11. මග්ගඞ්ගවිභඞ්ගො අට්ඨකථා
11. මග්ග විභංගය
සුත්තන්තභාජනීයවණ්ණනා
සූත්‍රාන්ත භාජනීය වර්ණනාව
ඉදානි තදනන්තරෙ මග්ගවිභඞ්ගෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගොතිආදි සබ්බං සච්චවිභඞ්ගෙ දුක්ඛනිරොධගාමිනීපටිපදානිද්දෙසෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. භාවනාවසෙන පාටියෙක්කං දස්සිතෙ දුතියනයෙපි සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතන්තිආදි සබ්බං බොජ්ඣඞ්ගවිභඞ්ගෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. එවමිදං ද්වින්නම්පි නයානං වසෙන සුත්තන්තභාජනීයං ලොකියලොකුත්තරමිස්සකමෙව කථිතං.
දැන් ඊට අනතුරුව මාර්ග විභංගයෙහි අරියො අට්ඨංගිකො මග්ගො යනාදි සියල්ල සච්ච විභංගයෙහි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නිද්දේසයෙහි කියන ලද නයින්ම දතයුතුය. භාවනා වශයෙන් වෙනම දක්වන ලද දෙවන නයෙහිද සම්මා දිට්ඨිං භාවෙති විවේක නිස්සිතං ආදි සියල්ල බොජ්ඣංග විභංගයෙහි කියනලද නයින්ම දතයුතුය. මෙසේ මෙය නය දෙකේම වශයෙන් සුත්තනත්ත භාජනියෙහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රව කියන ලදි.
අභිධම්මභාජනීයවණ්ණනා
අභිධර්ම භාජනීය වර්ණනාව
අභිධම්මභාජනීයෙ ‘අරියො’ති අවත්වා අට්ඨඞ්ගිකො මග්ගොති වුත්තං. එවං අවුත්තෙපි අයං අරියො එව. යථා හි මුද්ධාභිසිත්තස්ස රඤ්ඤො මුද්ධාභිසිත්තාය දෙවියා කුච්ඡිස්මිං ජාතො පුත්තො රාජපුත්තොති අවුත්තෙපි රාජපුත්තොයෙව හොති, එවමයම්පි අරියොති අවුත්තෙපි අරියො එවාති වෙදිතබ්බො. සෙසමිධාපි සච්චවිභඞ්ගෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං.
අභිධම්ම භාජනියෙහි අරියො යයි නොකියා අට්ඨංගිකො මග්ගො යයි කියන ලදි. එසේ නොකියන ලද වුවද මෙය ආර්යම වේ. යම්සේ අභිෂේක කළ රජතුමාගේ අභිෂේක කළ දේවියගේ කුසින් බිහිවූ පුතා රජ පුතා යයි නොකියන ලද නමුත් රජපුතාම වේ. එසේ මෙයද නොකියන ලද නමුත් ආර්යම වේයයි දතයුතුය. මෙහි සෙස්ස සච්ච විභංගයෙහි කියනලද නයින්ම දතයුතුය.
පඤ්චඞ්ගිකවාරෙපි අට්ඨඞ්ගිකොති අවුත්තෙපි අට්ඨඞ්ගිකො එව වෙදිතබ්බො. ලොකුත්තරමග්ගො හි පඤ්චඞ්ගිකො නාම නත්ථි. අයමෙත්ථ ආචරියානං සමානත්ථකථා. විතණ්ඩවාදී පනාහ – “ලොකුත්තරමග්ගො අට්ඨඞ්ගිකො නාම නත්ථි, පඤ්චඞ්ගිකොයෙව හොතී”ති. සො “සුත්තං ආහරාහී”ති වුත්තො අද්ධා අඤ්ඤං අපස්සන්තො ඉමං මහාසළායතනතො සුත්තප්පදෙසං ආහරිස්සති “යා තථාභූතස්ස දිට්ඨි, සාස්ස හොති සම්මාදිට්ඨි. යො තථාභූතස්ස සඞ්කප්පො, වායාමො, සති, යො තථාභූතස්ස සමාධි, ස්වාස්ස හොති සම්මාසමාධි. පුබ්බෙව ඛො පනස්ස කායකම්මං වචීකම්මං ආජීවො සුපරිසුද්ධො හොතී”ති.
