අභිධම්මභාජනියං
539. සත්ත බොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො විරියසම්බොජ්ඣඞ්ගො පීතිසම්බොජ්ඣඞ්ගො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො සමාධිසම්බොජ්ඣඞ්ගො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො.
539. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
540. තත්ථ කතමෙ සත්තබොජ්ඣඞ්ගො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ සත්තබොජ්ඣඞ්ගා හොන්ති. සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො.
540. එහි සප්තබෝධ්‍යඞ්ගයෝ කවරහ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචය ගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සප්තබෝධ්‍යඞ්ගයෝ වෙති: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
541. තත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො: යා සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අසම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සතිසම්බොජ්ඣඞ්ගො.
541. එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් සිහි කිරීමෙක් පුනපුනා සිහිකිරීමෙක් අභිමුඛ වැ මෙන් සිහි කිරීමෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණට බැසගැනීමෙක් නො නස්නා බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක් ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
තත්ථ කතමො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො.
එහි ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥායෙක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් සියුසස්දහම් සෙවීමෙක් සම්‍යග් දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
තත්ථ කතමො විරියසම්බොජ්ඣඞ්ගො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමා විරියසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති විරියසම්බොජ්ඣඞ්ගො.
එහි වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ ‘වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
තත්ථ කතමො පීතිසම්බොජ්ඣඞ්ගො: යා පීති පාමොජ්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති ඔදග්යං අත්තමනතා චිත්තස්ස පීතිසම්බොජ්ඣඞ්ගො, අයං වුච්චති පීතිසම්බොජ්ඣඞ්ගො.
එහි ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: යම් ප්‍රීතියක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනයෙක් ප්‍රමෝදනයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් සතුටෙක් ඔදවැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් ප්රීතිසම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ ‘ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
තත්ථ කතමො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො: යා වෙදනාක්ඛන්ධස්ස සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස විඤ්ඤාණක්ඛන්ධස්ස පස්සද්ධි පටිප්පස්සද්ධි පස්සම්භනා පටිප්පස්සම්භනා පටිප්පස්සම්භිතත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, අයං වුච්චති පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො.
එහි ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: වේදනාස්කන්ධයාගේ සංඥාස්කන්ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් සන්හිදීමෙක් වෙසෙසින් සන්හිඳීමෙක් සන්හුන් අයුරෙක් වෙසෙසින් සන්හුන් අයුරෙක් සන්හිඳුණු බවෙක් සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
තත්ථ කතමො සමාධිසම්බොජ්ඣඞ්ගො: යා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි සමාධිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සමාධිසම්බොජ්ඣඞ්ගො.
එහි සමාධිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: චිත්තයාගේ යම් මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ ස්ථිතියක් ... සම්‍යක්සමාධියක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
තත්ථ කතමො උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො: යා උපෙක්ඛා උපෙක්ඛනා අජ්ඣුපෙක්ඛනා මජ්ඣත්තතා චිත්තස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො, අයං වුච්චති උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. ඉමෙ වුච්චන්ති සත්තබොජ්ඣඞ්ගා. අවසෙසා ධම්මා සත්තහි බොජ්ඣඞ්ගෙහි සම්පයුත්තා.
එහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: යම් උපේක්ෂාවක් උපේක්‍ෂාකාරයෙක් අධික උපේක්ෂාවක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. මොහු සප්තබෝධ්‍යඞ්ගයෝ යි කියනු ලැබෙත්, අවශේෂධර්‍මයෝ සප්තබෝධ්‍යඞ්ගයන් හා සම්ප්‍රයුක්තයෝ යි.
542. සත්තබොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො.
542. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි. ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
තත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. යා තස්මිං සමයෙ සති අනුස්සති -පෙ- සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සතිසම්බොජ්ඣඞ්ගො, අවසෙසා ධම්මා සතිසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා ධම්මවිචය සම්බොජ්ඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා විරියසම්බොජ්ඣඞ්ග සම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා පීතිසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා සමාධිසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා.
එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැමැ ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එකල්හි මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් සිහි කිරීමෙක් පුනපුනා සිහිකිරීමෙක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ස්මෘති සම්බෝධ්යඞ්ගසම්ප්රයුක්තයහ. ... අවශේෂධර්‍මයෝ ධර්මවිචයසම්බෝධ්යඞ්ගසම්ප්රයුක්තයහ. අවශේෂධර්‍මයෝ වීර්ය්යසම්බොධ්යඞ්ගසම්ප්රයුක්තයහ. ... අවශේෂධර්‍මයෝ ප්රීතිසම්බෝධ්යඞ්ගසම්ප්රයුක්තයහ. ... අවශේෂධර්‍මයෝ ප්රශ්රබ්ධිසම්බෝධ්යඞ්ගසම්ප්රයුක්තයහ. ... අවශේෂධර්‍මයෝ සමාධිසම්බොධ්යඞ්ගසම්ප්රයුක්තයහ.
