යෙදුමෙන් කියවන්න

පඤ‍්හපුච‍්ඡකං

743. චතස‍්සො අප‍්පමඤ‍්ඤායො: ඉධ භික‍්ඛු මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථා දුතියං, තථා තතියං තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං කරුණාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මුදිතාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථං දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙක‍්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති.

743. අප්‍රාමාණ්‍ය සතරෙකි: මෙ සස්නෙහි මහණ මෛත්‍රීසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ස්පර්‍ශ (අරමුණු) කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශායෙහි එසෙයින් තුන් වැනි දිශායෙහි එසෙයින් සතර වැනි දිශායෙහි (සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි). මෙසේ උඩ යට සරස අනුදිග සියලු තැන්හි සියල්ලන් තමා සම බැවින් සියලු සතුන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මෛත්‍රීසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසේ. කරුණාසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශායෙහි එසෙයින් තුන් වැනි දිශායෙහි එසෙයින් සතර වැනි දිශායෙහි (සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි). මෙසේ උඩ යට සරස අනුදිග සියලු තැන්හි සියල්ලන් තමා සම බැවින් සියලු සතුන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ කරුණාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසේ. මුදිතාසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි තුන් වැනි සතර වැනි දිශායෙහි සත්ත්‍වයන්, මෙසේ උඩ යට සරස අනුදිග සියලු තැන්හි සියල්ලන් තමා සම බැවින් සියලු සතුන් ඇති ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ මුදිතාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසේ. උපේක්‍ෂාසහගත සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි - තුන් වැනි - සතර වැනි දිශායෙහි සත්ත්‍වයන්, මෙසේ උඩ යට සරස අනුදිග සියලු තැන්හි සියල්ලන් තමා සම බැවින් සියලු සතුන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ උපේක්‍ෂාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසේ.

744. චතුන‍්නං අප‍්පමඤ‍්ඤානං කති කුසලා, කති අකුසලා, කති අව්‍යාකතා -පෙ- කති සරණා, කති අරණා:

744. සතර අප්‍රාමාණ්‍යයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:

745. සියා කුසලා, සියා අව්‍යාකතා.

745. (සතර අප්‍රාමාණ්‍යයෝ) කුසල් ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු ය.

තිස‍්සො අප‍්පමඤ‍්ඤායො සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා. උපෙක‍්ඛා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා.

අප්‍රාමාණ්‍යයෝ තිදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ ය. උපේක්‍ෂාව උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත යි.

සියා විපාකා, සියා විපාකධම‍්මධම‍්මා, සියා නෙව විපාක න විපාක ධම‍්මධම‍්මා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහ, නො ම විපාක වූ නො ද විපාකස්වභාවධර්‍ම ද වන්නාහු ය.

සියා උපාදින‍්නුපාදානියා, සියා අනුපාදින‍්නුපාදානියා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) උපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නෝපාදානිය ද වන්නාහු ය.

අසංකිලිට‍්ඨසංකිලෙසිකා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය.

තිස‍්සො අප‍්පමඤ‍්ඤායො සියා සවිතක‍්කසවිචාරා, සියා අවිතක‍්කවිචාරමත‍්තා, සියා අවිතක‍්කඅවිචාරා. උපෙක‍්ඛා අවිතක‍්කඅවිචාරා.

අප්‍රාමාණ්‍යයෝ තිදෙනෙක් සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහ, උපේක්‍ෂාව අවිතර්‍කඅවිචාර යි.

තිස‍්සො අප‍්පමඤ‍්ඤායො සියා පීතිසහගතා, සියා සුඛසහගතා, න උපෙක‍්ඛාසහගතා, සියා න වත‍්තබ‍්බා පීතිසහගතාති. උපෙක‍්ඛා උපෙක‍්ඛාසහගතා.

අප්‍රාමාණ්‍යයෝ තිදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො වන්නාහ, ප්‍රීතිසහගතහ යි නො කියයුතු ද වන්නාහ, උපේක්‍ෂාව උපේක්‍ෂා සහගත යි.

නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ යි.

නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.

සියා ආචයගාමිනො, සියා නෙවාචයගාමි නාපචයගාමිනො.

(සතර අප්‍රාමාණ්‍යයෝ) ආචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.

නෙව සෙක‍්ඛා නාසෙක‍්ඛා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ වන්නාහු ය.

මහග‍්ගතා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) මහද්ගතයෝ ය.

න වත‍්තබ‍්බා පරිත‍්තාරම‍්මණාති’පි මහග‍්ගතාරම‍්මණාති’පි අප‍්පමාණාරම‍්මණාති’පි.

(සතර අප්‍රාමාණ්‍යයෝ) පරිත්තාලම්බනහ යි ද මහද්ගතාලම්බනහ යි ද අප්‍රමාණාලම්බනහ යි ද නො කියයුත්තාහ.

මජ‍්ඣිමා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) මධ්‍යමයෝ ය.

අනියතා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) අනියතයෝ ය.