පංචංගික වාරයෙහිද අට්ඨංගිකා යයි නොකියන ලද නමුත් අට්ඨංගික යයි දතයුතු. ලෝකෝත්තර මාර්ගයෙහි පංචංගික නම් නැත. මෙහි මේ ආචාර්යවරයන්ගේ විතණ්ඩවාදී සමාන අර්ථකථාවය. විතණ්ඩවාදීහු කීහ. “ලෝකෝත්තර මාර්ගයෙහි අට්ඨංගිකයෙක් නම් නැත. පංචංගිකයක්ම ඇත.” සූත්‍රය ගෙනහැර දක්වයි කියන ලද්දේ අනිකක් නොදත්තේ මහා සළායතනයෙන් සූත්‍ර ප්‍රදේශයක් ගෙනහැර දක්වන්නේය. යම් එබඳු වූ දෘෂ්ටියක්? මොහුට සම්මා දිට්ඨිය වේ. යමක් එබඳු වූ සංකප්ප වායාම සති යමෙක් එබඳු වූ සමාධිය? මොහුට සමාධිය ඇත. මොහුට මුලින් කාය කර්ම වචී කර්ම මගින් ආජීවය පිරිසිදු වේ.
තතො “එතස්ස අනන්තරං සුත්තපදං ආහරා”ති වත්තබ්බො. සචෙ ආහරති ඉච්චෙතං කුසලං, නො චෙ ආහරති සයං ආහරිත්වා “එවමස්සායං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡතී”ති (ම· නි· 3.431) “ඉමිනා තෙ සත්ථුසාසනෙන වාදො භින්නො; ලොකුත්තරමග්ගො පඤ්චඞ්ගිකො නාම නත්ථි, අට්ඨඞ්ගිකොව හොතී”ති වත්තබ්බො.
ඉන්පසුව සූත්‍රපදය ගෙන එවයි කිවයුතුය. ඉදින් ගෙන එන්නේ නම් එය යහපති. නොගෙනෙන්නේ නම් තමන් ගෙනහැර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනාවෙන් සම්පූර්ණ වන බවද මෙයින් ඔබ ශාස්තෘ ශාසනයෙන් වාද්‍ය බිඳුනේය. ලෝකෝත්තර මාර්ගයෙහි පංචංගිකයන් නම් නැත. අෂ්ටාංගිකයන් වේ යයි කිවයුතුය.
ඉමානි පන තීණි අඞ්ගානි පුබ්බෙ පරිසුද්ධානි වත්තන්ති, ලොකුත්තරමග්ගක්ඛණෙ පරිසුද්ධතරානි හොන්ති. අථ ‘පඤ්චඞ්ගිකො මග්ගො’ති ඉදං කිමත්ථං ගහිතන්ති? අතිරෙකකිච්චදස්සනත්ථං. යස්මිඤ්හි සමයෙ මිච්ඡාවාචං පජහති, සම්මාවාචං පූරෙති, තස්මිං සමයෙ සම්මාකම්මන්තසම්මාආජීවා නත්ථි. ඉමානි පඤ්චකාරාපකඞ්ගානෙව මිච්ඡාවාචං පජහන්ති; සම්මාවාචා පන සයං විරතිවසෙන පූරෙති. යස්මිං සමයෙ මිච්ඡාකම්මන්තං පජහති, සම්මාකම්මන්තං පූරෙති, තස්මිං සමයෙ සම්මාවාචාසම්මාආජීවා නත්ථි. ඉමානි පඤ්ච කාරාපකඞ්ගානෙව මිච්ඡාකම්මන්තං පජහන්ති; සම්මාකම්මන්තො පන සයං විරතිවසෙන පූරෙති. යස්මිං සමයෙ මිච්ඡාආජීවං පජහති, සම්මාආජීවං පූරෙති, තස්මිං සමයෙ සම්මාවාචාසම්මාකම්මන්තා නත්ථි. ඉමානි පඤ්ච කාරාපකඞ්ගානෙව මිච්ඡාආජීවං පජහන්ති; සම්මාආජීවො පන සයං විරතිවසෙන පූරෙති. ඉමං එතෙසං පඤ්චන්නං කාරාපකඞ්ගානං කිච්චාතිරෙකතං දස්සෙතුං පඤ්චඞ්ගිකො මග්ගොති ගහිතං. ලොකුත්තරමග්ගො පන අට්ඨඞ්ගිකොව හොති, පඤ්චඞ්ගිකො නාම නත්ථි.
