සමාදානහෙතුකථා
10. 9.
10. 9.
සමාදානහෙතුකථා.
සමාදානහේතුකථා
[‘සමාදානහේතුක ශීලය වැඩේ’ යයි ලබ්ධි ගත් මහාසාඞ්ඝිකයන්ගේ වාද බිඳුනට සමාදානහේතුකථා එයි.]
1. ස. පු: සමාදානහෙතුකං සීලං වඩ‍්ඪතී’ති.
1. ස. පු: සමාදානහේතුක ශීලය වැඩේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සමාදානහෙතුකො ඵස‍්සො වඩ‍්ඪති, වෙදනා වඩ‍්ඪති, සඤ‍්ඤා වඩ‍්ඪති, චෙතනා වඩ‍්ඪති, චිත‍්තං වඩ‍්ඪති, සද‍්ධා වඩ‍්ඪති, විරියං වඩ‍්ඪති, සති වඩ‍්ඪති, සමාධි වඩ‍්ඪති, පඤ‍්ඤා වඩ‍්ඪතී’ති.
ස. අනු: සමාදානහේතුක ස්‍පර්‍ශය වැඩේ ද? වේදනා වැඩේ ද? සංඥා වැඩේ ද? චේතනා වැඩේ ද? චිත්තය වැඩේ ද? ශ්‍රද්ධා වැඩේ ද? වීර්‍ය්‍ය වැඩේ ද? ස්මෘතිය වැඩේ ද? සමාධි වැඩේ ද? ප්‍රඥා වැඩේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: සමාදානහෙතුකං සීලං වඩ‍්ඪතී’ති.
2. ස. පු: සමාදානහේතුක ශීලය වැඩේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලතා විය වඩ‍්ඪති, මාලුවා විය වඩ‍්ඪති, රුක‍්ඛො විය වඩ‍්ඪති, තිණං විය වඩ‍්ඪති, මුඤ‍්ජපුඤ‍්ජො විය වඩ‍්ඪතී’ති.
ස. අනු: වැලක් සේ වැඩේ ද? මාලුවාලිය සේ වැඩේ ද? රුකක් සේ වැඩේ ද? තෘණ සේ වැඩේ ද? මුදුතණපඳුරු සේ වැඩේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: සමාදානහෙතුකං සීලං වඩ‍්ඪතී’ති.
3. ස. පු: සමාදානහේතුක ශීලය වැඩේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සීලං සමාදියිත්‍වා කාමවිතක‍්කං විතක‍්කෙන‍්තස‍්ස ව්‍යාපාදවිතක‍්කං විතක‍්කෙන‍්තස‍්ස විහිංසාවිතක‍්කං විතක‍්කෙන‍්තස‍්ස සීලං වඩ‍්ඪතී’ති.
ස. අනු: ශීලය සමාදන් වැ කාමවිතර්‍ක විතර්‍කණ කරන්නහුට ව්‍යාපාදවිතර්‍ක විතර්‍කණ කරන්නහුට විහිංසාවිතර්‍ක විතර්‍කණ කරන්නහුට ශීලය වැඩේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතී’ති.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතී’ති.
4. ස. පු: ස්‍පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කුසලාකුසලා සාවජ‍්ජානවජ‍්ජා හීනප‍්පණීතා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.
ස. අනු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: කුසලාකුසලා සාවජ‍්ජානවජ‍්ජා හීනප‍්පණීතා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.
5. ස. පු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා “චත‍්තාරිමානි භික‍්ඛවෙ සුවිදූරවිදූරානි. කතමානි චත‍්තාරි: නභඤ‍්ච භික‍්ඛවෙ පඨවී ච, ඉදං පඨමං සුවිදූරවිදූරං -පෙ- තස‍්මා සතං ධම‍්මො අසබ‍්භි ආරකා”ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, සුවිදූරවිදූරයෝ මොහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක් යත්: මහණෙනි, අහස ද පොළොව දැ’යි මේ පළමුවන සුවිදූරවිදූරය යි. ... එහෙයින් සත්පුරුෂ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: තෙන හි න වත‍්තබ‍්බං “කුසලාකුසලා සාවජ‍්ජානවජ‍්ජා හීනප‍්පණීතා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී”ති.
ස. ආ: එකරුණින් ‘කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එති’ යනු නො කියැයුතු යැ.
6. ප. පු: න වත‍්තබ‍්බං: සමාදානහෙතුකං සීලං වඩ‍්ඪතී’ති.
6. ප. පු: ‘සමාදානහේතුක ශීලය වැඩේ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත‍්තං භගවතා:
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
“ආරාමරොපා වනරොපා යෙ ජනා සෙතුකාරකා -පෙ- ධම‍්මට‍්ඨා සීලසම‍්පන‍්නා තෙ ජනා සග‍්ගගාමිනො”ති
“ආරාම රෝපණය කරන, වන රෝපණය කරන, හේ දඬු කරන යම් ජන කෙනෙක් ඇද්ද ... ධර්‍මස්ථ වූ ශීල සම්පන්න වූ ඒ ජනයෝ ස්වර්‍ගගාමීහ” යි
අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: තෙන හි ‘සමාදානහෙතුකං සීලං වඩ‍්ඪතී’ති.
ප. ආ: එකරුණින් සමාදානහේතුක සීලය වැඩෙයි.
සමාදානහෙතුකථා නිට‍්ඨිතා.
සමාදානහේතුකථා නිමි.