10. සුත්තන්තභාජනීයවණ්ණනා අට්ඨකථා
10. සුත්තන්තභාජනීයවණ්ණනා
සූත්‍රාන්ත භාජනීය වර්ණනාව
ඉදානි තදනන්තරෙ බොජ්ඣඞ්ගවිභඞ්ගෙ සත්තාති ගණනපරිච්ඡෙදො. බොජ්ඣඞ්ගාති බොධියා බොධිස්ස වා අඞ්ගාති බොජ්ඣඞ්ගා. ඉදං වුත්තං හොති – යා එසා ධම්මසාමග්ගී යාය ලොකුත්තරමග්ගක්ඛණෙ උප්පජ්ජමානාය ලීනුද්ධච්චපතිට්ඨානායූහනකාමසුඛත්තකිලමථානුයොගඋච්ඡෙදසස්සතාභිනිවෙසාදීනං අනෙකෙසං උපද්දවානං පටිපක්ඛභූතාය සතිධම්මවිචයවීරියපීතිපස්සද්ධිසමාධිඋපෙක්ඛාසඞ්ඛාතාය ධම්මසාමග්ගියා අරියසාවකො බුජ්ඣතීති කත්වා බොධීති වුච්චති, බුජ්ඣති කිලෙසසන්තානනිද්දාය උට්ඨහති, චත්තාරි වා අරියසච්චානි පටිවිජ්ඣති, නිබ්බානමෙව වා සච්ඡිකරොති, තස්සා ධම්මසාමග්ගීසඞ්ඛාතාය බොධියා අඞ්ගාතිපි බොජ්ඣඞ්ගා, ඣානඞ්ගමග්ගඞ්ගාදීනි විය. යො පනෙස යථාවුත්තප්පකාරාය එතාය ධම්මසාමග්ගියා බුජ්ඣතීති කත්වා අරියසාවකො බොධීති වුච්චති, තස්ස බොධිස්ස අඞ්ගාතිපි බොජ්ඣඞ්ගා, සෙනඞ්ගරථඞ්ගාදයො විය. තෙනාහු අට්ඨකථාචරියා – “බුජ්ඣනකස්ස පුග්ගලස්ස අඞ්ගාති වා බොජ්ඣඞ්ගා”ති.
ඉන් අනතුරුව දැන් බොජ්ඣංග විභංගයෙහි සත්ත යනු ගණන වෙන් කිරීමය. බොජ්ඣංගා යනු බෝධියේ අංගය. මෙය කියන ලද්දේ වේ. මේ ධර්ම එකතුවීමෙන් ලෝකෝත්තර මාර්ග ක්ෂණයෙහි උපදින, සැඟවුණු උද්ධච්ච පිහිටීම රැස්කරන කම්සැප අත්තකිලමථානුයෝග උච්ඡේද සාස්වත අභිනිවේසාදි නොයෙක් උවදුරුවලට ප්රතිපක්ෂ වූ සිහිය ධර්මය විමසීම පිණිස පස්සද්ධිය සමාධිය උපේක්ඛා සංඛ්‍යාත වූ ධර්ම එකතුවීමෙන් ආර්ය ශ්රාවකයා අවබෝධ කිරීම බෝධියයි කියනු ලැබේ. සිතේ නිදාසිටි කෙලෙස් නැගිටීම අවබෝධ කරයි. සතර ආර්ය සත්‍යයන් අවබෝධ කරයි. නිවන හෝ සාක්ෂාත් කරයි යනු බෝධි වේ. ඒ ධර්ම සාමග්රි සංඛ්‍යාත බෝධියේ අංගද බොජ්ඣංග වේ. ඣානංග මග්ගංග ආදිය මෙනි. යමෙක් කියන ලද ආකාරයෙන් මේ ධර්ම සාමග්‍රියෙන් ආර්ය ශ්රාවකයා අවබෝධ කරයි යන අර්ථයෙන් බෝධිය යයි කියනු ලැබේ. ඒ බෝධියේ අංගද බොජ්ඣංග වේ. සෙනංග රථංග ආදිය මෙනි. එයින් කීහ, අටුවා ඇදුරෝ - අවබෝධ කරන පුද්ගලයාගේ අංග හෝ බොජ්ඣංග වේ” යයිද
අපිච “බොජ්ඣඞ්ගාති කෙනට්ඨෙන බොජ්ඣඞ්ගා? බොධාය සංවත්තන්තීති බොජ්ඣඞ්ගා, බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අනුබුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පටිබුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සම්බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා”ති ඉමිනා පටිසම්භිදානයෙනාපි බොජ්ඣඞ්ගත්ථො වෙදිතබ්බො.
තවද කුමන අර්ථයකින් බොජ්ඣංග වේද? අවබෝධය පිණිස පවතීනුයි බොජ්ඣංග වේ. අවබෝධ කෙරේනුයි බොජ්ඣංග අනුව අවබෝධ කෙරේනුයි බොජ්ඣංගා. සම්පූර්ණයෙන් අවබෝධ කෙරේනුයි බොජ්ඣංගා” යයි මේ පටිසම්භිදා- නයින්ද බොජ්ඣංග අර්ථය දතයුතුයි.
සතිසම්බොජ්ඣඞ්ගොතිආදීසු පසත්ථො සුන්දරො ච බොජ්ඣඞ්ගො සම්බොජ්ඣඞ්ගො, සතියෙව සම්බොජ්ඣඞ්ගො සතිසම්බොජ්ඣඞ්ගො. තත්ථ උපට්ඨානලක්ඛණො සතිසම්බොජ්ඣඞ්ගො, පවිචයලක්ඛණො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, පග්ගහලක්ඛණො වීරියසම්බොජ්ඣඞ්ගො, ඵරණලක්ඛණො පීතිසම්බොජ්ඣඞ්ගො, උපසමලක්ඛණො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, අවික්ඛෙපලක්ඛණො සමාධිසම්බොජ්ඣඞ්ගො, පටිසඞ්ඛානලක්ඛණො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. තෙසු “සතිඤ්ච ඛ්වාහං, භික්ඛවෙ, සබ්බත්ථිකං වදාමී”ති (සං· නි· 5.234) වචනතො සබ්බෙසං බොජ්ඣඞ්ගානං උපකාරකත්තා සතිසම්බොජ්ඣඞ්ගො පඨමං වුත්තො. තතො පරං “සො තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනතී”තිආදිනා (ම· නි· 150) නයෙන එවං අනුක්කමෙනෙව නික්ඛෙපපයොජනං පාළියං ආගතමෙව.
