නිද්දෙසවණ්ණනා අට්ඨකථා
නිද්දෙසවණ්ණනා
නිද්දෙසවණ්ණනා
ඉදානි යථානික්ඛිත්තං මාතිකං පටිපාටියා භාජෙත්වා දස්සෙතුං ඉධාති ඉමිස්සා දිට්ඨියාතිආදි ආරද්ධං. තත්ථ ඉමිස්සා දිට්ඨියාතිආදීහි දසහි පදෙහි සික්ඛත්තයසඞ්ඛාතං සබ්බඤ්ඤුබුද්ධසාසනමෙව කථිතං. තඤ්හි බුද්ධෙන භගවතා දිට්ඨත්තා දිට්ඨීති වුච්චති. තස්සෙව ඛමනවසෙන ඛන්ති, රුච්චනවසෙන රුචි, ගහණවසෙන ආදායො, සභාවට්ඨෙන ධම්මො, සික්ඛිතබ්බට්ඨෙන විනයො, තදුභයෙනාපි ධම්මවිනයො, පවුත්තවසෙන පාවචනං, සෙට්ඨචරියට්ඨෙන බ්රහ්මචරියං, අනුසිට්ඨිදානවසෙන සත්ථුසාසනන්ති වුච්චති. තස්මා ඉමිස්සා දිට්ඨියාතිආදීසු ඉමිස්සා බුද්ධදිට්ඨියා, ඉමිස්සා බුද්ධඛන්තියා, ඉමිස්සා බුද්ධරුචියා, ඉමස්මිං බුද්ධආදායෙ, ඉමස්මිං බුද්ධධම්මෙ, ඉමස්මිං බුද්ධවිනයෙ.
දැන් තබන ලද මාතෘකා පිළිවෙලින් බෙදා දැක්වීමට ඉධ යන ඉමිස්සා දිට්ඨියා ආදිය අරඹන ලදි. එහි ඉමිස්සා දිට්ඨියා යනාදි පද දහයකින් ශික්ෂාත්රය සංඛ්‍යාත සර්වඥ බුද්ධශාසනයම කියන ලදි. එහි භගවත් වූ බුදුන්වහන්සේ විසින් දක්නා ලද හෙයින් දිට්ඨි යයි කියනු ලැබේ. ඔහුගේම ඉවසීම් වශයෙන් ඛන්ති වේ. රුචිවීම් වශයෙන් රුචි වේ. ගැනීම් වශයෙන් ආදායො වේ. ස්වභාවය යන අර්ථයෙන් ධම්මො වේ. හික්මිය යුතු අර්ථයෙන් විනයො. ඒ දෙකෙන්ම ධම්මවිනයො. ප්‍රකාශ කිරීම් වශයෙන් පාවචනං. ශ්‍රේෂ්ඨ හැසිරීම් අර්ථයෙන් බ්රහ්මචරියං අනුශාසනා දීම් වශයෙන් සත්ථු සාසනං යයි කියනු ලැබේ. එහෙයින් ඉමිස්සා දිට්ඨියා යන ආදියෙහි මේ බුද්ධ දෘෂ්ටිය, මේ බුද්ධ ඉවසීම, මේ බුද්ධරූපය, මෙහි බුද්ධ ගැනීමෙහි. මෙහි බුද්ධ ධර්මයෙහි, මේ බුද්ධ විනයෙහි,
“යෙ ච ඛො ත්වං, ගොතමි, ධම්මෙ ජානෙය්යාසි – ‘ඉමෙ ධම්මා සරාගාය සංවත්තන්ති නො විරාගාය, සංයොගාය සංවත්තන්ති නො විසංයොගාය, ආචයාය සංවත්තන්ති නො අපචයාය, උපාදාය සංවත්තන්ති නො පටිනිස්සග්ගියා, මහිච්ඡතාය සංවත්තන්ති නො අප්පිච්ඡතාය, අසන්තුට්ඨියා සංවත්තන්ති නො සන්තුට්ඨියා, සඞ්ගණිකාය සංවත්තන්ති නො පවිවෙකාය, කොසජ්ජාය සංවත්තන්ති නො වීරියාරම්භාය, දුබ්භරතාය සංවත්තන්ති නො සුභරතායා’ති එකංසෙන හි, ගොතමි, ධාරෙය්යාසි – ‘නෙසො ධම්මො, නෙසො විනයො, නෙතං සත්ථුසාසන’න්ති. යෙ ච ඛො ත්වං, ගොතමි, ධම්මෙ ජානෙය්යාසි – ‘ඉමෙ ධම්මා විරාගාය සංවත්තන්ති නො සරාගාය…පෙ… සුභරතාය සංවත්තන්ති නො දුබ්භරතායා’ති. එකංසෙන හි, ගොතමි, ධාරෙය්යාසි – ‘එසො ධම්මො, එසො විනයො, එතං සත්ථුසාසන”න්ති (අ· නි· 8.53; චූළව· 406).
“ගෝතමී ඔබ ධර්මය දන්නෙහිද? මේ ධර්ම රාග සහිතවීම පිණිස පවතී. විරාගය පිණිස නොවේ. සංයෝගය පිණිස පවතී. විසංයෝගය පිණිස නොවේ. රැස්කිරීම පිණිස පවතී. රැස් නොකිරීම පිණිස නොවේ. අත්හැරීම පිණිස නොව අල්ලාගැනීම පිණිස පවතී. ආශාව පිණිස පවතී. අපිස්බව පිණිස නොවේ. අසන්තෝෂය පිණිස පවතී. සන්තෝෂය පිණිස නොවේ. අවිවේකය පිණිස පවතී. විවේකය පිණිස නොවේ. කුසීතකම පිණිස පවතී. විරිය පිණිස නොවේ. දුෂ්පෝෂණය පිණිස පවතී. සුපෝෂණය පිණිස නොවේ. ගෝතමිය එක් අංශයකින් දරන්නෙහි, මෙය ධර්මය නොවේ. මෙය විනය නොවේ. මෙය ශාස්තෲ අනුශාසනය නොවේ. ගෝතමිය, ඔබ ධර්මය දන්නෙහි නම් මේ ධර්මය විරාගය පිණිස පවතී, සරාගය පිණිස නොවේ. මේ ධර්ම සුභරතාව පිණිස පවතී, දුභරතාව පිණිස නොවේ. ගෝතමිය, ඒකාන්තයෙන් මෙය ධර්මය වේ. මෙය විනය වේ. මෙය ශාස්තෲන් අනුශාසනය වේයයි දරන්න.
එවං වුත්තෙ ඉමස්මිං බුද්ධධම්මවිනයෙ , ඉමස්මිං බුද්ධපාවචනෙ, ඉමස්මිං බුද්ධබ්රහ්මචරියෙ, ඉමස්මිං බුද්ධසත්ථුසාසනෙති එවමත්ථො වෙදිතබ්බො.
මෙසේ කියන ලද කල්හි මෙම බුද්ධ ධර්ම විනයෙහි මෙම බුද්ධ ප්‍රවචනයෙහි මෙම බුද්ධ බ්‍රහ්ම චරියාවෙහි මෙම ශාස්තෲ අනුශාසනයෙහි මෙසේ අර්ථ දතයුතුය.
අපිචෙතං සික්ඛාත්තයසඞ්ඛාතං සකලං සාසනං භගවතා දිට්ඨත්තා සම්මාදිට්ඨිපච්චයත්තා සම්මාදිට්ඨිපුබ්බඞ්ගමත්තා ච දිට්ඨි, භගවතො ඛමනවසෙන ඛන්ති, රුච්චනවසෙන රුචි, ගහණවසෙන ආදායො. අත්තනො කාරකං අපායෙසු අපතමානං ධාරෙතීති ධම්මො. සොව සංකිලෙසපක්ඛං විනතීති විනයො. ධම්මො ච සො විනයො චාති ධම්මවිනයො. කුසලධම්මෙහි වා අකුසලධම්මානං එස විනයොති ධම්මවිනයො. තෙනෙව වුත්තං – “යෙ ච ඛො ත්වං, ගොතමි, ධම්මෙ ජානෙය්යාසි – ‘ඉමෙ ධම්මා විරාගාය සංවත්තන්ති නො සරාගාය…පෙ… එකංසෙන, ගොතමි, ධාරෙය්යාසි ‘එසො ධම්මො, එසො විනයො, එතං සත්ථුසාසන’න්ති.
තවද මේ ශික්ෂා ත්‍රය සංඛ්‍යාත සියළු ශාසනය භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද හෙයින් දැකීම සම්මා දිට්ඨියට හේතුවන ලද්දේය. සම්මා දිට්ඨිය පෙරටුවන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේට ඉවසීම ඛන්ති, කැමතිවීම් වශයෙන් රුචි ගැනීම් වශයෙන් ආදාය වේ. තමාගේ කරන්නා අපායෙහි නොහෙලමින් ධරානුයි ධම්මො වේ. එයම කිලිටි දුරුකරන නිසා විනය වේ. ධර්මය ද විනයද ධර්මවිනය වේ. කුසල ධර්මයෙන් හෝ අකුසල ධර්මයන්ගේ මේ විනොදනය යයි ධම්මවිනය වේ. එහෙයින්ම කියන ලදි. “ගෝතමී ඔබ ධර්මය දන්නෙහි මේ ධර්ම විරාගය පිණිස පවතී, සරාගය පිණිස නොවේ. ගෝතමිය, මේ ධර්මයයි මේ විනය යයි මෙය ශාස්තෲ අනුශාසන යයි ඒකාන්තයෙන් දරන්නෙහි”
ධම්මෙන වා විනයො, න දණ්ඩාදීහීති ධම්මවිනයො, වුත්තම්පි චෙතං –
ධර්මයෙන් හික්මීම වේ. දඬු ආදියෙන් ධර්ම විනය නොවේ.
“දණ්ඩෙනෙකෙ දමයන්ති, අඞ්කුසෙහි කසාහි ච; අදණ්ඩෙන අසත්ථෙන, නාගො දන්තො මහෙසිනා”ති. (චූළව· 342; ම· නි· 2.352);
කෙනෙක් කස මුගුරෙන් - දමනය කෙරෙත් අකුසෙන් දඬු සැත් නැතිව මුනි - දමනය කරති සැඬැතැන්
තථා –
එසේම
“ධම්මෙන නීයමානානං, කා උසූයා විජානත”න්ති; (මහාව· 63);
ධර්මයෙන් මෙහෙයවනු ලබන්නන්ගේ කුමන ඊර්ෂ්යාවදැයි දනියිද
ධම්මාය වා විනයො ධම්මවිනයො. අනවජ්ජධම්මත්ථඤ්හෙස විනයො, න භවභොගාමිසත්ථං. තෙනාහ භගවා – “නයිදං, භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සති ජනකුහනත්ථ”න්ති (අ· නි· 4.25) විත්ථාරො. පුණ්ණත්ථෙරොපි ආහ – “අනුපාදාපරිනිබ්බානත්ථං ඛො, ආවුසො, භගවති බ්රහ්මචරියං වුස්සතී”ති (ම· නි· 1.259). විසිට්ඨං වා නයතීති විනයො. ධම්මතො විනයො ධම්මවිනයො. සංසාරධම්මතො හි සොකාදිධම්මතො වා එස විසිට්ඨං නිබ්බානං නයති. ධම්මස්ස වා විනයො, න තිත්ථකරානන්ති ධම්මවිනයො; ධම්මභූතො හි භගවා, තස්සෙව විනයො. යස්මා වා ධම්මායෙව අභිඤ්ඤෙය්යා පරිඤ්ඤෙය්යා පහාතබ්බා භාවෙතබ්බා සච්ඡිකාතබ්බා ච, තස්මා එස ධම්මෙසු විනයො, න සත්තෙසු, න ජීවෙසු චාති ධම්මවිනයො. සාත්ථසබ්යඤ්ජනතාදීහි අඤ්ඤෙසං වචනතො පධානං වචනන්ති පවචනං; පවචනමෙව පාවචනං. සබ්බචරියාහි විසිට්ඨචරියාභාවෙන බ්රහ්මචරියං. දෙවමනුස්සානං සත්ථුභූතස්ස භගවතො සාසනන්ති සත්ථුසාසනං; සත්ථුභූතං වා සාසනන්තිපි සත්ථුසාසනං. “සො වො මමච්චයෙන සත්ථා”ති (දී· නි· 2.216) හි ධම්මවිනයොව සත්ථාති වුත්තොති එවමෙතෙසං පදානං අත්ථො වෙදිතබ්බො.
ධර්මයෙන් කරනු ලබන හික්මීම ධර්මවිනයයි. මේ විනය අනවද්‍ය ධර්මාර්ථය පිණිසයි. භවභෝග ආමිසය සඳහා නොවේ. එයින් කීහ. භගවත්හු “මහණෙනි, මේ බ්‍රහ්ම චර්යාව ජන කුහකකම සඳහා නොවේ.” පුරාණ තෙරහුද විස්තර කීහ. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ බඹසර වසනු ලැබුවේ අනුපාදාය පරිනිර්වාණය සඳහා” වේ. විශිෂ්ඨයේ මෙහෙයවීම විනයයි. ධර්මයෙන්-මෙහෙයවීම ධර්ම විනයයි. සංසාර සදහම් ධර්මයෙන් හා සෝකාදි ධර්මයෙන් මෙය විශිෂ්ට නිවනට පමුණුවයි. ධර්මයේ වූ විනය ආගමක් නොසාදයි යන්න ධම්ම විනයයි. ධර්මභූත වූ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේම විනයයි. ධර්මයෙන්ම දතයුතුය. විශේෂයෙන් දැනගත යුතුය. ප්රහාණය කළයුතුය. වැඩිය යුතුය. සාක්ෂාත් කළයුතුය. එහෙයින් මේ ධර්මයෙහි සත්ත්වයන් නැත. ජීවීන් නැතැයි ධම්මවිනය වේ. අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත අන්‍ය වචනවලින් ප්‍රධාන වචනය යයි පවචනං ද පවචම පාවචන වේ. සියලු චර්යාවලින් විශිෂ්ට චර්යාව බැවින් බ්‍රහ්මචරිය වේ. දෙව්මිනිසුන්ට ශාස්තෲ වූ භාග්‍යවතුන් වහන්සේගේ ශාස්නය සත්ථු ශාසනය වේ. ශාස්තෲන් ප්‍රධාන වූ ශාසනයද සත්ථුශාසන වේ. “එයම මගේ ඇවෑමෙන් ශාස්තෲන්” යයි ධර්ම විනයද ශාස්තෲ යයි කියන ලදි. මෙසේ මේ පදවල අර්ථය දතයුතුය.
යස්මා පන ඉමස්මිංයෙව සාසනෙ සබ්බපකාරජ්ඣානනිබ්බත්තකො භික්ඛු දිස්සති, න අඤ්ඤත්ර, තස්මා තත්ථ තත්ථ ‘ඉමිස්සා’ති ච ‘ඉමස්මි’න්ති ච අයං නියමො කතොති වෙදිතබ්බොති. අයං ‘ඉධා’ති මාතිකාපදනිද්දෙසස්ස අත්ථො.
යම්හෙයකින් මේ ශාසනයෙහිම සියළු ආකාර ධ්‍යාන උපදවන භික්ෂූන් පෙනේ. අන්තැන්වල එසේ නැත. එහෙයින් එය මෙහිම යයි නියම කරන ලදැයි දතයුතුය. මේ මෙහි මාතෘකා පද විස්තරයෙහි අර්ථ වේ.
භික්ඛුනිද්දෙසෙ සමඤ්ඤායාති පඤ්ඤත්තියා, වොහාරෙනාති අත්ථො. සමඤ්ඤාය එව හි එකච්චො භික්ඛූති පඤ්ඤායති. තථා හි නිමන්තනාදිම්හි භික්ඛූසු ගණීයමානෙසු සාමණෙරෙපි ගහෙත්වා ‘සතං භික්ඛූ, සහස්සං භික්ඛූ’ති වදන්ති. පටිඤ්ඤායාති අත්තනො පටිජානනෙන. පටිඤ්ඤායපි හි එකච්චො භික්ඛූති පඤ්ඤායති. තස්ස “කො එත්ථ ආවුසො”ති? “අහං, ආවුසො, භික්ඛූ”ති එවමාදීසු (අ· නි· 10.96) සම්භවො දට්ඨබ්බො. අයං පන ආනන්දත්ථෙරෙන වුත්තත්තා ධම්මිකා පටිඤ්ඤා. රත්තිභාගෙ පන දුස්සීලාපි පටිපථං ආගච්ඡන්තා “කො එත්ථා”ති වුත්තෙ අධම්මිකාය පටිඤ්ඤාය අභූතත්ථාය “මයං භික්ඛූ”ති වදන්ති.
භික්ෂු නිර්දේශයෙහි සමඤ්ඤාය යනු ප්රඥප්තියෙන්-ව්‍යවහාරයෙන් යයි අර්ථ වේ. ව්‍යවහාරයෙන්ම සමහරු භික්ෂූන් යයි හඳුන්වති. එසේම ආරාධනාදියෙන් ගණනය කරනුයේ සාමණේරයන්ද ගෙන භික්ෂු සියයක් භික්ෂු දහසක් යයි කියති. පටිඤ්ඤාය යනු තමාගේ දැනීමෙන්, දැනීමෙන්ද සමහරු භික්ෂූන් යයි හඳුන්වති. ඔහුට “මෙහි කවරෙක්දැයි” ඇසූවිට “ඇවැත්නි, මම භික්ෂු” යයි සම්භවය දතයුතුය. මෙය වනාහි ආනන්ද ස්ථවිරයන් කියන ලද නිසා ධාර්මික දැනීමකි. රාත්‍රී භාගයෙක දුස්සීලයෝද මාර්ගයට එන්නේ “මෙහි කවරෙක්දැ”යි කී කල්හි අධාර්මික වූ දැනීමෙන් අභූතය පිණිස “අපි භික්ෂු” යයි කියති.
භික්ඛතීති යාචති. යො හි කොචි භික්ඛති, භික්ඛං එසති ගවෙසති, සො තං ලභතු වා මා වා, අථ ඛො භික්ඛතීති භික්ඛු. භික්ඛකොති බ්යඤ්ජනෙන පදං වඩ්ඪිතං; භික්ඛනධම්මතාය භික්ඛූති අත්ථො. භික්ඛාචරියං අජ්ඣුපගතොති බුද්ධාදීහි අජ්ඣුපගතං භික්ඛාචරියං අජ්ඣුපගතත්තා භික්ඛාචරියං අජ්ඣුපගතො නාම. යො හි කොචි අප්පං වා මහන්තං වා භොගක්ඛන්ධං පහාය අගාරස්මා අනගාරියං පබ්බජිතො, කසිගොරක්ඛාදීහි ජීවිතකප්පනං හිත්වා ලිඞ්ගසම්පටිච්ඡනෙනෙව භික්ඛාචරියං අජ්ඣුපගතොති භික්ඛු. පරප්පටිබද්ධජීවිකත්තා වා විහාරමජ්ඣෙ කාජභත්තං භුඤ්ජමානොපි භික්ඛාචරියං අජ්ඣුපගතොති භික්ඛු. පිණ්ඩියාලොපභොජනං නිස්සාය පබ්බජ්ජාය උස්සාහජාතත්තා වා භික්ඛාචරියං අජ්ඣුපගතොති භික්ඛු.
භික්ඛති යනු ඉල්ලයි. යම් කිසිවෙක් භික්ෂාව සිඟයි සොයයි සොයා යයි හේ ලබාවා හෝ නොලබාවා. ඉක්බිති භික්ඛතීති භික්ඛු, භික්ඛකොති ව්‍යඤ්ජනයෙන් පදය වඩන ලදි. සිඟන ස්වභාවයෙන් භික්ඛු යන අර්ථයයි. භික්ඛාචරියං අජ්ඣූපගතො බුද්ධාදීන් විසින් පනවන ලද පිඬුසිඟා යෑම පැමිණි බැවින්ද භික්ඛා චර්යාවට පැමිණියේ නම් වේ. යමෙක් අල්ප හෝ මහත් හෝ භෝග සම්පත් අත්හැර ගිහිගෙයින් නික්මී අනගාරි පැවිද්ද ලැබ කෘෂි ගවපාලනාදියෙන් ජීවිකාව ගෙනයාම හැර ස්වරූපය පිළිගැනීමෙන්ම භික්ෂා චර්යාවට පැමිණියේ භික්ඛු වේ. අනුන් සම්බන්ධ ජීවිකාව බැවින් හෝ වෙහෙර මැද කැඳබත් බුදින්නේද භික්සා චර්යාවට පැමිණියේ යයි භික්ඛු වේ.
අග්ඝඵස්සවණ්ණභෙදෙන භින්නං පටං ධාරෙතීති භින්නපටධරො. තත්ථ සත්ථකච්ඡෙදනෙන අග්ඝභෙදො වෙදිතබ්බො. සහස්සග්ඝනකොපි හි පටො සත්ථකෙන ඛණ්ඩාඛණ්ඩිකං ඡින්නො භින්නග්ඝො හොති, පුරිමග්ඝතො උපඩ්ඪම්පි න අග්ඝති. සුත්තසංසිබ්බනෙන ඵස්සභෙදො වෙදිතබ්බො. සුඛසම්ඵස්සොපි හි පටො සුත්තෙහි සංසිබ්බිතො භින්නඵස්සො හොති, ඛරසම්ඵස්සතං පාපුණාති. සූචිමලාදීහි වණ්ණභෙදො වෙදිතබ්බො. සුපරිසුද්ධොපි හි පටො සූචිකම්මතො පට්ඨාය සූචිමලෙන, හත්ථසෙදමලජල්ලිකාදීහි , අවසානෙ රජනකප්පකරණෙහි ච භින්නවණ්ණො හොති, පකතිවණ්ණං විජහති. එවං තීහාකාරෙහි භින්නපටධාරණතො භින්නපටධරොති භික්ඛු. ගිහීවත්ථවිසභාගානං වා කාසාවානං ධාරණමත්තෙනෙව භින්නපටධරොති භික්ඛු.
අගනා ස්පර්ශ වර්ණ බිඳීමෙන් බිඳුණු වස්ත්‍රයක් දරන්නේ භින්න පටධර වේ. එහි කතුරු ආදියෙන් කපන ලද බැවින් වටිනාකම අඩුවේයයි දතයුතුය. දහසක් වටිනා වස්ත්‍රයක්ද සත්රයෙක් කැබලිවලට කපන ලද්දේ අගය අඩුවේ. පෙර අගයෙන් අඩක්වත් නොඅගී. නූල්වලින් මැසීමෙන් ස්පර්ශ බේදය දතයුතුය. සැප ස්පර්ශ ඇති වස්ත්‍රය නූල්වලින් මැසීමෙන් ස්පර්ශය බිඳේ. රළු ස්පර්ශයට පැමිණේ. ඉඳිකටු මල ආදියෙන් වර්ණ භේදය දතයුතුය. ඉතා පිරිසිදු වස්ත්‍රය ඉඳිකටුවෙන් මැහීමේ සිට ඉඳිකටු මලෙන් අතේ දාඩිය මල කුණු තට්ටුවලින් අවසානයෙහි රඳන් කිරීමෙන්ද වර්ණභේදය වේ. ප්‍රකෘති වර්ණය අත්හරියි. මෙසේ තුන් ආකාරයකින් බිඳුණු වස්ත්‍ර දැරීමෙන් භින්නපටධර භික්ඛු වේ. ගිහිවස්ත්රවලට විසභාග වූ (වෙනස් වූ) කසාවත් දරණ බැවින්ද භින්නපටධර භික්ඛු වේ.
භින්දති පාපකෙ අකුසලෙ ධම්මෙති භික්ඛු. සොතාපත්තිමග්ගෙන පඤ්ච කිලෙසෙ භින්දතීති භික්ඛු. සකදාගාමිමග්ගෙන චත්තාරො, අනාගාමිමග්ගෙන චත්තාරො, අරහත්තමග්ගෙන අට්ඨ කිලෙසෙ භින්දතීති භික්ඛු. එත්තාවතා චත්තාරො මග්ගට්ඨා දස්සිතා. භින්නත්තාති ඉමිනා පන චත්තාරො ඵලට්ඨා. සොතාපන්නො හි සොතාපත්තිමග්ගෙන පඤ්ච කිලෙසෙ භින්දිත්වා ඨිතො. සකදාගාමී සකදාගාමිමග්ගෙන චත්තාරො, අනාගාමී අනාගාමිමග්ගෙන චත්තාරො, අරහා අරහත්තමග්ගෙන අට්ඨ කිලෙසෙ භින්දිත්වා ඨිතො. එවමයං චතුබ්බිධො ඵලට්ඨො භින්නත්තා පාපකානං අකුසලානං ධම්මානං භික්ඛු නාම.
පාපක වූ අකුසල් දහම් බිඳින්නේ ද භික්ඛු වේ. සෝවාන් මගින් කෙලෙස් පසක් බිඳින්නේ භික්ඛු වේ. සකෘදාගාමි මගින් හතරක්ද අනාගාමි මගින් හතරක්ද අරහත් මගින් අටක්දැයි කෙලෙසුන් බිඳින්නේ භික්ඛු වේ. මෙපමණකින් මාර්ග අර්ථ හතර දක්වන ලදි. භින්නත්තා යන මේ ඵල සතරය. සෝවාන් වූ තැනැත්තා සෝවාන් මගින් කෙලෙස් පහක් බිඳ සිටී. සකෘදාගාමියා සකෘදාගාමි මගින් සතරක්ද අනාගාමියා අනාගාමි මගින් හතරක්ද අරහන්ත ලාභියා රහත් මගින් කෙලෙස් අටක් බිඳ සිටී. මෙසේ මේ චතුර්විධ ඵලයට පත්තා පාප අකුසල දහම් බිඳින ලද බැවින් භික්ඛූ නම් වේ.
ඔධිසො කිලෙසානං පහානාති එත්ථ ද්වෙ ඔධී – මග්ගොධි ච කිලෙසොධි ච. ඔධි නාම සීමා, මරියාදා. තත්ථ සොතාපන්නො මග්ගොධිනා ඔධිසො කිලෙසානං පහානා භික්ඛු. තස්ස හි චතූසු මග්ගෙසු එකෙනෙව ඔධිනා කිලෙසා පහීනා, න සකලෙන මග්ගචතුක්කෙන. සකදාගාමීඅනාගාමීසුපි එසෙව නයො. සොතාපන්නො ච කිලෙසොධිනාපි ඔධිසො කිලෙසානං පහානා භික්ඛු. තස්ස හි පහාතබ්බකිලෙසෙසු ඔධිනාව කිලෙසා පහීනා, න සබ්බෙන සබ්බං. අරහා පන අනොධිසොව කිලෙසානං පහානා භික්ඛු. තස්ස හි මග්ගචතුක්කෙන අනොධිනාව කිලෙසා පහීනා, න එකාය මග්ගසීමාය. පහාතබ්බකිලෙසෙසු ච අනොධිසොව කිලෙසා පහීනා. එකාපි හි කිලෙසසීමා ඨිතා නාම නත්ථි. එවං සො උභයථාපි අනොධිසො කිලෙසානං පහානා භික්ඛු.
ඔධිසො කිලෙසානං පහාණා යනු මෙහි මග්ග ඔධි කිලෙක ඔධි යයි ඔධි දෙකකි. ඔධි නම් සීමාවය. එහි සෝවාන් තැනැත්තා මාර්ග සීමාවෙන් කෙලෙස් ප්රහාණය භික්ඛූ වේ. ඔහුගේ මාර්ග සතරෙහි එකිනෙකේ සීමාවෙන් කෙලෙස් ප්‍රහාණ වේ. සියළු මාර්ග සතරෙන්ම නොවේ. සකදාගාමී අනාගාමී දෙකෙහිද මෙම නයයි. සෝතාපන්නයාද කෙලෙස් සීමාවෙන්ද කෙලෙසුන්ගේ ප්‍රමාණ වශයෙන් ප්රහාණය භික්ඛූ වේ. ඔහුගේ ප්රහාණය කළයුතු කෙලෙස්වල කෙලෙස් සීමාවෙන් ප්‍රහීණය. සියල්ලෙන් සියල්ල නෙමේ. රහතන් වහන්සේ වනාහි සීමාරහිතව කෙලෙසුන් ප්‍රහාණ කළේ භික්ඛූ වේ. උන්වහන්සේගේ මාර්ග සතරින් සීමාරහිතව කෙලෙස් ප්‍රහාණ විය. එක මාර්ග සීමාවකින් නොවේ. ප්‍රහීණ කළයුතු කෙලෙස්වලද අප්‍රමාණ වශයෙන් කෙලෙස් ප්‍රහීණ විය. එක් කෙලෙස් සීමාවක් සිටියේ නොවේ. මෙසේ උන්වහන්සේ දෙවිධියෙන්ම අනොධිසො කිලෙසානං පහාණා භික්ඛු වේ.
සෙක්ඛොති පුථුජ්ජනකල්යාණකෙන සද්ධිං සත්ත අරියා. තිස්සො සික්ඛා සික්ඛන්තීති සෙක්ඛා. තෙසු යො කොචි සෙක්ඛො භික්ඛුති වෙදිතබ්බො. න සික්ඛතීති අසෙක්ඛො. සෙක්ඛධම්මෙ අතික්කම්ම අග්ගඵලෙ ඨිතො තතො උත්තරි සික්ඛිතබ්බාභාවතො ඛීණාසවො අසෙක්ඛොති වුච්චති. අවසෙසො පුථුජ්ජනභික්ඛු තිස්සො සික්ඛා නෙව සික්ඛති, න සික්ඛිත්වා ඨිතොති නෙවසෙක්ඛනාසෙක්ඛොති වෙදිතබ්බො.
සෙක්ඛො යනු පෘථග්ජන කල්‍යාණ මිත්‍රයා සමග සප්ත ආර්යයෝ ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මෙන්නෝ යයි සෙක්ඛ වේ. ඔවුනතරෙහි යම්කිසිවෙක් සේක භික්ෂුව යයි දත යුතුය. නොහික්මේ යයි අසෙක්ඛ වේ. හික්මීම් සීමාව ඉක්මවා අග්‍ර ඵලයෙහි සිටි එයින් මත්තෙහි හික්මිය යුත්තක් නොමැති බැවින් ක්ෂීණාශ්රවයන් වහන්සේ අසෙක්ඛො යයි කියනු ලැබේ. අවසේස පෘථග්ජන භික්ෂූහු ත්‍රිවිධ ශික්ෂාවල නොහික්මෙති. නොහික්මී සිටියේ නෙවසෙක්ඛනාසෙක්ඛ යයි දතයුතු.
සීලග්ගං සමාධිග්ගං පඤ්ඤග්ගං විමුත්තග්ගන්ති ඉදං අග්ගං පත්වා ඨිතත්තා අග්ගො භික්ඛු නාම. භද්රොති අපාපකො. කල්යාණපුථුජ්ජනාදයො හි යාව අරහා තාව භද්රෙන සීලෙන සමාධිනා පඤ්ඤාය විමුත්තියා විමුත්තිඤාණදස්සනෙන ච සමන්නාගතත්තා භද්රො භික්ඛූති සඞ්ඛ්‍යං ගච්ඡන්ති. මණ්ඩො භික්ඛූති පසන්නො භික්ඛු; සප්පිමණ්ඩො විය අනාවිලො විප්පසන්නොති අත්ථො. සාරොති තෙහියෙව සීලසාරාදීහි සමන්නාගතත්තා, නීලසමන්නාගමෙන නීලො පටො විය, සාරො භික්ඛූති වෙදිතබ්බො. විගතකිලෙසඵෙග්ගුභාවතො වා ඛීණාසවොව සාරොති වෙදිතබ්බො.
සීල අග්‍ර සමාධි අග්‍ර පඤ්ඤා අග්‍ර විමුත්ති අග්‍රයයි මේ අග්‍රබවට පැමිණ සිටි බැවින් අග්ගො භික්ඛු නම් වේ. භද්රො යනු පවිටු නොවන කල්‍යාණ පෘථග්ජනයා පටන් රහතන් වහන්සේ දක්වා භද්‍ර වූ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුත්ති ඤාණ දර්ශනයෙන් සමන්නාගත වූ බැවින් භද්‍ර භික්ඛු සංඛ්‍යාවට පැමිණෙති. මණ්ඩො භික්ඛු යනු ප්‍රසන්න වූ භික්ෂුව. ගිතෙල් මෙන් නොකැළඹී ප්‍රසන්නය යන අර්ථයයි. සාරො යනු සීල සාරාදියෙන් යුක්ත වූයේ, නිලෙන් යුක්ත වූයේ නිල් වස්ත්‍රයක් මෙන් සාර භික්ෂුව යයි දතයුතුය. පහවූ කෙලෙස් ඇති ඵෙග්ගු භාවයෙන් යුක්ත ක්ෂීණාශ්රවයන් වහන්සේම සාරයයි දතයුතුය.
තත්ථ ච “භින්දති පාපකෙ අකුසලෙ ධම්මෙති භික්ඛු, ඔධිසො කිලෙසානං පහානා භික්ඛු, සෙක්ඛො භික්ඛූ”ති ඉමෙසු තීසු ඨානෙසු සත්ත සෙක්ඛා කථිතා. “භින්නත්තා පාපකානං අකුසලානං ධම්මානන්ති භික්ඛු, අනොධිසො කිලෙසානං පහානා භික්ඛු, අසෙක්ඛො භික්ඛු, අග්ගො භික්ඛු, මණ්ඩො භික්ඛූ”ති ඉමෙසු පඤ්චසු ඨානෙසු ඛීණාසවොව කථිතො. “නෙවසෙක්ඛනාසෙක්ඛො”ති එත්ථ පුථුජ්ජනොව කථිතො. සෙසට්ඨානෙසු පුථුජ්ජනකල්යාණකො, සත්ත සෙක්ඛා, ඛීණාසවොති ඉමෙ සබ්බෙපි කථිතා.
එහිද පාප අකුසල් දහම් බිඳීය යනුද භික්ඛු, ප්‍රමාණ වශයෙන් කෙලෙස් ප්‍රහීණ කරන්නේ භික්ඛු, සේක භික්ඛු මේ ස්ථාන තුනේ සප්තවිධ ශෛක්ෂයන් කියන ලදි. පාප අකුසල දහම් බිඳින ලද බැවින් භික්ඛු, අප්‍රමාණ වශයෙන් කෙලෙසුන් ප්‍රහීන කිරීමෙන් භික්ඛු, අසේක භික්ඛු, අග්ග භික්ඛු, මණ්ඩ භික්ඛු යන මේ ස්ථාන පහේ ක්ෂීණාශ්රවයන් වහන්සේම කියන ලදි. නේවසෙක්ඛානාසෙක්ඛා යන මෙහි පෘථග්ජනයාම කියන ලදි. සෙසු ස්ථානවල පෘථග්ජන කල්‍යාණයද සත් සේක ඛීණාසව යන මේ සියළුදෙනා කියන ලදි.
එවං සමඤ්ඤාදීහි භික්ඛුං දස්සෙත්වා ඉදානි උපසම්පදාවසෙන දස්සෙතුං සමග්ගෙන සඞ්ඝෙනාතිආදිමාහ. තත්ථ සමග්ගෙන සඞ්ඝෙනාති සබ්බන්තිමෙන පරිච්ඡෙදෙන පඤ්චවග්ගකරණීයෙ කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා, තෙසං ආගතත්තා ඡන්දාරහානං ඡන්දස්ස ආහටත්තා සම්මුඛීභූතානඤ්ච අප්පටික්කොසනතො එකස්මිං කම්මෙ සමග්ගභාවං උපගතෙන. ඤත්තිචතුත්ථෙනාති තීහි අනුස්සාවනාහි එකාය ච ඤත්තියා කාතබ්බෙන. කම්මෙනාති ධම්මිකෙන විනයකම්මෙන. අකුප්පෙනාති වත්ථුඤත්තිඅනුස්සාවනසීමාපරිසසම්පත්තිසම්පන්නත්තා අකොපෙතබ්බතං අප්පටික්කොසිතබ්බතං උපගතෙන. ඨානාරහෙනාති කාරණාරහෙන සත්ථුසාසනාරහෙන.
මෙසේ ව්යවහාරාදි වශයෙන් භික්ෂුව හඳුන්වා දැන් උපසම්පදා වශයෙන් දැක්වීමට සමග්ගෙන සංඝෙනාති ආදිය කීහ. සමග්ගෙන සංඝෙන යනු අඩු වශයෙන් පඤ්චවග්ග කරණීය කර්මය, කර්මයට පැමිණි භික්ෂූන් ආ බැවින් ඡන්දය දීමට සුදුසු භික්ෂූන්ගේ ඡන්දය ගෙන ආ බැවින් පැමිණ සිටින භික්ෂූන්ගේ විරුද්ධත්වයක් නොමැති බැවින් එක කර්මයක සමගි බව පැමිණි හෙයින් - ඤත්ති චතුත්ථෙන තුන්වරක් ඇස්සවීමෙන් එක් ඤත්තියක් (ප්‍රකාශයක්) කළයුතු බැවින් කම්මෙන ධාර්මික විනය කර්මයෙන් අකුප්පෙන වස්තු, ඤත්ති අනුසාවන සීමා පරිස සම්පත්ති සම්පූර්ණ බැවින් මෙය වෙනස් නොකළ යුතු බැවින් විරුද්ධ නොවිය යුත්ත පැමිණි බැවින්. ඨානාරහෙන කරුණු සුදුසු වීමෙන් ශාස්තෲ ශාස්නයට ගැලපීමෙන්
උපසම්පන්නො නාම උපරිභාවං සමාපන්නො, පත්තොති අත්ථො. භික්ඛුභාවො හි උපරිභාවො. තඤ්චෙස යථාවුත්තෙන කම්මෙන සමාපන්නත්තා උපසම්පන්නොති වුච්චති. එතෙන යා ඉමා එහිභික්ඛූපසම්පදා, සරණාගමනූපසම්පදා, ඔවාදපටිග්ගහණූපසම්පදා, පඤ්හබ්යාකරණූපසම්පදා, ගරුධම්මපටිග්ගහණූපසම්පදා, දූතෙනූපසම්පදා, අට්ඨවාචිකූපසම්පදා, ඤත්තිචතුත්ථකම්මූපසම්පදාති අට්ඨ උපසම්පදා වුත්තා, තාසං ඤත්තිචතුත්ථකම්මූපසම්පදා, දූතෙනූපසම්පදා, අට්ඨවාචිකූපසම්පදාති ඉමා තිස්සොව ථාවරා. සෙසා බුද්ධෙ ධරමානෙයෙව අහෙසුං. තාසු උපසම්පදාසු ඉමස්මිං ඨානෙ අයං ඤත්තිචතුත්ථකම්මූපසම්පදාව අධිප්පෙතා.
උපසම්පන්නො නම් උපරිභාවයට පැමිණියේය යනු අර්ථයි. භික්ෂු භාවයෙහි උපරිභාවයයි. එයද කියන ලද ක්‍රියාපිළිවෙල අනුව පැමිණි නිසා උපසම්පන්න යයි කියනු ලැබේ. මේ එයින් එහි භික්ඛු උපසම්පදා, සරණාගමන උපසම්පදා, ඔවාද පටිග්ගහණ උපසම්පදා, අට්ඨවාචික උපසම්පදා, ගරුධම්ම පටිග්ගහණ උපසම්පදා, දූතෙන උපසම්පදා, පඤ්ඤාබ්යාකරණ උපසම්පදා, ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදා යයි උපසම්පදා විධි අටක් කියන ලදි. ඒවායින් ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදා දූතෙන උපසම්පදා අට්ඨවාචික උපසම්පදා යන මේ තුනම ස්ථාවරය. සෙසු ඒවා බුදුරදුන් ජීවමාන කාලයෙහි විය. ඒ උපසම්පදා අතරෙන් මේ ස්ථානයෙහි මේ ඤත්ති චතුත්ථකම්ම උපසම්පදාව අදහස් කරන ලදි.
පාතිමොක්ඛසංවරනිද්දෙසෙ පාතිමොක්ඛන්ති සික්ඛාපදසීලං. තඤ්හි, යො නං පාති රක්ඛති, තං මොක්ඛෙති මොචයති ආපායිකාදීහි දුක්ඛෙහි, තස්මා පාතිමොක්ඛන්ති වුත්තං. සීලං පතිට්ඨාතිආදීනි තස්සෙව වෙවචනානි. තත්ථ සීලන්ති කාමඤ්චෙතං සහ කම්මවාචාපරියොසානෙන ඉජ්ඣනකස්ස පාතිමොක්ඛස්ස වෙවචනං, එවං සන්තෙපි ධම්මතො එතං සීලං නාම පාණාතිපාතාදීහි වා විරමන්තස්ස වත්තප්පටිපත්තිං වා පූරෙන්තස්ස චෙතනාදයො ධම්මා වෙදිතබ්බා. වුත්තඤ්හෙතං පටිසම්භිදායං “කිං සීල”න්ති? චෙතනා සීලං, චෙතසිකං සීලං, සංවරො සීලං, අවීතික්කමො සීල”න්ති (පටි· ම· 1.39).
