යෙදුමෙන් කියවන්න

පඤ‍්හපුච‍්ඡකං

760. පඤ‍්ච සික‍්ඛාපදානි: පාණාතිපාතා වෙරමණීසික‍්ඛාපදං, අදින‍්නාදානා වෙරමණීසික‍්ඛාපදං, කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණීසික‍්ඛාපදං, මුසාවාදා වෙරමණීසික‍්ඛාපදං, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා වෙරමණීසික‍්ඛාපදං.

760. ශික්‍ෂාපද පසෙකි: පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, අයිනාදනින් වැළකීමේ ශික්‍ෂාපද ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, මුසවායෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද යි.

761. පඤ‍්චන‍්නං සික‍්ඛාපදානං කති කුසලා. කති අකුසලා. කති අව්‍යාකතා -පෙ- කති සරණා, කති අරණා:

761. පඤ්චශික්‍ෂාපදයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද අව්‍යාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:

762. කුසලායෙව.

762. (පඤ්චශික්‍ෂාපදයෝ) කුශලයෝ මැ ය.

සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, සියා අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා.

(පඤ්චශික්‍ෂාපදයෝ) සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහුය.

විපාකධම‍්මධම‍්මා.

(පඤ්චශික්‍ෂාපදයෝ) විපාකස්වභාවධර්‍මයෝ ය.

අනුපාදින‍්නුපාදානියා.

(පඤ්චශික්‍ෂාපදයෝ) අනුපාදින්නෝපාදානියයෝ ය.

අසංකිලිට‍්ඨසංකිලෙසිකා.

(පඤ්චශික්‍ෂාපදයෝ) අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය.

සවිතක‍්කසවිචාරා.

(පඤ්චශික්‍ෂාපදයෝ) සවිතර්‍කසවිචාරයෝ ය.

සියා පීතිසහගතා, සියා සුඛසහගතා, සියා උපෙක‍්ඛාසහගතා.

(පඤ්චශික්‍ෂාපදයෝ) ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂා සහගත ද වන්නාහු ය.

නෙවදස‍්සනෙන න භාවනාය පහාතබ‍්බා.

(පඤ්චශික්‍ෂාපදයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.

නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකා.

(පඤ්චශික්‍ෂාපදයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෝ ය.

ආචයගාමිනො.

(පඤ්චශික්‍ෂාපදයෝ) ආචයගාමීහු ය.

නෙව සෙක‍්ඛා නාසෙක‍්ඛා.

(පඤ්චශික්‍ෂාපදයෝ) නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂයෝ ය.

පරිත‍්තා.

(පඤ්චශික්‍ෂාපදයෝ) පරිත්තයෝ ය.

පරිත‍්තාරම‍්මණා.

(පඤ්චශික්‍ෂාපදයෝ) පරිත්තාලම්බනයෝ ය.

මජ‍්ඣිමා.

(පඤ්චශික්‍ෂාපදයෝ) මධ්‍යමයෝ ය.

අනියතා.

(පඤ්චශික්‍ෂාපදයෝ) අනියතයෝ ය.

න වත‍්තබ‍්බා මග‍්ගාරම‍්මණාති’පි මග‍්ගහෙතුකාති’පි මග‍්ගාධිපතිනොති’පි.

(පඤ්චශික්‍ෂාපදයෝ) මාර්‍ගාලම්බනහ යි ද මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නො කියයුත්තාහු ය.

සියා උප‍්පන‍්නා, සියා අනුප‍්පන‍්නා, න වත‍්තබ‍්බා උප‍්පාදිනොති.

(පඤ්චශික්‍ෂාපදයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උප්පාදීහ යි නො කියයුත්තාහු ය.

සියා අතීතා, සියා අනාගතා, සියා පච‍්චුප‍්පන‍්නා.

(පඤ්චශික්‍ෂාපදයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.

පච‍්චුප‍්පන‍්නාරම‍්මණා.

(පඤ්චශික්‍ෂාපදයෝ) ප්‍රත්‍යුත්පන්නාලම්බනයෝ ය.

