14. සික්ඛාපදවිභඞ්ගො අට්ඨකථා
14. සික්ඛාපද විභංගය
අභිධම්මභාජනීයවණ්ණනා
අභිධර්ම භාජනීය වර්ණනාව
ඉදානි තදනන්තරෙ සික්ඛාපදවිභඞ්ගෙ පඤ්චාති ගණනපරිච්ඡෙදො. සික්ඛාපදානීති සික්ඛිතබ්බපදානි; සික්ඛාකොට්ඨාසාති අත්ථො. අපිච උපරි ආගතා සබ්බෙපි කුසලා ධම්මා සික්ඛිතබ්බතො සික්ඛා. පඤ්චසු පන සීලඞ්ගෙසු යංකිඤ්චි අඞ්ගං තාසං සික්ඛානං පතිට්ඨානට්ඨෙන පදන්ති සික්ඛානං පදත්තා සික්ඛාපදානි. පාණාතිපාතාති පාණස්ස අතිපාතා ඝාතනා මාරණාති අත්ථො. වෙරමණීති විරති. අදින්නාදානාති අදින්නස්ස ආදානා; පරපරිග්ගහිතස්ස හරණාති අත්ථො. කාමෙසූති වත්ථුකාමෙසු. මිච්ඡාචාරාති කිලෙසකාමවසෙන ලාමකාචාරා. මුසාවාදාති අභූතවාදතො. සුරාමෙරයමජ්ජපමාදට්ඨානාති එත්ථ සුරාති පිට්ඨසුරා, පූවසුරා, ඔදනසුරා, කිණ්ණපක්ඛිත්තා, සම්භාරසංයුත්තාති පඤ්ච සුරා. මෙරයන්ති පුප්ඵාසවො, ඵලාසවො, ගුළාසවො, මධ්වාසවො, සම්භාරසංයුත්තොති පඤ්ච ආසවා. තදුභයම්පි මදනීයට්ඨෙන මජ්ජං. යාය චෙතනාය තං පිවන්ති, සා පමාදකාරණත්තා පමාදට්ඨානං; තස්මා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා. අයං තාවෙත්ථ මාතිකානික්ඛෙපස්ස අත්ථො.
ඉන් අනතුරුව දැන් ශික්ෂාපද විභංගයෙහි පඤ්ච යනු ගණන පිරිසිඳීමයි. සික්ඛාපදන්ති හික්මිය යුතු පද. ශික්ෂා කොටස යන අර්ථයයි. තවද මතු එන්නා වූ සියළු කුසල ධර්ම හික්මිය යුතු ශික්ෂා වේ. පඤ්චශීල අංගයෙහි යම්කිසි අංගයක් ඒ ශික්ෂාවල පිහිටීම් අර්ථයෙන් පද වේ. ශික්ෂාවන්ගේ පද බැවින් සික්ඛාපදානි. පාණාතිපාතා යනු ප්‍රාණයේ හෙළීමයි. ඝාතනය මරණය යන අර්ථයය. වේරමණී යනු විරතියයි. වෙන්වීමයි. අදින්නාදානා නුදුන්නහුගේ ගැනීම. අනුන්ගේ අයිතිය ගෙන ඒවා යන අර්ථයයි. කාමෙසු යනු වස්තු කාමයෙහි. මිච්ඡාචාරා ක්ලේශකාම වශයෙන් ලාමක හැසිරීමයි. මුසාවාදා නොවූ දේ කීමෙන්. සුරාමේරය මජ්ජපමාදට්ඨානා මෙහි සුරා යනු පිටිසුරා කැවිලි සුරා, බත් සුරා යන සුරා සෑදීමට ගන්නා බහන ලද ද්‍රව්‍ය රාශියෙන් යුත් පඤ්ච සුරා. මෙරයං යනු පැසෙමින් තිබෙන මල් ගෙඩි හකුරු පැණි සම්භාරයෙන් යුක්ත මද්‍ය පහ, ඒ දෙකම මත්වන අර්ථයෙන් මජ්ජ වේ. යම් චේතනාවක් ඒවා බීම ප්‍රමාද කරන බැවින් පමාදඨානං වේ. එහෙයින් සුරා මේරය මජ්ජ පමාදඨානාය. මෙය මාතෘකා තැබීම වන්නේය.