පාතිමොක්ඛ සංවර නිද්දේසයෙහි පාතිමොක්ඛං යන සික්ඛාපද සීලයයි. එය යමෙක් රකිත්ද ඔහු අපාය ආදි දුක්වලින් මුදවයි. එහෙයින් පාතිමොක්ඛ යයි කියන ලදි. සීලං පතිට්ඨා ආදිය එහිම සමාන වචන වේ. එහි සීලං කැමතිවන මෙය ක්‍රියා වචන අවසාන වීමෙන් (කය වචන හික්මීම) ප්රාතිමෝක්ෂය සමෘද්ධවීමට පර්යාය වචනයකි. මෙසේ ස්වභාව වශයෙන් පවතින මෙය සීල නමි. ප්‍රාණඝාතාදියෙන් වෙන්වන්නාගේ වත් පිළිවෙත් පුරන්නාගේ චේතනාදි ධර්මයයි දතයුතුය. පටිසම්භිදාවෙහි මෙය කියන ලදි. “සීලය යනු කිම? චේතනා සීලය, චේතසික සීලය, සංවර සීලය, අවිතික්කම සීලය යනු වේ.
තත්ථ චෙතනා සීලං නාම පාණාතිපාතාදීහි වා විරමන්තස්ස වත්තපටිපත්තිං වා පූරෙන්තස්ස චෙතනා. චෙතසිකං සීලං නාම පාණාතිපාතාදීහි විරමන්තස්ස විරති. අපිච චෙතනා සීලං නාම පාණාතිපාතාදීනි පජහන්තස්ස සත්ත කම්මපථචෙතනා. චෙතසිකං සීලං නාම “අභිජ්ඣං පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරතී”තිආදිනා නයෙන සංයුත්තමහාවග්ගෙ වුත්තා අනභිජ්ඣාඅබ්යාපාදසම්මාදිට්ඨිධම්මා. සංවරො සීලන්ති එත්ථ පඤ්චවිධෙන සංවරො වෙදිතබ්බො – පාතිමොක්ඛසංවරො, සතිසංවරො, ඤාණසංවරො , ඛන්තිසංවරො, වීරියසංවරොති. තස්ස නානාකරණං විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.6) වුත්තං. අවීතික්කමො සීලන්ති සමාදිණ්ණසීලස්ස කායිකවාචසිකො අවීතික්කමො. එත්ථ ච සංවරසීලං අවීතික්කමසීලන්ති ඉදමෙව නිප්පරියායතො සීලං; චෙතනා සීලං චෙතසිකං සීලන්ති පරියායතො සීලන්ති වෙදිතබ්බං.
එහි චේතනා සීලය නම් පාණාතිපාතාදියෙන් වෙන්වන්නාගේ හෝ වත්පිළිවෙත් පුරන්නාගේ හෝ චේතනාය. චේතසික සීලය නම් පාණාතිපාතාදියෙන් වෙන්වන්නාගේ විරති චෛතසිකයයි. තවද චේතනා සීලය නම් අභිධ්‍යාව දුරුකොට වෙන්වූ අභිධ්‍යාවෙන් වාසය කිරීම ආදි නයින් සංයුත්ත මහා වග්ගයෙහි කියන ලදි. අනභිධ්‍යාව අව්‍යාපාදය සම්මාදිට්ඨි ධර්මයෝය. සංවර සීලයයි මෙහි පඤ්චවිධ සංවර සීලය දතයුතුය. පාතිමොක්ඛ සංවර, ඤාණ සංවර, ඛන්ති සංවර, විරිය සංවර, සති සංවර යන පදය. අවිතික්කම සීලය යන මෙය නිප්පරියාය සීලයම වේ. චේතනා සීල චේතසික සීල සමාන සීල යයි දතයුතුය.
යස්මා පන පාතිමොක්ඛසංවරසීලෙන භික්ඛු සාසනෙ පතිට්ඨාති නාම, තස්මා තං ‘පතිට්ඨා’ති වුත්තං; පතිට්ඨහති වා එත්ථ භික්ඛු, කුසලධම්මා එව වා එත්ථ පතිට්ඨහන්තීති පතිට්ඨා. අයමත්ථො –
ප්රාතිමොක්ෂ සංවරයෙන් යුත් භික්ෂුව ශාසනයෙහි පිහිටයි. එහෙයින් එය පිහිටයි කියන ලදි. භික්ෂුව මෙහි පිහිටයි හෝ කුසලධර්ම හෝ මෙහි පිහිටා යයි පතිට්ඨා වේ. මේ අර්ථය
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො, චිත්තං පඤ්ඤඤ්ච භාවයං; ආතාපී නිපකො භික්ඛු, සො ඉමං විජටයෙ ජට”න්ති ච. (සං· නි· 1.23);
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො” ප්‍රඥාවන්ත මිනිසා සීලයෙහි පිහිටයි යන මෙහිද
“පතිට්ඨා , මහාරාජ, සීලං සබ්බෙසං කුසලධම්මාන”න්ති ච “සීලෙ පතිට්ඨිතස්ස ඛො, මහාරාජ, සබ්බෙ කුසලා ධම්මා න පරිහායන්තී”ති (මි· ප· 2.1.9) ච ආදිසුත්තවසෙන වෙදිතබ්බො.
මහරජ, සියළු කුසලධර්ම සීලයෙහි පිහිටයි. මහරජ, සීලයෙහි පිහිටි සියළු කුසලධර්ම නොපිරිහෙයි. ආදි සූත්‍ර වශයෙන් දතයුතුය.
තදෙතං පුබ්බුප්පත්තිඅත්ථෙන ආදි. වුත්තම්පි චෙතං –
මෙය පූර්ව උත්පත්ති අර්ථයෙන් ආදි වේ. මෙය කියන ලදි.
“තස්මාතිහ ත්වං, උත්තිය, ආදිමෙව විසොධෙහි කුසලෙසු ධම්මෙසු. කො චාදි කුසලානං ධම්මානං? සීලඤ්ච සුවිසුද්ධං දිට්ඨි ච උජුකා”ති (සං· නි· 5.382).
ඒ නිසා ඔබ උත්තය, මුලින්ම කුසල ධර්මවලින් පිරිසිදු වෙන්න. කුසල ධර්මවල සීලයද පිරිසිදුය. දෘෂ්ටියද සෘජුවීම ගැන කියනුම කවරේද?
යථා හි නගරවඩ්ඪකී නගරං මාපෙතුකාමො පඨමං නගරට්ඨානං සොධෙති, තතො අපරභාගෙ වීථිචතුක්කසිඞ්ඝාටකාදිපරිච්ඡෙදෙන විභජිත්වා නගරං මාපෙති; එවමෙව යොගාවචරො ආදිතොව සීලං විසොධෙති, තතො අපරභාගෙ සමථවිපස්සනාමග්ගඵලනිබ්බානානි සච්ඡිකරොති. යථා වා පන රජකො පඨමං තීහි ඛාරෙහි වත්ථං ධොවිත්වා පරිසුද්ධෙ වත්ථෙ යදිච්ඡකං රඞ්ගජාතං උපනෙති; යථා වා පන ඡෙකො චිත්තකාරො රූපං ලිඛිතුකාමො ආදිතොව භිත්තිපරිකම්මං කරොති, තතො අපරභාගෙ රූපං සමුට්ඨාපෙති; එවමෙව යොගාවචරො ආදිතොව සීලං විසොධෙත්වා අපරභාගෙ සමථවිපස්සනාදයො ධම්මෙ සච්ඡිකරොති. තස්මා සීලං “ආදී”ති වුත්තං.
යම්සේ නගර ශිල්පියා (වඩුවා) නගරයක් නිර්මාණය කරනු කැමති වන්නේ පළමුව නගරය පිහිටුවන තැන පිරිසිදු කරයි. ඉන්පසුව වීථි හතර සතරමං සන්ධි ආදිය වෙන්කරමින් බෙදා නගරය නිර්මාණය කරයි. එසේම යෝගාවචරයා මුලින්ම සීලය පිරිසිදු කරයි. ඉන්පසු සමථ විපස්සනා මාර්ගඵල නිවන් අවබෝධ කරයි. යම්සේ රජකයෙක් පළමුව ක්ෂාර තුනෙන් වස්ත්‍ර පිරිසිදු කර පිරිසිදු වූ වස්ත්‍රයෙහි කැමති සායම් වර්ගයක් පමුණුවයි. යම්සේ දක්ෂ චිත්‍රශිල්පියෙක් රූප ඇඳීමට කැමැත්තේ මුලින්ම බිත්ති පිරිසිදු කරයි. (පිරියම් කරයි.) ඉන්පසුව රූප අඳියි. එසේම යෝගාවචරයා මුලින්ම සීලය පිරිසිදුකොට පසුව සමථ විපස්සනාදී ධර්ම අවබෝධ කරයි. එනිසා සීලය ආදි යයි කියන ලදි.
තදෙතං චරණසරික්ඛතාය චරණං. චරණාති හි පාදා වුච්චන්ති. යථා හි ඡින්නචරණස්ස පුරිසස්ස දිසංගමනාභිසඞ්ඛාරො න ජායති, පරිපුණ්ණපාදස්සෙව ජායති; එවමෙව යස්ස සීලං භින්නං හොති ඛණ්ඩං අපරිපුණ්ණං, තස්ස නිබ්බානගමනාය ඤාණගමනං න සම්පජ්ජති. යස්ස පන තං අභින්නං හොති අක්ඛණ්ඩං පරිපුණ්ණං තස්ස නිබ්බානගමනාය ඤාණගමනං සම්පජ්ජති. තස්මා සීලං “චරණ”න්ති වුත්තං.
මෙය පාදයට සමාන නිසා චරණං වේ. චරණා යයි පාද කියනු ලැබේ. යම්සේ කැඩුණු පාද ඇති පුඟුලා ගමනාගමනයක් නොවේ. සම්පූර්ණ පා ඇත්තාටම එය සිදුවේ. එසේම යමෙකුගේ සීලය බිඳුනේ වේද කඩවූ සම්පූර්ණ නොවූ ඔහුට නිවන් ගමනට ඤාණ ගමනක් සම්පූර්ණ නොවේ. යමෙකුට නොබිඳුණේද නොකැඩුනේද සම්පූර්ණ වූයේද ඔහුට නිවන් පිණිස ඤාණ ගමන සම්පූර්ණ වේ. එනිසා සීලය චරණ යයි කියන ලදි.
තදෙතං සංයමනවසෙන සංයමො, සංවරණවසෙන සංවරො. උභයෙනාපි සීලසංයමො චෙව සීලසංවරො ච කථිතො. වචනත්ථො පනෙත්ථ සංයමෙති වීතික්කමවිප්ඵන්දනං, පුග්ගලං වා සංයමෙති, වීතික්කමවසෙන තස්ස විප්ඵන්දිතුං න දෙතීති සංයමො. වීතික්කමස්ස පවෙසනද්වාරං සංවරති පිදහතීතිපි සංවරො. මොක්ඛන්ති උත්තමං මුඛභූතං වා. යථා හි සත්තානං චතුබ්බිධො ආහාරො මුඛෙන පවිසිත්වා අඞ්ගමඞ්ගානි ඵරති, එවං යොගිනොපි චතුභූමකකුසලං සීලමුඛෙන පවිසිත්වා අත්ථසිද්ධිං සම්පාදෙති. තෙන වුත්තං “මොක්ඛ”න්ති. පමුඛෙ සාධූති පාමොක්ඛං; පුබ්බඞ්ගමං සෙට්ඨං පධානන්ති අත්ථො. කුසලානං ධම්මානං සමාපත්තියාති චතුභූමකකුසලානං පටිලාභත්ථාය පාමොක්ඛං පුබ්බඞ්ගමං සෙට්ඨං පධානන්ති වෙදිතබ්බං.
මෙය සංයමන වශයෙන් සංයමො වේ. සංවරණය වශයෙන් සංවරො වේ. දෙවිධියෙන්ම සීල සංයමයද සීල සංවරයද කියන ලදි. මෙහි වචනාර්ථය වනාහි සංයමයයි විතක්ක විප්පන්දන පුද්ගලයා සංයමය කරයි. ව්යතික්රම වශයෙන් ඔහුට කම්පාවීමක් නොදේ යනු සංයමයයි. ව්‍යතික්‍රමණය වන දොරටු සංවරණය කරයි. වසයි යනු සංවරයයි. මොක්ඛං යනු උතුම්ය. මුඛය වූ හෝ. යම්සේ සත්ත්වයින් සතරවිධ වූ ආහාරය මුඛයෙන් පිවිස අංගයක් පාසා පැතිරේ. එසේම යෝගියාගේද චතුභූමක කුසලය සීල මුඛයෙන් පිවිස අර්ථ සිද්ධිය සම්පාදනය කරයි. එසේ හෙයින් කියන ලදි. මොක්ඛං යනු ප්රමුඛයෙන් මැනවැයි යනු පාමොක්ඛං පෙරටුකොට, ශ්‍රේෂ්ඨ, ප්‍රධාන යන අර්ථ වේ. කුසලානං ධම්මානං සමාපත්තියා යනු චතුභූමක කුසලයන්ගේ ලැබීම පිණිස පාමොක්ඛය පෙරටුවේ ශ්‍රේෂ්ඨ වේ. ප්‍රධාන වේ යයි දතයුතුය.
කායිකො අවීතික්කමොති තිවිධං කායසුචරිතං. වාචසිකොති චතුබ්බිධං වචීසුචරිතං. කායිකවාචසිකොති තදුභයං. ඉමිනා ආජීවට්ඨමකසීලං පරියාදාය දස්සෙති. සංවුතොති පිහිතො; සංවුතින්ද්රියො පිහිතින්ද්රියොති අත්ථො. යථා හි සංවුතද්වාරං ගෙහං “සංවුතගෙහං පිහිතගෙහ”න්ති වුච්චති, එවමිධ සංවුතින්ද්රියො “සංවුතො”ති වුත්තො. පාතිමොක්ඛසංවරෙනාති පාතිමොක්ඛෙන ච සංවරෙන ච, පාතිමොක්ඛසඞ්ඛාතෙන වා සංවරෙන. උපෙතොතිආදීනි වුත්තත්ථානෙව.
කායිකො අවීතික්කමො යනු ත්‍රිවිධ කාය සුචරිතයයි. වාචසිකො යනු චතුර්විධ වචී සුචරිතයයි. කායික වාචසිකො ඒ දෙකම. මේ ආජීවාෂ්ටමක සීලය හාත්පසින් ගෙන දක්වයි. සංවුතො යනු වසන ලදි. සංවුතින්ද්රිය යනු වසන ලද ඉන්ද්රිය යන අර්ථයයි. වසන ලද දොරවල් ඇති ගෙය වසන ලද ගෙය යයි කියනු ලැබේ. එසේම මෙහි වසන ලද ඉඳුරන් සංවුත යයි කියන ලදි. පාතිමොක්ඛ සංවරෙන යනු ප්රාතිමෝක්ෂයෙන්ද සංවරයෙන්ද ප්රාතිමෝක්ෂ සංඛ්‍යාත සංවරයෙන්. උපෙතො ආදිය කියන ලදමය.
ඉරියතීතිආදීහි සත්තහිපි පදෙහි පාතිමොක්ඛසංවරසීලෙ ඨිතස්ස භික්ඛුනො ඉරියාපථවිහාරො කථිතො.
ඉරීයතී යනාදි පද හතකින් ප්රාතිමෝක්ෂ සංවරයෙහි සිටි භික්ෂුවගේ ඉරියව් විහරණය කියන ලදි.
ආචාරගොචරනිද්දෙසෙ කිඤ්චාපි භගවා සමණාචරං සමණගොචරං කථෙතුකාමො “ආචාරගොචරසම්පන්නොති අත්ථි ආචාරො, අත්ථි අනාචාරො”ති පදං උද්ධරි. යථා පන මග්ගකුසලො පුරිසො මග්ගං අචික්ඛන්තො ‘වාමං මුඤ්ච දක්ඛිණං ගණ්හා’ති පඨමං මුඤ්චිතබ්බං සභයමග්ගං උප්පථමග්ගං ආචික්ඛති , පච්ඡා ගහෙතබ්බං ඛෙමමග්ගං උජුමග්ගං; එවමෙව මග්ගකුසලපුරිසසදිසො ධම්මරාජා පඨමං පහාතබ්බං බුද්ධප්පටිකුට්ඨං අනාචාරං ආචික්ඛිත්වා පච්ඡා ආචාරං ආචික්ඛිතුකාමො “තත්ථ කතමො අනාචාරො”තිආදිමාහ. පුරිසෙන හි ආචික්ඛිතමග්ගො සම්පජ්ජෙය්ය වා න වා, තථාගතෙන ආචික්ඛිතමග්ගො අපණ්ණකො, ඉන්දෙන විස්සට්ඨං වජිරං විය, අවිරජ්ඣනකො නිබ්බානනගරංයෙව සමොසරති. තෙන වුත්තං – “පුරිසො මග්ගකුසලොති ඛො, තිස්ස, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්සා”ති (සං· නි· 3.84).
ආචාර ගෝචර නිද්දේසයෙහි ශ්‍රමණ වාරණ සහ ශ්‍රමණ ගෝචර කියනු කැමති බුදුහිමි ආචාරගෝචර සම්පන්නො ති අත්ථි ආචාර අත්ථි අනාචාරො යන පද උදුරා දැක්වූහ. යම්සේ මාර්ග දක්ෂ වූ පුරුෂයෙක් මාර්ගය කියන්නේ වම හැර දකුණ ගන්න යයි පළමුව අත්හළ යුතු භය සහිත මාර්ගය වැරදි මාර්ගය කියයි. පසුව ගතයුතු නිර්භය මාර්ගය නිවැරදි මාර්ගය කියයි. එසේම මාර්ග දක්ෂ පුරුෂයා මෙනි ධර්මරාජයන් වහන්සේ පළමුව අත්හළ යුතු ලාමක වූ අනාචාර්ය කියා පසුව ගතයුතු ආචාර්ය කියනු කැමතිව තත්ථ කතමා අනාචාරො යනාදිය කීහ. මිනිසා විසින් කියන ලද මාර්ගයට පිවිසෙන්නේ හෝ නොවන්නේ හෝ වේ. තථාගතයන් විසින් කියන ලද සත්‍ය මාර්ගය ඉන්ද්රයා විසින් මුදාහරින ලද වජ්රායුධය මෙන් විරාගියා නිවන් පුරයටම යවයි. එයින් කියන ලදි. “තිස්සය, මාර්ග කුසල පුරුෂයා වනාහි තථාගතයන් වහන්සේටම සමාන වචනයකි.”
යස්මා වා සසීසං නහානෙන පහීනසෙදමලජල්ලිකස්ස පුරිසස්ස මාලාගන්ධවිලෙපනාදිවිභූසනවිධානං විය පහීනපාපධම්මස්ස කල්යාණධම්මසමායොගො සම්පන්නරූපො හොති, තස්මා සෙදමලජල්ලික්කං විය පහාතබ්බං පඨමං අනාචාරං ආචික්ඛිත්වා, පහීනසෙදමලජල්ලිකස්ස මාලාගන්ධවිලෙපනාදිවිභූසනවිධානං විය පච්ඡා ආචාරං ආචික්ඛිතුකාමොපි තත්ථ කතමො අනාචාරොතිආදිමාහ. තත්ථ කායිකො වීතික්කමොති තිවිධං කායදුච්චරිතං; වාචසිකො වීතික්කමොති චතුබ්බිධං වචීදුච්චරිතං; කායිකවාචසිකො වීතික්කමොති තදුභයං. එවං ආජීවට්ඨමකසීලස්සෙව වීතික්කමං දස්සෙසි.
යම්හෙයකින් හිස සහිත නෑමෙන් දාඩිය මල කුණු තට්ටු ප්‍රහීන වූ පුරුෂයාගේ මල් ගඳ විලවුන් ආදියෙන් අලංකාරයක් මෙන් පාපයන් ප්‍රහීන වූ පුද්ගලයා කලණ දහමින් යුක්තව රූපසම්පන්න වේ. එහෙයින් දහඩිය මල කුණු තට්ටු මෙන් පහකළ යුතු අනාචාරය පළමුව කියා පසුව ආචාර්ය කීමට කැමති වන්නේ තත්ථ කතමො අනාචාරො ආදිය කීහ. එහි කායිකා වීතික්කමො ත්‍රිවිධ වූ කාය දුශ්චරිතයයි. වාචසිකො වීතික්කමො චතුර්විධ වචී දුශ්චරිතයයි. කායික වාචසිකො වීතික්කමො ඒ දෙකම. මෙසේ ආජීවාෂ්ටමක සීලයේම ව්‍යතික්‍රමණය දැක්වීය.
යස්මා පන න කෙවලං කායවාචාහි එව අනාචාරං ආචරති, මනසාපි ආචරති එව, තස්මා තං දස්සෙතුං “සබ්බම්පි දුස්සීල්යං අනාචාරො”ති වුත්තං. තත්ථ එකච්චියං අනාචාරං විභජිත්වා දස්සෙන්තො ඉධෙකච්චො වෙළුදානෙනාතිආදිමාහ. තත්ථ වෙළුදානෙනාති පච්චයහෙතුකෙන වෙළුදානෙන. විහාරෙ උට්ඨිතඤ්හි අරඤ්ඤතො වා ආහරිත්වා රක්ඛිතගොපිතං වෙළුං ‘එවං මෙ පච්චයං දස්සන්තී’ති උපට්ඨාකානං දාතුං න වට්ටති. එවඤ්හි ජීවිතං කප්පෙන්තො අනෙසනාය මිච්ඡාජීවෙන ජීවති. සො දිට්ඨෙව ධම්මෙ ගරහං පාපුණාති, සම්පරායෙ ච අපායපරිපූරකො හොති. අත්තනො පුග්ගලිකවෙළුං කුලසඞ්ගහත්ථාය දදන්තො කුලදූසකදුක්කටමාපජ්ජති; පරපුග්ගලිකං ථෙය්යචිත්තෙන දදමානො භණ්ඩග්ඝෙන කාරෙතබ්බො. සඞ්ඝිකෙපි එසෙව නයො. සචෙ පන තං ඉස්සරවතාය දෙති ගරුභණ්ඩවිස්සජ්ජනමාපජ්ජති .
යම්හෙයකින් කය වචනයෙන් පමණක්ම අනාචාරයෙහි නොහැසිරේ. සිතෙන්ද හැසිරේමය. එනිසා එය දැක්වීමට සබ්බම්පි දුස්සීල්යං අනාචාරො යයි කියන ලදි. එහි ඇතමෙක් අනාචාරය බෙදා දක්වන්නේ ඉධෙකච්චො වෙළුදානෙන යනාදිය කීහ. එහි වෙළුදානෙන යනු ප්‍රත්‍යය (සම්ඵස්ස) හේතුවෙන් බටගස් දීම. විහාරයේ පැනනැංගා වූ හෝ වනයෙන් ගෙනවුත් රක්ෂාවරණ ගෝපනය කළ බට (උණගස් ආදිය) මට ප්‍රත්‍ය දෙන්නැයි උපස්ථායකයන්ට දීම නොවටී. මෙසේ ජීවිතය ගෙවන්නෝ අනෙසන (නොසෙවිය යුතු) මිථ්‍යා ජීවයෙන් ජීවත් වෙති. හේ මෙලොවදීම ගර්හාවට භාජනය වේ. පරලොවද අපාය පුරවන්නේ වේ. තමාගේ පුද්ගලික බට කුල සංග්‍රහය සඳහා දෙන්නේ කුලදූසක දුෂ්කටාපත්තියට පැමිණේ. අනුන්ගේ ඒවා සොර සිතින් දෙන්නේ භාණ්ඩය අගය කළයුතුය. සංඝිකයෙහිද මෙම නයයි. ඉදින් එය පොහොසතෙකුට දෙයිද ගරු භාණ්ඩ විසඳුමට පැමිණිය යුතුය.
කතරො පන වෙළු ගරුභණ්ඩං හොති, කතරො න හොතීති? යො තාව අරොපිමො සයංජාතකො, සො සඞ්ඝෙන පරිච්ඡින්නට්ඨානෙයෙව ගරුභණ්ඩං, තතො පරං න ගරුභණ්ඩං; රොපිතට්ඨානෙ සබ්බෙන සබ්බං ගරුභණ්ඩං. සො පන පමාණෙන පරිච්ඡින්නො තෙලනාළිප්පමාණොපි ගරුභණ්ඩං, න තතො හෙට්ඨා. යස්ස පන භික්ඛුනො තෙලනාළියා වා කත්තරදණ්ඩෙන වා අත්ථො, තෙන ඵාතිකම්මං කත්වා ගහෙතබ්බො. ඵාතිකම්මං තදග්ඝනකං වා අතිරෙකං වා වට්ටති, ඌනකං න වට්ටති. හත්ථකම්මම්පි උදකාහරණමත්තං වා අප්පහරිතකරණමත්තං වා න වට්ටති, තං ථාවරං කාතුං වට්ටති. තස්මා පොක්ඛරණිතො වා පංසුං උද්ධරිත්වා සොපානං වා අත්ථරාපෙත්වා විසමට්ඨානං වා සමං කත්වා ගහෙතුං වට්ටති. ඵාතිකම්මං අකත්වා ගහිතො තත්ථ වසන්තෙනෙව පරිභුඤ්ජිතබ්බො; පක්කමන්තෙන සඞ්ඝිකං කත්වා ඨපෙත්වා ගන්තබ්බං. අසතියා ගහෙත්වා ගතෙන යත්ථ ගතො සරති, තතො පච්චාහරිතබ්බො. සචෙ අන්තරා භයං හොති, සම්පත්තවිහරෙ ඨපෙත්වා ගන්තබ්බං.
බට කෙසේ නම් ගරු භාණ්ඩයක් වේද? කෙසේ නොවේද? රෝපනය නොකොට ඉබේ හටගත්තේ සංඝ සන්තකයේ නම් ගරු භාණ්ඩයක් වේ. එහි නොවේ නම් ගරු භාණ්ඩයක් නොවේ. රෝපනය කළ සියල්ල ගරු භාණ්ඩ වේ. එය ප්‍රමාණයෙන් පිරිසිඳ ඇත. තෙල් බම්බුවක ප්‍රමාණය හා ඊට අඩු ඒවා ගරු භාණ්ඩ නොවේ. යම් භික්ෂු නමකට තෙල් නලයක් හෝ සැරයටියක් අවශ්‍ය වේනම් (හුවමාරු ඵාති කර්මය) කොට ගතයුතුය. ඵාති කර්මය එහි වටිනාකම හෝ අතිරේකයක් හෝ වේ. අඩුවෙන් නොවටී. අත්වැඩද ජලය ගෙනෙන පමණක් හෝ උදලුගෑම් පමණ හෝ නොවටී. එය තහවුරු කිරීම වටී. එහෙයින් පොකුණෙන් හෝ පස්ගෙන සෝපානයෙහි හෝ අතර විසම තැන් සමකොට ගැනීමට වටී. ඵාති කර්ම නොකොට ගන්නා ලද්දේ එහි වෙසෙද්දීම පරිභෝග කළයුතුය. එයින් පිටත්වන්නේ සංඝික කොට තබා යායුතුය. අසිහියෙන් ගෙන ගියේනම් මතක් වූ විට අත්හළ යුතුය. අන්තරා භයක් ඇත්නම් ළඟ විහාරයෙහි තබා යා යුතුය.
මනුස්සා විහාරං ගන්ත්වා වෙළුං යාචන්ති. භික්ඛූ ‘සඞ්ඝිකො’ති දාතුං න විසහන්ති. මනුස්සා පුනප්පුනං යාචන්ති වා තජ්ජෙන්ති වා. තදා භික්ඛූහි ‘දණ්ඩකම්මං කත්වා ගණ්හථා’ති වත්තුං වට්ටති; වෙළුදානං නාම න හොති. සචෙ තෙ දණ්ඩකම්මත්ථාය වාසිඵරසුආදීනි වා ඛාදනීයභොජනීයං වා දෙන්ති, ගහෙතුං න වට්ටති. විනයට්ඨකථායං පන “දඩ්ඪගෙහා මනුස්සා ගණ්හිත්වා ගච්ඡන්තා න වාරෙතබ්බා”ති වුත්තං.
මිනිස්සු වෙහෙරට ගොස් උණගස් ඉල්ලති. භික්ෂුව සංඝික යයි දීමට නොහැකි වේ. මිනිස්සු නැවත නැවත ඉල්ලන නිසා තර්ජනය හෝ කරති. භික්ෂුව විසින් දණ්ඩකර්ම කොට ගනිව් යයි කීම වටී. උණගස් දීම නම් නොවේ. ඉදින් ඔව්හු දණ්ඩකර්ම සඳහා වෑ පොරෝ හෝ කන බොන දේ හෝ දෙති. ගැනීමට නොවටී. විනය අටුවාවේ “දැවෙන ගෙයකින් ගෙන යන මිනිස්සු නොවැළැක්විය යුතුය කියන ලදි.
සචෙ සඞ්ඝස්ස වෙළුගුම්බෙ වෙළුදූසිකා උප්පජ්ජන්ති, තං අකොට්ටාපෙන්තානං වෙළු නස්සති, කිං කාතබ්බන්ති? භික්ඛාචාරෙ මනුස්සානං ආචික්ඛිතබ්බං. සචෙ කොට්ටෙතුං න ඉච්ඡන්ති ‘සමභාගං ලභිස්සථා’ති වත්තබ්බා; න ඉච්ඡන්තියෙව ‘ද්වෙ කොට්ඨාසෙ ලභිස්සථා’ති වත්තබ්බා. එවම්පි අනිච්ඡන්තෙසු ‘නට්ඨෙන අත්ථො නත්ථි, තුම්හාකං ඛණෙ සති දණ්ඩකම්මං කරිස්සථ, කොට්ටෙත්වා ගණ්හථා’ති වත්තබ්බා; වෙළුදානං නාම න හොති. වෙළුගුම්බෙ අග්ගිම්හි උට්ඨිතෙපි, උදකෙන වුය්හමානවෙළූසුපි එසෙව නයො. රුක්ඛෙසුපි අයමෙව කථාමග්ගො. රුක්ඛො පන සූචිදණ්ඩකප්පමාණො ගරුභණ්ඩං හොති. සඞ්ඝිකෙ රුක්ඛෙ කොට්ටාපෙත්වා සඞ්ඝං අනාපුච්ඡිත්වාපි සඞ්ඝිකං ආවාසං කාතුං ලබ්භති. වචනපථච්ඡෙදනත්ථං පන ආපුච්ඡිත්වාව කාතබ්බො.
සංඝයාගේ උණ පඳුරෙහි උණවලට උවදුරක් ඇත්නම් එය ඉවත්කිරීම සුද්ධ කරනවිට උණ ගස්වලට හානි සිදුවේනම් කුමක් කළයුතුද? පිඬු සිඟා යනවිට මිනිසුන්ට කිවයුතුය. සුද්ධ කිරීමට අකමැති නම් භාගයක් ගන්න යයි කිවයුතුය. ඊට කැමති නොවේ නම් තුනෙන් දෙකක් ගන්න යයි කිවයුතුය. ඊටත් අකමැති නම් විනාශවීමෙන් ප්‍රයෝජනයක් නැත. ඔබලාට අවහ්‍ය වේනම් දණ්ඩ කර්මය කළයුතුය. කොට ගනිව් යයි කිවයුතුය. උණගස් දීම නම් නොවේ. උණපඳුර අගින් නැංගාවූද ජලයෙන් යටවන උණගස්වලද මෙම ක්රමයම වේ. ගස්වලට මේ කථා මාර්ගය. ගස් වනාහි ඉඳිකටුවක් වැනි ප්‍රමාණයකින්ද ගරු භාණ්ඩයක් වේ. සංඝික යයි ගස් කපා සංඝයාට නොදන්වා සංඝික ආවාසයක් කිරීමට ලැබේ. වචන පථ බිඳීම සඳහා ආසම කළයුතුය.
පුග්ගලිකං කාතුං ලබ්භති, න ලබ්භතීති? න ලබ්භති. හත්ථකම්මසීසෙන පන එකස්මිං ගෙහෙ මඤ්චට්ඨානමත්තං ලබ්භති, තීසු ගෙහෙසු එකං ගෙහං ලභති. සචෙ දබ්භසම්භාරා පුග්ගලිකා හොන්ති, භූමි සඞ්ඝිකා, එකං ගෙහං කත්වා සමභාගං ලභති, ද්වීසු ගෙහෙසු එකං ගෙහං ලභති. සඞ්ඝිකරුක්ඛෙ සඞ්ඝිකං ආවාසං බාධෙන්තෙ සඞ්ඝං අනාපුච්ඡා හාරෙතුං වට්ටති, න වට්ටතීති? වට්ටති. වචනපථච්ඡෙදනත්ථං පන ආපුච්ඡිත්වාව හාරෙතබ්බො. සචෙ රුක්ඛං නිස්සාය සඞ්ඝස්ස මහන්තො ලාභො හොති, න හාරෙතබ්බො. පුග්ගලිකරුක්ඛෙ සඞ්ඝිකං ආවාසං බාධෙන්තෙ රුක්ඛසාමිකස්ස ආචික්ඛිතබ්බං. සචෙ හරිතුං න ඉච්ඡති, ඡෙදාපෙත්වා හාරෙතබ්බො. ‘රුක්ඛං මෙ දෙථා’ති චොදෙන්තස්ස රුක්ඛං අග්ඝාපෙත්වා මූලං දාතබ්බං. සඞ්ඝිකෙ රුක්ඛෙ පුග්ගලිකාවාසං, පුග්ගලිකෙ ච පුග්ගලිකාවාසං බාධෙන්තෙපි එසෙව නයො. වල්ලියම්පි අයමෙව කථාමග්ගො. වල්ලි පන යත්ථ වික්කායති, දුල්ලභා හොති, තත්ථ ගරුභණ්ඩං. සා ච ඛො උපඩ්ඪබාහුප්පමාණතො පට්ඨාය; තතො හෙට්ඨා වල්ලිඛණ්ඩං ගරුභණ්ඩං න හොති.
පුද්ගලිකව කිරීමට ලැබේද? නොලැබේද? නොලැබේ. අත්වැඩ කිරීමෙන් එක ගෙයක ඇඳ තබන ස්ථාන ප්‍රමාණයක් ලබයි. ගෙවල් තුනකින් එක් ගෙයක් ලබයි. සංඝික ගසක් සංඝික ආවාසයට බාධා කරන්නේ නම් සංඝයාගෙන් නොඅසා ඉවත්කිරීම වටීද? නොවටීද? වටී. වචනය බිඳීම් අසාම ඉවත්කළ යුතුය. ගස නිසා සංඝයාට මහත් ලාභයක් ලැබේනම් ඉවත් නොකළ යුතුය. පුද්ගලික ගසක් සංඝික ආවාසයට බාධා කරන්නේ නම් ගස අයිතිකරුට කිවයුතුය. ඉවත්කිරීම කැමති නොවේ නම් කප්පවා ඉවත් කරවිය යුතුය. ගස මට දෙවයි චෝදනා කරනවිට ගස අගය කරවා මුදල දිය යුතුය. සංඝික ගසක් පුද්ගලික ගෙයකටද පුද්ගලික ගසක් පුද්ගලික ගෙයකටද බාධා වනවිට මෙය නයමැයි. වැල් පිළිබඳවද මෙම කථා මගමය. වැල් වනාහි විකිණිය හැකි දුර්ලභ වේ. එහි ගරු භාණ්ඩ මෙසේය. බාහුවෙන් අඩක් පමණකින් පහතට වැල් කැබැල්ල ගරු භාණ්ඩයක් නොවේ.
පත්තදානාදීසුපි පත්තදානෙනාති පච්චයහෙතුකෙන පත්තදානෙනාතිආදි සබ්බං වෙළුදානෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. ගරුභණ්ඩතාය පනෙත්ථ අයං විනිච්ඡයො. පත්තම්පි හි යත්ථ වික්කායති, ගන්ධිකාදයො ගන්ධපලිවෙඨනාදීනං අත්ථාය ගණ්හන්ති, තාදිසෙ දුල්ලභට්ඨානෙයෙව ගරුභණ්ඩං හොති. එස තාව කිංසුකපත්තකණ්ණපිළන්ධනතාලපත්තාදීසු විනිච්ඡයො.
පත්‍ර දීමාදියෙහි පත්තදානෙන ප්‍රත්‍යය හේතුවෙන් පත්රදීම ආදි සියල්ල උණගස් දීමේ කියන ලද නයින්ම දැනගත යුතුය. මෙහි ගරු භණ්ඩතා පිළිබඳ මේ විනිශ්චයයි. පත්‍රද යම්තැනක විකුණයි. සුවඳපත්ර සුවඳ බෙදීම් ආදියට ගන්ධය. එබඳු දුර්ලභ ස්ථානයෙහි ගරුභාණ්ඩ වේ. එරබදු කණේ පළඳින කොල තල්කොල විනිසය.
තාලපණ්ණම්පි ඉමස්මිංයෙව ඨානෙ කථෙතබ්බං. තාලපණ්ණම්පි හි සයංජාතෙ තාලවනෙ සඞ්ඝෙන පරිච්ඡින්නට්ඨානෙයෙව ගරුභණ්ඩං, න තතො පරං. රොපිමතාලෙසු සබ්බම්පි ගරුභණ්ඩං. තස්ස පමාණං හෙට්ඨිමකොටියා අට්ඨඞ්ගුලප්පමාණොපි රිත්තපොත්ථකො. තිණම්පි එත්ථෙව පක්ඛිපිත්වා කථෙතබ්බං. යත්ථ පන තිණං නත්ථි තත්ථ මුඤ්ජපලාලනාළිකෙරපණ්ණාදීහිපි ඡාදෙන්ති. තස්මා තානිපි තිණෙනෙව සඞ්ගහිතානි. ඉති මුඤ්ජපලාලාදීසු යංකිඤ්චි මුට්ඨිප්පමාණං තිණං, නාළිකෙරපණ්ණාදීසු ච එකපණ්ණම්පි සඞ්ඝස්ස දින්නං වා තත්ථජාතකං වා බහිආරාමෙ සඞ්ඝස්ස තිණවත්ථුම්හි ජාතතිණං වා රක්ඛිතගොපිතං ගරුභණ්ඩං හොති. තං පන සඞ්ඝකම්මෙ ච චෙතියකම්මෙ ච කතෙ අතිරෙකං පුග්ගලිකකම්මෙ දාතුං වට්ටති. හෙට්ඨා වුත්තවෙළුම්හිපි එසෙව නයො.
තල්කොලද මේ අවස්ථාවේ කිවයුතුය. සංඝයා විසින් සීමාකළ තල්වනයෙහි ඉබේ හටගත් තල්කොලද ගරුභාණ්ඩ වේ. සීමා නොකළ කොටස නොවේ. රෝපනය කරන තල්වල සියල්ල ගරුභාණ්ඩ වේ. එපා ප්‍රමාණය අවම වශයෙන් අඟල් අටකි. හිස් පොතක ප්‍රමාණය. තෘණද මෙහි බහා කතා කළ යුතුය. යම්තැනක තෘණ නැත්නම් එහි මුඤ්ජ තෘණ පිදුරු පොල් අතු ආදියෙන් වසති. ඒ නිසා ඒවායේ තෘණ වශයෙන් ගන්නා ලදි. මෙය මුඤ්ජ පිදුරු ආදියෙන් යම්කිසි මිටක් වර්ණ තෘණ පොල්අතු ආදියෙහි එක අත්තක් ද සංඝයාට දෙනලද හෝ එහි හටගත් හෝ පිටත ආරාමයක සංඝයාගේ තෘණ ව්‍යාකූල හටගත් තෘණ හෝ රක්ෂිත ගෝපිත තෘණ හෝ ගරු භාණ්ඩ වේ. එය සංඝ කටයුතු සහ චෛත්‍ය කටයුතුවලින් පසු අතිරේක ඒවා පුද්ගලික කටයුතුවලට දීමට වටී. සෙසු ඒවා උණගස් සම්බන්ධ කී විස්තරයට සමානය.
පුප්ඵදානෙ “එත්තකෙසු රුක්ඛෙසු පුප්ඵානි විස්සජ්ජෙත්වා යාගුභත්තවත්ථෙ උපනෙන්තු, එත්තකෙසු සෙනාසනපටිසඞ්ඛරණෙ උපනෙන්තූ”ති එවං නියමිතට්ඨානෙ එව පුප්ඵානි ගරුභණ්ඩානි හොන්ති. පරතීරෙ සාමණෙරා පුප්ඵානි ඔචිනිත්‍වා රාසිං කරොන්ති, පඤ්චඞ්ගසමන්නාගතො පුප්ඵභාජකො භික්ඛුසඞ්ඝං ගණෙත්වා කොට්ඨාසෙ කරොති, සො සම්පත්තපරිසාය සඞ්ඝං අනාපුච්ඡිත්වාව දාතුං ලභති; අසම්මතෙන පන ආපුච්ඡිත්වාව දාතබ්බං. භික්ඛු පන කස්ස පුප්ඵානි දාතුං ලභති, කස්ස න ලභතීති? මාතාපිතූනං ගෙහං හරිත්වාපි ගෙහතො පක්කොසාපෙත්වාපි ‘වත්ථුපූජං කරොථා’ති දාතුං ලභති, පිළන්ධනත්ථාය දාතුං න ලභති; සෙසඤාතීනං පන හරිත්වා න දාතබ්බං, පක්කොසාපෙත්වා ‘පූජං කරොථා’ති දාතබ්බං; සෙසජනස්ස පූජනට්ඨානං සම්පත්තස්ස අපච්චාසීසන්තෙන දාතබ්බං; පුප්ඵදානං නාම න හොති. විහාරෙ බහූනි පුප්ඵානි පුප්ඵන්ති. භික්ඛුනා පිණ්ඩාය චරන්තෙන මනුස්සෙ දිස්වා ‘විහාරෙ බහූනි පුප්ඵානි, පූජෙථා’ති වත්තබ්බං. වචනමත්තෙ දොසො නත්ථි. ‘මනුස්සා ඛාදනීයභොජනීයං ආදාය ආගමිස්සන්තී’ති චිත්තෙන පන න වත්තබ්බං. සචෙ වදති, ඛාදනීයභොජනීයං න පරිභුඤ්ජිතබ්බං. මනුස්සා අත්තනො ධම්මතාය ‘විහාරෙ පුප්ඵානි අත්ථී’ති පුච්ඡිත්වා ‘අසුකදිවසෙ විහාරං ආගමිස්සාම, සාමණෙරානං පුප්ඵානි ඔචිනිතුං මා දෙථා’ති වදන්ති. භික්ඛූ සාමණෙරානං කථෙතුං පමුට්ඨා. සාමණෙරෙහි පුප්ඵානි ඔචිනිත්‍වා ඨපිතානි. මනුස්සා භික්ඛූ උපසඞ්කමිත්වා “භන්තෙ, මයං තුම්හාකං අසුකදිවසෙයෙව ආරොචයිම්හ – ‘සාමණෙරානං පුප්ඵානි ඔචිනිතුං මා දෙථා’ති. කස්මා න වාරයිත්ථා”ති? “සති මෙ පමුට්ඨා, පුප්ඵානි ඔචිනිතමත්තානෙව, තාව න පූජා කතා”ති වත්තබ්බං. “ගණ්හථ පූජෙථා”ති න වත්තබ්බං. සචෙ වදති, ආමිසං න පරිභුඤ්ජිතබ්බං.