මේ අංග තුන මුලින් පිරිසිදුව පවතී. ලෝකෝත්තර මාර්ග ක්ෂණයෙහි ඉතාමත් පිරිසිදු වේ. පංචංගික මාර්ගය යයි මෙය කුමන අර්ථයක් සඳහා ගන්නා ලද්දේද? අතිරේක කෘත්‍ය දැක්වීම සඳහාය. යම් සමයක වැරදි වචන දුරුකරයි. හරි වචන කථාකරයි. එසමයෙහි සම්මා කම්මන්ත සම්මා ආජීව නැත. මේ පස්ආකාර අංගයෙන්ම වැරදි වචන දුරුකරයි. සම්මා වාචා තමාම විරති වශයෙන් සම්පූර්ණ කරයි. යම් සමයක වැරදි කර්මාන්ත දුරුකරයි. එසමයෙහි නිවැරදි කර්මාන්ත කරයි. එසමයෙහි සම්මා වාචා සම්මා ආජීව නැත. මේ පංච ආකාර අංගයෙන්ම වැරදි කම්මන්ත දුරුකරයි. සම්මා කම්මන්ත තමා විරති වශයෙන් පුරයි. යම් සමයක වැරදි ආජීවය දුරුකරයි. නිවැරදි ආජීවය පුරයි. එසමයෙහි සම්මා වාචා සම්මා කම්මන්ත නැත. මේ පස්ආකාර අංගයෙන්ම වැරදි ආජීවය දුරුකරයි. සම්මා ආජීවය තමා විරති වශයෙන් පුරවයි. මේ පංචාකාර අංග අතිරේක කෘත්‍ය වශයෙන් දැක්වීමට පඤ්චංගිකො මග්ගො යයි ගන්නා ලදි. ලෝකෝත්තර මාර්ගය වනාහි අට්ඨංගිකව වේ. පංචංගිකයත් නම් නැත.
“යදි සම්මාවාචාදීහි සද්ධිං අට්ඨඞ්ගිකොති වදථ, චතස්සො සම්මාවාචාචෙතනා, තිස්සො සම්මාකම්මන්තචෙතනා, සත්ත සම්මාආජීවචෙතනාති ඉමම්හා චෙතනාබහුත්තා කථං මුච්චිස්සථ? තස්මා පඤ්චඞ්ගිකොව ලොකුත්තරමග්ගො”ති. “චෙතනාබහුත්තා ච පමුච්චිස්සාම; අට්ඨඞ්ගිකොව ලොකුත්තරමග්ගොති ච වක්ඛාම”. “ත්වං තාව මහාචත්තාරීසකභාණකො හොසි, න හොසී”ති පුච්ඡිතබ්බො. සචෙ “න හොමී”ති වදති, “ත්වං අභාණකත්තා න ජානාසී”ති වත්තබ්බො. සචෙ “භාණකොස්මී”ති වදති, “සුත්තං ආහරා”ති වත්තබ්බො. සචෙ සුත්තං ආහරති ඉච්චෙතං කුසලං, නො චෙ ආහරති සයං උපරිපණ්ණාසතො ආහරිතබ්බං –
ඉතින් නිවැරදි වචන ආදිය සමග අට්ඨංගික සය කියව්ද? සම්මා වාචා චේතනා සතර සම්මා කම්මන්ත චේතනා තුන සම්මා ආජීව චේතනා සත යයි මේ වේ බොහෝ චේතනා කෙසේ මුදන්නහුද? එහෙයින් ලෝකෝත්තර මාර්ගය පංචංගිකයයි කියවු. ඔබ මහා චත්තාරීසක භාණක වූයේද නැද්දැයි ඇසිය යුතුය. නොවූයෙම් කියයිද නොදන්නෙහි යයි කිවයුතුය. භාණක වූයෙමියි කියයිද සූත්‍රය ගෙනහැර දක්වන්නැයි කිවයුතුය. සූත්‍රය ගෙනහැර දැක්වුවහොත් යෙහෙකි. ගෙනහැර නෙදැක්වුවහොත් තමා උපරි පණ්ණාසකය ගෙන දැක්විය යුතුය.
