පඤ්හපුච්ඡකං
499. චත්තාරො සම්මප්පධානා: ඉධ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය -පෙ- අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
499. සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්මයන් නො ඉපදීම පිණිස කුශලච්ඡන්දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. උපන් ලාමක අකුශලධර්මයන් ප්රහාණය කිරීම පිණිස ... නූපන් කුශලධර්මයන් ඉපදීම පිණිස ... උපන් කුශලධර්මයන් සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්ණ වීම පිණිස කුශලච්ඡන්දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වැර අරඹයි. සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
500. චතුන්නං සම්මප්පධානානං කති කුසලා: කති අකුසලා: කති අව්යාකතා: -පෙ- කති සරණා: කති අරණා.
500. සතර සම්‍යක්ප්‍රධානයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
501. කුසලායෙව.
501. (සතර සම්‍යක්ප්‍රධානයෝ) කුශලයෝ මැ යි.
සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා.
සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.
විපාකධම්මධම්මා.
විපාකස්වභාවධර්‍මයෝ ය.
අනුපාදින්නානුපාදානියා.
අනුපාදින්නඅනුපාදානියයෝ ය.
අසංකිලිට්ඨඅසංකිලෙසිකා.
අසංක්ලිෂ්ටඅසාංක්ලේශිකයහ.
සියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා.
සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහු ය.
සියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක්ඛාසහගතා.
ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්ෂාසහගත ද වන්නාහු ය.
නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බා.
නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා.
නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
අපචයගාමිනො.
අපචයගාමීහු ය.
සෙක්ඛා.
ශෛක්ෂයෝ ය.
අප්පමාණා.
අප්‍රමාණයෝ ය.
අප්පමාණාරම්මණා.
අප්‍රමාණාලම්බනයෝ ය.
පණීතා.
ප්‍රණීතයෝ ය.
සම්මත්තනියතා.
සම්යක්ත්වනියතයෝ ය.
න මග්ගාරම්මණා, මග්ගහෙතුකා, සියා මග්ගාධිපතිනො, සියා න වත්තබ්බා ‘මග්ගාධිපතිනො’ති.
මාර්‍ගාලම්බනයෝ නො වෙති, මාර්ගහේතුකයහ, මාර්‍ගාධිපති ද වන්නාහ, ‘මාර්‍ගාධිපති’ යි නො කියයුතු ද වන්නාහු ය.
සියා උප්පන්නා, සියා අනුප්පන්නා, න වත්තබ්බා ‘උප්පාදිනො’ති.
උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහුයි නො කියයුත්තාහුය.
සියා අතීතා, සියා අනාගතා, සියා පච්චුප්පන්නා.
අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
න වත්තබ්බා අතීතාරම්මණාති’පි අනාගතාරම්මණාති’පි පච්චුප්පන්නාරම්මණාති’පි.
අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු ය.
සියා අජ්ඣත්තා, සියා බහිද්ධා, සියා අජ්ඣත්තබහිද්ධා.
අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
බහිද්ධාරම්මණා.
බාහිරාලම්බනයෝ ය.
අනිදස්සනඅප්පටිඝා.
අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
502. න හෙතු.
502. (සතර සම්‍යක්ප්‍රධානයෝ) හේතූහු නො වෙති.
සහෙතුකා.
සහේතුකයෝ ය.
හෙතුසම්පයුත්තා.
හේතුසම්ප්‍රයුක්තයෝ ය.
න වත්තබ්බා හෙතු චෙව සහෙතුකාති, සහෙතුකා චෙව න ච හෙතු.
හේතු ද වූම සහේතුකහ යි නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙති.
න වත්තබ්බා ‘හෙතු චෙව හෙතුසම්පයුත්තා’ති, හෙතුසම්පයුත්තා චෙව න ච හෙතු.
හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතුහු වෙති.
න හෙතු, සහෙතුකා.
හේතු නො වූ සහේතුකයෝ යි.
503. සප්පච්චයා
503. (සතර සම්‍යක්ප්‍රධානයෝ) සප්‍රත්‍යයෝ ය.
සඞ්ඛතා.
සඞ්ඛතයෝ ය.
අනිදස්සනා.
අනිදර්‍ශනයෝ ය.
අප්පටිඝා.
අප්‍රතිඝයෝ ය.
අරූපා.
අරූපයෝ ය.
ලොකුත්තරා.
ලෝකෝත්තරයෝ ය.
කෙනචි විඤ්ඤෙය්යා, කෙනචි න විඤ්ඤෙය්යා.
කිසිවිඥානයෙකින් දතයුත්තාහ, කිසි විඥානයෙකින් නො දතයුත්තාහු ය.
