යෙදුමෙන් කියවන්න

අභිධම‍්මභාජනියං

514. චත‍්තාරො ඉද‍්ධිපාදා: ඉධ භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. විරියසමාධිපධාන -පෙ- චිත‍්තසමාධිපධාන -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති.

514. ඍද්ධිපාදයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ ඡන්‍දසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි, විරියසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ... චිත්තසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ... වීමංසාසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි.

515. කථඤ‍්ච භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං තස‍්මිං සමයෙ ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමනාගතං ඉද‍්ධිපාදං භාවෙති.

515. කිසෙයින් මහණ ඡන්‍දසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ඡන්‍දසමාධියෙන් හා සම්‍යක් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි.

තත්‍ථ කතමො ඡන්‍දො: යො ඡන්‍දො ඡන්‍දිකතා කත‍්තුකම්‍යතා කුසලො ධම‍්මච‍්ඡන්‍දො, අයං වුච‍්චති ඡන්‍දො.

එහි ‘ඡන්‍ද’ කවරෙ යත්: යම් ඡන්‍දයෙක් ඡන්‍දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශල වූ ධර්‍මච්ඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්‍ද’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො සමාධි: යා චිත‍්තස‍්ස ඨිති -පෙ- සම‍්මාසමාධි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං -පෙ- අයං වුච‍්චති සමාධි.

එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ග පර්‍ය්‍යාපන්න වූ සම්‍යක්සමාධියක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො පධානසඞ‍්ඛාරො: යො චෙතසිකො විරියාරම‍්භො -පෙ- සම‍්මාවායාමො, විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති පධානසඞ‍්ඛාරො. ඉති ඉමිනා ච ඡන්‍දෙන ඉමිනා ච සමාධිනා ඉමිනා ච පධානසඞ‍්ඛාරෙන උපෙතො හොති -පෙ- සමන‍්නාගතො, තෙන වුච‍්චති ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො’ති.

එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යයාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ. මෙසේ මේ ඡන්‍දයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ ‘ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.

‘ඉද‍්ධී’ති යා තෙසං ධම‍්මානං ඉද‍්ධි සමිද‍්ධි -පෙ- උපසම‍්පදා.

‘ඉද්ධි’ යනු: ඒ ධර්‍මයන්ගේ යම් නිෂ්පත්තියක් සමෘද්ධියක් ... පැමිණීමෙක් වේ ද, එයයි.

‘ඉද‍්ධිපාදො’ති තථාභූතස‍්ස ඵස‍්සො -පෙ- පග‍්ගාහො අවික‍්ඛෙපො.

‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, එයයි.

‘ඉද‍්ධිපාදං භාවෙතී’ති තෙ ධම‍්මෙ ආසෙවති භාවෙති බහුලීකරොති, තෙන වුච‍්චති ඉද‍්ධිපාදං භාවෙතී’ති.

‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්‍මයන් ආසෙවනය කෙරෙයි, වඩයි, බහුල කෙරේ. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.

516. කථං ච භික‍්ඛු විරියසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං තස‍්මිං සමයෙ විරියසමාධිපධානසඞ‍්ඛාරසමනාගතං ඉද‍්ධිපාදං භාවෙති.

516. කිසෙයින් මහණ වීර්‍ය්‍යසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි වීර්‍ය්‍යසසමාධියෙන් හා සම්‍යක් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි.

තත්‍ථ කතමං විරියං: යො චෙතසිකො විරියාරම‍්භො -පෙ- සම‍්මාවායාමො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, ඉදං වුච‍්චති විරියං.

එහි ‘විරිය’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද මේ ‘විරිය’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො සමාධි: යා චිත‍්තස‍්ස ඨිති -පෙ- සම‍්මාසමාධි. සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං අයං වුච‍්චති සමාධි.

එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යක්සමාධියක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො පධානසඞ‍්ඛාරො: යො චෙතසිකො විරියාරම‍්භො -පෙ- සම‍්මාවායාමො, විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති පධානසඞ‍්ඛාරො. ඉති ඉමිනා ච විරියෙන ඉමිනා ච සමාධිනා ඉමිනා ච පධානසඞ‍්ඛාරෙන උපෙතො හොති . -පෙ- සමන‍්නාගතො, තෙන වුච‍්චති විරියසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො’ති.

එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ. මෙසේ මේ විරියයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ: ‘විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.

‘ඉද‍්ධී’ති යා තෙසං ධම‍්මානං ඉද‍්ධි සමිද‍්ධි -පෙ- උපසම‍්පදා.