“කතමා ච, භික්ඛවෙ, සම්මාවාචා? සම්මාවාචංපහං, භික්ඛවෙ, ද්වායං වදාමි – අත්ථි, භික්ඛවෙ, සම්මාවාචා සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා; අත්ථි, භික්ඛවෙ, සම්මාවාචා අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා.
මහණෙනි, සම්මා වාචා කුමක්ද? මහණෙනි, නිවැරදි වචන දෙකක් මම කියමි. මහණෙනි, ආශ්‍රව සහිත වූ පිනට අයත් වූ උපධි විපාක ඇති නිවැරදි වචනයක් ඇත. මහණෙනි, ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ නිවැරදි වචනයක් ඇත.
“කතමා ච, භික්ඛවෙ, සම්මාවාචා සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා? මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී – අයං, භික්ඛවෙ, සම්මාවාචා සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා.
මහණෙනි, ආශ්‍රව සහිත වූ පිනට අයත් වූ උපධි විපාක සහිත වූ නිවැරදි වචනය කුමක්ද? මුසාවාදයෙන් වෙන්වීම කේලාම් කීමෙන් වෙන්වීම පුරුෂ වචනයෙන් වෙන්වීම හිස් වචනයෙන් වෙන්වීම මහණෙනි, මෙය ආශ්‍රව සහිත වූ පිනට අයත් වූ උපධි විපාක සහිතව සම්මා වාචාවය.
“කතමා ච, භික්ඛවෙ, සම්මාවාචා අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා? යා ඛො, භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො චතූහි වචීදුච්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී – අයං, භික්ඛවෙ, සම්මාවාචා අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා…පෙ….
මහණෙනි, ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා වාචා කුමක්ද? මහණෙනි, ආර්ය සිතේ අනාශ්‍රව සිතේ ආර්ය මාර්ගයෙන් යුක්ත වූ ආර්ය මාර්ගය වඩන්නා වූ වචී දුශ්චරිත හතර දුරුවේද නොඇලේද විරතිය වේද වෙන්වේද (ආරති විරති පටිවිරති වේරමණී) මහණෙනි, මේ සම්මා වාචා ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංගය වේ.
“කතමො ච, භික්ඛවෙ, සම්මාකම්මන්තො? සම්මාකම්මන්තංපහං, භික්ඛවෙ, ද්වයං වදාමි…පෙ… උපධිවෙපක්කො.
මහණෙනි, සම්මා කම්මන්තය කවරේද? මහණෙනි, සම්මා කම්මන්ත දෙකක් කියමි. මහණෙනි, ආශ්‍රව සහිත වූ පිනට අයත් වූ උපධි විපාක ඇති සම්මා කම්මන්තයක් ඇත.
“කතමො ච, භික්ඛවෙ, සම්මාකම්මන්තො අරියො අනාසවො ලොකුත්තරො…පෙ….
මහණෙනි, ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ සම්මා කම්මන්තයක් ඇත. මහණෙනි, ආශ්‍රව සහිත වූ පිනට අයත් වූ උපධිවිපාක ඇති සම්මා කම්මන්තය කුමක්ද? ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදත්තාදානයෙන් වෙන්වීම කාම මිථ්‍යාචාරයෙන් වෙන්වීම. මහණෙනි, මෙය ආශ්‍රව සහිතව පිනට අයත්වූ උපධි විපාක ඇති සම්මා කම්මන්තයයි. මහණෙනි, ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංගයන් වූ සම්මා කම්මන්තය කවරේද? මහණෙනි, ආර්ය සිතේ අනාශ්‍රව සිතේ ආර්ය මාර්ගයෙන් යුක්තවූ ආර්ය මාර්ගය වඩන්නා වූ කාය දුශ්චරිත තුනෙන් දුරුවේද නොඇලේද විරතිය වේද වෙන්වේද මේ සම්මා කම්මන්තය ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගය වේ.