සති සම්බොජ්ඣංග ආදියෙහි ප්රශස්ත වූ සුන්දර වූ බොජ්ඣංගය සම්බොජ්ඣංග වේ. සිහියම සතිසම්බොජ්ඣංග වේ. එහි වැටහීම ලක්ෂණ කොට ඇත්තේ සතිසම්බොජ්ඣංග වේ. විශේෂයෙන් පරීක්ෂා කිරීම ලක්‍ෂණකොට ඇත්තේ ධම්මවිචය සම්බොජ්ඣංග වේ. උදව්දීම ලක්‍ෂණකොට ඇත්තේ විරිය සම්බොජ්ඣංග වේ. පැතිරීම ලක්‍ෂණකොට ඇත්තේ පීතිසම්බොජ්ඣංග වේ. සංසිඳීම ලක්‍ෂණකොට ඇත්තේ පස්සද්ධි සම්බොජ්ඣංග වේ. එකඟබව ලක්ෂණ කොට ඇත්තේ උපේක්ඛා සම්බොජ්ඣංග වේ. ඒවා අතරෙන් “මහණෙනි, සිහිය වනාහි සියළු අර්ථය යයි මම කියමි” යන වචනයෙන් සියළු බොජ්ඣංගයන්ට උපකාර වන බැවින් සතිසම්බොජ්ඣංගය පළමුව දේශනා කරන ලදි. ඉන්පසුව එසේ සිහියෙන් වාසය කරන්නේ ප්‍රඥාවෙන් විශේෂයෙන් විමසයි යනාදි නයින් මෙසේ අනුක්රමයෙන් බහා තැබීමේ ප්‍රයෝජන පෙලෙහි ආවේමය.
කස්මා පනෙතෙ සත්තෙව වුත්තා, අනූනා අනධිකාති? ලීනුද්ධච්චපටිපක්ඛතො සබ්බත්ථිකතො ච. එත්ථ හි තයො බොජ්ඣඞ්ගා ලීනස්ස පටිපක්ඛා, යථාහ – “යස්මිඤ්ච ඛො, භික්ඛවෙ, සමයෙ ලීනං චිත්තං හොති, කාලො තස්මිං සමයෙ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො වීරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනායා”ති (සං· නි· 5.234). තයො උද්ධච්චස්ස පටිපක්ඛා, යථාහ – “යස්මිඤ්ච ඛො, භික්ඛවෙ, සමයෙ උද්ධතං චිත්තං හොති, කාලො තස්මිං සමයෙ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනායා”ති (සං· නි· 5.234). එකො පනෙත්ථ ලොණධූපනං විය සබ්බබ්යඤ්ජනෙසු, සබ්බකම්මිකඅමච්චො විය ච සබ්බෙසු රාජකිච්චෙසු, සබ්බබොජ්ඣඞ්ගෙසු ඉච්ඡිතබ්බතො සබ්බත්ථිකො, යථාහ – “සතිඤ්ච ඛ්වාහං, භික්ඛවෙ, සබ්බත්ථිකං වදාමී”ති. “සබ්බත්ථක”න්තිපි පාළි. ද්වින්නම්පි සබ්බත්ථ ඉච්ඡිතබ්බන්ති අත්ථො. එවං ලීනුද්ධච්චපටිපක්ඛතො සබ්බත්ථිකතො ච සත්තෙව වුත්තාති වෙදිතබ්බා.
කුමක් හෙයින් අඩුවැඩි නැතිව සතක්ම කියන ලද්දේද? සැඟවුණු උද්ධච්චයට ප්රතිපක්ෂ බැවින් හැමතැනටම ප්‍රයෝජනවත් බැවින්ද මෙහි බොජ්ඣංග තුනක් අප්රකටයව ප්රතිපක්ෂ වේ. යම්සේ කීහ. “මහණෙනි, යම් අවස්ථාවක සිත මැලිවූයේද සැඟවුනේ වේද ඒ අවස්ථාවේ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට කාලයයි. විරිය සම්බොජ්ඣංගය වැඩීමට කාලයයි. පීති සම්බොජ්ඣංගය වැඩීමට කාලයයි. උද්ධච්චයට තුනක් ප්රතිපක්ෂ වේ කීහ. මහණෙනි, යම්කලක සිත විසිරී ඇතිද ඒ කාලයෙහි පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට සුදුසුය. සමාධි සම්බොජ්ඣංගය වැඩීමට, උපේක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට කාලයයි. එකක් වනාහි සියළු ව්‍යඤ්ජනවල ලුනු ධූපයක් මෙන් (ලොණ ධූප) සියළු රාජ කෘත්‍යවල සියළු කටයුතු කරන ඇමතිවරයකු මෙන් සියළු බොජ්ඣංගවල කැමතිවිය යුතු හෙයින් සබ්බත්ථික ස්ථාන:- “මහණෙනි, සිහිය වනාහි සියල්ලටම කැමති වේ.” පෙලෙහි සබ්බත්ථක යනුවෙන්ද ඇත. දෙදෙනාම (සබ්බත්ථ) කැමති වෙති යන අර්ථය වේ. සබ්බත්ථික වශයෙන්ද සතක්ම කියන ලදැයි දතයුතුය.
ඉදානි නෙසං එකස්මිංයෙවාරම්මණෙ අත්තනො අත්තනො කිච්චවසෙන නානාකරණං දස්සෙතුං තත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගොතිආදි ආරද්ධං. තත්ථ ඉධ භික්ඛූති ඉමස්මිං සාසනෙ භික්ඛු. සතිමා හොතීති පඤ්ඤාය පඤ්ඤවා, යසෙන යසවා, ධනෙන ධනවා විය සතියා සතිමා හොති, සතිසම්පන්නොති අත්ථො. පරමෙනාති උත්තමෙන; තඤ්හි පරමත්ථසච්චස්ස නිබ්බානස්ස චෙව මග්ගස්ස ච අනුලොමතො පරමං නාම හොති උත්තමං සෙට්ඨං. සතිනෙපක්කෙනාති නෙපක්කං වුච්චති පඤ්ඤා; සතියා චෙව නෙපක්කෙන චාති අත්ථො.
