13. අප්පමඤ්ඤාවිභඞ්ගො අට්ඨකථා
13. අප්පමඤ්ඤා විභංගය
සුත්තන්තභාජනීයවණ්ණනා
සූත්‍රාන්ත භාජනීය වර්ණනාව
ඉදානි තදනන්තරෙ අප්පමඤ්ඤාවිභඞ්ගෙ චතස්සොති ගණනපරිච්ඡෙදො. අප්පමඤ්ඤායොති ඵරණඅප්පමාණවසෙන අප්පමඤ්ඤායො. එතා හි ආරම්මණවසෙන අප්පමාණෙ වා සත්තෙ ඵරන්ති, එකසත්තම්පි වා අනවසෙසඵරණවසෙන ඵරන්තීති ඵරණඅප්පමාණවසෙන අප්පමඤ්ඤායොති වුච්චන්ති. ඉධ භික්ඛූති ඉමස්මිං සාසනෙ භික්ඛු. මෙත්තාසහගතෙනාති මෙත්තාය සමන්නාගතෙන. චෙතසාති චිත්තෙන. එකං දිසන්ති එකිස්සා දිසාය. පඨමපරිග්ගහිතං සත්තං උපාදාය එකදිසාපරියාපන්නසත්තඵරණවසෙන වුත්තං. ඵරිත්වාති ඵුසිත්වා ආරම්මණං කත්වා. විහරතීති බ්රහ්මවිහාරාධිට්ඨිතං ඉරියාපථවිහාරං පවත්තෙති. තථා දුතියන්ති යථා පුරත්ථිමාදීසු දිසාසු යං කිඤ්චි එකං දිසං ඵරිත්වා විහරති, තථෙව තදනන්තරං දුතියං තතියං චතුත්ථඤ්චාති අත්ථො.
ඊට අනතුරුව දැන් අප්පමඤ්ඤා විභංගයෙහි චතස්සො යනු ගණන නියම කිරීමය. අප්පමඤ්ඤායො අප්‍රමාණ වශයෙන් පැතිරීමය. මේවායෙහි අරමුණු වශයෙන් අප්‍රමාණ සත්ත්වයන් කෙරෙහි පතුරුවන නිසා හෝ එක් සත්ත්වයකු කෙරෙහි නොඅඩුව සම්පූර්ණයෙන් පතුරුවන නිසා හෝ අප්‍රමාණ වශයෙන් පැතිරවීම අප්පමඤ්ඤා වේයයි කියනු ලැබේ. ඉධ භික්ඛු යන මෙම ශාසනයෙහි භික්ෂුව, මෙත්තාසහගතෙන යනු මෛත්‍රියෙන් සමන්නාගත වූ චෙතසා සිතින් එකංදිසං එක් දිසාවක. පළමුවෙන් අරමුණු කරන ලද සත්ත්වයා අරබයා එක් දිසාවක් ඇතුළත පැතිරවීම් වශයෙන් කියන ලදි. ඵරිත්වා ස්පර්ශ කොට අරමුණු කර, විහරති බ්‍රහ්මවිහාරය අධිෂ්ඨාන කරන ලද ඉරියව් විහරණය පවත්වයි. තථා දුතියං පෙරදිග ආදියෙහි එක්දිසාව පතුරුවා වාසය කරයි. ඊටපසුව එසේම දෙවන තුන්වන සතරවන යන අර්ථයි.
ඉති උද්ධන්ති තෙනෙව ච නයෙන උපරිමං දිසන්ති වුත්තං හොති. අධො තිරියන්ති අධොදිසම්පි තිරියංදිසම්පි එවමෙව. එත්ථ ච අධොති හෙට්ඨා, තිරියන්ති අනුදිසා. එවං සබ්බදිසාසු අස්සමණ්ඩලෙ අස්සමිව මෙත්තාසහගතං චිත්තං සාරෙතිපි පච්චාසාරෙතිපීති එත්තාවතා එකමෙකං දිසං පරිග්ගහෙත්වා ඔධිසො මෙත්තාඵරණං දස්සිතං. සබ්බධීතිආදි පන අනොධිසො දස්සනත්ථං වුත්තං. තත්ථ සබ්බධීති සබ්බත්ථ. සබ්බත්තතායාති සබ්බෙසු හීනමජ්ඣිමුක්කට්ඨමිත්තසපත්තමජ්ඣත්තාදිප්පභෙදෙසු අත්තතාය ‘අයං පරසත්තො’ති විභාගං අකත්වා අත්තසමතායාති වුත්තං හොති; අථ වා සබ්බත්තතායාති සබ්බෙන චිත්තභාවෙන ඊසකම්පි බහි අවික්ඛිපමානොති වුත්තං හොති. සබ්බාවන්තන්ති සබ්බසත්තවන්තං, සබ්බසත්තයුත්තන්ති අත්ථො. ලොකන්ති සත්තලොකං.
