යෙදුමෙන් කියවන්න

7. සම‍්පයුත‍්තෙන විප‍්පයුත‍්ත පද නිද‍්දෙසො

7. සම‍්පයුත‍්තෙන විප‍්පයුත‍්ත පද නිද‍්දෙසො

7. සම්ප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත පද නිර්‍දෙශය

1. වෙදනාක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා -පෙ- සඤ‍්ඤාක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා - සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා - විඤ‍්ඤාණක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා - මනායතනෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා තෙ ධම‍්මා කතීහි ඛන්‍ධෙහි, කතිහායතනෙහි, කතීහි ධාතූහි විප‍්පයුත‍්තා.

1. වේදනා ස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් … සංඥා ස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සංස්කාරස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් - විඥානස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනායතනය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා කෙතෙක් ආයතනයන් හා කෙතෙක් ධාතූන් හා විප්‍රයුක්ත වෙත් ද යත්:

තෙ ධම‍්මා චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්තධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍මයන් හා විප්‍රයුක්ත වෙත්.

2. චක‍්ඛුවිඤ‍්ඤාණධාතුයා යෙ ධම‍්මා -පෙ- මනො ධාතුයා යෙ ධම‍්මා - මනොවිඤ‍්ඤාණධාතුයා යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා තෙ ධම‍්මා -පෙ- න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි එකාය ධාතුයා විප‍්පයුත‍්තා.

2. චක්‍ෂුර්විඥාන ධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මනෝ ධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනෝවිඥාන ධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.

3. මනින්‍ද්‍රියෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙ ධම‍්මා -පෙ- චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

3. මනින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම්, ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වෙත්.

4. උපෙක‍්ඛින්‍ද්‍රියෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙ ධම‍්මා -පෙ- න කෙහිචි ඛන්‍ධෙහි, න කෙහිචි ආයතනෙහි, පඤ‍්චහි ධාතූහි විප‍්පයුත‍්තා.

4. උපෙක්ඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍මකෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, පඤ්ච ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

5. සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණෙන යෙ ධම‍්මා -පෙ- සළායතන පච‍්චයා ඵස‍්සෙන යෙ ධම‍්මා - ඵස‍්සපච‍්චයා වෙදනාය යෙ ධම‍්මා - ඵස‍්සෙන යෙ ධම‍්මා - වෙදනාය යෙ ධම‍්මා - සඤ‍්ඤාය යෙ ධම‍්මා - චෙතනාය යෙ ධම‍්මා - චිත‍්තෙන යෙ ධම‍්මා - මනසිකාරෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙ ධම‍්මා -පෙ- චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

5. සංස්කාර ප්‍රත්‍යයෙන් වූ විඥානය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ෂඩායතන ප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය හා සමග යම් ධර්‍ම කෙනෙක් - ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වූ වේදනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - ස්පර්‍ශය හා සමග යම් ධර්‍ම කෙනෙක් - වේදනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - සංඥාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - චේතනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තය හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනසිකාරය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

6. අධිමොක‍්ඛෙන යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙ ධම‍්මා -පෙ- න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි එකාය ධාතුයා විප‍්පයුත‍්තා.

6. අධිමෝක්‍ෂය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.

7. අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- උපෙක‍්ඛා සහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙ ධම‍්මා -පෙ- න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි, පඤ‍්චහි ධාතූහි විප‍්පයුත‍්තා.

7. අදුක්ඛමසුඛ වේදනා හා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - උපේක්‍ෂා සහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.

8. සවිතක‍්කසවිචාරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙ ධම‍්මා -පෙ- න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි, එකාය ධාතුයා විප‍්පයුත‍්තා.

8. සවිතර්‍ක සවිචාර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.

9. චිත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- චෙතසිකෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසම‍්පයුත‍්තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසංසට‍්ඨෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභූහි ධම‍්මෙහි යෙ ධම‍්මා - චිත‍්තසංසට‍්ඨ සමුට‍්ඨානානුපරිවත‍්තීහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙ ධම‍්මා -පෙ- චතූහි ඛන්‍ධෙහි එකෙනායතනෙන සත‍්තහි ධාතූහි විප‍්පයුත‍්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප‍්පයුත‍්තා.

9. චිත්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චෛතසික ධර්‍මයන් භා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සංසෘෂ්ටසමුත්‍ථානසහභූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්තධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.

10. සවිතක‍්කෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා -පෙ- සවිචාරෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙ ධම‍්මා -පෙ- න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි, එකාය ධාතුයා විප‍්පයුත‍්තා.

10. සවිතර්‍ක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක්, සවිචාර ධර්‍මයන් සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති. එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.

11. උපෙක‍්ඛා සහගතෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙ ධම‍්මා කතීහි ඛන්‍ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි විප‍්පයුත‍්තා: තෙ ධම‍්මා න කෙහිචි ඛන්‍ධෙහි න කෙහිචි ආයතනෙහි, පඤ‍්චහි ධාතූහි විප‍්පයුත‍්තා.

11. උපේක්‍ෂා සහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා කෙතෙක් ආයතනයන් හා කෙතෙක් ධාතූන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, පඤ්ච ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.

ඛන්‍ධා චතුරො ආයතනඤ‍්චමෙකං ධාතූසු සත‍්ත ද‍්වෙ පි ච ඉන්‍ද්‍රියතො තයො පටිච‍්ච තථ’රිව ඵස‍්සපඤ‍්චමා අධිමුච‍්චනා මනසි තිකෙසු තීණි. සත‍්තන‍්තරා ද‍්වෙ ච මනෙන යුත‍්තා- විතක‍්ක විචාරණා උපෙක‍්ඛකාය චා ති

සතර නාමස්කන්‍ධයෝ යැ එක් මැ මනායතන යැ ධාතූන් අතුරෙන් සප්ත විඥාන ධාතු යැ ඉන්‍ද්‍රියයන් අතුරෙන් ඉන්‍ද්‍රියයෝ දෙදෙනෙකැ පටිච්චසමුප්පාදාඞ්ගයෝ තුන් දෙනෙකැ එසේ ම ස්පර්‍ශය පස්වනු කොට ඇති පදයෝ යැ අධිමෝක්‍ෂයැ මනස්කාර යැ ත්‍රික මාතෘකා පදයන් අතුරෙන් පද තුනෙකැ මහන්තර දුකයෙන් පදයෝ සත් දෙනෙකැ, මනෝ ධාතුව හා සමග සම්ප්‍රයුක්ත වූ (විතර්‍ක විචාර පදය හා සවිතර්‍ක සවිචාර යන) දෙපද යැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත (පදය යන මේ පදයෝ මෙහි වෙති.)

සම‍්පයුත‍්තෙන විප‍්පයුත‍්තපදනිද‍්දෙසො නිට‍්ඨිතො.

සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පද නිර්‍දෙශය නිමි.