දැන් මේවායේ එකම අරමුණේ තම තමාගේ කෘත්‍යය වශයෙන් නා නා කටයුතු දැක්වීමට තත්ථ කතමො සති සම්බොජ්ඣංගො යනාදිය ආරම්භ කළහ. එහි ඉධ භික්ඛූ යනු මේ සාසනයෙහි භික්ෂුවය. සතිමා හොති පුග්ගල පඤ්ඤාවද යසසෙන් යසවාද ධනයෙන් ධනවාද මෙන් සිහියෙන් සතිමා වේ. සිහියෙන් යුක්තය යන අර්ථයයි. පරමෙන - උතුම් හෙයින්, එහි පරමාර්ථ සත්‍ය වූ නිවන ද මාර්ගයද අනුලෝම වශයෙන් පරම නම් වේ. සතිනෙපක්කෙන මෙහි නෙපක්ක යනු ප්‍රඥාවය. උත්තම ශ්‍රේෂ්ඨ යන අර්ථයෙන්. සිහියද නුවණද යන අර්ථයයි.
කස්මා පන ඉමස්මිං සතිභාජනීයෙ පඤ්ඤා සඞ්ගහිතාති? සතියා බලවභාවදීපනත්ථං. සති හි පඤ්ඤාය සද්ධිම්පි උප්පජ්ජති විනාපි, පඤ්ඤාය සද්ධිං උප්පජ්ජමානා බලවතී හොති, විනා උප්පජ්ජමානා දුබ්බලා. තෙනස්සා බලවභාවදීපනත්ථං පඤ්ඤා සඞ්ගහිතා. යථා හි ද්වීසු දිසාසු ද්වෙ රාජමහාමත්තා තිට්ඨෙය්යුං; තෙසු එකො රාජපුත්තං ගහෙත්වා තිට්ඨෙය්ය, එකො අත්තනො ධම්මතාය එකකොව තෙසු රාජපුත්තං ගහෙත්වා ඨිතො අත්තනොපි තෙජෙන රාජපුත්තස්සපි තෙජෙන තෙජවා හොති; අත්තනො ධම්මතාය ඨිතො න තෙන සමතෙජො හොති; එවමෙව රාජපුත්තං ගහෙත්වා ඨිතමහාමත්තො විය පඤ්ඤාය සද්ධිං උප්පන්නා සති, අත්තනො ධම්මතාය ඨිතො විය විනා පඤ්ඤාය උප්පන්නා. තත්ථ යථා රාජපුත්තං ගහෙත්වා ඨිතො අත්තනොපි තෙජෙන රාජපුත්තස්සපි තෙජෙන තෙජවා හොති, එවං පඤ්ඤාය සද්ධිං උප්පන්නා සති බලවතී හොති; යථා අත්තනො ධම්මතාය ඨිතො න තෙන සමතෙජො හොති, එවං විනා පඤ්ඤාය උප්පන්නා දුබ්බලා හොතීති බලවභාවදීපනත්ථං පඤ්ඤා ගහිතාති.
මෙම සිහිය බෙදා දක්වන අවස්ථාවෙහි පඤ්ඤා එකතු කෙළේ කුමක් හෙයින්ද? සිහියේ බලවත් බව දැක්වීම සඳහාය. සිහිය ප්‍රඥාව සමගද නැතිවද උපදී. ප්‍රඥාව සමග උපදිනවිට බලවත් වේ. නැතිව උපදිනවිට දුබලය. එහෙයින් බලවත් බව දැක්වීම සඳහා පඤ්ඤා සංග්‍රහ කරන ලදි. දිසා දෙකක රාජමහාමාත්‍යවරු සිටිනාහ. ඔවුනතුරෙන් එක්කෙනෙක් රාජපුත්‍රයා ගෙන සිටියි. තමාගේ තේජසින්ද රාජපුත්‍රයාගේ තේජසින්ද තේජවන්ත වේ. තමාගේ ස්වභාවයෙන් සිටියේ නම් එපමණ තේජසක් ඇති නොවේ. මෙසේ රාජපුත්‍රයා ගෙන සිටි මහාමාත්‍යයා මෙන් පඤ්ඤාව සමග උපන් සිහිය, තමාගේ ස්වභාවයෙන් සිටියා මෙනි. ප්‍රඥාව නැතිව උපන් සිහිය, එහි රාජපුත්‍රයා ගෙන සිටි තම තේජසින් හා රාජපුත්රයාත් තේජසින් තේජස් වන්නේද? යම්සේ පඤ්ඤාව සමග උපන් සිහිය බලවත් වෙයි. තමාගේ ස්වභාවයෙන් සිටියේ ඒ හා ස්වභාවයෙන් නොවේද? මෙසේ පඤ්ඤාව නැතිව උපන් සිහිය දුබල වේ. බලවත් බව දැක්වීමට පඤ්ඤාව ගන්නා ලදි.
චිරකතම්පීති අත්තනො වා පරස්ස වා කායෙන චිරකතං වත්තං වා කසිණමණ්ඩලං වා කසිණපරිකම්මං වා. චිරභාසිතම්පීති අත්තනා වා පරෙන වා වාචාය චිරභාසිතං බහුකම්පි, වත්තසීසෙ ඨත්වා ධම්මකථං වා කම්මට්ඨානවිනිච්ඡයං වා, විමුත්තායතනසීසෙ වා ඨත්වා ධම්මකථමෙව. සරිතා හොතීති තං කායවිඤ්ඤත්තිං වචීවිඤ්ඤත්තිඤ්ච සමුට්ඨාපෙත්වා පවත්තං අරූපධම්මකොට්ඨාසං ‘එවං උප්පජ්ජිත්වා එවං නිරුද්ධො’ති සරිතා හොති. අනුස්සරිතාති පුනප්පුනං සරිතා. අයං වුච්චති සතිසම්බොජ්ඣඞ්ගොති අයං එවං උප්පන්නා සෙසබොජ්ඣඞ්ගසමුට්ඨාපිකා විපස්සනාසම්පයුත්තා සති සතිසම්බොජ්ඣඞ්ගො නාම කථීයති.