ඉති උද්ධං මේ නයින්ම උඩ දිසාව කියන ලද්දේ වේ. අධෝ තිරියං යට දිසාවද හරස් දිසාවද එසේමය. මෙහි අධො යනු යටය. තිරියං යනු අනුදිසාය. මෙසේ සියළු දිසාවන්හි ස්තාලයෙහි අසකු මෙන් මෛත්‍රී සහගත සිත යවයි. නැවත යවයි යන මෙපමණකින් එක් එක් දිසාව ගෙන සීමා වශයෙන් මෛත්‍රිය පැතිරවීම දක්වන ලදි. සබ්බධී යනු සියළු තන්හි. සබ්බත්තාය හීන මධ්‍යම උත්කෘෂ්ඨ මිතුරු සතුරු මැදහත් ආදි බෙදීම් ඇති සියළුදෙනා කෙරෙහි තමා සේ සිතා මෙය පර සත්ත්වය යයි බෙදීමක් නොකොට තමා ස්ථානකර ඇතැයි කියන ලදි. නොහොත් සබ්බත්තතාය සියළු චිත්ත භාවයෙන් ටිකක්වත් පිටත නොවිසිරෙන නය කියන ලදි. සබ්බවන්තං සියළු සතුන් ඇතුළත්. සියළු සතුන්ගෙන් යුක්තය යන අර්ථයය. ලොකං සත්ත්වලෝකය.
විපුලෙනාතිඑවමාදිපරියායදස්සනතො පනෙත්ථ පුන “මෙත්තාසහගතෙනා”ති වුත්තං. යස්මා වා එත්ථ ඔධිසො ඵරණෙ විය පුන ‘තථා’සද්දො ‘ඉති’සද්දො වා න වුත්තො, තස්මා පුන “මෙත්තාසහගතෙන චෙතසා”ති වුත්තං; නිගමනවසෙන වා එතං වුත්තං. විපුලෙනාති එත්ථ ච ඵරණවසෙන විපුලතා දට්ඨබ්බා. භූමිවසෙන පන තං මහග්ගතං, පගුණවසෙන අප්පමාණං , සත්තාරම්මණවසෙන ච අප්පමාණං, බ්යාපාදපච්චත්ථිකප්පහානෙන අවෙරං, දොමනස්සප්පහානතො අබ්යාපජ්ඣං, නිද්දුක්ඛන්ති වුත්තං හොති. අයං තාව “මෙත්තාසහගතෙන චෙතසා”තිආදිනා නයෙන ඨපිතාය මාතිකාය අත්ථො.
විපුලෙන මේ ආදි ක්‍රම දැක්වීමෙන් නැවත මෛත්‍රී සහගත සිතෙන් යයි කියන ලදි. මෙහි සීමා සහිත පැතිරවීමෙහි මෙන් නැති ඉති ශබ්දය හා තථා ශබ්දය නොකියන ලදි. ඒ නිසා නැවත මෙත්තා සහගතෙන චේතනා යයි කියන ලදි. නිගමන වශයෙන් හෝ මෙය කියන ලදි. විපුලෙන යන මෙහිද පැතිරවීම් වශයෙන් මහත් බව දතයුතුය. එය භූමි වශයෙන් මහග්ගතං මහග්ගත වේ. ප්‍රගුණ වශයෙන් අප්පමාණං අප්‍රමාණ වේ. සත්ත්වයින් අරමුණු කිරීම් වශයෙන්ද අප්පමාණ වේ. ව්‍යාපාද සංඛ්‍යාත විරුද්ධ ධර්ම ප්‍රහාණයෙන් අවෙරං වේ. දොම්නස් ප්රහාණය කරන බැවින් අබ්යාපජ්ඣ වේ. දුකක් නැතැයි කියන ලද්දේ වේ. මෙය මෙත්තා සහගතෙන චෙතසාති ආදි නයින් තබන ලද මාතෘකාවේ අර්ථය.
