සතිපට්ඨානකථා
1. 9.
1. 9.
සතිපට්ඨානකථා
සතිපට්ඨානකථා
[ස්මෘතිගෝචරය ද ‘සතිපට්ඨාන’ නම් වෙයි. ස්මෘතීහුදු සතිපට්ඨාන නම් වෙති. එසේ වතුදු අන්‍ධකාදි නිකායන්‍තරවාසී කිසි කෙනෙක් හැම දහම්හු ‘සතිපට්ඨානයහ’ යි නිශ්චය කොට කියත්. උන්ගේ වාද බිඳුනට සතිපට්ඨාන කථා එයි.]
1. ස. පු: සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
1. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සබ්බෙ ධම්මා - සති, සතින්ද්රියං, සතිබලං, සම්මාසතිසතිම්බොජ්ඣඞ්ගො, එකායනමග්ගො ඛයගාමී බොධගාමී අපචයගාමී අනාසවා අසඤ්ඤොජනියා අගන්ථනීයා අනොඝනීයා අයොගනීයා අනීවරණියා අපරාමට්ඨා අනුපාදානියා, අසඞ්කිලෙසිකා? සබ්බෙධම්මා - බුද්ධානුස්සති, ධම්මානුස්සති, සඞ්ඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති, ආනාපානසති, මරණානුස්සති, කායගතාසති, උපසමානුස්සතී’ති?
ස. අනු: සර්ව ධර්මයෝ – ස්මෘති, ස්මෘතීන්‍ද්‍රිය, ස්මෘතිබලා, සම්‍යක්ස්මෘති, ස්මෘතිසම්බොධ්‍යඞ්ග, ඒකායනමාර්‍ග වෙත් ද? ක්‍ෂයගාමී වෙත් ද, බෝධගාමී වෙත් ද, අපචයගාමී වෙත් ද, අනාස්‍රව වෙත් ද, සංයෝජනයනට හිතකර නො වෙත් ද, සංසාර ඝටන නො කළ යුත්තෝ වෙත් ද, සසරවටහි අවගාහ නො කළ යුත්තෝ වෙත් ද, සසරෙහි යුඤ්‍ජන නො කළ යුත්තෝ වෙත් ද, නීවරණයට හිතයෝ නො වෙත් ද, පරාමාස රහිත වෙත් ද, උපාදාන රහිත වෙත් ද, සංක්ලේශ රහිත වෙත් ද? හැම දහම්හු – බුද්ධානුස්මෘති, ධර්මානුස්මෘති, සඞ්ඝානුස්මෘති, ශීලානුස්මෘති, ත්‍යාගානුස්මෘති, දේවතානුස්මෘති, ආනාපානස්මෘති, මරණානුස්මෘති, කායගතස්මෘති, උපශමානුස්මෘති වෙත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
2. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්ඛායතනං සතිපට්ඨානන්ති.
ස. අනු: චක්ඛායතනය සතිපට්ඨාන වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: චක්ඛායතනං සතිපට්ඨානන්ති.
3. ස. පු: චක්ඛායතනය සතිපට්ඨාන වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්ඛායතනං - සති, සතින්ද්රියං, සතිබලං, සම්මාසති, සතිසම්බෙජ්ඣඞ්ගො, එකායනමග්ගො ඛයගාමී බොධගාමී අපචයගාමී අනාසවං අසඤ්ඤොජනියං -පෙ- අසඞ්කිලෙසිකං? චක්ඛායතනං - බුද්ධානුස්සති, ධම්මානුස්සති, සඞ්ඝානුස්සති, සීලානුස්සති චාගානුස්සති, දෙවතානුස්සති, ආනාපානසති මරණානුස්සති, කායගතාසති, උපසමානුස්සතී’ති?