පදභාජනීයෙ පන යස්මිං සමයෙ කාමාවචරන්තිආදි සබ්බං හෙට්ඨා වුත්තනයත්තා උත්තානත්ථමෙව. යස්මා පන න කෙවලං විරතියෙව සික්ඛාපදං, චෙතනාපි සික්ඛාපදමෙව, තස්මා තං දස්සෙතුං දුතියනයො දස්සිතො. යස්මා ච න කෙවලං එතෙයෙව ද්වෙ ධම්මා සික්ඛාපදං, චෙතනාසම්පයුත්තා පන පරොපණ්ණාසධම්මාපි සික්ඛිතබ්බකොට්ඨාසතො සික්ඛාපදමෙව, තස්මා තතියනයොපි දස්සිතො.
පද භාජනයෙහි යස්මිං සමයෙ කාමාවචරං යන ආදි සියල්ල යට කියන ලද නයින් පැහැදිලි වන්නේමය. ශික්ෂාපද පමණක් විරති නොවේ. චේතනාවද ශික්ෂාපදම වේ. එහෙයින් එය දැක්වීමට දෙවන නයක් දක්වන ලදි. මේ ධර්ම දෙක හුදෙක් ශික්ෂාපද නොවේ. චේතනා සම්ප්‍රයුක්ත අපර පනස් ධර්මද හික්මිය යුතු කොටස් වශයෙන් ශික්ෂාපද වේ. එහෙයින් තුන්වන නයක්ද දක්වන ලදි.
තත්ථ දුවිධං සික්ඛාපදං පරියායසික්ඛාපදං නිප්පරියායසික්ඛාපදඤ්ච. තත්ථ විරති නිප්පරියායසික්ඛාපදං. සා හි “පාණාතිපාතා වෙරමණී”ති පාළියං ආගතා, නො චෙතනා. විරමන්තො ච තාය එව තතො තතො විරමති, න චෙතනාය. චෙතනං පන ආහරිත්වා දස්සෙසි. තථා සෙසචෙතනාසම්පයුත්තධම්මෙ. වීතික්කමකාලෙ හි වෙරචෙතනා දුස්සීල්යං නාම. තස්මා සා විරතිකාලෙපි සුසීල්යවසෙන වුත්තා. ඵස්සාදයො තංසම්පයුත්තත්තා ගහිතාති.
එහි පරියාය සික්ඛාපද නිප්පරියාය සික්ඛා පදයයි. ශික්ෂාපද ද්විධය. එහි විරති නිප්පරියාය ශික්ෂාපද වේ. ඒවා පාණාතිපාතා වේරමණී යයි පෙලෙහි ආවේ චේතනා රහිතවය. වෙන්වන්නේ ඒවායින්ම එයින් චේතනා නැතිව වෙන්වීම, චේතනා ගෙනහැර දැක්වීය. චේතනා සම්ප්‍රයුක්ත සෙසු ධර්මවලද එසේය. ව්‍යතික්‍රමණ කාලයෙහි විරුද්ධ චේතනාව දුශ්ශීල බව නම් වේ. එහෙයින් එය විරති කාලයෙහි සිල්වත් බව වශයෙන් කියන ලදි. ස්පර්ශ ආදිය ඊට සම්ප්‍රයුක්ත වන බැවින් ගන්නා ලදි.
ඉදානි එතෙසු සික්ඛාපදෙසු ඤාණසමුත්තෙජනත්ථං ඉමෙසං පාණාතිපාතාදීනං ධම්මතො, කොට්ඨාසතො, ආරම්මණතො, වෙදනාතො, මූලතො, කම්මතො, සාවජ්ජතො, පයොගතො ච විනිච්ඡයො වෙදිතබ්බො.
දැන් මෙම ශික්ෂා පදවල ඤාණය උත්තේජනය කිරීම සඳහා මේ ප්‍රාණඝාතාදීන්ගේ ධර්ම වශයෙන් කොටස් වශයෙන් අරමුණු වශයෙන් වේදනා වශයෙන් මූල වශයෙන් කර්ම වශයෙන් සාවද්‍ය වශයෙන් ප්‍රයෝග වශයෙන්ද විනිස දතයුතුය.