මල් දීමේ - මෙපමණ ගස්වල මල් විකුණා කැඳබත් පිළිගන්වන්න. මෙපමණ සෙනසුන් ප්රතිසංස්කරණයෙන් යොදවන්න මෙසේ නියමිත ස්ථානයෙහි මල් ගරු භාණ්ඩ වේ. පරතීරයෙහි සාමණේරයෝ මල් නෙලා රැස් කරති. පංචංග යුක්ත මල් බෙදන්නා භික්ඛු සංඝයා ගණනය කර කොටස් කරයි. හේ පැමිණි පිරිසට සංඝයාගෙන් නොඅසා දෙන්නාට ගැතිවේ. සම්මත නොවේ නම් අසාම දිය යුතුය. දිය යුතු භික්ෂුව කවරෙකුට මල් දීමට ලබයිද? කාට නොලබයිද? මාපියන්ගේ ගෙට ගෙන යෑමටද ගෙයින් කැඳවා වත්ථුපූජාව කරන්නැයි දීමට ලබයි. පැළඳීම සඳහා දීමට නොලබයි. සෙසු නෑයින්ට ගෙනගොස් නොදිය යුතුය. කැඳවා පූජා කරන්නැයි දිය යුතුය. සෙසු අයට පූජාවක් පැමිණි කල ප්‍රත්‍ය බලාපොරොත්තු නැතිව දිය යුතුය. මල් දානයක් නම් නැත. විහාරයේ බොහෝ මල් පිපේ. පිඬු පිණිස යන භික්ෂුව මිනිසුන් දැක විහාරයේ බොහෝ මල් පිපී ඇත. පූජා කරන්න යයි කිවයුතුය. වචන මාත්‍රයේ දෝෂයක් නැත. මිනිස්සු කනබොන දේ අරගෙන එත් යයි යන සිතින් නොකිව යුතුය. කියයි නම් කනබොන දේ නොවැළඳිය යුතුය. මිනිස්සු තමන්ගේ ස්වභාවයෙන් විහාරයේ මල් ඇතැයි අසා අසවල් දිනයේ විහාරයට එමු. සාමණේරවරුන්ට මල් නෙලන්න දෙන්න එපා යයි කියති. භික්ෂූහු සාමණේරවරුන්ට කියන්ට මතක නැතිව සාමණේරවරු මල් නෙලා තැබූහ. මිනිස්සු භික්ෂූහු වෙත පැමිණ, ස්වාමීනි, අපි ඔබවහන්සේට අසවල් දිනයෙහි දැන්වූයෙමු. සාමණේරවරුන්ට මල් නෙලන්න දෙන්න එපා යයි. ඇයි නොවැළැක්වූයේ. මට මතක නැතිවුණා. මල් නෙලුවා විතරයි. තවම පූජා කළේ නැතැයි කිවයුතුය. අරගන්න පූජා කරන්න යයි නොකිව යුතුය. එසේ කියයි නම් ආමිස නොවැළඳිය යුතුය.
අපරො භික්ඛු සාමණෙරානං ආචික්ඛති “අසුකගාමවාසිනො පුප්ඵානි මා ඔචිනිත්ථා”ති ආහංසූති. මනුස්සාපි ආමිසං ආහරිත්වා දානං දත්වා වදන්ති – “අම්හාකං මනුස්සා න බහුකා, සාමණෙරෙ අම්හෙහි සහ පුප්ඵානි ඔචිනිතුං ආණාපෙථා”ති. “සාමණෙරෙහි භික්ඛා ලද්ධා; යෙ භික්ඛාචාරං න ගච්ඡන්ති, තෙ සයමෙව ජානිස්සන්ති, උපාසකා”ති වත්තබ්බං. එත්තකං නයං ලභිත්වා සාමණෙරෙ පුත්තෙ වා භාතිකෙ වා කත්වා පුප්ඵානි ඔචිනාපෙතුං දොසො නත්ථි; පුප්ඵදානං නාම න හොති.
වෙනත් භික්සුවක් සාමණේරයන්ට කියයි. අසවල් ගමේ අය මල් නෙලන්න එපා යයි කීහ. මනුෂ්‍යයෝ ආමිස ගෙන දන්දී කියති. අපේ අය අඩුයි. සාමණේරයන්ට අප සමග මල් නෙලන්න එන්න කියා අණ කරන්න. භික්ඛු ලද සාමණේරයන් ඔවුන්ම දනිතියි උපාසකවරුනි කිවයුතුය. මෙපමණකින් නය ලැබ සාමණේරයන් පුතුන් හෝ සහෝදරයින් කොට මල් නෙලුවාට දෝසයක් නැත. මල්දීමක් නම් නැත.
ඵලදානෙ ඵලම්පි පුප්ඵං විය නියමිතමෙව ගරුභණ්ඩං හොති. විහාරෙ බහුකම්හි ඵලාඵලෙ සති අඵාසුකමනුස්සා ආගන්ත්වා යාචන්ති. භික්ඛූ ‘සඞ්ඝික’න්ති දාතුං න උස්සහන්ති. මනුස්සා විප්පටිසාරිනො අක්කොසන්ති පරිභාසන්ති. තත්ථ කිං කාතබ්බන්ති? ඵලෙහි වා රුක්ඛෙහි වා පරිච්ඡින්දිත්වා කතිකා කාතබ්බා – ‘අසුකෙසු ච රුක්ඛෙසු එත්තකානි ඵලානි ගණ්හන්තා, එත්තකෙසු වා රුක්ඛෙසු ඵලානි ගණ්හන්තා න වාරෙතබ්බා’ති. චොරා පන ඉස්සරා වා බලක්කාරෙන ගණ්හන්තා න වාරෙතබ්බා; කුද්ධා තෙ සකලවිහාරම්පි නාසෙය්යුං. ආදීනවො පන කථෙතබ්බොති.
පළතුරු දීමේ පළතුරුද මල් මේන නියමිත බැවින් ගරුභාණ්ඩ වේ. විහාරයේ බොහෝ පලාඵල ඇති කල්හි අපහසු මිනිස්සු ඇවිත් ඉල්ලති. භික්ෂූහු සංඝිකයයි දීමට උත්සාහ නොකරති. මිනිස්සු නරක සිතින් ආක්‍රොස කරති. අපහාස කරති. එහි කුමක් කටයුතුද? ගෙඩියෙහි හෝ ගසේ පිරිසිඳ කතිකා කළයුතුය. අසවල් අසවල් ගස්වල මෙපමණ ගෙඩි ගන්නේ මෙපමණ ගස්වල ගෙඩි ගන්නේ යයි නොවැළැක්විය යුතුය. සොරු හෝ අධිපතියන් හෝ බලහත්කාරයෙන් ගන්නා කල නොවැළැක්විය යුතුය. කිපී ඔවුන් පසුව විහාරයම විනාශ කරන්නාහුය. ආදීනව කිවයුතුය.
සිනානදානෙ සිනානචුණ්ණානි කොට්ටිතානි න ගරුභණ්ඩානි. අකොට්ටිතො රුක්ඛත්තචොව ගරුභණ්ඩං. චුණ්ණං පන අගිලානස්ස රජනනිපක්කං වට්ටති. ගිලානස්ස යංකිඤ්චි චුණ්ණං වට්ටතියෙව. මත්තිකාපි එත්ථෙව පක්ඛිපිත්වා කථෙතබ්බා. මත්තිකාපි යත්ථ දුල්ලභා හොති, තත්ථෙව ගරුභණ්ඩං. සාපි හෙට්ඨිමකොටියා තිංසපලගුළපිණ්ඩප්පමාණාව තතො හෙට්ඨා න ගරුභණ්ඩන්ති.
නාන උපකරණ දීමෙහි කුඩුකරන ලද නානා කුඩ ගරුභාණ්ඩ නොවේ. කුඩු නොකරන ලද ගස් පොතු ගරු භාණ්ඩ වේ. සුණු අගිලන් වූවහුට සායම් කිරීම වටී. ගිලනාට ඒ හැම ගුණයක් වටී. මැටිද මෙහි බහා කිවයුතුය. දුර්ලභ මැටි ගරුභාණ්ඩ වේ. එය යටත් පිරිසෙයින් එය පලම් තිහක ගුලපිඬු ප්‍රමාණයක්. එයින් අඩු ගරු භාණ්ඩ නොවේ.
දන්තකට්ඨදානෙ දන්තකට්ඨං අච්ඡින්නකමෙව ගරුභණ්ඩං. යෙසං සාමණෙරානං සඞ්ඝතො දන්තකට්ඨවාරො පාපුණාති, තෙ අත්තනො ආචරියුපජ්ඣායානං පාටියෙක්කං දාතුං න ලභන්ති. යෙහි පන ‘එත්තකානි දන්තකට්ඨානි ආහරිතබ්බානී’ති පරිච්ඡින්දිත්වා වාරං ගහිතානි, තෙ අතිරෙකානි ආචරියුපජ්ඣායානං දාතුං ලභන්ති. එකෙන භික්ඛුනා දන්තකට්ඨමාළකතො බහූනි දන්තකට්ඨානි න ගහෙතබ්බානි, දෙවසිකං එකෙකමෙව ගහෙතබ්බං. පාටියෙක්කං වසන්තෙනාපි භික්ඛුසඞ්ඝං ගණයිත්වා යත්තකානි අත්තනො පාපුණන්ති තත්තකානෙව ගහෙත්වා ගන්තබ්බං; අන්තරා ආගන්තුකෙසු වා ආගතෙසු දිසං වා පක්කමන්තෙන ආහරිත්වා ගහිතට්ඨානෙයෙව ඨපෙතබ්බානි.
දැහැටි දඬු දීමේදී නොකැපූ දැහැටිම ගරුභාණ්ඩ වේ. සංඝයාගේ සාමණේරයන් දැහැටිවාරය පැමිණේ. ඔවුහු තම තමන්ගේ ආචාර්ය උපජ්ඣායන්ට වෙන වෙනම දීම නොලබති. යමෙක් මෙපමණ දැහැටි ගෙන ආ යුතුයයි. සීමා කොට වාරය ගත්තේ නම් ඔවුහු අතිරේක දැහැටි ඇදුරු උවදෑවරුන්ට දීමට හැකි වෙති. එක භික්ෂුවක් දැහැටිදඬු මාලකයෙන් බොහෝ දැහැටි නොගත යුතුය. දිනපතා එක එක ගතයුතුය. වෙනම වසන්නා භික්ෂු සංඝයා ගැන තමා පැමිණෙන තැන් අනුව ගෙන යා යුතුය. අතරමග ආගන්තුකයකු පැමිණිවිට හැරී අවුත් ගත්තාහුම තැබිය යුතුය.
චාටුකම්යතායාතිආදීසු චාටුකම්‍යතා වුච්චති අත්තානං දාසං විය නීචට්ඨානෙ ඨපෙත්වා පරස්ස ඛලිතවචනම්පි සණ්ඨපෙත්වා පියකාමතාය පග්ගය්හවචනං. මුග්ගසූප්යතායාති මුග්ගසූපසමානාය සච්චාලිකෙන ජීවිතකප්පනතායෙතං අධිවචනං. යථා හි මුග්ගසූපෙ පච්චන්තෙ බහූ මුග්ගා පාකං ගච්ඡන්ති, ථොකා න ගච්ඡන්ති; එවමෙව සච්චාලිකෙන ජීවිතකප්පකෙ පුග්ගලෙ බහු අලිකං හොති, අප්පකං සච්චං. යථා වා මුග්ගසූපස්ස අප්පවිසනට්ඨානං නාම නත්ථි, එවමෙව සච්චාලිකවුත්තිනො පුග්ගලස්ස අප්පවිට්ඨවාචා නාම නත්ථි; සිඞ්ඝාටකං විය ඉච්ඡිතිච්ඡිතධාරාය පතිට්ඨාති. තෙනස්ස සා මුසාවාදිතා මුග්ගසූප්යතාති වුත්තා. පාරිභටයතාති පරිභටකම්මභාවො. පරිභටස්ස හි කම්මං පාරිභටයං, තස්ස භාවො පාරිභටයතා; අලඞ්කාරකරණාදීහි දාරකකීළාපනස්සෙතං අධිවචනං.
චාටුකම්යතායාති ආදියෙහි චාටුකම්‍යතා කියනු ලැබේ. තමා දාසයකු කොට පහත් තැන තමා අනිකාගේ වැරදුනු වචනද තදා ප්‍රිය කැමැත්තෙන් උත්සාහවත් වචන. මුග්ගසුප්පතා මුං සූපයක් මෙන් ඇත්ත බොරුව දෙකින් ජීවිත ගෙවන්නාට එය නාමයකි. මුග්ගසූපය පැසෙනවිට බොහෝ මුංඇට ඉදෙයි. ටිකක් නොඉදෙයි. එසේම සත්‍ය තේරුමෙන් ජීවත් වන්නාගේ බොරු වැඩිය. සත්‍ය අල්පය. මුග්ග සූපයෙහි නොපිවිසෙන තැනක් නම් නැත. එසේම සත්ත බොරු වුත්ති පුද්ගලයාගේ වචන නොපිවිසෙන තැනක් නැත. මංසන්ධියක් මෙන් කැමැති කැමති පැත්තකට බරවෙයි. එහෙයින් ඔහුගේ මුසාවාද බව මුග්ග සූපයකැයි කියන ලදි. පාරිභට්ටතා පරිභට්ටකම්ම බවයි. දරුවන් සුරතල් කරන්නාගේ ක්‍රියාව පාරිභට්ට වේ. සැරසීම් ආදියෙන් දරුවන් ක්‍රීඩා කරවන්නාට නමකි.
ජඞ්ඝපෙසනිකන්ති ගාමන්තරදෙසන්තරාදීසු තෙසං තෙසං ගිහීනං සාසනපටිසාසනහරණං. ඉදඤ්හි ජඞ්ඝපෙසනිකං නාම අත්තනො මාතාපිතූනං, යෙ චස්ස මාතාපිතරො උපට්ඨහන්ති, තෙසං සාසනං ගහෙත්වා කත්ථචි ගමනවසෙන වට්ටති. චෙතියස්ස වා සඞ්ඝස්ස වා අත්තනො වා කම්මං කරොන්තානං වඩ්ඪකීනම්පි සාසනං හරිතුං වට්ටති. මනුස්සා “දානං දස්සාම, පූජං කරිස්සාම, භික්ඛුසඞ්ඝස්ස ආචික්ඛථා”ති වදන්ති; “අසුකත්ථෙරස්ස නාම දෙථා”ති පිණ්ඩපාතං වා භෙසජ්ජං වා චීවරං වා දෙන්ති; “විහාරෙ පූජං කරොථා”ති මාලාගන්ධවිලෙපනාදීනි වා ධජපතාකාදීනි වා නීය්‍යාදෙන්ති, සබ්බං හරිතුං වට්ටති; ජඞ්ඝපෙසනිකං නාම න හොති. සෙසානං සාසනං ගහෙත්වා ගච්ඡන්තස්ස පදවාරෙ පදවාරෙ දොසො.
ජංඝපෙසනික ගමින් ගමට දේසයෙන් දේසයට ඒ ඒ ගිහියන්ගේ පණිවිඩ උත්තර ගෙනයෑම. තමාගේ මව්පියන්ට උපස්ථාන කරන්නන්ගේ පණිවිඩ ගෙනයෑම වටී. සැපේ හෝ සැප නිසා හෝ තමාගේ හෝ වැඩ කරන්නාගේ වඩුවන්ගේද පණිවිඩ ගෙනයෑම වටී. මිනිස්සු දන් දෙමු. පූජා කරමු. භික්ෂු සංඝයාට කියන්නැයි කියති. අසවල් තෙරුන් වහන්සේට දෙන්න යයි පිණ්ඩපාතය හෝ බෙහෙත් හෝ සිවුරු හෝ දෙති. විහාරයේ පූජාකරන්න යයි මල්ගඳ විලවුන් ආදිය හෝ ධජ පතාකාදිය පවරාදෙති. සියල්ල ගෙනයෑමට වටී. ජංඝපෙනසිකය නම් නොවේ. ඔවුන්ගේ සසුන් ගෙන යන්නාට සියවරක් පාසා දොස් ඇති වේ.
අඤ්ඤතරඤ්ඤතරෙනාති එතෙසං වා වෙළුදානාදීනං අඤ්ඤතරඤ්ඤතරෙන වෙජ්ජකම්මභණ්ඩාගාරිකකම්මං පිණ්ඩපටිපිණ්ඩකම්මං සඞ්ඝුප්පාදචෙතියුප්පාදඋපට්ඨාපනකම්මන්ති එවරූපානං වා මිච්ඡාජීවෙන ජීවිතකප්පනකකම්මානං යෙන කෙනචි. බුද්ධපටිකුට්ඨෙනාති බුද්ධෙහි ගරහිතෙන පටිසිද්ධෙන. අයං වුච්චතීති අයං සබ්බොපි අනාචාරො නාම කථීයති. ආචාරනිද්දෙසො වුත්තපටිපක්ඛනයෙනෙව වෙදිතබ්බො.
අඤ්ඤතරඤ්ඤතරෙන මේවා හෝ උණගස් දීම් ආදි අනිත් අනිත් එකකින් වෙදකම, භාණ්ඩාගාරිකකම ගත් පිඬු වෙනුවට පෙරලා ආහාර දීම, සංඝුප්පාද චේතියුප්පාද, උපස්ථාන කම්ම යන මෙබඳු වූ මිච්ඡාජීවයෙන් ජීවිත ගෙවන යම් කිසිවෙක් අයං වුච්චති මේ සියල්ල අනාචාරය කියනු ලැබේ. ආචාර විස්තරයෙහි කියන ලද්දට ප්රතිපක්ෂ වශයෙන්ම දතයුතුය.
ගොචරනිද්දෙසෙපි පඨමං අගොචරස්ස වචනෙ කාරණං හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං. තත්ථ ච ගොචරොති පිණ්ඩපාතාදීනං අත්ථාය උපසඞ්කමිතුං යුත්තට්ඨානං ගොචරො, අයුත්තට්ඨානං අගොචරො. වෙසියා ගොචරො අස්සාති වෙසියගොචරො; මිත්තසන්ථවවසෙන උපසඞ්කමිතට්ඨානන්ති අත්ථො. තත්ථ වෙසියා නාම රූපූපජීවිනියො යෙන කෙනචිදෙව සුලභජ්ඣාචාරතාමිත්තසත්ථවසිනෙහවසෙන උපසඞ්කමන්තො වෙසියාගොචරො නාම හොති. තස්මා එවං උපසඞ්කමිතුං න වට්ටති. කිං කාරණා? ආරක්ඛවිපත්තිතො. එවං උපසඞ්කමන්තස්ස හි චිරං රක්ඛිතගොපිතොපි සමණධම්මො කතිපාහෙනෙව නස්සති; සචෙපි න නස්සති ගරහං ලභති. දක්ඛිණාවසෙන පන උපසඞ්කමන්තෙන සතිං උපට්ඨාපෙත්වා උපසඞ්කමිතබ්බං. විධවා වුච්චන්ති මතපතිකා වා පවුත්ථපතිකා වා. ථුල්ලකුමාරියොති මහල්ලිකා අනිවිට්ඨකුමාරියො. පණ්ඩකාති ලොකාමිසනිස්සිතකථාබහුලා උස්සන්නකිලෙසා අවූපසන්තපරිළාහා නපුංසකා. තෙසං සබ්බෙසම්පි උපසඞ්කමනෙ ආදීනවො වුත්තනයෙනෙව වෙදිතබ්බො. භික්ඛුනීසුපි එසෙව නයො. අපිච භික්ඛූ නාම උස්සන්නබ්රහ්මචරියා හොන්ති, තථා භික්ඛුනියො. තෙ අඤ්ඤමඤ්ඤං සන්ථවවසෙන කතිපාහෙනෙව රක්ඛිතගොපිතසමණධම්මං නාසෙන්ති. ගිලානපුච්ඡකෙන පන ගන්තුං වට්ටති. භික්ඛුනා පුප්ඵානි ලභිත්වා පූජනත්ථායපි ඔවාදදානත්ථායපි ගන්තුං වට්ටතියෙව.
ගෝචර විස්තරයෙහිද අගෝචර වචනයේ කරුණු යට කියන ලද නයින්ම දතයුතුය. මෙහිද ගොචරො යන පිණ්ඩපාතාදිය සඳහා පැමිණීමට සුදුසු ඨාන. ගෝචරයට නුසුදුසු තැන් අගෝචරා වේ. වෙසඟනන්ට ගෝචර ස්ථාන වෙයි. චෙසියගොචරො වේ. මිත්‍ර සන්ථව වශයෙන් පැමිණිය යුතු ස්ථාන යන අර්ථයි. එහි වේසිය නම් රූපයෙන් ජීවත් වන්නේය. කිසියම් විදියකින් සුලභ හැසිරීම් මිතුරු ඇසුර සෙනෙහසින් එළඹෙන්නේ වෙසිය ගෝචර නම් වේ. එහෙයින් මෙසේ එළඹීමට නොවටී. කරුණු කිම? ආරක්ෂා විපත්තිය නිසාය. මෙසේ එළඹෙන්නාගේ බොහෝ කලක් ආරක්ෂා ගෝපනය කළ මහණදම් කීපදිනකින්ම විනාශ වේ. විනාශ නොවුනත් ගැරහීම් ලබයි. දක්ෂිණා වශයෙන් (දානය සඳහා) එළඹෙන විට සිහි උපදවා එළඹිය යුතුය. විධවා ස්වාමියා මළ හෝ වෙන්ව ඇති ගැහැණිය. ථුල්ල කුමාරියො - මහළු, විවාහයට ඇතුළත් නොවූ කුමරියෝ. පණ්ඩකා ලෝක ආමිශ නිශ්රිත කථා බහුල කෙලෙස් උස්සන්න වූ දාහය නොසංසිඳුණු නපුංශකයෝ. ඔවුන් සියල්ලන් වෙත එළඹීමෙන් වන ආදීනව කියන ලද නයින් දැනගත යුතුය. භික්ෂුණීන් කෙරෙහිද මෙම නයමය. තවද භික්ඛු නම් උසස් බ්රහ්මචරියා ඇත්තෝ වෙති. භික්ෂුණීහුද එසේය. ඔව්හු ඔවුනොවුන් ඇසුරෙන් කීප දිනකින්ම රක්ෂා කරන ලද ගෝපනය කරන ලද මහණදම් විනාශකර ගනිති. ගිලන් වූ ඇසූ කෙනෙකු යාම වටී. භික්ෂූහු මල් ලැබ පූජා කිරීමද අවවාද දීමටද යන්නට වටීමය.
පානාගාරන්ති සුරාපානඝරං. තං බ්රහ්මචරියන්තරායකරෙහි සුරාසොණ්ඩෙහි අවිවිත්තං හොති. තත්ථ තෙහි සද්ධිං සහ සොණ්ඩවසෙන උපසඞ්කමිතුං න වට්ටති; බ්රහ්මචරියන්තරායො හොති. සංසට්ඨො විහරති රාජූහීතිආදීසු රාජානොති අභිසිත්තා වා හොන්තු අනභිසිත්තා වා යෙ රජ්ජං අනුසාසන්ති. රාජමහාමත්තාති රාජූනං ඉස්සරියසදිසාය මහතියා ඉස්සරියමත්තාය සමන්නාගතා. තිත්ථියාති විපරීතදස්සනා බාහිරපරිබ්බාජකා. තිත්ථියසාවකාති භත්තිවසෙන තෙසං පච්චයදායකා. එතෙහි සද්ධිං සංසග්ගජාතො හොතීති අත්ථො.
පානාගාර - සුරාසැල්. එය බ්‍රහ්මචර්යාවට අනතුරු කරන සුරාසොඬුන්ගෙන් අවිවේක වේ. එහි ඔවුන් සමග සහ සොඬ වශයෙන් පැමිණීමට නොවටී. බ්‍රහ්ම චර්යාවට අන්තරාව වේ. සංසට්ඨො විහරති රාජූහි ආදියෙහි අභිසේක කළ හෝ නොකළ රාජ්‍ය අනුශාසනා කරන්නේ රජවරුය. රාජමහාමත්තා රජවරුන්ගේ ඓශ්වර්ය සමාන මහත් ඉසුරෙන් යුත් ඇමතිවරු. තිත්ථියා විපරීත දර්ශන ඇති බාහිර පරිබ්‍රාජකයෝ. තිත්ථිය සාවකා සත්ති වශයෙන් ඔවුන්ගේ ප්‍රත්‍ය දායකයෝ, ඔවුන් සමග ආශ්‍රයට පැමිණියේ යන අර්ථයයි.
අනනුලොමිකෙන සංසග්ගෙනාති අනනුලොමිකසංසග්ගො නාම තිස්සන්නං සික්ඛානං අනනුලොමො පච්චනීකසංසග්ගො, යෙන බ්රහ්මචරියන්තරායං පඤ්ඤත්තිවීතික්කමං සල්ලෙඛපරිහානිඤ්ච පාපුණාති, සෙය්යථිදං – රාජරාජමහාමත්තෙහි සද්ධිං සහසොකිතා, සහනන්දිතා, සමසුඛදුක්ඛතා, උප්පන්නෙසු කිච්චකරණීයෙසු අත්තනාව යොගං ආපජ්ජනතා, තිත්ථියතිත්ථියසාවකෙහි සද්ධිං එකච්ඡන්දරුචිසමාචාරතා එකච්ඡන්දරුචිසමාචාරභාවාවහො වා සිනෙහබහුමානසන්ථවො. තත්ථ රාජරාජමහාමත්තෙහි සද්ධිං සංසග්ගො බ්රහ්මචරියන්තරායං කරොති. ඉතරෙහි තිත්ථියසාවකෙහි තෙසං ලද්ධිගහණං. තෙසං පන වාදං භින්දිත්වා අත්තනො ලද්ධිං ගණ්හාපෙතුං සමත්ථෙන උපසඞ්කමිතුං වට්ටති.
අනනුලෝමිකෙන සංසග්ගො එය නම් ශික්ෂාපද තිහට පටහැනි, විරුද්ධ ආශ්‍රය. එයින් බ්‍රහ්මචර්යාවට අනතුරු වේ. පැනවීම් ව්‍යතික්‍රමණය වේ. කෙලෙස් නැති කිරීමේ හානියටද පැමිණේ. කෙසේද? රාජරාජ මහාමාත්‍යයන් සමග එකට සෝකවීම් එකට සතුටුවීම් සමාන සුවදුක් පැමිණි කල්හි කටයුතු වශයෙන් තමාගේ යෝගයට පැමිණීම. තිත්ථිය ශ්‍රාවකයන් සමග එක අදහස් රුචි පැවතුම් ඇති බව හෝ සමාන අදහස් රුචි පුරුදු ඇතිකර ගැනීමෙන් සෙනෙහසින් බුහුමනින් ඇසුර, රාජරාජ මහාමාත්‍යවරුන් සම ඇසුරෙන් බ්‍රහ්මචරිය අන්තරාය වේ. අනිත් තීර්ථක ශ්‍රාවකයින්ගේ ඇසුරෙන් ඔවුන්ගේ ලබ්ධිය ගැනීම වේ. ඔවුන්ගේ වාද බිඳ තමාගේ ලබ්ධිය ගැන්වීමට සමර්ථ කෙනෙකු එළඹීමට වටී.
ඉදානි අපරෙනපි පරියායෙන අගොචරං දස්සෙතුං යානි වා පන තානි කුලානීතිආදි ආරද්ධං. තත්ථ අස්සද්ධානීති බුද්ධාදීසු සද්ධාවිරහිතානි; බුද්ධො සබ්බඤ්ඤූ, ධම්මො නිය්යානිකො, සඞ්ඝො සුප්පටිපන්නොති න සද්දහන්ති. අප්පසන්නානීති චිත්තං පසන්නං අනාවිලං කාතුං න සක්කොන්ති. අක්කොසකපරිභාසකානීති අක්කොසකානි චෙව පරිභාසකානි ච; ‘චොරොසි, බාලොසි, මූළ්හොසි, ඔට්ඨොසි, ගොණොසි, ගද්රභොසි, ආපායිකොසි, නෙරයිකොසි, තිරච්ඡානගතොසි, නත්ථි තුය්හං සුගති, දුග්ගතියෙව පාටිකඞ්ඛා’ති එවං දසහි අක්කොසවත්ථූහි අක්කොසන්ති; ‘හොතු, ඉදානි තං පහරිස්සාම, බන්ධිස්සාම , වධිස්සාමා’ති එවං භයදස්සනෙන පරිභාසන්ති චාති අත්ථො. අනත්ථකාමානීති අත්ථං න ඉච්ඡන්ති, අනත්ථමෙව ඉච්ඡන්ති. අහිතකාමානීති අහිතමෙව ඉච්ඡන්ති, හිතං න ඉච්ඡන්ති. අඵාසුකකාමානීති ඵාසුකං න ඉච්ඡන්ති, අඵාසුකමෙව ඉච්ඡන්ති. අයොගක්ඛෙමකාමානීති චතූහි යොගෙහි ඛෙමං නිබ්භයං න ඉච්ඡන්ති, සභයමෙව ඉච්ඡන්ති. භික්ඛූනන්ති එත්ථ සාමණෙරාපි සඞ්ගහං ගච්ඡන්ති. භික්ඛුනීනන්ති එත්ථ සික්ඛමානසාමණෙරියොපි. සබ්බෙසම්පි හි භගවන්තං උද්දිස්ස පබ්බජිතානඤ්චෙව සරණගතානඤ්ච චතුන්නම්පි පරිසානං තානි අනත්ථකාමානියෙව. තථාරූපානි කුලානීති එවරූපානි ඛත්තියකුලාදීනි කුලානි. සෙවතීති නිස්සාය ජීවති. භජතීති උපසඞ්කමති. පයිරුපාසතීති පුනප්පුනං උපසඞ්කමති. අයං වුච්චතීති අයං වෙසියාදිගොචරස්ස වෙසියාදිකො, රාජාදිසංසට්ඨස්ස රාජාදිකො, අස්සද්ධකුලාදිසෙවකස්ස අස්සද්ධකුලාදිකො චාති තිප්පකාරොපි අයුත්තගොචරො අගොචරොති වෙදිතබ්බො.
දැන් වෙනත් පර්යායකින් අගෝචරය දැක්වීමට යානි වා පන තන්ති කුලන්ති යනාදිය අරඹන ලදි. එහි අස්සද්ධනී යනු බුද්ධාදීන් කෙරෙහි ශ්‍රද්ධාව නැති. බුදුහු සර්වඥ ධර්මය නෛර්යානිකය. සංඝයා සුපටිපන්නයයි විශ්වාස නොකරති. අප්පසන්නානි සිත ප්‍රසන්න වූ නොකැළඹුණු බවට පත්කිරීමට නොහැකි වෙති. අක්කොසපරිභාසිතානි ආක්‍රොශයද පරිභවද සොරෙකි බාලයෙකි මෝඩයෙකි. ඔටුවෙකි. ගොනෙකි. කොටලුවෙකි. අවයව ගතියෙන් නිරයෙහි සිටින්නෙකි. තිරිසන් බවට ගියෙහි තට සුගතියක් නැත. දුගතියට කැමති වෙයි. යම්සේ දස ආක්‍රොශ වස්තුවලින් ආක්‍රොශ කරති. දැන් තව පහරදෙමි. බඳිමු වධයට පමුණුවමු යයි මෙසේ භය දැක්වීමෙන් පරිභව කරති යන අර්ථ වේ. අනත්ථකාමානි දියුණු කැමති නොවෙති. අහිතකාමානි අහිතම කැමති වෙති. සිත (දියුණුව) කැමති නොවෙති. අඵාසුකකාමානි පහසුව කැමති නොවෙති. අපහසුවම කැමති වෙති. අනර්ථයම කැමති වේ. තථාරූපානි කුලානි එබඳු වූ ක්ෂත්රිය ආදි කුල සෙවති නිසා ජීවත් වේ. භජති ළඟට පැමිණේ. පයිරුපාසති නැවත නැවත වෙත පැමිණේ. අයං වුච්චති මේ වේසියාදි ගෝචරයෙහි වෙසියාදිහු රාජාදි ඇසුරෙන් රාජාදීහුද අස්සද්ධකුල සේවනයේ අස්සද්ධ කුලද යන තුන්ප්රකාර අයුතු ගෝචරය අගෝචරයයි දතයුතුය.
තස්ස ඉමිනා පරියායෙන අගොචරතා වෙදිතබ්බා. වෙසියාදිකො තාව පඤ්චකාමගුණනිස්සයතො අගොචරොති වෙදිතබ්බො, යථාහ – “කො ච, භික්ඛවෙ, භික්ඛුනො අගොචරො පරවිසයො? යදිදං පඤ්ච කාමගුණා”ති (සං· නි· 5.372) රාජාදිකො ඣානානුයොගස්ස අනුපනිස්සයතො ලාභසක්කාරාසනිචක්කනිප්ඵාදනතො දිට්ඨිවිපත්තිහෙතුතො ච, අස්සද්ධකුලාදිකො සද්ධාහානිචිත්තසන්තාසාවහනතො අගොචරොති.
එහි මේ ආකාරයෙන් අගෝචරය දැනගත යුතුය. වෙසියාදීහු පඤ්චකාම ගුණ නිශ්‍රය වශයෙන් අගෝචරයයි දතයුතුය. යම්සේ කීහ. “මහණෙනි, භික්ෂුව හෝ අගෝචර පරවිසය කුමක්ද? ඒ මේ පඤ්චකාම ගුණයයි.” රාජාදීහු ධ්යානානුයෝගියාට උපනිශ්‍රය නොවන හෙයින් ලාභ සත්කාරය වූ සේනාසන දාන නිපදවන බැවින්ද දිට්ඨි විපත්ති හේතුවෙන් අස්සද්ධ කුලාදී ශ්‍රද්ධා හානියයි සිත් සන්තෝෂ ඇතිකරන බැවින් අගෝචර වේ.
ගොචරනිද්දෙසෙ න වෙසියගොචරොතිආදීනි වුත්තපටිපක්ඛවසෙන වෙදිතබ්බානි. ඔපානභූතානීතිආදීසු පන ඔපානභූතානීති උදපානභූතානි; භික්ඛුසඞ්ඝස්ස, චාතුමහාපථෙ ඛතපොක්ඛරණී විය, යථාසුඛං ඔගාහනක්ඛමානි චිත්තමහාමත්තස්ස ගෙහසදිසානි. තස්ස කිර ගෙහෙ කාලත්ථම්භො යුත්තොයෙව . ඝරද්වාරං සම්පත්තානං භික්ඛූනං පච්චයවෙකල්ලං නාම නත්ථි. එකදිවසං භෙසජ්ජවත්තමෙව සට්ඨි කහාපණානි නික්ඛමන්ති. කාසාවපජ්ජොතානීති භික්ඛුභික්ඛුනීහි නිවත්ථපාරුතානං කාසාවානංයෙව පභාය එකොභාසානි භූතපාලසෙට්ඨිකුලසදිසානි. ඉසිවාතපටිවාතානීති ගෙහං පවිසන්තානං නික්ඛමන්තානඤ්ච භික්ඛුභික්ඛුනීසඞ්ඛාතානං ඉසීනං චීවරවාතෙන චෙව සමිඤ්ජනපසාරණාදිජනිතසරීරවාතෙන ච පටිවාතානි පවායිතානි විනිද්ධුතකිබ්බිසානි වා.
ගෝචර විස්තරයෙහි න වෙසිය ගෝචරො යන ආදිය යට කියන ලදම ප්රතිපක්ෂ වශයෙන් දතයුතුය. ඔපානභුතානි ආදියෙහි වනාහි ඔපානභූතානි යනු උපාදාන භූත වූ. භික්ඛු සංඝයාට සතරමං සන්ධියක හාරන ලද පොකුණක් මෙන් සැපසේ බැසගැනීමට චිත්ත මහා මාත්යයාගේ ගෙදර හා සමානය. ඒ ගෙදර වනාහි කාල ස්ථම්භයකින් (ඔරලෝසු කනුවක්) යුක්තය. ගෙයි දොරටුවට පැමිණි භික්ෂූන් වහන්සේට ප්‍රත්‍ය පිළිබඳ කාලය ගැන විපිළිසර බවක් නැත. එක් දිනකට බෙහෙත් සඳහා පමණක් කහවනු හැටක් නිකුත් කරති. කාසාව පජ්ජොතානී භික්ෂු භික්ෂුණී හදනා පොරෝනා කාෂාය වස්ත්‍ර හැර එකපාටින් යුත් භූතපාල සිටුකුලය සමානව ඉසිවාත පටිවාතානි ගෙට පිවිසෙන්නවුන්ගේද පිටවන්නන්ගේද භික්ෂු භික්ෂුණී සංඛ්‍යාත සෘෂීන්ගේ සිවුරු සුළඟින්ද හකුළන දිගහරින සරීර වාතයෙන්ද පටිවාත හැමීමෙන් නැගුණු වැරදි හෝ.
අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවිතානිද්දෙසෙ අණුමත්තානීති අණුප්පමාණා. වජ්ජාති දොසා. යානි තානි වජ්ජානීති යානි තානි ගරහිතබ්බට්ඨෙන වජ්ජානි. අප්පමත්තකානීති පරිත්තමත්තකානි ඛුද්දකප්පමාණානි. ඔරමත්තකානීති පරිත්තතොපි ඔරිමප්පමාණත්තා ඔරමත්තකානි. ලහුසානීති ලහුකානි. ලහුසම්මතානීති ලහූති සම්මතානි. සංයමකරණීයානීති සංයමෙන කත්තබ්බපටිකම්මානි. සංවරකරණීයානීති සංවරෙන කාතබ්බානි සංවරෙන කත්තබ්බපටිකම්මානි. චිත්තුප්පාදකරණීයානීති චිත්තුප්පාදමත්තෙන කත්තබ්බපටිකම්මානි. මනසිකාරපටිබද්ධානීති මනසා ආවජ්ජිතමත්තෙනෙව කත්තබ්බපටිකම්මානි. කානි පන තානීති? දිවාවිහාරවාසී සුමත්ථෙරො තාව ආහ – “අනාපත්තිගමනීයානි චිත්තුප්පාදමත්තකානි යානි ‘න පුන එවරූපං කරිස්සාමී’ති මනසා ආවජ්ජිතමත්තෙනෙව සුජ්ඣන්ති. අධිට්ඨානාවිකම්මං නාමෙතං කථිත”න්ති. අන්තෙවාසිකො පනස්ස තිපිටකචූළනාගත්ථෙරො පනාහ – “ඉදං පාතිමොක්ඛසංවරසීලස්සෙව භාජනීයං. තස්මා සබ්බලහුකං දුක්කටදුබ්භාසිතං ඉධ වජ්ජන්ති වෙදිතබ්බං. වුට්ඨානාවිකම්මං නාමෙතං කථිත”න්ති. ඉතිඉමෙසූති එවංපකාරෙසු ඉමෙසු. වජ්ජදස්සාවීති වජ්ජතො දොසතො දස්සනසීලො. භයදස්සාවීති චතුබ්බිධස්ස භයස්ස කාරණත්තා භයතො දස්සනසීලො. ආදීනවදස්සාවීති ඉධ නින්දාවහනතො, ආයතිං දුක්ඛවිපාකතො, උපරිගුණානං අන්තරායකරණතො, විප්පටිසාරජනනතො ච එතෙන නානප්පකාරෙන ආදීනවතො දස්සනසීලො.