ඉදානි යදෙතං “කථඤ්ච, භික්ඛවෙ, මෙත්තාසහගතෙන චෙතසා”තිආදිනා නයෙන වුත්තං පදභාජනීයං, තත්ථ යස්මා ඉදං කම්මට්ඨානං දොසචරිතස්ස සප්පායං, තස්මා යථාරූපෙ පුග්ගලෙ අයං මෙත්තා අප්පනං පාපුණාති, තං මෙත්තාය වත්ථුභූතං පුග්ගලං තාව දස්සෙතුං සෙය්යථාපි නාම එකං පුග්ගලන්තිආදි වුත්තං. තත්ථ සෙය්යථාපි නාමාති ඔපම්මත්ථෙ නිපාතො, යථා එකං පුග්ගලන්ති අත්ථො. පියන්ති පෙමනීයං. මනාපන්ති හදයවුඩ්ඪිකරං. තත්ථ පුබ්බෙව සන්නිවාසෙන පච්චුප්පන්නහිතෙන වා පියො නාම හොති, සීලාදිගුණසමායොගෙන මනාපො නාම; දානසමානත්තතාහි වා පියතා, පියවචනඅත්ථචරියතාහි මනාපතා වෙදිතබ්බා. යස්මා චෙත්ථ පියතාය ඉමස්ස බ්යාපාදස්ස පහානං හොති, තතො මෙත්තා සුඛං ඵරති, මනාපතාය උදාසීනතා න සණ්ඨාති, හිරොත්තප්පඤ්ච පච්චුපට්ඨාති, තතො හිරොත්තප්පානුපාලිතා මෙත්තා න පරිහායති, තස්මා තං උපමං කත්වා ඉදං වුත්තං – පියං මනාපන්ති. මෙත්තායෙය්යාති මෙත්තාය ඵරෙය්ය; තස්මිං පුග්ගලෙ මෙත්තං කරෙය්ය පවත්තෙය්යාති අත්ථො. එවමෙව සබ්බෙ සත්තෙති යථා පියං පුග්ගලං මෙත්තායෙය්ය, එවං තස්මිං පුග්ගලෙ අප්පනාප්පත්තාය වසීභාවං උපගතාය මෙත්තාය මජ්ඣත්තවෙරිසඞ්ඛාතෙපි සබ්බෙ සත්තෙ අනුක්කමෙන ඵරතීති අත්ථො. මෙත්ති මෙත්තායනාතිආදීනි වුත්තත්ථානෙව.
දැන් මෙය කථඤ්ච භික්ඛවෙ, මෙත්තා සහගතෙන චෙතසා යනාදී නයින් කියන ලද පද භාජනිය වේ. එහි යම් හෙයකින් මෙම කමටහන දෝස චරිතයාට සප්පාය වේ. එහෙයින් යම්බඳු වූ මේ පුද්ගලයා මෛත්‍රී අර්පණාවට පැමිණේ. මෛත්‍රියට වස්තු වූ පුද්ගලයා දැක්වීමට සෙය්යථාපි නාමං ඒකං පුග්ගලං ආදිය කියන ලදි. එහි සෙය්යථාපි නාම යනු උපමා අර්ථයෙහි නිපාතයකි. එක් පුද්ගලයෙක් යන අර්ථයයි. පියං පේමනීය වූ මනාපං හෘදය වර්ධනය කරන. පෙර එක්ව විසීමෙන් වර්තමාන දියුණුව කැමතියෙන් පියො නම් වේ. සීලාදී ගුණ ඇතිවීමෙන් මනාප නම් වේ. දානමානාදි ආත්මය හෝ ප්‍රියභාවය ප්‍රිය වචන අර්ථ චර්යාවලින් මනාප බව දතයුතුය. ප්‍රියභාවයෙන් මේ ව්‍යාපාදයාගේ ප්රහාණය වේ. එනිසා මෛත්‍රිය සැප පතුරයි. මනාප භාවයෙන් උදාසීන භාවය නොපිහිටයි. ලජ්ජා භයද එළඹෙයි. එයින් ලජ්ජා භය පාලනය වූ මෛත්‍රිය නොපිරිහෙයි. එනිසා එය උපමාකොට මෙය කියන ලදි. පියං මනාපං යන්න. මෙත්තෙය්යා මෛත්‍රියෙන් පතුරුවන්නේය. ඒ පුද්ගලය්න කෙරෙහි මෛත්‍රිය කරන්නේ පවත්වන්නේය යන අර්ථයයි. එවමෙව සබ්බෙ සත්තා යම්සේ ප්‍රිය පුද්ගලයෙකුට මෛත්‍රිය කරන්නේද මෙසේ ඒ පුද්ගලයන් කෙරෙහි අප්‍රමාණයට පැමිණ වසීභවයට උපගත මෛත්‍රියෙන් මැදහත් වෛරී සංඛ්‍යාත සියළු සතුන් කෙරෙහි අනුක්රමයෙන් සිත පතුරුවයි යන අර්ථයයි. මෙත්ති මෙත්තායනා යනාදිය පැහැදිලිමය.
