පඤ‍්චමං චිත‍්තං
150. කතමෙ ධම‍්මා කුසලා?
150. කවර දහම්හු කුශලහ යත්:
යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛා සහගතං ඤාණසම‍්පයුත‍්තං රූපාරම‍්මණං වා සද‍්දාරම‍්මණං වා ගන්‍ධාරම‍්මණං වා රසාරම‍්මණං වා ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ - තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, උපෙක‍්ඛා හොති, චිත‍්තස‍්සෙ’කග‍්ගතා හොති, සද‍්ධින්‍ද්‍රියං හොති, විරියින්‍ද්‍රියං හොති, සතින්‍ද්‍රියං හොති, සමාධින්‍ද්‍රියං හොති, පඤ‍්ඤින්‍ද්‍රියං හොති, මනින්‍ද්‍රියං හොති, උපෙක‍්ඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, සම‍්මාදිට‍්ඨි හොති,
යම් කලෙක්හි රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණෙකැ හෝ එල්බැ උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තේකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි,
සම‍්මාසඞ‍්කප‍්පො හොති, සම‍්මාවායාමො හොති, සම‍්මාසති හොති, සම‍්මා සමාධි හොති, සද‍්ධාබලං හොති, විරියබලං හොති, සතිබලං හොති, සමාධිබලං හොති, පඤ‍්ඤාබලං හොති, හිරිබලං හොති, ඔත‍්තප‍්පබලං හොති, අලොභො හොති, අදොසො හොති, අමොහො හොති, අනභිජ‍්ඣා හොති, අව්‍යාපාදො හොති, සම‍්මාදිට‍්ඨි හොති, හිරි හොති, ඔත‍්තප‍්පං හොති, කායපස‍්සද‍්ධි හොති, චිත‍්තපස‍්සද‍්ධි හොති, කායලහුතා හොති, චිත‍්තලහුතා හොති, කායමුදුතා හොති, චිත‍්තමුදුතා හොති, කායකම‍්මඤ‍්ඤතා හොති, චිත‍්තකම‍්මඤ‍්ඤතා හොති, කායපාගුඤ‍්ඤතා හොති, චිත‍්තපාගුඤ‍්ඤතා හොති, කායුජ‍්ජුකතා හොති, චිත‍්තුජ‍්ජුකතා හොති, සති හොති, සම‍්පජඤ‍්ඤං හොති, සමථො හොති, විපස‍්සනා හොති, පග‍්ගාහො හොති, අවික‍්ඛෙපො හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා - ඉමෙ ධම‍්මා කුසලා.
සම්‍යක්සංකල්පය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි, සම්‍යක්සමාධිය වෙයි, ශ්‍රද්ධාබලය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, ස්මෘතිබලය වෙයි, සමාධිබලය වෙයි, ප්‍රඥාබලය වෙයි, හිරිබලය වෙයි, ඔත්තප්පබලය වෙයි, අලෝභය වෙයි, අද්වේෂය වෙයි, අමෝහය වෙයි, අනභිධ්‍යාව වෙයි, අව්‍යාපාදය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, හිරිය වෙයි, ඔත්තප්පය වේ, කායප්‍රශ්‍රබ්ධිය වෙයි, චිත්තප්‍රශ්‍රබ්ධිය වෙයි, කායලඝුත්‍වය වෙයි, චිත්තලඝුත්‍වය වෙයි, කායමෘදුත්‍වය වෙයි, චිත්තමෘදුත්‍වය වෙයි, කායකර්‍මණ්‍යතා වෙයි, චිත්තකර්‍මණ්‍යතා වෙයි, කායප්‍රගුණත්‍වය වෙයි, චිත්තප්‍රගුණත්‍වය වෙයි, කාය ඍජුත්‍වය වෙයි, චිත්ත ඍජුත්‍වය වෙයි, ස්මෘතිය වෙයි, සම්‍යග්ඥානය වෙයි, ශමථය වෙයි, විදර්‍ශනාව වෙයි, අවික්‍ෂේපය වේ. තවද, එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ, යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
151. කතමො තස‍්මිං සමයෙ ඵස‍්සො හොති?
151. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
යො තස‍්මිං සමයෙ ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං - අයං තස‍්මිං සමයෙ ඵස‍්සො හොති.
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද - මේ එසමයෙහි ස්පර්‍ශය වේ.
152. කතමා තස‍්මිං සමයෙ වෙදනා හොති?
152. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
යං තස‍්මිං සමයෙ තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජං චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම‍්ඵස‍්සජං අදුක‍්ඛමසුඛං වෙදයිතං චෙතො සම‍්ඵස‍්සජා අදුක‍්ඛමසුඛා වෙදනා - අයං තස‍්මිං සමයෙ වෙදනා හොති -පෙ-
එසමයෙහි යම් තදනුරූප වූ මනෝවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක් වේ ද - මේ එසමයෙහි වේදනාව වේ. ...
153. කතමා තස‍්මිං සමයෙ උපෙක‍්ඛා හොති?
153. කවරක් එසමයෙහි උපේක්‍ෂා වෙයි යත්:
යං තස‍්මිං සමයෙ චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම‍්ඵස‍්සජං අදුක‍්ඛමසුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා අදුක‍්ඛමසුඛා වෙදනා - අයං තස‍්මිං සමයෙ උපෙක‍්ඛා හොති -පෙ-
එසමයෙහි යම් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක් වේ ද - මේ එසමයෙහි උපේක්‍ෂාව වේ. ...
154. කතමං තස‍්මිං සමයෙ උපෙක‍්ඛින්‍ද්‍රියං හොති?
154. කවරෙක් එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්:
යං තස‍්මිං සමයෙ චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම‍්ඵස‍්සජං අදුක‍්ඛමසුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා අදුක‍්ඛමසුඛා වෙදනා - ඉදං තස‍්මිං සමයෙ උපෙක‍්ඛින්‍ද්‍රියං හොති -පෙ-
එසමයෙහි යම් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වේ. ...
යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා - ඉමෙ ධම‍්මා කුසලා -පෙ-
තවද එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි. ...
තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, අට‍්ඨින්‍ද්‍රියානි හොන‍්ති, චතුරඞ‍්ගිකං ඣානං හොති, පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො හොති, සත‍්තබලානි හොන‍්ති, තයො හෙතු හොන‍්ති, එකො ඵස‍්සො හොති -පෙ- එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා - ඉමෙ ධම‍්මා කුසලා -පෙ-
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, චතුරඞ්ගධ්‍යානය වෙයි, පඤ්චාඞ්ගමාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතූහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි. ...
155. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?
155. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ඵස‍්සො චෙතනා විතක‍්කො විචාරො චිත‍්තස‍්සෙ’කග‍්ගතා සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි සද‍්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං පඤ‍්ඤාබලං හිරිබලං ඔත‍්තප‍්පබලං අලොභො අදොසො අමොහො අනභිජ‍්ඣා අව්‍යාපාදො සම‍්මාදිට‍්ඨි හිරි ඔත‍්තප‍්පං කායපස‍්සද‍්ධි චිත‍්තපස‍්සද‍්ධි කායලහුතා චිත‍්තලහුතා කායමුදුතා චිත‍්තමුදුතා කායකම‍්මඤ‍්ඤතා චිත‍්තකම‍්මඤ‍්ඤතා කායපාගුඤ‍්ඤතා චිත‍්තපාගුඤ‍්ඤතා කායුජ‍්ජුකතා චිත‍්තුජ‍්ජුකතා සති සම‍්පජඤ‍්ඤං සමථො විපස‍්සනා පග‍්ගාහො අවික‍්ඛෙපො, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං - අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.
ස්පර්‍ශ ය, චේතනා ය, විතර්‍ක ය, විචාර ය, චිත්තේකාග්‍රතා ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතින්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි ය, ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල ය, හිරිබල ය, ඔත්තප්පබල ය, අලෝභ ය, අදෝස ය, අමෝහ ය, අනභිධ්‍යා ය, අව්‍යාපාද ය, සම්‍යග්දෘෂ්ටි ය, හිරි ය, ඔත්තප්ප ය, කායප්‍රශ්‍රබ්ධි ය, චිත්තප්‍රශ්‍රබ්ධි ය, කායලඝුත්‍ව ය, චිත්තලඝුත්‍ව ය, කායමෘදුත්‍ව ය, චිත්තමෘදුත්‍ව ය, කායකර්‍මණ්‍යතා ය, චිත්තකර්‍මණ්‍යතා ය, කායප්‍රාගුණ්‍ය ය, චිත්තප්‍රාගුණ්‍ය ය, කායඍජුත්‍ව ය, චිත්තඍජුත්‍ව ය, ස්මෘති ය, සම්‍යග්ඥාන ය, ශමථ ය, විදර්‍ශනා ය, ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.