යෙදුමෙන් කියවන්න

මාතිකාවණ‍්ණනා අට‍්ඨකථා

මාතිකාවණ‍්ණනා

මාතිකාවණ්ණනා

ඉදානි තදනන‍්තරෙ ඣානවිභඞ‍්ගෙ යා තාව අයං සකලස‍්සාපි සුත‍්තන‍්තභාජනීයස‍්ස පඨමං මාතිකා ඨපිතා, තත්‍ථ ඉධාති වචනං පුබ‍්බභාගකරණීයසම‍්පදාය සම‍්පන‍්නස‍්ස සබ‍්බප‍්පකාරජ‍්ඣානනිබ‍්බත‍්තකස‍්ස පුග‍්ගලස‍්ස සන‍්නිස‍්සයභූතසාසනපරිදීපනං, අඤ‍්ඤසාසනස‍්ස ච තථාභාවපටිසෙධනං. වුත‍්තඤ‍්හෙතං – “ඉධෙව, භික‍්ඛවෙ, සමණො…පෙ… සුඤ‍්ඤා පරප‍්පවාදා සමණෙහි අඤ‍්ඤෙහී”ති (අ· නි· 4.241). භික‍්ඛූති තෙසං ඣානානං නිබ‍්බත‍්තකපුග‍්ගලපරිදීපනං. පාතිමොක‍්ඛසංවරසංවුතොති ඉදමස‍්ස පාතිමොක‍්ඛසංවරෙ පතිට‍්ඨිතභාවපරිදීපනං. විහරතීති ඉදමස‍්ස තදනුරූපවිහාරසමඞ‍්ගීභාවපරිදීපනං. ආචාරගොචරසම‍්පන‍්නොති ඉදමස‍්ස හෙට‍්ඨා පාතිමොක‍්ඛසංවරස‍්ස උපරි ඣානානුයොගස‍්ස ච උපකාරධම‍්මපරිදීපනං. අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවීති ඉදමස‍්ස පාතිමොක‍්ඛතො අචවනධම‍්මතාපරිදීපනං. සමාදායාති ඉදමස‍්ස සික‍්ඛාපදානං අනවසෙසතො ආදානපරිදීපනං. සික‍්ඛතීති ඉදමස‍්ස සික‍්ඛාය සමඞ‍්ගීභාවපරිදීපනං. සික‍්ඛාපදෙසූති ඉදමස‍්ස සික‍්ඛිතබ‍්බධම‍්මපරිදීපනං.

ඊට අනතුරුව දැන් ධ්‍යාන විභංගයෙහි මේ සියල්ල සූත්‍රාන්ත බෙදීමෙහි පළමුවන මාතෘකා තබන ලදි. එහි ඉධ යන වචනය පූර්වභාග කළයුතු සම්ප්‍රදාය සම්පන්න වූ සියළු ආකාර ධ්‍යාන උපදවන පුද්ගලයාට නිශ්‍රය වූ සාධනය දැක්වීම අන්‍ය ශාසනවල එසේ ඇති බව ප්‍රතික්‍ෂේප කිරීම මෙය කියන ලදි. “මහණෙනි, මෙහිම ශ්‍රමණයෝ වෙති. පෙ. අන්‍ය පරවාදවල ශ්‍රමණයෝ නොවෙති.” භික්ඛූ යනු ඒ ධ්‍යාන නිපදවන පුද්ගලයන් දැක්වීම. පාතිමොක්ඛ සංවර සංවුතො මෙය ඔහුගේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙහි පිහිටි බව දැක්වීම. විහරති මෙය ඔහුගේ ඊට අනුරූපව වාසය කිරීමෙන් යුක්ත බව දැක්වීම. ආචාරගෝචර සම්පන්නො මෙය ඔහුගේ යට ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් ඉහළ ධ්‍යානානුයෝගයට උපකාර වන ධර්ම දැක්වීම. අනුමත්තෙසු වජ්ජෙසු භයදස්සවී මෙය ඔහුගේ ප්‍රාතිමෝක්‍ෂයෙන් නොකියන ලද කරුණු දැක්වීම. සමාදාය මෙය ඔහුගේ ශික්‍ෂාපදවලින් අඩුවක් නැතිව ගැනීම දැක්වීම. සික්ඛති මෙය ඔහුගේ ශික්‍ෂාවෙන් යුක්ත බව දැක්වීම. සික්ඛා පදෙසු මෙය ඔහුගේ හික්මිය යුතු ධර්ම දැක්වීමය.