තත්ථ ‘ධම්මතො’ති පඤ්චපෙතෙ පාණාතිපාතාදයො චෙතනාධම්මාව හොන්ති. ‘කොට්ඨාසතො’ පඤ්චපි කම්මපථා එව.
එහි ධර්ම වශයෙන් යන මේ ප්රාණාතිපාතාදි පහේම චේතනාව ධර්මය වේ. කොටස් වශයෙන් පහම කර්ම පථ වේ.
‘ආරම්මණතො’ පාණාතිපාතො ජීවිතින්ද්රියාරම්මණො. අදින්නාදානං සත්තාරම්මණං වා සඞ්ඛාරාරම්මණං වා. මිච්ඡාචාරො ඉත්ථිපුරිසාරම්මණො. මුසාවාදො සත්තාරම්මණො වා සඞ්ඛාරාරම්මණො වා. සුරාපානං සඞ්ඛාරාරම්මණං.
අරමුණු වශයෙන් පාණාතිපාතය ජීවිතින්ද්රිය අරමුණ වේ. අදින්නාදානය සතුන් අරමුණු වේ. සංස්කාර හෝ වේ. වැරදි හැසිරීම ස්ත්‍රී පුරුෂයින් අරමුණු වේ. මුසාවාදය සතුන් හෝ සංස්කාර හෝ අරමුණු වේ. සුරාපානය සංඛාර අරමුණු වේ.
‘වෙදනාතො’ පාණාතිපාතො දුක්ඛවෙදනො. අදින්නාදානං තිවෙදනං. තඤ්හි හට්ඨතුට්ඨස්ස අදින්නං ආදියතො සුඛවෙදනං හොති, භීතකාලෙ දුක්ඛවෙදනං, මජ්ඣත්තස්ස හුත්වා ගණ්හතො අදුක්ඛමසුඛවෙදනං. මිච්ඡාචාරො සුඛවෙදනො වා අදුක්ඛමසුඛවෙදනො වා. මුසාවාදො අදින්නාදානං විය තිවෙදනො. සුරාපානං සුඛමජ්ඣත්තවෙදනං.
වේදනා වශයෙන් පාණාතිපාතා දුක් වේදනාය. අදින්නාදාන වේදනා තුනම එහි සතුටින් නුදුන් දෙය ගැන්මෙන් සැප වේදනා වේ. බිය ඇතිකල දුක් වේදනාව මධ්‍යස්ථව ගැනීමෙන් අදුක්ඛමසුඛ වේදනාව මිච්ඡාචාරය. සැප වේදනාව හෝ අදුක්ඛමසුඛ වේදනාව හෝ වේ. මුසාවාදය අදින්නාදානය මෙන් වේදනා තුනම. සුරාපානය සැප මධ්‍යස්ථ වේදනා වේ.
‘මූලතො’ පාණාතිපාතො දොසමොහමූලො. අදින්නාදානං කිඤ්චිකාලෙ ලොභමොහමූලං, කිඤ්චිකාලෙ දොසමොහමූලං. මිච්ඡාචාරො ලොභමොහමූලො. මුසාවාදො කිඤ්චිකාලෙ ලොභමොහමූලො, කිඤ්චිකාලෙ දොසමොහමූලො. සුරාපානං ලොභමොහමූලං.
මූල වශයෙන් පාණාතිපාතය දෝසමූලය. අදින්නාදානය කලක ලෝභමූල කලක දෝසමූල වේ. මිච්ඡාචාරය ලෝභ මූල වේ. මුසාවාදය කිසිකලක ලෝභමූල කිසිකලක දෝස මෝහ මූල වේ. සුරාපානය ලෝභමූල වේ.
‘කම්මතො’ මුසාවාදො චෙත්ථ වචීකම්මං. සෙසා කායකම්මමෙව.
කර්ම වශයෙන් මෙහි මුසාවාදය වචී කර්ම වේ. සෙස්ස කායකර්ම වේ.
