යෙදුමෙන් කියවන්න

පඤ‍්චකං

සම්පූර්ණ පරිච්ඡේදය

591. පඤ‍්චවිධෙන රූපසඞ‍්ගහො:

591. පස් කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:

පඨවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු, යං ච රූපං උපාදා.

පෘථිවිධාතු ය, අබ්ධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු ය, යම් උපාදාරූපයෙකුත් වේ ද ඒ යැයි.

එවං පඤ‍්චවිධෙන රූපසඞ‍්ගහො.

මෙසේ පස් කොටසින් රූපසඞ්ග්‍රහය වේ.

පඤ‍්චකං.

පඤ්චකය යි.

592. ඡබ‍්බිධෙන රූපසඞ‍්ගහො:

592. ස කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:

චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං රූපං, සොතවිඤ‍්ඤෙය්‍යං රූපං, ඝානවිඤ‍්ඤෙය්‍යං රූපං, ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යං රූපං, කායවිඤ‍්ඤෙය්‍යං රූපං, මනොවිඤ‍්ඤෙය්‍යං රූපං.

චක්‍ෂුර්විඥේයරූප ය, ශ්‍රොතවිඥෙයරූප ය, ඝ්‍රාණවිඥේයරූප ය, ජිහ්වාවිඥේයරූප ය, කායවිඥේයරූප ය, මනෝවිඥේයරූප යයි.

එවං ඡබ‍්බිධෙන රූපසඞ‍්ගහො.

මෙසේ ස කොටසින් රූපසඞ්ග්‍රහය වේ.

ඡක‍්කං.

ෂට්කය යි.

593. සත‍්තවිධෙන රූපසඞ‍්ගහො:

593. සත් කොටසෙකින් රූපසඞ්‍ග්‍රහය වෙයි:

චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං රූපං, සොතවිඤ‍්ඤෙය්‍යං රූපං, ඝානවිඤ‍්ඤෙය්‍යං රූපං, ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යං රූපං, කායවිඤ‍්ඤෙය්‍යං රූපං, මනොධාතුවිඤ‍්ඤෙය්‍යං රූපං, මනොවිඤ‍්ඤාණධාතුවිඤ‍්ඤෙය්‍යං රූපං.

චක්‍ෂුර්විඥේයරූප ය, ශ්‍රොතවිඥෙයරූප ය, ඝ්‍රාණවිඥේයරූප ය, ජිහ්වාවිඥේයරූප ය, කායවිඥේයරූප ය, මනෝධාතුවිඥේයරූප ය, මනෝවිඥානධාතුවිඥේයරූප යයි.

එවං සත‍්තවිධෙන රූපසඞ‍්ගහො.

මෙසේ සත් කොටසින් රූපසඞ්ග්‍රහය වේ.

සත‍්තකං.

සප්තකය යි.

594. අට‍්ඨවිධෙන රූපසඞ‍්ගහො:

594. අට කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:

චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං රූපං, සොතවිඤ‍්ඤෙය්‍යං රූපං, ඝානවිඤ‍්ඤෙය්‍යං රූපං, ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යං රූපං, කායවිඤ‍්ඤෙය්‍යං රූපං අත්‍ථි සුඛසම‍්ඵස‍්ස, අත්‍ථි දුක‍්ඛසම‍්ඵස‍්සං, මනොධාතුවිඤ‍්ඤෙය්‍යං රූපං, මනොවිඤ‍්ඤාණධාතුවිඤ‍්ඤෙය්‍යං රූපං.

චක්‍ෂුර්විඥේයරූප ය, ශ්‍රොතවිඥෙයරූප ය, ඝ්‍රාණවිඥේයරූප ය, ජිහ්වාවිඥේයරූප ය, කායවිඥේයරූප ය සුඛසංස්පර්‍ශ වූයෙක් ඇත, දුඃඛ සංස්පර්‍ශ වූයෙක් ඇත, මනෝධාතුවිඥේයරූප ය, මනෝවිඥානධාතුවිඥේයරූප යයි.

එවං අට‍්ඨවිධෙන රූපසඞ‍්ගහො.

මෙසේ අට කොටසින් රූපසඞ්ග්‍රහය වේ.

අට‍්ඨකං.

අෂ්ටකය යි.

595. නවවිධෙන රූපසඞ‍්ගහො:

595. නව කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:

චක‍්ඛුන්‍ද්‍රියං, සොතින්‍ද්‍රියං, ඝානින්‍ද්‍රියං, ජිව‍්හින්‍ද්‍රියං, කායින්‍ද්‍රියං, ඉත්‍ථින්‍ද්‍රියං, පුරිසින්‍ද්‍රියං, ජීවිතින්‍ද්‍රියං, යඤ‍්ච රූපං න ඉන්‍ද්‍රියං.

චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණෛන්‍ද්‍රිය ය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, පුරුෂේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, යම් ඉන්‍ද්‍රිය නො වූ රූපයෙකුත් වේ ද, ඒ ය යි.

එවං නවවිධෙන රූපසඞ‍්ගහො.

මෙසේ නව කොටසින් රූපසඞ්ග්‍රහය වේ.

නවකං.

නවකය යි.

596. දසවිධෙන රූපසඞ‍්ගහො:

596. දස කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:

චක‍්ඛුන්‍ද්‍රියං, සොතින්‍ද්‍රියං, ඝානින්‍ද්‍රියං, ජිව‍්හින්‍ද්‍රියං, කායින්‍ද්‍රියං, ඉත්‍ථින්‍ද්‍රියං, පුරිසින්‍ද්‍රියං, ජීවිතින්‍ද්‍රියං, න ඉන්‍ද්‍රියං රූපං අත්‍ථි සප‍්පටිඝං, අත්‍ථි අප‍්පටිඝං.

චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණේන්‍ද්‍රිය ය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, පුරුෂේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, ඉන්‍ද්‍රිය නො වූ සප්‍රතිඝරූපයෙකුත් ඇත, අප්‍රතිඝරූපයෙක් ඇත.

එවං දසවිධෙන රූපසඞ‍්ගහො.

මෙසේ දස කොටසින් රූපසඞ්ග්‍රහය වේ.

දසකං.

දශකය යි.

597. එකාදසවිධෙන රූපසඞ‍්ගහො:

597. එකොළොස් කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:

චක‍්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව‍්හායතනං, කායායතනං, රූපායතනං, සද‍්දායතනං, ගන්‍ධායතනං, රසායතනං, ඵොට‍්ඨබ‍්බායතනං, යඤ‍්ච රූපං අනිදස‍්සනං අප‍්පටිඝං ධම‍්මායතනපරියාපන‍්නං.

චක්‍ෂුරායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ඝ්‍රාණායතන ය, ජිහ්වායතන ය, කායායතන ය, රූපායතන ය, ශබ්දායතන ය, ගන්‍ධායතන ය, රසායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, යම් අනිදර්‍ශන වූ අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ රූපයෙකුත් වේ ද, ඒ ය යි.

එවං එකාදසවිධෙන රූපසඞ‍්ගහො.

මෙසෙයින් එකොළොස් කොටසින් රූපසඞ්ග්‍රහය වේ.

එකාදසකං.

එකාදශකය යි.

මාතිකා.

මාතෘකා යි.