සුළු වරදෙහිද බිය දක්නාසුළු විස්තරයෙහි අනුමත්තා යනු අණු ප්‍රමාණ. වජ්ජා යනු දොස්ය. යානි තානි වජ්ජානි යම් ඒ ගැරහිය යුතු අර්ථයෙන් වරද. අප්පමත්තකානි කුඩා ප්‍රමාණ. ඔරමත්තකානි කුඩා ප්‍රමාණයෙන් අඩු ප්‍රමාණයක් බැවින් අඩු ප්‍රමාණයක් වූ. ලහුසානි. ලුහු. ලහු සම්මතානි ලුහු යයි සම්මත සංයමකරණීයාති සංයමයෙන් කළයුතු ප්‍රතිකර්ම. චිත්තුප්පාදකරණීයාහි සිත උපන් කෙණෙහි කළයුතු ප්‍රතිකර්ම. මනසිකාර පටිබද්ධාහි මනසින් ආවර්ජනා කළ කෙණෙහි කළයුතු ප්‍රතිකර්ම. ඒවා මොනවාද? දිවා විහාරවාසී සුම්ම තෙරුන් “අනාපත්තියයි යායුතු සිත උපන් කෙනෙහි නැවත මෙබඳු වූ යමක් නොකරන්නෙමියි ආවර්ජනා මාත්‍රයෙන් පිරිසිදු වේ.” මෙය අධිමාන ආවීකම්ම නම් වේයයි කියන ලදි. උන්වහන්සේගේ අන්තේවාසික ත්‍රිපිටකාචාර්ය චූලනාග තෙරුන් වහන්සේ කීහ. මෙය ප්රාතිමෝක්ෂ සංවර සීලයේම බෙදිය යුතුය. එහෙයින් සියළු ලුහු දුකකට දුබ්භාසිත මෙහි අත්හළැයි දතයුතුය. මෙය වුට්ඨාන ආවීකම්ම නම් යයි කියන ලදි. ඉති ඉමෙසු මේ ආකාරයෙහි වජ්ජ දස්සාමි චතුර්විධ බයට කරුණු වූ බැවින්, බියෙන් දක්නා සුළු වූයේ. ආදීනව දස්සාවි මෙහි නින්දාව ඇතිවන බැවින් ඉදිරියේ දුක් විපාකයෙන් මතු ගුණවලට අනතුරු කරන බැවින් විපිළිසර ඉපදවීමෙන්ද එයින් නොයෙක් ආකාරයෙන් ආදීනවවලින් දකිනසුළු වූයේ.
නිස්සරණදස්සාවීති යං තත්ථ නිස්සරණං තස්ස දස්සනසීලො. කිං පනෙත්ථ නිස්සරණන්ති? ආචරියත්ථෙරවාදෙ තාව “අනාපත්තිගමනීයතාය සති අධිට්ඨානාවිකම්මං නිස්සරණ”න්ති කථිතං. අන්තෙවාසිකත්ථෙරවාදෙ තාව “ආපත්තිගමනීයතාය සති වුට්ඨානාවිකම්මං නිස්සරණ”න්ති කථිතං.
නිස්සරණ දස්සාවි එහි යමක් නිදහස්ද එය දක්නාසුළු වූයේ. මෙහි නිස්සරණ යනු කුමක්ද? ආචරිය වාදයෙහි අනාපත්තිය යායුතු හෙයින් අධිෂ්ඨානය පහළකර ගැනීම නිස්සරණ යයි කියන ලදි. අන්තේවාසික පෙර වාදයෙහි ආපත්ති යයි යායුතු කල්හි නැගීසිටීම පහළකර ගැනීම නිස්සරණයයි කියන ලදි.
තත්ථ තථාරූපො භික්ඛු අණුමත්තානි වජ්ජානි වජ්ජතො භයතො පස්සති නාම. තං දස්සෙතුං අයං නයො කථිතො – පරමාණු නාම, අණු නාම, තජ්ජාරී නාම, රථරෙණු නාම, ලික්ඛා නාම, ඌකා නාම, ධඤ්ඤමාසො නාම, අඞ්ගුලං නාම, විදත්ථි නාම, රතනං නාම, යට්ඨි නාම, උසභං නාම, ගාවුතං නාම, යොජනං නාම. තත්ථ ‘පරමාණු’ නාම ආකාසකොට්ඨාසිකො මංසචක්ඛුස්ස ආපාථං නාගච්ඡති, දිබ්බචක්ඛුස්සෙව ආගච්ඡති. ‘අණු’ නාම භිත්තිච්ඡිද්දතාලච්ඡිද්දෙහි පවිට්ඨසූරියරස්මීසු වට්ටි වට්ටි හුත්වා පරිබ්භමන්තො පඤ්ඤායති. ‘තජ්ජාරී’ නාම ගොපථමනුස්සපථචක්කපථෙසු ඡිජ්ජිත්වා උභොසු පස්සෙසු උග්ගන්ත්වා තිට්ඨති. ‘රථරෙණු’ නාම තත්ථ තත්ථෙව අල්ලීයති. ලික්ඛාදයො පාකටා එව. එතෙසු පන ඡත්තිංස පරමාණවො එකස්ස අණුනො පමාණං. ඡත්තිංස අණූ එකාය තජ්ජාරියා පමාණං. ඡත්තිංස තජ්ජාරියො එකො රථරෙණු. ඡත්තිංස රථරෙණූ එකා ලික්ඛා. සත්ත ලික්ඛා එකා ඌකා. සත්ත ඌකා එකො ධඤ්ඤමාසො. සත්තධඤ්ඤමාසප්පමාණං එකං අඞ්ගුලං. තෙනඞ්ගුලෙන ද්වාදසඞ්ගුලානි විදත්ථි. ද්වෙ විදත්ථියො රතනං. සත්ත රතනානි යට්ඨි. තාය යට්ඨියා වීසති යට්ඨියො උසභං. අසීති උසභානි ගාවුතං. චත්තාරි ගාවුතානි යොජනං. තෙන යොජනෙන අට්ඨසට්ඨියොජනසතසහස්සුබ්බෙධො සිනෙරුපබ්බතරාජා. යො භික්ඛු අණුමත්තං වජ්ජං අට්ඨසට්ඨියොජනසතසහස්සුබ්බෙධසිනෙරුපබ්බතසදිසං කත්වා දට්ඨුං සක්කොති – අයං භික්ඛු අණුමත්තානි වජ්ජානි භයතො පස්සති නාම. යොපි භික්ඛු සබ්බලහුකං දුක්කටදුබ්භාසිතමත්තං පඨමපාරාජිකසදිසං කත්වා දට්ඨුං සක්කොති – අයං අණුමත්තානි වජ්ජානි වජ්ජතො භයතො පස්සති නාමාති වෙදිතබ්බො.
එහි එබඳු වූ භික්ෂූහු අණු මාත්‍ර වූ වරද වරද වශයෙන් බිය වශයෙන් බලයි. එය දැක්වීමට මේ නය කියන ලදි. පරමාණු අණු වේ. තජ්ජාරි, රථරේණු, ලික්ඛා, උකා, ධඤ්ඤමාස අඟල, වියත, රියන, යෂ්ටිය, උසභ, ගව්ව, යොදුන නම් වේ. එහි පරමාණු නම් ආකාශ කොට්ඨාශයකි. මසැසට නොපෙනේ. දිවැසට පෙනේ. අණු නම් බිත්ති සිදුරු තල් සිදුරුවලින් පිවිසි හිරුරැස්වල වටවූ වට්ටියක්ව කැරකෙනවා පෙනේ. තජ්ජාරි නම් ගව පාර මනුස්ස පාර කරත්ත පාර යන මෙසේ දැදුරු වී පසු පසුත් නැගී සිටී. රථ රේණු නම් එහිම ඇලේ. ලික්ඛාදිය ප්රකටය. මේවායෙහි පරමාණු තිස්හයක් එක් අණුවකි. අණු තිස්හයක් තජ්ජාරි එකකි. තජ්ජාරි තිස්හයක් රථරේණු එකකි. රථරේණු තිස්හයක් ලික්ඛා එකකි. ලික්ඛා හතක් ඌකා එකකි. ඌකා හතක් ධඤ්ඤමාස එකකි. ධඤ්ඤමාස හතක් අඟල් එකකි. අඟල් දොළහක් වියත් එකකි. වියත් දෙකක් රියන් එකකි. රියන් හතක් යෂ්ටි එකකි. යෂ්ටි විස්සක් උසභ එකකි. උසභ අසූවක් ගවු එකකි. ගවු හතරක් යොදුන් එකකි. එම යොදුනෙන් යොදුන් හැටඅට ලක්ෂයක් මහාමේරු පර්වත රාජයා උසය. යම් භික්ෂුවක් අණු ප්‍රමාණ වූ වරදක් යොදුන් හැටඅට ලක්ෂය්ක උස මහාමේරු පර්වතයට සමානකොට දැකීමට හැකිවේ නම් මේ භික්ෂුව අණු මාත්‍ර වරද බියෙන් දකී නම් වේ. යම් භික්ෂුවක් සියළු ලුහු දුක්කට දුබ්භාසිත ප්‍රමාණය පළමු පාරාජික සමානකොට දැකීමට හැකිවේනම් මෙය අණු මාත්‍ර වේ. වරද වරද වශයෙන් බිය හේතුවෙන් දකියි යනු දතයුතුය.
සමාදාය සික්ඛති සික්ඛාපදෙසූතිපදනිද්දෙසෙ භික්ඛුසික්ඛාති භික්ඛූහි සික්ඛිතබ්බසික්ඛා. සා භික්ඛුනීහි සාධාරණාපි අසාධාරණාපි භික්ඛුසික්ඛා එව නාම. භික්ඛුනීසික්ඛාති භික්ඛුනීහි සික්ඛිතබ්බසික්ඛා. සාපි භික්ඛූහි සාධාරණාපි අසාධාරණාපි භික්ඛුනීසික්ඛා එව නාම. සාමණෙරසික්ඛමානසාමණෙරීනං සික්ඛාපි එත්ථෙව පවිට්ඨා. උපාසකසික්ඛාති උපාසකෙහි සික්ඛිතබ්බසික්ඛා. සා පඤ්චසීලදසසීලවසෙන වට්ටති. උපාසිකාසික්ඛාති උපාසිකාහි සික්ඛිතබ්බසික්ඛා. සාපි පඤ්චසීලදසසීලවසෙන වට්ටති. තත්ථ භික්ඛුභික්ඛුනීනං සික්ඛා යාව අරහත්තමග්ගා වට්ටති. උපාසකඋපාසිකානං සික්ඛා යාව අනාගාමිමග්ගා. තත්රායං භික්ඛු අත්තනා සික්ඛිතබ්බසික්ඛාපදෙසු එව සික්ඛති. සෙසසික්ඛා පන අත්ථුද්ධාරවසෙන සික්ඛාපදස්ස අත්ථදස්ස දස්සනත්ථං වුත්තා. ඉති ඉමාසු සික්ඛාසූති එවංපකාරාසු එතාසු සික්ඛාසු. සබ්බෙන සබ්බන්ති සබ්බෙන සික්ඛාසමාදානෙන සබ්බං සික්ඛං. සබ්බථා සබ්බන්ති සබ්බෙන සික්ඛිතබ්බාකාරෙන සබ්බං සික්ඛං. අසෙසං නිස්සෙසන්ති සෙසාභාවතො අසෙසං; සතිසම්මොසෙන භින්නස්සාපි සික්ඛාපදස්ස පුන පාකතිකකරණතො නිස්සෙසං. සමාදාය වත්තතීති සමාදියිත්වා ගහෙත්වා වත්තති. තෙන වුච්චතීති යෙන කාරණෙන එතං සබ්බං සික්ඛාපදං සබ්බෙන සික්ඛිතබ්බාකාරෙන සමාදියිත්වා සික්ඛති පූරෙති, තෙන වුච්චති “සමාදාය සික්ඛති සික්ඛාපදෙසූ”ති.
සමාදාය සික්ඛති සික්ඛාපදෙසු යන පද නිද්දේසයෙහි භික්ඛු සික්ඛානි භික්ෂූන් විසින් හික්මිය යුතු ශික්ෂාපදය. එය භික්ෂුණීන්ටද සාධාරණය වූද අසාධාරණ වූ භික්ෂු ශික්ෂාව වේ. භික්ඛුනී සික්ඛා භික්ෂුණීන් විසින් හික්මිය යුතු නිසා එය භික්ෂූන්ට සාධාරණ වූද අසාධාරණ වූද භික්ෂු ශික්ෂා නම් වේ. සාමණේර සික්ඛමානා සාමණේරි සික්ඛාපද මෙහි ඇතුළත්ය. උපාසක සික්ඛා උපාසකයන් විසින්. උපාසිකා සික්ඛා උපාසිකා. එහිද පංචසීල දසසීල වශයෙන් වටී. මෙහි භික්ඛු භික්ඛුණී සික්ඛා රහත්මග දක්වා වටී. උපාසක උපාසිකා සික්ඛා අනාගාමි මග දක්වා වටී. එය භික්ඛු තමා හික්මිය යුතු සික්ඛාපදවල පමණක් හික්මේ. සෙසු සික්ඛා අර්ථ දැක්වීම සඳහා කියන ලදි. ඉති ඉමාසු සික්ඛාසු. මේ ආකාර ශික්ෂා පදවල. සබ්බේන සබ්බං සියළු ශික්ෂාපද සමාදානයෙන් සියළු සික්ඛා. සබ්බථා සබ්බං සියල්ලෙන් හික්මිය යුතු ආකාරයෙන් සියළු ශික්ෂා. අසෙසං නිසෙසතං සේස අභාවයෙන් අසේස. සිහිමුළාවෙන් බිඳුන ශික්ෂාපදවල නැවත ප්‍රකෘතිමත් කිරීමෙන් නිස්සේස වේ. සමාදාය වත්තති. සමාදන් වීගෙන පවතී. තෙන වුච්චති යම් කාරණයකින් මේ සියළු ශික්ෂාපද සියල්ල හික්මිය යුතු ආකාරයෙන් සමාදන් වී හික්මෙයි. පුරයා යන තේරුමෙන් සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භොජනෙ මත්තඤ්ඤූතිපදද්වයස්ස නිද්දෙසෙ කණ්හපක්ඛස්ස පඨමවචනෙ පයොජනං ආචාරනිද්දෙසෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. තත්ථ කතමා ඉන්ද්රියෙසු අගුත්තද්වාරතාතිආදීසු පන යං වත්තබ්බං, තං සබ්බං නික්ඛෙපකණ්ඩවණ්ණනායං වුත්තමෙව.
ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භොජානෙ මත්තඤ්ඤූ දෙපදය විස්තරයෙහි කළු පක්ෂයෙහි පළමු වචනයෙහි ප්‍රයෝජන ආචාර නිද්දේසයෙහි කියන ලද නයින් දතයුතුය. තත්ථ කතමා ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා? යනාදියෙහි යමක් කිවයුතුද ඒ සියල්ල නික්ෂේප කාණ්ඩ වර්ණනාවෙහි කියන ලදමය.
ජාගරියානුයොගනිද්දෙසෙ පුබ්බරත්තාපරරත්තන්ති එත්ථ අඩ්ඪරත්තසඞ්ඛාතාය රත්තියා පුබ්බෙ පුබ්බරත්තං; ඉමිනා පඨමයාමඤ්චෙව පච්ඡාභත්තඤ්ච ගණ්හාති . රත්තියා පච්ඡා අපරරත්තං; ඉමිනා පච්ඡිමයාමඤ්චෙව පුරෙභත්තඤ්ච ගණ්හාති. මජ්ඣිමයාමො පනස්ස භික්ඛුනො නිද්දාකිලමථවිනොදනොකාසොති න ගහිතො. ජාගරියානුයොගන්ති ජාගරියස්ස අසුපනභාවස්ස අනුයොගං. අනුයුත්තො හොතීති තං අනුයොගසඞ්ඛාතං ආසෙවනං භාවනං අනුයුත්තො හොති සම්පයුත්තො. නිද්දෙසෙ පනස්ස ඉධ භික්ඛු දිවසන්ති පුබ්බණ්හො, මජ්ඣන්හො, සායන්හොති තයොපි දිවසකොට්ඨාසා ගහිතා. චඞ්කමෙන නිසජ්ජායාති සකලම්පි දිවසං ඉමිනා ඉරියාපථද්වයෙනෙව විහරන්තො. චිත්තස්ස ආවරණතො ආවරණීයෙහි ධම්මෙහි පඤ්චහිපි නීවරණෙහි සබ්බාකුසලධම්මෙහි වා චිත්තං පරිසොධෙති. තෙහි ධම්මෙහි විසොධෙති පරිමොචෙති. ඨානං පනෙත්ථ කිඤ්චාපි න ගහිතං, චඞ්කමනිසජ්ජාසන්නිස්සිතං පන කත්වා ගහෙතබ්බමෙව. පඨමයාමන්ති සකලස්මිම්පි පඨමයාමෙ. මජ්ඣිමයාමන්ති රත්තින්දිවස්ස ඡට්ඨකොට්ඨාසසඞ්ඛාතෙ මජ්ඣිමයාමෙ.
ජාගරියානු නිද්දේසයෙහි පුබ්බරත්තාපරරත්තං මෙහි අඩරැයක් සංඛ්‍යාත රාත්‍රියෙන් පෙර පුබ්බරත්ත වේ. මෙයින් පළමුවන යාමයද පසුබතද ගනියි. රාත්‍රියෙන් පසු අපර රත්ත වේ. මෙයින් පැසුළුයමද පෙරබතද ගනී. මධ්‍යම යාමය වනාහි භික්ෂුව හෝ නින්ද ක්ලාන්තය දුරුකර ගැනීමේ අවකාශයයි. අනුයුත්තො හොති එය අනුව යෙදීම් සංඛ්‍යාත යෝගය කිරීම වැඩීම අනුයුක්ත වූයේ ප්‍රයුක්ත වූයේ වෙයි. නිද්දේසයෙහි ඉධ භික්ඛු දිවසං පූර්වාහ්නය මධ්‍යාහ්නය සායණ්හ යන තුන දවසේ කොටස් යයි ගන්නා ලදි. චංඛමෙන නිසජ්ජාය සියලු දවස මේ ඉරියව් දෙකින් වාසය කරන්නේ සිත ආවරණ වශයෙන් ආවරණියෙහි ධම්මෙහි නීවරණ පහෙන්, සියළු අකුසල ධර්මවලින් හෝ. චිත්තං පරිසොධෙති ඒ ධර්මවලින් පිරිසිදු කරයි. මුදවයි. මෙහි ස්ථාන වශයෙන් කිසිවක් නොගන්නා ලදි. සක්මන හිඳීම ඇසුරුකර ගතයුතුමය. පඨම යාමං පළමුවන යාමය මුළුල්ලේම. මජ්ඣිමයාමං රෑ දවල් කොටස් හයේ මධ්‍යම යාමයෙහි
සීහසෙය්යන්ති එත්ථ කාමභොගීසෙය්යා, පෙතසෙය්‍යා, සීහසෙය්‍යා, තථාගතසෙය්යාති චතස්සො සෙය්යා. තත්ථ “යෙභුය්යෙන, භික්ඛවෙ, කාමභොගී වාමෙන පස්සෙන සෙන්තී”ති අයං කාමභොගීසෙය්යා. තෙසු හි යෙභුය්යෙන දක්ඛිණපස්සෙන සයානො නාම නත්ථි. “යෙභුය්යෙන, භික්ඛවෙ , පෙතා උත්තානා සෙන්තී”ති අයං පෙතසෙය්‍යා; අප්පමංසලොහිතත්තා හි අට්ඨිසඞ්ඝාටජටිතා එකෙන පස්සෙන සයිතුං න සක්කොන්ති, උත්තානාව සෙන්ති. සීහො, භික්ඛවෙ, මිගරාජා දක්ඛිණෙන පස්සෙන සෙය්යං කප්පෙති…පෙ… අත්තමනො හොතී”ති (අ· නි· 4.246) අයං සීහසෙය්‍යා; තෙජුස්සදත්තා හි සීහො මිගරාජා ද්වෙ පුරිමපාදෙ එකස්මිං ඨානෙ ද්වෙ පච්ඡිමපාදෙ එකස්මිං ඨානෙ ඨපෙත්වා නඞ්ගුට්ඨං අන්තරසත්ථිම්හි පක්ඛිපිත්වා පුරිමපාදපච්ඡිමපාදනඞ්ගුට්ඨානං ඨිතොකාසං සල්ලක්ඛෙත්වා ද්වින්නං පුරිමපාදානං මත්ථකෙ සීසං ඨපෙත්වා සයති; දිවසම්පි සයිත්‍වා පබුජ්ඣමානො න උත්තසන්තො පබුජ්ඣති, සීසං පන උක්ඛිපිත්වා පුරිමපාදාදීනං ඨිතොකාසං සල්ලක්ඛෙති; සචෙ කිඤ්චි ඨානං විජහිත්වා ඨිතං හොති ‘නයිදං තුය්හං ජාතියා න සූරභාවස්ස අනුරූප’න්ති අනත්තමනො හුත්වා තත්ථෙව සයති, න ගොචරාය පක්කමති; අවිජහිත්වා ඨිතෙ පන ‘තුය්හං ජාතියා ච සූරභාවස්ස ච අනුරූපමිද’න්ති හට්ඨතුට්ඨො උට්ඨාය සීහවිජම්භිතං විජම්භිත්වා කෙසරභාරං විධුනිත්වා තික්ඛත්තුං සීහනාදං නදිත්වා ගොචරාය පක්කමති. චතුත්ථජ්ඣානසෙය්යා පන තථාගතසෙය්යාති වුච්චති. තාසු ඉධ සීහසෙය්‍යා ආගතා. අයඤ්හි තෙජුස්සදඉරියාපථත්තා උත්තමසෙය්යා නාම.
සීහසෙය්යං මෙහි කාමභෝගී සයනය, පේත සයනය, සීහ සයනය, තථාගත සයනය යයි සයන හතරක් ඇත. එහි “මහණෙනි, කාමභෝගී සත්ත්වයෝ බොහෝසෙයින් වමැලයෙන් සයනය කරති.” මෙය කාමභෝගී සේවියා ඔවුන් කෙරෙහි බොහෝසෙයින් දකුණැලයෙන් සයනයක් නැත. “මහණෙනි, ප්‍රේතයෝ බොහෝසෙයින් උඩුබැල්ලෙන් හොවිත්. මස් ලේ අඩු නිසා ඇටකූඩුව ගැටෙන නිසා පැත්තකට ඇලවී සයන නොකළ හැකිය. එසේ සයනය කරති. මෙය පේත සයනය. “මහණෙනි, මෘගරාජ සිංහයා දකුණැලයෙන් හොවයි..... සතුටුවිය. මේ සිංහ සෙය්යාවය. තේජස් වැඩිහෙයින් සිංහයා පෙර පා දෙක එකතැනක පසු පා දෙක එකතැනක තබා වලිගය දෙකකුල් අතර රුවා පෙර පා හා පසු පා වලිගය තැබීමට අවකාශ සලකා පෙරපා දෙක මත හිස තබා සයනය කරයි. දවසම නිදා පිබිදෙන්නේ තැති ගැනීමෙන් නොනැගිටියි. හිස ඔසවා පෙර පා ආදියේ පිහිටි අවකාශය සලකයි. කිසිතැනක අඩුවක් පැවතියේ නම් මෙය ඔබ වැනි සුර ජාතිකයෙකුට අනුරූප නොවන්නේ යයි නොසතුටුව එහිම නිදයි. ගොදුරු පිණිස නොයේ. අඩුවක් නැතිව පැවතියේ නම් ඔබ වැනි සුර ජාතිකයෙකුට සුදුසු යයි සතුටුවී නැගිට කිළිපොළා කෙසරු සලා තෙවරක් සිංහනාද කොට ගොදුරු පිණිස යයි. චතුර්ථ ධ්‍යාන සෙය්යාව තථාගත සෙය්යා යයි කියනු ලැබේ. ඒවා මෙහි සීහ සෙය්යාවේ ආවේය. මෙය තේජස් වැඩි සෙය්යාව නිසා උත්තම සෙය්යාව වේ.
පාදෙ පාදන්ති දක්ඛිණපාදෙ වාමපාදං. අච්චාධායාති අතිආධාය ඊසකං අතික්කම්ම ඨපෙත්වා ගොප්ඵකෙන හි ගොප්ඵකෙ ජාණුනා වා ජාණුම්හි සඞ්ඝට්ටියමානෙ අභිණ්හං වෙදනා උප්පජ්ජති, චිත්තං එකග්ගං න හොති, සෙය්යා අඵාසුකා හොති; යථා පන න සඞ්ඝට්ටෙති, එවං අතික්කම්ම ඨපිතෙ වෙදනා නුප්පජ්ජති, චිත්තං එකග්ගං හොති, සෙය්යා ඵාසුකා හොති. තෙන වුත්තං “පාදෙ පාදං අච්චාධායා”ති. සතො සම්පජානොති සතියා චෙව සම්පජානපඤ්ඤාය ච සමන්නාගතො හුත්වා. ඉමිනා සුපරිග්ගාහකං සතිසම්පජඤ්ඤං කථිතං. උට්ඨානසඤ්ඤං මනසිකරිත්වාති අසුකවෙලාය නාම උට්ඨහිස්සාමී’ති එවං උට්ඨානවෙලාපරිච්ඡෙදකං උට්ඨානසඤ්ඤං චිත්තෙ උපෙත්වා. එවං කත්වා නිපන්නො හි යථාපරිච්ඡින්නකාලෙයෙව උට්ඨාතුං යුත්තො.
පාදෙපාදං දකුණුපයේ වම්පය. අච්චාදාය අතිආදාය ම්ඳක් ඇද තබා ගොප් ඇටයෙන් ඇස් වට දණහිසෙන් දණහිස ගැටෙන්නේ නිතර වේදනා ඉපදේ. සිත එකඟ නොවේ. සයනය අපහසු වේ. නොගැටෙන සේ මෙසේ ඇද තබනවිට වේදනා නොඉපදේ. සිත එකඟ වේ. සයනය පහසු වේ. පාදෙන පාදං අච්චාදාය යයි ඒ නිසා කියන ලදි. සතො සම්පජානො සිහියෙන්ද දැනීමෙන්ද යුක්තව. මෙය මනාසේ ගන්නා ලද සතිසම්බොජ්ඣංගය යයි කියන ලදි. උට්ඨාන සඤ්ඤං මනසි කරිත්වා අසවල් වේලාවේ නැගිටිමි. නැගිටින වේලාව නියම කිරීම, නැගිටින වේලාව සිතේ නම් මෙසේ කොට නිපන්නහු නියම කරගත් කාලයෙහිම නැගිටියි.
සාතච්චං නෙපක්කන්ති සතතං පවත්තයිතබ්බතො සාතච්චසඞ්ඛාතං වීරියඤ්චෙව පරිපාකගතත්තා නෙපක්කසඞ්ඛාතං පඤ්ඤඤ්ච යුත්තො අනුයුත්තො පවත්තයමානොයෙව ජාගරියානුයොගං අනුයුත්තො විහරතීති අත්ථො. එත්ථ ච වීරියං ලොකියලොකුත්තරමිස්සකං කථිතං, පඤ්ඤාපි වීරියගතිකා එව; වීරියෙ ලොකියම්හි ලොකියා, ලොකුත්තරෙ ලොකුත්තරාති අත්ථො.
සාතච්චං නෙපක්කං නිතරම පැවැත්වීම් වශයෙන් සාතච්ච සංඛ්‍යාත වීර්යද පැසුණු බවට ගිය නෙපක්ක සංඛයාත ප්‍රඥාවද යුක්ත වූ අනුයුක්තව පවත්වන්නේ ජාගරියානු යෝගයෙන් අනුයුක්තව වාසය කරන්නේය යන අර්ථය වේ. ප්‍රඥාවද වීර්යගතික වේ. වීර්ය ලෝකයෙහි ලෞකික ලෝකෝත්තර අතරෙහි ලෝකෝත්තරය යන අර්ථයයි.
බොධිපක්ඛියානං ධම්මානන්ති චතුසච්චබොධිසඞ්ඛාතස්ස මග්ගඤාණස්ස පක්ඛෙ භවානං ධම්මානං. එත්තාවතා සබ්බෙපි සත්තතිංස බොධිපක්ඛියධම්මෙ සමූහතො ගහෙත්වා ලොකියායපි භාවනාය එකාරම්මණෙ එකතො පවත්තනසමත්ථෙ බොජ්ඣඞ්ගෙයෙව දස්සෙන්තො සත්ත බොජ්ඣඞ්ගාතිආදිමාහ. තෙ ලොකියලොකුත්තරමිස්සකාව කථිතාති වෙදිතබ්බා. සෙසමෙත්ථ හෙට්ඨා වුත්තනයත්තා උත්තානත්ථමෙව.
බොධිපක්ඛියානං ධම්මානං චතුරාර්ය සත්‍ය බෝධිසංඛ්යාත වූ මාර්ග ඤාණ පක්ෂයෙහි වඩන්නා වූ ධර්මයන්ගේ. මෙතෙකින් සියළු සත් තිස් බෝධි පාක්ෂික ධර්ම සමූහ වශයෙන් ගෙනා ලෞකික භාවනාවෙහිද එක අරමුණෙහි පවත්වන සමර්ථ බෝධි අංගයෙහිම දක්වන්නේ සත්තබොජ්ඣංගා යනාදිය කීහ. ඒවා ලෞකික ලෝකෝත්තර මිශ්‍රව කියන ලදැයි දතයුතුය. මෙහි සෙස්ස යට කියන ලද නයින් පැහැදිලිය.
අභික්කන්තෙතිආදිනිද්දෙසෙ අභික්කන්තෙ පටික්කන්තෙති එත්ථ තාව අභික්කන්තං වුච්චති පුරතො ගමනං. පටික්කන්තන්ති නිවත්තනං. තදුභයම්පි චතූසු ඉරියාපථෙසු ලබ්භති. ගමනෙ තාව පුරතො කායං අභිහරන්තො අභික්කමති නාම, පටිනිවත්තන්තො පටික්කමති නාම. ඨානෙපි ඨිතකොව කායං පුරතො ඔනාමෙන්තො අභික්කමති නාම, පච්ඡතො අපනාමෙන්තො පටික්කමති නාම. නිසජ්ජායපි නිසින්නකොව ආසන්නස්ස පුරිමඅඞ්ගාභිමුඛො සංසරන්තො අභික්කමති නාම, පච්ඡිමඅඞ්ගප්පදෙසං පච්චාසංසරන්තො පටික්කමති නාම. නිපජ්ජායපි එසෙව නයො.
අභික්කන්තෙ ආදි නිද්දේසයෙහි අභික්කන්තෙ පටික්කන්තෙ යන මෙහි පළමුව අභික්කන්ත කියනු ලැබේ. පෙරට ගමන් පටික්කන්ත පසුගමන නැවතීම දෙකම සතර ඉරියව්වෙහි ලැබේ. ගමනයෙහි කය පෙරට යවන්නේ අභික්කමති නමි. ආපසු හැරෙන්නේ පටික්කමති නමි. ස්ථානයේ සිටියේම කය පෙරම නමන්නේ අභික්කමති නමි. පහතට නමන්නේ පටික්කමති නමි. පසු අග පෙදෙස පසුපසට හරවන්නේ පටික්කමති නමි. හිඳීමෙහිද මෙම නයයි.
සම්පජානකාරී හොතීති සම්පජඤ්ඤෙන සබ්බකිච්චකාරී, සම්පජඤ්ඤස්සෙව වා කාරී. සො හි අභික්කන්තාදීසු සම්පජඤ්ඤං කරොතෙව, න කත්ථචි සම්පජඤ්ඤවිරහිතො හොති. තං පන සම්පජඤ්ඤං යස්මා සතිසම්පයුත්තමෙව හොති, තෙනස්ස නිද්දෙසෙ “සතො සම්පජානො අභික්කමති, සතො සම්පජානො පටික්කමතී”ති වුත්තං.
සම්පජානකාරීහොති මනා දැනීමෙන් සියළු කටයුතු කරන්නේ හෝ මනා දැනීමේම කටයුතු. හේ ඉදිරියට යෑම් ආදියෙහි දැනීමෙන්ම කරන්නේ කිසිවක දැනීමෙන් වෙන් නොවේ. එය මනා දැනීමයි. එය සිහියෙන් යුක්ත වන්නේමය. එහෙයින් මේ නිර්දේශයෙහි සිහියෙන් හා දැනීමෙන් යුක්ත වූයේ ඉදිරියට යයි. සිහියෙන් හා දැනීමෙන් යුක්ත වූයේ ආපසු යයි කියන ලදි.
අයඤ්හි අභික්කමන්තො වා පටික්කමන්තො වා න මුට්ඨස්සතී අසම්පජානො හොති; සතියා පන සමන්නාගතො පඤ්ඤාය ච සම්පජානොයෙව අභික්කමති චෙව පටික්කමති ච; සබ්බෙසු අභික්කමාදීසු චතුබ්බිධං සම්පජඤ්ඤං ඔතාරෙති. චතුබ්බිධඤ්හි සම්පජඤ්ඤං – සාත්ථකසම්පජඤ්ඤං, සප්පායසම්පජඤ්ඤං, ගොචරසම්පජඤ්ඤං, අසම්මොහසම්පජඤ්ඤන්ති. තත්ථ අභික්කමනචිත්තෙ උප්පන්නෙ චිත්තවසෙනෙව අගන්ත්වා ‘කින්නු මෙ එත්ථ ගතෙන අත්ථො අත්ථි, නත්ථී’ති අත්ථානත්ථං පරිග්ගහෙත්වා අත්ථපරිග්ගණ්හනං ‘සාත්ථකසම්පජඤ්ඤං’. තත්ථ ච ‘අත්ථො’ති චෙතියදස්සනබොධිදස්සනසඞ්ඝදස්සනථෙරදස්සනඅසුභදස්සනාදිවසෙන ධම්මතො වඩ්ඪි. චෙතියං වා බොධිං වා දිස්වාපි හි බුද්ධාරම්මණං පීතිං, සඞ්ඝදස්සනෙන සඞ්ඝාරම්මණං පීතිං උප්පාදෙත්වා තදෙව ඛයවයතො සම්මසන්තො අරහත්තං පාපුණාති. ථෙරෙ දිස්වා තෙසං ඔවාදෙ පතිට්ඨාය, අසුභං දිස්වා තත්ථ පඨමජ්ඣානං උප්පාදෙත්වා තදෙව ඛයවයතො සම්මසන්තො අරහත්තං පාපුණාති. තස්මා එතෙසං දස්සනං සාත්ථං. කෙචි පන “ආමිසතොපි වඩ්ඪි අත්ථොයෙව; තං නිස්සාය බ්රහ්මචරියානුග්ගහාය පටිපන්නත්තා”ති වදන්ති.
මේ ඉදිරියට යන්නේ ආපසු යන්නේ නුමුළා සිහියෙන් දැනීමෙන් වේ. සිහියෙන් හා ප්‍රඥාවෙන් යුක්ත දැනීමෙන්ම ඉදිරියට යෑමද ආපසු යෑමද සියළු ඉදිරියට යෑම් ආදියෙහි සිව්වැදෑරුම් දැනීමෙන්ම කරයි. චතුර්විධ සම්පජඤ්ඤය නම් සාත්ථක සම්පජඤ්ඤ සප්පාය සම්පජඤ්ඤ ගෝචර සම්පජඤ්ඤ අසම්මෝහ සම්පජඤ්ඤ වේ. එහි ඉදිරියට යන සිත උපන්කල්හි සිත වහයෙන්ම පැමිණ එහි යෑමෙන් මට කුමන ප්‍රයෝජනයක් ඇත්ද? නැද්දැයි අර්ථ අනර්ථ විමසා ප්‍රයෝජන විමසීම සාර්ථක සම්පජඤ්ඤ වේ. එහිද අර්ථය යයි සෑය දැකීම, බෝධිය දැකීම, සංඝයා දැකීම ස්ථවිරයන් දැකීම අසුභ දර්ශන වශයෙන් ධර්මය වැඩේ. සෑය හෝ බෝධිය හෝ දැක බුද්ධාලම්බන ප්‍රීතියද සංඝ දර්ශනයෙන් සංඝාරම්මණ ප්‍රීතියද උපදවා එවේලාවේම ක්ෂය වශයෙන් මෙනෙහි කරන්නේ රහත්බවට පැමිණේ. තෙරුන් දැක උන්වහන්සේලාගේ අවවාදයෙහි පිහිටා අසුභ දැක එහි ප්‍රථම ධ්‍යානය උපදවා එවේලාවේම ක්ෂය වශයෙන් මෙනෙහි කර රහත් බවට පැමිණේ. එනිසා මේ දැකීම් සාර්ථකය. කිසිවෙක් ආමිස වශයෙන් වැඩේ යන අර්ථයම ගනී. එනිසා බ්‍රහ්මචරිය අනුග්‍රහය පිණිස පිළිපන්නේ යයි කියති.
තස්මිං පන ගමනෙ සප්පායාසප්පායං පරිග්ගහෙත්වා සප්පායපරිග්ගණ්හනං ‘සප්පායසම්පජඤ්ඤං’, සෙය්යථිදං – චෙතියදස්සනං තාව සාත්ථං. සචෙ පන චෙතියස්ස මහතියා පූජාය දසද්වාදසයොජනන්තරෙ පරිසා සන්නිපතන්ති , අත්තනො විභවානුරූපං ඉත්ථියොපි පුරිසාපි අලඞ්කතපටියත්තා චිත්තකම්මරූපකානි විය සඤ්චරන්ති, තත්ර චස්ස ඉට්ඨෙ ආරම්මණෙ ලොභො, අනිට්ඨෙ පටිඝො, අසමපෙක්ඛනෙ මොහො උප්පජ්ජති, කායසංසග්ගාපත්තිං වා ආපජ්ජති, ජීවිතබ්රහ්මචරියානං වා අන්තරායො හොති. එවං තං ඨානං අසප්පායං හොති. වුත්තප්පකාරඅන්තරායාභාවෙ සප්පායං. බොධිදස්සනෙපි එසෙව නයො. සඞ්ඝදස්සනම්පි සාත්ථං. සචෙ පන අන්තොගාමෙ මහාමණ්ඩපං කාරෙත්වා සබ්බරත්තිං ධම්මස්සවනං කරොන්තෙසු මනුස්සෙසු වුත්තප්පකාරෙනෙව ජනසන්නිපාතො චෙව අන්තරායො ච හොති. එවං තං ඨානං අසප්පායං හොති; අන්තරායාභාවෙ සප්පායං හොති. මහාපරිසපරිවාරානං ථෙරානං දස්සනෙපි එසෙව නයො.
ඒ ගමනෙහි සප්පාය අසප්පාය විමසා සප්පාය ගැනීම සප්පාය සම්පජඤ්ඤ වේ. කෙසේද? පළමුව චේතිය දර්ශනය අර්ථ සම්මත බව. චේතිය මහත් වේනම් පූජාව පිණිස දසදොළොස් යොදුනක් අතර පිරිස රැස්වෙති. තමාගේ සම්පත් අනුව ස්ත්‍රීහුද පුරුෂයෝද අලංකාරයෙන් සැරසුනේ සිතුවම් රූමෙන් හැසිරෙති. එහිද ඉෂ්ටාරම්මණයෙහි ලෝභයද අනිෂ්ටාරම්මණයෙහි දෝෂයද ස්ථාන සතු නැතැයි බැලීමෙන් මෝහයද උපදී. කාය සංසර්ග ආපත්තියටද පැමිණේ. ජීවිත බ්රහ්මචර්යාවටද හානි පැමිණේ. මෙසේ එතැන අසප්පාය වේ. කියන ලද ආකාර අන්තරාය නැති තැන සප්පාය වේ. බෝධි දර්ශනයෙහිද මෙම නයයි. සංඝ දර්ශනය සාර්ථක වන්නේ. ගම ඇතුළෙහි මහා මණ්ඩපයක් කරවා රාත්‍රිය මුළුල්ලේ ධර්මශ්රවණය කරන මිනිසුන් කෙරෙහිද කියන ලද අකාරයෙන්ම ජන සන්නිපාතයක්ද අන්තරායද වේ. එසේ එම ස්ථානය අසප්පාය වේ. මහ පිරිස් පිරිවැරූ ථෙර දර්ශනයද මෙම නයයි.
අසුභදස්සනම්පි සාත්ථං. තදත්ථදීපනත්ථඤ්ච ඉදං වත්ථු – එකො කිර දහරභික්ඛු සාමණෙරං ගහෙත්වා දන්තකට්ඨත්ථාය ගතො. සාමණෙරො මග්ගා ඔක්කමිත්වා පුරතො ගච්ඡන්තො අසුභං දිස්වා පඨමජ්ඣානං නිබ්බත්තෙත්වා තදෙව පාදකං කත්වා සඞ්ඛාරෙ සම්මසන්තො තීණි ඵලානි සච්ඡිකත්වා උපරිමග්ගත්ථාය කම්මට්ඨානං පරිග්ගහෙත්වා අට්ඨාසි. දහරො තං අපස්සන්තො “සාමණෙරා”ති පක්කොසි. සො ‘මයා පබ්බජිතදිවසතො පට්ඨාය භික්ඛුනා සද්ධිං ද්වෙ කථා නාම න කථිතපුබ්බා, අඤ්ඤස්මිං දිවසෙ උපරිවිසෙසං නිබ්බත්තෙස්සාමී’ති චින්තෙත්වා “කිං, භන්තෙ”ති පටිවචනං අදාසි. “එහී”ති ච වුත්තො එකවචනෙනෙව ආගන්ත්වා “භන්තෙ, ඉමිනා තාව මග්ගෙන ගන්ත්වා මයා ඨිතොකාසෙ මුහුත්තං පුරත්ථාභිමුඛො ඨත්වා ඔලොකෙථා”ති ආහ. සො තථා කත්වා තෙන පත්තවිසෙසමෙව පාපුණි. එවං එකං අසුභං ද්වින්නං ජනානං අත්ථාය ජාතං. එවං සාත්ථම්පි පනෙතං පුරිසස්ස මාතුගාමාසුභං අසප්පායං, මාතුගාමස්ස ච පුරිසාසුභං, සභාගමෙව සප්පායන්ති. එවං සප්පායපරිග්ගණ්හනං සප්පායසම්පජඤ්ඤං නාම.
