යෙදුමෙන් කියවන්න

එකච‍්චංඅත්‍ථීතිකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

8. එකච්චං අත්‍ථිති කථා

අතීතාදිඑකච‍්චකථාවණ‍්ණනා

අතීතාදිඑකච්චකථාවණ්ණනා

ඉදානි එකච‍්චං අත්‍ථීති කථා හොති. තත්‍ථ යෙ “එකච‍්චං අතීතං අත්‍ථී”ති මඤ‍්ඤන‍්ති, සෙය්‍යථාපි කස‍්සපිකා; තෙසං ලද‍්ධිභින්‍දනත්‍ථං අතීතං අත්‍ථීති පුච‍්ඡා සකවාදිස‍්ස, එකච‍්චං අත්‍ථීති විස‍්සජ‍්ජනං පරවාදිස‍්ස. අයඤ‍්හි අධිප‍්පායො – අවිපක‍්කවිපාකං අත්‍ථි, විපක‍්කවිපාකං නත්‍ථීති. එකච‍්චං නිරුද‍්ධන‍්ති අනුයොගො සකවාදිස‍්ස. තස‍්සත්‍ථො – යදි තෙ අතීතං එකච‍්චං අත්‍ථි එකච‍්චං නත්‍ථි, එවං සන‍්තෙ එකච‍්චං අතීතං නිරුද‍්ධං, එකච‍්චං අතීතං අනිරුද‍්ධං, තථෙව ඨිතන‍්ති ආපජ‍්ජති. විගතන‍්තිආදීසුපි එසෙව නයො.

දැන් එකච්චං අත්‍ථිති කථා නම් වේ. එහි යමෙක් අතීතය පමණක් ඇතැයි සිතයි. කස්සපිකයන් මෙනි. ඔවුන්ගේ ලබ්ධිය බිඳිනු පිණිස අතීතං අත්‍ථි යන විචාරීම සකවාදියාගේය. එකච්චං අත්‍ථි යන විසඳීම පරවාදියාගේය. එහි අදහස මෙසේය. විපාක නොදුන් විපාක ඇත. විපාක දුන් විපාක නැත. එකච්චං නිරුද්ධං යන අනුයෝගය සකවාදියාගේය. එහි අර්ථය: ඉදින් ඔබේ අතීතය එක ලෙසකින් ඇත. එක ලෙසකින් නැත. මෙසේ ඇති කල්හි එක්ලෙසකින් අතීතය නිරුද්ධය. එක් ලෙසකින් අතීතය නිරුද්ධ නොවේ. එසේම සිටි බවට පැමිණේ. විගතං යනාදියෙහිද මෙම නයයි.

අවිපක‍්කවිපාකධම‍්මා එකච‍්චෙති ඉදං යස‍්මා යෙසං සො අවිපක‍්කවිපාකානං අත්‍ථිතං ඉච‍්ඡති, තෙපි අතීතායෙව. තස‍්මා යථා තෙ අතීතං එකච‍්චං අත්‍ථි, කිං තථා අවිපක‍්කවිපාකාපි ධම‍්මා එකච‍්චෙ අත්‍ථී එකච‍්චෙ නත්‍ථීති චොදෙතුං වුත‍්තං. විපක‍්කවිපාකාති ඉදං යෙසං සො නත්‍ථිතං ඉච‍්ඡති, තෙසං වසෙන චොදෙතුං වුත‍්තං. අවිපාකාති ඉදං අබ්‍යාකතානං වසෙන චොදෙතුං වුත‍්තං. ඉති ඉමෙසං තිණ‍්ණං රාසීනං වසෙන සබ‍්බෙසු අනුලොමපටිලොමෙසු පටිඤ‍්ඤා ච පටික‍්ඛෙපො ච වෙදිතබ‍්බා. අතීතා එකදෙසං විපක‍්කවිපාකා, එකදෙසං අවිපක‍්කවිපාකාති විප‍්පකතවිපාකා වුච‍්චන‍්ති. යෙන හි කම‍්මෙන පටිසන්‍ධි නිබ‍්බත‍්තිතා, භවඞ‍්ගම‍්පි චුතිපි තස‍්සෙව විපාකො. තස‍්මා පටිසන්‍ධිතො යාව චුති, තාව තං විප‍්පකතවිපාකං නාම හොති. තථාරූපෙ ධම‍්මෙ සන්‍ධායෙතං වුත‍්තං.