චිරකතම්පි තමාගේ හෝ අනුන්ගේ හෝ කයින් වතාවත් හෝ කසිණ හෝ පරිකර්ම හෝ බොහෝ කලක් කරන ලද. චිරභාසිතං තමාගේ හෝ අනුන්ගේ හෝ වචනයෙන් වතාවත්වල සිට ධර්ම කථාවක් හෝ කමටහන් විනිසක් හෝ බොහෝ කලක් කියන ලදි. සරිතා හොති එය කාය විඤ්ඤත්ති වචී විඤ්ඤත්තියද උපදවා පවත්වන අරූප ධර්ම කොටසක් මෙසේ ඉපදී මෙසේ නිරුද්ධ වීයයි සිහි කිරීම වේ. අනුස්සරිතා නැවත නැවත සිහිකිරීම. අයං වුච්චති සතිසම්බොජ්ඣංගා හොති මෙය මෙසේ උපන්නා වූ සෙසු බොජ්ඣංග උපදවන විදර්ශනා සම්ප්‍රයුක්ත සිහිය සතිසම්බොජ්ඣංග යයි කියනු ලැබේ.
සො තථා සතො විහරන්තොති සො භික්ඛු තෙනාකාරෙන උප්පන්නාය සතියා සතො හුත්වා විහරන්තො. තං ධම්මන්ති තං චිරකතං චිරභාසිතං හෙට්ඨා වුත්තප්පකාරං ධම්මං. පඤ්ඤාය පවිචිනතීති පඤ්ඤාය ‘අනිච්චං දුක්ඛං අනත්තා’ති පවිචිනති. පවිචරතීති ‘අනිච්චං දුක්ඛං අනත්තා’ති තත්ථ පඤ්ඤං චරාපෙන්තො පවිචරති. පරිවීමංසං ආපජ්ජතීති ඔලොකනං ගවෙසනං ආපජ්ජති. අයං වුච්චතීති ඉදං වුත්තප්පකාරං බොජ්ඣඞ්ගසමුට්ඨාපකං විපස්සනාඤාණං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො නාම වුච්චති.
සො තථා සතො විහාරන්තො ඒ භික්ෂුව ඒ ආකාරයෙන් උපන් සිහියෙන් යුතුව වාසය කරන්නේ. තං ධම්මං එය බොහෝ කල් කළ බොහෝ කල් කියන ලද යට කිනය ලද ආකාරයේ ධර්ම. පඤ්ඤාය පවිචිනති අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසීම. පවිචරති අනිත්‍ය දුක්ඛ අනාත්මයයි එහි ප්‍රඥාව හැසිරවන්නේ පවිචරති වේ. පරිවීමංසං ආපජ්ජති බැලීමට පිවිසීමට පැමිණෙයි. අයං වුච්චති. මේ කියන ලද ආකාර බොජ්ඣංග පහළවීම විපස්සනා. ඣාන ධම්මවිචය සම්බොජ්ඣංග නම් යයි කියනු ලැබේ.
තස්ස තං ධම්මන්ති තස්ස භික්ඛුනො තං හෙට්ඨා වුත්තප්පකාරං ධම්මං. ආරද්ධං හොතීති පරිපුණ්ණං හොති පග්ගහිතං. අසල්ලීනන්ති ආරද්ධත්තායෙව අසල්ලීනං. අයං වුච්චතීති ඉදං බොජ්ඣඞ්ගසමුට්ඨාපකං විපස්සනාසම්පයුත්තං වීරියං වීරියසම්බොජ්ඣඞ්ගො නාම වුච්චති.
තස්ස තං ධම්මං ඒ භික්ෂුවට යට කියන ලද ආකාර ඒ ධර්මය. ආරද්ධං හොති - සම්පූර්ණ වේ. ගන්නා ලද. අසල්ලීනං ආරම්භ කළ බැවින්ම ගුප්ත නොවන. අයං වුච්චතී මේ බොජ්ඣංග පහළ කරවන විදර්ශනා සම්ප්‍රයුක්ත විරිය විරිය සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.
නිරාමිසාති කාමාමිසලොකාමිසවට්ටාමිසානං අභාවෙන නිරාමිසා පරිසුද්ධා. අයං වුච්චතීති අයං බොජ්ඣඞ්ගසමුට්ඨාපිකා විපස්සනාසම්පයුත්තා පීති පීතිසම්බොජ්ඣඞ්ගො නාම වුච්චති.
නිරාමිසා කාම ආමිස ලෝක ආමිස සංසාර ආමිස අභාවයෙන් නිරාමිස වූ පිරිසිදු වූ. අයං වුච්චති මේ බොජ්ඣංග පහළ කරවන විපස්සනා සම්ප්‍රයුක්ත ප්‍රීති පීති සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.
පීතිමනස්සාති පීතිසම්පයුත්තචිත්තස්ස. කායොපි පස්සම්භතීති ඛන්ධත්තයසඞ්ඛාතො නාමකායො කිලෙසදරථපටිප්පස්සද්ධියා පස්සම්භති. චිත්තම්පීති විඤ්ඤාණක්ඛන්ධොපි තථෙව පස්සම්භති. අයං වුච්චතීති අයං බොජ්ඣඞ්ගසමුට්ඨාපිකා විපස්සනාසම්පයුත්තා පස්සද්ධි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො නාම වුච්චති.
පීතිමනස්ස ප්‍රීතියෙන් යුක්ත සිතේ කායොපිපස්සම්භති ස්කන්ධ ත්‍රය සංඛ්‍යාත කය කෙලෙස් දාහය සංසිඳීමෙන් චිත්තමය - විඤ්ඤාණ ස්කන්ධය එසේම සංසිඳේ. අයං වුච්චති මේ බොජ්ඣංග පහළ කරවන විපස්සනා සම්ප්‍රයුක්ත සංසිඳීම පස්සද්ධි සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.
පස්සද්ධකායස්ස සුඛිනොති පස්සද්ධකායතාය උප්පන්නසුඛෙන සුඛිතස්ස. සමාධියතීති සම්මා ආධියති, නිච්චලං හුත්වා ආරම්මණෙ ඨපීයති, අප්පනාප්පත්තං විය හොති. අයං වුච්චතීති අයං බොජ්ඣඞ්ගසමුට්ඨාපිකා විපස්සනාසම්පයුත්තා චිත්තෙකග්ගතා සමාධිසම්බොජ්ඣඞ්ගො නාම වුච්චති.
පස්සද්ධ කායස්ස සුඛිනො සංසිඳීම කයෙන් උපන් සැපයෙන් සුඛිත වූ සමාධියති මනාව තබයි. නිසලව අරමුණෙහි තබයි. අර්පණාවට පත්වූවා මෙන් වේ. අයං වුච්චති මේ බොජ්ඣංග පහළ කරවන විපස්සනා සම්ප්‍රයුක්ත සිතේ එකඟකම සමාධි සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.