ඉන්‍ද්‍රියෙසූති ඉදමස‍්ස ගුත‍්තද‍්වාරතාය භූමිපරිදීපනං; රක‍්ඛිතබ‍්බොකාසපරිදීපනන‍්තිපි වදන‍්ති එව. ගුත‍්තද‍්වාරොති ඉදමස‍්ස ඡසු ද‍්වාරෙසු සංවිහිතාරක‍්ඛභාවපරිදීපනං. භොජනෙ මත‍්තඤ‍්ඤූති ඉදමස‍්ස සන‍්තොසාදිගුණපරිදීපනං. පුබ‍්බරත‍්තාපරරත‍්තං ජාගරියානුයොගමනුයුත‍්තොති ඉදමස‍්ස කාරණභාවපරිදීපනං. සාතච‍්චං නෙපක‍්කන‍්ති ඉදමස‍්ස පඤ‍්ඤාපරිග‍්ගහිතෙන වීරියෙන සාතච‍්චකාරිතාපරිදීපනං . බොධිපක‍්ඛිකානං ධම‍්මානං භාවනානුයොගමනුයුත‍්තොති ඉදමස‍්ස පටිපත‍්තියා නිබ‍්බෙධභාගියත‍්තපරිදීපනං.

ඉන්‍ද්‍රියෙසු මෙය ඔහුගේ රක්නාලද දොරටු දැක්වීම. ආරක්ෂා කළයුතු අවකාශ දැක්වීම යයිද කියත්මය. ගුත්තද්වාර මෙය ඔහුගේ දොරටු සයේ සංවිධානය කරන ලද ආරක්ෂාව දැක්වීමය. භොජනෙ මත්තඤ්ඤූ මෙය ඔහුගේ සන්තෝෂ ආදි ගුණ දැක්වීමය. පුබ්බරත්තාපර රත්තං ජාගරියානුයොගමනුයුත්තො මෙය ඔහුගේ හේතුභාවය දැක්වීමය. සාතච්චං නෙපක්කං මෙය ඔහුගේ ප්‍රඥා වීමංශයෙන් යුත් වීර්යයෙන් නිතර පුරුදු කිරීම දැක්වීමය. බෝධිපක්ඛිකානං ධම්මානං භාවනානුයෝග මනුයුත්තො මෙය ඔහුගේ ප්‍රතිපත්තියෙන් තියුණු අවබෝධය දැක්වීමය.

සො අභික‍්කන‍්තෙ…පෙ… තුණ‍්හීභාවෙ සම‍්පජානකාරී හොතීති ඉදමස‍්ස සබ‍්බත්‍ථ සතිසම‍්පජඤ‍්ඤසමන‍්නාගතත‍්තපරිදීපනං. සො විවිත‍්තං සෙනාසනං භජතීති ඉදමස‍්ස අනුරූපසෙනාසනපරිග‍්ගහපරිදීපනං. අරඤ‍්ඤං…පෙ… පටිසල‍්ලානසාරුප‍්පන‍්ති ඉදමස‍්ස සෙනාසනප‍්පභෙදනිරාදීනවතානිසංසපරිදීපනං. සො අරඤ‍්ඤගතො වාති ඉදමස‍්ස වුත‍්තප‍්පකාරෙන සෙනාසනෙන යුත‍්තභාවපරිදීපනං. නිසීදතීති ඉදමස‍්ස යොගානුරූපඉරියාපථපරිදීපනං. පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වාති ඉදමස‍්ස යොගාරම‍්භපරිදීපනං. සො අභිජ‍්ඣං ලොකෙ පහායාතිආදි පනස‍්ස කම‍්මට‍්ඨානානුයොගෙන නීවරණප‍්පහානපරිදීපනං. තස‍්සෙව පහීනනීවරණස‍්ස විවිච‍්චෙව කාමෙහීතිආදි පටිපාටියා ඣානුප‍්පත‍්තිපරිදීපනං.

සො අභික්කන්තෙ පෙ. තුණ්හීභාවෙ සම්පජානකාරී හොති මෙය ඔහුගේ සියළු ස්ථානයෙහි සිහිනුවණින් සමන්විත බව දැක්වීමය. සො විවිත්තං සෙනාසනං භජති මෙය ඔහුගේ භාවනාවට අනුරූප වූ සේනාසන පිළිගැනීම දැක්වීමය. අරඤ්ඤං.........පටිසල්ලාන සාරුප්පං මෙය ඔහුගේ සේනාසන ප්‍රභේද සහ ආදීනව ආනිශංස දැක්වීමය. සො අරඤ්ඤගතොවා මෙය ඔහුගේ කියන ලද ආකාර සේනාසනයෙන් යුක්ත බව දැක්වීමය. නිසීදති මෙය ඔහුගේ භාවනාවට අනුරූප ඉරියව්ව දැක්වීමය. පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා මෙය ඔහුගේ යෝග ආරම්මණය දැක්වීමය. සො අභිජ්ඣං ලොකෙ විහරති ආදිය ඔහුගේ කමටහන අනුව භාවනා කිරීමෙන් නීවරණ ප්‍රහාණය දැක්වීමය. මෙසේ ඔහුගේ නීවරණ ප්‍රහීණ වේ. විවිචෙච්ච කාමෙහි ආදිය පිළිවෙලින් ධ්‍යාන ඉපදවීම දැක්වීමය.

