්ඛෙපමෙව භජති. මහග‍්ගතාරම‍්මණාදයො කුසලසදිසාව.
පරිත්තාරම්මණය (කුඩා අරමුණ) විපාක ධම්ම සමානය. එකා ධාතුයා යනු ධම්ම ධාතුවෙන්. කෙහීචි යනු එහි පරිත්තාරම්මණ නොවේ නම් ඒවායින් ධම්ම ධාතු වනාහි චිත්තුප්පාදවල සවැන්න වශයෙන් ස්කන්‍ධ සතරේ සංගෘහීත බැවින් පළමුවන ප්‍රතික්‍ෂෙපයම සේවනය කෙරේ. මහග්ගත අරමුණු ආදිය කුසල සමානය.
අනුප‍්පන‍්නෙසු – පඤ‍්චහි ධාතූහීති චක‍්ඛුවිඤ‍්ඤාණාදීහි. තානි හි එකන‍්තෙන උප‍්පාදිධම‍්මභූතානෙව, උප‍්පන‍්නකොට‍්ඨාසම‍්පි පන භජන‍්ති. පච‍්චුප‍්පන‍්නාරම‍්මණාදයො පරිත‍්තාරම‍්මණසදිසාව . හෙතුආදයො සමුදයසදිසාව. සහෙතුකා චෙව න ච හෙතූපි පීතිසහගතසදිසාව. තථා පරාමාසසම‍්පයුත‍්තා. අනුපාදින‍්නා අනුප‍්පන‍්නසදිසාව. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.
නූපන්නෙහි පඤ්චහි ධාතූහි යනු චක්‍ඛු විඤ්ඤාණාදියෙන් ඒවාද ඒකාන්තයෙන් උප්පාදාදි ධර්ම වන බැවින්. උපන් කොටස ද භජනය කෙරේ. වර්තමාන අරමුණු පරිත්ත අරමුණුවලට සමානය. හේතු ආදිය සමුදයට සමානය. අනුපාදින්න අනුපාදින්නවලට සමානය. සෙසු සියළු තැන නොගැඹුරු අරුත් වේ.
සම‍්පයොගවිප‍්පයොගපදවණ‍්ණනා.
සම්ප්‍රයෝග විප්‍රයෝග පද නිමා විය.