අසුභ දර්ශනය සාර්ථක වන්නේ එම අර්ථය දැක්වීම සඳහා මෙය කථා වස්තුවකි. එක් දහර භික්ෂුවක් සාමණේරයකු ගෙන දැහැටි දඬු සඳහා ගියේය. සාමණේර තෙම මාර්ගයෙන් ඉවත්වී ඉදිරියෙන් යන්නේ අසුභයක් දැක ප්‍රථමධ්‍යානය උපදවා එයම පාදක කොටගෙන සංස්කාරයන් සම්මර්ශනය කරන්නේ ත්‍රිවිධ ඵල සාක්ෂාත්කර උපරි මාර්ගය සඳහා කමටහන් මෙනෙහි කරමින් සිටියේය. දහර භික්ෂු ඔහු නොදක්නේ සාමණේර යයි කැඳවීය. හෙතෙම මම පැවිදි වූදා පටන් භික්ෂූන් සමග හැසිරෙන්නේ දෙවරක් කතා කරනතුරු නොසිටියෙමි. වෙනත් දවසක මත්තෙහි විශේෂයක් උපදවන්නෙමියි සිතා, කිම ස්වාමීනියි පිළිවදන් දුන්නේය. එන්න යයි කියන ලද කල්හි එක් වචනයෙන්ම අවුත් ස්වාමීනි, මෙයින් පළමු මගින් ගොස් මා සිටින ස්ථානයෙහි පෙර දිසාවට අභිමුඛව සිට බලන්නැයි කීවේය. හේ එසේ කොට ඔහු විසින් පැමිණෙන ලද විසයටම පැමිණියේය. මෙසේ එක් අසුභයක් දෙදෙනෙකුට ප්‍රයෝජනවත් විය. මෙසේ මෙය සාර්ථක වූ පුරුෂයාට ස්ත්‍රී අසුභය අසප්පාය වේ. ස්ත්රියටද පුරුෂ අසුභය අසප්පාය වේ. සභාග අසුභයම සප්පාය වේ. මෙසේ සප්පාය විමසීම සප්පාය සම්පජඤ්ඤ වේ.
එවං පරිග්ගහිතසාත්ථසප්පායස්ස පන අට්ඨතිංසාය කම්මට්ඨානෙසු අත්තනො චිත්තරුචියං කම්මට්ඨානසඞ්ඛාතං ගොචරං උග්ගහෙත්වා භික්ඛාචාරගොචරෙ තං ගහෙත්වාව ගමනං ‘ගොචරසම්පජඤ්ඤං’ නාම. තස්සාවිභාවනත්ථං ඉදං චතුක්කං වෙදිතබ්බං –
මෙසේ විමසන ලද සාර්ථ සප්පායේ අටතිස් කමටහන් අතුරෙන් තම සිතට රුචි කමටහන් සංඛ්‍යාත ගෝචරය ඉගෙන භික්ෂාචාරයෙහි එය රැගෙන ගමන ගෝචර සම්පජඤ්ඤ වේ. එය විස්තර කිරීම සඳහා මේ චතුෂ්කය දැනගත යුතුය.
ඉධෙකච්චො භික්ඛු හරති න පච්චාහරති, එකච්චො න හරති පච්චාහරති, එකච්චො පන නෙව හරති න පච්චාහරති, එකච්චො හරති ච පච්චාහරති ච. තත්ථ යො භික්ඛු දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙත්වා, තථා රත්තියා පඨමයාමෙ මජ්ඣිමයාමෙ සෙය්යං කප්පෙත්වා පච්ඡිමයාමෙපි නිසජ්ජාචඞ්කමෙහි වීතිනාමෙත්වා පගෙව චෙතියඞ්ගණබොධියඞ්ගණවත්තං කත්වා බොධිරුක්ඛෙ උදකං ආසිඤ්චිත්වා පානීයං පරිභොජනීයං පච්චුපට්ඨාපෙත්වා ආචරියුපජ්ඣායවත්තාදීනි සබ්බානි ඛන්ධකවත්තානි සමාදාය වත්තති, සො සරීරපරිකම්මං කත්වා සෙනාසනං පවිසිත්වා ද්වෙ තයො පල්ලඞ්කෙ උසුමං ගාහාපෙන්තො කම්මට්ඨානං අනුයුඤ්ජිත්වා, භික්ඛාචාරවෙලාය උට්ඨහිත්වා කම්මට්ඨානසීසෙනෙව පත්තචීවරමාදාය සෙනාසනතො නික්ඛමිත්වා කම්මට්ඨානං මනසිකරොන්තොව චෙතියඞ්ගණං ගන්ත්වා, සචෙ බුද්ධානුස්සතිකම්මට්ඨානං හොති තං අවිස්සජ්ජෙත්වාව චෙතියඞ්ගණං පවිසති, අඤ්ඤං චෙ කම්මට්ඨානං හොති සොපානමූලෙ ඨත්වා හත්ථෙන ගහිතභණ්ඩං විය තං ඨපෙත්වා බුද්ධාරම්මණං පීතිං ගහෙත්වා චෙතියඞ්ගණං ආරුය්හ මහන්තං චෙතියං චෙ, තික්ඛත්තුං පදක්ඛිණං කත්වා චතූසු ඨානෙසු වන්දිතබ්බං, ඛුද්දකං චෙ, තථෙව පදක්ඛිණං කත්වා අට්ඨසු ඨානෙසු වන්දිතබ්බං. චෙතියං වන්දිත්වා බොධියඞ්ගණං පත්තෙනාපි බුද්ධස්ස භගවතො සම්මුඛා විය නිපච්චාකාරං දස්සෙත්වා බොධි වන්දිතබ්බා.
මෙහි සමහර භික්ෂු කෙනෙක් ගෙනයයි. ආපසු ගෙන නොඑයි. සමහර කෙනෙක් ගෙන නොයති. ආපසු ගෙන එති. කෙනෙක් ගෙන නොයති. ආපසු ගෙන නොඑති. කෙනෙක් ගෙන යති. ආපසු ගෙන යති. එහි භික්ෂු නමක් දිවා කාලයෙහි සක්මනේ හිඳ ආවරණී ධර්මවලින් සිත පිරිසිදුකොට එසේම රාත්‍රියේ පළමුවන දෙවන යාමවල නිදාගෙන පැසුළු යාමයෙහිද සිත සක්මනෙහි කාලය ගතකොට උදේම සෑමලු බෝමලු වතාවත්කොට බෝගසට ජලය ඉස පානීය පරිභෝජනීය ජලය ගෙනවුත් තම ආචරිය උපජ්ඣාය වත්තාදි සියළු ඛන්ධක වත් සමාදන්ව පවතී. හේ සිරුරු කිසකොට සේනාසනයට පිවිස දෙතුන් වරක් පලගෙහි උණුසුම ගන්වන්නේ කමටහනෙහි යෙදී පිඬු සිඟන වේලාවෙහි නික්මී කමටහන සිහිකරමින් සෑමලුවට ගොස් බුද්ධානුස්සති කමටහන වේනම් එය අත්නොහැරම සෑමලුවට පිවිසෙයි. වෙනත් කමටහනක් වේනම් පඩිපෙල මුල සිට අතින් ගත් භාණ්ඩයක් මෙන් එය තමා බුද්ධාලම්භන ප්‍රීතිය ගෙන සෑමලුවට නැගී මහසෑයක් නම් තුන්වරක් පැදකුණු කොට ස්ථාන හතරක වැඳිය යුතුය. කුඩා සෑයක් නම් එසේම පැදකුණු කොට ස්ථාන අටක වැඳිය යුතුය. සෑය වැඳ බෝමලුවට පැමිණෙන්නේද භාග්‍යවත් බුදුන්වහන්සේ ඉදිරියෙහි මෙන් නිහතමානීකම දක්වා බෝධිය වැඳිය යුතුය.
සො එවං චෙතියඤ්ච බොධිඤ්ච වන්දිත්වා පටිසාමිතට්ඨානං ගන්ත්වා, පටිසාමිතං භණ්ඩකං හත්ථෙන ගණ්හන්තො විය, නික්ඛිත්තකම්මට්ඨානං ගහෙත්වා ගාමසමීපෙ කම්මට්ඨානසීසෙනෙව චීවරං පාරුපිත්වා ගාමං පිණ්ඩාය පවිසති. අථ නං මනුස්සා දිස්වා ‘අය්යො නො ආගතො’ති පච්චුග්ගන්ත්වා පත්තං ගහෙත්වා ආසනසාලාය වා ගෙහෙ වා නිසීදාපෙත්වා යාගුං දත්වා යාව භත්තං න නිට්ඨාති තාව පාදෙ ධොවිත්වා තෙලෙන මක්ඛෙත්වා පුරතො නිසීදිත්වා පඤ්හං වා පුච්ඡන්ති ධම්මං වා සොතුකාමා හොන්ති. සචෙපි න කථාපෙන්ති “ජනසඞ්ගහත්ථං ධම්මකථා නාම කාතබ්බායෙවා”ති අට්ඨකථාචරියා වදන්ති. ධම්මකථා හි කම්මට්ඨානවිනිමුත්තා නාම නත්ථි. තස්මා කම්මට්ඨානසීසෙනෙව ආහාරං පරිභුඤ්ජිත්වා අනුමොදනං වත්වා නිවත්තියමානෙහිපි මනුස්සෙහි අනුගතොව ගාමතො නික්ඛමිත්වා තත්ථ තෙ නිවත්තෙත්වා මග්ගං පටිපජ්ජති.
හේ මෙසේ සෑයද බෝධියද වැඳ තැන්පත් ස්ථානයකට ගොස් තැන්පත් කළ භාණ්ඩයක් අතින් ගන්නාක් මෙන් බහා තැබූ කමටහන ගෙන ගම සමීපයෙහි කමටහන් හිසින්ම සිවුරු පොරවා ගමට පිඬු පිණිස පිවිසෙයි. ඉක්බිති මිනිස්සු ඔහු දැක අපගේ ආර්යයන් වහන්සේ වැඩියේයයි පෙරගමන් කොට පාත්‍රය ගෙන ආසන ශාලාවෙහි හෝ ගෙදර හෝ වඩා හිඳුවා කැඳ පිළිගන්වා බත ඉදී නැත්නම් පා දෙවා තෙල් ගල්වා පිරිමැද ඉදිරියෙහි හිඳ ප්‍රශ්න හෝ අසති. ධර්මය හෝ අසන්නට කැමති වෙති. කථා නොකෙරෙත් නම් ජන සංග්‍රහය සඳහා ධර්ම කථා නම් කළයුතුමයයි අටුවා ආචාරීහු කියති. ධර්ම කථාවන්හි කමටහනින් වෙන්වීමක් නම් නැත. එහෙයින් කමටහන් හිසින්ම ආහාර වළඳා අනුමෝදනා වදාරා නවතින මිනිසුන් අනුවම ගමින් නික්මී එහි ඔවුන් නවත්වා මග අසයි.
අථ නං පුරෙතරං නික්ඛමිත්වා බහිගාමෙ කතභත්තකිච්චා සාමණෙරදහරභික්ඛූ දිස්වා පච්චුග්ගන්ත්වා පත්තචීවරමස්ස ගණ්හන්ති. පොරාණකභික්ඛූ කිර ‘අම්හාකං උපජ්ඣායො, අම්හාකං ආචරියො’ති න මුඛං ඔලොකෙත්වා වත්තං කරොන්ති, සම්පත්තපරිච්ඡෙදෙනෙව කරොන්ති. තෙ තං පුච්ඡන්ති “භන්තෙ, එතෙ මනුස්සා තුම්හාකං කිං හොන්ති? මාතිපක්ඛතො සම්බන්ධා පිතිපක්ඛතො”ති? “කිං දිස්වා පුච්ඡථා”ති? “තුම්හෙසු එතෙසං පෙමං බහුමාන”න්ති. “ආවුසො, යං මාතාපිතූහිපි දුක්කරං තං එතෙ මනුස්සා අම්හාකං කරොන්ති. පත්තචීවරම්පි නො එතෙසං සන්තකමෙව, එතෙසං ආනුභාවෙන නෙව භයෙ භයං, න ඡාතකෙ ඡාතකං ජානාම. එදිසා නාම අම්හාකං උපකාරිනො නත්ථී”ති තෙසං ගුණෙ කථෙන්තො ගච්ඡති. අයං වුච්චති ‘හරති න පච්චාහරතී’ති.
ඉක්බිති ඔහුට පෙර නික්මී ගමෙන් පිටකරන ලද බත්කිස ඇත්තේ සාමණේර ද භික්ඛු දැක පෙරගමන්කොට ඔහුගේ පාසිවුරු ගනිති. පුරාණ භික්ෂුහු අපගේ උපාධ්‍යායන් අපගේ ආචාර්යයන් වහන්සේ යයි මුහුණ නොබලා වතාවත් කරති. පැමිණි නියමයෙන්ම කරති. ඔව්හු ඔහු විචාරති. ස්වාමීනි, මේ මිනිස්සු ඔබවහන්සේ කවුරුන් වෙත්ද? සම්බන්ධය මව් පක්ෂයෙන්ද? පිය පක්ෂයෙන්ද? කුමක් දැක විචාරවුද? ඔබවහන්සේ කෙරෙහි මොවුන්ගේ ප්‍රේමය බලවත්ය. ඇවැත්නි, මව්පියන්ට දුෂ්කර වූ දෙයක් මොවුහු අපට කරති. අපගේ පාසිවුරුද ඔවුන් සන්තකය. මොවුන්ගේ ආනුභාවයෙන් බියෙහි බියක් නැත. බඩගින්නෙහි බඩගින්නක් නොදනිමු. මොවුන් හා සමාන අපට උපකාර වන්නෝ නැත්තාහ යයි ඔවුන්ගේ ගුණ කියන්නේ යයි මෙය හරති න පච්චාහරති යයි කියනු ලැබේ.
යස්ස පන පගෙව වුත්තප්පකාරං වත්තපටිපත්තිං කරොන්තස්ස කම්මජතෙජො පජ්ජලති, අනුපාදින්නකං මුඤ්චිත්වා උපාදින්නකං ගණ්හාති, සරීරතො සෙදා මුච්චන්ති, කම්මට්ඨානං වීථිං නාරොහති, සො පගෙව පත්තචීවරමාදාය වෙගසාව චෙතියං වන්දිත්වා ගොරූපානං නික්ඛමනවෙලායමෙව ගාමං යාගුභික්ඛාය පවිසිත්වා යාගුං ලභිත්වා ආසනසාලං ගන්ත්වා පිවති. අථස්ස ද්වත්තික්ඛත්තුං අජ්ඣොහරණමත්තෙනෙව කම්මජතෙජොධාතු උපාදින්නකං මුඤ්චිත්වා අනුපාදින්නකං ගණ්හාති, ඝටසතෙන න්හාතො විය තෙජොධාතුපරිළාහනිබ්බානං පත්වා කම්මට්ඨානසීසෙන යාගුං පරිභුඤ්ජිත්වා පත්තඤ්ච මුඛඤ්ච ධොවිත්වා අන්තරාභත්තෙ කම්මට්ඨානං මනසිකත්වා අවසෙසට්ඨානෙ පිණ්ඩාය චරිත්වා කම්මට්ඨානසීසෙන ආහාරං පරිභුඤ්ජිත්වා තතො පට්ඨාය පොඞ්ඛානුපොඞ්ඛං උපට්ඨහමානං කම්මට්ඨානං ගහෙත්වාව ආගච්ඡති. අයං වුච්චති ‘න හරති පච්චාහරතී’ති. එදිසා ච භික්ඛූ යාගුං පිවිත්වා විපස්සනං ආරභිත්වා බුද්ධසාසනෙ අරහත්තං පත්තා නාම ගණනපථං වීතිවත්තා. සීහළදීපෙයෙව තෙසු තෙසු ගාමෙසු ආසනසාලාය න තං ආසනං අත්ථි, යත්ථ යාගුං පිවිත්වා අරහත්තං පත්තා භික්ඛූ නත්ථීති.
යමෙකුට වනාහි කියන ලද ආකාර වත් පිළිවෙත් කරන්නේ කර්මජ තේජෝ ධාතුව දැල්වෙයි. ගත යුතු දේ මුදා නොගත යුතු දේ ගනියි. ශරීරයෙන් ඩා වැගිරේ. කමටහන මාර්ගයට නොපැමිණෙයි. හේ උදෑසන පාසිවුරු ගෙන වේගයෙන් සෑය වැඳ ගෙරි සරක් නික්මෙන වේලාවෙහිම කැඳ පිණිස ගමට පිවිස කැඳ ලබා ආසන සාලාවට ගොස් වළඳයි. දෙතුන් වරක් ගිලෙනවිටම කර්මජ තේජෝ ධාතුව නොගත යුතු දේ මුදා ගතයුතු දේ ගනියි. කල සියයකින් නානවා මෙන් තේජෝ ධාතු ගින්න නිවී කමටහන් හිසින් කැඳ වළඳා පාත්‍රයද මුවද දොවා උදේ දවල් ආහාර අතර කමටහන මෙනෙහිකොට පිඬු පිණිස කමටහන් හිසින් ආහාර වළඳා එතැන් පටන් එළඹ සිටි කමටහන ගෙනම එයි. මෙය න හරති පච්චාහරති යයි කියනු ලැබේ. එබඳු වූම භික්ෂුවක් කැඳ බී විදර්ශනාව අරඹා බුදු සසුනෙහි රහත්බවට පැමිණි අය ගණන් කරන්ට නොහැකිය. සිංහල ද්වීපයෙහි ඒ ඒ ගම්වල ආසන සාලාවල අසුන්වල කැඳ වළඳා රහත්බවට නොපැමිණ ආසනයක් නම් නැතැයි හේ ප්‍රමාදව වාසය කරයි.
යො පමාදවිහාරී හොති නික්ඛිත්තධුරො සබ්බවත්තානි භින්දිත්වා පඤ්චවිධචෙතොඛීලවිනිබන්ධබද්ධචිත්තො විහරන්තො ‘කම්මට්ඨානං නාම අත්ථී’තිපි සඤ්ඤං අකත්වා ගාමං පිණ්ඩාය පවිසිත්වා අනනුලොමිකෙන ගිහීසංසග්ගෙන සංසට්ඨො චරිත්වා ච භුඤ්ජිත්වා ච තුච්ඡො නික්ඛමති – අයං වුච්චති ‘නෙව හරති න පච්චාහරතී’ති.
[missing trans] වීර්ය හැර සියළු වත් බිඳ බල පංචවිධ සිතින් බැඳුණු ඇලීම් ඇතිව වෙසෙන්නේ කමටහනක් ඇතැයි යන සංඥාවක්වත් නොකොට ගමට පිඬු සඳහා පිවිස අනුලොම් නොවූ ගිහි සංසර්ගයෙන් හැසිර වළඳා හිස්ව නික්මෙයි. මෙය නෙව හරති නා පච්චාහරති යයි කියනු ලැබේ.
යො පනායං “හරති ච පච්චාහරති චා”ති වුත්තො, සො ගතපච්චාගතිකවත්තවසෙන වෙදිතබ්බො – අත්ථකාමා හි කුලපුත්තා සාසනෙ පබ්බජිත්වා දසම්පි වීසම්පි තිංසම්පි චත්තාරීසම්පි පඤ්ඤාසම්පි සතම්පි එකතො වසන්තා කතිකවත්තං කත්වා විහරන්ති – “ආවුසො, තුම්හෙ න ඉණට්ටා, න භයට්ටා, න ආජීවිකාපකතා පබ්බජිතා; දුක්ඛා මුඤ්චිතුකාමා පනෙත්ථ පබ්බජිතා. තස්මා ගමනෙ උප්පන්නකිලෙසං ගමනෙයෙව නිග්ගණ්හථ. ඨානෙ, නිසජ්ජාය, සයනෙ උප්පන්නකිලෙසං සයනෙයෙව නිග්ගණ්හථා”ති.
යමෙක් වනාහි හරති ච පච්චා හරති ච යයි කියන ලද්දේ හෙතෙම ගිය ආපසු එන (ගත පච්චාගතික) වත් වශයෙන් දතයුතුය. දියුණුව කැමති කුලපුත්‍රයෝ ශාසනයෙහි පැවිදිව දහයක්ද පණසක්ද තිහක්ද හතලිසක්ද පනහක්ද සියයක්ද එකට වසන්නේ කතික වත්කොට වාසය කරති. ඇවැත්නි, ඔබලා ණයගැතිව නොව බියට නොව ජීවත්විය නොහැකිව නොව පැවිදි වූයේ දුකින් මිදෙනු කැමතිවය. එහෙයින් ගමන් කරනවිට ඇතිවන කෙලෙස් ගමනේදීම නිග්‍රහ කරව. සිටිනවිට-හිඳිනවිට-නිදනවිට උපන් කෙලෙස් ඒ ඒ අවස්ථාවේදීම නිග්‍රහ කරමු යයි
තෙ එවං කතිකවත්තං කත්වා භික්ඛාචාරං ගච්ඡන්තා, අඩ්ඪඋසභඋසභඅඩ්ඪගාවුතගාවුතන්තරෙසු පාසාණා හොන්ති, තාය සඤ්ඤාය කම්මට්ඨානං මනසිකරොන්තාව ගච්ඡන්ති. සචෙ කස්සචි ගමනෙ කිලෙසො උප්පජ්ජති, තත්ථෙව නං නිග්ගණ්හාති. තථා අසක්කොන්තො තිට්ඨති. අථස්ස පච්ඡතො ආගච්ඡන්තොපි තිට්ඨති. සො ‘අයං භික්ඛු තුය්හං උප්පන්නං විතක්කං ජානාති, අනනුච්ඡවිකං තෙ එත’න්ති අත්තානං පටිචොදෙත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරියභූමිං ඔක්කමති. තථා අසක්කොන්තො නිසීදති. අථස්ස පච්ඡතො ආගච්ඡන්තොපි නිසීදතීති සො එව නයො. අරියභූමිං ඔක්කමිතුං අසක්කොන්තොපි තං කිලෙසං වික්ඛම්භෙත්වා කම්මට්ඨානං මනසිකරොන්තොව ගච්ඡති, න කම්මට්ඨානවිප්පයුත්තෙන චිත්තෙන පාදං උද්ධරති, උද්ධරති චෙ පටිනිවත්තිත්වා පුරිමපදෙසඤ්ඤෙව එති, ආලින්දකවාසී මහාඵුස්සදෙවත්ථෙරො විය. සො කිර එකූනවීසති වස්සානි ගතපච්චාගතවත්තං පූරෙන්තො එව විහාසි. මනුස්සාපි අන්තරාමග්ගෙ කසන්තා ච වපන්තා ච මද්දන්තා ච කම්මානි ච කරොන්තා ථෙරං තථාගච්ඡන්තං දිස්වා “අයං ථෙරො පුනප්පුනං නිවත්තිත්වා ගච්ඡති, කිං නු ඛො මග්ගමූළ්හො උදාහු කිඤ්චි පමුට්ඨො”ති සමුල්ලපන්ති. සො තං අනාදියිත්වා කම්මට්ඨානයුත්තචිත්තෙනෙව සමණධම්මං කරොන්තො වීසතිවස්සබ්භන්තරෙ අරහත්තං පාපුණි. අරහත්තපත්තදිවසෙ චස්ස චඞ්කමනකොටියං අධිවත්ථා දෙවතා අඞ්ගුලීහි දීපං උජ්ජාලෙත්වා අට්ඨාසි. චත්තාරොපි මහාරාජානො සක්කො ච දෙවානමින්දො බ්රහ්මා ච සහම්පති උපට්ඨානං ආගමිංසු. තඤ්ච ඔභාසං දිස්වා වනවාසී මහාතිස්සත්ථෙරො තං දුතියදිවසෙ පුච්ඡි – “රත්තිභාගෙ ආයස්මතො සන්තිකෙ ඔභාසො අහොසි. කිං සො ඔභාසො”ති? ථෙරො වික්ඛෙපං කරොන්තො “ඔභාසො නාම දීපොභාසොපි හොති, මණිඔභාසොපී”ති එවමාදිමාහ. තතො “පටිච්ඡාදෙථ තුම්හෙ”ති නිබද්ධො “ආමා”ති පටිජානිත්වා ආරොචෙසි.
ඔවුහු මෙසේ කතිකාවත් කොට පිඬු පිණිස හැසිරෙන්නේ අඩ උසභයක් උසභයක් අඩ ගව්වක් ගව් අතර පාසාණ (ගල්) වේ. ඒවායේ සංඥාවෙන් කමටහන මෙනෙහි කරමින්ම යති. ගමනේදී කිසිවෙකුගේ කෙලෙස් උපදීද එහිම ඒවා නිගනිති. එසේ කළ නොහැක්කෝ සිටිති. ඔහුට පසුපසින් එන්නෝද සිටිති. හේ මේ භික්ෂුව ඔබට උපන් විතර්කය දනියි. ඔබට එය සුදුසු නොවේයයි තමාට චෝදනා කොට විපස්සනාව වඩා ආර්ය භූමියට පැමිණේ. එසේ නොහැකි වන්නා හිඳගනියි. ඔහු පසුපසින් ආ භික්ෂුවද හිඳගනියි. හේ එහෙයින් ආර්ය භූමියට පැමිණීමට නොහැකි වන්නේ ඒ කෙලෙස් යටපත් කොට කමටහන මෙනෙහි කරමින් යයි. කමටහන නැති සිතින් පය නොඔසවයි. එසවුවත් නැවතී පෙරසිටි තැනට එයි. ආලින්දක වාසී මහාඵුස්සදේව තෙරුන් මෙන්, උන්වහන්සේ වනාහි එකුන්විසි වසක් ගතපච්ඡාගත (ගිය ආ) වත් පුරමින්ම වාසය කළහ. අතරමග මිනිස්සු කුඹුරු සාමින්ද වපුරමින්ද කොල මඩිමින්ද කටයුතු කරන්නේ එසේ යන තෙරුන් දැක, මේ තෙරුන්වහන්සේ නැවත නැවත නැවතී යයි කිම අසිහියෙන් පාර වැරදිලාද? නැත්නම් අමතක වෙලාද? කතා කරති. උන්වහන්සේ එය ගණන් නොගෙ කමටහන යුත් සිතින්ම මහණදම් කරමින් විසිවස තුළදී රහත්බවට පැමිණියහ. රහත්බවට පැමිණි දවසෙහි උන්වහන්සේගේ සක්මන කෙළවර අධිගෘහිත දෙවියා ඇඟිලිවලින් පහන දල්වා සිටියේය. සතරවරම් දෙවියෝද දෙවියන්ට අධිපති වූ සක්‍ර දෙවියාද සහම්පති බ්‍රහ්මයාද උපස්ථානයට පැමිණියහ. ඒ එළිය දුටු වනවාසී තිස්ස තෙර දෙවන දවසෙහි ඔහුගෙන් ඇසීය. රාත්‍රී භාගයෙහි ආයුෂ්මතුන් සමීපයෙහි එළියක් විය. ඒ එළිය කුමක්ද? ස්ථවිර තෙමේ අවුල් කරමින් එළිය නම් පහන් එළියම වේ. මැණික් එළියද වේයයි කීය. එයින් ඔබවහන්සේ සඟවනවා නේද? ඔව් යයි දැන දැන්වීය.
කාළවල්ලිමණ්ඩපවාසී මහානාගත්ථෙරො විය ච. සොපි කිර ගතපච්චාගතවත්තං පූරෙන්තො ‘පඨමං තාව භගවතො මහාපධානං පූජෙස්සාමී’ති සත්ත වස්සානි ඨානචඞ්කමමෙව අධිට්ඨාසි; පුන සොළස වස්සානි ගතපච්චාගතවත්තං පූරෙත්වා අරහත්තං පාපුණි. සො කම්මට්ඨානයුත්තෙනෙව චිත්තෙන පාදං උද්ධරන්තො විප්පයුත්තෙන චිත්තෙන උද්ධතෙ පාදෙ පටිනිවත්තෙන්තො ගාමසීමං ගන්ත්වා ‘ගාවී නු ඛො, පබ්බජිතො නු ඛො’ති ආසඞ්කනීයප්පදෙසෙ ඨත්වා චීවරං පාරුපිත්වා කච්ඡකන්තරතො උදකෙන පත්තං ධොවිත්වා උදකගණ්ඩූසං කරොති. කිං කාරණා? ‘මා මෙ භික්ඛං දාතුං වා වන්දිතුං වා ආගතෙ මනුස්සෙ ‘දීඝායුකා හොථා’ති වචනමත්තෙනාපි කම්මට්ඨානවික්ඛෙපො අහොසී’ති. ‘අජ්ජ, භන්තෙ, කතිමී’ති දිවසං වා භික්ඛුගණනං වා පඤ්හං වා පුච්ඡිතො පන උදකං ගිලිත්වා ආරොචෙති; සචෙ දිවසාදිපුච්ඡකා න හොන්ති, නික්ඛමනවෙලායං ගාමද්වාරෙ නිට්ඨුභිත්වාව යාති.
කලුවැල් මණ්ඩපවාසී මහානාග තෙරුන් මෙන්ද උන්වහන්සේද ගතපච්ඡාගත වතාවත පුරන්නේ පළමුව මහා වීර්යයෙන් භාග්‍යවතුන් වහන්සේ පුදමියි සත්වසක් සක්මනට අධිෂ්ඨාන කළහ. දහසය වසක් ගතපච්ඡාගත වත් සම්පූර්ණකොට රහත්බවට පැමිණියහ. උන්වහන්සේ කමටහනින් යුත් සිතින්ම පා ඔසවයි. කමටහන් නැති සිතින් පා එසවුවහොත් නැවතී ගම්සීමාවට ගොස් දෙනක්ද පැවිද්දෙක්ද සැක කරන ප්‍රදේශයෙහි සිවුරු පෙරවා කරඬුවෙන් ජලය ගෙන පාත්‍රය සෝදා උදක ගණ්ඩූස්ස (දිය උගුරක්) කරයි. කුමන කරුණකටද? මට භික්ෂාව දීම හෝ වැඳීමට පැමිණි මිනිසුන්ට දීඝායු වේවායි වචන මාත්රයකින්වත් කමටහන බාධාවක් නොවේයයි යන ස්වාමීන් වහන්ස අද දවස මොකක්දැයි දවස හෝ භික්ෂු ගණන හෝ ප්‍රශ්නයක් හෝ අසනවිට දියඋගුර ගිල දන්වයි. දවස ආදිය විචාරන්නකු නැතිනම් නික්මෙන වේලාවේ ගම්දොර කෙළගසා යයි.
කලම්බතිත්ථවිහාරෙ වස්සූපගතා පඤ්ඤාස භික්ඛූ විය ච. තෙ කිර ආසාළ්හිපුණ්ණිමායං කතිකවත්තං අකංසු – “අරහත්තං අප්පත්වා අඤ්ඤමඤ්ඤං නාලපිස්සාමා”ති. ගාමඤ්ච පිණ්ඩාය පවිසන්තා උදකගණ්ඩූසං කත්වා පවිසිංසු, දිවසාදීසු පුච්ඡිතෙසු වුත්තනයෙන පටිපජ්ජිංසු. තත්ථ මනුස්සා නිට්ඨුභනට්ඨානං දිස්වා ජානිංසු – ‘අජ්ජ එකො ආගතො, අජ්ජ ද්වෙ’ති; එවඤ්ච චින්තෙසුං – ‘කින්නු ඛො එතෙ අම්හෙහෙව සද්ධිං න සල්ලපන්ති උදාහු අඤ්ඤමඤ්ඤම්පි? යදි අඤ්ඤමඤ්ඤම්පි න සල්ලපන්ති, අද්ධා විවාදජාතා භවිස්සන්ති; එථ නෙ අඤ්ඤමඤ්ඤං ඛමාපෙස්සාමා’ති සබ්බෙ විහාරං ගන්ත්වා පඤ්ඤාසාය භික්ඛූසු ද්වෙපි භික්ඛූ එකොකාසෙ නාද්දසංසු. තතො යො තෙසු චක්ඛුමා පුරිසො සො ආහ – “න, භො, කලහකාරකානං වසනොකාසො ඊදිසො හොති. සුසම්මට්ඨං චෙතියඞ්ගණබොධියඞ්ගණං, සුනික්ඛිත්තා සම්මජ්ජනියො, සූපට්ඨිතං පානීයපරිභොජනීය”න්ති. තෙ තතොව නිවත්තා. තෙපි භික්ඛූ අන්තොතෙමාසෙයෙව අරහත්තං පත්වා මහාපවාරණාය විසුද්ධිපවාරණං පවාරෙසුං.
ගලම්බුතිත්ථ විහාරයෙහි වස් එළඹි භික්ෂූන් වහන්සේලා පනස්දෙනා මෙන්ද උන්වහන්සේලා වනාහි ඇසල පුණු පොහෝදින කතිකාවතක් කළහ. රහත්බවට නොපැමිණ ඔවුනොවුන් කථා නොකළ යුතුයයි ගමට පිඬු පිණිස වඩින්නේ දිය උගුරක් ගෙන පිවිසුණහ. දවස ආදිය පිළිවිසි කල්හි කියන ලද ක්‍රමයෙන් පිළිපැද්දහ. එහි මිනිස්සු කෙළ ගසන තැන දැක අද එක්කෙනෙක් ආවේය. අද දෙන්නෙක් ආහ. මුන්වහන්සේලා අප සමග කතා නොකරන්නේ කුමක් නිසාදැයින සිතූහ. නැතහොත් උන්වහන්සේලා අතරද කතා නැත්තේ විවාදයක් නිසාද. එන්න ඔවුනොවුන් කථා කරවන්නෙමුයි සියල්ලෝ විහාරයට ගොස් භික්ෂූණ් පනස්දෙනාගෙන් එක්කෙනෙක්වත් එකම අසුනකවත් නොදැක්කහ. ඔවුන් කෙරෙන් ප්‍රඥාවන්ත පුරුෂයෙක් මෙසේ කීවේය. පින්වත්නි, කලහකරුවන් වසන තැනක් මේ විදියට නොපවතී. සෑමලු බෝමලු මනාසේ ඇමද ඇත. පානීය පරිභෝජනිය පැන් සකසා ඇත. ඔව්හු එසේම නැවතුනහ. ඒ භික්ෂූහු මාස තුන ඇතළතදීම රහත්බවට පැමිණ මහා පවාරණය සඳහා විසුද්ධි පවාරණයෙන් පැවරූහ.
එවං කාළවල්ලිමණ්ඩපවාසී මහානාගත්ථෙරො විය, කලම්බුතිත්ථවිහාරෙ වස්සූපගතභික්ඛූ විය ච කම්මට්ඨානයුත්තෙනෙව චිත්තෙන පාදං උද්ධරන්තො ගාමසමීපං ගන්ත්වා උදකගණ්ඩූසං කත්වා වීථියො සල්ලක්ඛෙත්වා යත්ථ සුරාසොණ්ඩධුත්තාදයො කලහකාරකා චණ්ඩහත්ථිඅස්සාදයො වා නත්ථි, තං වීථිං පටිපජ්ජති. තත්ථ පිණ්ඩාය චරමානො න තුරිතතුරිතො විය ජවෙන ගච්ඡති, න හි ජවනපිණ්ඩපාතිකධුතඞ්ගං නාම කිඤ්චි අත්ථි, විසමභූමිභාගප්පත්තං පන උදකසකටං විය නිච්චලො හුත්වා ගච්ඡති, අනුඝරං පවිට්ඨො ච දාතුකාමං වා අදාතුකාමං වා සල්ලක්ඛෙතුං තදනුරූපං කාලං ආගමෙන්තො භික්ඛං ගහෙත්වා අන්තොගාමෙ වා බහිගාමෙ වා විහාරමෙව වා ආගන්ත්වා , යථාඵාසුකෙ පතිරූපෙ ඔකාසෙ නිසීදිත්වා, කම්මට්ඨානං මනසිකරොන්තො ආහාරෙ පටිකූලසඤ්ඤං උපට්ඨපෙත්වා, අක්ඛබ්භඤ්ජනවණාලෙපනපුත්තමංසූපමවසෙන පච්චවෙක්ඛන්තො අට්ඨඞ්ගසමන්නාගතං ආහාරං ආහාරෙති නෙව දවාය, න මදාය, න මණ්ඩනාය, න විභූසනාය…පෙ… ඵාසුවිහාරො චාති. භුත්තාවී ච උදකකිච්චං කත්වා මුහුත්තං භත්තකිලමථං පටිප්පස්සම්භෙත්වා යථා පුරෙභත්තං, එවං පච්ඡාභත්තං පුරිමයාමං පච්ඡිමයාමඤ්ච කම්මට්ඨානමෙව මනසිකරොති. අයං වුච්චති ‘හරති ච පච්චාහරති චා’ති.
මෙසේ කාලවල්ලි මණ්ඩපවාසී මහානාග තෙරුන් මෙන් ගලම්බුතිත්ථ විහාරයෙහි වස් එළඹි භික්ෂූන් මෙන්ද කමටහන යුතු සිතින්ම පා ඔසවන්නේ ගම් සීමාව ගොස් ජල ගණ්ඩුසය කොට මාර්ගය සලකා යම්තැනක සුරාසොඬ ධූර්ත ආදීහුද කලහකරුවෝ සැඬ ඇත් අස් ආදීන් හෝ නැත්ද එබඳු මාර්ගයට පිළිපන්නේය. එහි පිඬු පිණිස හැසිරෙන්නේ වහ වහා වේගයෙන් නොවඩියි. ජවන පිණ්ඩපාතික ධුතංගයක් නම් නැත. විසම භූමි භාගයකට පැමිණ දිය කරත්තයක් මෙන් නිශ්චලව යයි. ගෙපිළිවෙලින් දෙනු කැමති හෝ නොදෙනු කැමති හෝ බව සැලකීමට ඊට අනුරූපව කාලයක් සිට භික්ෂාව ගෙන පහසු අවකාස තැනක හිඳ කමටහන මෙනෙහි කරමින් ආහාරයෙහි පිළිකුල් සංඥාව උපදවා අකුර ගැල්වීම වණාලේපන පුත්තමංස උපමා වශයෙන් ප්රත්යවේක්ෂා කරන්නේ අටඟින් යුත් අහර බුදියි. ජවයට මදයට මණ්ඩනයට විභූසනයට නොව........ පහසු විහාරවාසයට යයි අනුභව කොට ජලකිස කොට මොහොතක් බත්මතය සන්සිඳුවා පෙර බතෙහි මෙන් පසුබතෙහි පෙරයමද පැසුළුයමද කමටහනම සිහිකරයි. මෙය හරති ච පච්ඡාහරති ච යයි කියනු ලැබේ.
ඉමං පන හරණපච්චාහරණසඞ්ඛාතං ගතපච්චාගතවත්තං පූරෙන්තො, යදි උපනිස්සයසම්පන්නො හොති, පඨමවයෙ එව අරහත්තං පාපුණාති, නො චෙ පඨමවයෙ පාපුණාති අථ මජ්ඣිමවයෙ, නො චෙ මජ්ඣිමවයෙ පාපුණාති අථ පච්ඡිමවයෙ, නො චෙ පච්ඡිමවයෙ පාපුණාති අථ මරණසමයෙ, නො චෙ මරණසමයෙ පාපුණාති අථ දෙවපුත්තො හුත්වා, නො චෙ දෙවපුත්තො හුත්වා පාපුණාති අනුප්පන්නෙ බුද්ධෙ නිබ්බත්තො පච්චෙකබොධිං සච්ඡිකරොති, නො චෙ පච්චෙකබොධිං සච්ඡිකරොති අථ බුද්ධානං සම්මුඛීභාවෙ ඛිප්පාභිඤ්ඤො වා හොති – සෙය්යථාපි ථෙරො බාහියො දාරුචීරියො, මහාපඤ්ඤො වා – සෙය්යථාපි ථෙරො සාරිපුත්තො, මහිද්ධිකො වා – සෙය්යථාපි ථෙරො මහාමොග්ගල්ලානො, ධුතඞ්ගධරො වා – සෙය්යථාපි ථෙරො මහාකස්සපො, දිබ්බචක්ඛුකො වා – සෙය්යථාපි ථෙරො අනුරුද්ධො, විනයධරො වා – සෙය්යථාපි ථෙරො උපාලි, ධම්මකථිකො වා – සෙය්යථාපි ථෙරො පුණ්ණො මන්තාණිපුත්තො, ආරඤ්ඤිකො වා – සෙය්යථාපි ථෙරො රෙවතො, බහුස්සුතො වා – සෙය්යථාපි ථෙරො ආනන්දො, සික්ඛාකාමො වා – සෙය්යථාපි ථෙරො රාහුලො බුද්ධපුත්තොති. ඉති ඉමස්මිං චතුක්කෙ ය්වායං හරති ච පච්චාහරති ච, තස්ස ගොචරසම්පජඤ්ඤං සිඛාප්පත්තං හොති.
