සුත‍්තන‍්තභාජනියං
533. සත‍්ත බොජ‍්ඣඞ‍්ගා: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො.
533. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
534. තත්‍ථ කතමො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො: ඉධ භික‍්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක‍්කෙන සමන‍්නාගතො චිරකතම‍්පි චිරභාසිතම‍්පි සරිතා අනුස‍්සරිතා, අයං වුච‍්චති සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො.
534. එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ සිහි ඇත්තේ උතුම් සිහිනුවණින් යුක්ත වූයේ බොහෝ කලකින් පෙර කරන ලද්ද ද බොහෝ කලකින් පෙර කියන ලද්ද ද සිහිකරන්නේ පුනපුනා සිහිකරන්නේ වෙයි. මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
සො තථා සතො විහරන‍්තො තං ධම‍්මං පඤ‍්ඤාය විචිනති පවිචිනති පවිචරති. පරිවීමංසමාපජ‍්ජති, අයං වුච‍්චති ධම‍්මවිචය සම‍්බොජ‍්ඣඞ‍්ගො.
එසේ ඒ මහණ සිහි ඇති ව වසන්නේ ඒ ධර්‍මය නුවණින් විමසයි. වෙසෙසින් විමසයි, ප්‍රඥාව හසුරුවයි, විමසීමට පැමිණෙයි. මේ ‘ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
තස‍්ස තං ධම‍්මං පඤ‍්ඤාය විචිනතො පවිචිනතො පවිචරතො පරිවීමංසමාපජ‍්ජතො ආරද‍්ධං හොති විරියං අසල‍්ලීනං, අයං වුච‍්චති විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො.
ඒ ධර්‍මය නුවණින් විමසන වෙසෙසින් විමසන නුවණින් හසුරුවන විමසීමට පැමිණෙන ඒ මහණහු විසින් වීර්‍ය්‍යය ආරබ්ධ වෙයි, එහෙයින් ම නො හැකුළුණේ වෙයි. මේ ‘වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
ආරද‍්ධවිරියස‍්ස උප‍්පජ‍්ජති පීති නිරාමිසා, අයං වුච‍්චති පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො.
පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තහුට පරිශුද්ධ වූ ප්‍රීතිය උපදී. මේ ‘ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
පීතිමනස‍්ස කායො’පි පස‍්සම‍්භති චිත‍්තම‍්පි පස‍්සම‍්භති, අයං වුච‍්චති පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො.
ප්‍රීතිසම්ප්‍රයුක්ත සිත් ඇත්තනුගේ නාමකය ද සන්හිඳෙයි, සිත ද සන්හිඳෙයි. මේ ‘ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
පස‍්සද‍්ධකායස‍්ස සුඛිනො චිත‍්තං සමාධියති, අයං වුච‍්චති සමාධි සම‍්බොජ‍්ඣඞ‍්ගො.
සන්හුන්කය ඇති එහෙයින් මැ උපන් සුව ඇත්තනුගේ සිත (අරමුණෙහි) සමාහිත වෙයි. මේ ‘සමාධිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
සො තථා සමාහිතං චිත‍්තං සාධුකං අජ‍්ඣුපෙක‍්ඛිතා හොති, අයං වුච‍්චති උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො.
හෙතෙම එසෙයින් සමාහිත වූ සිත මොනොවට උපේක්‍ෂා කරන්නේ වෙයි. මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
535. සත‍්ත බොජ‍්ඣඞ‍්ගා: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො.
535. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
536. තත්‍ථ කතමො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො: අත්‍ථි අජ‍්ඣත‍්තං ධම‍්මෙසු සති, අත්‍ථි බහිද‍්ධා ධම‍්මෙසු සති. යද’පි අජ‍්ඣත‍්තං ධම‍්මෙසු සති තද’පි සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති, යද’පි බහිද‍්ධා ධම‍්මෙසු සති තද’පි සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති.
536. එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: අධ්‍යාත්ම (සංස්කාර) ධර්‍මයන්හි ස්මෘතියෙක් ඇත, බාහිරධර්‍මයන්හි ස්මෘතියෙක් ඇත, අධ්‍යාත්මධර්‍මයන්හි යම් ස්මෘතියෙක් ඇද්ද ඒ ස්මෘතිය ද, ස්මෘති සම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස මාර්‍ගය පිණිස නිර්‍වාණය පිණිස පවතී. බාහිරධර්‍මයන්හි යම් ස්මෘතියකුත් ඇද්ද ඒ ස්මෘතිය ද ස්මෘති සම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස මාර්‍ගය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
තත්‍ථ කතමො ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො: අත්‍ථි අජ‍්ඣත‍්තං ධම‍්මෙසු පවිචයො, අත්‍ථි බහිද‍්ධා ධම‍්මෙසු පවිචයො. යද’පි අජ‍්ඣත‍්තං ධම‍්මෙසු පවිචයො තද’පි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති, යද’පි බහිද‍්ධා ධම‍්මෙසු පවිචයො තද’පි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති.
