සුත්තන්තභාජනීයවණ්ණනා අට්ඨකථා
සුත්තන්තභාජනීයවණ්ණනා
සූත්‍රාන්ත භාජනීය වර්ණනාව
ඉදානි තදනන්තරෙ ඉද්ධිපාදවිභඞ්ගෙ චත්තාරොති ගණනපරිච්ඡෙදො. ඉද්ධිපාදාති එත්ථ ඉජ්ඣතීති ඉද්ධි, සමිජ්ඣති නිප්ඵජ්ජතීති අත්ථො. ඉජ්ඣන්ති වා එතාය සත්තා ඉද්ධා වුද්ධා උක්කංසගතා හොන්තීතිපි ඉද්ධි. පඨමෙනත්ථෙන ඉද්ධි එව පාදො ඉද්ධිපාදො, ඉද්ධිකොට්ඨාසොති අත්ථො. දුතියෙනත්ථෙන ඉද්ධියා පාදොති ඉද්ධිපාදො; පාදොති පතිට්ඨා, අධිගමුපායොති අත්ථො. තෙන හි යස්මා උපරූපරිවිසෙසසඞ්ඛාතං ඉද්ධිං පජ්ජන්ති පාපුණන්ති, තස්මා පාදොති වුච්චති. එවං තාව “චත්තාරො ඉද්ධිපාදා”ති එත්ථ අත්ථො වෙදිතබ්බො.
ඊට අනතුරුව දැන් ඉද්ධිපාද විභංගයෙහි චත්තාරො යනු ගණන සීමා කිරීමය. ඉද්ධිපාදා යනු මෙහි සමෘද්ධ වේ. සිදුවේ. ඉද්ධි වේ. සිදුවේ. නිපදවේ යයි යන අර්ථය වේ. සිදුවන්නේ මෙයින් සත්ත්වයෝ ඉද්ධාවෘද්ධි වේ. උසස්බවට ගියේ වෙයි යනුද ඉද්ධි වේ. පළමු අර්ථයෙන්ම ඉද්ධියම ඉද්ධිපාද වේ. ඉද්ධි කොටස් යන අර්ථයි. දෙවන අර්ථයෙන් ඉද්ධියේ පාද යයි ඉද්ධිපාද වේ. පාදො යනු ප්‍රතිෂ්ඨාවය. අධිගමයට උපාය යන අර්ථයයි. එසේ හෙයින් යමකින් මතුමත්තෙහි විශේෂ සංඛ්‍යාත වූ ඉද්ධි පැමිණේ. එහෙයින් පාද යයි කියනු ලැබේ. මෙසේ ඉද්ධිපාද සතරකැයි දතයුතුය.
ඉදානි තෙ භාජෙත්වා දස්සෙතුං ඉධ භික්ඛූතිආදි ආරද්ධං. තත්ථ ඉධ භික්ඛූති ඉමස්මිං සාසනෙ භික්ඛු. ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතන්ති එත්ථ ඡන්දහෙතුකො ඡන්දාධිකො වා සමාධි ඡන්දසමාධි. කත්තුකම්යතාඡන්දං අධිපතිං කරිත්වා පටිලද්ධසමාධිස්සෙතං අධිවචනං. පධානභූතා සඞ්ඛාරා පධානසඞ්ඛාරා. චතුකිච්චසාධකස්ස සම්මප්පධානවීරියස්සෙතං අධිවචනං. සමන්නාගතන්ති ඡන්දසමාධිනා ච පධානසඞ්ඛාරෙහි ච උපෙතං. ඉද්ධිපාදන්ති නිප්ඵත්තිපරියායෙන වා ඉජ්ඣනකට්ඨෙන ඉජ්ඣන්ති එතාය සත්තා ඉද්ධා වුද්ධා උක්කංසගතා හොන්තීති ඉමිනා වා පරියායෙන ඉද්ධීති සඞ්ඛං ගතානං උපචාරජ්ඣානාදිකුසලචිත්තසම්පයුත්තානං ඡන්දසමාධිපධානසඞ්ඛාරානං අධිට්ඨානට්ඨෙන පාදභූතං සෙසචිත්තචෙතසිකරාසින්ති අත්ථො. යඤ්හි පරතො “ඉද්ධිපාදොති තථාභූතස්ස වෙදනාක්ඛන්ධො…පෙ… විඤ්ඤාණක්ඛන්ධො”ති වුත්තං, තං ඉමිනා අත්ථෙන යුජ්ජති. ඉමිනා නයෙන සෙසෙසුපි අත්ථො වෙදිතබ්බො. යථෙව හි ඡන්දං අධිපතිං කරිත්වා පටිලද්ධසමාධි ඡන්දසමාධීති වුත්තො, එවං වීරියං…පෙ… චිත්තං. වීමංසං අධිපතිං කරිත්වා පටිලද්ධසමාධි වීමංසසමාධීති වුච්චති.
