එකච‍්චං අත්‍ථීතිකථා
1. 8.
1. 8.
එකච‍්චං අත්‍ථීතිකථා
ඒකච්චං අත්‍ථීතිකථා
[කාශ්‍යපීයනිකායවාසීහු ‘කිසි අතීතයෙක් ඇති’යි ලබ්ධි ගත්හ. උන්ගේ ලබ්ධි බිඳුනට ‘ඒකච්චං අත්‍ථී’ති කථා එයි.]
1. ස. පු: අතීතං අත්‍ථී’ති.
1. ස. පු: අතීතය ඇද්ද?
ප. වි: එකච‍්චං අත්‍ථී එකච‍්චං නත්‍ථී’ති.
ප. වි: කිසි අතීතයෙක් ඇත, කිසි අතීතයෙක් නැත.
ස. අනු: එකච‍්චං නිරුද‍්ධං, එකච‍්චං න නිරුද‍්ධං, එකච‍්චං විගතං, එකච‍්චං අවිගතං, එකච‍්චං අත්‍ථඞ‍්ගතං, එකච‍්චං න අත්‍ථඞ‍්ගතං, එකච‍්චං අබ‍්භත්‍ථඞ‍්ගතං, එකච‍්චං න අබ‍්භත්‍ථඞ‍්ගතන‍්ති.
ස. අනු: කිසි අතීතයෙක් නිරුද්ධ ද? කිසි අතීතයෙක් අනිරුද්ධ ද? කිසි අතීතයෙක් විගත ද? කිසි අතීතයෙක් අවිගත ද? කිසි අතීතයෙක් අස්තඞ්ගත ද? කිසි අතීතයෙක් අනස්තඞ්ගත ද? කිසි අතීතයෙක් වෙසෙසින් අස්තඞ්ගත ද? කිසි අතීතයෙක් වෙසෙසින් අස්තඞ්ගත නො වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: අතීතං එකච‍්චං අත්‍ථී, එකච‍්චං නත්‍ථී’ති.
2. ස. පු: කිසි අතීතයෙක් ඇද්ද? කිසි අතීතයෙක් නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා එකච‍්චෙ අත්‍ථී, එකච‍්චෙ නත්‍ථී’ති.
ස. අනු: අතීත වූ කිසි අවිපක්‍ව (නො පැසුණු) විපාක ධර්‍ම කෙනෙක් ඇද්ද? කිසි (අවිපක්‍වවිපාක) ධර්‍ම කෙනෙක් නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: අතීතං එකච‍්චං අත්‍ථී, එකච‍්චං නත්‍ථී’ති.
3. ස. පු: කිසි අතීතයෙක් ඇද්ද? කිසි අතීතයෙක් නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතා විපක‍්කවිපාකා ධම‍්මා එකච‍්චෙ අත්‍ථී, එකච‍්චෙ නත්‍ථී’ති.
ස. අනු: අතීත වූ කිසි විපක්‍ව (පැසුණු) විපාකධර්‍ම කෙනෙක් ඇද්ද? කිසි ධර්‍ම කෙනෙක් නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: අතීතං එකච‍්චං අත්‍ථී, එකච‍්චං නත්‍ථී’ති.
4. ස. පු: කිසි අතීතයෙක් ඇද්ද? කිසි අතීතයෙක් නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතා අවිපාකා ධම‍්මා එකච‍්චෙ අත්‍ථී, එකච‍්චෙ නත්‍ථී’ති.
ස. අනු: අතීත වූ කිසි අවිපාකධර්‍ම කෙනෙක් ඇද්ද? කිසි ධර්‍ම කෙනෙක් නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: අතීතං එකච‍්චං අත්‍ථී, එකච‍්චං නත්‍ථී’ති.
5. ස. පු: කිසි අතීතයෙක් ඇද්ද? කිසි අතීතයෙක් නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කිං අත්‍ථී, කිං නත්‍ථී’ති.
ස. අනු: කුමක් ඇද්ද? කුමක් නැද්ද?
ප. වි: අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා තෙ අත්‍ථී, අතීතා විපක‍්කවිපාකා ධම‍්මා තෙ නත්‍ථී’ති.
ප. වි: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍ම කෙනෙක් වෙත් ද, ඔහු ඇත. අතීත වූ විපක්‍වවිපාකධර්‍ම කෙනෙක් වෙත් ද, ඔහු නැත.
ස. අනු: අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා තෙ අත්‍ථී’ති.
ස. අනු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍ම කෙනෙක් වෙත් නම් ඔහු ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතා විපක‍්කවිපාකා ධම‍්මා තෙ අත්‍ථී’ති.
