යෙදුමෙන් කියවන්න

පඤ‍්චවිඤ‍්ඤාණා කුසලාපි අකුසලාපී’තිකථා

10. 4.

10. 4.

පඤ‍්චවිඤ‍්ඤාණා කුසලාපි අකුසලාපී’තිකථා.

පඤ්චවිඤ්ඤාණා කුසලාපි අකුසලාපී’ති කථා

1. ස. පු: පඤ‍්චවිඤ‍්ඤාණා කුසලා’පි අකුසලාපී’ති.

1. ස. පු: පඤ්චවිඥානයෝ කුසල්වූවාහුත් අකුසල්වූවාහුත් වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු පඤ‍්චවිඤ‍්ඤාණා උප‍්පන‍්නවත්‍ථුකා උප‍්පන‍්නාරම‍්මණා’ති.

ස. අනු: පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වූවාහු නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි පඤ‍්චවිඤ‍්ඤාණා උප‍්පන‍්නවත්‍ථුකා උප‍්පන‍්නාරම‍්මණා,

අනු. ඨ: ඉදින් පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වූවාහු නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: පඤ‍්චවිඤ‍්ඤාණා කුසලා’පි. අකුසලාපී’ති.

අනු. පා: භවත, ‘පඤ්චවිඥානයෝ කුසල් වූවාහුත් අකුසල් වූවාහුත් වෙති’ යි නො කියැයුතු මැ යැ.

2. ස. පු: නනු පඤ‍්චවිඤ‍්ඤාණා පුරෙජාතවත්‍ථුකා පුරෙජාතාරම‍්මණා අජ‍්ඣත‍්තිකවත්‍ථුකා බාහිරාරම‍්මණා අසම‍්භින‍්නවත්‍ථුකා අසම‍්භින‍්නාරම‍්මණා නානා වත්‍ථුකා නානාරම‍්මණා න අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ගොචරවිසයං පච‍්චනුභොන‍්ති. න අසමන‍්නාහාරා උප‍්පජ‍්ජන‍්ති, න අමනසිකාරා උප‍්පජ‍්ජන‍්ති, න අබ‍්බොකිණ‍්ණා උප‍්පජ‍්ජන‍්ති, න අපුබ‍්බං අචරිමං උප‍්පජ‍්ජන‍්ති, න අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සමනන‍්තරා උප‍්පජ‍්ජන‍්ති -පෙ- නනු පඤ‍්චවිඤ‍්ඤාණා අනාභොගා’ති.

2. ස. පු: පඤ්චවිඤ්‍ඤාණයෝ පුරේජාතවස්තුක පුරෙජාතාලම්බන වූවාහු ආධ්‍යාත්මිකවස්තුක බාහ්‍යාලම්බන වූවාහු අසම්භින්නවස්තුක අස්මභින්නාලම්බන වූවාහු නානාවස්තුක නානාලම්බන වූවාහු උනුන් සතු ගෝචරවිෂය නො වළඳන්නාහු නො? සමන්‍වාහාර රහිත වැ නූපදනාහු නො? අමනසිකාර හේතුයෙන් නූපදනාහු නො? අව්‍යාකීර්‍ණව නූපදනාහු නො? පෙරපසු නො වී නූපදනාහු නො? උනුනට සමනන්තර වැ නූපදනාහු නො? ... පඤ්චවිඥානයෝ අභෝග රහිත වූවාහු නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි පඤ‍්චවිඤ‍්ඤාණා අනාභොගා,

අනු. ඨ: ඉදින් පඤ්චවිඥානයෝ අනාභෝග වෙත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: පඤ‍්චවිඤ‍්ඤාණා කුසලාපි අකුසලා’පීති.

අනු. පා: භවත ‘පඤ්චවිඥානයෝ කුසල් වූවාහුත් අකුසල් වූවාහුත් වෙති’ යි නො කියැයුතු මැ යැ.

3. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණං අකුසලන‍්ති.

3. ස. පු: චක්‍ෂුර්විඥාන කුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණං සුඤ‍්ඤතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණං සුඤ‍්ඤතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

4. ස. පු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච සුඤ‍්ඤතඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.

ස. අනු: ඇසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච සුඤ‍්ඤතඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.

5. ස. පු: ඇසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච සුඤ‍්ඤතඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණ”න‍්ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: “ඇසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: නත්‍ථී.

ප. පටිඤ්‍ඤා: නැත.

ස. අනු: “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛු විඤ‍්ඤාණ’න‍්ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: “ඇසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි ‘චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති. චක‍්ඛුවිඤ‍්ඤාණ’න‍්ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො,

අනු. ඨ: ඉදින් “ඇසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච සුඤ‍්ඤතඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණ’න‍්ති.

අනු. පා: භවත, ‘ඇසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ’ යි නො කියැයුතු මැ යැ.

6. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණ කුසලම‍්පි අකුසලම‍්පී’ති.

6. ස. පු: චක්‍ෂුර්විඥානය කුශලත් අකුශලත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණං අතීතානාගතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: චක්‍ෂුර්විඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

7. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණං කුසලම‍්පි අකුසලම‍්පී’ති.

7. ස. පු: චක්‍ෂුර්විඥානය කුශලත් අකුසලත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණං ඵස‍්සං ආරබ‍්භ -පෙ- චිත‍්තං ආරබ‍්භ -පෙ- චක‍්ඛුං ආරබ‍්භ -පෙ- කායං ආරබ‍්භ -පෙ- සද‍්දං ආරබ‍්භ -පෙ- ඵොට‍්ඨබ‍්බං ආරබ‍්භ උප‍්පජ‍්ජතී”ති.

ස. අනු: චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ ... චිත්තය ඇරැබැ ... චක්‍ෂුස ඇරැබැ ... කය ඇරැබැ ... ශබ්දය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

8. ස. පු: මනොවිඤ‍්ඤාණං කුසලම‍්පි අකුසලම‍්පි. මනොවිඤ‍්ඤාණං සුඤ‍්ඤතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

8. ස. පු: මනෝවිඥානය කුශලත් අකුශලත් වෙයි. මනෝවිඥානය ශුන්‍යතාව ඇරැබැ උපදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණං කුසලම‍්පි අකුසලම‍්පි. චක‍්ඛුවිඤ‍්ඤාණං සුඤ‍්ඤතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: චක්‍ෂුර්විඥානය කුශලත් අකුශලත් වෙයි. චක්‍ෂුර්විඥානය ශුන්‍යතාව ඇරැබැ උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

9. ස. පු: මනොවිඤ‍්ඤාණං කුසලම‍්පි අකුසලම‍්පි. මනොවිඤ‍්ඤාණං අතීතානාගතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

9. ස. පු: මනෝවිඥානය කුශලත් අකුශලත් වෙයි. මනෝවිඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණං කුසලම‍්පි අකුසලම‍්පි. චක‍්ඛුවිඤ‍්ඤාණං අතීතානාගතං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: චක්‍ෂුර්විඥානය කුශලත් අකුශලත් වෙයි. චක්‍ෂුර්විඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

10. ස. පු: මනොවිඤ‍්ඤාණං කුසලම‍්පි අකුසලම‍්පි. මනොවිඤ‍්ඤාණං ඵස‍්සං ආරබ‍්භ -පෙ- චිත‍්තං ආරබ‍්භ -පෙ- කායං ආරබ‍්භ -පෙ- සද‍්දං ආරබ‍්භ -පෙ- ඵොට‍්ඨබ‍්බං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

10. ස. පු: මනෝවිඥානය කුශලත් අකුශලත් වෙයි. මනෝවිඥානය ස්පර්‍ශය ඇරැබැ ... චිත්තය ඇරැබැ ... කය ඇරැබැ ... ශබ්දය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණං කුසලම‍්පි අකුසලම‍්පි. චක‍්ඛුවිඤ‍්ඤාණං ඵස‍්සං ආරබ‍්භ -පෙ- ඵොට‍්ඨබ‍්බං ආරබ‍්භ උප‍්පජ‍්ජතී’ති.

ස. අනු: චක්‍ෂුර්විඥානය කුශලත් අකුශලත් වෙයි. චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

11. ප. පු: න වත‍්තබ‍්බං: පඤ‍්චවිඤ‍්ඤාණං කුසලම‍්පි අකුසලම‍්පී’ති.

11. ප. පු: ‘පඤ්චවිඥානය කුශලත් අකුශලත් වෙති’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා “ඉධ භික‍්ඛවෙ භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා නිමිත‍්තග‍්ගාහී හොති -පෙ- න නිමිත‍්තග‍්ගාහී හොති -පෙ- සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා නිමිත‍්තග‍්ගාහී හොති -පෙ- න නිමිත‍්තග‍්ගාහී හොතී’ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:“මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී වෙයි ... නිමිත්තග්‍රාහී නො වෙයි ... කනින් ශබ්ද අසා ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කොට නිමිත්තග්‍රාහී වෙයි ... නිමිත්තග්‍රාහී නො වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ආ: තෙන හි “පඤ‍්චවිඤ‍්ඤාණා කුසලා’පි අකුසලාපී’ති

ප. ආ: එකරුණෙන් ‘පඤ්චවිඥානයෝ කුසල් වූවාහුත් අකුසල් වූවාහුත් වෙති.

පඤ‍්චවිඤ‍්ඤාණා කුසලාපි අකුසලාපී’ති කථා නිට‍්ඨිතා.

පඤ්චවිඤ්‍ඤාණා කුසලාපි අකුසලාපී’ති කථා නිමි.