‘ඉද්ධි’ යනු: ඒ ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් සමෘද්ධියයක් ... පැමිණීමෙක් වේ ද, එයයි.

‘ඉද‍්ධිපාදො’ති තථාභූතස‍්ස ඵස‍්සො වෙදනා -පෙ- පග‍්ගාහො අවික‍්ඛෙපො.

‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ ස්පර්‍ශ ය ... ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේප යි.

ඉද‍්ධිපාදං භාවෙතී’ති තෙ ධම‍්මෙ ආසෙවති භාවෙතී බහුලීකරොති. තෙන වුච‍්චති ඉද‍්ධිපාදං භාවෙතී’ති.

‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්‍මයන් ආසෙවනය කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරේ. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.

517. කථං ච භික‍්ඛු චිත‍්තසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ චිත‍්තසමාධිපධානසඞ‍්ඛාරසමනාගතං ඉද‍්ධිපාදං භාවෙති.

517. කිසෙයින් මහණ චිත්තසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි චිත්තසමාධියෙන් හා සම්‍යක් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි.

තත්‍ථ කතමං චිත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති චිත‍්තං.

එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූප මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො සමාධි: යා චිත‍්තස‍්ස ඨිති -පෙ- සම‍්මාසමාධි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං - අයං වුච‍්චති සමාධි.

එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යක්සමාධියක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො පධානසඞ‍්ඛාරො: යො චෙතසිකො විරියාරම‍්භො -පෙ- සම‍්මාවායාමො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති පධානසඞ‍්ඛාරො.

එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යයාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.

ඉති ඉමිනා ච චිත‍්තෙන ඉමිනා ච සමාධිනා ඉමිනා ච පධානසඞ‍්ඛාරෙන උපෙතො හොති -පෙ- සමන‍්නාගතො. තෙන වුච‍්චති චිත‍්තසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො’ති.

මෙසේ මේ චිත්තයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ: ‘චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.

‘ඉද‍්ධී’ති යා තෙසං ධම‍්මානං ඉද‍්ධි සමිද‍්ධි ඉජ‍්ඣනා සමිජ‍්ඣනා ලාභො පටිලාභො පත‍්ති සම‍්පත‍්ති ඵුසනා සච‍්ඡිකිරියා උපසම‍්පදා.

‘ඉද්ධි’ යනු: ඒ (සම්ප්‍රයුක්ත) ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් මොනොවට නිපැද්මෙක් නිෂ්පත්ති ආකාරයෙක් සමෘද්ධ වන අයුරෙක් ලාභයෙක් ප්‍රතිලාභයෙක් ප්‍රාප්තියක් සම්ප්‍රාප්තියක් (ප්‍රතිලාභ) ස්පර්‍ශයෙක් සාක්‍ෂාත් කිරීමෙක් පැමිණීමෙක් වේ ද, (එය යි.)

‘ඉද‍්ධිපාදො’ති තථාභූතස‍්ස ඵස‍්සො වෙදනා -පෙ- පග‍්ගාහො අවික‍්ඛෙපො.

‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ ස්පර්‍ශ ය, වේදනා ය, ... ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේපය යි.

‘ඉද‍්ධිපාදං භාවෙතී’ති තෙ ධම‍්මෙ ආසෙවති භාවෙති බහුලීකරොති. තෙන වුච‍්චති ඉද‍්ධිපාදං භාවෙතී’ති.

‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්‍මයන් ආසෙවනය කෙරෙ යි, වඩයි, බහුල කෙරෙයි. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.

518. කථං ච භික‍්ඛු වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. තස‍්මිං සමයෙ වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමනාගතං ඉද‍්ධිපාදං භාවෙති.

518. කිසෙයින් මහණ වීමංසාසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි වීමංසාසමාධියෙන් හා සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි.

තත්‍ථ කතමා වීමංසා: යා පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති වීමංසා.

එහි ‘වීමංසා’ කවර යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘වීමංසා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො සමාධි: යා චිත‍්තස‍්ස ඨිති -පෙ- සම‍්මාසමාධි. සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං -පෙ- අයං වුච‍්චති සමාධි.

එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සිටීමෙක් ... සම්‍යක්සමාධියක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො පධානසඞ‍්ඛාරො: යො චෙතසිකො විරියාරම‍්භො -පෙ- සම‍්මාවායාමො, විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති පධානසඞ‍්ඛාරො.

එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.

ඉති ඉමාය ච වීමංසාය ඉමිනා ච සමාධිනා ඉමිනා ච පධානසඞ‍්ඛාරෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප‍්පන‍්නො සමුප‍්පන‍්නො සමන‍්නාගතො, තෙන වුච‍්චති වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතො’ති.