“කතමො ච, භික්ඛවෙ, සම්මාආජීවො? සම්මාආජීවංපහං, භික්ඛවෙ, ද්වායං වදාමි…පෙ… උපධිවෙපක්කො.
මහණෙනි, සම්මා ආජීවය කුමක්ද? මහණෙනි, සම්මා ආජීව දෙකක් කියමි. මහණෙනි, ආශ්‍රව සහිත වූ පිනට අයත් වූ උපධි විපාක සහිත සම්මා ආජීවයක් ඇත.
“කතමො ච, භික්ඛවෙ, සම්මාආජීවො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො? යා ඛො, භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො මිච්ඡාආජීවා ආරති විරති පටිවිරති වෙරමණී – අයං, භික්ඛවෙ, සම්මාආජීවො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො”ති (ම· නි· 3.138 ආදයො).
මහණෙනි, ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ සම්මා ආජීවයක් ඇත. මහණෙනි, ආශ්‍රව සහිත වූ පිනට අයත් වූ උපධි විපාක සහිත වූ සම්මා ආජීවය කවරේද? වැරදි ආජීවයෙන් වෙන්වී ජීවත් වේද මහණෙනි, මෙය ආශ්‍රව සහිත වූ -පෙ- සම්මා ආජීවය වේ. මහණෙනි, ආර්ය වූ අනාශ්‍රව වූ මාර්ගාංග වූ සම්මා ආජීවය කවරේද? මහණෙනි, ආර්ය සිතේ අනාශ්‍රව සිතේ ආර්ය මාර්ගයෙන් යුක්ත වූ ආර්ය මාර්ගය වැඩීමෙන් වැරදි ආජීවයෙන් දුරුවේද නොඇලේද විරතිය වේද වෙන්වේද මහණෙනි, මෙය ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංගය කියයි.
එවමෙත්ථ චතූහි වචීදුච්චරිතෙහි, තීහි කායදුච්චරිතෙහි, මිච්ඡාජීවතො චාති එකෙකාව විරති අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගාති වුත්තා. “කුතො එත්ථ චෙතනාබහුත්තං? කුතො පඤ්චඞ්ගිකො මග්ගො? ඉදං තෙ සුත්තං අකාමකස්ස ලොකුත්තරමග්ගො අට්ඨඞ්ගිකොති දීපෙති”. සචෙ එත්තකෙන සල්ලක්ඛෙති ඉච්චෙතං කුසලං, නො චෙ සල්ලක්ඛෙති අඤ්ඤානිපි කාරණානි ආහරිත්වා සඤ්ඤාපෙතබ්බො. වුත්තඤ්හෙතං භගවතා –
මෙසේ මෙහි වාග් දුශ්චරිත සතරෙන් කාය දුශ්චරිත තුනෙන් මිච්ඡා ආජීවයෙන් යයි එක එකින් විරතිය අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංගයයි කියන ලදි. මෙහි චේතනා බහුත්වයක් කොයින්ද? පඤ්චංගික මාර්ගයක් කොයින්ද? මේ සූත්‍රය ඔබට අකමැති වුවත් ලෝකෝත්තර මාර්ගය අට්ඨංගිකයයි දක්වයි. ඉදින් මෙපමණකින් සලකයිද එසේනම් එය යහපත් වේ. නොසලකා නම් අනිත් කරුණුද ගෙනහැර දක්වා දැන්විය යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කියන ලදි.
“යස්මිං ඛො, සුභද්ද, ධම්මවිනයෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො න උපලබ්භති, සමණොපි තත්ථ න උපලබ්භති…පෙ… ඉමස්මිං ඛො, සුභද්ද, ධම්මවිනයෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො උපලබ්භති; ඉධෙව , සුභද්ද, සමණො…පෙ… සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙහීති (දී· නි· 2.214).