දැන් ඒවා බෙදා දැක්වීමට ඉධ භික්ඛූ යනාදිය ආරම්භ කරන ලදි. එහි ඉධ භික්ඛූ යනු මේ ශාසනයෙහි භික්ෂූන් වහන්සේය. ඡන්ද සමාධිපධාන සංඛාර සමන්නාගතං යන මෙහි ඡන්දය හේතු වූ හෝ ඡන්දය අධික වූ සමාජය ඡන්ද සමාධි වේ. කරනු කැමති කැමැත්ත මුල්කොට ලබන ලද සමාධියට මෙය සම්‍යක් වචනයකි. ප්‍රධාන වූ සංඛාර ප්‍රධාන සංඛාර වේ. සිව්කිස සාදන සම්මප්පධාන වීර්යය මෙය සමාන වචනයකි. සමන්නාගතං ඡන්ද සමාධියෙන්ද ප්‍රධාන සංඛාරවලින්ද යුක්ත වූ ඉද්ධිපාදං යනු සමෘද්ධ වීමයි. මෙයින් සිදුවේය යන අර්ථයෙන් සත්ත්වයෝ සම්පූර්ණ වෙති. උසස් බවට පැමිණෙති. මේ ආකාරයෙන් ඉද්ධි යන සංඛ්‍යාවට ඇතුළත් උපචාර ධ්‍යාන කුසල් සිත් යුක්ත වූ ඡන්ද සමාධි පධාන සංඛාරවල අධිෂ්ඨාන අර්ථයෙන් පාදවූ සෙසු සිත් රාශිය යන අර්ථයයි. යමකින් පසු ඉද්ධිපාද වූයේ නම් එබඳුවූ වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ ස්කන්ධ යයි කියන ලදි. එය මේ අර්ථයෙන් යෙදේ. සෙස්ස මේ නයින් දතයුතුය. යම්සේ ඡන්දය අධිපතිකොට ලැබූ සමාධිය ඡන්ද සමාධියි කියන ලදි. එසේම විරිය චිත්ත වීමංස අධිපතිකොට ලබන සමාධිය විරිය චිත්ත වීමංස යයි කියනු ලැබේ.
ඉදානි ඡන්දසමාධිආදීනි පදානි භාජෙත්වා දස්සෙතුං කථඤ්ච භික්ඛූතිආදි ආරද්ධං. තත්ථ ඡන්‍දඤ්චෙ භික්ඛු අධිපතිං කරිත්වාති යදි භික්ඛු ඡන්දං අධිපතිං ඡන්දං ජෙට්ඨකං ඡන්දං ධුරං ඡන්දං පුබ්බඞ්ගමං කත්වා සමාධිං පටිලභති නිබ්බත්තෙති, එවං නිබ්බත්තිතො අයං සමාධි ඡන්දසමාධි නාම වුච්චතීති අත්ථො. වීරියඤ්චෙතිආදීසුපි එසෙව නයො. ඉමෙ වුච්චන්ති පධානසඞ්ඛාරාති එත්තාවතා ඡන්දිද්ධිපාදං භාවයමානස්ස භික්ඛුනො පධානාභිසඞ්ඛාරසඞ්ඛාතචතුකිච්චසාධකං වීරියං කථිතං. තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වාති තං සබ්බං එකතො රාසිං කත්වාති අත්ථො. සඞ්ඛ්‍යං ගච්ඡතීති එතං වොහාරං ගච්ඡතීති වෙදිතබ්බන්ති අත්ථො.
දැන් ඡන්ද සමාධි ආදි පද බෙදා දැක්වීමට කථඤ්ච භික්ඛු යනාදිය ආරම්භ කරන ලදි. එහි ඡන්‍දඤ්චෙ භික්ඛු අධිපතිං කරිත්වා යනු භික්ෂුව ඡන්දය අධිපති ඡන්ද ජ්‍යෙෂ්ඨ ඡන්දධුර ඡන්ද පෙරටු කොට සමාධි ලබයි. උපදවයි. මෙසේ ඉපදවීමෙන් මේ සමාධිය ඡන්ද සමාධියයි කියනු ලැබේ යන අර්ථයයි. විරියඤ්චෙති ආදියෙහිද මෙම නයයි. ඉමෙ වුච්චන්ති පධාන සංඛාර යන මෙපමණකින් ඡන්ද ඉද්ධිපාදය වඩන භික්ෂුවගේ ප්‍රධාන අභිසංස්කාර සංඛ්‍යාත සිව්කිස සිදුකරන වීර්ය කියන ලදි. තදෙකජ්ඣං අභිසඤ්ඤූ හිත්වා යනු ඒ සියල්ලම එක්රැස් කොට යන අර්ථයි. සංඛං ගච්ඡති එක ව්‍යවහාරයකට යයි කියා දැනගත යුතුය යන අර්ථයි.