මෙය වනාහි හරණ පච්චාහරණ සංඛ්‍යාත ගත පච්ඡාගත වත පුරන්නේ උපනිස්සය සම්පත් වේ නම් පළමු වයසෙහිම අරහත් බවට පැමිණේ. පළමු වයසෙහි නොපැමිණියහොත් මධ්‍යම වයසෙහි පැමිණේ. මධ්‍යම වයසෙහි නොපැමිණියහොත් පශ්චිම වයසෙහි පැමිණේ. පශ්චිම වයසෙහි නොපැමිණියහොත් මරණ සමයෙහි පැමිණේ. මරණ සමයෙහි නොවූවහොත් ඉක්බිති දෙව් පුතෙක්ව පැමිණේ. දෙව්පුතෙක්ව නොපැමිණිය හොත් බුදුන් නූපන් කාලයක ඉපදුණහොත් පසේබුදුව සාක්ෂාත් කරයි. පසේ බුදුබව සාක්ෂාත් නොකළහොත් බුදුවරුන් හමුවෙහි බාහිය දාරුචීරිය තෙරුන් මෙන් ඛිප්පාභිඤ්ඤා වේ. මහා ප්‍රාඥ වූ සැරියුත් මහරහතන් වහන්සේ මෙන්ද මහත් සෘද්ධි ඇති මුගලන් මහරහතන් වහන්සේ මෙන්ද ධුතංගධර මහා කාශ්‍යප දිවැස ඇති අනුරුද්ධ මහාතෙරුන් සේද විනයධර උපාලි ථෙර, ධර්මකථික පුණ්ණ මන්තානි පුත්ත ථෙර ආරඤ්ඤක රේවත ථෙර බහුස්සුත ආනන්ද ථෙර ශික්ෂාකාමී රාහුල ථෙර සේ ද මෙසේ වේ. චතුෂ්කයෙහි යමෙක් හරතිද පච්ඡාහරතිද හේ ගෝචර සම්පජඤ්ඤද මනාසේ ගෝචර දැනීමද ශික්ෂාවට පැමිණියේද වේ.
අභික්කමාදීසු පන අසම්මුය්හනං අසම්මොහසම්පජඤ්ඤං. තං එවං වෙදිතබ්බං – ඉධ භික්ඛු අභික්කමන්තො වා පටික්කමන්තො වා යථා අන්ධබාලපුථුජ්ජනා අභික්කමාදීසු ‘අත්තා අභික්කමති, අත්තනා අභික්කමො නිබ්බත්තිතො’ති වා ‘අහං අභික්කමාමි, මයා අභික්කමො නිබ්බත්තිතො’ති වා සම්මුය්හන්ති, තථා අසම්මුය්හන්තො ‘අභික්කමාමී’ති චිත්තෙ උප්පජ්ජමානෙ තෙනෙව චිත්තෙන සද්ධිං චිත්තසමුට්ඨානවායොධාතු විඤ්ඤත්තිං ජනයමානා උප්පජ්ජති. ඉති චිත්තකිරියාවායොධාතුවිප්ඵාරවසෙන අයං කායසම්මතො අට්ඨිසඞ්ඝාතො අභික්කමති. තස්සෙවං අභික්කමතො එකෙකපාදුද්ධරණෙ පථවීධාතු ආපොධාතූති ද්වෙ ධාතුයො ඔමත්තා හොන්ති මන්දා, ඉතරා ද්වෙ අධිමත්තා හොන්ති බලවතියො; තථා අතිහරණවීතිහරණෙසු. වොස්සජ්ජනෙ තෙජොධාතු වායොධාතූති ද්වෙ ධාතුයො ඔමත්තා හොන්ති මන්දා, ඉතරා ද්වෙ අධිමත්තා හොන්ති බලවතියො; තථා සන්නික්ඛෙපනසන්නිරුජ්ඣනෙසු තත්ථ උද්ධරණෙ පවත්තා රූපාරූපධම්මා අතිහරණං න පාපුණන්ති; තථා අතිහරණෙ පවත්තා වීතිහරණං, වීතිහරණෙ පවත්තා වොස්සජ්ජනං, වොස්සජ්ජනෙ පවත්තා සන්නික්ඛෙපනං, සන්නික්ඛෙපනෙ පවත්තා සන්නිරුජ්ඣනං න පාපුණන්ති; තත්ථ තත්ථෙව පබ්බං පබ්බං සන්ධි සන්ධි ඔධි ඔධි හුත්වා තත්තකපාලෙ පක්ඛිත්තතිලං විය පටපටායන්තා භිජ්ජන්ති. තත්ථ කො එකො අභික්කමති? කස්ස වා එකස්ස අභික්කමනං? පරමත්ථතො හි ධාතූනංයෙව ගමනං, ධාතූනං ඨානං, ධාතූනං නිසජ්ජා, ධාතූනං සයනං, තස්මිං තස්මිඤ්හි කොට්ඨාසෙ සද්ධිං රූපෙහි –
ඉදිරියට යෑම් ආදියෙහි නුමුළාවීම් අසම්මෝහ සම්පජඤ්ඤ වේ. එය මෙසේ දතයුතුය. මෙහි භික්ෂුව ඉදිරියට යන්නේ හෝ ආපසු යන්නේ අඳබාල පෘථග්ජනයා සේ ඉදිරියට යෑම් ආදියෙහි තමා ඉක්මවයි. තමා විසින් ඉදිරියට යෑම ඇතිකළා යයි හෝ මම ඉදිරියට යමි. අප විසින් අභික්කමය ඇතිකරන ලදැයි මුළාවෙති. එසේම මුළා නොවන්නේ ඉදිරියට යමුයි සිත් උපන්කල්හි ඒ සිතින්ම සිත උපදවන වායෝධාතුව විඥප්තිය උපදවමින් උපදී, මෙසේ සිත ඇතිකරන වායෝධාතු පැතිරීම් වශයෙන් මේ කාය සම්මත ඇට සමූහය ඉදිරියට යයි. ඔහු එසේ ඉදිරියට යන්නේ එක් එක් පා එසවීමේදී පඨවි ආපෝ ධාතු යයි ධාතු දෙක මඳ ප්‍රමාණ වේ. ඉතිරි දෙක අධිප්‍රමාණ වේ. බලවත් වේ. ගමන් පියවර මාරුකර තැබීමේදී එසේය. අත්හැරීමෙහි තේජෝ ධාතු වායෝ ධාතු දෙක මදප්රමාණ වේ. ඉතිරි දෙක අධිප්‍රමාණ හා බලවත් වේ. දැමීම් නැවැත්වීම් ආදියෙහිද එසේය. එසවීමේ පවතින රූපාරූප ගමනට නොපැමිණේ. ගමනේ පවතින පියවර මාරු කිරීමද පියවර මාරුවෙහි එසවීමද එසවීමේ පවතින පියවර තැබීමද පියවර තැබීමෙහි පවතින නැවතීමද නොපැමිණේ. එහි එහිම කොටස් කොටස් සන්ධි සන්ධි සීමා සීමාව රත්වූ කබලක බහාලන තල මෙන් තට තටව බිඳේ. එහි ඉදිරියට යන්නේ කවරෙක්ද? කවර එකෙකුගේ ඉදිරියට යෑමක්ද? පරමාර්ථ වශයෙන් ධාතූන්ගේම ගමන ධාතූන්ගේ සිටීමකි. ධාතූන්ගේ හිඳීමකි. ධාතූන්ගේ සයනයකි. ඒ ඒ කොටස් සිය රූපයෙනි.
අඤ්ඤං උප්පජ්ජතෙ චිත්තං, අඤ්ඤං චිත්තං නිරුජ්ඣති; අවීචිමනුසම්බන්ධො, නදීසොතොව වත්තතීති.
නැසෙන උපදින සිත් - වෙන වෙන අයගෙ වන්නේ රළ’තර සබඳ නැති - ගඟ දිය සෙ පවතින්නේ
එවං අභික්කමාදීසු අසම්මුය්හනං අසම්මොහසම්පජඤ්ඤං නාමාති.
මෙසේ ඉදිරියට යෑම් ආදියෙහි නුමුළාවීම අසම්මෝහ සම්පජඤ්ඤ වේ.
නිට්ඨිතො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොතීතිපදස්ස අත්ථො.
අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති පදයේ අර්ථය අවසානය.
ආලොකිතෙ විලොකිතෙති එත්ථ පන ආලොකිතං නාම පුරතො පෙක්ඛනං, විලොකිතං නාම අනුදිසාපෙක්ඛනං. අඤ්ඤානිපි හෙට්ඨා උපරි පච්ඡතො පෙක්ඛනවසෙන ඔලොකිතඋල්ලොකිතාපලොකිතානි නාම හොන්ති. තානි ඉධ න ගහිතානි. සාරුප්පවසෙන පන ඉමානෙව ද්වෙ ගහිතානි. ඉමිනා වා මුඛෙන සබ්බානිපි තානි ගහිතානෙවාති.
ආලොකිතෙ විලොකිතෙ යන මෙහි ආලොකිත නම් ඉදිරියට බැලීමයි. විලොකිත අනුදිසා බැලීමයි. වෙනත් විදියකින් යට උඩ පසුපස බැලීම් වශයෙන් ඔලොකිත අපලොකිත නම් වේ. එය මෙහි නොගැනේ. සරුප් වශයෙන් මේ දෙක පමණක් ගන්නා ලදි. මෙයින් ඒ සියල්ලම ගන්නා ල්දදේමය.
තත්ථ ‘ආලොකෙස්සාමී’ති චිත්තෙ උප්පන්නෙ චිත්තවසෙනෙව අනොලොකෙත්වා අත්ථපරිග්ගණ්හනං ‘සාත්ථකසම්පජඤ්ඤං’. තං ආයස්මන්තං නන්දං කායසක්ඛිං කත්වා වෙදිතබ්බං. වුත්තඤ්හෙතං භගවතා –
එහි බලන්නෙමි යයි සිත උපන්කල්හි සිත වශයෙන් නොබලා අර්ථ විමසීම සාත්ථක සම්පජඤ්ඤ වේ. එය ආයුෂ්මත් නන්ද කායසාක්ෂි කොට දතයුතුය. භගවත්හු විසින් කියන ලදි.
“සචෙ, භික්ඛවෙ, නන්දස්ස පුරත්ථිමා දිසා ආලොකෙතබ්බා හොති, සබ්බං චෙතසා සමන්නාහරිත්වා නන්දො පුරත්ථිමං දිසං ආලොකෙති – ‘එවං මෙ පුරත්ථිමං දිසං ආලොකයතො න අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවිස්සන්තී’ති. ඉතිහ සාත්ථකසම්පජානො හොති. “සචෙ, භික්ඛවෙ, නන්දස්ස පච්ඡිමා දිසා, උත්තරා දිසා, දක්ඛිණා දිසා, උද්ධං, අධො, අනුදිසා අනුවිලොකෙතබ්බා හොති, සබ්බං චෙතසා සමන්නාහරිත්වා නන්දො අනුදිසං අනුවිලොකෙති – එවං මෙ අනුදිසං අනුවිලොකයතො…පෙ… සම්පජානො හොතී”ති (අ· නි· 8.9).
‘මහණෙනි, නන්දට පෙරදිග බැලිය යුතු වේද? සියළු සිත් එකඟකොට නන්ද පෙරදිය බලයි. මෙසේ පෙරදිග බලන්නේ අභිද්‍යා දොම්නස් පාප අකුසල ධර්ම ඔහු වෙත නොපැමිණේ. යස මෙය සාත්ථක සම්පජානය වේ. ‘මහණෙනි, නන්දට බටහිර දිග උතුරු දිග දකුණු දිග උඩ යට අනුදිසා බැලිය යුතු වේද? සියළු සිත් එකඟකොට නන්ද අනුදිසා බලයි. මෙසේ අනුදිසා බලන්නේ......සම්පජානය වේ.
අපිච ඉධාපි පුබ්බෙ වුත්තචෙතියදස්සනාදිවසෙනෙව සාත්ථකතා ච සප්පායතා ච වෙදිතබ්බා.
තවද මෙහි පෙර කියන ලද චේතිය දර්ශන වශයෙන්ම සාර්ථක බවද සංවාස බවද දතයුතුය.
කම්මට්ඨානස්ස පන අවිජහනමෙව ‘ගොචරසම්පජඤ්ඤං’. තස්මා ඛන්ධධාතුආයතනකම්මට්ඨානිකෙහි අත්තනො කම්මට්ඨානවසෙනෙව, කසිණාදිකම්මට්ඨානිකෙහි වා පන කම්මට්ඨානසීසෙනෙව ආලොකනවිලොකනං කාතබ්බං.
කමටහන අත්නොහැරීමම ගෝචර සම්පජඤ්ඤ වේ. එහෙයින් ඛන්ධ ධාතු ආයතන කමටහන්වලින් හෝ කසිණාදි කමටහනකින් හෝ තමාගේ කමටහන වශයෙන්ම ගෙන බැලීම් කළ යුතුය.
අබ්භන්තරෙ අත්තා නාම ආලොකෙතා වා විලොකෙතා වා නත්ථි. ‘ආලොකෙස්සාමී’ති පන චිත්තෙ උප්පජ්ජමානෙ තෙනෙව චිත්තෙන සද්ධිං චිත්තසමුට්ඨානා වායොධාතු විඤ්ඤත්තිං ජනයමානා උප්පජ්ජති. ඉති චිත්තකිරියාවායොධාතුවිප්ඵාරවසෙන හෙට්ඨිමං අක්ඛිදලං අධො සීදති, උපරිමං උද්ධං ලඞ්ඝෙති. කොචි යන්තකෙන විවරන්තො නාම නත්ථි. තතො චක්ඛුවිඤ්ඤාණං දස්සනකිච්චං සාධෙන්තං උප්පජ්ජතී’ති එවං පජානනං පනෙත්ථ ‘අසම්මොහසම්පජඤ්ඤං’ නාම.
අභ්‍යන්තරයෙහි බලන්නෙක් නැත. බලන්නෙමියි යන සිත උපන්කල්හි ඒ සිත සමග සිත උපදවන වායෝ ධාතුව විඥප්තිය උපදවමින් උපදී. මෙසේ චිත්තකිරිය වායෝ ධාතු පැතිරීම් වශයෙන් යට ඇස්පිහාටු යට ගිලෙයි. උඩ ඇස්පිහාටු උඩ ඇලේ. කිසිවෙක් යන්ත්‍රයකින් විවර කිරීමක් නැත. ඉන්පසු චක්ඛු විඤ්ඤාණය දර්ශන කෘත්‍ය සිදුකරමින් උපදී. මෙසේ මෙහි දැනීම අසම්මෝහ සම්පජඤ්ඤ නම් වේ.
අපිච මූලපරිඤ්ඤාආගන්තුකතාවකාලිකභාවවසෙන පනෙත්ථ අසම්මොහසම්පජඤ්ඤං වෙදිතබ්බං. මූලපරිඤ්ඤාවසෙන තාව –
තවද මුල් දැනීම ආගන්තුක තාවකාලික භාව වශයෙන් මෙහි අසම්මෝහ සම්පජඤ්ඤය දතයුතුය. මූල පරිඤ්ඤා වශයෙන් :-
භවඞ්ගාවජ්ජනඤ්චෙව, දස්සනං සම්පටිච්ඡනං; සන්තීරණං වොට්ඨබ්බනං, ජවනං භවති සත්තමං.
බවඟ අවජනය ද - දසුන ද පිළිගැනුම යන තීරණ විනිස සිත් - ජවනය සමග සත් වේ.
තත්ථ භවඞ්ගං උපපත්තිභවස්ස අඞ්ගකිච්චං සාධයමානං පවත්තති; තං ආවත්තෙත්වා කිරියමනොධාතු ආවජ්ජනකිච්චං සාධයමානා; තන්නිරොධා චක්ඛුවිඤ්ඤාණං දස්සනකිච්චං සාධයමානං; තන්නිරොධා විපාකමනොධාතු සම්පටිච්ඡනකිච්චං සාධයමානා; තන්නිරොධා විපාකමනොවිඤ්ඤාණධාතු සන්තීරණකිච්චං සාධයමානා; තන්නිරොධා කිරියමනොවිඤ්ඤාණධාතු වොට්ඨබ්බනකිච්චං සාධයමානා; තන්නිරොධා සත්තක්ඛත්තුං ජවනං ජවති. තත්ථ පඨමජවනෙපි ‘අයං ඉත්ථී, අයං පුරිසො’ති රජ්ජනදුස්සනමුය්හනවසෙන ආලොකිතවිලොකිතං න හොති; දුතියජවනෙපි…පෙ… සත්තමජවනෙපි. එතෙසු පන, යුද්ධමණ්ඩලෙ යොධෙසු විය, හෙට්ඨුපරියවසෙන භිජ්ජිත්වා පතිතෙසු ‘අයං ඉත්ථී, අයං පුරිසො’ති රජ්ජනාදිවසෙන ආලොකිතවිලොකිතං හොති. එවං තාවෙත්ථ ‘මූලපරිඤ්ඤාවසෙන’ අසම්මොහසම්පජඤ්ඤං වෙදිතබ්බං.
එහි භවාංගය උත්පත්ති භවයේ අංග කෘත්‍යයන් සිදුකරමින් පවතී. එය පෙරළා කිරිය මනෝධාතු සිත ආවර්ජනා කිස සිදුකරමින් එය නිරුද්ධ කර චක්ඛු විඤ්ඤාණ සිත දැකීම් කිස සිදුකරමින්, එය නිරුද්ධ කර විපාක මනෝධාතු සිත පිළිගැනීම් කිස සිදුකරමින්, එය නිරුද්ධ කර විපාක මනෝධාතු සිත සන්තීරණ කෘත්‍ය සිදුකරමින්, එය නිරුද්ධ කර කිරිය මනෝධාතු සිත වොත්ථපන කෘත්‍යය සිදුකරමින්, එය නිරුද්ධ කර ජවන සිත සත්වරක් දුවයි. එහි පළමු ජවනයෙහි මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් යයි ඇලෙන ගැටෙන මුළාවන වශයෙන් ආලෝකිත විලෝකිත නොවේ. දෙවන ජවනයෙහි......සත්වන ජවනයෙහි, මොවුන් කෙරෙහි වනාහි යුද්ධ මණ්ඩලයෙහි යෝධයන් කෙරෙහි මෙන් උඩ යට වශයෙන් බිඳී බිඳවැටුණුවිට මේ ස්ත්‍රියක් මේ පිරිමියෙක් යයි ඇලීම් ආදී වශයෙන් ආලෝකිත විලෝකිත වේ. මෙසේ මෙහි මූලික දැකීම් වශයෙන් අසම්මෝහ සම්පජඤ්ඤය දතයුතුය.
චක්ඛුද්වාරෙ පන රූපෙ ආපාථගතෙ භවඞ්ගචලනතො උද්ධං සකසකකිච්චනිප්ඵාදනවසෙන ආවජ්ජනාදීසු උප්පජ්ජිත්වා නිරුද්ධෙසු අවසානෙ ජවනං උප්පජ්ජති. තං පුබ්බෙ උප්පන්නානං ආවජ්ජනාදීනං ගෙහභූතෙ චක්ඛුද්වාරෙ ආගන්තුකපුරිසො විය හොති. තස්ස යථා පරගෙහෙ කිඤ්චි යාචිතුං පවිට්ඨස්ස ආගන්තුකපුරිසස්ස ගෙහසාමිකෙසුපි තුණ්හීමාසිනෙසු ආණාකරණං න යුත්තං, එවං ආවජ්ජනාදීනං ගෙහභූතෙ චක්ඛුද්වාරෙ ආවජ්ජනාදීසුපි අරජ්ජන්තෙසු අදුස්සන්තෙසු අමුය්හන්තෙසු ච රජ්ජනදුස්සනමුය්හනං අයුත්තන්ති. එවං ‘ආගන්තුකභාවවසෙන’ අසම්මොහසම්පජඤ්ඤං වෙදිතබ්බං.
චක්ඛු ද්වාරයෙහි රූපය ආපාථගත වූ විට භවංගය චලනයෙන් පසු තම තමාගේ කෘත්‍ය නිෂ්පාදන වශයෙන් ආවර්ජනාදිය ඉපදී නිරුද්ධ වීමෙන් අවසානයෙහි ජවන උපදී. එය පෙර උපන් ආවර්ජනාදීන්ගේ ගෙයි චක්ඛුද්වාරයෙහි ආගන්තුක පුරුෂයෙකු මෙන් වේ. ඔහුට අනුන්ගේ ගෙදරට යමක් ඉල්ලීමට ගිය ආගන්තුක පුරුෂයෙකුට ගෙහිමියන් නිශ්ශබ්දව සිටීමෙන් අණකිරීම් යුතු නැත. මෙසේ ආවර්ජනාදීන්ගේ ගෙය වන චක්ඛු ද්වාරයෙහි ආවර්ජනාදියෙහිද නොඇලෙන කල නොගැටෙන කල මුළා නොවන කළ ඇලීම ගැටීම මුළාව අයුතු යයි මෙසේ ආගන්තුක භාව වශයෙන් අසම්මෝහ සම්පජඤ්ඤය දතයුතුය.
යානි පනෙතානි චක්ඛුද්වාරෙ වොට්ඨබ්බනපරියොසානානි චිත්තානි උප්පජ්ජන්ති, තානි සද්ධිං සම්පයුත්තධම්මෙහි තත්ථ තත්ථෙව භිජ්ජන්ති, අඤ්ඤමඤ්ඤං න පස්සන්තීති ඉත්තරානි තාවකාලිකානි හොන්ති. තත්ථ යථා එකස්මිං ඝරෙ සබ්බෙසු මානුසකෙසු මතෙසු අවසෙසස්ස එකකස්ස තඞ්ඛණංයෙව මරණධම්මස්ස න යුත්තා නච්චගීතාදීසු අභිරති නාම, එවමෙව එකද්වාරෙ සසම්පයුත්තෙසු ආවජ්ජනාදීසු තත්ථ තත්ථෙව මතෙසු අවසෙසස්ස තඞ්ඛණංඤ්ඤෙව මරණධම්මස්ස ජවනස්සාපි රජ්ජනදුස්සනමුය්හනවසෙන අභිරති නාම න යුත්තාති. එවං ‘තාවකාලිකභාවවසෙන’ අසම්මොහසම්පජඤ්ඤං වෙදිතබ්බං.
මේ චක්ඛු ද්වාරයෙහි වොත්ථපන අවසානයෙහි යම් සිත් උපදී. එසිත් සමග යුත් සම්ප්‍රයුක්ත ධර්මවලින් එහි එහිම බිඳෙයි. ඔවුනොවුන් නොදකී. අනිත් ඒවා තාවකාලික වේ. එහි යම් ගෙයක මිනිසුන් සියළු දෙන මළ කල්හි අවසේස අයට එකෙණෙහිම මරණ ධර්මය නොයුතු යයි නච්චගීතාදියෙහි ඇලීම නම් මෙසේ එක්දොරැ සම්ප්‍රයුක්ත ආවර්ජනාලියෙහි එහි එහිම මළ කල්හි අවසේස ඒවා එකිණෙහිම ඇලීම් ගැටීම් මුළාවීම් වශයෙන් අභිරතිය අයුතුයයි ජවනයේ මරණයද මේමය. මෙසේ තාවකාලික භාව වශයෙන් අසම්මෝහ සම්පජඤ්ඤය දතයුතුය.
අපිච ඛන්ධායතනධාතුපච්චයපච්චවෙක්ඛණවසෙනපෙතං වෙදිතබ්බං. එත්ථ හි චක්ඛු චෙව රූපානි ච රූපක්ඛන්ධො, දස්සනං විඤ්ඤාණක්ඛන්ධො, තංසම්පයුත්තා වෙදනා වෙදනාක්ඛන්ධො, සඤ්ඤා සඤ්ඤාක්ඛන්ධො, ඵස්සාදිකා සඞ්ඛාරක්ඛන්ධො. එවමෙතෙසං පඤ්චන්නං ඛන්ධානං සමවායෙ ආලොකනවිලොකනං පඤ්ඤායති. තත්ථ කො එකො ආලොකෙති? කො විලොකෙති?
තවද ඛන්ධ ආයතන ධාතු පච්චය ප්රත්යවේක්ෂා කිරීම් වශයෙන් මෙය දතයුතුය. මෙහි චක්ඛුවද රූපයද රූපස්කන්ධ වේ. දර්ශනය විඤ්ඤාණ ස්කන්ධය වේ. එය සම්ප්‍රයුක්ත වේදනා වේදනා ස්කන්ධය සඤ්ඤා සංඥා ස්කන්ධය ඵස්සාදි සංස්කාර ස්කන්ධ වේ. මෙසේ මේ පඤ්ච ස්කන්ධයන්ගේ එකතුවීමෙන් ආලෝකන විලෝකන පෙනේ. එහි කවරෙක් ආලෝකනය කෙරේද? කවරෙක් විලෝකනය කෙරේද?
තථා චක්ඛු චක්ඛායතනං, රූපං රූපායතනං, දස්සනං මනායතනං, වෙදනාදයො තංසම්පයුත්තා ධම්මා ධම්මායතනං. එවමෙතෙසං චතුන්නං ආයතනානං සමවායෙ ආලොකනවිලොකනං පඤ්ඤායති. තත්ථ කො එකො ආලොකෙති? කො විලොකෙති?
එසේම චක්ඛු චක්ඛායතන වේ. රූප රූපායතන වේ. දස්සන මනායතන වේ. වේදනාදිය ඒ හා සම්ප්‍රයුක්ත ධම්ම ධම්මායතන වේ. මෙසේ මේ ආයතන හතර එක්වීමෙන් ආලෝකන විලෝකන පෙනේ. එහි බලන්නා කවුද? විලෝකනය කරන්නා කවුද?
තථා චක්ඛු චක්ඛුධාතු, රූපං රූපධාතු, දස්සනං චක්ඛුවිඤ්ඤාණධාතු, තංසම්පයුත්තා වෙදනාදයො ධම්මා ධම්මධාතු. එවමෙතාසං චතුන්නං ධාතූනං සමවායෙ ආලොකනවිලොකනං පඤ්ඤායති. තත්ථ කො එකො ආලොකෙති? කො විලොකෙති?
එසේම චක්ඛු ධාතු රූප ධාතු දස්සන චක්ඛු විඤ්ඤාණ ධාතු ඒ හා සම්ප්‍රයුක්ත වේදනාදි ධම්ම ධම්මධාතු වේ. මෙසේ මේ සතර ධාතූන්ගේ එකතුවීමෙන් ආලෝකන විලෝකන පෙනේ. බලන්නා කවුද? විලෝකනය කරන්නා කවුද?
තථා චක්ඛු නිස්සයපච්චයො, රූපං ආරම්මණපච්චයො, ආවජ්ජනං අනන්තරසමනන්තරඅනන්තරූපනිස්සයනත්ථිවිගතපච්චයො, ආලොකො උපනිස්සයපච්චයො, වෙදනාදයො සහජාතාදිපච්චයා. එවමෙතෙසං පච්චයානං සමවායෙ ආලොකනවිලොකනං පඤ්ඤායති. තත්ථ කො එකො ආලොකෙති? කො විලොකෙතීති? එවමෙත්ථ ඛන්ධායතනධාතුපච්චයපච්චවෙක්ඛණවසෙනාපි අසම්මොහසම්පජඤ්ඤං වෙදිතබ්බං.
එසේම චක්ඛු නිස්සය පච්චය හෝ රූප ආරම්මණ පච්චයෙන් ආවර්ජන අනන්තර සමනන්තර උපනිස්සය නත්ථි විගත පච්චයවලින් ආලෝකයද උපනිස්සය පච්චයෙහි වේදනාදිය ද සහජපතාදි පච්චය වේ. මෙසේ මේ පච්චයන්ගේ එක්වීමෙන් ආලෝකන විලෝකන පෙනේ. කවරෙක්ද බලාද? කවරෙක් විලෝකනය කෙරේද? යන මෙසේ මෙහි ඛන්ධ ආයතන ධාතු පච්චය ප්රත්යවේක්ෂා වශයෙන්ද අසම්මෝහ සම්පජඤ්ඤය දතයුතුය.
සමිඤ්ජිතෙ පසාරිතෙති පබ්බානං සමිඤ්ජනපසාරණෙ. තත්ථ චිත්තවසෙනෙව සමිඤ්ජනපසාරණං අකත්වා හත්ථපාදානං සමිඤ්ජනපසාරණපච්චයා අත්ථානත්ථං පරිග්ගහෙත්වා තත්ථ අත්ථපරිග්ගණ්හනං ‘සාත්ථකසම්පජඤ්ඤං’. තත්ථ හත්ථපාදෙ අතිචිරං සමිඤ්ජිත්වා වා පසාරෙත්වා එව වා ඨිතස්ස ඛණෙ ඛණෙ වෙදනා උප්පජ්ජන්ති, චිත්තං එකග්ගතං න ලභති, කම්මට්ඨානං පරිපතති, විසෙසං නාධිගච්ඡති; කාලෙ සමිඤ්ජන්තස්ස කාලෙ පසාරෙන්තස්ස පන තා වෙදනා නුප්පජ්ජන්ති, චිත්තං එකග්ගං හොති, කම්මට්ඨානං ඵාතිං ගච්ඡති, විසෙසමධිගච්ඡතීති. එවං ‘අත්ථානත්ථපරිග්ගණ්හනං’ වෙදිතබ්බං.
සම්මිඤ්ජිතෙ පසාරිතෙ යන කොටසේ හකුලන දිගහරින. එහි සිත් වශයෙන් හැකිලීත් දිගහැරීමේ නොකර අත්පා හැකිලීම් දිගහැරීම් ප්‍රත්‍යයෙන් අර්ථ අනර්ථ විමසා එහි අර්ථ විමසීය සාත්ථක සම්පජඤ්ඤ වේ. එහි බොහෝ වේලාවක් අත්පා හකුලා හෝ දිගහැර සිටින්නාට ඇසිල්ලක් පාසා වේදනා උපදී. සිත එකඟ නොවේ. කමටහන එහෙ මෙහ දුවයි. විශේෂයකට පැමිණේ යයි මෙසේ අර්ථ අනර්ථ විමසීම දතයුතුය.
අත්ථෙ පන සතිපි සප්පායාසප්පායං පරිග්ගහෙත්වා සප්පායපරිග්ගණ්හනං ‘සප්පායසම්පජඤ්ඤං’.
අර්ථයක් ඇතිකල්හි සප්පාය අසප්පාය විමසා සප්පාය විමසීම සප්පාය සම්පජඤ්ඤයයි.
තත්රායං නයො – මහාචෙතියඞ්ගණෙ කිර දහරභික්ඛූ සජ්ඣායං ගණ්හන්ති. තෙසං පිට්ඨිපස්සෙ දහරභික්ඛුනියො ධම්මං සුණන්ති. තත්රෙකො දහරො හත්ථං පසාරෙන්තො කායසංසග්ගං පත්වා තෙනෙව කාරණෙන ගිහී ජාතො. අපරො භික්ඛු පාදං පසාරෙන්තො අග්ගිම්හි පසාරෙසි. අට්ඨිං ආහච්ච පාදො ඣායි. අපරො භික්ඛු වම්මිකෙ පසාරෙසි. සො ආසීවිසෙන දට්ඨො. අපරො භික්ඛු චීවරකුටිදණ්ඩකෙ පසාරෙසි. තං මණිසප්පො ඩංසි. තස්මා එවරූපෙ අසප්පායෙ අපසාරෙත්වා සප්පායෙ පසාරෙතබ්බං. ඉදමෙත්ථ සප්පායසම්පජඤ්ඤං.
මේ එහි නයයි. මහසෑමලුවේ දහර භික්ෂූහු ඉගෙන ගනිති. ඔවුන්ගේ පිටුපස දහර භික්ෂුණියෝ ධර්මය අසති. එහි එක් දහරයෙක් අත දිග හරින්නේ කාය සංසර්ගයට පැමිණ එම කාරණයෙන්ම ගිහිවිය. වෙනත් භික්ෂුවක් පා දිගහරින්නේ ගින්නෙහි වැටුණේය. ඇට දක්වා පය දැවුණේය. තවත් භික්ෂුවක් හුඹසකට පය දැම්මේය. එහි සිටි විස සර්පයෙක් දෂ්ට කළේය. එහෙයින් මෙබඳු වූ අසප්පායෙහි දිගුනොකර සප්පායෙහි දිගු කළයුතුය. මෙය මෙහි සප්පාය සම්පජඤ්ඤයයි.
‘ගොචරසම්පජඤ්ඤං’ පන මහාථෙරවත්ථුනා දීපෙතබ්බං – මහාථෙරො කිර දිවාට්ඨානෙ නිසින්නො අන්තෙවාසිකෙහි සද්ධිං කථයමානො සහසා හත්ථං සමිඤ්ජිත්වා පුන යථාඨානෙ ඨපෙත්වා සණිකං සමිඤ්ජෙසි. තං අන්තෙවාසිකා පුච්ඡිංසු – “කස්මා, භන්තෙ, සහසා හත්ථං සමිඤ්ජිත්වා පුන යථාඨානෙ ඨපෙත්වා සණිකං සමිඤ්ජිත්ථා”ති? “යතො පට්ඨාය මයා, ආවුසො, කම්මට්ඨානං මනසිකාතුං ආරද්ධො, න මෙ කම්මට්ඨානං මුඤ්චිත්වා හත්ථො සමිඤ්ජිතපුබ්බො. ඉදානි පන මෙ තුම්හෙහි සද්ධිං කථයමානෙන කම්මට්ඨානං මුඤ්චිත්වා සමිඤ්ජිතො. තස්මා පුන යථාඨානෙ ඨපෙත්වා සමිඤ්ජෙසි”න්ති. “සාධු, භන්තෙ, භික්ඛුනා නාම එවරූපෙන භවිතබ්බ”න්ති. එවමෙත්ථාපි කම්මට්ඨානාවිජහනමෙව ‘ගොචරසම්පජඤ්ඤ’න්ති වෙදිතබ්බං.
ගෝචර සම්පජඤ්ඤය වනාහි මහාථෙර වස්තුවෙන් දැක්විය යුතුය. මහතෙරුන් වහන්සේ වනාහි දිවා ස්ථානයේ සිටින්නේ අන්තේවාසිකයන් සමග කතා කරමින් වහා අත හකුළුවා නැවත යවා ස්ථානයේ තබා සෙමින් හැකිලීය. එය අතවැසියෝ ඇසූහ. ස්වාමීන් වහන්ස, ඉක්මණින් අත හකුලා නැවත අත තිබූ තැනම තියා සෙමින් හැකුලුවේ ඇයි? ඇවැත්නි, මම කමටහනක් මෙනෙහි කිරීමට පටන් ගත්තෙමි. කමටහන නොමුදා අත හැකිලවීමක් පෙර නොවීය. දැන් ඔබලා සමග කතා කරමින් කමටහන මුදා අත හැකුලුවෙමි. එහෙයින් නැවත යථා ස්ථානය තබා හැකුළුවෙමි. සාධු ස්වාමීන් වහ්නස, භික්ෂුවක් නම් මෙසේ විය යුතුය. මෙසේ මෙහි කමටහන නොහැරීම ගෝචර සම්පජඤ්ඤය යයි දතයුතුය.
‘අබ්භන්තරෙ අත්තා නාම කොචි සමිඤ්ජෙන්තො වා පසාරෙන්තො වා නත්ථි. වුත්තප්පකාරචිත්තකිරියාවායොධාතුවිප්ඵාරෙන පන, සුත්තාකඩ්ඪනවසෙන දාරුයන්තස්ස හත්ථපාදචලනං විය, සමිඤ්ජනපසාරණං හොතී’ති පරිජානනං පනෙත්ථ ‘අසම්මොහසම්පජඤ්ඤ’න්ති වෙදිතබ්බං.
අභ්‍යන්තරයෙහි ආත්මය නම් කිසිවෙක් හකුලන්නේ හෝ දිගහරින්නේ නැත. කියන ලද ආකාර චිත්තකිරිය ධාතු පැතිරීමෙන් වනාහි දාරු යන්ත්‍රයක නූල ඇදීමක් සේ අත්පා චලනය වේ. හැකිලීම් දිගහැරීම් වේගය දැනීම මෙහි අසම්මෝහ සම්පජඤ්ඤ යයි දතයුතුය.
සඞ්ඝාටිපත්තචීවරධාරණෙති එත්ථ සඞ්ඝාටිචීවරානං නිවාසනපාරුපනවසෙන පත්තස්ස භික්ඛාපටිග්ගහණාදිවසෙන පරිභොගො ‘ධාරණං’ නාම. තත්ථ සඞ්ඝාටිචීවරධාරණෙ තාව නිවාසෙත්වා පාරුපිත්වා ච පිණ්ඩාය චරතො “ආමිසලාභො සීතස්ස පටිඝාතායා”තිආදිනා නයෙන භගවතා වුත්තප්පකාරොයෙව ච අත්ථො ‘අත්ථො’ නාම. තස්ස වසෙන ‘සාත්ථකසම්පජඤ්ඤං’ වෙදිතබ්බං.
සංඝාටි පත්තචීවර ධාරණෙ මෙහි දෙපට සිවුර සිවුරු හඳින පෙරවීම් වශයෙන් ද පාත්‍රය භික්ෂාව පිළිගැනීම් ආදී වශයෙන් පරිභෝග කිරීම දැරීම නම් වේ. එහි සංඝාටි චීවර දැරීමෙහි හැඳ පොරවා පිඬු පිණිස හැසිරීමෙන් ආමිස ලාභයද සීතල වැළැක්වීම් ආදියෙන් භගවත්හු විසින් කියන ලද ආකාරයෙන්ම අර්ථය නම් වේ. ඒ අනුව සාත්ථක සම්පජඤ්ඤය දතයුතුය.
උණ්හපකතිකස්ස පන දුබ්බලස්ස ච චීවරං සුඛුමං සප්පායං, සීතාලුකස්ස ඝනං දුපට්ටං; විපරීතං අසප්පායං. යස්ස කස්සචි ජිණ්ණං අසප්පායමෙව. අග්ගළාදිදානෙන හිස්ස තං පලිබොධකරං හොති. තථා පට්ටුණ්ණදුකූලාදිභෙදං චොරානං ලොභනීයචීවරං. තාදිසඤ්හි අරඤ්ඤෙ එකකස්ස නිවාසන්තරායකරං ජීවිතන්තරායකරඤ්චාපි හොති. නිප්පරියායෙන පන යං නිමිත්තකම්මාදිමිච්ඡාජීවවසෙන උප්පන්නං, යඤ්චස්ස සෙවමානස්ස අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, තං අසප්පායං ; විපරීතං සප්පායං. තස්ස වසෙනෙත්ථ ‘සප්පායසම්පජඤ්ඤං’ කම්මට්ඨානාවිජහනවසෙනෙව ච ‘ගොචරසම්පජඤ්ඤං’ වෙදිතබ්බං.
උෂ්ණ ප්‍රකෘතිය ඇති දුබලයාටද සියුම් සිවුරු සප්පාය වේ. සීත බහුලයාට සීත වූ දෙපටක් ඇති සිවුරද සප්පාය වේ. වෙනස් වූ සිවුරු අසප්පාය වේ. දිරුණු සිවුරු අසප්පාය වේ. අගුල් ආදිය ඇදීමෙන් පලිබෝධ ඇතිවේ. පත්තුණ්ණ දුකූල (සියුම් වස්ත්‍ර) ආදි සොරුන්ට ලෝභ ඇතිකරන සිවුරු අසප්පාය වේ. එබඳු සිවුරු වනයෙහි එකලාව සිටින්නාට හැඳීම් අනතුර මෙන්ම ජීවිතයටද අනතුරු ඇතිවේ. වෙනස්කළ නොහැකි නිමිති කීම ආදි වැරදි ජීවිකාවෙන් උපන්නේ නම්? එය සේවනය කිරීමෙන් අකුසල් දහම් වැඩේද? කුසල් දහම් පිරිහේද? එය අසප්පාය වේ. ඊට වෙනස්වූයේ සප්පාය වේ. ඒ අනුව සප්පාය සම්පජඤ්ඤ වේ. කමටහන අත්නොහැරීම් වශයෙන් ගෝචර සම්පජඤ්ඤය දතයුතුය.
අබ්භන්තරෙ අත්තා නාම කොචි චීවරං පාරුපන්තො නත්ථි. වුත්තප්පකාරචිත්තකිරියාවායොධාතුවිප්ඵාරෙනෙව පන චීවරපාරුපනං හොති. තත්ථ චීවරම්පි අචෙතනං, කායොපි අචෙතනො. චීවරං න ජානාති – ‘මයා කායො පාරුපිතො’ති, කායොපි න ජානාති – ‘අහං චීවරෙන පාරුපිතො’ති. ධාතුයොව ධාතුසමූහං පටිච්ඡාදෙන්ති, පටපිලොතිකාය පොත්ථකරූපපටිච්ඡාදනෙ විය. තස්මා නෙව සුන්දරං චීවරං ලභිත්වා සොමනස්සං කාතබ්බං , න අසුන්දරං ලභිත්වා දොමනස්සං. නාගවම්මිකචෙතියරුක්ඛාදීසු හි කෙචි මාලාගන්ධධූපවත්ථාදීහි සක්කාරං කරොන්ති, කෙචි ගූථමුත්තකද්දමදණ්ඩසත්ථප්පහාරාදීහි අසක්කාරං. න තෙහි නාගවම්මිකරුක්ඛාදයො සොමනස්සං වා දොමනස්සං වා කරොන්ති. එවමෙව නෙව සුන්දරං චීවරං ලභිත්වා සොමනස්සං කාතබ්බං, න අසුන්දරං ලභිත්වා දොමනස්සන්ති. එවං පවත්තපටිසඞ්ඛානවසෙනෙත්ථ ‘අසම්මොහසම්පජඤ්ඤං’ වෙදිතබ්බං.
