සුත්තන්තභාජනියං
509. චත්තාරො ඉද්ධිපාදා: ඉධ භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති.
509. ඍද්ධිපාදයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ කත්තුකම්‍යතා ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. වීමංසාව අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි.
510. කථං ච භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති: ඡන්දං චෙ භික්ඛු අධිපතිං කරිත්වා ලභති සමාධිං ලභති චිත්තස්ස එකග්ගතං, අයං වුච්චති ඡන්දසමාධි. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති, පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙ වුච්චන්ති පධානසඞ්ඛාරා.
510. කිසෙයින් මහණ ඡන්දසමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩා ද යත්: ඉදින් මහණ තෙම කුසලච්ඡන්දය අධිපති කොට සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාව ලබා නම් මේ ‘ඡන්දසමාධි’ යි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුසලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්රධාන්වීර්ය්යය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්රහාණය පිණිස කුසලච්ඡන්දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නභාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස කුසලච්ඡන්දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණ වීම පිණිස කුසලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්රධාන්වීර්ය්යය කෙරේ. මොහු ‘පධාන සඞ්ඛාර’ යි කියනු ලැබේ.
ඉති අයං ච ඡන්දසමාධි ඉමෙ ච පධානසඞ්ඛාරා. තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා ඡන්දසමාධිපධානසඞ්ඛාරොත්වෙව සඞ්ඛං ගච්ඡති.
මෙසේ මේ ඡන්දසමාධිය ද මේ පධානසඞ්ඛාරයෝ ද එක්රැස් කොට හකුළුවා ගෙන ‘ඡන්දසමාධිපධානසඞ්ඛාර’ යි ම සඞ්ඛ්‍යාවට යෙයි.
තත්ථ කතමො ඡන්දො: යො ඡන්දො ඡන්දිකතා කත්තුකම්‍යතා කුසලො ධම්මච්ඡන්දො, අයං වුච්චති ඡන්දො.
එහි ‘ඡන්දය’ කවරෙ යත්: යම් ඡන්දයෙක් ඡන්දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශල වූ ධර්මච්ඡන්දයෙක් වේ ද, මේ ‘ඡන්ද’ යි කියනු ලැබේ.
තත්ථ කතමො සමාධි: යා චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි, අයං වුච්චති සමාධි.
එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් (අරමුණෙහි) බැසගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළසිත් ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
තත්ථ කතමො පධානසඞ්ඛාරො: යො චෙතසිකො විරියාරම්භො නික්ඛමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං සම්මාවායාමො, අයං වුච්චති පධානසඞ්ඛාරො.
එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසිකවීර්ය්යයාරම්භයෙක් නිෂ්ක්‍රමයෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ස්ථිර බවෙක් ධෛර්‍ය්‍යයෙක් නො ලිහිල් පරාක්‍රම ඇති බවෙක් නො තැබූ ඡන්දය ඇති බවෙක් නො තැබූ ධුර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි කොට ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්යයෙන්ද්රියයෙක් විර්ය්යයබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
ඉති ඉමිනා ච ඡන්දෙන ඉමිනා ච සමාධිනා ඉමිනා ච පධානසඞ්ඛාරෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සමුප්පන්නො සමන්නාගතො, තෙන වුච්චති ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ති.
මෙසේ මේ ඡන්දයෙන් ද මේ සමාධියෙන් ද මේ ප්‍රධානසංස්කාරයෙන් ද යුක්ත වූයේ මොනොවට යුක්ත වූයේ එළඹසිටියේ මොනොවට එළඹසිටියේ නො වෙන් වූයේ පරිපූර්ණ වූයේ සමන්වාගත වූයේ වේ. එහෙයින් ‘ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත’ යි කියනු ලැබේ.
‘ඉද්ධී’ති යා තෙසං ධම්මානං ඉද්ධි සමිද්ධි ඉජ්ඣනා සමිජ්ඣනා ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵුසනා සච්ඡිකිරියා උපසම්පදා.
‘ඉද්ධි’ යනු: ඒ (සම්ප්‍රයුක්ත) ධර්මයන්ගේ යම් නිපැද්මෙක් මොනොවට නිපැද්මෙක් නිෂ්පත්තිආකාරයෙක් සමෘද්ධ වන අයුරෙක් ලාභයෙක් ප්‍රතිලාභයෙක් ප්‍රාප්තියක් සම්ප්රාප්තියක් ප්රතිලාභස්පර්ශයෙක් සාක්ෂාත්කිරීමෙක් පැමිණීමෙක් වේ ද, එය යි.
‘ඉද්ධිපාදො’ති තථාභූතස්ස වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො.
‘ඉද්ධිපාදො’ යනු: එ අයුරින් වූවහුගේ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි.
‘ඉද්ධිපාදං භාවෙතී’ති තෙ ධම්මෙ ආසෙවති භාවෙති බහුලීකරොති, තෙන වුච්චති ඉද්ධිපාදං භාවෙතී’ති.
‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්මයන් ආසෙවනය කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
511. කථං ච භික්ඛු විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති: විරියං චෙ භික්ඛු අධිපතිං කරිත්වා ලභති සමාධිං ලභති චිත්තස්ස එකග්ගතං, අයං වුච්චති විරිය සමාධි. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, ඉමෙ වුච්චන්ති පධානසඞ්ඛාරා. ඉති අයං ච විරියසමාධි ඉමෙ ච පධානසඞ්ඛාරා තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා විරියසමාධිපධානසඞ්ඛාරොත්වෙ’ව සඞ්ඛං ගච්ඡති.
511. කිසෙයින් මහණ වීර්ය්යසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩා ද යත්: ඉදින් මහණ වීර්‍ය්‍යය අධිපති කොට සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාව ලබා නම් මේ ‘වීර්‍ය්‍යසමාධි’ යි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුසලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. ... උපන් කුශලධර්‍මයන්ගේ, සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා වැඩීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි. ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. මොහු ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ. මෙසේ මේ වීර්‍ය්‍ය සමාධිය ද මේ ප්රධානසංස්කාරයෝ ද වෙති. ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා ‘විරිය සමාධිපධානසඞ්ඛාර’ යි සඞ්ඛ්‍යාවට යේ.
තත්ථ කතමං විරියං: යො චෙතෙසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, ඉදං වුච්චති විරියං.
එහි ‘වීර්‍ය්‍ය’ කවරෙ යත්: යම් චෛතසික වීර්ය්යයාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘වීර්‍ය්‍ය’ යි කියනු ලැබේ.
තත්ථ කතමො සමාධි: යා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි, අයං වුච්චති සමාධි.
එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... සම්‍යක්සමාධියෙක් වේද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
තත්ථ කතමො පධානසඞ්ඛාරො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, අයං වුච්චති පධානසඞ්ඛාරො.
එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග් ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
ඉති ඉමිනා ච විරියෙන ඉමිනා ච සමාධිනා ඉමිනා ච පධානසඞ්ඛාරෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො, තෙන වුච්චති විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ති.
මෙසේ මේ විරියයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්වාගත වූයේ වෙයි. එහෙයින් කියනු ලැබේ. ‘විරියසමාධිපධානසඞ්බාරසමන්නාගතො’ යි.
‘ඉද්ධි’ති යා තෙසං ධම්මානං ඉද්ධි සමිද්ධි ඉජ්ඣනා සමිජ්ඣනා ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵුසනා සච්ඡිකිරියා උපසම්පදා.
‘ඉද්ධි’ යනු: ඒ (සම්ප්‍රයුක්ත) ධර්මයන්ගේ යම් නිපැද්මෙක් මොනොවට නිපැද්මෙක් නිෂ්පත්ති ආකාරයෙක් සමෘද්ධ වන අයුරෙක් ලාභයෙක් ප්‍රතිලාභයෙක් ප්‍රාප්තියක් සම්ප්රාප්තියක් ප්රතිලාභස්පර්ශයෙක් සාක්ෂාත් කිරීමෙක් පැමිණීමෙක් වේ ද (එයයි.)
‘ඉද්ධිපාදො’ති තථාභූතස්ස වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො.
‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ වේදනාස්කන්ධය ... විඥානස්කන්ධය යි.
‘ඉද්ධිපාදං භාවෙතී’ති තෙ ධම්මෙ ආසෙවති භාවෙති බහුලීකරොති. තෙන වුච්චති ඉද්ධිපාදං භාවෙතී’ති.
‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්මයන් ආසෙවනය කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි, එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
512. කථං ච භික්ඛු චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති: චිත්තං චෙ භික්ඛු අධිපතිං කරිත්වා ලභති සමාධිං ලභති චිත්තස්ස එකග්ගතං, අයං වුච්චති චිත්තසමාධි. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, ඉමෙ වුච්චන්ති පධානසඞ්ඛාරා. ඉති අයං ච චිත්තසමාධි ඉමෙ ච පධානසඞ්ඛාරා තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා චිත්තසමාධිපධානසඞ්ඛාරොත්වෙ’ව සඞ්ඛං ගච්ඡති.
512. කිසෙයින් මහණ චිත්තසමාධියෙන් හා ප්‍රධානසංස්කාරයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩා ද යත්: ඉදින් මහණ තෙම චිත්තය අධිපති කොට සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාව ලබා නම් මේ ‘චිත්තසමාධි’ යි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල්දහම් නො ඉපදීම පිණිස ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දිරිගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ... උපන් කුසල්දහම් සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා වැඩීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්ණ බව පිණිස ඡන්දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත දිරිගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. මොහු ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ. මෙසේ මේ චිත්තසමාධිය ද මේ පධානසඞ්බාරයෝ ද යන ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා ‘චිත්තසමාධිපධානසඞ්ඛාර’ යි ම සඞ්ඛ්‍යාවට යේ.