ස. අනු: චක්ඛායතනය – ස්මෘති, ස්මෘතීන්‍ද්‍රිය, ස්මෘතිබල, සම්‍යක්ස්මෘති, ස්මෘතිසම්බොධ්‍යඞ්ග, ඒකායනමාර්‍ග වේ ද? ක්‍ෂයගාමී වේ ද, බෝධගාමී වේ ද, අපචයගාමී වේ ද, අනාස්‍රව වේ ද, සංයෝජනයනට හිත නො වේ ද? සංසාරඝටනා නො කළ යුතු වේ ද, සසරවටහි අවගාහ නො කළයුතු වේ ද, සසරෙහි යුඤ්‍ජන නො කළයුතු වේ ද, නීවරණයට හිත නො වේ ද, පරාමාස රහිත වේ ද, උපාදාන රහිත වේ ද, සංක්ලේශ රහිත වේ ද? චක්ඛායතනය බුද්ධානුස්මෘති වේ ද? ධර්මානුස්මෘති, සඞ්ඝානුස්මෘති, ශීලානුස්මෘති, ත්‍යාගානුස්මෘති, දේවතානුස්මෘති, ආනාපානස්මෘති, මරණානුස්මෘති, කායගතස්මෘති, උපශමානුස්මෘති වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව්හායතනං -පෙ- කායායතනං -පෙ- රූපායතනං -පෙ- සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- මානො -පෙ- දිට්ඨි -පෙ- විචිකිච්ඡා -පෙ- ථිනං -පෙ- උද්ධච්චං -පෙ- අහිරිකං -පෙ- අනොත්තප්පං සතිපට්ඨානන්ති.
4. ස. පු: ශ්‍රෝත්‍රායතනය ... ඝ්‍රාණායතනය ... ජිහ්වායතනය ... කායායතනය … රූපායතනය ... ශබ්දායතනය ... ගන්ධායතනය ... රසායතනය ... ස්ප්‍රෂ්ටව්‍යායතනය ... රාගය ... ද්වේෂය ... මෝහය ... මානය ... දෘෂ්ටිය ... විචිකිත්සාව ... සත්‍යානය ... ඖද්ධත්‍යය ... අහ්‍රීකය ... අනපත්‍රපාව සතිපට්ඨාන වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: සති සතිපට්ඨානා, සා ච සතී’ති.
5. ස. පු: ස්මෘතිය සතිපට්ඨාන වේ ද? හො ද ස්මෘති වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්ඛායතනං සතිපට්ඨානං, තඤ්ච සතී’ති.
ස. අනු: චක්ඛායතනය සතිපට්ඨාන වේ ද? එ ද ස්මෘති වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: සති සතිපට්ඨානා, සා ච සතී’ති.
6. ස. පු: ස්මෘතිය සතිපට්ඨාන වේ ද? එ (ස්මෘති) ද ස්මෘති වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව්හායතනං -පෙ- කායායතනං -පෙ- රූපායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- අනොත්තප්පං සතිපට්ඨානං, තඤ්ච සතී’ති.
ස. අනු: සෝතායතන ... ඝානායතන ... ජිව්හායතන ... කායායතන ... රූපායතන ... ඵොට්ඨබ්බායතන ... රාගය ... දෝසය ... මෝහය ... අනොත්තප්පය සතිපට්ඨාන වේ ද? එ ද ස්මෘති වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: චක්ඛායතනං සතිපට්ඨානං, තඤ්ච සතී’ති.
7. ස. පු: චක්ඛායතන සතිපට්ඨාන වේ ද? එ ද ස්මෘති වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සති සතිපට්ඨානා සා ච න සතී’ති.
ස. අනු: ස්මෘතිය සතිපට්ඨාන වේ ද? හො ද ස්මෘති නො වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
8. ස. පු: සොතායතනං -පෙ- කායායතනං -පෙ- රූපායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- අනොත්තප්පං සතිපට්ඨානං, තඤ්ච න සතී’ති.
8. ස. පු: සෝතායතනය ... කායායතනය ... රූපායතනය ... ඵොට්ඨබ්බායතනය ... රාගය ... දෝසය ... මෝහය ... අනොත්තප්පය සතිපට්ඨාන වේ ද? එ ද ස්මෘති නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සති සතිපට්ඨානා, සා ච න සතී’ති.
ස. අනු: ස්මෘතිය සතිපට්ඨාන වේ ද? හො ද ස්මෘති නො වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
9. ප. පු: න වත්තබ්බං “සබ්බෙ ධම්මා සතිපට්ඨානා”ති.
9. ප. පු: ‘හැම දහම්හු සතිපට්ඨානහ’යි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු සබ්බෙ ධම්මෙ ආරබ්භ සති සන්තිට්ඨතී’ති.
ප. අනු: හැම දහමුන් අරභයා ස්මෘතිය පිහිටා සිටුනී නො වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ
අනු. ඨ: හඤ්චි සබ්බෙ ධම්මෙ ආරබ්භ සති සන්තිට්ඨති,
අනු. ඨ: ඉදින් හැම දහම් අරභයා ස්මෘතිය එළඹසිටුනී නම්,
අනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සබ්බෙ ධම්මා සතිපට්ඨානා”ති.