ස. අනු: අතීත වූ විපක්‍වවිපාකධර්‍ම කෙනෙක් වෙත් නම් ඔහු ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා තෙ අත්‍ථී’ති.
6. ස. පු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍ම කෙනෙක් ඇත් නම් ඔහු ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතා අවිපාකා ධම‍්මා තෙ අත්‍ථී’ති.
ස. අනු: අතීත වූ අවිපාකධර්‍මයෝ ඇත් නම් ඔහු ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: අතීතා විපක‍්කවිපාකා ධම‍්මා තෙ නත්‍ථී’ති.
7. ස. පු: අතීත වූ විපක්‍වවිපාකධර්‍මයෝ ඇත් නම් ඔහු නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා තෙ නත්‍ථී’ති.
ස. අනු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයෝ වෙත් නම් ඔහු නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
8. ස. පු: අතීතා අවිපාකා ධම‍්මා තෙ නත්‍ථී’ති.
8. ස. පු: අතීත වූ අවිපාකධර්‍මයෝ වෙත් නම් ඔහු නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා තෙ නත්‍ථී’ති.
ස. අනු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයෝ වෙත් නම් ඔහු නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
9. ස. පු: අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා තෙ අත්‍ථී’ති.
9. ස. පු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයෝ වෙත් නම් ඔහු ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා නිරුද‍්ධා’ති.
ස. අනු: අතීත වූ අවිපක්‍වවිපාක ධර්‍මයෝ නිරුද්ධ වූවාහු නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ
අනු. ඨ: හඤ‍්චි අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා නිරුද‍්ධා,
අනු. ඨ: ඉදින් අතීත වූ අවිපක්‍වවිපාකර්‍ධමයෝ නිරුද්ධ වූවාහු නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා තෙ අත්‍ථී’ති.
අනු. පා: එකරුණින් භවත, ‘අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ වෙත් නම් ඔහු ඇතැ’යි නො කියැයුතු මැ යැ.
10. ස. පු: අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා නිරුද‍්ධා, තෙ අත්‍ථී’ති.
10. ස. පු: අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතා විපක‍්කවිපාකා ධම‍්මා නිරුද‍්ධා, තෙ අත්‍ථී’ති.
ස. අනු: අතීත විපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
11. ස. පු: අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා නිරුද‍්ධා, තෙ අත්‍ථී’ති.
11. ස. පු: අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතා අවිපාකා ධම‍්මා නිරුද‍්ධා, තෙ අත්‍ථී’ති.
ස. අනු: අතීත අවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
12. ස. පු: අතීතා විපක‍්කවිපාකා ධම‍්මා නිරුද‍්ධා, තෙ නත්‍ථී’ති.
12. ස. පු: අතීත විපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා නිරුද‍්ධා, තෙ නත්‍ථී’ති.
ස. අනු: අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
13. ස. පු: අතීතා විපක‍්කවිපාකා ධම‍්මා නිරුද‍්ධා, තෙ නත්‍ථී’ති.
13. ස. පු: අතීත විපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අතීතා අවිපාකා ධම‍්මා නිරුද‍්ධා, තෙ නත්‍ථී’ති.
ස. අනු: අතීත අවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
14. ස. පු: අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා නිරුද‍්ධා, තෙ අත්‍ථී’ති.
14. ස. පු: අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු ඇද්ද?
ප. පටි: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: අතීතා විපක‍්කවිපාකා ධම‍්මා නිරුද‍්ධා, තෙ නත්‍ථී’ති.
ස. පු: අතීත විපක්‍වවිපාකධර්‍මයෝ නිරුද්ධයහ. ඔහු නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: අතීතා එකදෙසං විපක‍්කවිපාකා ධම‍්මා, නිරුද‍්ධා, එකදෙසං අවිපක‍්කවිපාකා ධම‍්මා නිරුද‍්ධා, තෙ එකච‍්චෙ අත්‍ථී එකච‍්චෙ නත්‍ථී’ති.
ස. පු: අතීත වූ විපක්‍වවිපාකධර්‍මයෝ ඒකදේශ වශයෙන් නිරුද්ධයහ, එහි කිසි කෙනෙක් ඇද්ද? කිසි කෙනෙක් නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
15. ප. පු: න වත‍්තබ‍්බං: අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා තෙ අත්‍ථී’ති.
15. ප. පු: ‘අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයහ. ඔහු ඇති’යි නො කියැයුතු ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා විපච‍්චිස‍්සන‍්තීති.