සියා අජ‍්ඣත‍්තා, සියා බහිද‍්ධා, සියා අජ‍්ඣත‍්තබහිද‍්ධා.

(පඤ්චශික්‍ෂාපදයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.

බහිද‍්ධාරම‍්මණා.

(පඤ්චශික්‍ෂාපදයෝ) බාහිරාලම්බනයෝ ය.

අනිදස‍්සනඅප‍්පටිඝා.

(පඤ්චශික්‍ෂාපදයෝ) අනිදර්‍ශනඅප්‍රතිඝයෝ යි.

763. න හෙතු.

763. (පඤ්චශික්‍ෂාපදයෝ) හේතුහු නො වෙති.

සහෙතුකා.

(පඤ්චශික්‍ෂාපදයෝ) සහේතුකයෝ ය.

හෙතුසම‍්පයුත‍්තා.

(පඤ්චශික්‍ෂාපදයෝ) හේතුසම්ප්‍රයුක්තයෝ ය.

න වත‍්තබ‍්බා හෙතු චෙව සහෙතුකාතී, සහෙතුකාචෙව න ච හෙතු.

(පඤ්චශික්‍ෂාපදයෝ) හේතු ද වූ ම සහේතුකහ යි නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතූහු වෙති.

න වත‍්තබ‍්බා හෙතු චෙව හෙතුසම‍්පයුත‍්තාති, හෙතුසම‍්පයුත‍්තාචෙව න ච හෙතු.

(පඤ්චශික්‍ෂාපදයෝ) හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතුහු වෙති.

න හෙතු සහෙතුකා.

(පඤ්චශික්‍ෂාපදයෝ) හේතු නො වූ සහේතුකයෝ වෙත්.

764. සප‍්පච‍්චයා.

764. (පඤ්චශික්‍ෂාපදයෝ) සප්‍රත්‍යයෝ ය.

සඞ‍්ඛතා.

(පඤ්චශික්‍ෂාපදයෝ) සඞ්ඛතයෝ ය.

අනිදස‍්සනා.

(පඤ්චශික්‍ෂාපදයෝ) අනිදර්‍ශනයෝ ය.

අප‍්පටිඝා.

(පඤ්චශික්‍ෂාපදයෝ) අප්‍රතිඝයෝ ය.

අරූපා.

(පඤ්චශික්‍ෂාපදයෝ) අරූපයෝ ය.

ලොකියා.

(පඤ්චශික්‍ෂාපදයෝ) ලෞකිකයෝ ය.

කෙනචි විඤ‍්ඤෙය්‍යා, කෙනචි න විඤ‍්ඤෙය්‍යා.

(පඤ්චශික්‍ෂාපදයෝ) කිසි විඥානයෙකින්ග් දතයුත්තාහ, කිසි විඥානයෙකින්ග් නො දතයුත්තාහු යි.

765. නො ආසවා.

765. (පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රවයෝ නො වෙති.

සාසවා.

(පඤ්චශික්‍ෂාපදයෝ) සාස්‍රවයෝ ය.

ආසවවිප‍්පයුත‍්තා.

(පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.

න වත‍්තබ‍්බා ආසවාචෙව සාසවාති. සාසවාචෙව නො ච ආසවා.

(පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රව වෙති.

න වත‍්තබ‍්බා ආසවා චෙව ආසවසම‍්පයුත‍්තාති’පි ආසවසම‍්පයුත‍්තා චෙව නො ච ආසවාතී’පි.

(පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රව ද වූ ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.

ආසවවිප‍්පයුත‍්තා සාසවා.

(පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෝ යි.

766. නො සඤ‍්ඤොජනා -පෙ- නො ගන්‍ථා -පෙ- නො ඔඝා -පෙ- නො යොගා -පෙ- නො නීවරණා -පෙ- නො පරාමාසා -පෙ-

766. (පඤ්චශික්‍ෂාපදයෝ) සංයෝජනයෝ නො වෙති ... ග්‍රන්‍ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නො වෙති ... පරාමර්‍ශයෝ නො වෙති. ...

767. සාරම‍්මණා.

