යෙදුමෙන් කියවන්න

පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස මග‍්ගකථා

10. 3.

10. 3.

පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස මග‍්ගකථා.

පඤ්චවිඤ්ඤාණ සමඞ්ගිස්ස මග්ගකථා

[‘චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහි හොති - ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී නො වෙයි’ යන සූත්‍රය ඇසිරි කොට ‘පඤ්චවිඥානසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇති’ යි ලබ්ධි ගත් මහාසඞ්‍ඝිකයන්ගේ වාද බිඳුනට ‘පඤ්චවිඤ්‍ඤාණ සමඞ්‍ගිස්‍ස මග්ගකථා’ එයි.]

1. ස. පු: පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථී මග‍්ගභාවනා’ති.

1. ස. පු: පඤ්චවිඥානසමඞ්‍ගීහට මාර්‍ගභාවනා ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු පඤ‍්චවිඤ‍්ඤාණා උප‍්පන‍්නවත්‍ථුකා උප‍්පන‍්නාරම‍්මණා’ති.

ස. අනු: පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වූවාහු නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි පඤ‍්චවිඤ‍්ඤාණා උප‍්පන‍්නවත්‍ථුකා උප‍්පන‍්නාරම‍්මණා,

අනු. ඨ: ඉදින් පඤ්චවිඤ්‍ඤානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වෙත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථී මග‍්ගභාවනා’ති.

අනු. පා: භවත, ‘පඤ්චවිඤ්‍ඤාණසමඞ්‍ගීහට මාර්‍ගභාවනා ඇති’ යි නො කියැයුතු මැ යැ.

2. ස. පු: නනු පඤ‍්චවිඤ‍්ඤාණා පුරෙජාතවත්‍ථුකා පුරෙජාතාරම‍්මණා, අජ‍්ඣත‍්තිකවත්‍ථුකා බාහිරාරම‍්මණා, අසම‍්භින‍්නවත්‍ථුකා අසම‍්භින‍්නාරම‍්මණා, නානා වත්‍ථුකා නානාරම‍්මණා, න අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ගොචරවිසයං පච‍්චනුභොන‍්ති, න අසමන‍්නාහාරා උප‍්පජ‍්ජන‍්ති, න අමනසිකාරා උප‍්පජ‍්ජන‍්ති, න අබ‍්බොකිණ‍්ණා උප‍්පජ‍්ජන‍්ති, න අපුබ‍්බං අචරිමං උප‍්පජ‍්ජන‍්ති, න අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සමනන‍්තරා උප‍්පජ‍්ජන‍්ති -පෙ- නනු පඤ‍්චවිඤ‍්ඤාණා අනාභොගා’ති.

2. ස. පු: පඤ්චවිඤ්‍ඤාණයෝ පුරේජාතවස්තුක පුරෙජාතාලම්බන, ආධ්‍යාත්මිකවස්තුක බාහ්‍යායලම්බන, අසම්භින්නවස්තුක අසම්භින්නාලම්බන, නානාවස්තුක නානාලම්බන වූවාහු, අන්‍යො’න්‍යගෝචරවිෂය අනුභව නො කෙරෙත් නු සමන්නාහාර නැති වැ නූපදිත් නු? මනසිකාර නැති වැ නූපදිත් නු? අව්‍යාකීර්‍ණ වැ නූපදිත් නු? පෙරපසු නො වැ නූපදිත් නු? අන්‍යෝන්‍යයනට සමනන්තර වැ නූපදිත් නු? ... පඤ්චවිඥානයෝ ආභෝග (ප්‍රත්‍යවේක්‍ෂා) නැත්තාහු නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි පඤ‍්චවිඤ‍්ඤාණා අනාභොගා,

අනු. ඨ: ඉදින් පඤ්චවිඤ්‍ඤානයෝ අනාභෝග වෙත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථී මග‍්ගගභාවනා’ති.

අනු. පා: ‘පඤ්චවිඤ්‍ඤාණසමන්නාගතයහට මාර්‍ගභාවනා ඇති’ යි නො කියැයුතු මැ යැ.

3. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථී මග‍්ගභාවනා’ති.

3. ස. පු: චක්‍ෂුර්විඥාන සමන්‍වාගතයහට මාර්‍ගභාවනා ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණං සුඤ‍්ඤතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතය ඇරැබැ උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණං සුඤ‍්ඤතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

4. ස. පු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතය ඇරැබැ උපදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච සුඤ‍්ඤතඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.

ස. අනු: චක්‍ෂුසත් ශුන්‍යතයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච සුඤ‍්ඤතඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.