ප. අනු: අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයෝ විපාක දෙන්නාහු නො?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා විපච‍්චිස‍්සන‍්ති,
අනු. ඨ: ඉදින් අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයෝ විපාක දෙත් ද?
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා, තෙ අත්‍ථී’ති.
අනු. පා: එයින් භවත, ‘අතීත වූ අවිපක්‍වවිපාකධර්‍මයහ. ඔහු ඇති’යි කියැයුතු මැ යැ ...
16. ස. පු: අතීතා අවිපක‍්කවිපාකා ධම‍්මා විපච‍්චිස‍්සන‍්තී’ති කත්‍වා තෙ අත්‍ථී’ති.
16. ස. පු: ‘අතීත අවිපක්‍වවිපාකධර්‍මයෝ විපාක දෙති’යි කොට ඔහු ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: විපච‍්චිස‍්සන‍්තීති කත්‍වා පච‍්චුප‍්පන‍්නා’ති.
ස. අනු: ‘විපාක දෙති’යි කොට ප්‍රත්‍යුත්‍පන්‍න වෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: විපච‍්චිස‍්සන‍්තී’ති කත්‍වා පච‍්චුප‍්පන‍්නා’ති.
ස. පු: ‘විපාක දෙති’යි කොට ප්‍රත්‍යුත්‍පන්‍න වෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පච‍්චුප‍්පන‍්නා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තී’ති කත්‍වා තෙ නත්‍ථී’ති.
ස. අනු: ‘ප්‍රත්‍යුත්‍පන්‍නධර්‍මයෝ නිරුද්ධ වෙති’යි කොට ඔහු නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
17. ස. පු: අනාගතං අත්‍ථී’ති.
17. ස. පු: අනාගතය ඇද්ද?
ප. වි: එකච‍්චං අත්‍ථී, එකච‍්චං නත්‍ථී’ති.
ප. වි: කිසිවෙක් ඇත. කිසිවෙක් නැත.
ස. අනු: එකච‍්චං ජාතං එකච‍්චං අජාතං, එකච‍්චං සඤ‍්ජාතං එකච‍්චං අසඤ‍්ජාතං, එකච‍්චං නිබ‍්බත‍්තං එකච‍්චං අනිබ‍්බත‍්තං, එකච‍්චං පාතුභූතං එකච‍්චං අපාතුභූතන‍්ති.
ස. අනු: කිසිවෙක් ජාත යැ කිසිවෙක් අජාත යැ? කිසිවෙක් සඤ්ජාත යැ කිසිවෙක් අසඤ්ජාත යැ? කිසිවෙක් හටගැනිණ කිසිවෙක් නො හටගැනිණ? කිසිවෙක් පහළ වී කිසිවෙක් නො පහළ වී?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
18. ස. පු: අනාගතං එකච‍්චං අත්‍ථී, එකච‍්චං නත්‍ථී’ති.
18. ස. පු: අනාගත වූ කිසිවෙක් ඇද්ද? කිසිවෙක් නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගත උප‍්පාදිනො ධම‍්මා, එකච‍්චෙ අත්‍ථී එකච‍්චෙ නත්‍ථී’ති.
ස. අනු: අනාගතයෙහි උපදනාසුලු ධර්‍මයහ. එහි කිසිවෙක් ඇද්ද? කිසිවෙක් නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
19. ස. පු: අනාගතං එකච‍්චං අත්‍ථී, එකච‍්චං නත්‍ථී’ති.
19. ස. පු: අනාගත වූ කිසිවෙක් ඇද්ද? කිසිවෙක් නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතා අනුප‍්පාදිනො ධම‍්මා, එකච‍්චෙ අත්‍ථී එකච‍්චෙ නත්‍ථී’ති.
ස. අනු: අනාගතයෙහි නූපදනා සැහැවි ධර්‍මයහ. එහි කිසිවෙක් ඇද්ද? කිසිවෙක් නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
20. ස. පු: අනාගතං එකච‍්චං අත්‍ථි, එකච‍්චං නත්‍ථී’ති.
20. ස. පු: අනාගත වූ කිසිවෙක් ඇද්ද? කිසිවෙක් නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කිමත්‍ථි කිං නත්‍ථී’ති.
ස. අනු: කිමෙක් ඇද්ද? කිමෙක් නැද්ද?
ප. වි: අනාගතා උප‍්පාදිනො ධම‍්මා තෙ අත්‍ථි, අනාගතා අනුප‍්පාදිනො ධම‍්මා තෙ නත්‍ථී’ති.
ප. වි: අනාගත වූ උපදනා සැහැවි ධර්‍මයහ. ඔහු ඇත. අනාගත වූ නූපදනා සැහැවි ධර්‍මයහ. ඔහු නැත.