‘සාවජ්ජතො’ පාණාතිපාතො අත්ථි අප්පසාවජ්ජො, අත්ථි මහාසාවජ්ජො. තථා අදින්නාදානාදීනි. තෙසං නානාකරණං හෙට්ඨා දස්සිතමෙව.
සාවද්‍ය වශයෙන් පාණාතිපාතය අල්ප සාවද්‍ය මහා සාවද්‍ය දෙකම ඇත. අදින්නාදානාදියද එසේය. ඒවායේ නානා කරණය යට දක්වන ලදි.
අයං පන අපරො නයො – කුන්ථකිපිල්ලිකස්ස හි වධො අප්පසාවජ්ජො, තතො මහන්තතරස්ස මහාසාවජ්ජො; සොපි අප්පසාවජ්ජො, තතො මහන්තතරාය සකුණිකාය මහාසාවජ්ජො; තතො ගොධාය, තතො සසකස්ස, තතො මිගස්ස, තතො ගවයස්ස, තතො අස්සස්ස, තතො හත්ථිස්ස වධො මහාසාවජ්ජො, තතොපි දුස්සීලමනුස්සස්ස , තතො ගොරූපසීලකමනුස්සස්ස, තතො සරණගතස්ස, තතො පඤ්චසික්ඛාපදිකස්ස, තතො සාමණෙරස්ස, තතො පුථුජ්ජනභික්ඛුනො , තතො සොතාපන්නස්ස, තතො සකදාගාමිස්ස, තතො අනාගාමිස්ස, තතො ඛීණාසවස්ස වධො අතිමහාසාවජ්ජොයෙව.
මෙය වෙන නයකි. කුසින් නැසීම අල්ප සාවද්‍ය වේ. එයින් මහත් වූවන් නැසීම මහා සාවද්‍ය වේ. ඔවුන්ද අල්ප සාවද්‍යය ඊට වඩා මහත් වූ කුරුල්ලන් නැසීම මහා සාවද්‍ය වේ. ඊට වඩා ගොයින්, ඊට වඩා සාවුන්, ඊට වඩා මුවන්, ඊට වඩා ගවයින්, ඊට වඩා අශ්වයින්, ඊට වඩා ඇතුන්, නැසීම මහා සාවද්‍ය වේ. ඔවුන්ගෙන් දුසිල් මිනිසුන් ඊට වඩා ගොසීලාදී යුත් මිනිසුන් ඊට වඩා තිසරණ ගත ඊට වඩා පන්සිල් රකින ඊට වඩා සාමණේර, ඊට වඩා පෘථග්ජන භික්ඛු ඊට වඩා සෝවාන් ඊට වඩා සකදාගාමී ඊට වඩා අනාගාමී මහා සාවද්‍ය වේ. ඊට වඩා ඛීණාශ්රවයන් සතු ප්‍රාණය අතිමහා සාවද්‍ය වේමය.
අදින්නාදානං දුස්සීලස්ස සන්තකෙ අප්පසාවජ්ජං, තතො ගොරූපසීලකස්ස සන්තකෙ මහාසාවජ්ජං; තතො සරණගතස්ස, තතො පඤ්චසික්ඛාපදිකස්ස, තතො සාමණෙරස්ස, තතො පුථුජ්ජනභික්ඛුනො, තතො සොතාපන්නස්ස, තතො සකදාගාමිස්ස, තතො අනාගාමිස්ස සන්තකෙ මහාසාවජ්ජං, තතො ඛීණාසවස්ස සන්තකෙ අතිමහාසාවජ්ජංයෙව.
[missing trans]
මිච්ඡාචාරො දුස්සීලාය ඉත්ථියා වීතික්කමෙ අප්පසාවජ්ජො, තතො ගොරූපසීලකාය මහාසාවජ්ජො; තතො සරණගතාය, පඤ්චසික්ඛාපදිකාය, සාමණෙරියා, පුථුජ්ජනභික්ඛුනියා, සොතාපන්නාය, සකදාගාමිනියා, තතො අනාගාමිනියා වීතික්කමෙ මහාසාවජ්ජො, ඛීණාසවාය පන භික්ඛුනියා එකන්තමහාසාවජ්ජොව.