තථා සමාහිතන්ති තෙන අප්පනාප්පත්තෙන විය සමාධිනා සමාහිතං. සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොතීති සුට්ඨු අජ්ඣුපෙක්ඛිතා හොති; තෙසං ධම්මානං පහානවඩ්ඪනෙ අබ්යාවටො හුත්වා අජ්ඣුපෙක්ඛති. අයං වුච්චතීති අයං ඡන්නං බොජ්ඣඞ්ගානං අනොසක්කනඅනතිවත්තනභාවසාධකො මජ්ඣත්තාකාරො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො නාම වුච්චති.
තථා සමාහිතං අර්පණා පත්වූවකු මෙන් එයින් සමාධිගත කරන ලද සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති මනාව මධ්‍යස්ථ වේ. ඒ ධර්මයන්ගේ ප්රහාණය හා වර්ධනයෙහි ව්‍යාවෘත්ත නොවී මධ්‍යස්ථ වේ. අයං වුච්චති මේ බොජ්ඣංග හයේ පසුනොබැසීම නොනවතින ස්වභාවයන් සඳහා වූ මධ්‍යස්ථ ආකාර උපෙක්ඛා සම්බොජ්ඣංගය යයි කියනු ලැබේ.
එත්තාවතා කිං කථිතං නාම හොති? අපුබ්බං අචරිමං එකචිත්තක්ඛණෙ නානාරසලක්ඛණා පුබ්බභාගවිපස්සනා බොජ්ඣඞ්ගා කථිතා හොන්තීති.
මෙපමණකින් කුමක් කියන ලද්දේ වේද? පෙරපසු නොවී එක් සිත් කෙණෙහි නානා රස ලක්ෂණ විපස්සනා බොජ්ඣංගය කියන ලදි.
පඨමො නයො.
පළමුවන නයයි.
ඉදානි යෙන පරියායෙන සත්ත බොජ්ඣඞ්ගා චුද්දස හොන්ති, තස්ස පකාසනත්ථං දුතියනයං දස්සෙන්තො පුන සත්ත බොජ්ඣඞ්ගාතිආදිමාහ. තත්රායං අනුපුබ්බපදවණ්ණනා – අජ්ඣත්තං ධම්මෙසු සතීති අජ්ඣත්තිකසඞ්ඛාරෙ පරිග්ගණ්හන්තස්ස උප්පන්නා සති. බහිද්ධා ධම්මෙසු සතීති බහිද්ධාසඞ්ඛාරෙ පරිග්ගණ්හන්තස්ස උප්පන්නා සති. යදපීති යාපි. තදපීති සාපි. අභිඤ්ඤායාති අභිඤ්ඤෙය්යධම්මෙ අභිජානනත්ථාය. සම්බොධායාති සම්බොධි වුච්චති මග්ගො, මග්ගත්ථායාති අත්ථො. නිබ්බානායාති වානං වුච්චති තණ්හා; සා තත්ථ නත්ථීති නිබ්බානං, තදත්ථාය, අසඞ්ඛතාය අමතධාතුයා සච්ඡිකිරියත්ථාය සංවත්තතීති අත්ථො. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගෙපි එසෙව නයො.
දැන් යම් ධර්ම පරියායකින් බොජ්ඣංග සත තුදුසක් වේද? එය ප්‍රකාශ කිරීම සඳහා දෙවන නය දක්වන්නේ නැවත සත්ත බොජ්ඣංග යනාදිය කීහ. මේ එය අනුපූර්ව පද වර්ණනාවයි. අජ්ඣත්ත ධම්මෙසු සතී අජ්ඣත්තික සංස්කාර විමසන්නාට උපදින සිහිය. යදපි යමක්ද තදපී එයද අභිඤ්ඤාය අවබෝධ කළයුතු ධර්ම දැනගැනීම සඳහා. සම්බොධාය සම්බෝධිය කියනු ලැබේ. මාර්ගය මාර්ග අර්ථය සඳහා යන අර්ථයයි. නිබ්බාණාය වාන තෘෂ්ණාව කියනු ලැබේ. එය එහි නැතැයි නිබ්බාණ වේ. ඒ අර්ථය සඳහා අසංඛත වූ අමෘත ධාතුව සාක්ෂාත් කිරීම සඳහා පවතී යන අර්ථයකි. ධම්මවිචය සම්බොජ්ඣංගයෙහිද එම නයමය.
කායිකං වීරියන්ති චඞ්කමං අධිට්ඨහන්තස්ස උප්පන්නවීරියං. චෙතසිකං වීරියන්ති “න තාවාහං ඉමං පල්ලඞ්කං භින්දිස්සාමි යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චිස්සතී”ති එවං කායපයොගං විනා උප්පන්නවීරියං. කායපස්සද්ධීති තිණ්ණං ඛන්ධානං දරථපස්සද්ධි. චිත්තපස්සද්ධීති විඤ්ඤාණක්ඛන්ධස්ස දරථපස්සද්ධි. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගෙ සතිසම්බොජ්ඣඞ්ගසදිසොව විනිච්ඡයො. ඉමස්මිං නයෙ සත්ත බොජ්ඣඞ්ගා ලොකියලොකුත්තරමිස්සකා කථිතා.
[missing trans] වීර්යයයි. චෙතසිකං යනු ආශ්රවයන්ගෙන් සිත මිදෙනතුරු මෙම ආසනයෙන් නොනැගිටිමියි ශරීර ක්‍රියාවක් නැතිව උපදින වීර්යයයි. කාය පස්සද්ධී ස්කන්ධ තුනේ දාහයෙන් සංසිඳීම. චිත්ත පස්සද්ධි විඤ්ඤාණ ස්කන්ධයේ දැවීමෙන් සංසිඳීම. උපෙක්ඛා සම්බොජ්ඣංගයෙහිද සති සම්බොජ්ඣංගය සමානව විනිස වේ. මේ නයෙහි බොජ්ඣංග සත ලෞකික ලෝකෝත්තර මිශ්‍රව කියන ලදී.
