සුත‍්තන‍්තභාජනියං
554. අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි.
554. ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: හේ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටියැ, සම්‍යක්සංකල්පයැ, සම්‍යග්වචනයැ, සම්‍යක්කර්‍මාන්ත යැ, සම්‍යගාජීව යැ, සම්‍යග්ව්‍යායාම යැ, සම්‍යක්ස්මෘති යැ, සම්‍යක්සමාධි යි.
555. තත්‍ථ කතමා සම‍්මාදිට‍්ඨි: දුක‍්ඛෙ ඤාණං දුක‍්ඛසමුදයෙ ඤාණං දුක‍්ඛනිරොධෙ ඤාණං දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං, අයං වුච‍්චති සම‍්මාදිට‍්ඨි.
555. එහි සම්‍යග්දෘෂ්ටි කවරෙ යත්: දුඃඛසත්‍යයෙහි ඥාන යැ, දුඃඛසමුදයසත්‍යයෙහි ඥාන යැ, දුඃඛනිරෝධසත්‍යයෙහි ඥාන යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි ඥාන යි. මේ ‘සම්‍යග්දෘෂ්ටි’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො සම‍්මාසඞ‍්කප‍්පො: නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පො අව්‍යාපාදසඞ‍්කප‍්පො අවිහිංසාසඞ‍්කප‍්පො, අයං ව‍්ච‍්චති සම‍්මාසඞ‍්කප‍්පො.
එහි සම්‍යක්සංකල්ප කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යසංකල්ප යැ, අව්‍යාපාදසංකල්ප යැ, අවිහිංසාසංකල්ප යි. මේ ‘සම්‍යක්සංකල්ප’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමා සම‍්මාවාචා: මුසාවාදා වෙරමණී පිසුනාය වාචාය වෙරමණී ඵරුසාය වාචාය වෙරමණී සම‍්ඵප‍්පලාපා වෙරමණී, අයං වුච‍්චති සම‍්මාවාචා.
එහි සම්‍යග්වචනය කවරෙ යත්: මුසවායෙන් වැළකීම යැ, පිසුණුබසින් වැළකීම යැ, පරොස්බසින් වැළකීම යැ, සිස්බසින් වැළකීම යි. මේ ‘සම්‍යග්වචන’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො සම‍්මාකම‍්මන‍්තො: පාණාතිපාතා වෙරමණී අදින‍්නාදානා වෙරමණී කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණී, අයං වුච‍්චති සම‍්මා කම‍්මන‍්තො.
එහි සම්‍යක්කර්‍මාන්තය කවරෙ යත්: පණිවායෙන් වැළකීම යැ, අයිනාදනින් වැළකීම යැ, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම යි. මේ ‘සම්‍යක්කර්‍මාන්ත’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො සම‍්මාආජීවො: ඉධ අරියසාවකො මිච‍්ඡාආජීවං පහාය සම‍්මාආජීවෙන ජීවිකං කප‍්පෙති, අයං වුච‍්චති සම‍්මාආජීවො.
එහි සම්‍යගාජීවය කවරෙ යත්: මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම මිථ්‍යාජීවය හැරපියා සම්‍යගාජීවයෙන් ජීවිකාව කෙරෙයි. මේ ‘සම්‍යගාජීව’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො සම‍්මාවායාමො: ඉධ භික‍්ඛු අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති, උප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය ඡන්‍දං ජනෙති වායාමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති, අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති, උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා අසම‍්මොසාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති, අයං වුච‍්චති සම‍්මාවායාමො.
එහි සම්‍යග්ව්‍යායාමය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුසල්දහම් නූපදනා පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත නඟාගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල්දහම් ප්‍රහාණය පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත නඟාගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල්දහම් උපදනා පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත නගාගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුසල්දහම් සිටීම පිණිස, නො නැසීම පිණිස, පුන පුනා වැඩීම පිණිස, විපුල බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්‍ණ වීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත නඟාගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මේ ‘සම්‍යග්ව්‍යායාම’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමා සම‍්මාසති: ඉධ භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං වෙදනාසු වෙදනානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, චිත‍්තෙ චිත‍්තානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, අයං වුච‍්චති සම‍්මාසති.