මිච්ඡාචාරයද දුසිල් ස්ත්‍රීන් ඉක්මවීමෙහි අල්ප සාවද්‍ය වේ. ඊට වඩා ගොසීලාදිය රකින මහාසාවද්‍ය වේ. ඊට වඩා සරණාගත, පඤ්චසික්ඛා පිළිපදින, සාමණේරී-පුථුජ්ජන භික්ඛුනී, සෝතාපන්නය, සකදාගාමිනියා ඊට වඩා අනාගාමී නිසා ඉක්මවීමෙහි මහා සාවද්‍ය හෝ ඛීණාසව භික්ඛුනිය එ්කාන්ත මහා සාවජ්ජ වේ.
මුසාවාදො කාකණිකමත්තස්ස අත්ථාය මුසාකථනෙ අප්පසාවජ්ජො, තතො අඩ්ඪමාසකස්ස, මාසකස්ස, පඤ්චමාසකස්ස, අඩ්ඪකහාපණස්ස, කහාපණස්ස, තතො අනග්ඝනියභණ්ඩස්ස අත්ථාය මුසාකථනෙ මහාසාවජ්ජො, මුසා කථෙත්වා පන සඞ්ඝං භින්දන්තස්ස එකන්තමහාසාවජ්ජොව.
මුසාවාදයෙහි තුට්ටුවක ප්‍රයෝජනය සඳහා බොරුකීම අල්පසාවද්‍ය වේ. ඊට වඩා අඩ මසුවක් ඊට වඩා වාසකයක් (මසුරම) ඊට පස් මස්සක් ඊට වඩා අඩ කහවණුවක් ඊට වඩා කහවණුවල ඊට වඩා අගනා භාණ්ඩයක් ප්‍රයෝජනයට බොරුකීම මහාසාවද්‍ය වේ. බොරු කියා සංඝයා භේද කරන්නා ඒකාන්ත මහා සාවද්‍ය වේ.
සුරාපානං පසතමත්තස්ස පානෙ අප්පසාවජ්ජං, අඤ්ජලිමත්තස්ස පානෙ මහාසාවජ්ජං; කායචාලනසමත්ථං පන බහුං පිවිත්වා ගාමඝාතනිගමඝාතකම්මං කරොන්තස්ස එකන්තමහාසාවජ්ජමෙව.
සුරාවෙහි පතක් පමණ බොනවිට අල්ප සාවද්‍ය වේ. දෝතක් බොනවිට මහා සාවද්‍ය වේ. කය සෙලවීම සමත් බොහෝ බී ගම් නැසීම, නිගම නැසීම කරන්නාට ඒකාන්තයෙන්ම මහා සාවද්‍ය වේ.
පාණාතිපාතඤ්හි පත්වා ඛීණාසවස්ස වධො මහාසාවජ්ජො; අදින්නාදානං පත්වා ඛීණාසවසන්තකස්ස හරණං, මිච්ඡාචාරං පත්වා ඛීණාසවාය භික්ඛුනියා වීතික්කමනං, මුසාවාදං පත්වා මුසාවාදෙන සඞ්ඝභෙදො, සුරාපානං පත්වා කායචාලනසමත්ථං බහුං පිවිත්වා ගාමනිගමඝාතනං මහාසාවජ්ජං. සබ්බෙහිපි පනෙතෙහි මුසාවාදෙන සඞ්ඝභෙදනමෙව මහාසාවජ්ජං. තඤ්හි කප්පං නිරයෙ පාචනසමත්ථං මහාකිබ්බිසං.
පාණාතිපාතයට පැමිණ ඛීණාසව වධය මහා සාවද්‍ය වේ. අදින්නාදානයට පැමිණ ඛීණාසව සන්තකය හැර ගැනීම, මිච්ඡාචාරයට පැමිණ ඛීණාසව භික්ඛුනිය ව්‍යතික්‍රමණය, මුසාවාදයට පැමිණ මුසාවාදයෙන් සංඝ භේදය සුරාපානයට පැමිණ කය සෙලවීමට සමත් බොහෝ බී ගම් නියම්ගම් වැනසීම මහා සාවද්‍ය වේ. මේ සියල්ලටම වඩා මුසාවාදයෙන් සංඝ භේදය කිරීම මහා සාවද්‍ය වේ. එය නිරයේ කල්පයක් පැසීමට සමත් දරුණු ක්‍රියාවකි.