අභ්‍යන්තරයෙහි ආත්මයයි කෙනෙක් සිවුරු පොරවන්නේ නැත. කියන ලද ආකාර චිත්තකිරිය වායොධාතු පැතිරීමෙන් සිවුරු පෙරවීම වේ. එහි සිවුරුද අචේතනය කයද අචේතනය. මම කයට සිවුර පෙරවූයෙමියි සිවුරු නොදනී. මම සිවුරෙන් පොරවනු ලැබීම් යයි කය නොදනී. ධාතුව ධාතු සමූහයක් වසයි. පට රෙදිකඩකින් පුස්තක රූප වසනවා මෙනි. එහෙයින් සුන්දර සිවුරක් ලැබ සොම්නස් නොවිය යුතුය. අසුන්දර සිවුරක් ලැබ දොම්නස් නොවිය යුතුය. නාග තුඹස චේතිය ගස් ආදියෙහිද කිසිවෙක් මල් සුවඳ පහන් වස්ත්‍රාදියෙන් සත්කාර කරයි. කිසිවෙක් අසූචි මුත්‍ර මඩ දඬු ශාස්ත්රවලින් පහරදීම් ආදියෙන් අස්තකාර කරයි. එයින් තුඹස් ගස් ආදිය සොම්නස් හෝ දොම්නස් නොකරයි. එසේම සුන්දර සිවුරක් ලැබ සොම්නස් නොකළ යුතුය. අසුන්දර සිවුරක් ලැබ දොම්නස් නොකළ යුතුය. මෙසේ පවත් සිහිකිරීම් වශයෙන් මෙහි අසම්මෝහ සම්පජඤ්ඤය දතයුතුය.
පත්තධාරණෙපි පත්තං සහසාව අග්ගහෙත්වා ‘ඉමං ගහෙත්වා පිණ්ඩාය චරමානො භික්ඛං ලභිස්සාමී’ති එවං පත්තග්ගහණපච්චයා පටිලභිතබ්බඅත්ථවසෙන ‘සාත්ථකසම්පජඤ්ඤං’ වෙදිතබ්බං. කිසදුබ්බලසරීරස්ස පන ගරුපත්තො අසප්පායො; යස්ස කස්සචි චතුපඤ්චගණ්ඨිකාහතො දුබ්බිසොධනීයො අසප්පායොව. දුද්ධොතපත්තො හි න වට්ටති; තං ධොවන්තස්සෙව චස්ස පලිබොධො හොති. මණිවණ්ණපත්තො පන ලොභනීයොව චීවරෙ වුත්තනයෙනෙව අසප්පායො. නිමිත්තකම්මාදිවසෙන පන ලද්ධො, යඤ්චස්ස සෙවමානස්ස අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, අයං එකන්තාසප්පායොව විපරීතො සප්පායො. තස්ස වසෙනෙත්ථ ‘සප්පායසම්පජඤ්ඤං’ කම්මට්ඨානාවිජහනවසෙනෙව ‘ගොචරසම්පජඤ්ඤං’ වෙදිතබ්බං.
පාත්‍ර දැරීමෙහිද පාත්‍රය වහාම නොගෙන මෙය රැගෙන පිඬු සඳහා හැසිරෙන්නේ භික්ෂාව ලබන්නෙමියි මෙසේ පාත්‍රය ගැනීමෙන් ප්‍රත්‍යය ලැබිය යුතුය යන අර්ථ වශයෙන් සාත්ථක සම්පජඤ්ඤය දතයුතුය. කෙට්ටු දුබල ශරීරයට වනාහි බර පාත්‍රය අසප්පාය වේ. කිසියම් හතර පස්වරක් පිළියම් කළ පිරිසිදු කළ නොහැකි පාත්‍ර අසප්පාය වේ. හරියට නොසේදූ පාත්‍රය නොවටී. එය සෝදන්නාට පලිබෝධ වේ. මැණික් වර්ණ පාත්‍රය ලෝබනීය නිසා සිවුරේ කියූ පරිදි අසප්පාය වේ. නිමිති කීම් ආදියෙන් ලද පාත්‍රා අකුසල වැඩෙන කුසල පිරිහෙන පාත්‍රා ඒකාන්තයෙන් අසප්පාය වේ. ඊට වෙනස්වූයේ සප්පාය වේ. ඒ අනුව සම්පජඤ්ඤ දතයුතුය. කමටහන අත්නොහැරීම් වශයෙන් ගෝචර සම්පජඤ්ඤය දතයුතුය.
අබ්භන්තරෙ අත්තා නාම කොචි පත්තං ගණ්හන්තො නත්ථි. වුත්තප්පකාරචිත්තකිරියාවායොධාතුවිප්ඵාරවසෙනෙව පන පත්තග්ගහණං නාම හොති. තත්ථ පත්තොපි අචෙතනො, හත්ථාපි අචෙතනා. පත්තො න ජානාති – ‘අහං හත්ථෙහි ගහිතො’ති. හත්ථාපි න ජානන්ති – ‘පත්තො අම්හෙහි ගහිතො’ති. ධාතුයොව ධාතුසමූහං ගණ්හන්ති, සණ්ඩාසෙන අග්ගිවණ්ණපත්තගහණෙ වියාති. එවං පවත්තපටිසඞ්ඛානවසෙනෙත්ථ ‘අසම්මොහසම්පජඤ්ඤං’ වෙදිතබ්බං.
අභ්‍යන්තරයෙහි ආත්මය නම් කිසිවෙක් පාත්‍රය ගැනීමට නැත. කියන ලද ආකාර චිත්තකිරිය වායෝ ධාතුව පැතිරීම් වශයෙන් පාත්‍රය ගැනීම නම් වේ. එහි පාත්‍රයද අචේතනය. අතද අචේතනය. අතින් මා ගන්නා ලදැයි පාත්‍රය නොදනී. පාත්‍රය මවිසින් ගන්නා ලදැයි අත නොදනී. ධාතුව ධාතු සමූහයක් ගනී. අඬුවෙන් ගින්නේ පාත්‍රය ගන්නා මෙනි. මෙසේ පවතින සිහිකිරීම් වශයෙන් මෙහි අසම්මෝහ සම්පජඤ්ඤය දතයුතුය.
අපිච යථා ඡින්නහත්ථපාදෙ වණමුඛෙහි පග්ඝරිතපුබ්බලොහිතකිමිකුලෙ නීලමක්ඛිකසම්පරිකිණ්ණෙ අනාථසාලායං අනාථමනුස්සෙ දිස්වා දයාලුකා පුරිසා තෙසං වණබන්ධපට්ටචොළකානි චෙව කපාලාදීහි ච භෙසජ්ජානි උපනාමෙන්ති. තත්ථ චොළකානිපි කෙසඤ්චි සණ්හානි කෙසඤ්චි ථූලානි පාපුණන්ති. භෙසජ්ජකපාලකානිපි කෙසඤ්චි සුසණ්ඨානානි කෙසඤ්චි දුස්සණ්ඨානානි පාපුණන්ති. න තෙ තත්ථ සුමනා වා හොන්ති දුම්මනා වා. වණපටිච්ඡාදනමත්තෙනෙව හි චොළකෙන, භෙසජ්ජපරිග්ගහණමත්තෙනෙව ච කපාලකෙන තෙසං අත්ථො. එවමෙව යො භික්ඛු වණචොළකං විය චීවරං, භෙසජ්ජකපාලකං විය ච පත්තං, කපාලෙ භෙසජ්ජමිව ච පත්තෙ ලද්ධභික්ඛං සල්ලක්ඛෙති – අයං සඞ්ඝාටිපත්තචීවරධාරණෙ අසම්මොහසම්පජඤ්ඤෙන උත්තමසම්පජානකාරීති වෙදිතබ්බො.
තවද යම්සේ කැඩුණ අත්පා තුවාලවලින් වැගිරෙන සැරව ලේ පණුවන් නිල මැස්සන් පිරුණු අනාථ සාලාවක මිනිසුන් දැක දයාවන්ත පුරුෂයෙක් ඒ තුවාල වෙළුම් පටිවලින් ඔතා ක්ෂායාදියෙන් බෙහෙත් කරති. එහි රෙදි සමහර ඒවා සිනිඳුය. සමහර ඒවා ගොරෝසුය. බෙහෙත් කපාල ආදිය සමහර ඒවාට මනා සටහන් ඇත. සමහර ඒවා දුස්සටහන්ය. එහි ඔවුහු සතුටු හෝ නොසතුටු හෝ නොවෙති. වණ වෙලීමට පමණක් වස්ත්‍රවලින් ද බෙහෙත් ගැනීමට පමණක් කපල්වලින්ද ඔවුන්ට ප්‍රයෝජනවත් වේ. එසේම භික්ෂුව තුවාල රෙදිකඩ මෙන් සිවුරද බෙහෙත් කබල මෙන් පාත්‍රයද කපාල බෙහෙත් මෙන් භික්ෂුවද සලකයි. මෙය සංඝාටිපාත්ර චීවර දැරීමෙන් අසම්මෝහ සම්පජඤ්ඤයෙන් උතුම් දැනීම යයි දතයුතුය.
අසිතාදීසු අසිතෙති පිණ්ඩපාතාදිභොජනෙ. පීතෙති යාගුආදිපානෙ. ඛායිතෙති පිට්ඨඛජ්ජකාදිඛාදනෙ. සායිතෙති මධුඵාණිතාදිසායනෙ. තත්ථ “නෙව දවායා”තිආදිනා නයෙන වුත්තො අට්ඨවිධොපි අත්ථො ‘අත්ථො’ නාම. තස්ස වසෙන ‘සාත්ථකසම්පජඤ්ඤං’ වෙදිතබ්බං.
අසිතාදියෙහි අසිතෙ පිණ්ඩපාත භෝජනයෙහි පීතෙ කැඳ ආදී පානය කිරීමෙනි. ඛායිතෙ පිටිවලින් කැඳ කැවිලි අනුභවයෙහි සායිතෙ මීපැණි ආදි රස දැනීමෙනි. එහි නෙව දවාය ආදි නයින් කියන ලද අෂ්ටවිධ අර්ථය අර්ථනමි. ඒ අනුව සාත්ථක සම්පජඤ්ඤ දතයුතුය.
ලූඛපණීතතිත්තමධුරාදීසු පන යෙන භොජනෙන යස්ස අඵාසු හොති, තං තස්ස අසප්පායං. යං පන නිමිත්තකම්මාදිවසෙන පටිලද්ධං, යඤ්චස්ස භුඤ්ජතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති, තං එකන්තං අසප්පායමෙව; විපරීතං සප්පායං. තස්ස වසෙනෙත්ථ ‘සප්පායසම්පජඤ්ඤං’ කම්මට්ඨානාවිජහනවසෙනෙව ච ‘ගොචරසම්පජඤ්ඤං’ වෙදිතබ්බං.
රළු ප්‍රණීත තිත්ත මිහිරි ආදියෙහි වනාහි යම් භෝජනයකින් යමෙකුට අපහසු වේනම් එය ඔහුට අසප්පාය වේ. යමක් නිමිති කීම් ආදියෙන් ලැබුනේද යමක් වැළඳීමෙන් අකුසල දහම් වැඩේද කුසලදහම් පිරිහේද එය ඒකාන්තයෙන්ම අසප්පාය වේමය. ඊට විපරීත වූයේ සප්පාය වේ. ඒ අනුව මෙහි සප්පාය සම්පජඤ්ඤය කමටහන අත්නොහැරීම් වශයෙන් ගෝචර සම්පජඤ්ඤ නය දතයුතුය.
අබ්භන්තරෙ අත්තා නාම කොචි භුඤ්ජකො නත්ථි. වුත්තප්පකාරචිත්තකිරියාවායොධාතුවිප්ඵාරෙනෙව පන පත්තපටිග්ගහණං නාම හොති. චිත්තකිරියාවායොධාතුවිප්ඵාරෙනෙව හත්ථස්ස පත්තෙ ඔතාරණං නාම හොති. චිත්තකිරියාවායොධාතුවිප්ඵාරෙනෙව ආලොපකරණං, ආලොපඋද්ධරණං, මුඛවිවරණඤ්ච හොති. න කොචි කුඤ්චිකාය, න යන්තකෙන හනුකට්ඨිං විවරති. චිත්තකිරියාවායොධාතුවිප්ඵාරෙනෙව ආලොපස්ස මුඛෙ ඨපනං, උපරිදන්තානං මුසලකිච්චසාධනං, හෙට්ඨාදන්තානං උදුක්ඛලකිච්චසාධනං, ජිව්හාය හත්ථකිච්චසාධනඤ්ච හොති. ඉති නං තත්ථ අග්ගජිව්හාය තනුකඛෙළො මූලජිව්හාය බහලඛෙළො මක්ඛෙති. තං හෙට්ඨාදන්තඋදුක්ඛලෙ ජිව්හාහත්ථපරිවත්තිතං ඛෙළඋදකතෙමිතං උපරිදන්තමුසලසඤ්චුණ්ණිතං කොචි කටච්ඡුනා වා දබ්බියා වා අන්තො පවෙසෙන්තො නාම නත්ථි; වායොධාතුයාව පවිසති. පවිට්ඨං පවිට්ඨං කොචි පලාලසන්ථාරං කත්වා ධාරෙන්තො නාම නත්ථි; වායොධාතුවසෙනෙව තිට්ඨති. ඨිතං ඨිතං කොචි උද්ධනං කත්වා අග්ගිං ජාලෙත්වා පචන්තො නාම නත්ථි; තෙජොධාතුයාව පච්චති. පක්කං පක්කං කොචි දණ්ඩකෙන වා යට්ඨියා වා බහි නීහාරකො නාම නත්ථි; වායොධාතුයෙව නීහරති. ඉති වායොධාතු අතිහරති ච වීතිහරති ච ධාරෙති ච පරිවත්තෙති ච සඤ්චුණ්ණෙති ච විසොසෙති ච නීහරති ච. පථවීධාතු ධාරෙති ච පරිවත්තෙති ච සඤ්චුණ්ණෙති ච විසොසෙති ච නීහරති ච. ආපොධාතු සිනෙහෙති ච අල්ලත්තඤ්ච අනුපාලෙති. තෙජොධාතු අන්තොපවිට්ඨං පරිපාචෙති. ආකාසධාතු අඤ්ජසො හොති. විඤ්ඤාණධාතු තත්ථ තත්ථ සම්මාපයොගමන්වාය ආභුජතීති. එවං පවත්තපටිසඞ්ඛානවසෙනෙත්ථ ‘අසම්මොහසම්පජඤ්ඤං’ වෙදිතබ්බං.
අභ්‍යන්තරයෙහි ආත්මය නම් කිසිවෙක් වළඳවන්නෙක් නැත. කියන ලද ආකාර චිත්ත කිරිය වායෝ ධාතුව පැතිරීමෙන්ම පාත්‍ර පිළිගැනීම නම් වේ. චිත්තකිරිය වායෝධාතු පැතිරීමෙන්ම අතේ පාත්‍රය පිහිටීය. එයින් ගුලිකිරීම පැලි එසවීම කට ඇරීම වේ. කිසිවෙක් යතුරකින් හනු ඇට විවර නොකරයි. බත්පිඩ මුවේ තැබීමද උඩ දත්වලින් මොහොල් කිසද යට දත්වලින් වංගෙඩි කිසද දිවෙන් අතේ කිසද කරන්නේ පෙර කී චිත්තකිරිය ධාතුවය. මෙසේ එය එහි දිව අග තුනී කෙල දිව මුල ඝන වූ කෙල ආලේප කරයි. යට දත් වංගෙඩියෙන් දිව අතින් පෙරලන ලද එහි කෙල දියෙන් තෙමමින් උඩ දත් මොහොලින් සුණු කරන ලදි. කිසිවෙක් කුඩා සැන්දෙන් හෝ මහ හැන්දෙන් හෝ ඇතුළට ප්‍රවේශ කරන්නේ නැත. වායෝ ධාතුවෙන් පිවිසවයි. පිවිසි ඒවා තලපයක් කොට දරන්නෙක් නැත. වායෝ ධාතු වශයෙන් සිටියි. සිටි ඒවා උදුන සකසා ගිනිදල්වා පිසන්නෙක් නැත. තේජෝ ධාතුවෙන් පිසයි. පිසුණු දඬුවකින් හෝ යෂ්ටියකින් ඇතුළට ගෙනයන කෙනෙක් නැත. වායෝ ධාතුවම ගෙන යයි. මෙසේ වායෝ ධාතුව එහාට මෙහා කර දරයි. පෙරළයි. කුඩු කරයි. වියලයි. බැහැර කරයි. ආපෝ ධාතු සිනිදු කරයි. තෙත් කරයි. පාලනය කරයි. තේජෝ ධාතු ඇතුළට පිවිසි විට පැසවයි. ආකාශ ධාතු මාර්ගය දක්වයි. විඤ්ඤාණ ධාතු ඒ ඒ තැන ප්‍රයෝග දක්වා බැඳගනී. මෙසේ පවතින සිහිකිරීම් වශයෙන් මෙහි අසම්මෝහ සම්පජඤ්ඤය දතයුතුය.
අපිච ගමනතො, පරියෙසනතො, පරිභොගතො, ආසයතො, නිධානතො, අපරිපක්කතො, පරිපක්කතො, ඵලතො, නිස්සන්දනතො, සම්මක්ඛනතොති එවං දසවිධපටිකූලභාවපච්චවෙක්ඛණතොපෙත්ථ ‘අසම්මොහසම්පජඤ්ඤං’ වෙදිතබ්බං. විත්ථාරකථා පනෙත්ථ විසුද්ධිමග්ගෙ ආහාරපටිකූලසඤ්ඤානිද්දෙසතො ගහෙතබ්බා.
තවද ගමන වශයෙන් පරියේසන සෙවීම් වශයෙන් පරිභෝග වශයෙන් ආශ්‍රය වශයෙන් හේතු වශයෙන් නොපැසීම් වශයෙන් පැසීම් වශයෙන් ඵල වශයෙන් ගැලීම් වශයෙන් තැවරීම් වශයෙන් යයි දසආකාර ප්රත්යවේක්ෂා කිරීම් වශයෙන් මෙහි අසම්මෝහ සම්පජඤ්ඤය දතයුතුය. මෙහි විස්තර කථා වනාහි විසුද්ධි මාර්ගයේ ආහාර පටික්කූල සඤ්ඤා නිද්දේසයෙන් ගතයුතුය.
උච්චාරපස්සාවකම්මෙති උච්චාරස්ස ච පස්සාවස්ස ච කරණෙ. තත්ථ පක්කකාලෙ උච්චාරපස්සාවං අකරොන්තස්ස සකලසරීරතො සෙදා මුච්චන්ති, අක්ඛීනි භමන්ති, චිත්තං න එකග්ගං හොති, අඤ්ඤෙ ච රොගා උප්පජ්ජන්ති; කරොන්තස්ස පන සබ්බං තං න හොතීති අයමෙත්ථ අත්ථො. තස්ස වසෙන ‘සාත්ථකසම්පජඤ්ඤං’ වෙදිතබ්බං.
උපචාර පස්සාව කම්මෙ මල ද මූත්‍රද කිරීමෙනි. එහි පැසුණු කාලයෙහි මලමූ පහ නොකරන්නාගේ සියළු සිරුරෙන් දහඩිය ගලයි. ඇස් කැරකේ. සිත එකඟ නොවේ. වෙනත් රෝගද ඇතිවේ. කරන්නාට ඒ සියල්ල නැත. මෙය අර්ථ වේ. ඒ අනුව සාත්ථක සම්පජඤ්ඤය දතයුතුය.
අට්ඨානෙ උච්චාරපස්සාවං කරොන්තස්ස පන ආපත්ති හොති, අයසො වඩ්ඪති, ජීවිතන්තරායො හොති; පතිරූපෙ ඨානෙ කරොන්තස්ස සබ්බං තං න හොතීති ඉදමෙත්ථ සප්පායං. තස්ස වසෙන ‘සප්පායසම්පජඤ්ඤං’ කම්මට්ඨානාවිජහනවසෙනෙව ච ‘ගොචරසම්පජඤ්ඤං’ වෙදිතබ්බං.
අස්ථානයෙහි මලමූ පහකරන්නාට ඇවැත් වේ. අපකීර්තිය වැඩේ. ජීවිත අන්තරාය වේ. සුදුසු තැන කරන්නාට ඒවා නැත. මෙහි සප්පායයි. ඒ අනුව සප්පාය සම්පජඤ්ඤය දතයුතුය. කමටහන අත්නොහැරීම් වශයෙන්ම ගෝචර සම්පජඤ්ඤය දතයුතුය.
අබ්භන්තරෙ අත්තා නාම කොචි උච්චාරපස්සාවකම්මං කරොන්තො නත්ථි. චිත්තකිරියාවායොධාතුවිප්ඵාරෙනෙව පන උච්චාරපස්සාවකම්මං හොති. යථා පන පක්කෙ ගණ්ඩෙ ගණ්ඩභෙදෙන පුබ්බලොහිතං අකාමතාය නික්ඛමති, යථා ච අතිභරිතා උදකභාජනා උදකං අකාමතාය නික්ඛමති, එවං පක්කාසයමුත්තවත්ථීසු සන්නිචිතා උච්චාරපස්සාවා වායුවෙගසමුප්පීළිතා අකාමතායපි නික්ඛමන්ති. සො පනායං එවං නික්ඛමන්තො උච්චාරපස්සාවො නෙව තස්ස භික්ඛුනො අත්තනො හොති න පරස්ස; කෙවලං පන සරීරනිස්සන්දොව හොති. යථා කිං? යථා උදකතුම්භතො පුරාණඋදකං ඡඩ්ඩෙන්තස්ස නෙව තං අත්තනො හොති න පරෙසං, කෙවලං පටිජග්ගනමත්තමෙව හොති, එවන්ති. එවං පවත්තපටිසඞ්ඛානවසෙනෙත්ථ ‘අසම්මොහසම්පජඤ්ඤං’ වෙදිතබ්බං.
අභ්‍යන්තරයෙහි ආත්මය යයි කිසිවෙක් මලමූ ක්‍රියාව කරන්නෙක් නැත. චිත්තකිරිය වායෝධාතුව පැතිරීමෙන්ම මලමූ ක්‍රියාව සිදුවේ. යම්සේ වනාහි පැසුණු ගෙඩියක ගඩුව බිඳීමෙන් සැරව ලේ ඉතිරී වැගිරේ. දැරිය නොහැකි සේ පිරුණු දියබඳුනේ ජලය අකමැත්තෙන්ම නික්මේ. මෙසේ ජරාවාසය මුත්‍ර වස්තියෙහි රැස්වූ මල මූ වායු වේගයෙන් පෙළුණේ අකමැත්තෙන්ම නික්මෙයි. මෙසේ නික්මුණු මල මූ ඒ භික්ෂුවගේ නොවේය. අනිකකුගේ නොවේය. හුදෙක් ශරීරයෙන් ගලායෑමකි. කුමක් මෙන්ද? දිය කලයකින් පැරණි ජලය විසිකරන්නාට එය තමාගේ නොවේ. අනුන්ගේද නොවේ. හුදෙක් පිළිදැගුම් පමණකි. (පටිග්ගහණ - ප්‍රකෘති කිරීම, පිරිසිදු කිරීම) මෙසේ පවතින සිහිකිරීම් වශයෙන් මෙහි අසම්මෝහ සම්පජඤ්ඤය දතයුතුය.
ගතාදීසු ගතෙති ගමනෙ. ඨිතෙති ඨානෙ. නිසින්නෙති නිසජ්ජාය. සුත්තෙති සයනෙ. තත්ථ අභික්කන්තාදීසු වුත්තනයෙනෙව සම්පජානකාරිතා වෙදිතබ්බා.
ගතාදිසු ගතෙ ගමනෙහි ඨිතෙ ස්ථානයෙහි නිසින්නෙ හිඳීමෙහි සුත්තෙ නිදීමෙහි එහි ඉදිරියට යෑම් ආදියෙහි කියන ලද නයින්ම සම්පජානකාරී බව දතයුතුය.
අයං පනෙත්ථ අපරොපි නයො – එකො හි භික්ඛු ගච්ඡන්තො අඤ්ඤං චින්තෙන්තො අඤ්ඤං විතක්කෙන්තො ගච්ඡති. එකො කම්මට්ඨානං අවිස්සජ්ජෙත්වාව ගච්ඡති. තථා එකො භික්ඛු තිට්ඨන්තො, නිසීදන්තො, සයන්තො අඤ්ඤං චින්තෙන්තො අඤ්ඤං විතක්කෙන්තො සයති. එකො කම්මට්ඨානං අවිස්සජ්ජෙත්වාව සයති.
මෙය එහි වෙනත් ක්රමයකි. එක් භික්ෂුවක් යන්නේ අනිකක් සිතමින් අනිකක් ගැන විතර්ක කරමින් යයි. එක්කෙනෙක් කමටහන අත්නොහැරම යයි. එසේ එක් භික්ෂුවක් සිටින්නේ හිඳින්නේ නිදන්නේ අනිකක් සිතමින් අනිකක් ගැන විතර්ක කරමින් නිදයි. එක්කෙනෙක් කමටහන නොහැරම නිදයි.
එත්තකෙන පන න පාකටං හොතීති චඞ්කමෙන දීපයිංසු. යො හි භික්ඛු චඞ්කමනං ඔතරිත්වා චඞ්කමනකොටියං ඨිතො පරිග්ගණ්හාති; ‘පාචීනචඞ්කමනකොටියං පවත්තා රූපාරූපධම්මා පච්ඡිමචඞ්කමනකොටිං අප්පත්වා එත්ථෙව නිරුද්ධා, පච්ඡිමචඞ්කමනකොටියං පවත්තාපි පාචීනචඞ්කමනකොටිං අප්පත්වා එත්ථෙව නිරුද්ධා, චඞ්කමනවෙමජ්ඣෙ පවත්තා උභො කොටියො අප්පත්වා එත්ථෙව නිරුද්ධා, චඞ්කමනෙ පවත්තා රූපාරූපධම්මා ඨානං අප්පත්වා එත්ථෙව නිරුද්ධා, ඨානෙ පවත්තා නිසජ්ජං, නිසජ්ජාය පවත්තා සයනං අප්පත්වා එත්ථෙව නිරුද්ධා’ති එවං පරිග්ගණ්හන්තො පරිග්ගණ්හන්තොයෙව භවඞ්ගං ඔතාරෙති; උට්ඨහන්තො කම්මට්ඨානං ගහෙත්වාව උට්ඨාති – අයං භික්ඛු ගතාදීසු සම්පජානකාරී නාම හොතීති.
මෙපමණකින් ප්‍රකට නොවේය සක්මනින් දැක්වූහ. යම් භික්ෂුවක් සක්මනින් බැස සක්මන කෙළවර සිට විමසයි. පෙරදිග සක්මන කෙළවර රූප අරූප ධර්ම පැසුළු සක්මන කෙළවරට නොපැමිණ එහිම නිරුද්ධ විය. සක්මනේ මැද පැවති රූපාරූප ධර්ම දෙකෙළවරට නොපැමිණ එහිම නිරුද්ධ විය. සක්මනේ පවත්නා රූපාරූප ධර්ම ස්ථානයකට නොබැස එහිම නිරුද්ධ විය. ස්ථානයේ පවත්නා නිසජ්ජං.....නිසජ්ජාය පවත්නා සයනයට නොපැමිණ එහිම නිරුද්ධ වීයයි මෙසේ විමසති. විමසත්ම සිත භවංග ගතවිය. නැගිටින්නේ කමටහන රැගෙනම නැගිටියි. මේ භික්ෂුව ගතාදියෙහි සම්පජානකාරී වේ.
එවං පන සුත්තෙ කම්මට්ඨානං අවිභූතං හොති. කම්මට්ඨානං අවිභූතං න කාතබ්බං. තස්මා යො භික්ඛු යාව සක්කොති තාව චඞ්කමිත්වා ඨත්වා නිසීදිත්වා සයමානො එවං පරිග්ගහෙත්වා සයති – ‘කායො අචෙතනො, මඤ්චො අචෙතනො. කායො න ජානාති – අහං මඤ්චෙ සයිතොති. මඤ්චොපි න ජානාති – මයි කායො සයිතොති. අචෙතනො කායො අචෙතනෙ මඤ්චෙ සයිතො’ති. එවං පරිග්ගණ්හන්තො පරිග්ගණ්හන්තොයෙව චිත්තං භවඞ්ගං ඔතාරෙති, පබුජ්ඣමානො කම්මට්ඨානං ගහෙත්වාව පබුජ්ඣති. අයං සුත්තෙ සම්පජානකාරී නාම හොතීති.
මෙසේ සූත්‍රයෙන් කමටහන ප්‍රකට නොවීය. කමටහන අප්‍රකට නම් නොකළ යුතුය. එහෙයින් යම් භික්ෂුවක් හැකිතාක් සක්මන්කොට සිටගෙන හිඳගෙන නිදමින් මෙසේ විමසා මම ඇඳේ නිදමියි ඇඳ නොදනී. මා කෙරෙහි නිදාගත්තේ යයි අචේතන කය අචේතන ඇඳේ නිදන ලදීයයි මෙසේ විමසනවිට සිත භවංගයේ බැස ගනී. පිබිදෙන විට කමටහන ගෙන පිබිදෙයි. මෙය සූත්‍රයෙහි සම්පජානකාරී නම් වේ.
ජාගරිතෙති ජාගරණෙ. තත්ථ ‘කිරියාමයපවත්තස්ස අප්පවත්තියා සති ජාගරිතං නාම න හොති; කිරියාමයපවත්තවළඤ්ජෙ පවත්තන්තෙ ජාගරිතං නාම හොතී’ති පරිග්ගණ්හන්තො භික්ඛු ජාගරිතෙ සම්පජානකාරී නාම හොති. අපිච රත්තින්දිවං ඡ කොට්ඨාසෙ කත්වා පඤ්ච කොට්ඨාසෙ ජග්ගන්තොපි ජාගරිතෙ සම්පජානකාරී නාම හොති.
ජාගරිතෙ නිදිවැරීමෙහි කටයුතුවල යෙදී අත්හල විට ජාගරික නොවේ. ක්‍රියාවක යෙදී දිගටම පවත්වාගෙන යනවිට ජාගරිය වේයයි විමසමින් සිටින භික්ෂුව ජාගරිතෙ සම්පජානකාරී වේ. තවද රෑ දහවල් කොටස් හයකට බෙදා කොටස් පහක් ක්‍රියාත්මක වේනම් ජාගරිතෙ සම්පජානකාරී වේ.
භාසිතෙති කථනෙ. තත්ථ ‘උපාදාරූපස්ස සද්දායතනස්ස අප්පවත්තෙ සති භාසිතං නාම න හොති; තස්මිං පවත්තන්තෙ හොතී’ති පරිග්ගාහකො භික්ඛු භාසිතෙ සම්පජානකාරී නාම හොති. විමුත්තායතනසීසෙන ධම්මං දෙසෙන්තොපි බාත්තිංස තිරච්ඡානකථා පහාය දසකථාවත්ථුනිස්සිතං කථං කථෙන්තොපි භාසිතෙ සම්පජානකාරී නාම හොති.
භාසිතෙ කථනයෙහි එහි උපාදාය රූපය ශබ්දායතනයේ නොපවතිනවිට කථනයක් නම් නැත. එය පවතින විට විමසන භික්ෂුව කථනයෙහි සම්පජානකාරී නම් වේ. ආයතනවලින් මිදී ධර්ම දේශනා කරනවිටද තිරච්ඡාන කථා දෙතිස හැර දසක කතා වස්තු නිශ්රිත කථා කරන්නාද කථනයෙහි සම්පජානාකාරී නම් වේ.
තුණ්හීභාවෙති අකථනෙ. තත්ථ ‘උපාදාරූපස්ස සද්දායතනස්ස පවත්තියං සති තුණ්හීභාවො නාම නත්ථි; අප්පවත්තියං හොතී’ති පරිග්ගාහකො භික්ඛු තුණ්හීභාවෙ සම්පජානකාරී නාම හොති. අට්ඨතිංසාය ආරම්මණෙසු චිත්තරුචියං කම්මට්ඨානං ගහෙත්වා නිසින්නොපි දුතියජ්ඣානං සමාපන්නොපි තුණ්හීභාවෙ සම්පජානකාරීයෙව නාම හොති.
තුණ්හීභාවෙ කතා නොකිරීමෙහි. එහි උපාදාය රූප ශබ්දායතනයේ පවතින විට තුණ්හීභාවයක් නැත. නොපවතී යයි මෙනෙහි කරන භික්ෂුව තුණ්හී භවයෙහි සම්පජානකාරී නම් වේ. අටතිස් අරමුණුවල සිත රුචි කමටහනක් ගෙන සිටින්නාද දුතිය ධ්‍යානය සමවැදී සිටින්නාද කතා නොකිරීමෙහි සම්පජානකාරී නම් වේ.
එත්ථ ච එකො ඉරියාපථො ද්වීසු ඨානෙසු ආගතො. සො හෙට්ඨා අභික්කන්තෙ පටික්කන්තෙති එත්ථ භික්ඛාචාරගාමං ගච්ඡතො ච ආගච්ඡතො ච අද්ධානගමනවසෙන කථිතො. ගතෙ ඨිතෙ නිසින්නෙති එත්ථ විහාරෙ චුණ්ණිකපාදුද්ධාරඉරියාපථවසෙන කථිතොති වෙදිතබ්බො.
මෙහිද එක් ඉරියව්වක් ස්ථාන දෙකක ආවේය. එය අභික්කන්තෙ පටික්කන්තෙ යන මෙහි පිඬු සිඟන ගමට යන්නේද එන්නේද මාර්ග ගමන වශයෙන් යට කියන ලදි. ගතෙ ඨිතෙ නිසින්නෙ මෙහි විහාරයෙහි චුණ්ණිකපාද උද්ධාර ඉරියව් වශයෙන් කියන ලදැයි දතයුතුය.
තත්ථ කතමා සතීතිආදි සබ්බං උත්තානත්ථමෙව.
තත්ථ කතමා සති ආදි සියල්ල අරුත් පැහැදිලිය.
සො විවිත්තන්ති ඉමිනා කිං දස්සෙති? එතස්ස භික්ඛුනො උපාසනට්ඨානං යොගපථං සප්පායසෙනාසනං දස්සෙති. යස්ස හි අබ්භන්තරෙ එත්තකා ගුණා අත්ථි, තස්ස අනුච්ඡවිකො අරඤ්ඤවාසො. යස්ස පනෙතෙ නත්ථි, තස්ස අනනුච්ඡවිකො. එවරූපස්ස හි අරඤ්ඤවාසො කාළමක්කටඅච්ඡතරච්ඡදීපිමිගාදීනං අටවීවාසසදිසො හොති. කස්මා? ඉච්ඡාය ඨත්වා පවිට්ඨත්තා. තස්ස හි අරඤ්ඤවාසමූලකො කොචි අත්ථො නත්ථි; අරඤ්ඤවාසඤ්චෙව ආරඤ්ඤකෙ ච දූසෙති; සාසනෙ අප්පසාදං උප්පාදෙති. යස්ස පන අබ්භන්තරෙ එත්තකා ගුණා අත්ථි, තස්සෙව සො අනුච්ඡවිකො. සො හි අරඤ්ඤවාසං නිස්සාය විපස්සනං පට්ඨපෙත්වා අරහත්තං ගණ්හිත්වා පරිනිබ්බාති, සකලඅරඤ්ඤවාසං උපසොභෙති, ආරඤ්ඤිකානං සීසං ධොවති, සකලසාසනං පසාරෙති. තස්මා සත්ථා එවරූපස්ස භික්ඛුනො උපාසනට්ඨානං යොගපථං සප්පායසෙනාසනං දස්සෙන්තො සො විවිත්තං සෙනාසනං භජතීතිආදිමාහ. තත්ථ විවිත්තන්ති සුඤ්ඤං අප්පසද්දං අප්පනිග්ඝොසං. එතමෙව හි අත්ථං දස්සෙතුං තඤ්ච අනාකිණ්ණන්තිආදි වුත්තං. තත්ථ අනාකිණ්ණන්ති අසඞ්කිණ්ණං අසම්බාධං. තත්ථ යස්ස සෙනාසනස්ස සාමන්තා ගාවුතම්පි අඩ්ඪයොජනම්පි පබ්බතගහනං වනගහනං නදීගහනං හොති, න කොචි අවෙලාය උපසඞ්කමිතුං සක්කොති – ඉදං සන්තිකෙපි අනාකිණ්ණං නාම. යං පන අඩ්ඪයොජනිකං වා යොජනිකං වා හොති – ඉදං දූරතාය එව අනාකිණ්ණං නාම හොති.
සො විවිත්තන්ති මෙයින් කුමක් දැක්වේද? මෙය භික්ෂුවගේ එළඹෙන භාවනා මාර්ගයට සප්පාය සෙනසුනක් දක්වයි. යමෙකුගේ අභ්‍යන්තරයෙහි මෙපමණ ගුණ තිබේනම් ඔහු අරණ්යවාසයට සුදුසුය. යමෙකුට මේවා නැත්නම් ඔහු නුසුදුසු වේ. මෙබඳු වූ අරණ්යවාසයෙහි කලු වඳුරු වලස් කලුහිස් වලස් දිවි මෘග ආදීන්ගේ වන වාසය සමාන වේ. කුමක් හෙයින්ද? කැමැත්තෙන් සිට පිවිසුණු බැවිනි. ඔහුට අරණ්යවාස මූලකයෙන් කිසි අර්ථයක් නැත. අරණ්‍ය වාසය සේම අරණ්‍යයේ සිටින්නන්ද දූෂණය කරයි. සාසනයට අප්‍රසාදයක් උපදවයි. යමෙකුගේ අභ්‍යන්තරයෙහි මෙපමණ ගුණ ඇත්නම් ඔහු සුදුසු වේ. හේ අරණ්‍යවාසය නිසා විදර්ශනාව පිහිටුවා රහත්බවට පැමිණ පිරිනිවන් පාන්නේය. සියළු අරණ්‍යවාසය සොභාවත් කරයි. අරණ්යාවසීන්ගේ හිස් සෝදයි. සියළු ශාසනය පතුරුවයි. එහෙයින් ශාස්තෲන් වහන්සේ මෙබඳු රූප වූ භික්ෂුව ගේ උපාසනයට භාවනා මාර්ගය සඳහා සප්පාය සෙනසුනක් දක්වන්නේ සො විවිත්ත සෙනාසනං භජති ආදිය කීහ. එහි විවිත්තං යන ශූන්‍ය වූ අල්ප ශබ්ද ඇති මහා ශබ්ද අඩු යන මෙය මෙහි අර්ථය දැක්වීමට තඤ්ච අනාකිණ්ණං යනාදිය කියන ලදි. එහි අනාකිණ්ණං යනු සංකීර්ණ නොවූ සම්බාධ නැති. එහි සේනාසනය වටේට ගව්වක් (කිලෝමීටර 5 ක් බර) අඩ යොදුනක් (කි.මී. 10 ක් පමණ) පර්වතවලින් වනයෙන් ගංගාවලින් ගහණය. අවේලාවේ කිසිවකට පැමිණිය හැකි නොවේ. මෙය සමීපයෙහිද ආකීර්ණ නොවේ. යම් සෙනසුනක් අඩ යොදුනක් හෝ යොදුනක් හෝ වේද එය දුරබැවින් අනාකීර්ණ නම් වේ.
සෙති චෙව ආසති ච එත්ථාති සෙනාසනං. තස්ස පභෙදං දස්සෙතුං මඤ්චො පීඨන්තිආදි වුත්තං. තත්ථ මඤ්චොති චත්තාරො මඤ්චා – මසාරකො, බුන්දිකාබද්ධො, කුළීරපාදකො, ආහච්චපාදකොති. තථා පීඨං. භිසීති පඤ්ච භිසියො – උණ්ණාභිසි, චොළභිසි, වාකභිසි, තිණභිසි, පණ්ණභිසීති.
මෙහි නිදයිද හිඳගනියිද යන අර්ථයෙන් (සෙතිච ආසති ධ) සෙනාසනං වේ. එහි ප්‍රභේද දැක්වීමට මඤ්චො පීඨං යනාදිය කියන ලදි. එහි මඤ්චො ඇඳන් සතරකි. මසාරක - කුලීරක - සත්ව රූප යෙදූ ඇඳ ආභච්ච - විට්ටම හාරා පා වැද්දූ ඇඳ - ඛුන්දිකාබද්ධ - විට්ටම හා පා ඒකාබද්ධ කොට ඇති ඇඳ. පීඨ, භිසි - බුදිරිය, මෙට්ටය, භිසි පහකි. උණ්ණා - බැටළු ලොම්වලින් කළ, චොළ - රෙදිවලින් කළ, වාක - ගස් පොතුවලින් කළ, තිණ - තෘණවලින් කළ, පණ්ණ - කොළවලින් කළ.