ඉදානි “ඡන්දසමාධිපධානසඞ්ඛාරො”ති එතස්මිං පදසමූහෙ ඡන්දාදිධම්මෙ භාජෙත්වා දස්සෙතුං තත්ථ කතමො ඡන්දොතිආදි ආරද්ධං. තං උත්තානත්ථමෙව.
දැන් ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර යන මේ පද සමූහයෙහි ඡන්දාදි ධර්ම බෙදා දැක්වීමට තත්ථ කතමො ඡන්දො යනාදිය ආරම්භ කරන ලදි. එය නොගැඹුරු අර්ථයම වේ.
උපෙතො හොතීති ඉද්ධිපාදසඞ්ඛාතො ධම්මරාසි උපෙතො හොති. තෙසං ධම්මානන්ති තෙසං සම්පයුත්තානං ඡන්දාදිධම්මානං. ඉද්ධි සමිද්ධීතිආදීනි සබ්බානි නිප්ඵත්තිවෙවචනානෙව. එවං සන්තෙපි ඉජ්ඣනකට්ඨෙන ඉද්ධි. සම්පුණ්ණා ඉද්ධි සමිද්ධි; උපසග්ගෙන වා පදං වඩ්ඪිතං. ඉජ්ඣනාකාරො ඉජ්ඣනා. සමිජ්ඣනාති උපසග්ගෙන පදං වඩ්ඪිතං. අත්තනො සන්තානෙ පාතුභාවවසෙන ලභනං ලාභො. පරිහීනානම්පි වීරියාරම්භවසෙන පුන ලාභො පටිලාභො; උපසග්ගෙන වා පදං වඩ්ඪිතං. පත්තීති අධිගමො. අපරිහානවසෙන සම්මා පත්තීති සම්පත්ති. ඵුසනාති පටිලාභඵුසනා. සච්ඡිකිරියාති පටිලාභසච්ඡිකිරියාව. උපසම්පදාති පටිලාභඋපසම්පදා එවාති වෙදිතබ්බා.
උපෙතො හොතී ඉද්ධිපාද සංඛ්‍යාත ධර්ම රාශිය යුක්ත වේ. තෙසං ධම්මානං ඒවායේ යුක්ත වූ ඡන්දාදි ධර්මයන්ගේ. ඉද්ධි සමිද්ධීති ආදිය සියළු සමෘද්ධවීම් ස්ථාන වචන වේ. මෙසේ පවතින සමෘද්ධවීම් අර්ථයෙන් ඉද්ධි වේ. සම්පූර්ණ වූ ඉද්ධිය සමිද්ධි වේ. උපසර්ගයෙන් පදාර්ථය වැඩිදියුණු කෙරේ. සිදුවන ආකාරය ඉජ්ඣනා ය. සමිජ්ඣනා උපසර්ගයෙන් පදය වඩන ලදි. තමාගේ සන්තානයෙහි පහළවීම් වශයෙන් ලැබීම ලාභො වේ. පිරිහුනද වීර්ය ආරම්භ කිරීම් වශයෙන් නැවත ලැබීම පටිලාභො වේ. උපසර්ගයෙන් පදය වඩන ලදි. පත්තී අධිගමයයි. අපරිහානි වශයෙන් මනාව පැමිණීම සම්පත්ති වේ. ඵුසනා ප්රතිලාභ ස්පර්ශ කිරීම. සච්ඡිකිරියා ප්රතිලාභ සාක්ෂාත් කිරීම. උපසම්පදා නැවත ලැබීම් පැමිණීම යයි දතයුතුය.
තයාභූතස්සාති තෙන ආකාරෙන භූතස්ස; තෙ ඡන්දාදිධම්මෙ පටිලභිත්වා ඨිතස්සාති අත්ථො. වෙදනාක්ඛන්ධොතිආදීහි ඡන්දාදයො අන්තො කත්වා චත්තාරොපි ඛන්ධා කථිතා. තෙ ධම්මෙති තෙ චත්තාරො අරූපක්ඛන්ධෙ; ඡන්දාදයො වා තයො ධම්මෙතිපි වුත්තං. ආසෙවතීතිආදීනි වුත්තත්ථානෙව. සෙසඉද්ධිපාදනිද්දෙසෙසුපි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො.
තථාභූතස්ස ඒ ආකාරයෙන් වූ. ඒ ඡන්දාදි ධර්ම නැවත ලැබ සිටින්නේය යන අර්ථය වේ. වෙදනක්ඛන්ධො යන ආදියෙන් ඡන්දාදිය ඇතුළත්කොට ස්කන්ධ සතරම කියන ලදි. තෙ ධම්මෙ යනු ඒ සතර අරූප ස්කන්ධයෙහි ඡන්දාදි තුන් ධර්ම යයි ද කියන ලදි. ආසෙවති යනු කියන ලද අර්ථම වේ. සෙසු ඉද්ධිපාද නිර්දේශවලද මෙනයින්ම අර්ථ දැනගත යුතුය.