‘පයොගතො’ති පාණාතිපාතො සාහත්ථිකොපි හොති ආණත්තිකොපි. තථා අදින්නාදානං. මිච්ඡාචාරමුසාවාදසුරාපානානි සාහත්ථිකානෙවාති.
ප්‍රයෝග වශයෙන් ප්‍රාණඝාතය සියතින් හා ඇණවීමෙන්, අදින්නාදානයද එසේය. මිච්ඡාචාර මුසාවාද සුරාපානය සාහත්ථිකම (සියතින්) වේ.
එවමෙත්ථ පාණාතිපාතාදීනං ධම්මාදිවසෙන විනිච්ඡයං ඤත්වා පාණාතිපාතා වෙරමණීතිආදීනම්පි ධම්මතො, කොට්ඨාසතො, ආරම්මණතො, වෙදනාතො, මූලතො, කම්මතො, ඛණ්ඩතො, සමාදානතො, පයොගතො ච විනිච්ඡයො වෙදිතබ්බො.
මෙසේ මෙහි පාණාතිපාතාදියේ ධර්මාදි වශයෙන් විනිස ඇත. පාණාතිපාතා වේරමණී ආදියෙහිද ධර්ම වශයෙන් කොටස් වශයෙන් අරමුණු වශයෙන් වේදනා වශයෙන් මූල වශයෙන් කර්ම වශයෙන් ඛණ්ඩ වශයෙන් සමාදාන වශයෙන් ප්‍රයෝග වශයෙන්ද විනිස දතයුතුය.
තත්ථ ‘ධම්මතො’ති පරියායසීලවසෙන පටිපාටියා පඤ්ච චෙතනාධම්මාව. ‘කොට්ඨාසතො’ති පඤ්චපි කම්මපථා එව. ‘ආරම්මණතො’ති පාණාතිපාතා වෙරමණී පරස්ස ජීවිතින්ද්රියං ආරම්මණං කත්වා අත්තනො වෙරචෙතනාය විරමති. ඉතරාසුපි එසෙව නයො. සබ්බාපි හි එතා වීතික්කමිතබ්බවත්ථුං ආරම්මණං කත්වා වෙරචෙතනාහියෙව විරමන්ති. ‘වෙදනාතො’ති සබ්බාපි සුඛවෙදනා වා හොන්ති මජ්ඣත්තවෙදනා වා. ‘මූලතො’ති ඤාණසම්පයුත්තචිත්තෙන විරමන්තස්ස අලොභඅදොසඅමොහමූලා හොන්ති, ඤාණවිප්පයුත්තචිත්තෙන විරමන්තස්ස අලොභඅදොසමූලා හොන්ති. ‘කම්මතො’ති මුසාවාදා වෙරමණීයෙවෙත්ථ වචීකම්මං; සෙසා කායකම්මං. ‘ඛණ්ඩතො’ති ගහට්ඨා යං යං වීතික්කමන්ති, තං තදෙව ඛණ්ඩං හොති භිජ්ජති, අවසෙසං න භිජ්ජති. කස්මා? ගහට්ඨා හි අනිබද්ධසීලා හොන්ති, යං යං සක්කොන්ති තං තදෙව ගොපෙන්ති. සාමණෙරානං පන එකස්මිං වීතික්කමන්තෙ සබ්බානි භිජ්ජන්ති. න කෙවලඤ්ච එතානි, සෙසසීලානිපි භිජ්ජන්තියෙව. තෙසං පන වීතික්කමො දණ්ඩකම්මවත්ථුකො. ‘පුන එවරූපං න කරිස්සාමී’ති දණ්ඩකම්මෙ කතෙ සීලං පරිපුණ්ණං හොති. ‘සමාදානතො’ති සයමෙව ‘පඤ්ච සීලානි අධිට්ඨහාමී’ති අධිට්ඨහන්තෙනපි, පාටියෙක්කං පාටියෙක්කං සමාදියන්තෙනපි සමාදිණ්ණානි හොන්ති. අඤ්ඤස්ස සන්තිකෙ නිසීදිත්වා ‘පඤ්ච සීලානි සමාදියාමී’ති සමාදියන්තෙනපි, පාටියෙක්කං පාටියෙක්කං සමාදියන්තෙනපි සමාදින්නානෙව හොන්ති. ‘පයොගතො’ සබ්බානිපි සාහත්ථිකපයොගානෙවාති වෙදිතබ්බානි.
