8. විප‍්පයුත‍්තෙන සම‍්පයුත‍්ත පද නිද‍්දෙසො
8. විප‍්පයුත‍්තෙන සම‍්පයුත‍්ත පද නිද‍්දෙසො
8. විප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද නිර්‍දෙශය
1. රූපක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙ ධම‍්මා කතීහි ඛන්‍ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සම‍්පයුත‍්තාති: නත්‍ථී.
1. රූපස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
2. වෙදනාක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා -පෙ- සඤ‍්ඤාක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා - සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා - විඤ‍්ඤාණක‍්ඛන්‍ධෙන යෙ ධම‍්මා - සරණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා - අරණෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, තෙ ධම‍්මා කතිහි ඛන්‍ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සම‍්පයුත‍්තාති: නත්‍ථී.
2. වේදනාස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් ... සංඥා ස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - සංස්කාර ස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - විඥාන ස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - සරණ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - අරණ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම්, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා කෙතෙක් ආයතනයන් හා කෙතෙක් ධාතූන් හා සම්ප්‍රයුක්තයෝ ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
උද්දානය:
ධම‍්මායතන ධම‍්මධාතු අථ ජීවිත නාමරූපං, සළායතනං ජාති ජරා මරණං ද‍්වෙ මාතිකෙ න ලබ‍්භරෙ. පඨමන‍්තරෙ සත‍්ත ච ගොච‍්ඡකෙ දස අපරන‍්තෙ. චුද‍්දස ඡ ව මත්‍ථකෙ ඉච‍්චෙතෙ සත‍්තචත‍්තාළීස ධම‍්මා, සමුච‍්ඡෙදෙ න ලබ‍්භන‍්ති මොඝපුච‍්ඡකෙන ච.
ධර්‍මායතන යැ ද ධර්‍මධාතු යැ යළි ජීවිතේන්‍ද්‍රිය යැ නාම රූප යැ ෂඩායතන යැ ජාතියැ ජරා යැ මරණ යැ (ත්‍රිකදුක) මාතෘකායෙහි දෙ පදයෙකැ පළමුවන චුල්ලන්තර දුකයෙහි සත් වැදෑරුම් වූ පදයෝ යැ ගොච්ඡකයෙහි දස පදයෙකැ අන්‍ය වූ මහන්තර දුකයෙහි තුදුස් පද යැ මත්තෙහි පිට්ඨිදුකයෙහි සපදයෙකැ යන මේ සත්සාළිසක් ප්‍රභේද ගත වූ (අෂ්ට) පදයෝ මෝඝපුච්ඡක නම් වූ මේ නිර්‍දෙශය හා සමග සමුච්ඡේද නම් වූ චුද්දසම නය නිර්දේශයෙහි නො ලැබෙත්.
විප‍්පයුත‍්තෙන සම‍්පයුත‍්ත පද නිද‍්දෙසො නිට‍්ඨිතො.
විප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද නිර්‍දෙශය නිමි.