පොරාණකත්ථෙරා පන ‘එත්තකෙන පාකටං න හොතී’ති විභජිත්වා දස්සෙසුං. එතෙසු හි අජ්ඣත්තධම්මෙසු සති පවිචයො උපෙක්ඛාති ඉමෙ තයො අත්තනො ඛන්ධාරම්මණත්තා ලොකියාව හොන්ති. තථා මග්ගං අප්පත්තං කායිකවීරියං. අවිතක්කඅවිචාරා පන පීතිසමාධියො ලොකුත්තරා හොන්ති. සෙසා ලොකියලොකුත්තරමිස්සකාති.
පුරාණ තෙරුන් වහන්සේලා වනාහි මෙපමණකින් ප්‍රකට නොවේයයි බෙදා දැක්වූහ. මේවායේ අධ්‍යාත්ම ධර්මවල සති, විචය, උපෙක්ඛා යන මේ තුන තමාගේ ස්කන්ධ අරමුණු කරන ලද බැවින් ලෞකික වේ. එසේම මාර්ගයට නොපැමිණි කායික වීර්යද ලෞකිකය. අවිතක්ක අවිචාර පීති සමාධි ලෝකෝත්තර වේ. සෙස්ස ලෞකික ලෝකෝත්තර මිශ්‍ර වේ.
තත්ථ අජ්ඣත්තං තාව ධම්මෙසු සතිපවිචයඋපෙක්ඛා අජ්ඣත්තාරම්මණා, ලොකුත්තරා පන බහිද්ධාරම්මණාති තෙසං ලොකුත්තරභාවො මා යුජ්ජිත්ථ. චඞ්කමප්පයොගෙන නිබ්බත්තවීරියම්පි ලොකියන්ති වදන්තො න කිලමති. අවිතක්කඅවිචාරා පන පීතිසමාධියො කදා ලොකුත්තරා හොන්තීති? කාමාවචරෙ තාව පීතිසම්බොජ්ඣඞ්ගො ලබ්භති, අවිතක්කඅවිචාරා පීති න ලබ්භති. රූපාවචරෙ අවිතක්කඅවිචාරා පීති ලබ්භති, පීතිසම්බොජ්ඣඞ්ගො පන න ලබ්භති. අරූපාවචරෙ සබ්බෙන සබ්බං න ලබ්භති. එත්ථ පන අලබ්භමානකං උපාදාය ලබ්භමානකාපි පටික්ඛිත්තා. එවමයං අවිතක්කඅවිචාරො පීතිසම්බොජ්ඣඞ්ගො කාමාවචරතොපි නික්ඛන්තො රූපාවචරතොපි අරූපාවචරතොපීති නිබ්බත්තිතලොකුත්තරො යෙවාති කථිතො.
එහි අජ්ඣත්ත පළමුවෙන් සති විචය උපෙක්ඛා අධ්‍යාත්ම අරමුණුය. ලෝකෝත්තර මිශ්‍ර වේ. එහි අජ්ඣත්ත පළමුවෙන් සති විචය උපෙක්ඛා අධ්‍යාත්ම අරමුණුය. ලෝකෝත්තර වනාහි බාහිර අරමුණුය. ඒවායේ ලෝකෝත්තර භාවය නොයොදනු. සක්මන් ප්‍රයෝගයෙන් උපන් වීර්යද ලෞකිකය. කියන්නේ වෙහෙස නොවෙයි. අවිතක්ක අවිචාර පීති සමාධි වනාහි ලෝකෝත්තරම වේ. කාමාවචරයෙහි පීති සම්බොජ්ඣංගය ලබයි. අවිතක්ක අවිචාර පීති නොලබයි. රූපාවචරයෙහි අවිතක්ක අවිචාර පීති ලබයි. පීති සම්බොජ්ඣංගය නොලබයි. අරූපාවචරයෙහි කිසිවකින් කිසිවක් නොලබයි. මෙහි වනාහි නොලැබෙන දේ ගෙන ලැබෙන දේද ප්‍රතික්ෂේප කරන ලදි. මෙසේ මේ අවිතක්ක අවිචාර පීති සම්බොජ්ඣංගය කාමාවචරයෙන්ද නික්මුනේ රූපාවචරයෙන්ද අරූපාවචරයෙන්දැයි උපන් ලෝකෝත්තරයෙහිම කියන ලදි.
තථා කාමාවචරෙ සමාධිසම්බොජ්ඣඞ්ගො ලබ්භති, අවිතක්කඅවිචාරො පන සමාධි න ලබ්භති. රූපාවචරඅරූපාවචරෙසු අවිතක්කඅවිචාරො සමාධි ලබ්භති, සමාධිසම්බොජ්ඣඞ්ගො පන න ලබ්භති. එත්ථ පන අලබ්භමානකං උපාදාය ලබ්භමානකොපි පටික්ඛිත්තො. එවමයං අවිතක්කඅවිචාරො සමාධි කාමාවචරතොපි නික්ඛන්තො රූපාවචරතොපි අරූපාවචරතොපීති නිබ්බත්තිතලොකුත්තරො යෙවාති කථිතො.
එසේම කාමාවචරයෙහි සමාධි සම්බොජ්ඣංගය ලබයි. අවිතක්ක විචාර සමාධිය නොලබයි. රූපාවචර අරූපාවචරවල අවිතක්ක විචාර සමාධිය ලබයි. සමාධි බොජ්ඣංගය නොලබයි. මෙහි වනාහි නොලබන දේ ගෙන ලබන දේද ප්‍රතික්ෂේප කරන ලදි. මෙසේ මේ අවිතක්ක විචාර සමාධි කාමාවචරයෙන්ද නික්මුනේ රූපාවචරයෙන්ද අරූපාවචරයෙන් නිපන් ලෝකෝත්තරම යයි කියන ලදි.
අපිච ලොකියං ගහෙත්වා ලොකුත්තරො කාතබ්බො; ලොකුත්තරං ගහෙත්වා ලොකියො කාතබ්බො. අජ්ඣත්තධම්මෙසු හි සතිපවිචයඋපෙක්ඛානං ලොකුත්තරභාවනාකාලොපි අත්ථි. තත්රිදං සුත්තං – “අජ්ඣත්තවිමොක්ඛං ඛ්වාහං, ආවුසො, සබ්බුපාදානක්ඛයං වදාමි; එවමස්සිමෙ ආසවා නානුසෙන්තී”ති (සං· නි· 2.32 ථොකං විසදිසං) ඉමිනා සුත්තෙන ලොකුත්තරා හොන්ති. යදා පන චඞ්කමපයොගෙන නිබ්බත්තෙ කායිකවීරියෙ අනුපසන්තෙයෙව විපස්සනා මග්ගෙන ඝටීයති, තදා තං ලොකුත්තරං හොති. යෙ පන ථෙරා “කසිණජ්ඣානෙ, ආනාපානජ්ඣානෙ, බ්රහ්මවිහාරජ්ඣානෙ ච බොජ්ඣඞ්ගො උද්ධරන්තො න වාරෙතබ්බො”ති වදන්ති, තෙසං වාදෙ අවිතක්කඅවිචාරා පීතිසමාධිසම්බොජ්ඣඞ්ගා ලොකියා හොන්තීති.