සුභද්ද, යම් ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය නොලැබේද? ශ්‍රමණයෙක් එතැන නොලැබේ. පෙ. සුභද්ද මේ ධර්ම විනයෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබෙයි. සුභද්ද මෙහිම ශ්‍රමණයෝ ලැබෙත්. අන්‍ය පරවාද ශ්‍රමණයන්ගෙන් ශූන්‍ය වේ.
අඤ්ඤෙසුපි අනෙකෙසු සුත්තසතෙසු අට්ඨඞ්ගිකොව මග්ගො ආගතො. කථාවත්ථුප්පකරණෙපි වුත්තං –
අන්‍ය නොයෙක් සූත්‍ර සියගණන්වල අට්ඨංගික මාර්ගයම ආයේය. කථාවත්ථුප්පකරණයෙහි කියන ලදි.
“මග්ගානං අට්ඨඞ්ගිකො සෙට්ඨො, සච්චානං චතුරො පදා; විරාගො සෙට්ඨො ධම්මානං, ද්විපදානඤ්ච චක්ඛුමා”ති (කථා· 872) –
මග අතර අටඟය - සස’තර සෙටය සිව්පද දහමින් විරාගය - බුදුහිමි දෙපාවන’තර
“අත්ථෙව සුත්තන්තොති”? “ආමන්තා”“තෙන හි අට්ඨඞ්ගිකො මග්ගො”ති. සචෙ පන එත්තකෙනාපි සඤ්ඤත්තිං න ගච්ඡති, “ගච්ඡ, විහාරං පවිසිත්වා යාගුං පිවාහී”ති උය්‍යොජෙතබ්බො. උත්තරිම්පන කාරණං වක්ඛතීති අට්ඨානමෙතං. සෙසමෙත්ථ උත්තානත්ථමෙව.
සූත්‍රයක් තිබේද? එසේය. එසේ නම් අට්ඨංගික මාර්ගය මයි. ඉදින් මෙපමණකිනුත් දැනගැනීමට නොපැමිණේද? යන්න, විහාරයට ගිහිල්ල කැඳ බොන්න යයි පිටත් කළයුතුය. ඉදිරියටත් කරුණු කීම නොසිදුවේ. මෙහි සෙස්ස නොගැඹුරුය.
නයා පනෙත්ථ ගණෙතබ්බා. අට්ඨඞ්ගිකමග්ගස්මිඤ්හි එකතො පුච්ඡිත්වා එකතො විස්සජ්ජනෙ චතූසු මග්ගෙසු චත්තාරි නයසහස්සානි විභත්තානි. පඤ්චඞ්ගිකමග්ගෙ එකතො පුච්ඡිත්වා එකතො විස්සජ්ජනෙ චත්තාරි; පාටියෙක්කං පුච්ඡිත්වා පාටියෙක්කං විස්සජ්ජනෙ චත්තාරි චත්තාරීති පඤ්චසු අඞ්ගෙසු වීසති. ඉති පුරිමානි අට්ඨ ඉමානි ච වීසතීති සබ්බානිපි මග්ගවිභඞ්ගෙ අට්ඨවීසති නයසහස්සානි විභත්තානි. තානි ච ඛො නිබ්බත්තිතලොකුත්තරානි කුසලානෙව. විපාකෙ පන කුසලතො තිගුණා නයා කාතබ්බාති.
මෙහි නය ගණනය කළ යුතුය. අට්ඨංගික මාර්ගයෙහි එකට විචාරා එකට විසඳීමේ මාර්ග සතරෙහි නය හාරදහසක් බෙදන ලදි. පඤ්චංගික මාර්ගයෙහි එකට විචාරා එකට විසඳීමෙහි සතරක්ද වෙන වෙනම විචාරා වෙන වෙනම විසඳීමෙහි සතර බැගින් අංග පසෙහි විස්සකි. මෙසේ පෙර අට මේ විස්ස යයි සියල්ල මාර්ග විභංගයෙහි නය විසිඅට දහසක් බෙදන ලදි. එයින් නිපන් ලෝකෝත්තර කුසලම වේ. විපාකයෙහි වනාහි කුසලයෙන් නය තුන්ගුණ කළයුතුය.