විදිසං වාති පදං තිරියං වාති එතස්ස අත්ථවිභාවනත්ථං වුත්තං.
විදිංසච යන පදය හරහා හෝ යන අර්ථ දැක්වීම සඳහා කියන ලදි.
ඵරිත්වාති ආරම්මණකරණවසෙන ඵුසිත්වා. අධිමුඤ්චිත්වාති අධිකභාවෙන මුඤ්චිත්වා, යථා මුත්තං සුමුත්තං හොති සුප්පසාරිතං සුවිත්ථතං තථා මුඤ්චිත්වාති අත්ථො.
ඵරිත්වා අරමුණු කිරීම් වශයෙන් ස්පර්ශකොට අධිමුඤ්චිත්වා අධික බැවින් මුදා යන අර්ථයයි. මුදන ලද මනාව මුදන ලද යවන ලද පළල් කරන ලද එසේ මුදා යන අර්ථය.
සබ්බධිආදිනිද්දෙසෙ යස්මා තීණිපි එතානි පදානි සබ්බසඞ්ගාහිකානි, තස්මා නෙසං එකතොව අත්ථං දස්සෙතුං සබ්බෙන සබ්බන්තිආදි වුත්තං. තස්සත්ථො හෙට්ඨා වුත්තොයෙව.
සබ්බධි ආදි නිද්දේසයෙහි මේ තුන් පද සර්ව සංග්‍රාහික වේ. එහෙයින් ඒවායේ එකතුවෙන් අර්ථ දැක්වීමට සබ්බෙන සබ්බං ආදිය කියන ලදි. එහි අර්ථය යට කියන ලද්දේමය.
විපුලාදිනිද්දෙසෙ යස්මා යං අප්පනාප්පත්තං හුත්වා අනන්තසත්තඵරණවසෙන විපුලං, තං නියමතො භූමිවසෙන මහග්ගතං හොති. යඤ්ච මහග්ගතං තං අප්පමාණගොචරවසෙන අප්පමාණං. යං අප්පමාණං තං පච්චත්ථිකවිඝාතවසෙන අවෙරං. යඤ්ච අවෙරං තං විහතබ්යාපජ්ජතාය අබ්යාපජ්ජං. තස්මා “යං විපුලං තං මහග්ගත”න්තිආදි වුත්තං. අවෙරො අබ්යාපජ්ජොති චෙත්ථ ලිඞ්ගවිපරියායෙන වුත්තං. මනෙන වා සද්ධිං යොජනා කාතබ්බා – යං අප්පමාණං චිත්තං, සො අවෙරො මනො; යො අවෙරො සො අබ්යාපජ්ජොති. අපිචෙත්ථ හෙට්ඨිමං හෙට්ඨිමං පදං උපරිමස්ස උපරිමස්ස, උපරිමං වා උපරිමං හෙට්ඨිමස්ස හෙට්ඨිමස්ස අත්ථොතිපි වෙදිතබ්බො.