තවද ලෞකිකය ගෙන ලෝකෝත්තරය කළයුතුය. ලෝකෝත්තරය ගෙන ලෞකිකය කළයුතුය. අධ්‍යාත්ම ධර්මවල සති විචය උපෙක්ඛාවල ලෝකෝත්තර භාවනා කාලයක්ද ඇත. එහි සූත්‍රය මේ. ඇවැත්නි, ආධ්‍යාත්ම විමෝක්ෂය සියළු උපාදාන ක්ෂය යයි කියයි. මෙසේ ඔහුගේ මේ ආශ්‍රවයෝ අනුසය නොවෙති. මේ සූත්‍රාන්තයේ ලෝකෝත්තරය වේ. සක්මන් ප්‍රයෝගයෙන් උපන් වීර්ය නොසන්සිඳුනේ විපස්සනා මාර්ගය සමග ගැටේ. එවිට එය ලෝකෝත්තර වේ. යම් තෙරුන් වහන්සේලා කසිණ ආනාපාන බ්‍රහ්මවිහාර ධ්‍යානවලද බොජ්ඣංග උදුරන්නේ නොවැළැක්විය යුතුයයි කියති. ඔවුන්ගේ වාදයෙහි අවිතක්ක අවිචාර පීති සමාධි සම්බොජ්ඣංග ලෞකික වේ.
දුතියො නයො.
දුතිය නයයි.
ඉදානි බොජ්ඣඞ්ගානං භාවනාවසෙන පවත්තං තතියනයං දස්සෙන්තො පුන සත්ත බොජ්ඣඞ්ගාතිආදිමාහ. තත්ථාපි අයං අනුපුබ්බපදවණ්ණනා – භාවෙතීති වඩ්ඪෙති; අත්තනො සන්තානෙ පුනප්පුනං ජනෙති අභිනිබ්බත්තෙති. විවෙකනිස්සිතන්ති විවෙකෙ නිස්සිතං. විවෙකොති විවිත්තතා. සො චායං තදඞ්ගවිවෙකො, වික්ඛම්භනසමුච්ඡෙදපටිප්පස්සද්ධිනිස්සරණවිවෙකොති පඤ්චවිධො. තත්ථ තදඞ්ගවිවෙකො නාම විපස්සනා. වික්ඛම්භනවිවෙකො නාම අට්ඨ සමාපත්තියො. සමුච්ඡෙදවිවෙකො නාම මග්ගො. පටිප්පස්සද්ධිවිවෙකො නාම ඵලං. නිස්සරණවිවෙකො නාම සබ්බනිමිත්තනිස්සටං නිබ්බානං. එවමෙතස්මිං පඤ්චවිධෙ විවෙකෙ නිස්සිතං විවෙකනිස්සිතන්ති තදඞ්ගවිවෙකනිස්සිතං සමුච්ඡෙදවිවෙකනිස්සිතං නිස්සරණවිවෙකනිස්සිතඤ්ච සතිසම්බොජ්ඣඞ්ගං භාවෙතීති අයමත්ථො වෙදිතබ්බො.
දැන් බොජ්ඣංගවල භාවනා වශයෙන් පවත්වන තුන්වන නය දක්වන්නේ නැවත සත්ත බොජ්ඣංග යනාදිය කීහ. එහිද මේ අනුපූර්ව පද වර්ණනාවයි. භාවෙතී වඩයි. තම සන්තානයෙහි නැවත නැවත උපදවයි. නැවත උපදවයි. විවෙක නිස්සිත විවේකය ආශ්රිත වූ. විවෙකො වෙන්වන ලද බව. එයද මේ තදංග විවේකය වික්ඛම්භන සමුච්ඡේද පටිප්පස්සද්ධි නිස්සරණ විවේකයයි පංචවිධ වේ. එහි තදංග විවේකය නම් විපස්සනාවයි. වික්ඛම්භ විවේක නම් අෂ්ට සමාපත්ති වේ. සමුච්ඡේද විවේකය නම් සෝවාන් ආදි මාර්ගයයි. පටිප්පස්සද්ධි විවේක නම් සෝවාන් ආදි ඵලය. නිස්සරණ විවේකය නම් සියළු නිමිති අත්හළ නිවනයි. මෙසේ මේ පස්විධ විවේකයෙහි නිශ්රිතවීම විවේක නිස්සිත වේ. තදංගවිවේක නිස්සිතය සමුච්ඡේද විවේක නිස්සිතය නිස්සරණ විවේක නිස්සිතයද සති සම්බොජ්ඣංගය වඩයි යන මේ අර්ථය දතයුතුය.
තථා හි අයං සතිසම්බොජ්ඣඞ්ගභාවනානුයොගමනුයුත්තො යොගී විපස්සනාක්ඛණෙ කිච්චතො තදඞ්ගවිවෙකනිස්සිතං, අජ්ඣාසයතො නිස්සරණවිවෙකනිස්සිතං, මග්ගකාලෙ පන කිච්චතො සමුච්ඡෙදවිවෙකනිස්සිතං, ආරම්මණතො නිස්සරණවිවෙකනිස්සිතං, සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති. පඤ්චවිවෙකනිස්සිතම්පීති එකෙ. තෙ හි න කෙවලං බලවවිපස්සනාමග්ගඵලක්ඛණෙසු එව බොජ්ඣඞ්ගං උද්ධරන්ති, විපස්සනාපාදකකසිණජ්ඣානආනාපානාසුභබ්රහ්මවිහාරජ්ඣානෙසුපි උද්ධරන්ති, න ච පටිසිද්ධා අට්ඨකථාචරියෙහි . තස්මා තෙසං මතෙන එතෙසං ඣානානං පවත්තික්ඛණෙ කිච්චතො එව වික්ඛම්භනවිවෙකනිස්සිතං. යථා ච විපස්සනාක්ඛණෙ “අජ්ඣාසයතො නිස්සරණවිවෙකනිස්සිත”න්ති වුත්තං, එවං “පටිප්පස්සද්ධිවිවෙකනිස්සිතම්පි භාවෙතී”ති වත්තුං වට්ටති. එස නයො විරාගනිස්සිතාදීසු. විවෙකත්ථා එව හි විරාගාදයො.