767. (පඤ්චශික්‍ෂාපදයෝ) සාලම්බනයෝ ය.

නො චිත‍්තා.

(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තයෝ නො වෙති.

චෙතසිකා.

(පඤ්චශික්‍ෂාපදයෝ) චෛතසිකයෝ ය.

චිත‍්තසම‍්පයුත‍්තා.

(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසම්ප්‍රයුක්තයෝ ය.

චිත‍්තසංසට‍්ඨා.

(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසංසෘෂ්ටයෝ ය.

චිත‍්තසමුට‍්ඨානා.

(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසමුත්‍ථානයෝ ය.

චිත‍්තසහභුනො.

(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසහභූ වෙති.

චිත‍්තානුපරිවත‍්තිනො.

(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තානුපරිවර්තීහු ය.

චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා.

(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය.

චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභුනො.

(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ වෙති.

චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො.

(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහු ය.

බාහිරා.

(පඤ්චශික්‍ෂාපදයෝ) බාහිරයෝ ය.

නො උපාදා.

(පඤ්චශික්‍ෂාපදයෝ) උපාදා නො වෙති.

අනුපාදින‍්නා.

(පඤ්චශික්‍ෂාපදයෝ) අනුපාදින්නයෝ යි.

768. නො උපාදානා -පෙ- නො කිලෙසා -පෙ-

768. (පඤ්චශික්‍ෂාපදයෝ) උපාදානයෝ නො වෙති ... (පඤ්චශික්‍ෂාපදයෝ) කෙලේශයෝ නො වෙති ...

න දස‍්සනෙන පහාතබ‍්බා.

(පඤ්චශික්‍ෂාපදයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.

න භාවනාය පහාතබ‍්බා.

(පඤ්චශික්‍ෂාපදයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.

න දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා.

(පඤ්චශික්‍ෂාපදයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.

න භාවනාය පහාතබ‍්බහෙතුකා.

(පඤ්චශික්‍ෂාපදයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.

සවිතක‍්කා.

(පඤ්චශික්‍ෂාපදයෝ) සවිතර්‍කයෝ ය.

සවිචාරා.

(පඤ්චශික්‍ෂාපදයෝ) සවිචාරයෝ ය.

සියා සප‍්පීතිකා, සියා අප‍්පීතිකා.

(පඤ්චශික්‍ෂාපදයෝ) සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.

සියා පීතිසහගතා, සියා න පීතිසහගතා.

(පඤ්චශික්‍ෂාපදයෝ) ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු ය.

සියා සුඛසහගතා, සියා න සුඛසහගතා.

(පඤ්චශික්‍ෂාපදයෝ) සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.

සියා උපෙක‍්ඛාසහගතා, සියා න උපෙක‍්ඛාසහගතා.

(පඤ්චශික්‍ෂාපදයෝ) උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු ය.

කාමාවචරා.

(පඤ්චශික්‍ෂාපදයෝ) කාමාවචරයෝ ය.

න රූපාවචරා.

(පඤ්චශික්‍ෂාපදයෝ) රූපාවචරයෝ නො වෙති.

න අරූපාවචාරා.

(පඤ්චශික්‍ෂාපදයෝ) අරූපාවචරයෝ නො වෙති.

පරියාපන‍්නා.

(පඤ්චශික්‍ෂාපදයෝ) පර්‍ය්‍යාපන්නයෝ ය.

අනිය්‍යානිකා.

(පඤ්චශික්‍ෂාපදයෝ) අනෛර්‍ය්‍යාණිකයෝ ය.

අනියතා.

(පඤ්චශික්‍ෂාපදයෝ) අනියතයෝ ය.

සඋත‍්තරා.

(පඤ්චශික්‍ෂාපදයෝ) සඋත්තරයෝ ය.

අරණාති.

(පඤ්චශික්‍ෂාපදයෝ) අරණයෝ යි.

පඤ‍්හපුච‍්ඡකං.

පඤ්හපුච්ඡක යි.

සුක‍්ඛාපදවිභඞ‍්ගො නිට‍්ඨිතො.

ශික්‍ෂාපදවිභඞ්ග නිමි.