එහි ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: අධ්‍යාත්මධර්‍මයන්හි විමසීමෙක් ඇත, බාහිරධර්‍මයන්හි විමසීමෙක් ඇත. අධ්‍යාත්මධර්‍මයන්හි යම් විමසීමෙකුත් ඇද්ද, හේ ද ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස මාර්‍ගය පිණිස නිර්‍වාණය පිණිස පවතී. බාහිරධර්‍මයන්හි යම් විමසීමෙකුත් ඇද්ද, හේ ද ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස මාර්‍ගය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
තත්‍ථ කතමො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො: අත්‍ථි කායිකං විරියං, අත්‍ථි චෙතසිකං විරියං. යද’පි කායිකං විරියං තද’පි විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති, යද’පි චෙතසිකං විරියං තද’පි විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති.
එහි වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: කායිකවීර්‍ය්‍යයෙක් ඇත, වෛතසිකවීර්‍ය්‍යයෙක් ඇත. යම් කායිකවීර්‍ය්‍යයෙකුත් ඇද්ද, හේ ද වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. යම් චෛතසිකවීර්‍ය්‍යයෙකුත් ඇද්ද, හේ ද වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
තත්‍ථ කතමො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො: අත්‍ථි සවිතක‍්කසවිචාරා පීති, අත්‍ථි අවිතක‍්කඅවිචාරා පීති. යද’පි සවිතක‍්කසවිචාරා පීති තද’පි පීති සම‍්බොජ‍්ඣඞ‍්ගො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. යද’පි අවිතක‍්කඅවිචාරා පීති තද’පි පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති.
එහි ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: සවිතර්‍කසවිචාර ප්‍රීතියෙක් ඇත, අවිතර්‍ක අවිචාර ප්‍රීතියෙක් ඇත. යම් සවිතක්කසවිචාර ප්‍රීතියකුත් ඇද්ද හේ ද ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. යම් අවිතර්‍කඅවිචාර ප්‍රීතියකුත් ඇද්ද, හේ ද ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
තත්‍ථ කතමො පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො: අත්‍ථි කායපස‍්සද‍්ධි අත්‍ථි චිත‍්තපස‍්සද‍්ධි. යද’පි කායපස‍්සද‍්ධි තද’පි පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති, යද’පි චිත‍්තපස‍්සද‍්ධි තද’පි පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති.
එහි ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: කායප්‍රශ්‍රබ්ධියෙක් (කයෙහි සන්හුන් බවෙක්) ඇත, චිත්තප්‍රශ්‍රබ්ධියෙක් (සිතෙහි සන්හුන් බවෙක්) ඇත. යම් කායප්‍රශ්‍රබ්ධියකුත් ඇද්ද, හේ ද ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. යම් චිත්තප්‍රශ්‍රබ්ධියකුත් ඇද්ද, හේ ද ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
තත්‍ථ කතමො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො: අත්‍ථි සවිතක‍්කසවිචාරො සමාධි, අත්‍ථි අවිතක‍්කඅවිචාරො සමාධි. යද’පි සවිතක‍්කසවිචාරො සමාධි තද’පි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති, යද’පි අවිතක‍්කඅවිචාරො සමාධි තද’පි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති.
එහි සමාධිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: සවිතර්‍කසවිචාරසමාධියෙක් ඇත අවිතර්‍කඅවිචාරසමාධියෙක් ඇත. යම් සවිතර්‍කසවිචාරසමාධියකුත් ඇද්ද, හේ ද සමාධිසම්බොධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. යම් අවිතර්‍කඅවිචාරසමාධියකුත් ඇද්ද, හේ ද සමාධිසම්බොධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
තත්‍ථ කතමො උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො: අත්‍ථි අජ‍්ඣත‍්තං ධම‍්මෙසු උපෙක‍්ඛා, අත්‍ථි බහිද‍්ධා ධම‍්මෙසු උපෙක‍්ඛා. යද’පි අජ‍්ඣත‍්තං ධම‍්මෙසු උපෙක‍්ඛා තද’පි උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති, යද’පි බහිද‍්ධා ධම‍්මෙසු උපෙක‍්ඛා තද’පි උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති.
එහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: අධ්‍යාත්මධර්‍මයන්හි උපේක්‍ෂාවක් ඇත, බාහිරධර්‍මයන්හි උපේක්‍ෂාවක් ඇත. අධ්‍යාත්මධර්‍මයන්හි යම් උපේක්‍ෂාවක් ඇද්ද, එ ද උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. බාහිරධර්‍මයන්හි යම් උපේක්‍ෂාවකුත් ඇද්ද, එ ද අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
537. සත‍්ත බොජ‍්ඣඞ‍්ගා: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මෙවිචය සම‍්බොජ‍්ඣඞ‍්ගො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො.
537. බෝධ්‍යාඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
538. තත්‍ථ කතමො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො: ඉධ භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං, ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- විරියසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං.
538. එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට පිරිනැමුණු ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩයි. ... ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... වීර්‍ය්‍යසම් බෝධ්‍යඞ්ගය වඩයි. ... ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩයි, විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට පිරිනැමුණු උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය වඩයි.