බිම්බොහනන්ති සීසුපධානං වුත්තං. තං විත්ථාරතො විදත්ථිචතුරඞ්ගුලං වට්ටති, දීඝතො මඤ්චවිත්ථාරප්පමාණං. විහාරොති සමන්තා පරිහාරපථං අන්තොයෙව රත්තිට්ඨානදිවාට්ඨානානි දස්සෙත්වා කතසෙනාසනං. අඩ්ඪයොගොති සුපණ්ණවඞ්කගෙහං. පාසාදොති ද්වෙ කණ්ණිකානි ගහෙත්වා කතො දීඝපාසාදො. අට්ටොති පටිරාජාදිපටිබාහනත්ථං ඉට්ඨකාහි කතො බහලභිත්තිකො චතුපඤ්චභූමිකො පතිස්සයවිසෙසො.
බිම්බොහතං - හිස තබන කොට්ටය, පළල වියතය, අඟල් හතරයි. දිග ඇඳේ පළල. විහාරො - වටේට පරිහාර පථ - පාර. රාත්‍රී දිවා ස්ථාන ඇතුළේ ඇති සෙනසුන. අඩ්ඪයොග - ගුරුළු වක් ගෙය - පියඹන ගුරුළාගේ හැඩය ඇති ගෙය. පාසාදො - මුදුන්කොත් දෙකක් පිහිටුවා කළ ගෙය දිග්ගෙයකි. අට්ටො - විරුද්ධ රජුන් වැළැක්වීමට ගඩොලින් කළ ඝන බිත්ති ඇති තට්ටු හතරක් පහක් ඇති.
මාළොති භොජනසාලසදිසො මණ්ඩලමාළො; විනයට්ඨකථායං පන එකකූටසඞ්ගහිතො චතුරස්සපාසාදොති වුත්තං. ලෙණන්ති පබ්බතං ඛණිත්වා වා පබ්භාරස්ස අප්පහොනකට්ඨානෙ කුට්ටං උට්ඨාපෙත්වා වා කතසෙනාසනං. ගුහාති භූමිදරි වා යත්ථ රත්තින්දිවං දීපං ලද්ධුං වට්ටති, පබ්බතගුහා වා භූමිගුහා වා. රුක්ඛමූලන්ති රුක්ඛස්ස හෙට්ඨා පරික්ඛිත්තං වා අපරික්ඛිත්තං වා. වෙළුගුම්බොති වෙළුගච්ඡො. යත්ථ වා පන භික්ඛූ පටික්කමන්තීති ඨපෙත්වා වා එතානි මඤ්චාදීනි යත්ථ භික්ඛූ සන්නිපතන්ති, යං තෙසං සන්නිපාතාරහට්ඨානං, සබ්බමෙතං සෙනාසනං.
මාළො - භොජන ශාලාවලට සමාන, මණ්ඩල මාළො - විනය අටුවාවෙහි එක් කොතක් ඇති සිව්රැස් ප්රාසාදයකැයි කියන ලදි. ලෙණ - පර්වතය හාරා හෝ පර්වත ගුහාවක කළ සෙනසුන ගුහා - බිම්ගෙයක් හෝ රෑ දාවල් පහන් තැබිය හැකි පර්වත ගුහාවක් හෝ බිම්ගෙයක් හෝ. රුක්ඛමූලං - ගස යට, වටකරන ලද හෝ නැතිව. වෙළුගුබ්බො - උණපඳුර යත්ථ වා පන භික්ඛු, පටික්කමන්ති - යට කී සියල්ල හැර භික්ෂූන් වහන්සේ රැස්වන ස්ථානය, රැස්වීමට සුදුසු සෑම ස්ථානයක්ම සේනාසනයකි.
භජතීති උපෙති. සම්භජතීති තත්ථ අභිරතිවසෙන අනුක්කණ්ඨිතො සුට්ඨු උපෙති. සෙවතීති නිවාසනවසෙන සෙවති නිසෙවතීති අනුක්කණ්ඨමානො සන්නිසිතො හුත්වා සෙවති. සංසෙවතීති සෙනාසනවත්තං සම්පාදෙන්තො සම්මා සෙවති.
භජති - එළඹෙයි. සම්භජති - එහි ඇලුම් වශයෙන් නොකලකිරීමෙන් පහසුවෙන් පැමිණෙයි. සෙවති - නිවාසය වශයෙන් සේවනය කරයි. නිසෙවති - නොකලකිරෙමින් ඇසුරු කරමින් සේවනය කරයි. සංසෙවති - සෙනසුන් වත් සපයමින් හොඳින් සේවනය කරයි.
ඉදානි යං තං විවිත්තන්ති වුත්තං, තස්ස පභෙදං දස්සෙතුං අරඤ්ඤං රුක්ඛමූලන්තිආදි ආරද්ධං. තත්ථ අරඤ්ඤන්ති විනයපරියායෙන තාව “ඨපෙත්වා ගාමඤ්ච ගාමූපචාරඤ්ච අවසෙසං අරඤ්ඤ”න්ති (පාරා· 12) ආගතං. සුත්තන්තපරියායෙන ආරඤ්ඤිකං භික්ඛුං සන්ධාය “ආරඤ්ඤකං නාම සෙනාසනං පඤ්චධනුසතිකපච්ඡිම”න්ති (පාචි· 573) ආගතං. විනයසුත්තන්තා පන උභොපි පරියායදෙසනා නාම. අභිධම්මො නිප්පරියායදෙසනාති අභිධම්මපරියායෙන අරඤ්ඤං දස්සෙතුං නික්ඛමිත්වා බහි ඉන්දඛීලාති වුත්තං; ඉන්දඛීලතො බහි නික්ඛමිත්වාති අත්ථො.
දැන් විවේකය කියන ලදි. එහි ප්‍රභේද දැක්වීමට අරඤ්ඤං රුක්ඛමූලං ආදිය අරඹන ලදි. එහි අරඤ්ඤං විනය අනුව ගමද මේ සීමාවද හැර අවසේස කොටස අරඤ්ඤ නය ආවේය. සූත්‍රාන්ත පරියායෙන් ආරණ්‍යක භික්ෂූන් සඳහා ආරඤ්ඤක නම් සෙනසුන ගමේ සිට දුනු පන්සියයක් පසුකොට ඇතැයි එන ලද්දේය. විනය සූත්‍රාන්ත දෙකම පරියාය දේශනා වේ. අභිධර්මය නිප්පරියාය දේශනා යයි අභිධර්ම පරියායෙන් අරඤ්ඤය දැක්වීමට නික්ඛමිත්ථා බහි ඉන්දඛීලං යයි කියන ලදි. ඉන්දඛීලයෙන් පිටත නික්මී යන අර්ථයයි. (ඉන්දඛීල ගම්සීමාව දැක්වීමට) සිත් ඇතිකිරීම.
රුක්ඛමූලාදීනං පකතියා ච සුවිඤ්ඤෙය්යභාවතො රුක්ඛමූලංයෙව රුක්ඛමූලන්තිආදි වුත්තං. අපිචෙත්ථ රුක්ඛමූලන්ති යංකිඤ්චි සීතච්ඡායං විවිත්තං රුක්ඛමූලං. පබ්බතන්ති සෙලං. තත්ථ හි උදකසොණ්ඩීසු උදකකිච්චං කත්වා සීතාය රුක්ඛච්ඡායාය නිසින්නස්ස නානාදිසාසු ඛායමානාසු සීතෙන වාතෙන බීජියමානස්ස චිත්තං එකග්ගං හොති. කන්දරන්ති කං වුච්චති උදකං, තෙන දරිතං උදකෙන භින්නං පබ්බතප්පදෙසං; යං නිතුම්බන්තිපි නදීකුඤ්ජන්තිපි වදන්ති. තත්ථ හි රජතපට්ටසදිසා වාලිකා හොන්ති, මත්ථකෙ මණිවිතානං විය වනගහනං, මණික්ඛන්ධසදිසං උදකං සන්දති. එවරූපං කන්දරං ඔරුය්හ පානීයං පිවිත්වා ගත්තානි සීතං කත්වා වාලිකං උස්සාපෙත්වා පංසුකූලචීවරං පඤ්ඤපෙත්වා නිසින්නස්ස සමණධම්මං කරොතො චිත්තං එකග්ගං හොති. ගිරිගුහන්ති ද්වින්නං පබ්බතානං අන්තරං, එකස්මිංයෙව වා උමඞ්ගසදිසං මහාවිවරං. සුසානලක්ඛණං විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.34) වුත්තං.
රුක්මුල් ආදිය ප්‍රකෘතියෙන් පහසුවෙන් දැනගතහැකි හෙයින් රුක්ඛමූලං යෙව රුක්ඛමූලං ආදිය කියන ලදි. මෙහි රුක්මුල නම් පැතුරුණු ඡායාවක් සහිත විවේකය ඇති යම්කිසි රුක්මුලකි. පබ්බතං ගල් පව්වකි. එහි ගල් කෙමිවල (ගල්පොකුණ) ජලකිස කොට සිහිල් රුක් රූ සෙවනේ සිටින්නහුගේ නොයෙක් දිසා සියළුම සිහිල් පවන් සලන සිත එකඟ වේ. කන්දරං කං යනු ජලයයි. එයින් හැරුණු ජලයෙන් බිඳුණු පර්වත ප්‍රදේශයක්. නිතුම්බ, නදීකුඤ්ජ යයිද කියති. එහි රිදීවන් වැලිතලාය මුදුනේ මණි වියනක් බඳු වනගහණය. මැණික් සේ පැහැදිලි දිය ගලායයි. මෙබඳු වූ කන්දරයකට බැස පැන්බී ගත සිහිල්කොට වැලිගොඩ ගසා පසුල් සිවුර එලා හිඳ මහණදම් පුරණවිට සිත එකඟ වේ. ගිරිගුහං පර්වත දෙකක් අතර එක් ස්ථානයක හෝ උමගක් සමග මහා විවරය. සුසානං මෙහි ලක්ෂණ විසුද්ධි මග්ගයෙහි කියන ලදි.
වනපත්ථන්ති ගාමන්තං අතික්කමිත්වා මනුස්සානං අනුපචාරට්ඨානං, යත්ථ න කසන්ති න වපන්ති. තෙනෙවස්ස නිද්දෙසෙ “වනපත්ථන්ති දූරානමෙතං සෙනාසනානං අධිවචන”න්තිආදි වුත්තං. යස්මා වා රුක්ඛමූලාදීසු ඉදමෙවෙකං භාජෙත්වා දස්සිතං, තස්මාස්ස නික්ඛෙපපටිපාටියා නිද්දෙසං අකත්වා සබ්බපරියන්තෙ නිද්දෙසො කතොති වෙදිතබ්බො. අබ්භොකාසන්ති අච්ඡන්නං. ආකඞ්ඛමානො පනෙත්ථ චීවරකුටිං කත්වා වසති. පලාලපුඤ්ජන්ති පලාලරාසි. මහාපලාලපුඤ්ජතො හි පලාලං නික්කඩ්ඪිත්වා පබ්භාරලෙණසදිසෙ ආලයෙ කරොන්ති, ගච්ඡගුම්බාදීනම්පි උපරි පලාලං පක්ඛිපිත්වා හෙට්ඨා නිසින්නා සමණධම්මං කරොන්ති; තං සන්ධායෙතං වුත්තං. වනපත්ථනිද්දෙසෙ සලොමහංසානන්ති යත්ථ පවිට්ඨස්ස ලොමහංසො උප්පජ්ජති; එවරූපානං භීසනකසෙනාසනානං. පරියන්තානන්ති දූරභාවෙන පරියන්තෙ ඨිතානං. න මනුස්සූපචාරානන්ති කසනවපනවසෙන මනුස්සෙහි උපචරිතබ්බං වනන්තං අතික්කමිත්වා ඨිතානං. දුරභිසම්භවානන්ති අලද්ධවිවෙකස්සාදෙහි අභිභුය්ය වසිතුං නසක්කුණෙය්යානං.
වනපත්ථ ගම් කෙළවර ඉක්මවා මිනිසුන් නොහැසිරෙන සීසෑම් වැපිරීම් නැති තැන එයම නිද්දේසයෙහි - වනපත්ථන්ති දූරානමෙතං සේනාසනං අධිවචනං ආදිය කියන ලදි. රුක්මුල් ආදිය මෙහිම එකට බෙදා දක්වන ලදි. එහෙයින් එහි ප්‍රතික්ෂේප කරන පිළිවෙලින් විස්තර නොකොට සියළු දේට පසුව නිර්දේශය කරන ලදැයි දතයුතුය. අබ්භොකාස නොවැසුණු. මෙහි කැමති කෙනෙක් සිවුරුවලින් කුටියක් කොට වසයි. පලාලපුඤ්ජං - පිදුරු රාශියක් මහපිදුරු ගොඩකින් පිදුරු ඇද පබ්භාර ලෙණ සමාන ස්ථානයක් කෙරෙති. ගස් නොවූ ආදියෙහිද මත්තෙහි පිදුරු දමා යටසිට මහණදම් කෙරෙති. ඒ සඳහා මෙය කියන ලදි. වනපත්ථ නිද්දේසයෙහි සලොමහංසානං යම්තැනකට පිවිසිකළ රෝමෝද්ගමය වේ. මෙබඳු වූ හිංසා සෙනසුන. පරියන්තානං දුර බැවින් කෙළවර පිහිටි. න මනුස්සූපචාරානං සාන වපුරන වශයෙන් මිනිසුන් හැසිරෙන වන කෙළවර ඉක්මවා සිටී. දුරභි සම්භවානං ලැබූ විවේකය පිළිගැනීම මැඩ විසීමට නොහැකි සෙනසුන.
අප්පසද්දාදිනිද්දෙසෙ අප්පසද්දන්ති වචනසද්දෙන අප්පසද්දං.
අප්පසද්දාදිහි නිද්දේසයෙහි අප්පසද්දං වචනවල ශබ්දය නැති
අප්පනිග්ඝොසන්ති නගරනිග්ඝොසසද්දෙන අප්පනිග්ඝොසං. යස්මා පන උභයම්පෙතං සද්දට්ඨෙන එකං, තස්මාස්ස නිද්දෙසෙ “යදෙව තං අප්පසද්දං තදෙව තං අප්පනිග්ඝොස”න්ති වුත්තං. විජනවාතන්ති අනුසඤ්චරණජනස්ස සරීරවාතෙන විරහිතං. විජනවාදන්තිපි පාඨො; අන්තොජනවාදෙන විරහිතන්ති අත්ථො. යස්මා පන යං අප්පනිග්ඝොසං, තදෙව ජනසඤ්චරණෙන ච ජනවාදෙන ච විරහිතං හොති, තස්මාස්ස නිද්දෙසෙ “යදෙව තං අප්පනිග්ඝොසං තදෙව තං විජනවාත”න්ති වුත්තං. මනුස්සරාහසෙය්යකන්ති මනුස්සානං රහස්සකිරියට්ඨානියං. යස්මා පන තං ජනසඤ්චරණරහිතං හොති, තෙනස්ස නිද්දෙසෙ “යදෙව තං විජනවාතං තදෙව තං මනුස්සරාහසෙය්යක”න්ති වුත්තං. පටිසල්ලානසාරුප්පන්ති විවෙකානුරූපං. යස්මා පන තං නියමෙනෙව මනුස්සරාහසෙය්යකං හොති, තස්මාස්ස නිද්දෙසෙ “යදෙව තං මනුස්සරාහසෙය්යකං තදෙව තං පටිසල්ලානසාරුප්ප”න්ති වුත්තං.
අප්පනිග්ඝොසං නගරයෙහි නිකුත්වන මහා ශබ්ද නැති. මේ ස්ථාන දෙකම ශබ්ද අර්ථයෙන් එකමය. ඒ නිසා නිර්දේශයෙහි - යදෙව තං අප්ප සද්දං කදෙව තං අජපනිග්ඝොසං (අප්ප ශබ්ද ඇති තුනම අප්පනිග්ඝොස යයි) කියන ලදි. විජනවාත සංචාරය කරන්නන්ගේ ශරීරයෙන් නිකුත්වන වාතය නැති. විජංවාදං යනුද පාඨයකි. ජනවාදයෙන් විරහිතය යන අර්ථයයි. යම්තැනක අභිනිගෙඝාස නම් එතන ජන සංචාරයෙන් හා ජනවාදයෙන් නිදහස්ය. ඒ නිසා නිද්දේසයෙහි යදෙව තං අප්පගිග්ඝොසං තදෙව තං විජනවාතං යයි කියන ලදි. මනුස්සරාහසෙය්යකං මිනිසුන්ගේ රහස් ක්‍රියාවට ස්ථාන වූ. ජන සංචාරය නොමැතිනම් නිද්දේසයෙහි යදෙව තං විජතවාතං තදෙව තං මනුස්සරාහ සෙය්යකං යයි කියන ලදි. පටිසල්ලාන සාරුප්පං විවේකයට අනුරූප වූ. එය නියමයෙන්ම මිනිසුන්ගේ රහස් ක්‍රියාවට ස්ථාන වේ. ඒ නිසා නිද්දේසයෙහි යදෙව තං මනුස්සරාහ මනුස්සරාහය්යෙකං තදෙවතං පටිසල්ලානා සාරුප්පං යයි කියන ලදි.
අරඤ්ඤගතාදිනිද්දෙසෙ අරඤ්ඤං වුත්තමෙව. තථා රුක්ඛමූලං. අවසෙසං පන සබ්බම්පි සෙනාසනං සුඤ්ඤාගාරෙන සඞ්ගහිතං.
අරඤ්ඤගතාදි නිද්දේසයෙහි අරඤ්ඤං කියන ලදමය. රුක්ඛමූල එසේය. සෙසු සියල්ල සේනාසනද සුඤ්ඤාගාරයෙන් සංග්‍රහ කරන ලදි.
පල්ලඞ්කං ආභුජිත්වාති සමන්තතො ඌරුබද්ධාසනං බන්ධිත්වා. උජුං කායං පණිධායාති උපරිමං සරීරං උජුං ඨපෙත්වා අට්ඨාරස පිට්ඨිකණ්ටකෙ කොටියා කොටිං පටිපාදෙත්වා. එවඤ්හි නිසින්නස්ස චම්මමංසන්හාරූනි න පණමන්ති. අථස්ස යා තෙසං පණමනපච්චයා ඛණෙ ඛණෙ වෙදනා උප්පජ්ජෙය්යුං, තා නුප්පජ්ජන්ති. තාසු න උප්පජ්ජමානාසු චිත්තං එකග්ගං හොති, කම්මට්ඨානං න පරිපතති, වුඩ්ඪිං ඵාතිං උපගච්ඡති.
පල්ලංකං ආභුජිත්වා හාත්පසින්ම ඌරු බද්ධාසනය බැඳ - උජුංකායං පණිධාය ශරීරය සෘජුව තබා දහඅටක් වූ. කොඳුඇට පෙලේ කෙළවරින් කෙළවර එකට සිටින සේ සකසාගෙන. මෙසේ හිඳින්නාගේ සම් මස් නහර නොනැමේ. එසේ නැමුනොත් සැරෙන් සැරේ වේදනා ඇතිවේ. ඒවා නූපදී. වේදනා නැතිකල්හි සිත එකඟ වේ. කමටහන බිඳ නොවැටේ. වැඩිදියුණු වේ.
උජුකො හොති කායො ඨිතො පණිහිතොති ඉදම්පි හි ඉමමෙවත්ථං සන්ධාය වුත්තං.
උජුකො හොති කායො ඨිතො පණිහිතො මෙයද මේ අර්ථය සඳහා කියන ලදි.
පරිමුඛං සතිං උපට්ඨපෙත්වාති කම්මට්ඨානාභිමුඛං සතිං ඨපයිත්වා, මුඛසමීපෙ වා කත්වාති අත්ථො. තෙනෙව වුත්තං “අයං සති උපට්ඨිතා හොති සූපට්ඨිතා නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ වා”ති. මුඛනිමිත්තන්ති චෙත්ථ උත්තරොට්ඨස්ස වෙමජ්ඣප්පදෙසො දට්ඨබ්බො, යත්ථ නාසිකවාතො පටිහඤ්ඤති; අථ වා පරීති පරිග්ගහට්ඨො, මුඛන්ති නිය්යානට්ඨො, සතීති උපට්ඨානට්ඨො; තෙන වුච්චති “පරිමුඛං සති”න්ති එවං පටිසම්භිදායං (පටි· ම· 1.164) වුත්තනයෙනපෙත්ථ අත්ථො දට්ඨබ්බො. තත්රායං සඞ්ඛෙපො “පරිග්ගහිතනිය්යානං සතිං කත්වා”ති.
පරිමුඛං සතිං උපට්ඨපෙත්වා කමටහන අභිමුඛයෙහි සිහිය තබාගෙන. මුහුණ සමීපයේ තබා යන අර්ථයයි. එසේ හෙයින් කියන ලදි. අයං සති උපට්ඨිතා හොති සුපට්ඨිතා නාසිකග්ගෙවා මුඛ නිමිත්තෙවා, මුඛනිමිත්තං ඉහළ සිට මැද දැකිය හැකිය. නාසයේ වායුව වැදෙන ස්ථානයයි. එසේ නැතහොත් පරී ලබාගත යුතුය. මුඛං පැමිණවීම් අර්ථය. සතී උපස්ථාන අර්ථය පරිමුඛං සති යයි එබැවින් කියනු ලැබේ. මෙසේ පටිසම්භිදාවෙහි කියන ලද නයින් මෙහි අර්ථය දතයුතුය.
අභිජ්ඣානිද්දෙසො උත්තානත්ථොයෙව. අයං පනෙත්ථ සඞ්ඛෙපවණ්ණනා – අභිජ්ඣං ලොකෙ පහායාති ලුජ්ජනපලුජ්ජනට්ඨෙන පඤ්චුපාදානක්ඛන්ධා ලොකො. තස්මා පඤ්චසු උපාදානක්ඛන්ධෙසු රාගං පහාය කාමච්ඡන්දං වික්ඛම්භෙත්වාති අයමෙත්ථ අත්ථො.
අභිජ්ඣා නිද්දේසය පැහැදිලිය. මෙය මෙහි කෙටි වර්ණනාවකි. අභිජ්ඣං ලොකෙ පහාය කැඩෙන විනාශවෙන අර්ථයෙන් පඤ්චූපාදානක්ඛන්ධ ලොකො. එනිසා පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි රාගය දුරුකර කාමච්ඡන්දය යටපත් කොටයයි මෙහි අර්ථය වේ.
විගතාභිජ්ඣෙනාති වික්ඛම්භනවසෙන පහීනත්තා විගතාභිජ්ඣෙන, න චක්ඛුවිඤ්ඤාණසදිසෙනාති අත්ථො.
විගතාභිජ්ඣානං විෂ්කම්භන වශයෙන් ප්‍රහීන කරන ලද බැවින්, චක්ඛු විඤ්ඤාණ හා සමාන නොවේය යන අර්ථයයි.
අභිජ්ඣාය චිත්තං පරිසොධෙතීති අභිජ්ඣාතො චිත්තං පරිසොධෙති; යථා නං සා මුඤ්චති චෙව, මුඤ්චිත්වා ච න පුන ගණ්හාති, එවං කරොතීති අත්ථො. නිද්දෙසපදෙසු පනස්ස ආසෙවන්තො සොධෙති, භාවෙන්තො විසොධෙති, බහුලීකරොන්තො පරිසොධෙතීති එවමත්ථො වෙදිතබ්බො. මොචෙතීතිආදීසුපි එසෙව නයො.
අභිජ්ඣාය චිත්තං පරිසොධෙති අභිද්යාවෙන් සිත පිරිසිදු කරයි. එයින් සිත මුදවයි. මුදවා නැවත නොයතියි යන අර්ථ වේ. එය සේවනය කරයි යනු නිද්දේසයෙහි එයි. සොධෙති වඩයි. විසොධෙති බහුල කරයි. පරිසොධෙති එම අර්ථයම දතයුතුය. මොචෙති ආදියෙහිද මෙම නයයි.
බ්යාපාදදොසං පහායාතිආදීනම්පි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො. බ්යාපජ්ජති ඉමිනා චිත්තං පූතිකුම්මාසාදයො විය පකතිං ජහතීති බ්යාපාදො. විකාරප්පත්තියා පදුස්සති, පරං වා පදූසෙති විනාසෙතීති පදොසො. උභයමෙතං කොධස්සෙවාධිවචනං. තෙනෙව වුත්තං “යො බ්යාපාදො සො පදොසො; යො පදොසො සො බ්යාපාදො”ති. යස්මා චෙස සබ්බසඞ්ගාහිකවසෙන නිද්දිට්ඨො, තස්මා “සබ්බපාණභූතහිතානුකම්පී”ති අවත්වා “අබ්යාපන්නචිත්තො”ති එත්තකමෙව වුත්තං.
ව්‍යාපාද දොසං පහාය ආදියෙහිද මේ නයින්ම අර්ථ දතයුතුය. ව්‍යාපාදයෙන් මේ සිත පිළුණු බතක් මෙන් ප්‍රකෘති ස්වභාවය අත්හරියි. බ්යාපාදො විකාරයට පැමිණිමෙන් දූෂණය වේ. අනුන් දූෂණය කරයි. විනාශ කරයි. පදොසො මේ දෙකම ක්‍රෝධයට වෙනින් නමකි. එහෙයින් කියන ලදි. සො බ්යාපාදො සො පදොසො යො පදොසො සො බ්යාපාදො යන මෙය සියල්ල සංග්‍රහ කිරීම් වශයෙන් දක්වන ලදි. එහෙයින් සියළු ප්‍රාණීන්ට හිතානුකම්පී යයි නොකියා අබ්යාපන්න චිත්තො යයි මෙපමණක්ම කියන ලදි.
ථිනං චිත්තගෙලඤ්ඤං, මිද්ධං චෙතසිකගෙලඤ්ඤං; ථිනඤ්ච මිද්ධඤ්ච ථිනමිද්ධං. සන්තා හොන්තීති ඉමෙ ද්වෙපි ධම්මා නිරොධසන්තතාය සන්තා හොන්තීති. ඉදං සන්ධායෙත්ථ වචනභෙදො කතො.
ථීනං - සිතේ ගිලන් බව, මිද්ධං - චෛතසිකවල ගිලන් බව ථීනයද මිද්ධයද ථීනමිද්ධං. සත්තා හොන්ති මේ ධර්ම දෙකම නිරෝධයෙන් සාන්ත වන නිසා. මේ සඳහා වචන බෙදීම කරන ලද
ආලොකසඤ්ඤීති රත්තිම්පි දිවාපි දිට්ඨාලොකසඤ්ජානනසමත්ථාය විගතනීවරණාය පරිසුද්ධාය සඤ්ඤාය සමන්නාගතො.
ආලොක සඤ්ඤී රාත්‍රියේද දවල්ද දකින ලද ආලෝකය දැනගැනීමේ සමත්කමින් නීවරණ දුරුකිරීමේ සහ පිරිසිදුවීමේ සංඥාවෙන් යුක්ත වූ.
සතො සම්පජානොති සතියා ච ඤාණෙන ච සමන්නාගතො. ඉදං උභයං ආලොකසඤ්ඤාය උපකාරකත්තා වුත්තං.
සතො සම්පජානො- සිහියෙන් නුවණින්ද සමන්විත වූයේ මේ දෙක ආලෝක සංඥාවට උපකාර බැවින් කියන ලදි.
විගතථිනමිද්ධතාය පන ආලොකසඤ්ඤාය නිද්දෙසපදෙසු චත්තත්තාතිආදීනි අඤ්ඤමඤ්ඤවෙවචනානෙව. තත්ථ චත්තත්තාති චත්තකාරණා. සෙසපදෙසුපි එසෙව නයො. චත්තත්තාති ඉදං පනෙත්ථ සකභාවපරිච්චජනවසෙන වුත්තං. වන්තත්තාති ඉදං පුන අනාදියනභාවදස්සනවසෙන. මුත්තත්තාති ඉදං සන්තතිතො විනිමොචනවසෙන. පහීනත්තාති ඉදං මුත්තස්සාපි කත්ථචි ඨානාභාවවසෙන. පටිනිස්සට්ඨත්තාති ඉදං පුබ්බෙ ආදින්නපුබ්බස්ස නිස්සග්ගදස්සනවසෙන. පටිමුඤ්චතො වා නිස්සට්ඨත්තා භාවනාබලෙන අභිභුය්ය නිස්සට්ඨත්තාති අත්ථො. පහීනපටිනිස්සට්ඨත්තාති යථාවික්ඛම්භනවසෙනෙව පහානං හොති, පුනප්පුනං සන්තතිං න අජ්ඣාරුහති, තථා පටිනිස්සට්ඨත්තාති. ආලොකා හොතීති සප්පභා හොති. නිරාවරණට්ඨෙන විවටා. නිරුපක්කිලෙසට්ඨෙන පරිසුද්ධා. පභස්සරට්ඨෙන පරියොදාතා.
ථීන මිද්ධ දුරුවීම ආලෝක සංඥාව යන නිද්දේසයෙහි චත්තත්තා ආදිය අන්‍යොන්‍ය සමාන වචන වේ. එහි චත්තත්තා යනු අත්හැරිය කරුණය. සෙසු පදවලද මෙම නයයි. චත්තත්තා යන මෙහි ස්වකීය ස්වභාවය අත්හැරීම වශයෙන් කියන ලදි. වත්තත්තතා මෙය නැවත නොගැනීම් ස්වභාවය දැක්වීම් වශයෙන්. මුත්තත්තා යන මෙය සන්තතියෙන් නිදහස් කිරීම වශයෙන්. පහීනත්තා මිදුණු ස්ථානය අභාව වශයෙන් පටිනිස්සට්ඨත්තා මෙය පෙර ගන්නා ලද්ද අත්හැරීම දැක්වීම් වශයෙන්. මිදීම් වශයෙන් හෝ අත්හරින ලද බැවින් භාවනා බලයෙන් මැඩ අත්හරින ලද ය අර්ථය. පහීන නිස්සට්ඨත්තා විෂ්කම්භ වශයෙන්ම ප්‍රහීන වේ. නැවත නැවත සන්තතිය නොහැඟේද එසේ අත්හරින ලදි. ආලෝකං හොති - එළිය සහිත වේ. ආවරණය නොවූ යන අර්ථයෙන් විවටාය. කෙලෙස් රහිත යන අර්ථයෙන් පරිසුද්ධ වේ. ප්‍රභාස්වර යන අර්ථයෙන් පරියොදාතා.
උද්ධච්චකුක්කුච්චන්ති එත්ථ උද්ධතාකාරො උද්ධච්චං, ආරම්මණෙ අනිච්ඡයතාය වත්ථුජ්ඣාචාරො කුක්කුච්චං. ඉධාපි “සන්තා හොන්තී”ති පුරිමනයෙනෙව වචනභෙදො වෙදිතබ්බො.
උද්ධච්ච කුක්කුච්චං යන මෙහි නොසන්සුන් ආකාරය උද්ධච්ච වේ. නිශ්චයක් නැති නිසා (රත්නත්‍රය ඉවතලා) හැසිරීම කුක්කුච්චය සත්තායෙන්ති පෙර නයින්ම වචනභේදය දතයුතුය.
තිණ්ණවිචිකිච්ඡොති විචිකිච්ඡං තරිත්වා අතික්කමිත්වා ඨිතො. නිද්දෙසෙපිස්ස තිණ්ණොති ඉදං විචිකිච්ඡාය අනිමුග්ගභාවදස්සනවසෙන වුත්තං. උත්තිණ්ණොති ඉදං තස්සා අතික්කමදස්සනවසෙන. නිත්තිණ්ණොති ඉදං භාවනාබලෙන අභිභුය්ය උපද්දවෙ තිණ්ණභාවදස්සනවසෙන. පාරඞ්ගතොති නිබ්බිචිකිච්ඡාභාවසඞ්ඛාතං විචිකිච්ඡාපාරං ගතො. පාරමනුප්පත්තොති තදෙව පාරං භාවනානුයොගෙන පත්තොති. එවමස්ස පටිපත්තියා සඵලතං දස්සෙති.
තිණ්ණ විචිකිච්ඡො විචිකිච්ඡාව තරණය කොට ඉක්මවා සිටියේ. නිද්දේසයෙහි තිණ්ණො යනු අතිමුග්ග (නොගැලුණු) බව දැක්වීම් වශයෙන් කියන ලදි. උත්තිණ්ණො මෙය එයින් අතික්‍රමණය දැක්වීම් වශයෙන්. පාරං ගතො විචිකිච්ඡා නැත්තේය යන විචිකිච්ඡාවෙන් එතෙරට ගියේ. පාරමනුප්පත්තො ඒ එතෙරට භාවනාවේ යෙදීමෙන් පැමිණෙන ලද. මෙසේ මෙහි ප්‍රතිපත්තියේ සඵලතාව දක්වයි.
අකථංකථීති ‘කථමිදං කථමිද’න්ති එවං පවත්තාය කථංකථාය විරහිතො. කුසලෙසු ධම්මෙසූති අනවජ්ජධම්මෙසු. න කඞ්ඛතීති ‘ඉමෙ නු ඛො කුසලා’ති කඞ්ඛං න උප්පාදෙති. න විචිකිච්ඡතීති තෙ ධම්මෙ සභාවතො විනිච්ඡෙතුං න කිච්ඡති, න කිලමති. අකථංකථී හොතීති ‘කථං නු ඛො ඉමෙ කුසලා’ති කථංකථාය රහිතො හොති. නික්කථංකථී විගතකථංකථොති තස්සෙව වෙවචනං. වචනත්ථො පනෙත්ථ කථංකථාතො නික්ඛන්තොති නික්කථංකථො. විගතා කථංකථා අස්සාති විගතකථංකථො.
අකථංකථී මේ කතාව මේ කතාව නය මෙසේ පවතින කතාවලින් විරහිත. කුසලෙසු ධම්මෙසු අනවද්‍ය ධර්මයන්හි. න කංඛති මෙය කුසලයක්දැයි සැක නොඋපදවයි. න විචිකිච්ඡති ඒ ධර්මවල ස්වභාවය විනිශ්චය කිරීමට දුෂ්කර නොවේ. ක්ලාන්ත නොවේ. අකතංඛථී හොති මේ කුසලය කෙසේදැයි කථා රහිතව, නික්කථංකථො විගතකථංකථො ඊටම සමාන වචන වේ.
උපක්කිලෙසෙති උපක්කිලෙසභූතෙ. තෙ හි චිත්තං උපගන්ත්වා කිලිස්සන්ති. තස්මා උපක්කිලෙසාති වුච්චන්ති.
උපක්කිලෙසෙ උපක්කිලෙසයෙන් යුත් ඒවා සිතට පැමිණ කිලිටි කරයි. එහෙයින් උපක්කිලෙස යයි කියති.
පඤ්ඤාය දුබ්බලීකරණෙති යස්මා ඉමෙ නීවරණා උප්පජ්ජමානා අනුප්පන්නාය ලොකියලොකුත්තරාය පඤ්ඤාය උප්පජ්ජිතුං න දෙන්ති, උප්පන්නා අපි අට්ඨ සමාපත්තියො පඤ්ච වා අභිඤ්ඤායො උපච්ඡින්දිත්වා පාතෙන්ති, තස්මා ‘පඤ්ඤාය දුබ්බලීකරණා’ති වුච්චන්ති. ‘අනුප්පන්නා චෙව පඤ්ඤා න උප්පජ්ජති, උප්පන්නා ච පඤ්ඤා නිරුජ්ඣතී’ති ඉදම්පි හි ඉමමෙවත්ථං සන්ධාය වුත්තං. සෙසමෙත්ථ සබ්බං හෙට්ඨා තත්ථ තත්ථ පකාසිතත්තා උත්තානත්ථමෙව.
පඤ්ඤාය දුබ්බලී කරණෙ යම් හෙයකින් මේ නීවරණ ඉපදෙමින් නූපන් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ඉපදීම ඉඩ නොදේ. ඉපදුනා වූ අෂ්ට සමාපත්ති පඤ්ච අභිඥා හෝ බිඳ හෙළයි. එනිසා ප්‍රඥාව දුර්වල කෙරේයයි කියනු ලැබේ. නූපන් ප්‍රඥාව නොඋපදී. උපන් ප්‍රඥාව නිරුද්ධ වේ යන මෙයද මේ අර්ථය සඳහා කියන ලදි. මෙහි සෙස්ස යට ඒ ඒ තැන්වල ප්‍රකාශ කරන ලද හෙයින් පැහැදිලිය.
විවිච්චෙව කාමෙහීතිආදීසුපි නිද්දෙසෙසු යං වත්තබ්බං සියා, තං හෙට්ඨා චිත්තුප්පාදකණ්ඩෙ (ධ· ස· අට්ඨ· 160) රූපාවචරනිද්දෙසෙ ඉධෙව ච තත්ථ තත්ථ වුත්තමෙව. කෙවලඤ්හි දුතියතතියචතුත්ථජ්ඣානනිද්දෙසෙසුපි යථා තානි ඣානානි හෙට්ඨා ‘තිවඞ්ගිකං ඣානං හොති, දුවඞ්ගිකං ඣානං හොතී’ති වුත්තානි, එවං අවත්වා “අජ්ඣත්තං සම්පසාදන”න්තිආදිවචනතො පරියායෙන සම්පසාදාදීහි සද්ධිං තානි අඞ්ගානි ගහෙත්වා “ඣානන්ති සම්පසාදො පීතිසුඛං චිත්තස්සෙකග්ගතා”තිආදිනා නයෙන තං තං ඣානං නිද්දිට්ඨන්ති අයමෙත්ථ විසෙසො.
විවිච්චෙව කාමෙහි ආදියෙහිද විස්තරයෙහි යමක් කිවයුතු නම් යට චිත්තුප්පාද කාණ්ඩයෙහි රූපාවචර නිද්දේසයෙහි ද මෙහි ඒ ඒ තැන්වලද කියන ලද්දේමය. හුදෙක් දෙවන තුන්වන සතරවන ධ්‍යාන නිද්දේසයෙහිද ඒ ධ්‍යාන යට තිවංගික ධ්‍යාන වේ. දුවංගික ධ්‍යාන වේයයි කියන ලදි. මෙසේ නොකියා අජ්ඣත්තං සම්පසාදනං ආදි වචනවලින් පැහැදීම් ආදිය සමග ඒ අංග ගෙන ධ්‍යානය (ප්‍රසාදය) ප්‍රීති සුඛ සිතේ එකඟකම ආදි නයින් ඒ ඒ ධ්‍යාන දක්වන ලදි. මෙය මෙහි විශේෂයකි.
යං තං අරියා ආචික්ඛන්තීතිපදනිද්දෙසෙ පන කිඤ්චාපි ‘ආචික්ඛන්ති දෙසෙන්තී’තිආදීනි සබ්බානෙව අඤ්ඤමඤ්ඤවෙවචනානි, එවං සන්තෙපි ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’තිආදිඋද්දෙසවසෙන ආචික්ඛන්ති, නිද්දෙසවසෙන දෙසෙන්ති, පටිනිද්දෙසවසෙන පඤ්ඤාපෙන්ති, තෙන තෙන පකාරෙන අත්ථං ඨපෙත්වා පට්ඨපෙන්ති, තස්ස තස්සත්ථස්ස කාරණං දස්සෙන්තා විවරන්ති, බ්යඤ්ජනවිභාගං දස්සෙන්තා විභජන්ති, නික්කුජ්ජිතභාවං ගම්භීරභාවඤ්ච නීහරිත්වා වා සොතූනං ඤාණස්ස පතිට්ඨං ජනයන්තා උත්තානිං කරොන්ති, සබ්බෙහිපි ඉමෙහි ආකාරෙහි සොතූනං අඤ්ඤාණන්ධකාරං විධමෙන්තා පකාසෙන්තීති එවමත්ථො දට්ඨබ්බො.
යං තං අරියා ආචික්ඛන්ති පද නිද්දේසයෙහි කිසිවක් කියති. දෙසති යනාදි සියල්ල අන්‍යොන්‍ය සමාන වචන වේ. මෙසේ ඇතිකල්හිද උපෙක්ඛකො සතිමා සුඛ විහාරි යනාදි උද්දේස වශයෙන් කියති. නිද්දේස වශයෙන් දේශනා කරති. පටිනිද්දේස වශයෙන් පනවති. ඒ ඒ ආකාරයෙන් අර්ථ තබා පිහිටුවති. ඒ ඒ අර්ථවල කරුණු දක්වන්නේ විවරණය කරති. අක්ෂර විභාගය දක්වන්නේ බෙදති. සැඟවුණු බවද ගැඹුරු බවද ගෙනහැර දක්වා හෝ අසන්නන්ගේ නුවණ පිහිටුවන්නේ ප්‍රකට කරත්. මේ සියළු ආකාරයෙන්ද ශ්‍රාවකයින්ගේ අඥතා අන්ධකාරය විනාශකොට ප්‍රකාශ කරති යන මේ අර්ථය දතයුතුය.
සමතික්කමනිද්දෙසෙපි තත්ථ තත්ථ තෙහි තෙහි ධම්මෙහි වුට්ඨිතත්තා අතික්කමන්තො, උපරිභූමිප්පත්තියා වීතික්කන්තො, තතො අපරිහානිභාවෙන සමතික්කන්තොති එවමත්ථො දට්ඨබ්බො.
සමතික්‍රමණ නිද්දේසයෙහිද ඒ ඒ තැන්වල ඒ ඒ ධර්මයන්ගෙන් පිබිදුණු බැවින් අතික්කන්තො උපරි භූමියට පැමිණීමෙන් වීතික්කන්තො එයින් අපරිහානි භාවයෙන් සමතික්කන්තො යයි මෙසේ මෙහි අර්ථ දතයුතුය.
සුත්තන්තභාජනීයවණ්ණනා.
සුත්තන්ත භාජනියයි.