න වත‍්තබ‍්බා මග‍්ගාරම‍්මණාති’පි මග‍්ගහෙතුකාති’පි මග‍්ගාධිපතිනො ති’පි.

(සතර අප්‍රාමාණ්‍යයෝ) මාර්‍ගාලම්බනහ යි ද මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නො කියයුත්තාහ.

සියා උප‍්පන‍්නා, සියා අනුප‍්පන‍්නා, සියා උප‍්පාදිනො.

(සතර අප්‍රාමාණ්‍යයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.

සියා අතීතා, සියා අනාගතා, සියා පච‍්චුප‍්පන‍්නා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.

න වත‍්තබ‍්බා අතීතාරම‍්මණාති’පි අනාගතාරම‍්මණාති’පි පච‍්චුප‍්පන‍්නාරම‍්මණාති’පි.

(සතර අප්‍රාමාණ්‍යයෝ) අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු ය.

සියා අජ‍්ඣත‍්තා, සියා බහිද‍්ධා, සියා අජ‍්ඣත‍්තබහිද‍්ධා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.

බහිද‍්ධාරම‍්මණා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) බාහිරාලම්බනයෝ ය.

අනිදස‍්සන අප‍්පටිඝා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.

746. මෙත‍්තා හොතු, තිස‍්සො අප‍්පමඤ‍්ඤායො න හෙතු.

746. මෛත්‍රිය හේතු ය. තුන් අප්‍රාමාණ්‍යයෝ හේතු නො වෙත්.

සහෙතුකා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) සහේතුකයෝ ය.

හෙතුසම‍්පයුත‍්තා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) හේතුසම්ප්‍රයුක්තයෝ ය.

මෙත‍්තා හෙතු චෙව සහෙතුකා ච. තිස‍්සො අප‍්පමඤ‍්ඤායො න වත‍්තබ‍්බා හෙතු චෙව සහෙතුකාති, සහෙතුකා චෙව න ච හෙතු.

මෛත්‍රිය හේතු ද වූ ම සහේතුක ද වෙයි. තුන් අප්‍රාමාණ්‍යයෝ හේතු ද වූ ම සහේතුකහ යි නො කියයුත්තාහ. සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.

මෙත‍්තා හෙතු චෙව හෙතුසම‍්පයුත‍්තා ච, තිස‍්සො අප‍්පමඤ‍්ඤායො න වත‍්තබ‍්බා හෙතු චෙව හෙතුසම‍්පයුත‍්තාති. හෙතුසම‍්පයුත‍්තා චෙව න ච හෙතු.

මෛත්‍රිය හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. තුන් අප්‍රාමාණ්‍යයෝ හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ. හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතූහු වෙත්.

තිස‍්සො අප‍්පමඤ‍්ඤායො න හෙතු සහෙතුකා, මෙත‍්තා න වත‍්තබ‍්බා න හෙතු සහෙතුකාති’පි න හෙතු අහෙතුකාති’පි.

තුන් අප්‍රාමාණ්‍යයෝ හේතු නො වූ සහේතුකයෝ ය. මෛත්‍රිය හේතු නො වූ සහේතුකහ යි ද හේතු නො වූ අහේතුකහ යි ද නො කියයුත්තාහු ය.

747. සප‍්පච‍්චයා.

747. (සතර අප්‍රාමාණ්‍යයෝ) සප්‍රත්‍යයෝ ය.

සඞ‍්ඛතා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) සඞ්ඛතයෝ ය.

අනිදස‍්සනා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) අනිදර්‍ශනයෝ ය.

අප‍්පටිඝා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) අප්‍රතිඝයෝ ය.

අරූපා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) අරූපයෝ ය.

ලොකියා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) ලෞකිකයෝ ය.

කෙනචි විඤ‍්ඤෙය්‍යා, කෙනචි න විඤ‍්ඤෙය්‍යා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) කිසි විඥානයෙකින් දතයුත්තාහ, කිසි විඥානයෙකින් නො දතයුත්තාහු ය.

748. නො ආසවා.

748. (සතර අප්‍රාමාණ්‍යයෝ) ආස්‍රවයෝ නො වෙත්.

සාසවා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) සාස්‍රවයෝ ය.

ආසවවිප‍්පයුත‍්තා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.

න වත‍්තබ‍්බා ආසවා චෙව සාසවාති, සාසවා චෙව නො ච ආසවා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි නො කියයුත්තාහ. සාස්‍රව ද වූවාහුම නො ද ආස්‍රව වෙත්.

න වත‍්තබ‍්බා ආසවා චෙව ආසවසම‍්පයුත‍්තාති’පි ආසවසම‍්පයුත‍්තා චෙව නො ච ආසවාති’පි.

(සතර අප්‍රාමාණ්‍යයෝ) ආස්‍රව ද වූ ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.

ආසවවිප‍්පයුත‍්තා සාසවා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රවයෝ යි.