එහි සම්‍යක්ස්මෘතිය කවර යත්: මෙ සස්නෙහි මහණ තෙම සෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යග්ඥාන ඇත්තේ, ස්මෘතිමත් වූයේ, කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස් දුරුකොට, කයෙහි කය අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යග්ඥාන ඇත්තේ ස්මෘතිමත් වූයේ, වේදනා සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරුකොට වේදනාවන්හි වේදනාව අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යග්ඥාන ඇත්තේ, ස්මෘතිමත් වූයේ, චිත්ත සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට, සිතෙහි සිත අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ සම්‍යග්ඥාන ඇත්තේ, ස්මෘතිමත් වූයේ, (නීවරණාදී) ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරුකොට (නීවරණාදී) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ. මේ ‘සම්‍යක්ස්මෘති’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො සම‍්මාසමාධි: ඉධ භික‍්ඛු විවිච‍්චෙ’ව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහරති. සතො ච සම‍්පජානො සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික‍්ඛන‍්ති උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛමසුඛං උපෙක‍්ඛා සති පාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, අයං වුච‍්චති සම‍්මා සමාධි.
එහි සම්‍යක්සමාධි කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන් වැ මැ, අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ මැ, විතර්‍ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛ ඇති, ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, චිත්තයාගේ එකඟ බව ඇති, අවිතර්‍ක වූ, අවිචාර වූ, සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති, ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි, ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තේත්, ස්මෘතිමත් වූයේත්, සම්‍යග්ඥාන ඇති වැ වෙසෙයි. නාම කයින් සුඛය ද විඳියි. යම් ධ්‍යානයක් හේතුකොටගෙන උපේක්‍ෂා ඇත්තේ යැ, ස්මෘතිමත් වූයේ යැ, සුඛවිහරණ ඇත්තේ යැ යි ආර්‍ය්‍යයෝ කියත් ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන්, දුඃඛයාගේ ද ප්‍රහාණයෙන්, පළමු මැ සොම්නස් දොම්නසුන්ගේ නැති කිරීමෙන් නො දුක් නො සුව වූ උපේක්‍ෂාව හා ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ. මේ ‘සම්‍යක්සමාධි’ යි කියනු ලැබේ.
556. අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨි සම‍්මා සඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි.
556. ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය වෙයි, හෙ මෙසේ යි: සම්‍යග්දෘෂ්ටි යැ, සම්‍යක් සංකල්ප යැ, සම්‍යග්වචන යැ, සම්‍යක්කර්‍මාන්ත යැ, සම්‍යගාජීව යැ, සම්‍යග්ව්‍යායාම යැ, සම්‍යක්ස්මෘති යැ, සම්‍යක්සමාධි යි.
තත්‍ථ කතමා සම‍්මාදිට‍්ඨි: ඉධ භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං -පෙ- සම‍්මාසඞ‍්කප‍්පං භාවෙති -පෙ- සම‍්මාවාචං භාවෙති -පෙ- සම‍්මාකම‍්මන‍්තං භාවෙති -පෙ- සම‍්මාආජීවං භාවෙති -පෙ- සම‍්මාවායාමං භාවෙති -පෙ- සම‍්මාසතිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං.
එහි සම්‍යග්දෘෂ්ටි කවරෙ යත්: මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට පිරිනැමුණු සම්‍යග්දෘෂ්ටිය වඩයි ... සම්‍යක්සංකල්පය වඩයි ... සම්‍යග්වචනය වඩයි ... සම්‍යක්කර්‍මාන්තය වඩයි ... සම්‍යගාජීවය වඩයි ... සම්‍යග්ව්‍යායාමය වඩයි ... සම්‍යක්ස්මෘතිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට පිරිනැමුණු සම්‍යක්සමාධිය වඩයි.