අපි ච ඉධ භික‍්ඛූති ඉමස‍්මිං සාසනෙ ඣානුප‍්පාදකො භික‍්ඛු. ඉදානි යස‍්මා ඣානුප‍්පාදකෙන භික‍්ඛුනා චත‍්තාරි සීලානි සොධෙතබ‍්බානි, තස‍්මාස‍්ස පාතිමොක‍්ඛසංවරසංවුතොති ඉමිනා පාතිමොක‍්ඛසංවරසීලවිසුද‍්ධිං උපදිසති. ආචාරගොචරසම‍්පන‍්නොතිආදිනා ආජීවපාරිසුද‍්ධිසීලං. සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසූති ඉමිනා තෙසං ද‍්වින‍්නං සීලානං අනවසෙසතො ආදානං. ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරොති ඉමිනා ඉන්‍ද්‍රියසංවරසීලං. භොජනෙ මත‍්තඤ‍්ඤූති ඉමිනා පච‍්චයසන‍්නිස‍්සිතසීලං. පුබ‍්බරත‍්තාපරරත‍්තන‍්තිආදිනා සීලෙ පතිට‍්ඨිතස‍්ස ඣානභාවනාය උපකාරකෙ ධම‍්මෙ. සො අභික‍්කන‍්තෙතිආදිනා තෙසං ධම‍්මානං අපරිහානාය කම‍්මට‍්ඨානස‍්ස ච අසම‍්මොසාය සතිසම‍්පජඤ‍්ඤසමායොගං. සො විවිත‍්තන‍්තිආදිනා භාවනානුරූපසෙනාසනපරිග‍්ගහං. සො අරඤ‍්ඤගතො වාතිආදිනා තං සෙනාසනං උපගතස‍්ස ඣානානුරූපඉරියාපථඤ‍්චෙව ඣානභාවනාරම‍්භඤ‍්ච. සො අභිජ‍්ඣන‍්තිආදිනා ඣානභාවනාරම‍්භෙන ඣානපච‍්චනීකධම‍්මප‍්පහානං. සො ඉමෙ පඤ‍්ච නීවරණෙ පහායාතිආදිනා එවං පහීනජ‍්ඣානපච‍්චනීකධම‍්මස‍්ස සබ‍්බජ‍්ඣානානං උප‍්පත‍්තික‍්කමං උපදිසතීති.

තවද ඉධ භික්ඛූ යනු මෙම ශාසනයෙහි ධ්‍යාන උපදවන භික්‍ෂුවය. දැන් ධ්‍යාන උපදවන භික්‍ෂුව විසින් චතුපාරිශුද්ධි ශීලය යම්හෙයකින් පිරිසිදු කළයුතුද එහෙයින් ඔහුගේ පාතිමොක්ඛ සංවර සංයුතො යන මෙයින් ප්‍රාතිමොක්‍ෂ සංවර ශීල විසුද්ධිය පෙන්වයි. ආචාර ගෝචර සම්පන්නො ආදියෙන් ආජීව පාරිශුද්ධි ශීලයද සමුදාය සික්ඛති සික්ඛා පදෙසු මෙයින් ඒ සිල් දෙකේ ඉතිරියක් නැතිව ගැනීමය. ඉන්‍ද්‍රියෙසු ගුත්තද්වාරො මෙයින් ඉන්‍ද්‍රිය සංවර ශීලයද භොජනෙමත්තඤ්ඤූ එයින් ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලයද පෙන්වයි. පුබ්බරත්තාපර රත්තං ආදියෙන් සීලයෙහි පිහිටි ඔහුගේ ධ්‍යාන භාවනාවට උපකාර වූ ධර්මයන් දක්වයි. සො අභික්කන්තෙ ආදියෙන් ඒ ධර්මයන්ගේ නොපිරිහීම් පිණිස කමටහනේ නුමුළාවීම පිණිස සිහිනුවණින් යෙදී සිටීම. සො විවිත්තං ආදියෙන් භාවනාවට අනුරූප සේනාසන ලබාගැනීම සො අරඤ්ඤගතොවා යනාදියෙන් ඒ සේනාසනයට පැමිණි ඔහුගේ ධ්‍යානානුරූප ඉරියව්ද ධ්‍යාන භාවනා ආරම්භයද දක්වයි. සො අභිජ්ඣං ආදියෙන් ධ්‍යාන භාවනා ආරම්භයෙන් ධ්‍යානයට පටහැනි ධර්ම ප්‍රහාණය පෙන්වයි. සො ඉමෙ පඤ්චනීවරණෙ පහාය ආදියෙන් මෙසේ ප්‍රහීන වූ ධ්‍යාන පටහැනි ධර්මයන්ගෙන් සියළු ධ්‍යානවල ඉපදවීම් ක්‍රමය පෙන්වයි.

මාතිකාවණ‍්ණනා.

මාතෘකා වර්ණනාවය.