අභිධම්මභාජනීයවණ්ණනා අට්ඨකථා
අභිධම්මභාජනීයවණ්ණනා
අභිධර්ම භාජනීය වර්ණනාව
අභිධම්මභාජනීයෙ සත්තපි බොජ්ඣඞ්ගෙ එකතො පුච්ඡිත්වා විස්සජ්ජනස්ස ච පාටියෙක්කං පුච්ඡිත්වා විස්සජ්ජනස්ස ච වසෙන ද්වෙ නයා. තෙසං අත්ථවණ්ණනා හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බා.
අභිධර්ම භජනියෙහි සත්ත බොජ්ඣංග එකට ප්‍රශ්නකොට විසඳීමද වෙන වෙනම ප්‍රශ්නකොට විසඳීමද වශයෙන් නය දෙකකි. ඒවායෙහි අර්ථ වර්ණනාව යට කියන ලද නයින්ම දතයුතුය.
උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගනිද්දෙසෙ පන උපෙක්ඛනවසෙන උපෙක්ඛා. උපෙක්ඛනාකාරො උපෙක්ඛනා. උපෙක්ඛිතබ්බයුත්තෙ සමප්පවත්තෙ ධම්මෙ ඉක්ඛති, න චොදෙතීති උපෙක්ඛා. පුග්ගලං උපෙක්ඛාපෙතීති උපෙක්ඛනා . බොජ්ඣඞ්ගභාවප්පත්තියා ලොකියඋපෙක්ඛනාය අධිකා උපෙක්ඛනා අජ්ඣුපෙක්ඛනා. අබ්යාපාරාපජ්ජනෙන මජ්ඣත්තභාවො මජ්ඣත්තතා. සා පන චිත්තස්ස, න සත්තස්සාති දීපෙතුං මජ්ඣත්තතා චිත්තස්සාති වුත්තන්ති. අයමෙත්ථ අනුපුබ්බපදවණ්ණනා.
උපෙක්ඛා සම්බොජ්ඣංග නිර්දේශයෙහි වනාහි මධ්‍යස්ථ වීම් වශයෙන් උපෙක්ඛා වේ. උපේක්ෂණා ආකරය උපෙක්ඛනා වේ. උපේක්ෂා විය යුත්තෙහි පවතින ධර්ම කැමති වේ චෝදනා නොකෙරේ යනු උපේක්ඛා වේ. පුද්ගලයා උපේක්ෂා කරවයි යනු උපෙක්ඛනා වේ. බොජ්ඣංග වැඩීමට පැමිණීමෙන් ලෞකික උපේක්ෂාවට වැඩි උපෙක්ඛනාව අජ්ඣුපෙක්ඛනා වේ. ව්‍යාපාරයකට නොපැමිණීමෙන් වන මධ්‍යස්ථභාවය මජ්ඣත්තතා වේ. එය වනාහි සිතේ ගමන්කිරීමක් නැතැයි දැක්වීමට මජ්ඣත්තතා මිත්තස්ස යයි කියති. මේ අනුපූර්ව පද වර්ණනාවයි.
නයා පනෙත්ථ ගණෙතබ්බා – සත්තන්නම්පි හි බොජ්ඣඞ්ගානං එකතො පුච්ඡිත්වා විස්සජ්ජනෙ එකෙකමග්ගෙ නයසහස්සං නයසහස්සන්ති චත්තාරි නයසහස්සානි විභත්තානි. පාටියෙක්කං පුච්ඡිත්වා විස්සජ්ජනෙ එකෙකබොජ්ඣඞ්ගවසෙන චත්තාරි චත්තාරීති සත්ත චතුක්කා අට්ඨවීසති. තානි පුරිමෙහි චතූහි සද්ධිං ද්වත්තිංසාති සබ්බානිපි අභිධම්මභාජනීයෙ ද්වත්තිංස නයසහස්සානි විභත්තානි කුසලානෙව. යස්මා පන ඵලක්ඛණෙපි බොජ්ඣඞ්ගා ලබ්භන්ති, කුසලහෙතුකානි ච සාමඤ්ඤඵලානි, තස්මා තෙසුපි බොජ්ඣඞ්ගදස්සනත්ථං කුසලනිද්දෙසපුබ්බඞ්ගමාය එව තන්තියා විපාකනයො ආරද්ධො. සොපි එකතො පුච්ඡිත්වා විස්සජ්ජනස්ස ච, පාටියෙක්කං පුච්ඡිත්වා විස්සජ්ජනස්ස ච වසෙන දුවිධො හොති. සෙසමෙත්ථ හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං. විපාකෙ පන කුසලතො තිගුණා නයා කාතබ්බාති.