එත්තාවතා කිං කථිතන්ති? චතුන්නං භික්ඛූනං මත්ථකප්පත්තං කම්මට්ඨානං කථිතං. එකො හි භික්ඛු ඡන්දං අවස්සයති; කත්තුකම්යතාකුසලධම්මච්ඡන්දෙන අත්ථනිප්ඵත්තියං සති ‘අහං ලොකුත්තරධම්මං නිබ්බත්තෙස්සාමි, නත්ථි මය්හං එතස්ස නිබ්බත්තනෙ භාරො’ති ඡන්දං ජෙට්ඨකං ඡන්දං ධුරං ඡන්දං පුබ්බඞ්ගමං කත්වා ලොකුත්තරධම්මං නිබ්බත්තෙති. එකො වීරියං අවස්සයති. එකො චිත්තං, එකො පඤ්ඤං අවස්සයති. පඤ්ඤාය අත්ථනිප්ඵත්තියං සති ‘අහං ලොකුත්තරධම්මං නිබ්බත්තෙස්සාමි , නත්ථි මය්හං එතස්ස නිබ්බත්තනෙ භාරො’ති පඤ්ඤං ජෙට්ඨකං පඤ්ඤං ධුරං පඤ්ඤං පුබ්බඞ්ගමං කත්වා ලොකුත්තරධම්මං නිබ්බත්තෙති.
මෙපමණකින් කුමක් කියන ලදද? භික්ෂූන් සතර දෙනාගේ කමටහන් මුදුන්පත්වීම කියන ලදි. එක් භික්ෂුවක් ඡන්දය පිහිටකොට ගනී. කරනු කැමති කුසල ධර්ම ඡන්දයෙන් අර්ථ නිපදවීම ඇතිකල්හි මම ලෝකෝත්තර දහම් උපදවමි. මම මෙය ඉපදවීමේ බරක් නැතැයි ඡන්දය දෙමු. බර පෙරටුකොට සිත පිහිටකොට ගනියි. එක්කෙනෙක් ප්‍රඥාව පිහිට කොට ගනී. ප්‍රඥාවෙන් අර්ථය නිපදවා ගත් කල්හි මම ලෝකෝත්තර දහම් උපදවමි. එය ඉපදවීමේ බරක් මට නැතැයි ප්‍රඥාව දෙටුකොට ධූරකොට පෙරටුකොට ලෝකේත්තර දහම් නිපදවයි.
කථං? යථා හි චතූසු අමච්චපුත්තෙසු ඨානන්තරං පත්ථෙත්වා විචරන්තෙසු එකො උපට්ඨානං අවස්සයි, එකො සූරභාවං, එකො ජාතිං, එකො මන්තං. කථං? තෙසු හි පඨමො ‘උපට්ඨානෙ අප්පමාදකාරිතාය අත්ථනිප්ඵත්තියා සති ලබ්භමානං ලච්ඡාමෙතං ඨානන්තර’න්ති උපට්ඨානං අවස්සයි. දුතියො ‘උපට්ඨානෙ අප්පමත්තොපි එකච්චො සඞ්ගාමෙ පච්චුපට්ඨිතෙ සණ්ඨාතුං න සක්කොති; අවස්සං ඛො පන රඤ්ඤො පච්චන්තො කුප්පිස්සති; තස්මිං කුප්පිතෙ රථධුරෙ කම්මං කත්වා රාජානං ආරාධෙත්වා ආහරාපෙස්සාමෙතං ඨානන්තර’න්ති සූරභාවං අවස්සයි. තතියො ‘සූරභාවෙපි සති එකච්චො හීනජාතිකො හොති; ජාතිං සොධෙත්වා ඨානන්තරං දදන්තා මය්හං දස්සන්තී’ති ජාතිං අවස්සයි. චතුත්ථො ‘ජාතිමාපි එකො අමන්තනීයො හොති; මන්තෙන කත්තබ්බකිච්චෙ උප්පන්නෙ ආහරාපෙස්සාමෙතං ඨානන්තර’න්ති මන්තං අවස්සයි. තෙ සබ්බෙපි අත්තනො අත්තනො අවස්සයබලෙන ඨානන්තරානි පාපුණිංසු.
