අතීතක්ඛන්ධාදිකථා අට්ඨකථා
7. අතීත ස්ඛන්ධාදි කථා
නසුත්තසාධනකථාවණ්ණනා
නසුත්තසාධනකථාවණ්ණනා
ඉදානි “අතීතං ඛන්ධා”තිආදිකථා හොති. තත්ථ ඛන්ධාදිභාවාවිජහනතො අතීතානාගතානං අත්ථිතං ඉච්ඡන්තස්ස අතීතං ඛන්ධාති පුච්ඡා පරවාදිස්ස, අතීතස්ස ඛන්ධසඞ්ගහිතත්තා ආමන්තාති පටිඤ්ඤා සකවාදිස්ස. පුන අතීතං නත්ථීති පුච්ඡා පරවාදිස්ස, තස්ස නිරුත්තිපථසුත්තෙන අත්ථිතාය වාරිතත්තා පටික්ඛෙපො සකවාදිස්ස. ආයතනධාතුපුච්ඡාසුපි අනාගතපඤ්හෙසුපි පච්චුප්පන්නෙන සද්ධිං සංසන්දිත්වා අනුලොමපටිලොමතො ආගතපඤ්හෙසුපි “අතීතං රූප”න්තිආදිපඤ්හෙසුපි ඉමිනාවුපායෙන අත්ථො වෙදිතබ්බො.
දැන් අතීත ස්කන්ධ යනාදි කථා වේ. එහි ස්කන්ධභාවය අත් නොහැරීමෙන් අතීත අනාගතවල ඇති බව කැමති වන්නාට අතීතං ඛන්ධා යයි ඇසීම පරවාදියාටය. අතීතයේ ස්කන්ධ සංග්රහවී බැවින් ආමන්තා යයි ප්රතිඥාව සකවාදියාටය. නැවත අතීතං අත්ථි යන ඇසීම පරවාදියාටය. එහි නිරුක්ති මාර්ගය සූත්රයෙන් ඇති බව වළකන ලද හෙයින් ප්රතික්ෂේපය සකවාදියාටය. ආයතන ධාතු විචාරවලද අනාගත ප්රශ්නවලද වර්තමානය සමග සසඳා අනුලෝම ප්රතිලෝම වශයෙන් පැමිණි ප්රශ්නවලද අතීතං රූපං යන ප්රශ්නවලද මේ උපායෙන් අර්ථ දතයුතුය.
සුත්තසාධනවණ්ණනා
සුත්තසාධනවණ්ණනා
සුත්තසාධනෙ පන න වත්තබ්බන්ති පුච්ඡා සකවාදිස්ස. තත්ථ නත්ථි චෙතෙති නත්ථි ච එතෙ ධම්මාති අත්ථො. ඛන්ධාදිභාවෙ සති නත්ථිතං අනිච්ඡන්තස්ස ආමන්තාති පටිඤ්ඤා පරවාදිස්ස, අථ නෙසං නත්ථිභාවසාධනත්ථං සුත්තාහරණං සකවාදිස්ස. දුතියපුච්ඡාපි පරවාදිස්ස, පටිඤ්ඤා සකවාදිස්ස, සුත්තාහරණං පරවාදිස්ස. තං පන නෙසං ඛන්ධාදිභාවමෙව සාධෙති, න අත්ථිභාවන්ති ආහටම්පි අනාහටසදිසමෙවාති.
සූත්ර සාධනයෙහි වනාහි න වත්තබ්බං යන විචාරීම සකවාදියාටය. එහි නත්ථි චෙතෙති මේ ධර්ම නැතැයි යන අර්ථයයි. ස්කන්ධාදිභාවය ඇති කල්හි අකැමැත්තාගේ නැති බව ආමත්තා යයි ප්රතිඥාව පරවාදියාටය. ඒවායේ නැති බව සාධනය පිණිස සූත්රය දැක්වීම සකවාදියාටය. දෙවන විචාරීමද පරවාදියාටය. ප්රතිඥාව සකවාදියාටය. සූත්රය දැක්වීම පරවාදියාටය. එය වනාහි ඒවායේ ස්කන්ධාදිභාවයම සාධය. ඇති බව නොවේ. ගෙනෙන ලද්දේ ද නොගෙනෙන ලද්ද හා සමාන වේමය.
අතීතං ඛන්ධාතිආදිකථාවණ්ණනා.