ස. අනු: අනාගතා උප‍්පාදිනො ධම‍්මා තෙ අත්‍ථී’ති.
ස. අනු: අනාගත වූ උපදනා සැහැවි ධර්‍මයහ. ඔහු ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතා අනුප‍්පාදිනො ධම‍්මා තෙ අත්‍ථී’ති.
ස. අනු: අනාගත වූ නූපදනා සැහැවි ධර්‍මයහ. ඔහු ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
21. ස. පු: අනාගතා අනුප‍්පාදිනො ධම‍්මා, තෙ නත්‍ථීති.
21. ස. පු: අනාගත වූ උත්පාදස්වභාව රහිත ධර්‍මයහ. ඔහු නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතා උප‍්පාදිනො ධම‍්මා, තෙ නත්‍ථී’ති.
ස. අනු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයහ. ඔහු නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
22. ස. පු: අනාගතා උප‍්පාදිනො ධම‍්මා තෙ අත්‍ථී’ති.
22. ස. පු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයහ. ඔහු ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අනාගතා උප‍්පාදිනො ධම‍්මා අජාතාති.
ස. අනු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ නූපන්නාහු නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අනාගතා උප‍්පාදිනො ධම‍්මා අජාතාති,
අනු. ඨ: ඉදින් අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ අජාත වෙත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ අනාගතා උප‍්පාදිනො ධම‍්මා, තෙ අත්‍ථී’ති.
අනු. පා: භවත, ‘අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයහ. ඔහු ඇති’යි නො කියැයුතු මැ යැ.
23. ස. පු: අනාගතා උප‍්පාදිනො ධම‍්මා අජාතා, තෙ අත්‍ථීති.
23. ස. පු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ අජාතයහ. ඔහු ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතා අනුප‍්පාදිනො ධම‍්මා අජාතා, තෙ අත්‍ථී’ති.
ස. අනු: අනාගත වූ උත්පාදස්වභාව රහිත ධර්‍මයෝ අජාතයහ. ඔහු ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
24. ස. පු: අනාගතා අනුප‍්පාදිනො ධම‍්මා අජාතා, තෙ නත්‍ථී’ති.
24. ස. පු: අනාගත වූ උත්පාදස්වභාව රහිත ධර්‍මයෝ අජාතයහ. ඔහු නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගතා උප‍්පාදිනො ධම‍්මා අජාතා, තෙ නත්‍ථී’ති.
ස. අනු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ අජාතයහ. ඔහු නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
25. ප. පු: න වත‍්තබ‍්බං ‘අනාගතා උප‍්පාදිනො ධම‍්මා, තෙ අත්‍ථී’ති.
25. ප. පු: ‘අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයහ. ඔහු ඇති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු අනාගතා උප‍්පාදිනො ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තී’ති.
ප. අනු: අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ උපදනාහු නො?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අනාගතා උප‍්පාදිනො ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති,
අනු. ඨ: ඉදින් අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ උපදනාහු නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: අනාගතා උප‍්පාදිනො ධම‍්මා, තෙ අත්‍ථී’ති.
අනු. පා: භවත, එකරුණින් ‘අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයහ. ඔහු ඇති’යි කියැයුතු මැ යැ.
26. ස. පු: අනාගතා උප‍්පාදිනො ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තී’ති කත්‍වා තෙ අත්‍ථී’ති.
26. ස. පු: ‘අනාගත වූ උත්පාදස්වභාව ඇති ධර්‍මයෝ උපදනාහ’යි කොට ගෙන ඔහු ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උප‍්පජ‍්ජිස‍්සන‍්තී’ති කත්‍වා පච‍්චුප‍්පන‍්නා’ති.
ස. අනු: ‘මතු උපදිති’යි කොටගෙන මේ වත්මනුයෙහි ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: උප‍්පජ‍්ජිස‍්සන‍්තී’ති කත්‍වා පච‍්චුප‍්පන‍්නා’ති.
ස. පු: ‘මතු උපදිති’යි කොටගෙන මේ වත්මනුයෙහි ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පච‍්චුප‍්පන‍්නා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තී’ති කත්‍වා තෙ නත්‍ථී’ති.
ස. අනු: ‘ප්‍රත්‍යුත්‍පන්‍න වූ ධර්‍මයෝ මතු නිරුද්ධ වෙති’යි කොටගෙන ඔහු නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
එකච‍්චං අත්‍ථීතිකථා නිට‍්ඨිතා.
ඒකච්චං අත්‍ථීතිකථා නිමි.