මෙසේ මේ වීමංසායෙන් ද මෙ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ සමුපේත වූයේ එළඹසිටියේ මොනොවට එළඹසිටියේ නො වෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ: ‘වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.

‘ඉද‍්ධී’ති යා තෙසං ධම‍්මානං ඉද‍්ධි සමිද‍්ධි -පෙ- උපසම‍්පදා.

‘ඉද්ධි’ යනු: ඒ ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් සමෘද්ධියක් … පැමිණීමෙක් වේ ද එය යි.

‘ඉද‍්ධිපාදො’ති තථාභූතස‍්ස ඵස‍්සො වෙදනා -පෙ- පග‍්ගාහො අවික‍්ඛෙපො.

‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ ස්පර්‍ශ ය වේදනා ය … ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි.

‘ඉද‍්ධිපාදං භාවෙතී’ති තෙ ධම‍්මෙ ආසෙවති භාවෙති බහුලීකරොති, තෙන වුච‍්චති ඉද‍්ධිපාදං භාවෙතී’ති.

‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ (සම්ප්‍රයුක්ත) ධර්‍මයන් ආසෙවනය කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරේ. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.

519. චත‍්තාරො ඉද‍්ධිපාදා: ඡන්‍දිද‍්ධිපාදො විරියිද‍්ධිපාදො චිත‍්තිද‍්ධිපාදො වීමංසිද‍්ධිපාදො.

519. ඍද්ධිපාදයෝ සතර දෙනෙකි: ඡන්‍දිද්ධිපාද ය, විරියිද්ධිපාද ය, චිත්තිද්ධිපාද ය, වීමංසිද්ධිපාද යි.

520. තත්‍ථ කතමො ඡන්‍දිද‍්ධිපාදො: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. යො තස‍්මිං සමයෙ ඡන්‍දො ඡන්‍දිකතා කත‍්තුකම්‍යතා කුසලො ධම‍්මච‍්ඡන්‍දො, අයං වුච‍්චති ඡන්‍දිද‍්ධිපාදො. අවසෙසා ධම‍්මා ඡන්‍දිද‍්ධිපාදසම‍්පයුත‍්තා.

520. එහි ‘ඡන්‍දිද්ධිපාද’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපාදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් ඡන්‍දයෙක් ඡන්‍දය කරන අයුරෙක් කරනු කැමැති බවක් කුශල වූ ධර්‍මච්ඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්‍දිද්ධිපාද’ යි කියනු ලැබෙයි: අවශේෂධර්‍මයෝ ඡන්‍දිද්ධිපාදසම්ප්‍රයුක්තයෝ යි.

521. තත්‍ථ කතමො විරියිද‍්ධිපාදො: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං, යො තස‍්මිං සමයෙ චෙතසිකො විරියාරම‍්භො -පෙ- සම‍්මාවායාමො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති විරියිද‍්ධිපාදො. අවසෙසා ධම‍්මා විරියිද‍්ධිපාදසම‍්පයුත‍්තා.

521. එහි ‘ විරියිද්ධිපාද’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ ‘විරියිද්ධිපාද’ යි කියනු ලැබෙයි: අවශේෂධර්‍මයෝ විරියිද්ධිපාදසම්ප්‍රයුක්තයෝ යි.

522. තත්‍ථ කතමො චිත‍්තිද‍්ධිපාදො: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං, යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, අයං වුච‍්චති චිත‍්තිද‍්ධිපාදො. අවසෙසා ධම‍්මා චිත‍්තිද‍්ධිපාදසම‍්පයුත‍්තා.

522. එහි ‘චිත්තිද්ධිපාද’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්තිද්ධිපාද’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ චිත්තිද්ධිපාදසම්ප්‍රයුක්තයෝ යි.

523. තත්‍ථ කතමො වීමංසිද‍්ධිපාදො: ඉධ භික‍්ඛු යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං. යා තස‍්මිං සමයෙ පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති වීමංසිද‍්ධිපාදො. අවසෙසා ධම‍්මා වීමංසිද‍්ධිපාදසම‍්පයුත‍්තා.

523. එහි ‘විමංසිද්ධිපාද’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘විමංසිද්ධිපාද’ යි කියනු ලැබෙයි: අවශේෂ ධර්‍මයෝ විමංසිද්ධිපාදසම්ප්‍රයුක්තයෝ යි.

අභිධම‍්මභාජනියං.

අභිධර්‍මභාජනිය යි.