යෙදුමෙන් කියවන්න

අභිධම‍්මභාජනීයවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

අභිධම‍්මභාජනීයවණ‍්ණනා

අභිධර්ම භාජනීය වර්ණනාව

අභිධම‍්මභාජනීයං උත‍්තානත්‍ථමෙව. නයා පනෙත්‍ථ ගණෙතබ‍්බා. “ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙතී”ති වුත‍්තට‍්ඨානස‍්මිඤ‍්හි ලොකුත‍්තරානි චත‍්තාරි නයසහස‍්සානි විභත‍්තානි. වීරියසමාධිආදීසුපි එසෙව නයො. තථා උත‍්තරචූළභාජනීයෙ ඡන්‍දිද‍්ධිපාදෙ චත‍්තාරි නයසහස‍්සානි විභත‍්තානි, වීරියචිත‍්තවීමංසිද‍්ධිපාදෙ චත‍්තාරි චත‍්තාරීති සබ‍්බානිපි අට‍්ඨන‍්නං චතුක‍්කානං වසෙන ද‍්වත‍්තිංස නයසහස‍්සානි විභත‍්තානි. එවමෙතං නිබ‍්බත‍්තිතලොකුත‍්තරානංයෙව ඉද‍්ධිපාදානං වසෙන ද‍්වත‍්තිංසනයසහස‍්සප‍්පටිමණ‍්ඩිතං අභිධම‍්මභාජනීයං කථිතන‍්ති වෙදිතබ‍්බං.

අභිධර්ම භාජනියෙහි නොගැඹුරු අර්ථමය. මෙහි නය ගිණිය යුතුය. ඡන්‍ද සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවෙති කියන ලද ස්ථානයෙහි ලෝකෝත්තරය නය හාරදහසකට බෙදන ලදි. විරිය සමාධි ආදියෙහි ද මෙම නයමයි. එසේම උත්තර චුල්ල භාජනියෙහි ඡන්‍ද ඉද්ධිපාදයෙහි නය හාරදහසක් බෙදන ලදි. විරිය චිත්ත වීමංස ඉද්ධිපාදයෙහි සතර සතර සියල්ල චතුක්ක අටක් වශයෙන් නය තිස් දෙදහසක් බෙදන ලදි. මෙසේ උපදවන ලද ලෝකෝත්තර ඉද්ධිපාද වශයෙන් නය දෙතිස් දහසකින් ප්‍රතිමණ්ඩිත අභිධර්ම භජනිය කියන ලදැයි දතයුතුය.

පඤ‍්හාපුච‍්ඡකවණ‍්ණනා

ප්‍රශ්න විචාරක වර්ණනාව

පඤ‍්හාපුච‍්ඡකෙ පාළිඅනුසාරෙනෙව ඉද‍්ධිපාදානං කුසලාදිභාවො වෙදිතබ‍්බො. ආරම‍්මණත‍්තිකෙසු පන සබ‍්බෙපෙතෙ අප‍්පමාණං නිබ‍්බානං ආරබ‍්භ පවත‍්තිතො අප‍්පමාණාරම‍්මණා එව, න මග‍්ගාරම‍්මණා; සහජාතහෙතුවසෙන පන මග‍්ගහෙතුකා, න මග‍්ගාධිපතිනො. චත‍්තාරො හි අධිපතයො අඤ‍්ඤමඤ‍්ඤං ගරුං න කරොන‍්ති. කස‍්මා? සයං ජෙට‍්ඨකත‍්තා. යථා හි සමජාතිකා සමවයා සමථාමා සමසිප‍්පා චත‍්තාරො රාජපුත‍්තා අත‍්තනො අත‍්තනො ජෙට‍්ඨකතාය අඤ‍්ඤමඤ‍්ඤස‍්ස අපචිතිං න කරොන‍්ති, එවමිමෙපි චත‍්තාරො අධිපතයො පාටියෙක‍්කං පාටියෙක‍්කං ජෙට‍්ඨකධම‍්මතාය අඤ‍්ඤමඤ‍්ඤං ගරුං න කරොන‍්තීති එකන‍්තෙනෙව න මග‍්ගාධිපතිනො. අතීතාදීසු එකාරම‍්මණභාවෙපි න වත‍්තබ‍්බා. නිබ‍්බානස‍්ස පන බහිද‍්ධාධම‍්මත‍්තා බහිද‍්ධාරම‍්මණා නාම හොන‍්තීති. එවමෙතස‍්මිං පඤ‍්හාපුච‍්ඡකෙ නිබ‍්බත‍්තිතලොකුත‍්තරාව ඉද‍්ධිපාදා කථිතා. සම‍්මාසම‍්බුද‍්ධෙන හි සුත‍්තන‍්තභාජනීයස‍්මිංයෙව ලොකියලොකුත‍්තරමිස‍්සකා ඉද‍්ධිපාදා කථිතා, අභිධම‍්මභාජනීයපඤ‍්හාපුච‍්ඡකෙසු පන ලොකුත‍්තරායෙවාති. එවමයං ඉද‍්ධිපාදවිභඞ‍්ගොපි තෙපරිවට‍්ටං නීහරිත්‍වාව දස‍්සිතොති.

පඤ්හ පුච්ඡකයෙහි - පෙළ අනුසාරයෙන් ඉද්ධිපාදවල කුසලාදිභාවය දතයුතුය. ආරම්මණ ත්‍රිකයෙහි වනාහි මේ සියල්ල අප්‍රමාණය. නිවන අරබයා පවතින අප්‍රමාණ අරමුණය. මාර්ග අරමුණු නොවේ. සහජාත හේතු වශයෙන් වනාහි මාර්ග හේතුය. මාර්ග අධිපති නොවේ. සතර අධිපතීහු ඔවුනොවුන් ගරු නොකරති. කුමක් හෙයින් තමා දෙටු බැවිනි. යම්සේ සමාන ජාතික සමාන වයස සමාන බලය සමාන ශිල්ප ඇති රාජපුත්‍රයෝ සතරදෙනෙක් තම තමාගේ ජ්‍යෙෂ්ඨ බැවින් ඔවුනොවුන්ට බුහුමන් නොකරති. එසේම මේ අධිපති සතරදෙනා වෙන වෙනම ශ්‍රේෂ්ඨ බැවින් ඔවුනොවුන් ගරු නොකරයි. ඒකාන්තයෙන්ම මාර්ගාධිපතිහු ගරු නොකරති. අතීතාදියෙහි ඒකාරම්මණ භාවයෙහිද නොකිව යුතුය. නිර්වාණය වනාහි බාහිර ධර්මතාවක් හා බාහිර අරමුණක් නම් වේ යයි මෙසේ මෙහි ප්‍රශ්න විචාරකයෙහි උපන් ලෝකෝත්තරයම ඉද්ධිපාද කියන ලදි. අභිධර්ම භාජනිය ප්‍රශ්න විචාරකයෙහි ලෝකෝත්තරමය. එසේම මේ ඉද්ධිපාද විභංගයද තිපරිවෘත්තය ගෙනහැර බෙදා දක්වන ලදි.

සම‍්මොහවිනොදනියා විභඞ‍්ගට‍්ඨකථාය ඉද‍්ධිපාදවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ නවවන ඉද්ධිපාද විභංග නිද්දේසයයි.