අවිපක්ක විපාකා ධම්මා එකච්චෙ යන මෙය යම්හෙයකින් ඔහු යම් විපාක නොදුන් විපාකවල ඇති බව කැමති වෙති. එයද අතීතයේමය. එහෙයින් ඔබගේ අතීතය එක් ලෙසකින් ඇත. එසේම විපාක නොදුන් ධර්ම ද එක් ලෙසකින් ඇත. එක් ලෙසකින් නැතැයි චෝදනා කිරීම කියන ලදී. විපක්ක විපාකා යයි මෙය යමක නැති බව හේ කැමති වේ. ඒවායේ වශයෙන් චෝදනා කිරීමට කියන ලදී. අවිපාකා මෙසේ අව්‍යාකත වසයෙන් චෝදනා කිරීමට කියන ලදී. මෙසේ මේවායේ තුනේ සමූහ වශයෙන් සියළු අනුලෝම ප්‍රතිලෝමවල ප්‍රතිඥා ද ප්‍රතික්‍ෂේප ද දතයුතුය. අතීතා එකදෙසං විපක්ක විපාකා එකදෙසං අවිපක්ක විපාකා යයි අඩාල කළ විපාක කියනු ලැබේ. යම් කර්මයකින් ප්‍රතිසන්ධිය උපදවන ලදී. භවාංගය ද චුතියද එහිම විපාක වේ. එහෙයින් ප්‍රතිසන්ධියේ සිට චුතිය දක්වා එය අඩාල කළ විපාක නම් වේ. එබඳු වූ ධර්මය සඳහා මෙය කියන ලදී.

විපච‍්චිස‍්සන‍්තීති කත්‍වා තෙ අත්‍ථීති පුච‍්ඡා සකවාදිස‍්ස. යථා ධම‍්මධරස‍්ස පුග‍්ගලස‍්ස නිද‍්දායන‍්තස‍්සාපි බහුපවත‍්තිනො ධම‍්මා අත්‍ථීති වුච‍්චන‍්ති, එවං ලොකවොහාරවසෙන අත්‍ථිතං සන්‍ධාය පටිඤ‍්ඤා පරවාදිස‍්ස. විපච‍්චිස‍්සන‍්තීති කත්‍වා පච‍්චුපන‍්නාති දුතියපඤ‍්හෙ “කම‍්මානං අවිනාසසඞ‍්ඛාතො කම‍්මූපචයො නාමෙකො අත්‍ථී”ති ලද‍්ධියං ඨත්‍වා පටිඤ‍්ඤා පරවාදිස‍්ස.

විපච්චිස්සන්තීති කත්‍වා තෙ අත්‍ථි යයි විචාරීම සකවාදියාගේය. යම්සේ ධර්මධර පුද්ගලයෙකුගේ නිදනවිට ද බහුලව පවතින ධර්මය ඇතැයි කියනු ලැබේ. මෙසේ ලෝක ව්‍යාවහාර වශයෙන් ඇති බව සඳහා ප්‍රතිඥාව පරවාදියාගේය. විපච්චිස්සන්තීති කත්‍වා පච්චුප්පන්ත යයි දෙවන ප්‍රශ්නයේ කර්මයන්ගේ අවිනාශ සංඛ්‍යාවෙන් කර්මයෙන් රැස්කළ දෙයක් ඇතැයි ලබ්ධියේ සිට ප්‍රතිඥාව පරවාදියාගේය.

අනාගතාදිඑකච‍්චකථාවණ‍්ණනා

අනාගතාදිඑකච්චකථාවණ්ණනා

අනාගතං අත්‍ථීතිආදීසුපි එකච‍්චං අත්‍ථීති උප‍්පාදිනො ධම‍්මෙ සන්‍ධාය වදති. සෙසං සබ‍්බත්‍ථ හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථමෙවාති.

අනාගතං අත්‍ථි යනාදියෙහි ද එකච්චං අත්‍ථි යනු උපදින ධර්ම සඳහා කියයි. සෙසු සියළු තැන යට කියන ලද නය අනුව දතයුතුය.

එකච‍්චංඅත්‍ථීතිකථාවණ‍්ණනා.