කෙසේද? ඇමති පුත්‍රයන් සතර දෙනෙක් තානාන්තර පතා හැසිරෙන්නාහු එකෙක් උපස්ථානය පිහිටකොට ගත්තේය. එකෙක් සූරභවයද එකෙක් ජාතියද අනිකා මන්ත්‍රද පිහිටකොට ගත්හ. ඔවුනතුරෙන් පළමුවැන්නා මෙහෙ කිරීමෙහි උපට්ඨානයෙහි අප්‍රමාදව අර්ථය උපදවා ගත්කල්හි මේ තනතුර ලැබුවේ උපස්ථානයෙන් යයි එය පිහිටකොට ගත්තේය. දෙවැන්නා මෙහෙ කිරීමෙහි අප්‍රමාද වූයේද එකෙක් සටනක් එළඹිවිට සිටීමට නොහැකි වෙයි. රජතුමාගේ පසල් දනව් අවශ්‍යයෙන්ම කිපෙන්නේය. එසේ කිපුණු කල්හි රථඇදුරු කර්මය කර රජු සතුටුකොට මේ තනතුරට ගන්නෙමියි සූරභාවය පිහිටකොට ගත්තේය. තුන්වැන්නා සූරභවය පැවති නමුත් එකෙක් හීන ජාතිකයෙකි. ජාතිය පිරිසිදුකර තනතුර දෙනවිට මට දෙන්නේ යයි ජාතියේ පිහිටකොට ගත්තේය. සතරවැන්නා ජාති සම්පන්න වුවත් එකෙක් මන්ත්‍ර නොදන්නේය. මන්ත්‍රයෙන් කළයුතු කාර්යයක් පැමිණි කල්හි මේ තනතුර ගන්නේමැයි මන්ත්‍ර පිහිටකොට ගත්තේය. ඒ සියල්ලෝම තම තමන් පිහිටකොට ගත් දෙයෙහි බලයෙන් තනතුරුවලට පැමිණියහ.
තත්ථ උපට්ඨානෙ අප්පමත්තො හුත්වා ඨානන්තරං පත්තො විය ඡන්දං අවස්සාය කත්තුකම්යතාකුසලධම්මච්ඡන්දෙන අත්ථනිබ්බත්තියං සති ‘අහං ලොකුත්තරධම්මං නිබ්බත්තෙස්සාමි, නත්ථි මය්හං එතස්ස නිබ්බත්තනෙ භාරො’ති ඡන්දං ජෙට්ඨකං ඡන්දං ධුරං ඡන්දං පුබ්බඞ්ගමං කත්වා ලොකුත්තරධම්මනිබ්බත්තකො දට්ඨබ්බො, රට්ඨපාලත්ථෙරො (ම· නි· 2.293 ආදයො) විය. සො හි ආයස්මා ඡන්දං ධුරං කත්වා ලොකුත්තරධම්මං නිබ්බත්තෙසි. සූරභාවෙන රාජානං ආරාධෙත්වා ඨානන්තරං පත්තො විය වීරියං ජෙට්ඨකං වීරියං ධුරං වීරියං පුබ්බඞ්ගමං කත්වා ලොකුත්තරධම්මනිබ්බත්තකො දට්ඨබ්බො, සොණත්ථෙරො (මහාව· 243) විය. සො හි ආයස්මා වීරියං ධුරං කත්වා ලොකුත්තරධම්මං නිබ්බත්තෙසි.
එහි මෙහෙ කිරීමෙහි අප්‍රමාදව තනතුරට පැමිණියා මෙන් ඡන්දය පිහිටකොට කරනු කැමති කුසල් ඡන්දයෙන් අර්ථ නිෂ්පත්තිය වූ කල්හි මම ලොවුතුරා දහම් නිපදවමි. එය නිපදවීමෙහි මට බරක් නැතැයි ඡන්දය දෙටුකොට බර කොට පෙරටුකොට ලොවුතුරු දහම් නිපදවූවහු දතයුතුය. රට්ඨපාල තෙරුන් මෙන් ඒ ආයුෂ්මත් වූ ඡන්දය ධුරකොට ලොවුතුරු දහම් ඉපදවිය. සූරභවයෙන් රජු සිත්ගෙන තනතුරට පත්වූවහු මෙන් විරිය දෙටුකොට ධුරකොට පෙරටුකොට ලොවුතුරු දහම් නිපදවූවහු දතයුතුය. සෝණ තෙරුන් මෙන් උන්වහන්සේ විරිය ධුරකොට ලොවුතුරු දහම් ඉපිදවූහ.
ජාතිසම්පත්තියා ඨානන්තරං පත්තො විය චිත්තං ජෙට්ඨකං චිත්තං ධුරං චිත්තං පුබ්බඞ්ගමං කත්වා ලොකුත්තරධම්මනිබ්බත්තකො දට්ඨබ්බො, සම්භූතත්ථෙරො විය. සො හි ආයස්මා චිත්තං ධුරං කත්වා ලොකුත්තරධම්මං නිබ්බත්තෙසි. මන්තං අවස්සාය ඨානන්තරප්පත්තො විය වීමංසං ජෙට්ඨකං වීමංසං ධුරං වීමංසං පුබ්බඞ්ගමං කත්වා ලොකුත්තරධම්මනිබ්බත්තකො දට්ඨබ්බො, ථෙරො මොඝරාජා විය. සො හි ආයස්මා වීමංසං ධුරං කත්වා ලොකුත්තරධම්මං නිබ්බත්තෙසි.