විපුලාදි නිද්දේසයෙහි යමකින් යං අර්පණාවට පැමිණ අනන්ත සත්ත්වයින් කෙරෙහි පැතිරවීම් වශයෙන් විපුලං තං වන්නේය. නියම වූ භූමි වශයෙන් මහග්ගත වේ. යමක් ද මහග්ගතං තං මහග්ගත වූයේ එය අප්පමාණං අප්‍රමාණ වේ. යං අප්පමාණං සතුරා විනාශ කිරීම් වශයෙන් වෙරං වේ. යඤ්ච අවෙරං තං. යමෙක් අවෛර වූයේද එය පහවූ ව්‍යාපාද ඇති බැවින් අබ්යාපජ්ඣං වේ. එහෙයින් යං විපුලං තං මහග්ගතං යනාදිය කියන ලදි. අවෙරො අබ්යාපජ්ඣෙති මෙහි ලිංග විපර්යාසයෙන් කියන ලදි. මනස සමග හෝ යෙදීම කළයුතුය. අප්‍රමාණ වූ යම් සිතක් සො අවොරො එය අවෛරී මනසයි. යො අවෙරො සො අබ්යාපජ්ඣො අවෛරී වූ යමක් වේනම් එය අව්යාපාදයයි. මෙහි යට පද උපරි වශයෙන් හා උපරියද යට වශයෙන් අර්ථ දතයුතුය.
සෙය්යථාපි නාම එකං පුග්ගලං දුග්ගතං දුරුපෙතන්ති ඉදම්පි කරුණාය වත්ථුභූතං පුග්ගලං දස්සෙතුං වුත්තං. එවරූපස්මිඤ්හි පුග්ගලෙ බලවකාරුඤ්ඤං උප්පජ්ජති. තත්ථ දුග්ගතන්ති දුක්ඛෙන සමඞ්ගීභාවං ගතං. දුරුපෙතන්ති කායදුච්චරිතාදීහි උපෙතං. ගතිකුලභොගාදිවසෙන වා තමභාවෙ ඨිතො පුග්ගලො දුග්ගතො, කායදුච්චරිතාදීහි උපෙතත්තා තමපරායණභාවෙ ඨිතො දුරුපෙතොති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො.
සෙය්යථාපි නාම එකං පුග්ගලං දුග්ගං දුරුපෙතං යන මෙයද කරුණාවට වස්තු වූ පුද්ගලයා දැක්වීමට කියන ලදි. මෙබඳු වූ පුද්ගලයින් කෙරෙහි බලවත් කාරුණිකභාවයක් උපදී. එහි දුග්ගතං යනු දුක සමග එක්වීමට ගිය. දුරුපෙතං කාය දුශ්චරිතාදියෙන් යුක්ත වූ. ගති කුල භෝග වශයෙන් හෝ එය අභාවයෙන් සිටි පුද්ගලයා දුග්ගත වේ. කාය දුශ්චරිතාදියෙන් යුක්ත වූ බැවින්ද එය පරායනය කොට සිටියේ දුරුපේත යයි මෙසේ මෙහි අර්ථය දතයුතුය.
එකං පුග්ගලං පියං මනාපන්ති ඉදම්පි මුදිතාය වත්ථුභූතං පුග්ගලං දස්සෙතුං වුත්තං. තත්ථ ගතිකුලභොගාදිවසෙන ජොතිභාවෙ ඨිතො පියො, කායසුචරිතාදීහි උපෙතත්තා ජොතිපරායණභාවෙ ඨිතො මනාපොති වෙදිතබ්බො.
එකං පුග්ගලං පියං මනාපං යන මෙහිද මුදිතාවට වස්තු වූ පුද්ගලයා දැක්වීමට කියන ලදි. එහි ගති කුල භෝග ආදි වශයෙන් දීප්තිභාවයෙහි සිටියේ ප්‍රිය වේ. කාය සුචරිතාදියෙන් යුක්ත දීප්තිමත්භාවය පරායනය කොට සිටියේ මනාප යයි දතයුතුය.
නෙව මනාපං න අමනාපන්ති ඉදම්පි උපෙක්ඛාය වත්ථුභූතං පුග්ගලං දස්සෙතුං වුත්තං. තත්ථ මිත්තභාවං අසම්පත්තතාය නෙව මනාපො, අමිත්තභාවං අසම්පත්තතාය න අමනාපොති වෙදිතබ්බො. සෙසමෙත්ථ යං වත්තබ්බං සියා, තං සබ්බං හෙට්ඨා චිත්තුප්පාදකණ්ඩෙ වුත්තමෙව. භාවනාවිධානම්පි එතෙසං කම්මට්ඨානානං විසුද්ධිමග්ගෙ විත්ථාරතො කථිතමෙවාති.