5. ස. පු: චක්‍ෂුසත් ශුන්‍යතයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච සුඤ‍්ඤතඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණ”න‍්ති අත්‍ථෙව සුත‍්තන‍්තොති.

ස. අනු: “චක්‍ෂුසත් ශුන්‍යතයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?

ප. පටි: නත්‍ථී.

ප. පටි: නැති.

ස. අනු: “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණ”න‍්ති අත්‍ථෙව සුත‍්තන‍්තොති.

ස. අනු: “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණ”න‍්ති අත්‍ථෙව සුත‍්තන‍්තො.

අනු. ඨ: ඉදින් “චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච සුඤ‍්ඤතඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.

අනු. පා: භවත, “චක්‍ෂුසත් ශුන්‍යතයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ” යයි නො කියැයුතු මැ යැ.

6. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථී මග‍්ගභාවනා’ති.

6. ස. පු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණං අතීතානාගතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: චක්‍ෂුර්විඥානය අතීතානාගත අරමුණු ඇරැබැ උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ.

7. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථී මග‍්ගභාවනා’ති.

7. ස. පු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණං ඵස‍්සං ආරබ‍්භ වෙදනං ආරබ‍්භ සඤ‍්ඤං ආරබ‍්භ චෙතනං ආරබ‍්භ චිත‍්තං ආරබ‍්භ චක‍්ඛුං ආරබ‍්භ -පෙ- කායං ආරබ‍්භ -පෙ- සද‍්දං ආරබ‍්භ -පෙ- ඵොට‍්ඨබ‍්බං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ වේදනාව ඇරැබැ සංඥාව ඇරැබැ චේතනාව ඇරැබැ චිත්තය ඇරැබැ චක්‍ෂුස ඇරැබැ ... කය ඇරැබැ ... ශබ්දය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍ය ඇරැබැ උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ.

8. ස. පු: මනොවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථී මග‍්ගභාවනා, මනොවිඤ‍්ඤාණං සුඤ‍්ඤතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

8. ස. පු: මනෝවිඥානසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, මනෝවිඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථී මග‍්ගභාවනා, චක‍්ඛුවිඤ‍්ඤාණං සුඤ‍්ඤතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, චක්‍ෂුර්විඥානය ශුන්‍යතාව ඇරැබැ උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

9. ස. පු: මනොවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථී මග‍්ගභාවනා, මනොවිඤ‍්ඤාණං අතීතානාගතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

9. ස. පු: මනෝවිඥානසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, මනෝවිඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථී මග‍්ගභාවනා, චක‍්ඛුවිඤ‍්ඤාණං අතීතානාගතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, චක්‍ෂුර්විඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

10. ස. පු: මනොවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථී මග‍්ගභාවනා, මනොවිඤ‍්ඤාණං ඵස‍්සං ආරබ‍්භ -පෙ- වෙදනං ආරබ‍්භ -පෙ- ඵොට‍්ඨබ‍්බං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

10. ස. පු: මනෝවිඥානසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, මනෝවිඥානය ස්පර්‍ශය ඇරැබැ ... වේදනාව ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථී මග‍්ගභාවනා, චක‍්ඛුවිඤ‍්ඤාණං ඵස‍්සං ආරබ‍්භ -පෙ- වෙදනං ආරබ‍්භ -පෙ- ඵොට‍්ඨබ‍්බං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ ... වේදනාව ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍ය ඇරැබැ උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

11. ප. පු: න වත‍්තබ‍්බං පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථී මග‍්ගභාවනා’ති.

11. ප. පු: ‘පඤ්චවිඤ්‍ඤාණසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇති’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා: “ඉධ භික‍්ඛවෙ භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහී හොති, නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී -පෙ- සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා න නිමිත‍්තග‍්ගාහී හොති නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී”ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී නො වෙයි. අනුව්‍යඤ්‍ජනග්‍රාහී නො වෙයි ... කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධ ආඝ්‍රාණ කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කොට නිමිත්තග්‍රාහී නො වෙයි, අනුව්‍යඤ්‍ජනග්‍රාහී නො වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

පටි. ආ: තෙන හි පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස අත්‍ථී මග‍්ගභාවනා’ති.

පටි. ආ: එ කරුණින් ‘පඤ්චවිඥානසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත.

පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිස‍්ස මග‍්ගකථා නිට‍්ඨිතා.

පඤ්චවිඤ්‍ඤාණසමඞ්‍ගිස්‍ස මග්ගකථා නිමි.