ජාති සම්පත්තියෙන් තනතුරට පත් තැනැත්තා මෙන් සිත දෙටුකොට ධුරකොට පෙරටුකොට ලොවුතුරු දහම් ඉපදවූ භික්ෂුව දතයුතුය. සම්භූත තෙරුන් වහන්සේ මෙනි. උන්වහන්සේ සිත ප්‍රධානකොට ලොවුතුරු දහම් නිපදවූහ. මන්ත්‍ර පිහිටකර තනතුරු ලැබූ අය මෙන් වීමංසනය ප්‍රධානකොට වීමංසනය දෙටුකොට වීමංසනය පෙරටුකොට ලොවුතුරු දහම් නිපදවූ භික්ෂුව දතයුතුය. මොඝරාජ තෙරුන් මෙනි. උන්වහන්සේ වීමංසය ප්‍රධානකර ලොවුතුරු දහම් ඉපිදවූහ.
එත්ථ ච තයො ඡන්දසමාධිපධානසඞ්ඛාරසඞ්ඛාතා ධම්මා ඉද්ධීපි හොන්ති ඉද්ධිපාදාපි. සෙසා පන සම්පයුත්තකා චත්තාරො ඛන්ධා ඉද්ධිපාදායෙව. වීරියචිත්තවීමංසසමාධිපධානසඞ්ඛාරසඞ්ඛාතාපි තයො ධම්මා ඉද්ධීපි හොන්ති ඉද්ධිපාදාපි. සෙසා පන සම්පයුත්තකා චත්තාරො ඛන්ධා ඉද්ධිපාදායෙව. අයං තාව අභෙදතො කථා.
මෙහි වනාහි ඡන්ද සමාධි පධාන සංඛාර සංඛ්‍යාත ධර්ම තුන ඉද්ධියද වේ. ඉද්ධිපාදද වේ. සෙසු සම්පයුත්ත ස්කන්ධ සතර ඉද්ධිපාද වේ. විරිය චිත්ත වීමංසා සමාධි පධාන සංඛාර සංඛ්‍යාත වූ තුන් ධර්මයෝ ඉද්ධිද ඉද්ධිපාදද වේ. සෙසු සම්පයුක්ත ස්කන්ධ සතර ඉද්ධිපාදම වේ. මේ තවම අභේද කථාය.
භෙදතො පන ‘ඡන්දො’ ඉද්ධි නාම. ඡන්දධුරෙන භාවිතා චත්තාරො ඛන්ධා ඡන්දිද්ධිපාදො නාම. සමාධි පධානසඞ්ඛාරොති ද්වෙ ධම්මා සඞ්ඛාරක්ඛන්ධවසෙන ඡන්දිද්ධිපාදෙ පවිසන්ති; පාදෙ පවිට්ඨාතිපි වත්තුං වට්ටතියෙව. තත්ථෙව ‘සමාධි’ ඉද්ධි නාම. සමාධිධුරෙන භාවිතා චත්තාරො ඛන්ධා සමාධිද්ධිපාදො නාම. ඡන්දො පධානසඞ්ඛාරොති ද්වෙ ධම්මා සඞ්ඛාරක්ඛන්ධවසෙන සමාධිද්ධිපාදෙ පවිසන්ති; පාදෙ පවිට්ඨාතිපි වත්තුං වට්ටති එව. තත්ථෙව ‘පධානසඞ්ඛාරො’ ඉද්ධි නාම. පධානසඞ්ඛාරභාවිතා චත්තාරො ඛන්ධා පධානසඞ්ඛාරිද්ධිපාදො නාම. ඡන්දො සමාධීති ද්වෙ ධම්මා සඞ්ඛාරක්ඛන්ධවසෙන පධානසඞ්ඛාරිද්ධිපාදෙ පවිසන්ති; පාදෙ පවිට්ඨාතිපි වත්තුං වට්ටති එව. තත්ථෙව ‘වීරියං’ ඉද්ධි නාම, ‘චිත්තං’ ඉද්ධි නාම, ‘වීමංසා’ ඉද්ධි නාම…පෙ… පාදෙ පවිට්ඨාතිපි වත්තුං වට්ටති එව. අයං භෙදතො කථා නාම.
බෙදීම් වශයෙන් වනාහි ඡන්දය ඉද්ධි නම් වේ. ඡන්දය ප්‍රධාන කර වඩන ලද සිත ස්කන්ධ ඉද්ධිපාද නම් වේ. සමාධි පධාන යන සංඛාර දෙක සංඛාර ස්කන්ධ වශයෙන් ඡන්ද ඉද්ධිපාදයට පිවිසේ. පාදයෙහි පිවිසියේ යයි කීමද වටීමය. එහිම සමාධි ඉද්ධි නම් වේ. සමාධි ප්‍රධානකොට වඩන ලද සතර ස්කන්ධ සමාධි ඉද්ධිපාද නම් වේ. ඡන්ද පධාන සංඛාර දෙක සංඛාර ස්කන්ධ වශයෙන් සමාධි ඉද්ධිපාදයට පිවිසේ. පාදයෙහි පිහිටියේ යයි කීමද වටී. එහිම පධාන සංඛාරය ඉද්ධි නම් වේ. පධාන සංඛාරය වැඩීමෙන් සතර ස්කන්ධ පධාන සංඛාර ඉද්ධිපාද නම් වේ. ඡන්දය සමාධිය යන දෙක සංඛාර ස්කන්ධ වශයෙන් පධාන සංඛාර ඉද්ධිපාදයට පිවිසේ. පාදයට පිවිසියේ යයි කීමද වටී. එහිම විරිය ඉද්ධි නම් වේ. සිත ඉද්ධි නම් වේ. වීමංස ඉද්ධි නම් වේ. පෙ. වැරදි පවිට්ඨාතිපි වත්ථුං විංසති. මෙය භේද වශයෙන් කථාවය.