749. නො සඤ‍්ඤොජනා -පෙ- නො ගන්‍ථා -පෙ- නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා -පෙ- නො පරාමාසා -පෙ-

749. (සතර අප්‍රාමාණ්‍යයෝ) සංයෝජනයෝ නො වෙත් ... ග්‍රන්‍ථයෝ නො වෙත් ... ඕඝයෝ නො වෙත් ... යෝගයෝ නො වෙත් ... නීවරණයෝ නො වෙත් ... පරාමර්‍ශයෝ නො වෙත් ..

750. සාරම‍්මණා.

750. (සතර අප්‍රාමාණ්‍යයෝ) සාලම්බනයෝ ය.

නො චිත‍්තා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තයෝ නො වෙති.

චෙතසිකා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) චෛතසිකයෝ ය.

චිත‍්තසම‍්පයුත‍්තා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසම්ප්‍රයුක්තයෝ ය.

චිත‍්තසංසට‍්ඨා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසංසෘෂ්ටයෝ ය.

චිත‍්තසමුට‍්ඨානා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසමුත්‍ථානයෝ ය.

චිත‍්තසහභුනො.

(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසහභූ වෙති.

චිත‍්තානුපරිවත‍්තිනො.

(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තානුපරිවර්තීහු වෙති.

චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය.

චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභුනො.

(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූහු වෙති.

චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො.

(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහු වෙති.

බාහිරා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) බාහිරයෝ ය.

නො උපාදා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) උපාදා නො වෙති.

සියා උපාදින‍්නා, සියා අනුපාදින‍්නා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) උපාදින්න ද වන්නාහ, අනුපාදින්න ද වන්නාහු ය.

751. නො අපාදානා -පෙ- නො කිලෙසා -පෙ-

751. (සතර අප්‍රාමාණ්‍යයෝ) උපාදානයෝ නො වෙති ... ක්ලේශයෝ නො වෙති ...

න දස‍්සනෙන පහාතබ‍්බා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.

න භාවනාය පහාතබ‍්බා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.

න දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.

න භාවනාය පහාතබ‍්බහෙතුකා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.

තිස‍්සො අප‍්පමඤ‍්ඤායො සියා සවිතක‍්කා, සියා අවිතක‍්කා. උපෙක‍්ඛා අවිතක‍්කා.

තුන් අප්‍රාමාණ්‍යයෝ සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහ. උපේක්‍ෂාව අවිතර්‍ක ය.

තිස‍්සො අප‍්පමඤ‍්ඤායො සියා සවිචාරා, සියා අවිචාරා. උපෙක‍්ඛා අවිචාරා.

තුන් අප්‍රාමාණ්‍යයෝ සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහ. උපේක්‍ෂාව අවිචාර ය.

තිස‍්සො අප‍්පමඤ‍්ඤායො සියා සප‍්පීතිකා, සියා අප‍්පීතිකා. උපෙක‍්ඛා අප‍්පීතිකා.

තුන් අප්‍රාමාණ්‍යයෝ සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහ. උපේක්‍ෂාව අප්‍රීතික ය.

තිස‍්සො අප‍්පමඤ‍්ඤායො සියා පීතිසහගතා, සියා න පීතිසහගතා. උපෙක‍්ඛා න පීතිසහගතා.

තුන් අප්‍රාමාණ්‍යයෝ ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහ. උපේක්‍ෂාව ප්‍රීතිසහගත නො වෙයි.

තිස‍්සො අප‍්පමඤ‍්ඤායො සුඛසහගතා. උපෙක‍්ඛා න සුඛසහගතා. උපෙක‍්ඛා උපෙක‍්ඛාසහගතා.

තුන් අප්‍රාමාණ්‍යයෝ සුඛසහගත වෙති. උපේක්‍ෂාව සුඛසහගත නො වෙයි. උපේක්‍ෂාව උපේක්‍ෂාසහගත ය.

තිස‍්සො අප‍්පමඤ‍්ඤායො න උපෙක‍්ඛාසහගතා.

තුන් අප්‍රාමාණ්‍යයෝ උපේක්‍ෂාසහගත නො වෙති.

න කාමාවචරා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) කාමාවචරයෝ නො වෙති.

රූපාවචරා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) රූපාවචරයෝ ය.

න අරූපාවචරා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) අරූපාවචරයෝ නො වෙති.

පරියාපන‍්නා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) පර්‍ය්‍යාපන්නයෝ ය.

අනිය්‍යානිකා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) අනෛර්‍ය්‍යාණිකයෝ ය.

අනියතා

(සතර අප්‍රාමාණ්‍යයෝ) අනියතයෝ ය.

සඋත‍්තරා.

(සතර අප්‍රාමාණ්‍යයෝ) සඋත්තරයෝ ය.

අරණාති.

(සතර අප්‍රාමාණ්‍යයෝ) අරණයෝ යි.

පඤ‍්හපුච‍්ඡකං

පඤ්හපුච්ඡක යි.

අප‍්පමඤ‍්ඤාවිභඞ‍්ගො නිට‍්ඨිතො.

අප්‍රාමාණ්‍යවිභඞ්ග නිමි.