තත්ථ කතමො උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. යා තස්මිං සමයෙ උපෙක්ඛා උපෙක්ඛනා අජ්ඣුපෙක්ඛනා මජ්ඣත්තතා චිත්තස්ස උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො, අයං වුච්චති උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො. අවසෙසා ධම්මා උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගසම්පයුත්තා.
එහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එකල්හි යම් උපේක්ෂාවක් උපේක්‍ෂාකාරයෙක් අධිකඋපේක්ෂායෙක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ උපේක්ෂා සම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
543. සත්තබොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො.
543. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... උපේක්ෂා සම්බෝධ්‍යඞ්ග යි.
තත්ථ කතමෙ සත්තබොජ්ඣඞ්ගා: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. යො තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා.
එහි සප්තබෝධ්‍යඞ්ගයෝ කවරහ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්ධාභිඥා වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, ... එසමයෙහි යම් ස්පර්‍ශයෙක් වේ ද … අවික්‍ෂේපයෙක් වේ ද මේ ධර්මයෝ කුශලයෝ යි.
තස්සෙ’ව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං. තස්මිං සමයෙ සත්තබොජ්ඣඞ්ගා හොන්ති සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො.
එ මැ ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල්හි සප්තබෝධ්‍යඞ්ගයෝ වෙති: ස්මෘති සම්බෝධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
තත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො: යා සති අනුස්සති -පෙ- සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සතිසම්බොජ්ඣඞ්ගො -පෙ-.
එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
තත්ථ කතමො උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො: යා උපෙක්ඛා උපෙක්ඛනා අජ්ඣුපෙක්ඛනා මජ්ඣත්තතා චිත්තස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො, අයං වුච්චති උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. ඉමෙ වුච්චන්ති සත්තබොජ්ඣඞ්ගා, අවසෙසා ධම්මා සත්තහි බොජ්ඣඞ්ගෙහි සම්පයුත්තා.
එහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: යම් උපේක්‍ෂායෙක් උපේක්ෂා අයුරෙක් අධික උපේක්‍ෂායෙක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. මොහු ‘සප්තබෝධ්‍යඞ්ගයෝ’ යි කියනු ලැබෙත්. අවශේෂ ධර්මයෝ සප්තබෝධ්‍යඞ්ගයන් හා සම්ප්‍රයුක්තයහ.
544. සත්තබොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො.
544. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... උපේක්ෂා සම්බෝධ්‍යඞ්ග යි.
තත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙ’ව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං. යා තස්මිං සමයෙ සති අනුස්සති -පෙ- සම්මාසති සති සම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, අයං වුච්චති සතිසම්බොජ්ඣඞ්ගො, අවසෙසා ධම්මා සතිසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා විරිය සම්බොඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා පීතිසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා -පෙ- අවසෙසා ධම්මා සමාධිසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා.
එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එකල්හි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. එ මැ ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ විපාකප්රථමධ්යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් සම්‍යක් ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යැ. ... අවශේෂධර්‍මයෝ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යැ ... අවශේෂධර්‍මයෝ වීර්ය්යසමීබෝධ්යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යැ ... අවශේෂ ධර්මයෝ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යැ ... අවශේෂධර්‍මයෝ ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යැ ... අවශේෂධර්‍මයෝ සමාධිසම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
තත්ථ කතමො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො: ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙ’ව ‘කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපටිපදං දන්ධාභිඤ්ඤං. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති, ඉමෙ ධම්මා කුසලා. තස්සෙ’ව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං. යා තස්මිං සමයෙ උපෙක්ඛා උපෙක්ඛනා අජ්ඣුපෙක්ඛනා මජ්ඣත්තතා චිත්තස්ස උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගො, අයං වුච්චති උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. අවසෙසා ධම්මා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගසම්පයුත්තා.
එහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි. ... අවික්‍ෂේපය වේ, මේ ධර්මයෝ කුශලයෝ යැ. එ මැ ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. එසමයෙහි යම් උපේක්‍ෂායෙක් උපේක්ෂා අයුරෙක් අධික උපේක්‍ෂායෙක් චිත්තයාගේ මධ්යස්ථභාවයෙක් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යි.