එත්ථ පන අභිනවං නත්ථි; ගහිතමෙව විභූතධාතුකං කතං. කථං? ඡන්දො, සමාධි, පධානසඞ්ඛාරොති ඉමෙ තයො ධම්මා ඉද්ධීපි හොන්ති ඉද්ධිපාදාපි. සෙසා සම්පයුත්තකා චත්තාරො ඛන්ධා ඉද්ධිපාදායෙව. ඉමෙ හි තයො ධම්මා ඉජ්ඣමානා සම්පයුත්තකෙහි චතූහි ඛන්ධෙහි සද්ධිංයෙව ඉජ්ඣන්ති, න විනා. සම්පයුත්තකා පන චත්තාරො ඛන්ධා ඉජ්ඣනකට්ඨෙන ඉද්ධි නාම හොන්ති, පතිට්ඨානට්ඨෙන පාදො නාම. ‘ඉද්ධී’ති වා ‘ඉද්ධිපාදො’ති වා න අඤ්ඤස්ස කස්සචි අධිවචනං, සම්පයුත්තකානං චතුන්නං ඛන්ධානංයෙව අධිවචනං. වීරියං, චිත්තං, වීමංසාසමාධිපධානසඞ්ඛාරොති තයො ධම්මා…පෙ… චතුන්නං ඛන්ධානංයෙව අධිවචනං.
මෙහි අලුත් දෙයක් නැත. ගන්නා ලද විභූත ධාතුක කරන ලදි. කෙසේද? ඡන්ද සමාධි පධාන සංඛාර යන මේ තුන ඉද්ධි වේ. ඉද්ධිපාද ද වේ. සෙස්ස සම්පයුක්ත සතර ස්කන්ධ ඉද්ධිපාද වේ. මේ තුන්ධර්ම සමෘද්ධ වෙමින් සම්ප්‍රයුක්ත වූ ස්කන්ධ සතර සමගම සමෘද්ධ වේ. එය නැතිව නොවේ. සම්ප්‍රයුක්ත සිතින් ස්කන්ධ සමෘද්ධ වීම අර්ථයෙන් ඉද්ධි නම් වේ. ප්‍රතිෂ්ඨා අර්ථයෙන් පාද වේ. ඉද්ධි හෝ ඉද්ධිපාද හෝ වෙනත් දෙයකට සමාන වචනයක් නොව සම්ප්‍රයුක්ත ස්කන්ධ සතරටම අධිවචනයකි. විරිය චිත්ත වීමංස සමාධි පධාන සංඛාර යන ධර්ම වෙන කිසිවකට යන වචන නොව ස්කන්ධ හතරටම අධි වචනයකි.
අපිච පුබ්බභාගො පුබ්බභාගො ඉද්ධිපාදො නාම; පටිලාභො පටිලාභො ඉද්ධි නාමාති වෙදිතබ්බො. අයමත්ථො උපචාරෙන වා විපස්සනාය වා දීපෙතබ්බො. පඨමජ්ඣානපරිකම්මඤ්හි ඉද්ධිපාදො නාම, පඨමජ්ඣානං ඉද්ධි නාම. දුතියතතියචතුත්ථආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතනආකිඤ්චඤ්ඤායතනනෙවසඤ්ඤානාසඤ්ඤායතනපරිකම්මං ඉද්ධිපාදො නාම, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං ඉද්ධි නාම. සොතාපත්තිමග්ගස්ස විපස්සනා ඉද්ධිපාදො නාම, සොතාපත්තිමග්ගො ඉද්ධි නාම. සකදාගාමි, අනාගාමි, අරහත්තමග්ගස්ස විපස්සනා ඉද්ධිපාදො නාම, අරහත්තමග්ගො ඉද්ධි නාම. පටිලාභෙනාපි දීපෙතුං වට්ටතියෙව. පඨමජ්ඣානඤ්හි ඉද්ධිපාදො නාම, දුතියජ්ඣානං ඉද්ධි නාම; දුතියජ්ඣානං ඉද්ධිපාදො නාම, තතියජ්ඣානං ඉද්ධි නාම…පෙ… අනාගාමිමග්ගො ඉද්ධිපාදො නාම, අරහත්තමග්ගො ඉද්ධි නාම.