එහි ධර්ම වශයෙන් යනු පරියාය සීල වශයෙන් පිළිවෙලින් පංච චේතනාය. කොටස් වශයෙන් කර්මපථ සහ අරමුණු වශයෙන් අන්‍යයාගේ ජීවිතින්ද්රිය අරමුණුකොට තමාගේ වෛර චේතනාවෙන් වෙන්කිරීම සෙස්සෙහිද මෙම නයයි. මේ සියළු ව්‍යතික්‍රමණය කළයුතු වස්තු අරමුණු කොට වෛර චේතනාවෙන්ම වෙන්කිරීම වේදනා වශයෙන් යනු සියළු සැපවේදනා හෝ මැදිහත් වේදනා හෝ වේ. මූල වශයෙන් යනු ඤාණ සම්ප්‍රයුක්ත සිතින් පවත්වන්නාට අලෝභ අදෝස අමෝහ මුල් වේ. ඤාණ විප්‍රයුක්ත සිතින් වෙන්වන්නාට අලෝභ අදෝස මුල් වේ. කර්ම වශයෙන් මුසාවාදය වචී කම්ම වේ. සෙසු ඒවා කාය කම්ම වේ. ඛණ්ඩ වශයෙන් යනු ගිහියෝ යමක් ව්‍යතික්‍රමණ කරත්ද එය එකෙණෙහි කඩ වේ. බිඳේ. අවසේස ඒවා නොබිඳේ. කුමක් හෙයින්ද? ගිහියන්ගේ සම්බන්ධ නැති සිල් වේ. යමක් හැකිවේ නම් එයම රකී. සාමණේරයින් ගේ වනාහි එකක් ව්‍යතික්‍රමණය වූ විට සියල්ලම බිඳේ. හුදෙකලා එකක් නොවේ. සෙසු සිල්ද බිඳේ. නැවත මෙසේ නොකරමියි දඬුවම් කළවිට සීලය පරිපූර්ණ වේ. සමාදාන වශයෙන් යනු තමාම පන්සිල් සමාදන් වෙමියි අධිෂ්ඨාන කරන්නාද වෙන වෙනම සමාදන් වන්නාද සමාදන් වූවා වේ. අනිත් කෙනෙකුගේ සමීපයෙහි හිඳගෙන පන්සිල් සමාදන් වෙමියි සමාදන් වන්නා විසින්ද වෙන වෙනම සමාදන් වන්නා විසින්ද සමාදන් වූවා නොවේ. පයෝග වශයෙන් වන සියල්ල සාගත්ථික පයෝගයෙන් දතයුතුය.
ඉදානි යාසං සික්ඛානං කොට්ඨාසභාවෙන ඉමානි පඤ්ච සික්ඛාපදානි වුත්තානි, තානි දස්සෙතුං කතමෙ ධම්මා සික්ඛාති අයං සික්ඛාවාරො ආරද්ධො. තත්ථ යස්මා සබ්බෙපි චතුභූමකකුසලා ධම්මා සික්ඛිතබ්බභාවතො සික්ඛා, තස්මා තෙ දස්සෙතුං යස්මිං සමයෙ කාමාවචරන්තිආදි වුත්තං. තත්ථ හෙට්ඨා චිත්තුප්පාදකණ්ඩෙ (ධ· ස· 1) වුත්තනයෙනෙව පාළිං විත්ථාරෙත්වා අත්ථො වෙදිතබ්බො. ඉධ පන මුඛමත්තමෙව දස්සිතන්ති.