නෙවමනාපං නඅමනාපං යන මෙයද උපේක්ෂාවට වස්තුවූ පුද්ගලයා දැක්වීමට කියන ලදි. එහි මිත්‍රභාවයට නොපැමිණි බැවින් මනාප නැත. අමිත්රභාවයට නොපැමිණි බැවින් අමනාප නොවේයයි දතයුතුය. මෙහි යමක් කිවයුතු වන්නේ නම් ඒ සියල්ල චිත්තුප්පාද කාණ්ඩයෙහි කියන ලද්දේමය. භාවනා විධිවූද මේ කමටහන් විසුද්ධි මාර්ගයෙහි විස්තර වශයෙන් කියන ලදි.
සුත්තන්තභාජනීයවණ්ණනා.
සුත්තන්ත භාජනිය.
අභිධම්මභාජනීයවණ්ණනා
අභිධර්ම භාජනීය වර්ණනාව
අභිධම්මභාජනීයං කුසලතොපි විපාකතොපි කිරියතොපි හෙට්ඨා චිත්තුප්පාදකණ්ඩෙ භාජිතනයෙනෙව භාජිතං. අත්ථොපිස්ස තත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බො.
අභිධර්ම භජනියෙහි කුසල වශයෙන්ද විපාක වශයෙන්ද කිරිය වශයෙන්ද යට චිත්තුප්පාද කාණ්ඩයෙහි බෙදන ලද නයින්ම බෙදන ලදි. මෙහි අර්ථය එහි කියන ලද නයින්ම දතයුතුය.
පඤ්හාපුච්ඡකවණ්ණනා
ප්‍රශ්න විචාරක වර්ණනාව
පඤ්හාපුච්ඡකෙ පාළිඅනුසාරෙනෙව මෙත්තාදීනං කුසලාදිභාවො වෙදිතබ්බො. ආරම්මණත්තිකෙසු පන සබ්බාපි තීසු තිකෙසු නවතබ්බාරම්මණා එව. අජ්ඣත්තාරම්මණත්තිකෙ බහිද්ධාරම්මණාති. ඉමස්මිං පන අප්පමඤ්ඤාවිභඞ්ගෙ සම්මාසම්බුද්ධෙන සුත්තන්තභාජනීයෙපි ලොකියා එව අප්පමඤ්ඤායො කථිතා, අභිධම්මභාජනීයෙපි පඤ්හාපුච්ඡකෙපි. තයොපි හි එතෙ නයා ලොකියත්තා එකපරිච්ඡෙදා එව. එවමයං අප්පමඤ්ඤාවිභඞ්ගොපි තෙපරිවට්ටං නීහරිත්වාව භාජෙත්වා දස්සිතොති.
ප්‍රශ්න විචාරකයෙහි පෙල අනුසාරයෙන්ම මෙත්තාදියෙහි කුසලාදිභාවය දතයුතුය. අරමුණු ත්‍රිකයෙහි වනාහි සියළු තුන් තිකයෙහිද කිව නොහැකි අරමුණු වේමය. අධ්‍යාත්ම අරමුණු ත්‍රිකයෙහි බාහිර අරමුණු වේ. මේ අප්පමඤ්ඤා විභංගයෙහි සම්බුන් විසින් සූත්‍රාන්ත භාජනයෙහිද ලෞකික වශයෙන්ම අප්පමඤ්ඤා කියන ලදි. අභිධර්ම භාජනියෙහිද ප්‍රශ්න විචාරකයෙහිද තුනෙහි මේ නයින් ලෞකික එක් කොටසකද මෙසේ අප්පමඤ්ඤා විභංගයද තිපරිවට්ට ගෙනහැර දක්වා බෙදා දක්වන ලදි.
සම්මොහවිනොදනියා විභඞ්ගට්ඨකථාය අප්පමඤ්ඤාවිභඞ්ගවණ්ණනා නිට්ඨිතා.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ දහතුන්වන අප්පමඤ්ඤා විභංග නිද්දේසයයි.