අනු. පා: එයින් භවත, ‘හැම දහම්හු සතිපට්ඨානයහ’යි කියැයුතු මැ යැ.
10. ස. පු: “සබ්බං ධම්මං ආරබ්භ සති සන්තිට්ඨතී”ති සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
10. ස. පු: ‘හැම දහම් අරභයා සිහි එළඹසිටුනේ යැ’යි ප්‍රමාණ කොට ගෙන හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සබ්බං ධම්මං ආරබ්භ ඵස්සො සන්තිට්ඨතී’ති. සබ්බෙ ධම්මා ඵස්සපට්ඨානා’ති.
ස. අනු: ‘හැම දහම් අරභයා පහස පැහැස සිටුනේ යැ’යි ප්‍රමාණ කොට ගෙන හැම දහම්හු ඵස්සපට්ඨාන වෙත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
11. ස. පු: සබ්බං ධම්මං ආරබ්භ සති සන්තිට්ඨතී’ති සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
11. ස. පු: ‘හැම දහම් අරභයා සිහි එළඹසිටුනේ යැ’යි ප්‍රමාණ කොටගෙන හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: “සබ්බං ධම්මං ආරබ්භ වෙදනා සන්තිට්ඨති -පෙ- සඤ්ඤා සන්තිට්ඨති -පෙ- චෙතනා සන්තිට්ඨති -පෙ- චිත්තං සන්තිට්ඨතී”ති සබ්බෙ ධම්මා චිත්තපට්ඨානා’ති.
ස. අනු: ‘හැම දහම් අරභයා වේදනා වැදසිටුනී යැ ... සංඥා වැදසිටුනී යැ ... චේතනා වැදසිටුනී යැ ... චිත්තය වැදසිටුනේ යැ’යි ප්‍රමාණ කොටගෙන හැම දහම්හු චිත්තපට්ඨාන වෙත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
12. ස. පු: සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
12. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සබ්බෙ සත්තා උපට්ඨිතසතිනො සතියා සමන්නාගතා සතියා සමාහිතා සබ්බෙසං සත්තානං සති පච්චුපට්ඨිතා’ති.
ස. අනු: හැම සත්ත්වයෝ එළඹසිටි සති ඇත්තාහු සතියෙන් සමන්වාගත වූවාහු සතියෙන් සමාහිත වූවාහු යැ. හැම සත්නට සතිය එළඹසිටියා වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
13. ස. පු: සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
13. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා: “අමතන්තෙ භික්ඛවෙ න පරිභුඤ්ජන්ති යෙ කායගතංසතිං න පරිභුඤ්ජන්ති, අමතන්තෙ භික්ඛවෙ පරිභුඤ්ජන්ති යෙ කායගතං සතිං පරිභුඤ්ජන්තී’ති” අත්ථෙ’ව සුත්තන්තොති.
ස. අනු: වදාරන ලද්දේ මැ නු බුදුන් විසින්: “මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය වළඳ නො කෙරෙත් ද, ඔහු අමෘතය වළඳ නො කෙරෙති. මහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය වළඳ කෙරෙත් ද, ඔහු අමෘතය වළඳ කෙරෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො.
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සබ්බෙ සත්තා කායගතං සතිං පරිභුඤ්ජන්ති, පටිලභන්ති, ආසෙවන්ති භාවෙන්ති බහුලීකරොන්තීති.
ස. අනු: හැම සත්ත්වයෝ කායගතාසතිය වළඳ කෙරෙත් ද, ලබත් ද, ආසෙවනා කෙරෙත් ද, භාවනා කෙරෙත් ද, බිහිලි කෙරෙත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පු: එසේ නො කියැයුතු මැ යැ ...
14. ස. පු: සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
14. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා “එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා’ති” අත්ථෙ ව සුත්තන්තො’ති.
ස. අනු: වදාරනලද්දේ මැ නු බුදුන් විසින්: “මහණෙනි, සත්ත්වයන්ගේ විශුද්ධියට ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණයට දුඃඛදෞර්‍මනස්‍යන්ගේ අස්තඞ්ගමයට න්යායධර්මයාගේ අධිගමයට නිර්වාණයාගේ සාක්ෂාත්කරණයට මේ ඒකායනමාර්‍ග යි, ඒ කිමෙක: සතරසීවටනී” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සබ්බෙ ධම්මා එකායනමග්ගො’ති.