මෙහි නය ගිණිය යුතුය. බොජ්ඣංග සත එකට ප්‍රශ්නකොට විසඳීමෙහි එක එක මාර්ගයෙහි නය දහස බැගින් නය හාරදහසක් බෙදන ලදි. වෙන වෙනම විචාරා විසඳීමෙහි එක එක බොජ්ඣංග වශයෙන් සතර බැගින් හත්වරක් සතරෙහි විසිඅටක් වේ. ඒවා පෙර සතර සමග තිස් දෙකක් යයි සියළු අභිධර්ම භාජනියෙහි නය තිස් දෙදහසක් කුසලම බෙදන ලදි. යම්හෙයකින් ඵල ක්‍ෂණයෙහිද බොජ්ඣංග ලැබේ. සාමඤ්ඤ (මහණ) ඵල කුසලහේතුකද වේ. එහෙයින් ඒවායෙහිද බොජ්ඣංග දැක්වීමට කුසල නිර්දේශය පෙරටුවම පෙලෙහි විපාක නය අරඹන ලදි. එයද එකට විචාරා විසඳීමද වෙනම විචාරා විසඳීමද වශයෙන් දෙයාකාර වේ. මෙහි සෙස්ස කියන ලද නයින් දතයුතුය. විපාකයෙහි කුසල වශයෙන් නය තුන්ගුණයක් කළයුතුය.
අභිධම්මභාජනීයවණ්ණනා.
අභිධම්ම භාජනියයි.
පඤ්හාපුච්ඡකවණ්ණනා
ප්‍රශ්න විචාරක වර්ණනාව
පඤ්හාපුච්ඡකෙ පාළිඅනුසාරෙනෙව බොජ්ඣඞ්ගානං කුසලාදිභාවො වෙදිතබ්බො. ආරම්මණත්තිකෙසු පන සබ්බෙපෙතෙ අප්පමාණං නිබ්බානං ආරබ්භ පවත්තිතො අප්පමාණාරම්මණා එව, න මග්ගාරම්මණා. සහජාතහෙතුවසෙන පනෙත්ථ කුසලා මග්ගහෙතුකා, වීරියං වා වීමංසං වා ජෙට්ඨකං කත්වා මග්ගභාවනාකාලෙ මග්ගාධිපතිනො, ඡන්දචිත්තජෙට්ඨිකාය මග්ගභාවනාය න වත්තබ්බා මග්ගාධිපතිනොති, ඵලකාලෙපි න වත්තබ්බා එව.
ප්‍රශ්න විචාරීමෙහි පෙල ඇසුරෙන්ම බොජ්ඣංගවල කුසලාදි භාවය දතයුතුය. ආරම්මණ ත්‍රිකයෙහි මේ සියල්ලද අප්‍රමාණ වූ නිවන අරබයා පවතින අප්‍රමාණ අරමුණමය. මාර්ග අරමුණ නොවේ. සහජාත හේතු වශයෙන් මෙහි කුසල මග්ග හේතු වේ. විරිය හෝ වීමංසය හෝ දෙටුකොට මාර්ග භාවනා කාලයෙහි මාර්ග අධිපති වේ. ඡන්ද චිත්ත දෙටු වූ විට මාර්ග භාවනාවෙන් නොකිව යුතුය. මග්ගාධිපතියයි ඵල කාලයෙහි ද නොකිව යුතුමය.
අතීතාදීසු එකාරම්මණභාවෙනපි න වත්තබ්බා, නිබ්බානස්ස පන බහිද්ධාධම්මත්තා බහිද්ධාරම්මණා නාම හොන්තීති. එවමෙතස්මිං පඤ්හාපුච්ඡකෙපි නිබ්බත්තිතලොකුත්තරාව බොජ්ඣඞ්ගා කථිතා. සම්මාසම්බුද්ධෙන හි සුත්තන්තභාජනීයස්සෙව පඨමනයස්මිං ලොකියා, දුතියතතියෙසු ලොකියලොකුත්තරමිස්සකා බොජ්ඣඞ්ගා කථිතා. අභිධම්මභාජනීයස්ස පන චතූසුපි නයෙසු ඉමස්මිඤ්ච පඤ්හාපුච්ඡකෙ ලොකුත්තරායෙවාති එවමයං බොජ්ඣඞ්ගවිභඞ්ගොපි තෙපරිවට්ටං නීහරිත්වාව භාජෙත්වා දස්සිතොති.
අතීතාදියෙහි එක් අරමුණ කැපද නොකිව යුතුය. නිවන වනාහි බාහිර ධර්මතා බැවින් බාහිර අරමුණක් වේ. මෙසේ ප්‍රශ්න විචාරයෙහිද ඉපදුණු ලෝකෝත්තරයට බොජ්ඣංග යයි කියන ලදි. සම්මා සම්බුද්ධයන් වහන්සේ විසින් සුත්තනිපාත භාජනියෙහිම පළමුවන නයෙහි ලෞකිකයද දෙවන තුන්වන නයවල ලෞකික ලෝකෝත්තර මිශ්රවද බොජ්ඣංග කියන ලදි. අභිධර්ම භාජනියෙහි නය සතරෙහි ද මේ ප්‍රශ්න විචාරයෙහිද ලෝකෝත්තරයයි කියන ලදි. මෙසේ මේ බොජ්ඣංගයෙහිද තිපරිවෘත්තය ගෙනහැර දක්වාම බෙදා දක්වන ලදි.
සම්මොහවිනොදනියා විභඞ්ගට්ඨකථාය බොජ්ඣඞ්ගවිභඞ්ගවණ්ණනා නිට්ඨිතා.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ දසවන බොජ්ඣංග විභංග නිර්දේශයයි.