504. නො ආසවා.
504. (සතර සම්‍යක්ප්‍රධානයෝ) ආස්‍රවයෝ නො වෙති.
අනාසවා.
අනාස්‍රවයෝ ය.
ආසවවිප්පයුත්තා.
ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
න වත්තබ්බා ආසවා චෙව සාසවාති’පි, සාසවා චෙව නො ච ආසවාති’පි.
ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි ද සාස්‍රව ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
න වත්තබ්බා ආසවා චෙව ආසවසම්පයුත්තාති’පි, ආසවසම්පයුත්තාචෙ’ව නො ච ආසවාති’පි.
ආස්‍රව ද වූ ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නොද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
ආසවවිප්පයුත්තා අනාසවා.
ආස්‍රවවිප්‍රයුක්ත අනාස්‍රවයෝ යි.
505. නො සඤ්ඤොජනා -පෙ- නො ගන්ථා -පෙ- නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා -පෙ- නො පරාමාසා -පෙ-
505. (සතර සම්‍යක්ප්‍රධානයෝ) සංයෝජනයෝ නො වෙති. … ග්රන්ථයෝ නො වෙති. … ඕඝයෝ නො වෙති. … යෝගයෝ නො වෙති. … නීවරණයෝ නො වෙති. … පරාමර්‍ශයෝ නො වෙත්.
506. සාරම්මණා.
506. (සතර සම්‍යක්ප්‍රධානයෝ) සාලම්බනයෝ ය.
නො චිත්තා.
චිත්තයෝ නො වෙති.
චෙතසිකා.
චෛතසිකයෝ ය.
චිත්තසම්පයුත්තා.
චිත්තසම්ප්‍රයුක්තයෝ ය.
චිත්තසංසට්ඨා.
චිත්තසංසෘෂ්ටයෝ ය.
චිත්තසමුට්ඨානා.
චිත්තසමුත්‍ථානයෝ ය.
චිත්තසහභුනො.
චිත්තසහභූහු ය.
චිත්තානුපරිවත්තිනො.
චිත්තානුපරිවර්තීහු ය.
චිත්තසංසට්ඨසමුට්ඨානා.
චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය.
චිත්තසංසට්ඨසමුට්ඨානසහභුනො.
චිත්තසංසකෘෂ්ටසමුත්ථානසහභූ වෙති.
චිත්තසංසට්ඨසමුඨානානුපරිවත්තිනො.
චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහු වෙති.
බාහිරා.
බාහිරයෝ ය.
නො උපාදා.
උපාදා නො වෙති.
අනුපාදින්නා.
අනුපාදින්නයෝ යි.
507. නො උපාදානා -පෙ- නො කිලෙසා -පෙ-
507. (සතර සම්‍යක් ප්‍රධානයෝ) උපාදානයෝ නො වෙති. ... ක්ලේශයෝ නො වෙත්. …
508. න දස්සනෙන පහාතබ්බා.
508. (සතර සම්‍යක්ප්‍රධානයෝ) දර්ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
න භාවනාය පහාතබ්බා.
භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
න දස්සනෙන පහාතබ්බහෙතුකා.
දර්ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.
න භාවනාය පහාතබ්බහෙතුකා.
භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙත්.
සියා සවිතක්කා, සියා අවිතක්කා.
සවිතර්ක ද වන්නාහ, අවිතර්ක ද වන්නාහු ය.
සියා සවිචාරා, සියා අවිචාරා.
සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
සියා සප්පීතිකා, සියා අප්පීතිකා.
සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
සියා පීතිසහගතා, සියා න පීතිසහගතා.
ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු ය.
සියා සුඛසහගතා, සියා න සුඛසහගතා.
සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.
සියා උපෙක්ඛාසහගතා; සියා න උපෙක්ඛාසහගතා.
උපේක්ෂාසහගත ද වන්නාහ, උපේක්ෂාසහගත නො ද වන්නාහු ය.
න කාමාවචරා.
කාමාවචර නො වෙති.
න රූපාවචරා.
රූපාවචර නො වෙති.
න අරූපාවචරා.
අරූපාවචර නො වෙත්.
අපරියාපන්නා.
අපර්ය්යාපන්නයහ.
නිය්යානිකා.
නෛර්ය්යාණිකයහ.
නියතා.
නියතයෝ ය.
අනුත්තරා.
අනුත්තරයෝ ය.
අරණාති.
අරණයෝ යි.
පඤ්හපුච්ඡකං.
පඤ්හපුච්ඡක යි.
සම්මප්පධානවිභඞ්ගො නිට්ඨිතො
සම්යක්ප්රධානවිභඞ්ග නිමි.