ස. පු: හැම දහම්හු ඒකායනමාර්‍ග වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
15. ස. පු: සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
15. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා: “රඤ්ඤො භික්ඛවෙ චක්කවත්තිස්ස පාතුභාවා සත්තන්නං රතනානං පාතුභාවො හොති. කතමෙසං සත්තන්නං: චක්කරතනස්ස පාතුභාවො හොති, හත්ථිරතනස්ස පාතුභාවො හොති, අස්සරතනස්ස -පෙ- මණිරතනස්ස -පෙ- ඉත්ථිරතනස්ස -පෙ- ගහපතිරතනස්ස -පෙ- පරිනායකරතනස්ස පාතුභාවො හොති. රඤ්ඤො භික්ඛවෙ චක්කවත්තිස්ස පාතුභාවා ඉමෙසං සත්තන්නං රතනානං පාතුභාවො හොති.
ස. අනු: වදාරන ලද්දේ මැ නු බුදුන් විසින්: “මහණෙනි, සක්විති රජක්හු පහළ වීමෙන් රත්නයන් සත් දෙනකුන්ගේ පහළවීම් වෙයි. කවර සත් දෙනකුන්ගේ යැ යත්: චක්‍රරත්න පහළ වෙයි, හස්තිරත්න පහළ වෙයි, අශ්වරත්න ... මණිරත්න ... ස්ත්‍රීරත්න ... ගෘහපතිරත්න ... පරිනායකරත්න පහළ වෙයි. මහණෙනි, සක්විති රජක්හුගේ පහළ වීමෙන් මේ සත්රුවන් පහළ වෙයි.
තථාගතස්ස භික්ඛවෙ පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස සත්තන්නං බොජ්ඣඞ්ගරතනානං පාතුභාවො හොති. කතමෙසං සත්තන්නං: සතිසම්බොජ්ඣඞ්ගරතනස්ස පාතුභාවො හොති, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගරතනස්ස පාතුභාවො හොති, විරියසම්බොජ්ඣඞ්ගරතනස්ස පාතුභාවො හොති, පීතිසම්බොජ්ඣඞ්ගරතනස්ස පාතුභාවො හොති, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගරතනස්ස පාතුභාවො හොති, සමාධිසම්බොජ්ඣඞ්ගරතනස්ස පාතුභාවො හොති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගරතනස්ස පාතුභාවො හොති, තථාගතස්ස භික්ඛවෙ පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙසං සත්තන්නං බොජ්ඣඞ්ගරතනානං පාතුභාවො හොති”ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් බෝධ්යඞ්ගරත්නයන් සත් දෙනකුන්ගේ පහළවීම් වෙයි. කවර සත් දෙනකුන්ගේ යැ යත්: ස්මෘතිසම්බොධ්යඞ්ගරත්න පහළ වෙයි, ධර්මවිචය සම්බොධ්යඞ්ගරත්න පහළ වෙයි, වීර්ය්යසම්බෝධ්යඞ්ගරත්න පහළ වෙයි, ප්රීතිසම්බොධ්යඞ්ගරත්න පහළ වෙයි, ප්රශ්රබ්ධිසම්බෝධ්යඞ්ගරත්න පහළ වෙයි, සමාධිසම්බොධ්යඞ්ගරත්න පහළ වෙයි, උපේක්ෂාසම්බෝධ්යඞ්ගරත්න පහළ වෙයි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළ වීමෙන් මේ සත් බොධ්යඞ්ගරත්නයන්ගේ පහළවීම වේය” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස සබ්බෙ ධම්මා සතිසම්බොජ්ඣඞ්ගරතනා’ව හොන්තී’ති.
ස. අනු: අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් හැම දහම්හු ස්මෘතිසම්බොධ්යඞ්ගරත්නයෝ මැ වෙත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
16. ස. පු: සබ්බෙ ධම්මා සතිපට්ඨානා’ති.
16. ස. පු: හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සබ්බෙ ධම්මා සම්මප්පධානා, ඉද්ධිපාදා, ඉන්ද්රියා, බලා, බොජ්ඣඞ්ගා’ති.
ස. අනු: හැම දහම්හු සම්‍යක්ප්‍රධාන – ඍද්ධිපාද – ඉන්ද්රිය – බල – බෝධ්‍යඞ්ගයෝ වෙත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
සතිපට්ඨානකථා නිට්ඨිතා.
සතිපට්ඨානකථා නිමි.