තත්ථ කතමං චිත්තං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති චිත්තං.
එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූප මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ.
තත්ථ කතමො සමාධි: යා චිත්තස්ස ඨිති සණ්ඨිති -පෙ- සම්මාසමාධි, අයං වුච්චති සමාධි.
එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් ... සම්‍යක්සමාධියෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
තත්ථ කතමො පධානසඞ්ඛාරො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, අයං වුච්චති පධානසඞ්ඛාරො.
එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසික වීර්ය්යයාරම්භයෙක් ... සම්‍යග් ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
ඉති ඉමිනා ච චිත්තෙන ඉමිනා ච සමාධිනා ඉමිනා ච පධාන සඞ්ඛාරෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො, තෙන වුච්චති චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ති.
මෙසේ මේ චිත්තයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද උපේත වූයේ ... සමන්වාගත වූයේ වෙයි. එහෙයින් කියනු ලැබේ: ‘චිත්තසමාධිපධානසඞ්ඛාර සමන්නාගතො’ යි.
‘ඉද්ධි’ති යා තෙසං ධම්මානං ඉද්ධි -පෙ- උපසම්පදා.
‘ඉද්ධි යනු’: ඒ ධර්මයන්ගේ යම් නිෂ්පත්තියක් ... පැමිණීමෙක් වේ ද, එයයි.
‘ඉද්ධිපාදො’ති තථාභූතස්ස වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො.
‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ වේදනාස්කන්‍ධ ... විඥානස්කන්‍ධ යි.
‘ඉද්ධිපාදං භාවෙතී’ති තෙ ධම්මෙ ආසෙවති භාවෙති බහුලීකරොති. තෙන වුච්චති ඉද්ධිපාදං භාවෙතී’ති.
‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්මයන් ආසෙවනය කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
513. කථං ච භික්ඛු වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති: වීමංසං චෙ භික්ඛු අධිපතිං කරිත්වා ලභති සමාධිං ලභති චිත්තස්ස එකග්ගතං, අයං වුච්චති වීමංසාසමාධි. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, ඉමෙ වුච්චන්ති පධානසඞ්ඛාරා.
513. කිසෙයින් මහණ වීමංසාසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන් වීර්‍ය්‍යයෙන් සමන්වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: ඉදින් මහණ වීමංසාව අධිපති කොට සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාව ලබා නම් මේ ‘වීමංසාසමාධි’ යි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල් දහම් නො ඉපදීම පිණිස ඡන්දය උපදවයි. ... උපන් කුසල්දහම් සිටීම පිණිස නො නැසීම පිණිස නැවත නැවත ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්ණත්වය පිණිස ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍ය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. මොහු ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
ඉති අයං ච වීමංසාසමාධි ඉමෙ ච පධානසඞ්ඛාරා තදෙකජ්ඣං අභිසඤ්ඤූහිත්වා අභිසංඛිපිත්වා වීමංසාසමාධිපධානසඞ්ඛාරොත්වෙ’ව සඞ්ඛං ගච්ඡති.
මෙසේ මේ වීමංසාසමාධිය ද මේ පධානසඞ්ඛාරයෝ ද යන ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා ‘වීමංසාසමාධිපධානසඞ්ඛාර’ යි ම සඞ්ඛ්‍යාවට යේ.
තත්ථ කතමා වීමංසා: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති වීමංසා.
එහි ‘වීමංසා’ කවර යත්: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘වීමංසා’ යි කියනු ලැබේ.
තත්ථ කතමො සමාධි: යා චිත්තස්ස ඨිති -පෙ- සම්මාසමාධි, අයං වුච්චති සමාධි.
එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... සම්‍යක්සමාධියක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
තත්ථ කතමො පධානසඞ්ඛාරො: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මා වායාමො, අයං වුච්චති පධානසඞ්ඛාරො.
එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග් ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
ඉති ඉමාය ච වීමංසාය ඉමිනා ච සමාධිනා ඉමිනා ච පධාන සඞ්ඛාරෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො, තෙන වුච්චති වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ති
මෙසේ මේ වීමංසායෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ: ‘වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.
‘ඉද්ධි’ති යා තෙසං ධම්මානං ඉද්ධි සමිද්ධි -පෙ- උපසම්පදා.
‘ඉද්ධි’ යනු: ඒ ධර්මයන්ගේ යම් නිපැද්මෙක් සමෘද්ධියක් ... පැමිණීමෙක් වේ ද, එයයි.
‘ඉද්ධිපාදො’ති තථාභූතස්ස වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො.
‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි.
‘ඉද්ධිපාදං භාවෙති’ති තෙ ධම්මෙ ආසෙවති භාවෙති බහුලීකරොති, තෙන වුච්චති ඉද්ධිපාදං භාවෙතී’ති.
‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්මයන් ආසෙවනය කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි, එහෙයින් ‘භාවෙති’ යි කියනු ලැබේ.