දැන් යම් ශික්ෂාපදයන්ගේ කොටස් භාවයෙන් මේ පඤ්ච ශික්ෂාපදයෝ කියන ලදද ඒවා දැක්වීමට කතමෙ ධම්ම සික්ඛා යන මේ ශික්ෂා වාරය අරඹන ලදි. එහි සියළු චතුභූමික කුසල දහම් හික්මිය යුතු බැවින් ශික්ෂා වේ. එහෙයින් ඒවා දැක්වීමට යස්මිං සමයෙ කාමාවචරං යනාදිය කියන ලදි. එහි යට චිත්තුප්පාද කාණ්ඩයෙහි කියන ලද නයින්ම පෙල විස්තර කොට අර්ථය දතයුතුය. මෙහි වනාහි මාතෘකාව පමණක් කියන ලදි.
අභිධම්මභාජනීයවණ්ණනා.
අභිධම්ම භාජනිය
පඤ්හාපුච්ඡකවණ්ණනා
ප්‍රශ්න විචාරක වර්ණනාව
පඤ්හාපුච්ඡකෙ පාළිඅනුසාරෙනෙව සික්ඛාපදානං කුසලාදිභාවො වෙදිතබ්බො. ආරම්මණත්තිකෙසු පන යානි සික්ඛාපදානි එත්ථ සත්තාරම්මණානීති වුත්තානි, තානි යස්මා සත්තොති සඞ්ඛං ගතෙ සඞ්ඛාරෙයෙව ආරම්මණං කරොන්ති, යස්මා ච සබ්බානිපි එතානි සම්පත්තවිරතිවසෙනෙව නිද්දිට්ඨානි, තස්මා “පරිත්තාරම්මණා”ති ච “පච්චුප්පන්නාරම්මණා”ති ච වුත්තං. යතො පන විරමති තස්ස වත්ථුනො අච්චන්තබහිද්ධත්තා සබ්බෙසම්පි බහිද්ධාරම්මණතා වෙදිතබ්බාති.
ප්‍රශ්න විචාරකයෙහි පෙල අනුසාරයෙන්ම ශික්ෂා පදවල කුසලාදිභාවය දතයුතුය. ආරම්මණ ත්‍රිකයෙහි වනාහි මෙහි යම් ශික්ෂාපද සතුන් අරමුණු කෙරේයයි කියන ලද ඒවා සතුන් යයි සංඛ්‍යාවෙන්ම ගිය සංඛාරම අරමුණු කරයි. යම්හෙයකින් මේ සියල්ල සම්පත්ත විරති වශයෙන්ම දක්වන ලදද එහෙයින් සුළු අරමුණුද වර්තමාන අරමුණුද කියන ලදි. යමකින් වෙන්වේද ඒ වස්තුවේ අත්‍යන්ත බාහිර බවින් හා සියළුම බාහිර අරමුණ බව දතයුතුය.
ඉමස්මිං පන සික්ඛාපදවිභඞ්ගෙ සම්මාසම්බුද්ධෙන අභිධම්මභාජනීයෙපි පඤ්හාපුච්ඡකෙපි ලොකියානෙව සික්ඛාපදානි කථිතානි. උභොපි හි එතෙ නයා ලොකියත්තා එකපරිච්ඡෙදා එව. එවමයං සික්ඛාපදවිභඞ්ගො ද්වෙපරිවට්ටං නීහරිත්වාව භාජෙත්වා දස්සිතොති.
මේ ශික්ෂාවල විභංගයෙහි සම්බුදුන් විසින් අභිධර්ම භාජනියෙහි ප්‍රශ්න විචාරයෙහිද ලෞකික ශික්ෂාපද කියන ලදි. මේ නය දෙකම ලෞකික බැවින් එක් කොටසක්මය. මෙසේ මේ ශික්ෂාපද විභංගයෙහි දෙපරිවෘත්තය ගෙනහැර බෙදා දක්නා ලදි.
සම්මොහවිනොදනියා විභඞ්ගට්ඨකථාය සික්ඛාපදවිභඞ්ගවණ්ණනා නිට්ඨිතා.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ තුදුස්වන ශික්ෂාපද විභංග නිද්දේසයයි.