එසේම මේ සති සම්බොජ්ඣංග භාවනානුයෝගයෙන් යුක්ත වූ යෝගියා විපස්සනා ක්ෂණයෙහි කෘත්‍ය වශයෙන් තදංග විවේකය ආශ්රිත වූ අදහස්වලින්ද නිස්සරණ විවේකය ආශ්රිත මාර්ග කාලයෙහි වනාහි කෘත්‍ය වශයෙන් ද සමුච්ඡේද විවේක ආශ්රිත වූ අරමුණුවලින් ද නිස්සරණ විවේක නිශ්රිත වූ සතිසම්බොජ්ඣංගය වඩයි. පංචවිධ විවේක නිශ්රිතවම යයිද කෙනෙක් කියති. ඔව්හු බලවත් විපස්සනා මාර්ගඵල ලක්ෂණවලම බොජ්ඣංග පමණක් නොඋදුරති. විපස්සනා පාදක කසිණ ධ්‍යාන ආනාපාන බ්‍රහ්මවිහාර ධ්‍යානවලද උදුරති. අර්ථකථාචාර්යවරුන් විසින් නැවත සිදු නොකරති. (අට්ඨකථාචරියෙහි නච පටිසිද්ධා) එහෙයින් ඔවුන්ගේ මතයෙන් මේ ධ්‍යාන පවතින ක්ෂණයෙහි කෘත්‍ය වශයෙන්ම වික්ඛම්භන විවේක නිශ්රිත වේ. විපස්සනා ක්ෂණයෙහි අදහස් වශයෙන් නිස්සරණ විවේක නිශ්රිත යයි කියන ලදි. මෙසේ පටිප්පස්සද්ධි විවේක නිශ්රිතයද වැඩිය යුතුයයි කියන්ට වටී. මේ නය විරාග නිශ්රිතාදියෙහි වේ. විවේක අර්ථයම විරාගාදිය වේ.
කෙවලඤ්චෙත්ථ වොස්සග්ගො දුවිධො – පරිච්චාගවොස්සග්ගො ච පක්ඛන්දනවොස්සග්ගො චාති. තත්ථ ‘පරිච්චාගවොස්සග්ගො’ති විපස්සනාක්ඛණෙ ච තදඞ්ගවසෙන මග්ගක්ඛණෙ ච සමුච්ඡෙදවසෙන කිලෙසප්පහානං. ‘පක්ඛන්දනවොස්සග්ගො’ති විපස්සනාක්ඛණෙ තන්නින්නභාවෙන, මග්ගක්ඛණෙ පන ආරම්මණකරණෙන නිබ්බානපක්ඛන්දනං. තදුභයම්පි ඉමස්මිං ලොකියලොකුත්තරමිස්සකෙ අත්ථවණ්ණනානයෙ වට්ටති. තථා හි අයං සති සම්බොජ්ඣඞ්ගො යථාවුත්තෙන පකාරෙන කිලෙසෙ පරිච්චජති, නිබ්බානඤ්ච පක්ඛන්දති.
මෙහි හුදෙක් අත්හැරීම දෙයාකාරය. පරිච්චාග පක්ඛන්දන වශයෙන්. පරිත්‍යාග අත්හැරීම විපස්සනා ක්‍ෂණයෙහිද තදංග වශයෙන් මාර්ග ක්ෂණයෙහි ද සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්රහානයේද පක්ඛන්දන වොස්සග්ග යනු විපස්සනා ක්ෂණයෙහි ඊට නැමුණු බැවින්ද මාර්ග ක්ෂණයෙහි වනාහි අරමුණු කිරීමෙන් නිවනට පැමිණීමය. ඒ දෙකම මේ ලෞකික ලෝකෝත්තර මිශ්රයෙහි අර්ථ වර්ණනා නය වටී. එසේම මේ සති සම්බොජ්ඣංගය කියන ලද ආකාරයෙන් කෙලෙස් අත්හරියි. නිවනටද පනියි.
වොස්සග්ගපරිණාමින්ති ඉමිනා පන සකලෙන වචනෙන වොස්සග්ගත්ථං පරිණමන්තං පරිණතඤ්ච, පරිපච්චන්තං පරිපක්කඤ්චාති ඉදං වුත්තං හොති. අයඤ්හි බොජ්ඣඞ්ගභාවනමනුයුත්තො භික්ඛු යථා සතිසම්බොජ්ඣඞ්ගො කිලෙසපරිච්චාගවොස්සග්ගත්ථං නිබ්බානපක්ඛන්දනවොස්සග්ගත්ථඤ්ච පරිපච්චති, යථා ච පරිපක්කො හොති, තථා නං භාවෙතීති. එස නයො සෙසබොජ්ඣඞ්ගෙසුපි. ඉමස්මිම්පි නයෙ ලොකියලොකුත්තරමිස්සකා බොජ්ඣඞ්ගා කථිතාති.
වොස්සග්ග පරිනාමිං මේ සියළු වචනයෙන් අත්හැරීම් අර්ථය මුහුකරන්නේ මුහුකුරා ගියේද පැසෙන්නේ පැසුණේද හෝ වෙයි. මෙය කියන ලදි. මේ බොජ්ඣංග භාවනාවෙන් යුක්ත වූ භික්ෂුව සති සම්බොජ්ඣංගය කෙලෙස් අත්හැරීම් වොත්ථපන අර්ථයද නිවනට පැනීමෙහි වොස්සග්ග අර්ථයද පැසවයි. මුහුකුරයි යි සේයි. යම්සේ පැසෙන්නේද එසේ එය වඩයි. සෙසු බොජ්ඣංගවලද මෙම නයයි. මේ නයෙහි ලෞකික ලෝකෝත්තර බොජ්ඣංග කියන ලදි.
සුත්තන්තභාජනීයවණ්ණනා.
සූත්‍රාන්ත භාජනීයයි.