යෙදුමෙන් කියවන්න

සුත‍්තන‍්තභාජනියං

769. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථ පටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා, අත්‍ථෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා, ධම‍්මෙ ඤාණං ධම‍්මපටිසම‍්භිදා, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා,

769. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අර්‍ත්‍ථයෙහි (ප්‍රභේදගත) ඥානය අර්‍ත්‍ථ ප්‍රතිසංවිදාය, ධර්‍මයෙහි (ප්‍රභේදගත) ඥානය ධර්‍මප්‍රතිසංවිදාය, ඒ අර්‍ත්‍ථයෙහි හා ධර්‍මයෙහි ස්වභාවනිරුක්ති සඞ්ඛ්‍යාතශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සර්‍වත්‍රඥානයෙහි ප්‍රභේදගත ඥානය ප්‍රතිභානසංවිදා යි.

770. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. දුක‍්ඛෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා, දුක‍්ඛසමුදයෙ ඤාණං ධම‍්මපටිසම‍්භිදා, දුක‍්ඛනිරොධෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම‍්මපටිසම‍්භිදා, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා,

770. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. දුඃඛයෙහි ප්‍රභේදගත ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, දුඃඛසමුදයයෙහි ප්‍රභේදගත ඥානය ධර්‍මප්‍රතිසංවිදාය, දුඃඛනිරෝධයෙහි ප්‍රභේදගත ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ප්‍රභේදගත ඥානය ධර්‍මප්‍රතිසංවිදාය, එහි ස්වභාවනිරුක්ති ශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයෙහි ප්‍රභේදගත ඥානය ප්‍රතිභාන ප්‍රතිසංවිදා යි.

771. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථ පටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා, හෙතුම‍්හි ඤාණං ධම‍්මපටිසම‍්භිදා, හෙතුඵලෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

771. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. හේතුයෙහි ප්‍රභේදගත ඥානය ධර්‍මප්‍රතිසංවිදාය, හේතුඵලයෙහි ප්‍රභේදගත ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයෙහි ප්‍රභේදගත ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

772. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථ පටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා, යෙ ධම‍්මා ජාතා භූතා සඤ‍්ජාතා නිබ‍්බත‍්තා අභිනිබ‍්බත‍්තා පාතුභූතා ඉමෙසු ධම‍්මෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා, යෙහි ධම‍්මෙහි තෙ ධම‍්මා ජාතා භූතා සඤ‍්ජාතා නිබ‍්බත‍්තා අභිනිබ‍්බත‍්තා පාතුභූතා තෙසු ධම‍්මෙසු ඤාණං ධම‍්මපටිසම‍්භිදා තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා,

772. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. යම් ධර්‍ම කෙනෙක් හටගත්තාහු, උපන්නාහු, ප්‍රත්‍යයසමවායයෙන් හටගත්තාහු, නිපන්නාහු, වෙසෙසින් නිපන්නාහු, පහළ වූවාහු වෙත් ද, මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් ධර්‍ම කෙනෙකුන් කෙරෙන් ඒ ධර්‍මයෝ හටගත්තාහු, උපන්නාහු, ප්‍රත්‍යයසමවායයෙන් හටගත්තාහු, නිපන්නාහු, වෙසෙසින් නිපන්නාහු, පහළ වූවාහු වෙත් ද, ඒ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්ති ශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

773. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා, ජරාමරණෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා ජරාමරණසමුදයෙ ඤාණං ධම‍්මපටිසම‍්භිදා, ජරාමරණනිරොධෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා, ජරාමරණ නිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම‍්මපටිසම‍්භිදා, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා,

773. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. ජරාමරණයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ජරාමරණ සමුදයෙහි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, ජරාමරණනිරෝධයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය. එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

774. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා, ජාතියා ඤාණං -පෙ- භවෙ ඤාණං -පෙ- උපාදානෙ ඤාණං -පෙ- තණ‍්හාය ඤාණං -පෙ- වෙදනාය ඤාණං -පෙ- ඵස‍්සෙ ඤාණං -පෙ- සළායතනෙ ඤාණං -පෙ- නාමරූපෙ ඤාණං -පෙ- විඤ‍්ඤාණෙ ඤාණං -පෙ- සඞ‍්ඛාරෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා, සඞ‍්ඛාරසමුදයෙ ඤාණං ධම‍්මපටිසම‍්භිදා, සඞ‍්ඛාරනිරොධෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා, සඞ‍්ඛාරනිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම‍්මපටිසම‍්භිදා, තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා.

774. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. ජාතියෙහි ප්‍රභේදගතඥානය ... භවයෙහි ප්‍රභේදගතඥානය ... උපාදානයෙහි ප්‍රභේදගතඥානය ... තෘෂ්ණායෙහි ප්‍රභේදගතඥානය ... වේදනායෙහි ප්‍රභේදගතඥානය ... ස්පර්‍ශයෙහි ප්‍රභේදගතඥානය ... ෂඩායතනයෙහි ප්‍රභේදගතඥානය ... නාමරූපයෙහි ප්‍රභේදගතඥානය ... විඥානයෙහි ප්‍රභේදගතඥානය ... සංස්කාරයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, සංස්කාරසමුදයෙහි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, සංස්කාරනිරෝධයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

775. චතස‍්සො පටිසම‍්භිදා: අත්‍ථපටිසම‍්භිදා, ධම‍්මපටිසම‍්භිදා, නිරුත‍්තිපටිසම‍්භිදා, පටිභානපටිසම‍්භිදා. තත්‍ථ කතමා ධම‍්මපටිසම‍්භිදා: ඉධ භික‍්ඛු ධම‍්මං ජානාති සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං, අයං වුච‍්චති ධම‍්මපටිසම‍්භිදා. සො තස‍්ස තස‍්සෙව භාසිතස‍්ස අත්‍ථං ජානාති අයං ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථො අයං ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථොති අයං වුච‍්චති අත්‍ථපටිසම‍්භිදා. තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා ඤාණෙසු ඤාණං පටිභාන පටිසම‍්භිදා.

775. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. එහි ‘ධර්‍මප්‍රතිසංවිදා’ කවර යත්: මෙසස්නෙහි මහණ සුත්ත ය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වෙදල්ල ය යන ධර්‍මය දනී ද, මේ ‘ධර්‍මප්‍රතිසංවිදා’ යි කියනු ලැබේ. හෙතෙම ‘මේ ය මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය, මේ ය මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය’ යි ඒ ඒ භාෂිතයාගේ අර්‍ත්‍ථය ම දනී ද, මේ ‘අර්‍ත්‍ථප්‍රතිසංවිදා’යි කියනු ලැබේ. එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.

සුත‍්තන‍්තභාජනියං.

සූත්‍රාන්තභාජනිය යි.