අභිධම්මභාජනීයවණ්ණනා.
අභිධම්ම භාජනියයි.
පඤ්හාපුච්ඡකවණ්ණනා
ප්‍රශ්න විචාරක වර්ණනාව
පඤ්හාපුච්ඡකෙ පාළිඅනුසාරෙනෙව මග්ගඞ්ගානං කුසලාදිභාවො වෙදිතබ්බො. ආරම්මණත්තිකෙසු පන සබ්බානිපෙතානි අප්පමාණං නිබ්බානං ආරබ්භ පවත්තිතො අප්පමාණාරම්මණානෙව, න මග්ගාරම්මණානි. නෙව හි මග්ගො න ඵලං මග්ගං ආරම්මණං කරොති. සහජාතහෙතුවසෙන පනෙත්ථ කුසලානි මග්ගහෙතුකානි; වීරියං වා වීමංසං වා ජෙට්ඨකං කත්වා මග්ගභාවනාකාලෙ මග්ගාධිපතීනි; ඡන්දචිත්තජෙට්ඨිකාය මග්ගභාවනාය න වත්තබ්බානි මග්ගාධිපතීනීති; ඵලකාලෙපි න වත්තබ්බානෙව.
ප්‍රශ්න විචාරකයෙහි පෙල ඇසුරෙන්ම මාර්ගාංගවල කුසලාදිභාවය දතයුතුය. ආරම්මණ ප්‍රත්‍යයෙහි වනාහි මේ සියළු අප්පමාණ නිවන අරබයා පැවතීමෙන් අප්පමාණ ආරම්මණ වේමය. මග්ගාරම්මණ නොවේ. මාර්ගඵල මාර්ගය අරමුණු නොකෙරේ. සහජාත හේතු වශයෙන් කුසල මාර්ග හේතු වේ. විරිය හෝ වීමංසය හෝ දෙටුකොට මාර්ග භාවනා කාලයෙහි මාර්ග අධිපති වේ. ඡන්ද චිත්ත දෙටුකොට මාර්ග භාවනාවෙන් මාර්ග අධිපති යයි නොකිව යුතුය. ඵල කාලයෙහිද නොකිව යුතුය.
අතීතාදීසු එකාරම්මණභාවෙනපි න වත්තබ්බානි; නිබ්බානස්ස පන බහිද්ධාධම්මත්තා බහිද්ධාරම්මණානි නාම හොන්තීති එවමෙතස්මිං පඤ්හාපුච්ඡකෙපි නිබ්බත්තිතලොකුත්තරානෙව මග්ගඞ්ගානි කථිතානි. සම්මාසම්බුද්ධෙන හි සුත්තන්තභාජනීයස්මිංයෙව ලොකියලොකුත්තරානි මග්ගඞ්ගානි කථිතානි; අභිධම්මභාජනීයෙ පන පඤ්හාපුච්ඡකෙ ච ලොකුත්තරානෙවාති එවමයං මග්ගවිභඞ්ගොපි තෙපරිවට්ටං නීහරිත්වාව භාජෙත්වා දස්සිතොති.
අතීතාදියෙහි එක අරමුණක් වන බැවින්ද නොකිව යුතුය. නිවනේ වනාහි බාහිර ධර්මතා හෙයින් බාහිර අරමුණු වේ. මෙසේ මෙහි ප්‍රශ්න විචාරකයෙහි ලෝකෝත්තරයට නිපන් බැවින් මාර්ග අංග කියන ලදි. සම්මා සම්බුද්ධයන් වහන්සේ විසින් සූත්‍රාන්ත භාජනියෙහිම ලෞකික ලෝකෝත්තර මාර්ගාංග කියන ලදි. මෙසේ මේ මාර්ගයද තිපරි වෘත්තය ගෙනහැර දක්වා බෙදා දක්වන ලදි.
සම්මොහවිනොදනියා විභඞ්ගට්ඨකථාය මග්ගඞ්ගවිභඞ්ගවණ්ණනා නිට්ඨිතා.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ එකොළොස්වන මග්ග විභංග නිර්දේශයයි.