තවද පූර්වභාග ඉද්ධි නම් වේ. පටිලාභය ද ඉද්ධි නම් නය දතයුතුය. මේ අර්ථය උපචාරයෙන් හෝ විපස්සනාවෙන් විස්තර කළයුතුය. ප්‍රථම ධ්‍යාන පරිකර්ම ඉද්ධිපාද නම් වේ. ප්‍රථම ධ්‍යානය ඉද්ධි වේ. දෙවන තුන්වන සතරවන ආකාසනඤ්චායතන විඤ්ඤානඤ්චායතන ආකිඤ්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතනය ප්රකීර්ණ ඉද්ධිපාද නම් වේ. නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉද්ධි වේ. සෝවාන් මාර්ගයේ විපස්සනා ඉද්ධිපාද වේ. සෝවාන් මාර්ගය ඉද්ධි වේ. සකෘදාගාමි අනාගාමි අරහත්ත මග්ග විපස්සනා ඉද්ධිපාද වේ. අරහත්ත මාර්ගය ඉද්ධි වේ. ප්රතිලාභයෙනුත් දැක්වීම වටී. ප්‍රථමධ්‍යානය ඉද්ධිපාද වේ. ද්විතීය ධ්‍යානය ඉද්ධි වේ. ද්විතීය ධ්‍යානය ඉද්ධිපාද වේ. තෘතීය ධ්‍යානය ඉද්ධි වේ. තෘතීය ධ්‍යානය ඉද්ධිපාද වේ. චතුර්ථ ධ්‍යානය ඉද්ධි වේ. අනාගාමි මග්ග ඉද්ධිපාද වේ. අරහත්ත මග්ග ඉද්ධි වේ.
කෙනට්ඨෙන ඉද්ධි? කෙනට්ඨෙන පාදොති? ඉජ්ඣනකට්ඨෙනෙව ඉද්ධි. පතිට්ඨානට්ඨෙනෙව පාදො. එවමිධාපි ඉද්ධීති වා පාදොති වා න අඤ්ඤස්ස කස්සචි අධිවචනං, සම්පයුත්තකානං චතුන්නං ඛන්ධානංයෙව අධිවචනන්ති. එවං වුත්තෙ පන ඉදමාහංසු – චතුන්නං ඛන්ධානමෙව අධිවචනං භවෙය්ය, යදි සත්ථා පරතො උත්තරචූළභාජනීයං නාම න ආහරෙය්ය. උත්තරචූළභාජනීයෙ පන “ඡන්දොයෙව ඡන්දිද්ධිපාදො, වීරියමෙව, චිත්තමෙව, වීමංසාව වීමංසිද්ධිපාදො”ති කථිතං. කෙචි පන “ඉද්ධි නාම අනිප්ඵන්නා, ඉද්ධිපාදො නිප්ඵන්නො”ති වදිංසු. තෙසං වචනං පටික්ඛිපිත්වා ඉද්ධීපි ඉද්ධිපාදොපි ‘නිප්ඵන්නො තිලක්ඛණබ්භාහතො’ති සන්නිට්ඨානං කතං. ඉති ඉමස්මිං සුත්තන්තභාජනීයෙ ලොකියලොකුත්තරමිස්සකා ඉද්ධිපාදා කථිතාති.
කුමන අර්ථයකින් ඉද්ධි වේද? කුමන අර්ථයකින් පාද වේද? සමෘද්ධවීම් අර්ථයෙන් ඉද්ධි වේ. ප්‍රතිෂ්ඨා අර්ථයෙන් පාද වේ. මෙබඳු වූ ඉද්ධි හෝ ඉද්ධිපාද හෝ වෙනත් කිසිවකට සමාන වචනයක් නොව සම්ප්‍රයුක්ත සතර ස්කන්ධවලට අධි වචනයකි. එසේ කීකල්හි එනම් එසේ කීහ. සතර ස්කන්ධයන්ගේ ම අධිවචනයක් වන්නේය. ශාස්තෲන් වහන්සේ අන් අයුරකින් උත්තර චුල්ල භාජනියෙහි ගෙනහැර දැක්වූහ. උත්තරචුල්ල භාජනියෙහි ඡන්දයම ඡන්ද ඉද්ධිපාද වේ. වීර්ය සිතම වීමංසයම ඉද්ධිපාද යයි කියන ලදි. ඉද්ධි නම් අනිෂ්පන්නය ඉද්ධිපාද නිෂ්පන්නයයි කීහ. ඔවුන්ගේ වචන ප්‍රතික්ෂේප කොට ඉද්ධියද ඉද්ධිපාදයද නිෂ්පන්න යයි තිලකුණු මනාසේ නිශ්චය කොට තිබේ. මෙසේ මේ සූත්‍රාන්ත භාජනියෙහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රව ඉද්ධිපාද කියන ලදි.
සුත්තන්තභාජනීයවණ්ණනා.
සුත්තන්ත භාජනියයි.